Friday, April 8, 2011

පරණ කෙල්ලො දෙන්නෙක් එකම වහලක් යටදි...

Share

හුඟ දවසකින්.. ලංකාවෙ ඉද්දි මොන ලිවිලිද.. ඒත් ඉතින් බ්ලොග් එකක් කියල එකක් තියෙන එකේ මොනව හරි දාන්නත් එපැයි... කුජීත සිද්දියක් ඊයේ උනේ...

මායි තව කොල්ලො දෙන්නෙකුයි ගාල්ලේ මංජරී එකට ( කොටුවෙ කඩේ )  ගියා... ගිහිල්ල කැරකෙද්දි දැකල පුරුදු කෙල්ලෙක් තව කොල්ලෙක් එක්ක ඇදුම් තෝරනවා... පොඩ්ඩක් ඔලුව උස්සද්දි දැක්කේ.. යකෝ මේ මගේ කලින් කෑල්ලක් නේද... ඒකිත් මාව දැකල හිනා වෙලා කොල්ලටත් මොනවදෝ කිව්වා.. අනේ හොඳයි හොඳින් ඉන්නවනම් කියල කැරකි කැරකි ඉද්දි...

මෙන්න තව එකක්... ඒකත් මම යාලුවෙලා හිටි කෙල්ලෙක්.. ඒකි මාව දැක්ක විතරයි බිම බලාගත්ත නංගි පොඩ්ඩවත් ඇදගෙන වාශ්ප උනා.. ( ඒකි මගෙත් එක්ක උපරිම ඔරොප්පු වෙන්න ඕනි ඉතින් පොතේ හැටියට ) අනේ සංසාරේ...

කුජීත සිද්දිය මොනා උනත්... පරණ කෑලි 2ක් එකම කඩේකදි...  පරණ කෙල්ලො තව ඉන්නවද දන් නැති නිසා මාරු වෙන්න පහලට බහිද්දි අර කලින් දැක්ක පරණ කෙල්ල කව්න්ටරේ ලඟ..

" අහ් **** කොහොමද ? "

" හොඳයි... කවද්ද ආවෙ ? "

ඔහොම කතා කරලා..

" මේ අපි යන්නම් එහෙනම්... අහ් මේ අන්න අනික් එක්කෙනත් හිටියා... " අනිත් කෙල්ලගෙ නම " හම්බුනාද ?? "

තවත් මොනා වෙන්නද විලි ලැජ්ජාවෙ බැහ කියල මම එලියට බැස්ස අරුන් දෙන්නත් ඇදගෙන.

ප. ලි :: සයිබර් සිහින උළෙලට ගියානේ ඉරිද.. අභියගෙ සිහිනෙ නම් උපරිමයි.. ඒ ගැන ඉතින් කියන්න දෙයක් නෑ දවසක් බලන්න ෆොටෝ මූනු පොතේ තියෙනවා. ඒව ටික දැක්කම ඒකේ ගතිය ලියන්න ඕනි නෑ.

එහෙමනම් කට්ටියට ලබන්නාවු සුබ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා යි පිස්ස ප්‍රාර්ථනා කරනවා.

කල් තිබ්බට ආයෙ මේ පැත්තෙ එවෙන එක විශ්වාස නෑ සති ගානකට.

අවවාදයයි : මේ දවස් වල ශොපින් යනවනම් පරිස්සමට.. මේ පේන්නෙ නෑ...  


******
මේ බ්ලොග් එකට එද්දි "මැල්වෙයා" සම්බන්ද මැසේජ් එකක් එනව කියල අභීත අයිය කිව්වා.. තව " hare :-) "කමෙන්ට්ස් වලත් දාල ති බ්බා එහෙම සිද්දියක්...  හේතුව දන්න කෙනෙක් ඉන්නවනම් ඒකට විසඳුක්මක් දෙනව නම් පින්.
Related Posts with Thumbnails