Friday, June 17, 2011

කෙල්ලගේ කොන්ඩෙ straight කරපු හැටි

Share


" මේ මගේ කොන්ඩෙ පීරන්නත් බෑ අනේ... straight එක ගිහිල්ල දැන්... straight කරන්න ඔනි අද හෙටම...  "

" අනේ ඔයාට තේරෙන්නෙ නැහනේ මේක පීරන්න තියෙන අමාරුව... මම මේ සිලිකන් ඔයිල් ගාල ගාල නේ පීරන්නේ... කොච්චර අමාරුද පීරන්න  "

" අපෝ අවුරුද්දට නෑදෑයෝ ආවම කොන්ඩෙ මොකද බලයි මේ... ඊට කලින් නම් කොහොම හරි straight කරන්න ඕනි... "

නා නා ප්‍රකාර විදියට කියන්නෙම මේ හොඳට තියෙන කොන්ඩෙ straight කරන්න ඕනි කියලමයි... දන්නවනේ ඉතින් කෙල්ලො... ඒ උනාට මට නම් කිසිම වැරද්දක් නෑ  හොඳට තියෙනව කොන්ඩෙ... කලින් පාර straight කර එක තාම හොඳට තියෙනව අයේ මොකට පුච්චන්නද මන්ද මේ කොන්ඩෙ... 

ඉතින් ආසවනේ කියල.. " හා " කිව්ව...

කිව්ව පරක්කුවෙන් ඔන්න ඉතින් දවසකුත් වෙන් කරගෙන saloon එකට ගියා කොන්ඩෙ straight කරන්න අපේ ළමය...

" අනේ මේ මට දවල්ට කන්න මොනා හරි ගේනවද ඔයාට පුළුවන්නම්... "

ඇයි යකෝ උදේ පාන්දර ගිහින් දවල් වෙනකල්...

" ඇයි දවල් වෙයිද..  ? " ( මම දන්නවයේ ඔව්වට යන වෙලා.. )

බැලින්නම් හවස 4 වෙනවලු... ආයෙම දවස් 3 කින් යන්නත් ඕනිලු.. හපොයි මොන දුකක්ද...



ඔන්න ඉතින් පටාස් ඩොන් වන් ශොට් එකී මෙකී වයිවාරන chemicals දාල වරුවක් විතර තියලා කොන්ඩෙ හෝදල අරව මෙව්ව කරල ගිනියම් වෙච්චි අයන් එකකින් පුච්චලා අඩියෙ රූල තියලා කපල කොන්ඩෙට දෙන්න තියෙන දෙතිස් වද ඔක්කොම දීල ඔන්න ඉතින් වැඩේ ඉවර වෙලා... මුලු දවසම එතන...

" අනේ ආයෙ නම් මම කොන්ඩෙ straight කරන් නෑ අනේ.... "

" මේ නම් අන්තිම පාර... "

සතියකින් විතර...

" බලන්න අනේ මේ saloon එකේ පාවිච්චි කරපු chemicals නිසා මගේ මූනත් කලු වෙලාද කොහෙද... "

" මූනෙ බිබිලිත් ඇවිල්ල ආයෙම... මේ chemicals වලින් අනේ... "


straight කරනකම් තිබ්බ උනන්දුව කොන්ඩෙ straight කරාට පස්සෙ නෑ... 

" මේ පාර එක හරි නෑ අනේ... මූන මහතයි වගේ මේකට... " 

එකී මෙකී නොකී කතා ඒ පාර

මාසයක් විතර එකී මෙකී නොකී ක්‍රීම් ගාල ඔන්න ඉතින් දැන් නම් හරිලු... ආයෙ කොන්ඩෙ හොඳටම වැවෙනකල් straight කරන්නත් බැහයි කිව්වලු දිරල කියල කොන්ඩෙ... ඇයි දෙයියනේ ඔය දෙන දස වද වලට නොදිර තියෙයිද කොන්ඩෙ...

මොනව උනත් මොනර පිල වගෙ තියෙද්දි ලස්සනයි... ඒ උනාට දෙයියනේ ඔය දෙන දස වද නිසා කොන්ඩෙ ට වෙන හානිය කියලමයි හිතෙන්නෙ.... පහු කාලයක ඕවයේ බලපෑමක් ආවොත් වගේ විකාර තමා මට හිතෙන්නේ... 


හැබැයි ඉතින් මේක වැරදිලවත් දැක්කොත් ඉතින් මගේ කොන්ඩෙට වද 64 ම සෙට් වෙනව අනිවා...

හික් හික්...

ප . ලි :: කාලෙකට කලින් වරුනි කියල කෙල්ලෙක් ගැන ලිව්වා මතකයි නේ... මතක අය ට මතක ඇති... ඔව්.. ඒ කෙල්ල මගේ  කෙල්ල වෙලා අද... ඒ වගේ කෙල්ලෙක් ලැබිච්ච එක ගැන හිතෙද්දි මම මොන තරම් වාසනාවන්තද කියල හිතෙනවා....

Thursday, June 16, 2011

ආයෙමත් මේ හීතල අඩවියේ... හුඟ කාලෙකින්...

Share


ලංකාවෙ ගත කල ලස්සන මාස කීපය නිකන් කතරගම කොලඹ බස් එකකට වඩා වේගෙන් ගියා වගේ.. ආයෙමත් පරණ පුරුදු හීතල පාළු රටේ තනිවෙලා... රස්සා ප්‍රශ්න අරව මෙව්ව විසදගෙන ( විසදගෙන කිව්වට විසද ගන්න ගමන් ) බ්ලොග් අවකාශෙට ඔලුව දාන්න හිතුවා ආයෙම...

ලංකාවට ගියපු වෙලේ බ්ලොග් සැට් එකේ සෑහෙන පිරිසක් හම්බුනා.. නුවර ගමන මග ඇරුන එක නම් හිතට දුකක්...

ඒ වගේම අපේ ඉලංදාරියා... අවුරුදු උත්සවේදී උබේ පොත් පිංචෙ මම කව්ද කියල ලියල දුන්නම " අහ් මේ උබද... ?? " කියල බොහොම ලෙංගතුව කතා කල උබ... ඊට සති කීපයකට පසු අපෙන් සදහටම වෙන්වීම හීනයක් කියලත් හිතෙනව වෙලාවකට...

ජීවිතේ මහ පුදුම දෙයක් කියල හිතෙනව... 

උබේ බ්ලොග් එක මම බ්ලොග් කියවන්න ගත්තු මුල්ම කාලෙ බලන්න ගත්තු එකක්... බ්ලොග් එකේ මුල ඉදන්ම උබ උබේ අදහස් වලින් මාව දිරිමත් කලා.... මචන්... උබට නිවන් සුව...

ලැබුන කෙටි වෙලාවෙ ලිපියක් ලියනවට වඩා මට හිතුනා කට්ටියගෙ බ්ලොග් කියවන එක හොඳයි කියල... අවකාශෙ මොනව වෙනවද දන්නෙත් නැහ නොවැ.. ඒ එක්කම ලංකාවෙ ගියපු අලුතම කොටපු ලිපියක් පල කරන්න අමතක වෙලා... ඒක මේ ගමන්ම පල කරන්න හිතුවා... එහෙනම් ආයෙ පරණ සෙනහසින් ලියන්න ගන්නම්...

 කෙල්ලො පටලැවිල්ල... චාටර් හොඳටම

කෙල්ලො පටලැවිල්ල... චාටර් හොඳටම

Share

***  හප්පේ ලංකාවට ගියපු අලුත ලිව්ව කතාව දැන් තමා පබ්ලිස් කොරන්නෙ.... ****

ලංකාවට ගොඩ බැස්සත් හරි ලියන්න නම් වෙලාවක් උනේම නැහ. හැබැයි ඉතින් ලංකාවෙ ඉන්නකොට කතා නම් හම්බු වෙනව ආයෙ මදි නොකියන්න.
ගිහිල්ලම හිමින් සැරේ එව්ව ලියන්න ඕනි..


මේක මේ වෙන කාටවත් නෙමේ අසරණ මටම වුනු පටලැවිල්ලක් තමයි.
ගිය සතියට කලින් සතියේ ඒ කියන්නෙ සැපත් උන සතියෙම සති අන්තෙ අපේ කස්ටිය කතා කලා පොඩි බීමකට යන්න.


ඔන්න ඉතින් බීමට ඕනි කරන කල මනා ගන්න කියල මමයි තව එහෙකුයි Cargills එකට ගියා.. මගෙත් එක්ක ගියපු අනික් එකා

" හරි හරි මචන් මම ගන්නම් " 

කියල පැන්න නිසා මාත් පැත්තකට වෙලා පොඩි රවුමක් කැරකෙද්දි දැකල පුරුදු කෙල්ලෙක් ඉන්නව. Cargills  එකේම වැඩ කරන්නේ ඒකි. මාව දැක්ක ගමන් කට පුරවල හිනාවකුත් දැම්ම.. 

" මේ කව්ද ?? "

කියල හිතන්න කලින් මීටරේට වැටුන හුටා මේ දිනිති ගෙ යාලුවෙක් නෙ...


ඔන්න එතන ඉදන් දෙබස. 

" අහ් කොහොමද.. දැන් මෙහේද වැඩ.. ? "


" ඔව්.. හුඟ කාලෙකින්.. කොහෙද ඉන්නෙ දැන්.. "


" ඔව් නේ.. ලංකාවෙ නම් නෙමෙයි ඉතින්.. "


( ඒ එක්කම මට මතක් උනේ සමාධි වැඩ කරන්නෙත් Cargills නේද කියල.. මොකද කලින් ආපු වෙලේක මට හම්බුනා Cargills ඒකෙදිම )
( සමාධි කියන්නේ දිනිති ගෙ හොඳම යාලුව කියල දිනිති කතාව බලපු අය දන්නව ඇතිනේ )


" මේ ඔයාගෙ යාලුවා මේකෙ නෙ වැඩ.. "


" ම්ම්ම් නෑ.. එයා ජොබ් එකක් කරන් නෑනෙ..  "


මේකිගේ හිනාවෙ හැටිද මන්ද මහ කුප්ප ලුක් එකක් තිබ්බ නිසා


" ම්ම්ම් කව්ද නම.. අහ් සමාධි.. "


" සමාධි... ? නෑ නෑ සඳමාලි නේ.. එයා බැන්ද අනේ.. එය ජොබ් කරන් නෑනෙ.. "


 ( දැන් කියපන්කො සඳමාලි කව්ද කියල.. ඒ ඔය මාසයක් විතර මගේ පොඩි හුටස්පරයක් තිබ්බ කෙල්ලෙක්.. කරුමෙ කියන්නේ මට මීටර් උනේ නැහ නම කියලත් එවෙලේ සඳමාලි කියන්නේ කව්ද කියල.. මීටරේ තිබ්බෙම නැ ඒකිව. )


( කුප්ප හිනාව මූන පුරා )


 " නෑ නෑ සඳමාලි නෙමෙයි සමාධි "


" මම දන් නෑ එහෙම කෙනෙක් "


" ම්ම්ම් දැන් ඔයා එයාව දන් නෑනෙ.. "


" නෑනෙ.. "


" ම්ම් එතකොට... ඔයා දිනිතිව දන්නවද.. "


" දිනිති ?? "


" හරි හරි දැන් ඔයා මාව දන්නවද ? "


" ඔව් ඔයාව දන්නවා.. "


" එතකොට දිනිති දන්නෙ නෑ.. "


" නෑ... "


සීන් එක ෆුල් අවුල්.. මගේ ඔලුවෙ ඉන්නෙ මේකි දිනිතිලගෙ සෙට් එකේ කෙල්ලෙක් කියල... මේකි කියනව දිනිතිව දන් නෑලු.. ඒ අස්සෙ කුප්ප හිනාව...


( මගේ මෙමරි අවුල කියන්නෙ මෙහෙම වෙලත් මීටර් වුනේ නෑනෙ.. ඔක්කොටම මුල ඒකිගෙ කුප්ප හිනාව )


" අර ******* **  ඉස්සරහ ගෙදර... ඉන්නේ දිනිති... "


" අහ් දිනිති අක්ක... එයා අපිට වැඩිමල් නෙ.. ම්ම් අහ් නෑ නෑ ඔයාට වැරදිල... මම එයාගෙ යාලුවෙක් නෙමෙයි.. මම සඳමාලිගෙ යාලුවෙක්.. "


හපොයි එවෙලේ තමයි සීන් එක මීටර් උනේ.. දැන් ඉතින් ලැජ්ජාවයි නෝන්ඩියයි අරකයි මේකයි... මදිවට ඒකි හිකි හිකි ගාල හිනා වෙනවා..


ඇතිනේ..


වෙලාවට අර යකා... " හරි මචන් " ගාගෙන ආව..


" අහ් මේ සොරි පොඩි වැරදීමක් උනේ.. අපි යන්නම්.. පස්සෙ හම්බු වෙමු "


ගාල මම නිකන් එතනින් වාශ්ප වෙලා වගේ ආවෙ...


ඒ අස්සෙ අමිලය ආයෙ කෝල් එකක් දෙනව මචන් තව උන් දෙන්නෙක් සෙට් උනා තව භාගයක් ගෙනෙන් කියල. ආයෙ ඉතින් ජංගියක් ඇදන් ඕකට යන්න...


පාරෙ බාර් එකකින් ඒ භාගෙ අරන් අපි ගියා බීච්...


චිකේ මෙමරි අව්ට් එක අන්තිමයි.
Related Posts with Thumbnails