Wednesday, August 31, 2011

චූ කොල්ලා කාලේ තිබ්බ ලව් ( ද මන්ද... ) ක්‍රශ් ( ද මන්ද )... වෙන මොකක්වත් ( ද මන්ද )

Share


සඳරුවගේ ධනංජනි ගැන පෝස්ට් එක දැක්කම මටත් හිච්චි එකා සන්දියේ ලව් ( ඒක පාර්ශික ) හුටස් පර ටිකක් මතක් උනා...

කොටල දාන්න ඕනි කියල හිතුනා මෙලෝ යකෙකුට වැඩක් නැති හෑල්ලක් උනත්... ලව් කිව්වට මෙව්ව ඇවිල්ල සිංහලෙන් කියනවනම් ක්‍රශ්... ඒත් එහෙමත් නෙමෙයිද මන්ද... නිකන් ආසවක් වගේ එව්වා... සහ ක්‍රශ්.

මට මතක විදියට චූ කොල්ල කාලේ මගේ හිත ගියේ ඒ කියන්නේ 1 - 3 වසර කාල වල හා හා පුරා ලේසි පාසු ස්ත්‍රී පරානෙකට එහෙම නෙමේ... සබීතා පෙරේරාට.. හික් හික්.. ඒ කාලේ ආව චිත්තර පටි වල හිටියේ එකම සැට් එකක් මට මතක හැටියට.. සබීතා, සශී , දිල්හානි, සනත්, ජීවන් එතකොට දුශ්ටයට හිටියෙත් එකම සැට් එක. ගහනව දුශ්ටයට බලන එව්වො හූ කියනවා එක විකාරයයි... ඒ කාලේ ඉතින් දැන් වගේ නෙමෙයි නේ ෆිල්ම් හෝල් වලට ගොහින් පවුල් පිටින් ෆිල්ම් බලපු කාලයක් නොවැ.. ඒක නිසා මාත් ඔව්ව බැලුවා..
ඒකෙන් තමා හා හා පුරා කියල සබීතා ගැන ක්‍රශ් එකක් ආවෙ.. නරක නැහ නේ මගේ චොටිස් එක.. අවුරුදු 20ක් විතර ගොහිල්ලත් බලපන්කො හැඩ... හික් හික්...

හීන ලෝක්න් එලියට වැඩියට පස්සෙ මුලින්ම හිත ගියේ ඒත් 1 වසරෙදි උන්නු කෙල්ලෙක්ට අපේම පන්තියේ.. පූර්නි.. කෙට්ටු අහිංසක හරිම පිලිවෙලට ඇඳුම් ඇඳපු කෙල්ලෙක් කියල ලාවට මතකයි...

ඊට පස්සෙ මතක හැටියට 3 වසරෙදි... අපේ ඉස්කෝලෙට ආව කෙල්ලෙක් හිමාලි කියලා... ටීච කෙනෙක් ගෙ දුවෙක් මතක හැටියට..චා චා... ඉක්කෝලෙටම හිටිය ලස්ස්නම කෙල්ල කියල මට හිතුනේ ඒකි.. අනික බහුතරයක් එක්ක බලද්දි ඒකිත් බොහොම ලස්සනට පිලිවෙලට පිරිසිදුවට උන්නා... හපොයි ඒ උනාට ඒකිගේ තිබ්බ ලොකුකම.. අර නිකන් ඔහොම උන්නොත් නුඹ ගෙනියන්නට ගමෙත් එකෙක් නැත.. රටෙත් එකෙක් නැත වගේ තමා... ඒකි ඇත්තටම අලි වංශෙන් උන්නේ... 

ඊට පස්සෙ වෙන නම් ම්ම්ම්ම් මතකයක් නෑ...

5 වසරෙ සිස්සත්තෙ පාස් වෙලා ගාල්ලෙ ඉක්කෝලෙට ආවට පස්සෙ කොල්ල කරකෝල අතෑරියා වගේ උනා...
මහ විසාල ඉක්කෝලෙයක්... 6 වසර කිව්ව ඉන්ගිලිස් හෝඩියෙන් භාගයක් පන්ති... හපොයි... පිස්සු කොර වෙලා හිටියේ කාලාන්තරයක් යනකල්...  පරණ ඉක්කෝලෙ හෙන බ්‍රයිට උනාට මෙහේ ආවම 30 නුත් පහල වෙනියා ආවෙ... චා මැක්ස් වෙල ඉන්න ඒ කාලේ මොන ක්‍රශ්ද හප්පා...

කොහොමින් හරි 8 වසරෙදි විතර ඇහ ගියා අක්ක කෙනෙක්ට.. ඉසුරු අක්ක... අපේ වෑන් එකේමයි ඉක්කෝලෙ ගියේ.. අවුරුද්දක් වැඩිමල්. අහිංසක කෙට්ටු ( චා මගේ හිත යන්නෙම එකම මොඩල් එකට ද මන්දා ) ඒ වගේම දන්න විදියට පට්ටම බ්‍රයිට් අක්ක කෙනෙක්. ඒකිත් ඉතින් හිනා වෙල මල්ලි කමට කතා කොරනව.. පුත්තරයගෙ හිත දන්නවැයි එකි බ්‍රයිට් උනාට... 
ඒකි නම් දකින දකින වෙලේට මට ආයිශ් අප්පා ටයිප් හැඟීමක් තිබ්බේ... ඒකත් ඉතින් එහෙන්ම නැති වුනා...

ඊට පස්සෙ ක්‍රශ් එක තමයි ඉක්කෝලෙ ඉන්ගිලිස් ටීච... පොඩි එකෙක් වගේ සුදුම සුදු පොශ් ටීච කෑල්ල... ඒ උනාට ඔය අපේ ගයානයට තමා කොල්ලො විහිලු කරේ ටීචගෙ නම කිය කිය... ඌ දැන්නම් කියන්නේ දැන් වගේ එහෙම ටීච කෙනෙක් සැට් උනොත් ලොවෙත් නෑ කියලමයි... සුපිරියි. මේ කියන්නේ 9 වසරෙදි...
( දැන් මේ කවුද කියල අපේ ඉක්කෝලෙ එව්වොන්ට අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.. සුපිරි ඉන්ග්ලිශ් ටීචර්ස්ලා හිටීයෙ නෑ නේ මහ ගොඩක්... )

ඒ කාලේ ම ඉන්ග්ලිශ් ක්ලාස් ආව කෙල්ලෙක්... අයුමි.. ඒකි ත් සුදුම සුදු කෙල්ලෙක්. ඔය ක්ලාස් එක තිබ්බේ ගයාන් ලගෙ ගෙවල් පැත්තෙ. ඌ නම් ආවෙ නෑ.. දවසක් මම බස් එකක් එනකල් ඉද්දි මේකිත් හෝල්ට් එකේ හිටියා බස් එකක් එනකල්.. කොහෙද යන ගමන් ගයාන් ඕක දැකල ඉක්කෝලේ ඇවිල්ල පැතුරුවෙ නැද්ද මගේ චරිතෙ නැති වෙන්නම ඒකිගෙ නම.. කෙල්ලෙක්ගෙ නමක් තිබ්බනම් ඇතිනේ ඒ කාලේ.. කොහොමින් හරි ඒ ක්ලාස් යෑම නැවතුනාම ඒ ක්‍රශ් එකත් හබක් උනා...

ඊට පස්සෙ 11 වසරේ දි ගනන් ආපු කෙල්ලෙක් ගැනත් තිබ්බ පොඩි මෙව්ව එකක්.. ඒකිත් මාත් එක්ක හොඳට කතා බහ එහෙමත් කරා.. යාළු ෆිට් එකට මිසක් වෙන මොකටද.. ඒකත් ටික දවසයි ඕ ලෙවල් වලින් පස්සෙ කෙල්ල මිසින් උනා...


මතක් වුන කතන්දර ටික තමා ඔය.. අමතක වූ සහ චූචි චූචි එව්ව තව ඇති...

කොහොමින් හරි අවුරුදු 16 ක් ට්‍රයි කරල කරල ඒ ලෙවල් පටන් ගද්දි වගේ තමා හා හා පුර කෙල්ලෙක් සෙට් උනේ... ඒ කතාව ලිව්වනේ බ්ලොග් එකේ.


ඊට පස්සෙ නම් ට්‍රයි කරන්න ඕනි දාගන්න ඕනි කියල හිතුන කෙල්ලොන්ගෙන් දෙන්නෙක් ඇරෙන්න අනිත් සියල්ල අඩුම ගානේ දින 50 පසු කල ප්‍රේම සම්බන්ද වලින් තමයි අවසන් උනේ...
අසාර්ථක උන කෙල්ලො දෙන්නා තමයි...
ඒ එකක් නම් ප්‍රින්සිපල් කෙනෙක් ගෙ දුවෙක්.. ඒකි මූන වත් බලන්නෙ නෑ කොල්ලෙක්ගේ.. ඉතින් ඒක හබක්... කොච්චර කතා කරත් අඳ ගොලු බිහිරි කිසිම හැඟීමක් නොපෙන්නවන ටයිප් කෙල්ලෙක්... ඉතින් ඒකි බේරුනා හික් හික්...

අනික අක්ක කෙනෙක් කියල නොදැන ට්‍රයි කරපු එකක්...

" අයියෝ මල්ලි මේ ඔයා අපේ මල්ලිලගේ පන්ති වලනේද... ? " 

කියල අහපු ගමන් ඒකටත් තිත... බැලින්නම් එකිගේ මල්ලි මම දන්න කියන කොල්ලෙක්.. ඒකිගෙ හොඳකමට වැඩේ නෝන්ඩි කලේ නෑ.. නැත්තම් වසල හමාරයි..
ඔය ඇතිනේ... කියවන එකෙක්ට වැඩක් නැතිම බ්ලොග් පෝස්ට් එකද මන්ද ලියපු ඒවයෙන්... හික් හික්..

Wednesday, August 10, 2011

පිස්සාගේ පළාමල්ලත් ශතකයක් වාර්තා කරයි... පළාමල්ලේ 100 වැනි ලිපිය...

Share

 ඔන්න මාස 22 කට පස්සෙ පළාමල්ලේ 100 වැනි පෝස්ටුව දිග ඇරෙනවා...


යම් යම් හේතු නිසා සමහර පෝස්ට් මේ වන විට බ්ලොග් අඩවියෙන් ඉවත් කරපු නිසා පේන්න තියෙන්නේ නම් පෝස්ට් 87ක් තමයි... කොහොමින් හරි ඔන්න මේක තමා 100....

බ්ලොග් එකක් ලියන්න ගත්තෙ නම් හිතට වද දුන් ආදරයක් දීපු දුක වචන වලට පෙරලන්න ඕනි උනු නිසා... ඒත් ටිකින් ටික  ලියාගෙන යද්දි ලිපි වලට කමෙන්ට්ස් එහෙම වැටෙද්දි ලියන්න තියෙන ආසාව ටික ටික වැඩි උනා... හැමදේම වෙන්නෙ හොඳට වගේ මමත් බ්ලොග් කරුවෙක් හෙවත් සාඩම්බර සිංහල බ්ලොග් කරුවෙක් බවට පත් උනා...


බ්ලොග් කෙරුවාවෙන් ලැබුන වටිනාම දෙය තමයි අලුත් මිතුරු පිරිසක් අදුනා ගන්න ලැබීම... 
ඒ වගේම ගෝලාකාර ලෝකේ විවිධාකාර මිනිසුන්ගේ නා නා ප්‍රකාර බ්ලොග් වලින් සෑහෙන දැනුමක් වින්දනයක් ලබා ගන්නට ලැබීමත් සෑහෙන වටින දෙයක්....


ලිපි 100ක් තුලදි දැන අදුර ගත්තු පිරිස බොහොමයි...පළාමල්ලේ මුල් කාලේ ආව ගිය සමහර මිතුරන් අද වෙද්දි බ්ලොග් අවකාශේ පේන්න නැහ... ඒ වෙනුවට අලුත් මුහුනු ඇවිත්...   බ්ලොග් සැට් එක සෙට් විය ලිපියෙන් කිව්ව වගේම බ්ලොග් අවකාශේ අඳුර ගත්තු දැවැන්ත චරිත කීපයක් සැබෑ ජීවිතේ මුලින්ම හම්බුනේ ලංකාවට ගියපු වෙලේ... ඒ වගේම අභීත අයියගේ හීනෙට පින් සිද්ද වෙන්න තවත් සෑහෙන පිරිසක් සයිබර් සිහින උළෙලෙන් අඳුර ගන්න දැක ගන්න ලැබුනා... බොහොමත් සතුටුයි ඒ ගැනත්...

නම් ගම් වලින් කියන්න ගියොත් මග ඇරෙන පිරිස බොහොමයක් නිසා නම් ගම් සඳහන් නොකර ඉන්න හිතුවා... ඒත් මේ තාක් කල් පළාමල්ලට ඇවිල්ල මේ ලියන එව්ව කියවල වචනයක් හරි කියල ගිය දන්නා නොදන්න සියලුම බ්ලොග් මිතුරන්ට ස්තුතියි කියන්න මේ ලිපියේ මේ ඉඩ වෙන් කරන්න පිස්ස හිතුවා.

කවුරු කොහොම කිව්වත් මම නම් ලිපියක් ලියල දැම්මට පස්සේ ඒකට කවුරු හරි ප්‍රතිචාරයක් දක්වනවනම් ඊට වඩා සතුටක් නැහ... මම හිතන්නේ හැම බ්ලොග් කරුවෙක්ම හිත යටින් හරි එහෙම වෙන්න ඕනි.. දිගින් දිගට ලියන්න ඕනිම බ්ලොග් කරුවෙක්ට ආසවක් ඇතිවෙන්නෙ බ්ලොග් කියවන අපි උබලා ගෙ ප්‍රතිචාර මතින් කියලයි මම හිතන්නේ... ඒ හින්දා ආයෙමත් සැරයක් වචනයක් හරි කොටල ගිය හැමෝටම හුඟක් ස්තුතියි.

ඒ වගේම සිංහල බ්ලොග් කියවනයට... ලාංකීය සිතුවිලි අඩවියට.. කොත්තු අඩවියට.. අනෙකුත් සින්ඩි වලට වගේම පළාමල්ලේ ලිපිනය තමන්ගේ බ්ලොග් අඩවි වලට එක් කරන් සිටින සියළුම මිතුරන්ටත් පිස්සා ස්තුති කරනවා...

නම් ගම් නොලිව්වත්... උබ ගැන මේ වෙලාවෙ පොඩි හරි සඳහනක් නොකර කොහොමද මචන්... ඉලංදාරියෝ... පළාමල්ලේ මුල ඉදන්ම වගේ බොහෝමයක් ලිපි වලට වචනයක් හරි කොටල ගිය උබ... මම මුලින්ම උබේ බ්ලොග් එක බැලුවේ වසන්තයෙන් එහා කියවන්න... උබ ඒ කතාව කියල ඉවර කලේ නෑ... අවුරුදු උත්සවේදී උබේ පොත් පිංචෙ මම කව්ද කියල ලියල දුන්නම " අහ් මේ උබද... ?? " කියල බොහොම ලෙංගතුව කතා කල උබ... උබ ගැන උබේ යාළුවෙක් උබේ බ්ලොග් එකේ දාපු කමෙන්ටුවක් මම ලිපියක් විදියට පළාමල්ලේ කාලෙකට ඉස්සර  දැම්මා.. උබ කොයි තරම් සරල.. ජීවිතේ තේරුම් ගත්ත කොල්ලෙක් ද කියල වටහගන්න ඒ වචන ටිකම ඇති...

උබ අද අපෙන් සදහටම සමු අරන්... මචන්.. උබට නිවන් සුව...

මෙතෙක් කල් ලියපු ලිපි ගැන කිව්වොත් පිස්සගෙ කුළුදුල් ආදරය ගැන ලියපු දිනිති කතාව හුඟක් දෙනෙක් කියවපු ලිපි වලින් ඉහලින්ම තියෙනවා...

ඒ වගේම ප්‍රසන්න සර් ගේ ක්ලාස් ගිහින් වෙච්චි ජංගි ඇදලනම් ඉස්සරහට වරෙන් ලිපියත්...
රෑ තිස්සෙ පොල් ගනන් කරපු 15+ ලිපියත්...
වැල හෙවත් ගන ගැන ලියපු ලිපියත්...
ඔශීන් මායා බන්ධන සහ ඉස්සර බලපු ටීවි සීරිස් ගැන ලියපු ලිපියත්... හුඟක් ම දෙනෙක් බලපු ලිපි විදියට ගූගල් ඇනලටික්ස් වලින් පෙන්නනවා...



ඒ ඇරුනම පිස්සගේ ස්කෝලෙ කාලෙ කතා වලටත් හොඳ ප්‍රතිචාර ප්‍රමානයක් ලැබිල තියෙනවා

මේ වෙද්දි 28000 කට වැඩි අමුත්තන් පිරිසක් පළාමල්ලට ඇවිත් ගිහින් තියෙනව කියලත් උන්දෑ කියනවා... බලපු පිටු ගනන 64000 කට කිට්ටුයි... හපොයි ඔය මදැයි...


එහෙනම් ඉතින් ආයෙම පාරක් පළාමල්ලට එන යන අදහස් පළ කරන සියල්ලන්ටම බොහොමත්ම ස්තුතියි කියාගෙන පළාමල්ලේ 100 වැනි පෝස්ටුවට . තියනවා.... එහෙනම් 101 න් හමු වෙමු... හික් හික්....

ගොහින් එන්නම්.



Monday, August 8, 2011

කෝල් එකක් මැදදි ෆෝන් එක රිං වෙලා තියෙද ?? පජාතම වූ ෆෝන් කතාවක්

Share


මෙච්චර දවස් අරුන්ට මුන්ට වුනු කතා නේ ලිව්වෙ.. අද ලියන්නෙ මෙ පිස්ස කොල්ලට කොල්ල කාලෙ වෙච්චි දෙයක්... තාමත් කොල්ල තමා ඉතින්... හික් හික්...

මේක උනේ 10 වසරෙදි... ඒ කියන්නෙ සුදු දිග කලිසමට සැට් වෙච්චි කාලේ... එහෙමත් නැත්තම් කෙල්ලො ගැන උණ ටික ටික තිබිල උපරිමේට ගහන කාලේ කිව්වත් හරි... ඒ කාලේ හපොයි මතක් වෙද්දිත් මේ වගේ ගොං ගහක් කියල හිතෙනවා... පිස්සු මවිත නේ ඉතින්...

ඔය දවස් වල මොබයිල් එහෙමත් නැත්තම් සෙල්ටෙල් එහෙම ( ටිගෝ.. එතිසලට් නෙමේ... මොබයිල් වලට කිව්වෙත් සෙල් ටෙල් කියලනේ ඒ කාලේ... ) දැන් වගේ නැහ... වැරදිලවත් අහලක එකක් රිං උනොත් පළාතෙම මිනිස්සු හැරිල බලනවා නිකන් මේ මොකක්දෑ මේ සද්දෙ කියලා..


ඒ දවස් වල ඉතින් වයිබ්‍රේට් වෙන ෆෝන් එකක් කියන්නේ හප්පා... සුපිරි බඩුවක්. නොකියා 3310 එක එන්නත් කලින් මේ කියන්නේ.... 3310 එක අති සුපිරි භාන්ඩයක් වුනු යුගයකුත් තිබ්බනේ... මොනව උනත් ඒක නම් සුපිරිම ෆෝන් එකක්.. පොළවෙ ගැහුවත් වැඩ... සෝනි එරික්සන් ටී 230 එක වගේ තමා...

සමාවෙන්න සමාවෙන්න ආයෙමත් කතාවට...


ඔන්න ඔය කාලේ පිස්සට කෙල්ලෙක් ගැන පොඩි මෙව්ව එකක් ඇති උනා... මෙව්ව එකක් කිව්වෙ මෙව්ව එකක්... ඉතින් ඒක පස්සෙන් යන එක තමයි ඒ කාලේ හැටියට දන්න උපරිම දේ මම... දැන් එව්වො වගේ ෆෝර්වර්ඩ් නම් නෑ ඉතින්... හා හා පුරා එහෙම දෙයක් උනේ ඒ ලෙවල් කාලේ.. මතකනේ දිනිති කතාව...

මට මතක හැටියට ඒකි පස්සෙ ගියේ දවස් 3 ක් නැත්තම් 4 යි... මේ ෆෝන් කෙලියක් නිසා ඒ මෙව්ව එක උපන් ගෙයිම වැලලිලා ගියා... හරි හරි.. ඒ ෆෝන් මෙව්ව එක තමා ලියන්න හදන්නේ දැන්...


ඔය කාලේ අපේ අර ගන අයියගේ අයියා ගාව තිබ්බ ෆෝන් එකක්... ඕක අර භාගේ කෝදුවක් විතර දිග පොඩි ඇන්ටෙනා අංශයක් තිබ්බ ගඩොල් භාගයක් නොවන ෆෝන් එකක්.. මොටරෝලා ද කොහෙද... කොහොමින් හරි දවසක් මම ඔය කෙල්ල පස්සෙ යන්න සැට් වෙලා එලියට බහිද්දි අපේ ගන අයියා ඕක තියාගෙන ඔබ ඔබ ඉන්නවා... ( ඌට ගන අයිය කියල අම්මන්ත්‍රනේ කොරනව දැක්කොත් මගේ ඇට කටුත් ගලවනවා ඕකා ඒක ආයේ හෝදන්න නම් දෙයක් නෑ... ) මමත් කිට්ටු කරා...

" අයියගේ ෆෝන් එකනේ.. "

" අහ් මලයා... ඔව් බන්.. මූ කොළඹ ගියා... ෆෝන් එක දාල ගියේ.. "

මගේ ටිකිරි හරක් මොළේට ආව මන්චි අයිඩියස් පාරක්...

" මේ අයියේ... "

" මොකෝ බන් ? "

" මේ මම අද අර කෑල්ල බලන්න යන්නේ.. කෝල් ගන්නෙ නෑ බැරිද පොඩ්ඩක් ෆෝන් එක දෙන්න... "

" ෆෝන් එක මොකටද ?? "

අපෝ කොමන් සෙන්ස් නැති බූරුවා කියල හිතුව මමයි බූරුවා උනේ...

" නෑ බන් දන්නෙ නැද්ද... "

" අහ් හරි හරි මේ කෝල් ගන්නෙ එහෙම නෑ... අනික අරූ එන්න කලින් වරෙන්... " ( ඒ කාලේ විනාඩියට රුපියල් 13 + බදු මතක හැටියට... ඒ කාලේ කියන්නේ පාන් ගෙඩ්ඩ 10 ට විතර තිබ්බ කාලේ...  )

කියල දුන්න මූ ෆෝන් එක...

ආයිශ් අප්ප ගුංඩු දැන් ඉන්නේ නිකන් කොල්ල සල්මන් අමීර් රාමනායක වගේ.. කියල හිතාගෙන එලියට බැස්ස...


ඇවිදගෙන යද්දි බස් හෝල්ට් එකට... ආව නිකන් තවත් එක එළකිරිස් අයිඩියාර් එකක්...

ගත්ත ෆෝන් එක... එලාර්ම් කියල එකක් තියෙන්නෙ.. ඒක ඒ කාලේ ෆෝන් වලත් තිබ්බනේ...

කෙල්ල බස් එකේ ඉන්න ටයිම් එක අල්ලල සැට් කොරා එලාර්ම් එක... දැන් බස් එකෙදි රිං වෙනව ෆෝන් එක.. කෙල්ලට ඇහෙන්න පේන්න.. කෝමද ටිකිරි හරක් මොළේ...

ඔන්න ඉතින් දැන් හෝල්ට් එකට සැට් වෙලා ඉද්දි කෙල්ලත් ආව... අනේ ඉතින් හැමදාම වගේ මූනවත් නොබල මෝල්ගහක් ගිලපු ඉබ්බියෙක් වගේ ඉදල බස් එකකට නැග්ග.. මාත් පුරුදු පරිදි බස් එකට නැගල දැන් ඔන්න ඉන්නව ලඟට වෙලා...

නෝ කතා.. නෝ සිනා... ( ඇත්තටම අදටත් ඒකි දන්නවද මන්දා මම ඒකිට මෙව්ව එකක් තිබ්බ කියල.. ) 



ඔන්න ඉතින් බස් එකත් යනව පැද්දි පැද්දි....

" ටිලි ටිලි ටිලි ටිලි....... "

ලොවෙත් නැති සද්දයක් දාගෙන අර ෆෝන් රාජයා සද්ද වෙන්න ගත්තා නැගිටපිය යකෝ කියන්න වගේ.... අහ් ඔය තියෙන්නේ... කෙල්ල ඇතුලු කිහිප දෙනෙක් හැරිල බැලුවා... කොල්ලත් ඉතින් පොර සේ ගත්ත ෆෝන් එක අරගෙන කනෙන් තියාගෙන දැන් අර එලාර්ම් එකත් එක්ක කතාව..

" අහ් මචන්... .. ඔව් බන් මේ ගාලු යන ගමන්... අහ් හරි බන් මම ඒක බලන්න... "

බුදු අම්මේ මෙන්න්න කෝල් එක අස්සෙ කවුද එකෙක් හැබෑවට කෝල් කරා... කන දෙදරගෙන 


" ටිලි ටිලි ටිලි... " 

ගාන්න ගත්තෙ නැද්ද ෆෝන් රාජය...

ඇස් 10 - 12 ක් කෝමත් මගේ එලාර්ම් කෝල් එක දිහාට ෆෝකස් වෙලා තිබ්බෙ... මේ සංගෙදියත් එක්ක බස් එකේ සෑහෙන පිරිසක් ෆෝකස් උනා... මටම දැනුනා මගේ සුදු ( කළු ) මූන රතු වෙලා සෝස පාට වෙනවා කියල.... මූන සෝස වෙන්න ගියාට වඩා කාලයක් ගියා මට අර කෝල් එක නැති බංගස්තාන කරන්න....

ඒ කාලේ උනත් මේ සංගෙදිය ඕනි රට හරකෙක්ට තේරෙනව කියල මට අනිව ඩෙෆා....  හික්සි බිකිස් පාරවල් 2 -3 කුත් ලඟින්ම ඇහෙද්දි බස් එක නවත්තපු මුල්ම හෝල්ට් එකෙන් බැහපු මම සිහි එලවගත්තෙ සෑහෙන දුරක් අතුරු පාරක් දිගේ ඇවිදල...


එදායින් පස්සෙ මම නෙවෙයි ෆෝන් අරන් බස් එකේ ගියේ වත් අර කෙල්ල මූනට හම්බුනේවත්... කොහොමින් හරි ඒ ලෙවල් 2 වැනි පාර කරල මටම කියල ෆෝන් එකක් ගත්තට පස්සෙත් මම නෙමෙයි සෑහෙන කාලයක් යනකල් බස් එකේදි ෆෝන් එක සද්ද වෙන්න දාන් ගියේ...

Wednesday, August 3, 2011

අපි පොලිසියට දඩ ගහන හැටි.. "ලු" ෆෝමැට් කතාවක්

Share


කලින් ලිව්ව පොලිසියේ කතා මතකනේ.. මේකත් පොලිස් කතාවක්. මේක අවිල්ල ඇසූ කතාවක් මිසක් දැකපු දෙයක් නම් නෙමෙයි. ඒ කියන්නෙ " ලු " ෆොර්මැට් එකේ එකක්...

ගාලු පාරේ හරියක පොලිස් අයියල දෙන්නෙක් ඉන්නවලු හැමදාම වගේ.. ඩබල් ඉරි තියෙන හරියක. ඔතනින් යන පොඩි වාහන.. ඒ කිව්වෙ සයිස් එක නෙමෙයි අපි වගෙ මිනිස්සුන්ගෙ පොඩි වාහන... බස්... තුන් රෝද.. මෝටර් බයික් එහෙම පෙන්නන බෑලු. අත දාල උඩ පැනල විසිල් ගහල නවත්තනවලු.. නවත්තල ඉතින් කිසි සමාවක් නෑ උසාවි දාන්නමලු යන්නෙ..

ටිකක් වෙල ගියාම උසාවි දැමිල්ල දඩ කොලේ ට බහිනවලු.. ඒත් පෑන තියනව ගන්නව සීන් එකලු.. ඉතින් අපි හුඟක් අය එහෙම නෙමේ සර් ඉතින් සහනයක් කරන්න ටෝල්ක් එක දානවනේ...

අන්තිමට " හා හා එහෙනම් අර ඉස්සරහ කඩේ පොතට රුපියල් 200 ක් දාල යනව... " වගේ සීන් එකකින් කතන්දරේ සමතයකට එනවලු ඉතින්.


ඉතින් වැරදි කරු ඉස්සරහ කඩේ මුදලාලිට 200 දුන්නම පොලිස් රාළහමිත් ඔලුවෙන් කියනවලු.. වැඩේ ඉවරයි.

සියල්ලෝම සතුටින් විසිර යනවලු...

දවසක් පොරක් ඔහොම අල්ලල උසාවි දාල දඩ ගහන සීන් ඔක්කොම පහු කරල " හරි  එහෙනම් අර කඩේට 200 ක් දීල යනවකෝ " කිව්වලු පුරුදු විදියට..

අව්ලක් නැද්ද සර් ඇහුවම " නෑ නෑ තමුසෙ දෙනවකො "

එහෙනම් " බොහොම ස්තුතියි සර් " කියල මූ කඩේට ගියාලු

" මේ මුදලාලි මේ මහත්තය 500 ක් ඉල්ලගන්න කීවා අර සල්ලි වලින් "

මුදලාලි පොලිස් කරය දිහා බැලුවම ඌත් ඔලුව වනල.. හරි හරි ගනින් කියන්න...

 පොර 500 ත් අරන් මාරු...

ප.ලි : මෙය ඇසූ කතාවක් මිස දෑසින් දුටු කතාවක් නොවන බව සලකන්න.

ප.ලි 2 :: නෙත් එකේ යන බැලුම්ගල වැඩසටහන අහන්නේ නැති කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් අහල බලන්න.. අපේ රටේ ඉන්න හොර යක්කු අපේම මිනිස්සුන්ගෙ මෝඩ කම් ලස්සනට පාවිච්චි කරල සල්ලි හම්බ කරන විදිය බොහොම ලස්සනට ඒ වංචා කාරයන්ව නිරුවස්තර කරලා එලි කරන වටිනා වැඩසටහනක්.

මෙන්න ලින්ක් එක මූනු පොතේ ::

ඌ බටේ ලින්ක් එක :: 


ඒ වැඩසටහන කරන නිලූප.. චරිත් ඇතුලු බැලුම්ගල කන්ඩායමට ස්තූතියි වගේම ඔවුන්ගේ ඒ මහන්සියෙන්වත් අපේ මිනිස්සුන්ගේ ඇස් ඇරේවා කියල ප්‍රාර්ථනා කරනවා
Related Posts with Thumbnails