Monday, January 31, 2011

පළාමල්ලට විරාමයක්... ... උබ තනි වෙලා නැහ ඉලංදාරියො...

Share


ඔව්.. පළාමල්ලට විරාමයක්. හික් හික්.. ඔන්න ඉතින් ඉදල ඉදල කොහොම හරි ලංකාවට යන දවසත් ලං උනා. හැම පාර ගොහින් උපරිම මාසෙන් දුවන් එන එක ඇති වෙලා නිසා මේ පාර නම් ටික කලක් ඉන්න තමයි හිතන් ඉන්නේ. මාස 2 - 3ක් විතර. කොහොමත් සයබර් අවුරුද්දයි සිංහල අවුරුද්දයි ඉවර වෙලාම ආයෙ එන්න තමා කල්පනාව.


මොකට බොරු කියන්නෙයි ලංකාවෙ ගියාම නම් ඉතින් බ්ලොග් ලියන්න තියා කියවන්නවත් වෙයිද විශ්වාස නැහ. එහෙම කියල බොලව් පිස්සව එහෙම අමතක කරන නෙමෙයි ඕන්.


ජීවිතේ ගැන අනාගතේ ගැන ටිකක් නිවි සැනසිල්ලෙ හිතන්නත් ඕනි. කොහොමත් මේ විදියට මේ හම්බු කරන එක කාල බීල නටල ඉදල පලක් නැහ වගේ අන්තිමට. දැන් ඉතින් ආයෙ එන්නෙ හිඟන්න වෙලා.. කොච්චර කලත් ඉතුරුවකුත් නැහ නොවැ. ඒ ගැනත් හිතන්න වෙනවා. ඒ වගේම මතට තිත ගැනත්.. අනේ ඉතින් ලංකාවෙ ගොහින් නම් තිත් තියන්න වෙන්නෙ නෑ. ඇවිල්ල ඒ ගැනත් හිතන්න ඕනි.. කොමාවක් වත් දාන්න.


බ්ලොග් ලිවිල්ලෙන් හුඟක් දෙනෙක් අඳුර ගත්තා. සතුටුයි ඒ ගැන.
මූනු පොතේ ඉන්න සැට් එකට අමතන්නම්කො ආවහම. පටන් ගන්න තියෙන්නෙ එක නොම්මරයි හැබයි. ඒකෙන් ඉතුරු එව්වො ටික හොයා ගන්නම්කො.
ඒ නැතත් අවුරුදු උත්සවේදි සෙට් වෙන්නෙ නැතෙයි.


කලින් ලිපියෙ කිව්ව වගේ ඔශීන් වලට කැමති කෙනෙක් ඔන්න මගේ ඊ ලිපිනය ට ලිපියක් දාල සම්බන්ද කොර ගන්න පුලුවන්. පිළිතුරු නම් ප්‍රමාද වෙයි. ( palaamalla@gmail.com )


හැමෝම වගේ දන්නවා උනත් ආයෙ මතක් කිරීමක් කරන්න ඕනි අපේ බ්ලොග් මිතුරෙක් වන ඉලංදාරියා ගැන.


මේ වෙලාවෙ ඔහුට උදව්වක් කරන්න පුලුවන් නම් ඒක ලොකු හයියක් ඔහුට. අපි සල්ලි හම්බු කරනවා.. ඒව වියදම් කරනව.. හිතල බැලුවම මොන තරම් නාස්ති වෙනවද අපේ අතින්. ඉතින් එහෙම මුදලක් මිතුරෙක් ගෙ යහපතට යොමු කරන්න පුලුවන්නම් ඒක නෙම්යිද මනුස්සකම..


බ්ලොග් මිතුරන් හුඟ දෙනෙක් මේ සම්බන්දව මහන්සි වෙලා කටයුතු කරනවා. ඉලංදාරියො... උබ තනිවෙලා නැහ කියල උබට පේනව නේද... හිතට හයිය අරන් හිටපන්. මිතුරන් උබව අත අරින්නෙ නැහ...


මේ ගැන මූනු පොතේ ගෲප් එකකුත් හදල දැනට 250 කට වැඩි පිරිසක් ඉන්නවා.. ඒ සියලු දෙනා තන්ගෙ දන්න කියන අයට මේ ගැන කියල යමක් කලත් ලොකු මුදලක් එකතු වෙයි.


දුකා අයිය මේ ගැන හුඟක් මහන්සි වෙනවා.  ඒ වගේම සයිබර් අවුරුදු උලළෙට මින් පසු ලැබෙන හැම ආධාර මුදලක්ම මේ වෙනුවෙන් යොදවන්න අභීත ඇතුලු සංවිධයකයින් තීරනය කරල තියෙනවා. තවත් හුඟ දෙනෙක් මේ පිලිබඳව මහන්සි වෙනවා.


මේ ලිපිය බලන හැමෝගෙන්මත් මම ඉල්ලන්නෙ තම්න්ට පුලුවන් විදියට අපේ යාලුවට උදව් කරන කියල...


ඉලංදාරියො උබ එක්ක අපි ඉන්නවා...


එහෙනම් සියලු දෙනාටම ජය වේවා... ටික කලකට සමු ගනිමු බ්ලොග් ලිවිල්ලෙන්.. සැබෑ ලොවේදී හුඟ දෙනෙක් මුන ගැහෙන්න ආසවෙන් ඉන්නේ...

Sunday, January 30, 2011

පිස්ස හොයල හොයලා ඔශීන් කොටස් 297 ම සොයා ගත් හැටි...

Share


කලින් ලිව්ව ලිපිය මතකනේ... ඔශීන්... මායා බන්ධන එක්ක ඒ කාලේ බලපු ටීවි සීරිස් ගැන... හුඟ දෙනෙක් ප්‍රතිචාර දක්වල තිබුනා. ඔය ලිපිය ලියද්දි ආසාවක් ආව නේ ඔශීන් බලන්න. කොහෙද ඉතින් හෙව්ව හෙව්ව   ජංජාලෙ කොහෙවත් නැහ. කොටස් 297 ක් තියෙන දීර්ග නාටකයක් නිසා ඉතින් තිබුනත් භාන එක ලේසි නැහ නොවැ. අනික ඉන්ගිරිසි උප සිරැසි තියෙන්නත් ඕනි. ඔය කොයික වෙතත් හොයා ගන්නත් නැති කොට...  

අන්තිමට මූනු පොත group එකක් තිබුනා ඔශීන් කියලා. ඕකේ එක මහත්මයෙක් කොමෙන්ටුව්ක් දාල තිබුනා ඔහුට ඔශීන් මුලු නාටකයම ලැබුනා DVD ( බර ගනනක් ) තියෙන කියලා. මමත් ඉතින් ගත්තෙ කොහෙන්ද අහල කොමෙන්ටුවත් දැම්ම... ඒත් උත්තරයක් බලාපොරොත්තුවෙන් නම් නොවෙය් මොක්ද ඒ පෝස්ට් එක වසරකටත් වඩා පැරණි නිසා.


එදිනම වගේ ඒ මහත්මයා ඒකට පිළිතුරු දීල තිබුනා ලැබුනු විදිය කියල.. ඇමරිකාවෙ කල සංචාරයකදි වයසක මනුස්සයෙක් ගෙන් මිලට ගත්තා කියලා.. ඒ වගේම ඔහු කියල තිබුනා portable hard drive එකක් තියෙනම් ඔහුට කොපි කරල දෙන්න පුලුවන් කැමතිනම් කියලා.

පසුව මම ඔහුගෙ ඊ ලිපිනය ඉල්ලගෙන කල කතා බහෙන් දැන ගන්න ලැබුනා මම ඉන්න තැන සිට පැයක පමන දුරකින් මේ රටේම සිටින මහත්මයෙක් බව.

ඒ මහත්මය කැමති උනා මට මුලු කොටස් 297 ම කොපි කරල දෙන්න එක කොන්දේසියක් පිට. ඔහු ඉල්ලුවෙ ඔශීන් බලන්න කැමති තව 2 නෙක් එක්කවත් මේක share කර ගන්න කියලා.

වෙලාවට ඒ මහත්මයා අර ඩී වී ඩී බර ගානම පොඩි hard disk එකකට කොපි කරලා තිබුනා. ( 200 GB ) මොකද ඔහු ඒවා DVD Format එකෙන්මයි කොපි කරල තිබුනේ.

කොහොමින් හරි එක දිනකදි මට ඔහු ඒ සියල්ල කොපි කරල මගේ hard disk  එක ලබා දීල කිව්වෙ



Don't forget our deal.. Please share this with others...

ඉතින් මේ බ්ලොග් පෝස්ට් එකේ අරමුන තමයි කැමති කෙනෙක් ඉන්නවනම් ඔශීන් වලට මගෙන් ඉල්ල ගන්න පුලුවන්.

ගැටලුවකට තියෙන්නේ 200 GB කියන්නෙ ලොකු ඉඩක් නිසා. ඒක ඔය avi  වගේ format එකකට convert  කරල අඩු ඉඩකට හරවන විදියක් දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් ඒ ගැන කියල දුන්නොත් වටිනවා. මොකද නැතුව නම් මේක share කරන්න බැහ.

15 Gb වගේ වත් කර ගන්න පුලුවන්නම් DVD 4 කින් වගේ ගොඩ දාගන්න පුලුවන්.

එහෙනම් අදට එච්චරයි හික් හික්.

සුන්දර සයිබරයේ සිහින සැණකෙලිය අමතක කරන්න එපා ළමයි. ඒ වගේම අපේ බ්ලොග් හිතවතෙක් වන ඉලංදාරියාට පුලුවන් විදියක ට උපකාරයක් කරන්න පුලුවන්නම් හුඟක් වටිනවා.
හැමෝටම මුදල් ප්‍රශ්න තියෙනව මේ කාලේ ඒත් තමන්ට පුලුවන් විදියට උපකාරයක් කිරීම තමයි මනුස්සකම...

දන්නෙ නැති කෙනෙක්ට පහත ලින්ක් වලින් ඒ ගැන වැඩි විස්තර බලන්න පුලුවන්.

~~නිහඩ ලොව බිදින්න~~

අපි හැම දෙනාම එක්වෙමු - ඉලන්දාරියාට උදව්වෙමු.

Thursday, January 20, 2011

ඔශීන්... මායා බන්ධන එක්ක ඒ කාලේ බලපු ටීවි සීරිස් ගැන...

Share


ලියන්න දෙයක් හිත හිත ඉද්දි ඉස්සර බලපු ටිවි සීරිස් ටිකක් ගැන ලියන්න හිතුනා. හේතු 2ක් නිසා.


එකක් සතියක් තිස්සෙ බාන්න දාල යන්තම් ඉවර කර ගත්ත පරණ සීරිස් දෙකක් නිසා.
කට්ටියට මතකද මායා බන්ධන... එහෙමත් නැත්තම් Spell Binder. . සීරිස් 2කම බාගත්තා. අර රියානා කියල සුරතල් කෙලි පැට්ටියක්.. පෝල් කියල සමාන්තර ලෝකෙක හිර වෙන කොල්ලෙක්... එක්ක බලයට පොර බදන මාය බන්ධක අශ්කා... ඉන්න පලවෙණි සීරිස් එක බලන්න ගත්තා


වෙලාවක් නැති එක තමා වැඩේ ඉතින්. සීරිස් දෙක නම් මට ලාවට වගේ මතක.. අර අමුතු කොන්ඩ කෑල්ලක් දාපු චීන කොලුවා ඉන්නෙ.. ඒ කාලේ මටත් උනක් තිබ්බා එහෙම කොන්ඩෙ කපන්න හික් හික්. ඉස්කෝලෙ නෙමෙයි ලොවෙත් නැහ ඉතින් ඒ කාලේ එහෙම කැපුවනම්. හික් හික්.


ඒ එක්කම අර ශර්වුඩයේ රොබින් හුඩ් ගැන මගේ මතකය... ගැන ලියපු ලිපියට වැටිලා තිබ්බ කොමෙන්ට් එකක් තමා අනික් හේතුව මේ ලිපියට. අහස් ගව්වෙ TG දාල තිබ්බ  කොමෙන්ට් එකේ ඒ කාලේ
බලපු ටි වි සීරිස් ඔක්කොම අගේ මතක් කරල තිබ්බ.


Night Rider
Taarzen
Swiss Family Robinson
Ha Ha Hari Haawa
දොස්තර හොද හිත
Little House on the Preyari
Oshin
Malgudy Days
Texas Rangers


ඔය ලිස්ට් එකට මට එකතු කරන්න තියෙනවා


Spell Binder
ocean girl
Tin Tin
ගලිවර්


තව මතක් උනොත් ලියන්නම්. ටී ජී ගෙ ලිස්ට් එකේ  Little House on the Preyar , Texas Rangers කියන දෙකනම් මට මතක නැහ.අනික්ව නම් හුඟක් ආසවෙන් බලපුවා.


ඒ එක්කම.. රොබෝ කොප්.. the ෆ්ලෑශ්.. සුපර් මෑන්.. සින්බෑඩ් වගේ විවත් එහෙන් මෙහෙන් බැලුවට ඒ තරම්ම අල්ලල ගියේ නැහ.




ඔන්න දැම්ම විශබීජයක්.. මතක් කොර නොවැ ඔශීන්. ඔක්කොම වැඩ තියල ජංජාලෙම හෙව්ව.. කිසිම හෝඩුවවාක් බාගන්න.. ගන්න තැනක් ගැන නැහ නොවැ. එක තැනක $ 250 කට තිබ්බ. හපොයි ගාන වැඩි නොවැ.


යූ ටියුබ් එකේ ඔශීන් පටන් ගද්දි ගිය මියුසික් එක නම් හම්බුනා... අවුරුදු කීයකට කලින්ද බැලුවෙ..
ඔතනින් බලන්නකො ඒක.. මියුසික් එක ඇහෙද්දි මොකද හිතෙන්නේ...





ඔශීන් බලද්දි මට යන්තම් මතක තියෙන කාලෙ වෙන්න ඕනි.. ඒත් මට මතකයි.. ඔශීන් එයාගෙ මුනුපුරන්ට එයාගෙ කතාව පොඩි කාලේ දන් කියන එක තමයි ගලාගෙන ගියේ... පවුලේ හැමෝම ඒ කාලේ බැලුව කතාවක්. ලගදි පෙන්නපු බවක් නම් මතක නැහ.


රූපවාහිනි සංස්තාවෙන් ඔය ගලිවර්... හොඳ හිත වගේ සිංහල හඩ කවපු ඒවයෙ ඩී වී ඩී එහෙම ගන්න පුලුවන් කියල අහල තියෙනව... කවුරු හරි ඒ ගැනත් කිව්වනම්... ලින්ක් එකක් එහෙම දුන්නොත් විස්තර බලන්න...
මෙන්න මූ පොඩි එක වෙන්ට යනව... හික් හික් ඔව් ඔව් වෙලාවකට එහෙම තමා.


ඒ කාලේ මතක මේ ටෙලි ඩ්‍රාම තුල සැඟවිලා තියෙන්නේ. එව්ව මිල කරන්න බැහ නොවැ.


ඒ අස්සෙ ආසවක් ආව Ocean Girl බාල බලන්න ඕනි කියල.. RS ලින්ක් ටිකක් හම්බ උනා බාන ගමන්. බාල තමා එව්වයෙ හොඳ නරක කියන්න වෙන්නේ.


මේ පෝස්ට් එක දැන් පැය දෙකක විතර ඉදන් ටයිප් කොරන්නේ. ඇයි ඉතින් මතක් වෙන වෙන එක හොයනව නොවැ. ඔය ඇති.


ඔන්න ස්පෙල් බයින්ඩර් කැමති කෙනෙක් ඉන්නව නම් මෙන්න ටොරන්ට් ෆයිල් දෙක බාගන්න. ටිකක් ලොකුයි ඉතින්.


පලමු සීරිස් එක


දෙවැනි සීරිස් එක




අහ් STAR GATE වලට කැමති කෙනෙක් ඉන්නවනම් RS ලින්ක් තියෙනව මට ඊ ලිපියක් හරි මූනු පොතේ පනිවිඩයක් හරි එහෙමත් නැත්තම් කොමෙන්ටුවක් හරි දැම්මොත් එවන්නම් ඒකත්.


ඕශන් ගර්ල් එකත් එල්කිරි වගේ වැඩ.. පලවෙනි කොටස ඉවරයි. හැබයි ඉතින් RS ප්‍රීමියම් තියෙන්න ඕනි ඉතින්.


අමතක උනා නොවැ ලඟදි ආව සීරිස් වලින් නම් මම ආස 24, Prison break, Robin hood BBC  ටිකට තමා. ගිය පාර ලංකාවට ගිය වෙලේ අර නුගේගොඩ ප්ලේස් එකෙන් ඔක්කොම සීරිස් ටික ඔය 3 ම අරන් ආව. සීරිස් එකක් 200 ගානේ. බාන්න යන දුක බලද්දි උගෙන් 200 ට ගන්න එක ලාබයි ඉහටත් උඩින්. කොලිටියත් උපරිමයි ලස්සනට පැක් කරල කවරෙ දාල දෙනවා. ඒ වගේම ඇතුලේ තියෙන එව්වත් ඒ වගේම කොලිටි කොපි.


How i met your mother බාන්න ගත්ත කට්ටිය හොඳයි කියන නිසා. Lost එකත් උස්සන් ආව ලංකාවෙ ඉදන් අපරාදෙ සල්ලි කියල හිතුනා. මෙලෝ රහක් නැහ ඒක මට නම්.
 
එහෙන් මෙහෙන් අමුනල බලද්දි ලිව්ව දේකුත් නැහ... මෙතනින් නවතින්නම් ඔය ඇති නොවැ අදට. මායා බන්ධන බලන්නත් එපැයි... අනික ඉතින් බාන එකක් එන්න කලින්. මොකෝ ලංකාවෙ ඇවිත් ඔව්ව බාන්න වෙලා තියෙයි හික් හික්.


ළමයි අවුරුදු උත්සවේ අමතක කරන්න එපා ඔන්න... අපි ගියා.






ප. ලි  :  කට්ටිය කියපු ඒවයෙන් මට මග ඇරුනු කිහිපයක්ම සදහන් වෙලා..

වයිපර් ( රතු කාර් එක ඇලු වෙනව වහල ගැලවෙනවා එක විකාරයයි. )

එයාර් වුල්ෆ්. ( මම මයේ හිතේ 1 නැත්තම් 2 දි ගියේ. )

සීනා... ( පස්සෙ සීනා පිස්සු කරපු වීඩියෝවකුත් ආව මයෙ හිතෙ හික් හික් )

එකස් ෆයිල්ස්. ( අපෝ ඒක බැලුව කියන්නේ නිදි නැහ ඉතින් එදාට )

බේ වොච්. ( හික් හික් ඒක ඉතින් අපොයි තමා. ඒ කාලේ ස්විමින් සූට් එකක් ඇදන් ඉන්න කෙල්ලෙක් දැක්ක කියන්නේ සිල් පවා බිඳෙනව නොවැ. සිරසෙද කොහෙද ගියේ.. කට්ටිය එහෙ මෙහෙ වෙනකල් ඉදල හොරෙන් සුට්ටක් බලනවා. )


තව සීරිස් කිහිප්යක්ම කට්ටිය සඳහන් කරල තියෙනවා. මට නම් ඒ තරම් මතකයක් නැහ.

Wednesday, January 19, 2011

මට පාඩුවෙ ඉන්න දීල උඹත් පාඩුවෙ ඉදපන්

Share



ඔව් මම උඹට ආදරය කලා... හුඟක් ආදරය කලා..
ඒත් උඹ හෑම තිස්සෙම ඒකට පයින් ගැහුවා..
උඹ මට උඹව එපා කරා.. ටිකෙන් ටික..


හෑමදාම මම උඹෙන් ඇහුවම උඹ මට කිව්වෙ..
" හොඳ යාලුවෙක් වගේ ඉන්න " කියලා..
 ඒත් ආදරය හිතුනම ඒක යට කරන් යාලුවෙක් වගේ ඉන්න මට තේරෙන්නෙ නැහ..


ඔව් මම ආයෙ ආයෙ ඇහුවා.. උඹට මතකද.. හැමතිස්සෙම උඹ කිව්වෙ..


"යාලුවෙක් වගේ ඉන්න. "


මම අන්තිම වතාවටත් ඇහුව.. උඹට මතකද...


එදත් උඹ කිව්වෙ... යාලුවෙක් වගේ ඉන්නවනම් ඉන්න.. නැත්තම් යන්න කියල..


ඔව් මම ගියා.. මොකද මට උඹව යාලුවෙක් වගේ දකින්න් බැරි නිසා. උඹ දන්නවද එදා මම ඒ ඇහුවෙ උඹට තිබ්බ ආදරේ අන්තිම බිංදුවටම අඩු උනාම..


උඹ ඒ ආදරේ මැරුව. පන ඇද්ද ඒ ආදරේට වතුර පොදක් වත් නොදී මරල දැම්ම.




උඹෙන් මම ඈත් උනාම උඹට මාව ඕනි උනා... ඔව්


උඹ ආව.. උඹත් එක්ක ඉන්න කිව්ව... මම මැරිච්ච මිනිහට පන දෙන්න බයෙන් උබෙන් ඇහුව..


" ඇයි මේ "


උඹ කිව්වෙ


" මට ඔයාව බඳින්න බෑ තමා... ඒත් ඔයාට කෙල්ලෙක් හම්බු වෙනකල් ඉන්න මාත් එක්ක කියල "


මේ මොන කතන්දරයක්ද කියල මම උඹට බැහ කිව්ව.. ඔව් මැරුනු එක ඒ විදියට උන්නාවෙ...


උඹ ආව.. ආයෙ ආයෙ.. එක එක එව්ව කියාගෙන..


ඒත් මට දැන් උඹ ගැන ආදරයක් හිතෙන්නෙ නැහ..


උඹ අදටත් ඉල්ලන්නෙ මාත් එක්ක ඉන්න වෙන කෙල්ලෙක් හොයා ගන්නකම් කියල..


උඹ අනාගතයක් ගැන කියන්නේ නැහ..


උඹට මොකක්ද ඕනි.. කියපන් මට වද නොදී..


මම උඹ ගැන බලන්නෙ දැන් දුකෙන්.. ඒත් ඒක වයිරයක් කරන්න එප මට වද දීල.


මට පාඩුවෙ ඉන්න දීල උඹත් පාඩුවෙ ඉදපන්.


මට හැංගි මුත්තම් සෙල්ලම් කරන්න පුලුවන් වයසක නෙමෙයි ඉන්නේ මම. ඒක තේරුම් ගනින්... දෙවේයන්ගෙ නාමෙට මට පාඩුවෙ ඉන්න දීල පලකො....






ප.ලි : ඉස්සරම මගේ බ්ලොග් එක බලපු අයට මේ කියන්නෙ මොකක්ද කියල මතක් වෙයි. ඒත් එහෙම නොවුනොත් ඒ මොකක්ද අහන්න එප.. ඒ අතීතෙ වලල ඒ ලිපිත් බ්ලොග් එකේ නැහ දැන්.


ඒ එක ලිපියකට නිලන්ත කියල කෙනෙක් මෙහෙම කොමෙන්ට් කරල තිබ්බ


"" අපෝ මල්ලී, උඹ නම් අහුවෙලා තියෙන්නේ පූරුවේ කරුමයකට. ඕක බැන්දත් උඹට නම් සැනසීමෙන් ඉන්න වෙන්නේ නැහැ. ඕක බැදගත්තේ නැතත් උඹට සැනසීමෙන් ඉන්න වෙන්නේ නැහැ. මොකද ඕක ගැන උඹ පස්සේ හරි හිතන නිසා. ඔය කෙල්ල හැමෝගෙන්ම ආදරය හොයන කෙනෙක්. ගෙදර ගියත් උඹ නසී මඟ සිටියත් උඹ නසී. හරිම දුකයි මලයෝ උඹ ගැන.  ""


එදා ඒක පිලි නොගත්තත් අද නම් ඒ දේ ඇත්ත නේද කියල අනන්ත හිතෙනවා.

Tuesday, January 11, 2011

සැබෑ වෙන හීනෙකදි මුන ගැහෙමු සැබවින්... පිස්සා හා හා පුරා කියල 2011...

Share


අම්බානෙක වැඩ. සමාවෙන්ට ඕනි මේ පැත්තෙ එන්නවත් වෙලාවක් උනේ නැහ. සති 2කින් විතර ලිපියක් දාල නැහ කියල තේරුනෙත් දැන්.

හා හා පුරා කියල මුලින්ම 2011 ලියන්නෙ මේ ලිපියද කොහෙද..

කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල පිස්සත් ප්‍රාර්තනා කරනවා. ( වැඩිය පරක්කු නැහ නොවැ තව සති 50ක් ම තියෙන්නේ. )

ලියන්න කියල හුඟක් දේවල් නැත්තෙත් නැහ ඒත් වෙලාව තමා අවුල.

අර ගූගල් බස් එකට ගොඩ වැදුනා අභීත අයියගෙ හීනෙ ගැන පනින්ඩයක් දැකල ඒ ගමන් වැමිප්යගේ බස් එකක් දැක්කෙ මාව හොයල. අනේ මේ ඉන්නේ ඉතින්. අංශයක් වත් ඇඟට දාගන්න වෙලාවක් නැතිව. පිං ඉතින් හොයල බලනවට පිස්ස ගැන.

ආර්ථිකට්ය ලොකු අර්බුධයකට මූන පාල දැන් නම්. සල්ලි පොකුරු මිල්ලෙ අහුරු තමයි.
ආපු ගමන් ආයෙත් යං කියන්න තමා වෙන්නේ. හම්බු කරල ලංකාවට යන්න සබ්බ සකල මනාවම වියදම් වෙනව නොවැ. ගයාන් කියන්න වගේ එහේ ගොහින් එව්වොන්ගෙන් ඉල්ලන් තමා කන්න බොන්න වෙන්නෙ හික් හික්. 

කාල බීල ඉන්න මිසක් ඔව්ව ගොඩ ගහල මැරෙද්දි උස්සන් යන්නය. ඉන්න නෑ මිතුරු පරපුරටම පොඩි පොඩි යට හරි මොනා මොනා හරි ගත්තා. 

අහ් අභීතයගෙ හීනෙ ගැන කියන්න එපැයි. ටී එකක් දාගෙන ඩෙනිමකින් සැරසිලා පිස්සත් ඉදල නොවැ ඒකෙ. 
මොනව උනත් පිස්සත් ගොඩ බහින කාලේ අභීත ගොයිය දැකපු හීනේ නම් මල් මසුරං. බ්ලොග් ලියන කට්ටිය අපේ හැබහින් දැක බලා ගන්නවයි කියන්නේ හික් හික්...
ඔන්න එහෙනම් එදාටම බලා ගන්නකො පිස්ස ව.

" අඩෝ මේ උබද ? " කියල එකෙක් දෙන්නෙක් වත් අහනවා අනිවා හැබයි. හික් හික්. අනේ අහිංසක හීන්දෑරි කොලු ගැටය... හික් හික්.

ඔන්න ඉතින් අභීත අයියගෙ වචනෙන්ම මේ උත්සවේ තියෙන්නේ අප්‍රේල් 3වෙනිදා උදේ 9.30 ඉදන් හවස 03.30 වෙනකන්....... තිඹිරිගස්යායේ තියෙන හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයේ...

වැඩි විස්තර සදහා +94714449162 ඔන්න ඕකට ඇමතුමක් දීල අභීත මහත්තයට කතා කරන්න පුලුවන්.

වැඩි විස්තර කියවන්න එහෙනම් ගොඩ වදින්න මෙන්න මෙතනට.

පිස්සු හැඳෙන සඳ... එන්න කියවන්න වෙබ් අවකාශෙ ඉන්න ඔක්කොම......


හපුච්චියේ රෑ 12 ට කිට්ටු වීගෙන එන්නේ. තාම කාල නාල බීල මොකුත් නැති කොට.
එහෙනම් අපි විසික් වෙනවා ළමයිනේ.

ගොඩ බහින්න කලියෙන් බ්ලොග් පෝස්ට් එකක් දාන්නම්. ලියන්න කතා තිබ්බට වෙලාව නැති කමට ආයෙම සමාව භාජනේකම දාල ඉල්ලා සිටිනවා.

එහෙනම් සැබෑ වෙන හීනෙකදි මුන ගැහෙමු සැබවින්.



ඒ හීනේ සැබෑ කරගන්න හැමෝම පුලු පුලුවන් විදියට උදව් කරල සහභාගී වෙවී යයි පිස්සා හිතනවා.
Related Posts with Thumbnails