Wednesday, February 16, 2011

ලංකාවෙ ඕපදූප... + බ්ලොග් සැට් එක සෙට් විය...

Share
ලංකාවට ගොඩ බැහල ටික දවසක් නොවැ දැන්. හප්පේ කාලය යන ඉක්මන. ඇඩෙනවා. යන්න ඕනි කියල හිතෙද්දි හපොයි කියල හිතෙනවා.
අර අභීත අයිය ලිව්ව ලිපිය මතක් වෙන්නේ එහෙම වෙලාවට තමයි.


ලංකාවෙ ජීවිතේ නම් එලකිරිස් වගේ. ගෙදර අම්ම උයන කෑම 3 වේල කාල සරමකුයි ටී එකකුයි ගහගෙන රවුමක් දාල එද්දි හප්පා...
වැඩිය කොහේවත් නෑ දවස් 3ක් ඇරෙන්න අනික් දවස් 11 හම ගෙදරට වෙලා හිටියා. ඉස්සර ගෙදර ඉන්න තියෙන අමාරුවක්... ඒකට දැන්. ඊට වඩා කුමන සැපක්ද... 


ඉතින් ඕපදූප ටික කියමුකො..


ඔන්න ඉතින් ආව කියමුකො.. මනුස්සයෙක් දකින්න නැහ ගෙදරකට යන්න බැහ මෙව්වො ඔක්කොම අහන්නෙ ගං වතුරයි සුලි සුලනුයි ගැන. අහපන් උබට කොහොමද... එව්ව නෑ...


ඒව තිය අර ලංකාවෙ භාගයක් යට වෙලා... ඒවත් නෙමෙයි මේ එහේ යට වීම තම. මම නම් දන්නෙත් නැහ හික් හික්.


බැරිම තැන නිව්ස් ටික ගූගල් සර්ච් කරල හොයාගෙන තමයි එලියට බැස්සෙ මම හික් හික්. නැත්තම් මූ අප්පිරිකාවෙ ඉදන් ආව කියල පතුරන්නත් බැරි නැහනේ අපේ කස්ටිය.


ඒ අස්සෙ තව පොරක් දුන්න මරු ටෝල්ක් එකක්.. කව්ද එකෙක් රටක ගිහින් ඔය ඇමරිකාවෙද කැනඩාවෙද කොහෙද.. ඌ ඉතින් ඔය කෝල් එකක් දීපු වෙලේ අපේ පොර අහල කොහොමද ඔහේ කියල..


" මේවනේ අයිය දිව්යලෝක.. ලංකාව මොකක්ද අපායනේ මේව එක්ක බලද්දි... "


මට ඉතින් පුකෙනුත් හිනා ඕක අහල..


අනික මේ අපේ එව්වො රට යන්න දගලන දැගලිල්ල... අනේ මන්ද මම නම් දැන් ආදීනව නම් කියන්නෙම නෑ කාටවත්. ඕනි නම් පල කියල ඉන්නව මිසක්.


රේඩියො වලත් මරු ආතල්...


ඒ අස්සෙ රේඩියො එකේ යනව පැයේ 18 + ගීතය... මම දඩි බිඩි ගාල ඕෆ් කරන්න හැදුවෙ පොඩි එකෙක් වත් අහන් හිටියොත් කියල.. බලද්දි චාමරයගෙ අඩි සීයේ පාර... ඇඩෙනව..


14 ද කොහෙද ඔන්න කෙල්ලෙක් කෝල් කරල ඒකිගේ ෆුල් ලව් ස්ටෝරිය කියල ලබන මාසෙ බඳිනව කිව්වම... එහෙනම් මේ ගීතය ඔය දෙන්නට කියල දැම්ම ගීතයක්... ඇඩෙනව එතනත් ඒක විරහ ගීයක්


පිස්සෙ පීකුදු...


12 වෙනිද තිබ්බ නේ ඉලංදාරියා වෙනුවෙන් පොඩි හමුවක් විහාර මහ දේවී එකේ.. මාත් ගියා. බ්ලොග් ලියන හිතව්තුන් කිහිප දෙනෙක් ම හමු උනා.


ඒ පිලිබඳව හුඟක් මහන්සි වෙලා බ්ලොග් හිතවතුන් කීප දෙනෙක්ම වැඩ කරනවා.. මට නම් හිතුනේ මේ මහන්සියත් කැපවීමත් එක්ක මේ ටාර්ගට් එක අමාරු වෙන එකක් නෑ කියලා.


මූනු පොතේ group එකේ නම් 100+ එනවා කියල තිබ්බට 25 - 30 ක් විතර ඇවිත් හිටියා... ඒකෙදි කතා උනු දේවල් මූනු පොතේ group එක තුලිනුත් බලා ගන්න පුලුවන් මම හිතන්නේ.


මඩ නම් ගහන්නෙ නෑ ඔන්න කාටවත්... හසිය නම් බයිට් උනේම නෑ වගේ අර රංග අයියගෙන් පෙත්තක් ඉල්ලල හික් හික්..

හසී නගා නම් ආව වෙලේ ඉදන් ලිව්ව ලිවිල්ලක් කට අරින්න බැහ ඒක ලියා ගන්න ව නොවැ.. හික් හික්.


අර අහිංසක කෙල්ල නම් මුලු පාර්ක් එකටම කේක් බෙදුවා උපන් දිනේ වෙනුවෙන්.. අපිට නම් හම්බුනේ නැහ හැබයි. හික් හික්..


වැප්නිසාන්ත මහත්තයත් බස් එක පාරට දාන්න පරක්කු වෙනවා කියල රැස්වීම ඉවර වෙද්දිම දිව්ව දිවිල්ලක් හික් හික්...


ඔන්න ඊට පස්සෙ පිස්සයි.. ටිකක් හිනා වෙන අභීත අයියා... මගේ ලෝකෙ රංග අයියා.. ටොපියෙ මුචා.. පිටස්තරයා..ඕනයා... ලිශාන්.. ජේ ඩී ඇතුලු අපි ගියා කොළඹ සිරි නරබන්න. දුකා අයියත් පොඩි තල්ලුවක් දීල ගියා සංගීත අංශයක් තියෙනව බලන්න ඕනි කියල..


හප්පොච්චියෙ හිනා වෙලා මගෙ ඔලුවත් රිදෙන්න ගත්ත පස්සෙන්ද වෙනකල්.. ආතල් කියන්නේ අපි ස්කෝලෙ සෙට් එක කන්දක් පල්ලෙ ගිහින් රවුම් බෝතල් හිස් කරල ගත්තු ( ඒක ලියන්න බලධාරීන් තහනම් කර ඇත ) ආතල් එකට පස්සෙ ගත්තු සිරාම ආතල් එක කියන්න පුලුවන්.
ලියන්න දෙයක් නැහ ඉතින් සෙට් එකේ බ්ලොග් ටික කියෙව්වම හිතා ගන්න පුලුවන් ඇතිනෙ ඒ ටික සැට් උනාම තියෙන ෆන් එක... ( ඒ ටික ඉස්සුවෙ අභියගෙන් )


ප. ලි : ලිශාන් කොලුවයි ජේ ඩී කොලුවයි ඇරෙන්න අපි නම් කෝක් විතරයි බිව්වෙ ඔන්න... අපි අමධ්‍යපයි නොවැ...  ඒකේ අනික් පැත්තද මන්ද උනේ හික් හික්
එදා රෑ තමා රෑ... හික් හික්.. උපරිමයි.


ගෝල්ඩ් ෆිශ්... මාරයා... රත්ගමයා හිස් අහසෙ පුංචි සර් ඇතුලු කීප දෙනෙක්ටත් දු.ක ඇමතුම් දීල කතා බහ කරා.. 


ඔය ඔක්කොමත් එක්ක ලොකු දුකක් හිතේ තියන් ඉන්නේ.. හිනා වෙ ලා පිස්සු නටල ඒක යට පත් කරන්න හැදුවට වතුරෙ ඔබපු බෝලයක් වගේ උඩට එනව හැම තිස්සෙම.. ජීවිතේ කිසිම දේකට පරක්කු වෙන්න හොඳ නැ කියල හිතෙන්නේ මේ වෙලාවට. ඒත්..


ඒ අස්සෙ තව ජරමර..


කෙටියෙන්ම කිව්වොත්


අපි ආදරේ කරන කෙල්ලොයි..


අපිට ආදරේ කරන කෙල්ලොයි..


අපිත් ආදරේ කරන.. අපිටත් ආදරේ කරන ඒත් එක වෙන්න බැරි කෙල්ලොයි..


ප්‍රශ්න කෝටියක්.


මාසෙකට විතර උඩදි යවපු ලිපියක් හරිම කාලෙදි one zero zero එකේ පල වෙලා..
  
මංගල ඇරයුම් පත
Related Posts with Thumbnails