Monday, September 26, 2011

බස් අජිත් ගේ සින්දු අහන්න ගිහින් කොටපු පෝස්ටුවක්...

Share


නිකන් ජංජාලෙ කරක් ගහද්දි සයිට් එකක අජිත් මුතුකුමාරනගෙ ඇල්බම් වගයක් දාල තියෙනව දැකල අහන්න හිතුනා... ස්කෝලෙ කාලේ පට්ට ගහපු ගායකයෙක් නෙ.


හපොයි දෙවියනේ... 2 3 4 යද්දි මම ඒක එහෙමම ක්ලෝස් කරල දැම්ම... ඇයි දෙයියනේ කාට උනත් අහන් ඉන්න පුළුවන්ද එහෙව් අදෝනාවක්. ඌට වෙලා තියෙන දේවල්.. අනේ හපොයි කියල හිතුනා... 


ඒ උනාට පරණ මතකයන් පොඩ්ඩක් විතර අලුත් උනා... අජිත් ගේ සින්දු මුලින්ම අහන්න ගත්තෙ ඒ ලෙවල් ක්ලාස් යද්දි බස් වලින්ම තමයි. ඒ කාලේ ඔය පාරේ ගිය බස් වලින් කැසට් දාන්න පුළුවන් හැම බස් එකේම අජිත් තමයි.


දිනිතිව දාගන්න පෙරූම් පුරන කාලෙ වගේම ලව් එක සෙත්තප්පෝච්චි වෙලා මනෝ ගහල ( අමිලය කියන්නෙ මන්ද ගහල කියල ) ඉන්න කාලෙත් එලි රෑ වෙනකල් අහනව...


තාම මතකයි කැස්ට් එක පටන් ගත්තෙ " පෙති ගිලිහී ගිය මල නුඹදෝ " කියල සින්දුවකින්.. මොනව උනත් අදටත් ඒ සින්දු සෙට් එකට මම පට්ට ආසයි. ඒත් අහන්නෙ නෑ. ඇහුවම ඒ තියෙන ගතිය, ආසාව නැති වෙයි කියල හිතෙන නිසා..


" පාසල් බිමේ හමු වූ සුර කුමරියෙ " දිනිති ගෙ ලව් එක කාලෙ කැමතිම සින්දුව... මම කොච්චර ඔය කැසට් එක පට්ට ගැහුවද කියන්නේ අපේ ගන අයියලගෙ ගෙදර උන්ගෙ අක්කටත් සින්දු ලිස්ට් එක කට පාඩම් ඇහිලම. හික් හික්...

ඊට පස්සෙ දිනිතිගෙ බූට් එකෙන් පස්සෙ කාලෙ ගෙවිල ගිහින් ඒ ලෙවල් කටේ තියන් කෙල්ලෙක් පස්සෙ ගෑටුවා... ඒකි ඉතින් නෝ උත්තර මගේ නිර්මල ප්‍රේමයට... ඒතින් කොල්ල ආයෙම මන්ද ගහල... මන්දට ගැලපෙන සින්දු සැට් එකකුත් ගානට සෙට් උනා. ඒ අජිත් ගෙ " ආදරයක කඳුළු ".. අහනව අහනවා ඉවරයක් නෑ... ඒ කාලේ අමිලයත් අපේ ගෙදර හිටියේ... ඌටත් ඇහිලම කට පාඩම්.

ඌ ඕක අහන් ඉන්නම බැරිවද මන්ද මගේ ලව් සීන් එකට බැස්ස. දවසක් මම ගෙදර එද්දි මූ ලියුමක් ලියල මගේ මේසෙ උඩ...

" තෝ අදින් පස්සෙ ආදරයක කඳුලු... හෝ මොනයම් බූට් සින්දුවක් ඇහුවොත් මම තොගේ රේඩියො එකත් කුඩු පට්ටම් කරල තොපේ ගෙදරිනුත් යනව... මින් පසු තෝ බූට් සින්දු අහනවනම් මගේ අවසරය ලබා ගත යුතුය.

අන්න තොගේ හත්තිලව්ව තොට හා කිව්ව ( මේ ටික සුට්ටි අකුරින් ) "


හරිනේ ලව් එක ගොඩ නේ... අජිත්ට බූට්.  " සේපාලිකා මලයි සුදු පාට මීදුමයි " අහන්න ගත්ත මම.. අහන්න ගත්ත කියන්නේ ඒ සින්දුව එක්ක තව නිකන් සුපිරි ලව් සින්දු සැට් එකක්ම රෙකෝර්ඩ් කරල ස්කූල් බස් එකේත් දැම්ම මම කෙල්ලට ඇහෙන්න.. හික් හික්... කොහොමද ප්‍රේමය.. ( ඒ කතාවත් ලියන්න හිතුනා.... බලමු )

ඔය කාලෙම අහපු සින්දු සෙට් වල අජිත් ඇරුනම හිටියේ කිංස්ලි පීරිස්. පොර ට ඉතින් මලක් පේන්න බෑ ඒ කාලේ. පස්සෙන්දට ඒ මල ගැන කියල සින්දුවක් නෙමෙයි ඇල්බම් එකක් ම අවුට්. නා නා ප්‍රකාර මල්..

දෙලුම් මල.. ඩේලියා මල... වැටකෙයි මල... හපොයි...

කිංස්ලි පීරිස් ජෝතිපාල මහත්තයගෙ සින්දු ටික කියපු කැසට් එකත් නැගලම ගියා... අපේ ස්කූල් බස් එකේ කාලයක් ඕක කොයි වෙලෙත් දාල තියෙනව..

ඊට පස්සෙ කව්දෝ මන්ද එකෙක් " සුදු අරලිය මල " කියල එකක් උස්සන් ආව... ඒකත් කාලයක් ඇහුව.. ඒ කාලේ කෙල්ලෙක් නෑ... ට්‍රයි කරෙත් නෑ.. නිකන් ගන්ධබ්බ අවදියක්...

ඊට පස්සෙ ආයෙම නම් අජිත් ඇහුවෙ නෑ...


ඔය අජිත් වයි කිංස්ලි වයි ජනප්‍රිය කරන්න අපේ වනියත් සෑහෙන හවුල්.. උන් දෙන්න දන්නවද මන්ද. ඔය මෙලෝ යකෙක් අහල නැති සින්දු සෙට් එකක් කට පාඩම් කරන් එනව මූ... ඒ ඇවිල්ල අර කවුරුවත් නැති වෙලාවට සිංදු කියන්න සෙට් උනාම මූ ඔව්ව කියනවා... වන් මෑන් උනත් මූට වගක් නෑ මූ කියනව. දවස් 2 - 3 ක් යද්දි අර සින්දු ටික වටේ ඉන්න එවුන්ටත් කට පාඩම්.... හික් හික්...




දවසක් මූ ඇවිල්ලා " දෙහි මලක් වගේ ඔබේ හිතත් සිප ගත්තම සුවඳ නොදැනෙනා " කියනවා තනියම.. සින්දුව ආපු අලුත ... මටත් තේරෙන්නෙ නෑ.. දෙහි මලක් කොහෙද ?? කිය කිය මම කල්පනා කරලනවා... බැරිම තැන..

" කොහෙද බන් දෙහි මලක් ? "

" යකෝ දෙහි මල ලඟට සුවඳ නෑ.. ඒ උනාට දුරට සුවඳයි.. ගෙදර ගිහින් බලපන් ... " මූ ඒකත් චෙක් කොරල... ඔන්න උගේ සින්දු ඇහිල්ල..

ඒත් ඇපල් මල් ඩැෆඩිල් මල් එහෙම කොහොම කලාද මන්ද මූ...


ඇයි වෙහෙර විහාර සැට් එක... බෙල්ලන් විලෙන් පටන් ගත්තම... කිරි වෙහෙරට වෙනකල් ඒ පැත්තෙන් නම්... අනික් පැත්තෙන් ශ්‍රී මා බෝධිය පැත්තට... නාග දීපෙත් ගියාද මන්ද...  ඔය කිව්වම මතක් උනේ දවසක් මම ගාල්ලෙන් කොලඹ බස් එකක් අ නැග්ග.. අනේ හප්පුචියේ... කැසට් එකක් දාල තිබ්බ කව්දෝ මන්ද කෙල්ලෙක් කියන්නේ... සින්දු 16 ම පන්සල් ගැන...

සේපාලිකා මලයි... සීගිරියේ කුරුටු ගීත... මම අහන්නෙ නම් නෑ රත්තරනේ.. නිල් කඳු යාය මටයි... සින්දු සෙට් එකක් මතක් වෙනවා.... ඒ සින්දු එක්ක ඒ මතකයන් ඇවිස්සෙනව අප්පා... ස්කෝලෙ කාලේ නම්... ඇඩෙනවා... ආයෙ යන්න ඇත්නම්.

ඔය ඇති... අජිත්ව අහන්න ගිහින් පෝස්ට් එකකුත් කොටල...

Wednesday, September 21, 2011

කොටියගෙයි මිනිහගෙයි කතාවක්

Share

මීට කාලෙකට ඉස්සර මම මම ඉන්ගිලිශ් බ්ලොග් එකක් සහ සිංහල බ්ලොග් එකක් පටන් ගත්තා..පළාමල්ලත් පටන් ගත්තෙ ඒ කාලෙමයි. ඒත් අන්තිමට අර බ්ලොග් දෙකම අභාවයට යවල පළාමල්ල එක්කම බ්ලොග් කෙරුවාව කරන් යන්න තීරනය කලේ කවුරුත් නොදන්න නමකින් ලිවීම තුලින් ලියන්න ලැබෙන නිදහස වැඩි නිසා... ඒත් දැන් නම් බ්ලොග් ලියන බොහොමයක් මූනු පොත තුලින්.. සයිබර් සිහින උළෙල තුලින් පිස්ස කවුද කියන එක දැනගෙන තියෙනවා...

වටේ යන්න ඕනි නෑනෙ.. මේ කතාව මගේ ඒ බ්ලොග් එකක දාපු කතාවක් පළාමල්ලෙ දාන්න ඕනි කියල හිතුනා...


මේක ටික කාලයකට කලින් උන කතාවක්. අපි කට්ටිය බෝතලයකට සෙට් උන වෙලවක ඇදුනු කතාවක්. ලොකු සීන් එකකුත් නෙමෙයි ඉතින්. ඒත් මට තාම මතක තියෙන නිසා දන්න හිතුන.

කට්ටියම බීල ඉන්න ගමන් මොකක් හරි හේතුවකට තමා අපෙ යාලුවෙක් මේ කතාව කිව්වෙ.

" මචන් කැලේ ඉන්නවනේ කොටි. කකුල් හතරෙ උන්. සිව්පා කොටි. දැන් ඔය කොටියෙක් කැලෙදි මිනිහෙක්ව මරුවොත්.... ඒ ඇයි ??

ඒ උගෙ තියෙන නපුරු කම, රව්ද්‍ර කම, කුරිරු කම... නිසා... කියල නෙ කියන්නේ. වෙන්නත් පුලුවන්. ඒත් සමහර විට මි
නිහව මරුවෙ...

ආත්ම ආරක්ශාවට  වෙන්න පුලුවන්... බඩගින්නට වෙන්න පුලුවන්... එත් අපි කවදවත් ඒ පැත්ත දක්කිනෙ නෑ. දක්කිනෙ උගෙ නරක පැත්ත විතරයි.

හැබයි මිනිහෙක් කොටියෙක් ව මරුවොත්...

ඒ මරන්නෙ ඒ මිනිහගෙ තියෙන එඩිතර කම... වීරකම... නිසා කියල කියන්නෙ....
හැබයි සමහර විට ඒ මිනිහ කොටියව මරුවෙ විනෝදෙට... දඩයමට වෙන්න පුලුවන්....

එත් කවුරුවත් මිනිහගෙ හොඳ මිස නරක දකින්නෙ නෑ....

සතව හිංසනය පේන්නෙ නෑ..


ඔහොම තමයි බන්...

උබ වැරද්දක් කරල වැරදි කාරයෙක් විදියට හංවඩු ගහුනොත් උබ මොන දේ කලත් උබ ව මේ ලොකේ බහුතරයක් දකින්නෙ වැරදි කාරයෙක් විදියට....   "


ඌ බීල කිව්ව ඒ කතාව තුල ලොකු ඇත්තක් තියෙනව කියල මට හිතෙනවා... ඒ හින්දමද මන්ද අදටත් ඒ කතාව මට මතක තියෙනව...


ඒකට යමක් මම එකතු කරන්න ඕනි නෑ කියල හිතෙනවා... ඒක නිසා පෝස්ට් එකට තිත තියන්නම් ඒ කතාවෙන්.

බීල කිව්ව කතා ගැන කියද්දි... යකෝ.... සීගිරි කාශ්‍ය්යප කියන්නේ සල්ලාලයෙක්  කතාවත් නොබලපු අයට මෙන්න ලින්ක් එක...

බීල කරපු වැඩ නම් ඕනි තරම් බ්ලොග් එකේ ලිව්වනේ.

Friday, September 16, 2011

තොපි ප්‍රේමයේ පළ නෙළුවට කමක් නෑ ලෙලි එහෙම පහලට දානව නෙමෙයි.... 15 + ද මන්ද

Share

මේක ඇවිල්ල අර මළ ගෙවල් වල එහෙම නිදි මරද්දි කියන කතාවක්.. හුඟක් අය අහලත් ඇති... ඒත් ලියල දාන්න හිතුව...

අලුත බැඳපු ජෝඩුවක් ඇනෙක්ස් එකක පදිංචියට ගියාලු.. මේක ඇවිල්ල තට්ටු දෙකේ ගෙදරක උඩ තට්ටුවලු.. ඊට එහා පැත්තෙ වත්තෙ තිබිල තියෙන්නෙ කුකුල් ෆාම් එකක්.

ඉතින් බැඳපු අලුත නිසා දෙන්න ප්‍රේමයෙන් මුසපත් වෙලා ඉදල තියෙන්නෙ... ආලෙන් වෙලිච්ච ගමන්ලු...

කොච්චර ආලෙන් වෙලුනත් " පරිස්සම එකට " සංකල්පය අමතක කරපු නැති  මේ දෙන්න ඉතින් පරිස්සම් වීමට  උපත් පාලන කොපුවක් එහෙමත් නැත්තම් සිංහලෙන්ම කිව්වොත් කොන්ඩම් එකක් පාවිච්චි කරනවලු...



ඉතින් ලේසියටත් එක්ක ආලෙන් වෙලිල ඉවර උනහම පාවිච්චි කල කොපුව ජනේලෙන් එහා පැත්තෙ ෆාම් එකට විසි කරනවලු...

මුන් දෙන්න ඉතින් ඔහොම ආලෙන් වෙලෙද්දි ෆාම් එකේ අයිතිකාරය මුන් ආපු දවසෙ ඉදන් දුකෙන් හා මලෙන් වෙලුන ගමන්ලු... හේතුව මනුස්සය උදේට එනකොට හැමදාම කිකිලියෙක් මැරිලලු.. ( කුකුල්ලු නැතිව කිකිල්ලියො ම මැරුනෙ ඇයිද මම දන්නෙ නෑ ඔන්න..)

දැන් මේ මනුස්සයටත් මාර ප්‍රශ්නයක්ලු... හේතුවක් නැතිව කිකිලියො මැරෙන එක.. ඉතින් මේ මනුස්සය තීරනය කරාලු රැයක් ෆාම් එකට වෙලා ගත කරන්න. එහෙම කරල හරි මෙ විනාසෙට හේතුව හොයා ගන්න පුළුවන් වෙයි කියල හිතල දැන් මෙ මනුස්සය ෆාම් එකේ කුකුල් කොටුවට වෙල ඇන තියන් ඉන්නවලු.. 


රෑ 10 ට විතර එහා වත්තෙ උඩ තට්ටුවෙ ඉදන් සුදු පාට අයිටම් එකක්  "චොක් "ගාල ෆාම් එකට ලෑන්ඩ් කරාලු.. කිකිලියෙක් ගිහිල්ල ඕක ගිල්ලලු. ටිකකින් කිකිලි සෙත්ත පොච්චිලු...


දැන් මේ මනුස්සයට අම්බානෙක මල ලු.. කමක් නෑ තව ටිකක් ඉවසල බලමු කියල ඉන්නවලු දැන්... පාන්දර 2 ට විතර යාන්තම් ඇහ පියවීගෙන එද්දි ආයෙම සුදු පාට අයිටම් එකක් " චොක් " ගාල ලෑන්ඩ් කලාලු.. තව කිකිලියෙක් හිමින් සැරේ කිට්ටු වෙල ගිල්ලලු ඕක.. ටික වෙලාවක් යද්දි ඒ කිකිලිටත් ඇදුනලු චාන්ස් එක.. සෙත්ත පොච්චි.

දැන් ෆාම් එක අයිති මනුස්සයට මල මල් වත්තක් වෙල.. 84000 ටත් චුට්ටක් වැඩියෙන් තද වෙල දන්න කියන ශුද්ද සිංහලෙන් අම්ම මෝ නැතුව බනිනවලු...

ඔය සද්දෙට අපේ අලුත බැඳපු ජෝඩුවත් එලියට බැස්සලු... බැහල අර මනුස්සයගෙන් ඇහුවලු

" අන්කල්.. මොකද මේ කෑගහන්නෙ කියල..."

අන්කල්ට තවත් මලලු...

" කෑගහන්නෙ කෑගහන්නෙ උබල මේ එලිවෙන ජාමෙ වෙනකල් ඇහරෙගෙන අහවල් එකක්ද කරන්නෙ... "

කොල්ලත් බොහොම උජාරුවෙන් කෙල්ලගෙ කරට අතකුත් දාගෙන තුරුල් කරන් කිව්වලු..

" අන්කල්... අන්කල් අපි මේ ප්‍රේමයෙ පළ නෙලනව " කියල

අන්කල් කිව්වලු....

" තොපි දෙන්න ප්‍රේමයෙ පල බැරිනම් ඕනි එකක් නෙලාගනින් හැබයි මීට පස්සෙ ලෙලි එහෙම පහලට දානව එහෙම නෙමෙයි " 


කළුවගේ තනපට අහසටත් ඔය වගේ කතන්දරයක් තමයි...ඒක ඉතින් ඇත්ත සිද්දියක්

ඔය කතාව මතක් උනේ මූනු පොතේ තිබ්බ වීඩියෝ එකක් දැකල.... මෙන්න ලින්ක් එක...

Wednesday, September 14, 2011

ලේසියෙන් ජංජාලෙන් සල්ලි හොයන්න ගොස් අමාරුවෙ වැටීම....

Share
 
මේක උනේ මීට අවුරුදු 5 කට විතර උඩදි.. මන් කැන්ගරු ලන්තෙට පය ගහපු අලුත. ඔය වෙද්දි මට ජංජාලෙ ආගන්තුක තැනක්. මේකෙ තුල තියෙන ජල්තර සීන් වලින් බේරිල ජංජාලෙ පාවිච්චි කරන්නෙ කොහොමද කියන එක ගැන මට ලොකු දැනුමක් තිබුනෙ නෑ. හදිසියකට මේල් එකක් දාන්න ඇරුනම ජංජාලෙන් කොරපු දේකුත් තිබ්බෙ නෑ ඒ වෙද්දි.


මෙහෙට ආව අලුත රස්සවකුත් නෑ... ඉතින් රස්සවල් හොයන්න ජංජාලෙ පීර පීර එක එක ජොබ් වල ඇප්ලයි කොරා. ඔහොම රස්සවල් හොයන කාලෙ මගේ ඊ මේල් එකට ඇවිත් තිබුනා ඒ මේල් එකක්.

ගෙදර ඉදන් කරන්න පුළුවන් පාර්ට් ටයිම් ජොබ් එකක් ගැන. මාසෙකට $ 1200 + කමිශන් එකක් ලැබෙනවා දවසකට පැය 3 - 4ක් වැඩ කරහම කියල විස්තර වගයක් තිබ්බ. කැමතිනම් Resume එකක් ඊ මේල් කරන්න කියල... මටත් ඉතින් කිසිම අවබෝධයක් තිබුනේ නෑ මොකක්ද මේ කියල. ඉතින් මම ඊ මේල් එක්ක දැම්ම මගේ Resume එක දාල.

පහුවෙනිදම මට ඊ මේල් එකක් ඇවිත් තිබුනා එයාලගෙ ජොබ් එකට තෝරගන්නව.. ෆොර්ම් එක ෆිල් කරල ඇග්‍රිමෙන්ට් එක සයින් කරල එවන්න කියල. මමත් රස්සවක් නෙ කියල යැව්ව. ඕකෙ අහල තිබුන බෑන්ක් ඩීටේල්ස් එහෙමත්...

ඔන්න ඉතින් දින 2 කට විතර පස්සෙ මගේ පළවෙනි ජොබ් එක ඊ මේල් කරල තිබුනා...




First transfer was sent and here are the details:
Amount: $3,740
Buyer: ***
Item: ***

You should receive this transfer tomorrow. Keep 5% and transfer the
remaining through a western union location near you to: *** (first name)
***  (last name) in ***** (city) ***** (country). The
fees for transferring are to be deducted from the payment received. Once
completed the western union transferring agent will provide you with
reference numbers. State EUR as the currency to be available for pick up.

Once completed send us the first brief report stating:
Amount Received:
Commission 5%:
Fees:
Total Transferred to ***:
Reference Numbers for ***:

Confirm that you have received this email. Keep us informed.


මට තියෙන්නේ ඔය මුදල ට්‍රාන්ස්සර් කරන්න... ඒ වෙද්දි යාන්තමට මගේ මොලේට යමක් තේරිල තිබුනේ... මූට මගෙ අකවුන්ට් එකට දන්නෙ නැතුවම ඔය කියන අකවුන්ට් එකට ඕක කෙලින්ම දාන්න තිබුනා නේද කියල මට පොඩි සැකයක් ආව...

මේ දේ නොකල යුතුයි කියල මට හිතුනා... කෝකටත් කියල දැන් මේ සල්ලි ඇවිල්ලද බලන්න මම මගේ බෑන්ක් එකවුන්ට් එකට ලොග් වෙන්න ට්‍රයි එකක් දුන්නා...

හුටා මේ කෙලවිලා තොයෙන්නෙ. මගෙ අකවුන්ට් එක බ්ලොක් කරල... මෙසෙජ් එකක් එනවා කස්ටමර් සර්විස් කතා කරන්න කියල.


කස්ටමර් සර්විස් කතා කරහම උන් කියාපි මගේ අකවුන්ට් එක Possible Fraud එකක් සම්භන්දයෙන් සැක පිට නවත්තල තියෙන්නේ... මේ කියන ට්‍රාන්ස්ෆර් එක සැක සහිතයි ඒ ට්‍රාන්ස්ෆර් එක ගැන විස්තර සපයනකම් අකවුන්ට් එක block කරල තියෙන්නේ කියල...

ඒ අස්සෙ දැන් අරුන් ඊ මේල් එකක් එවල තවම ට්‍රාන්ස්ෆර් එක වෙලා නෑ ඒ සම්භන්දයෙන් ලීගල් ඇක්ශන් ගන්න කලින් වහාම ට්‍රාන්ස්ෆර් එක කරන්න කියල...

දැන් මම ෆුල් හොල්මන්... මම උන්ට මේල් එකක් දැම්ම සීඑන් එක කියල මට මේක ට්‍රාන්ස්ෆර් කරපු එකාගෙ Details ටික එවන්න බෑන්ක් එකට දෙන්න කියල...

සද්දයක් නෑ...

පස්සෙ මම බෑන්ක් එකට කතා කරල සීන් එක කිව්ව මෙන්න මේකයි කියල.. ඊ මේල් ටිකත් ප්‍රින්ට් කරල ගෙනිහින් දුන්න. ඒත් උන් පිලිගන්නෙ නෑ උන් අවසාන තීරනය උනේ ඒ බැංකුව මගෙත් එක්ක කිසිම ගනුදෙනුවක් මින් පසු නොකරන බව... දින 14 ක් ඇතුලත මගේ සල්ලි ( අරුන් එව්ව මුදල නැතුව ) ගන්න පුළුවන් කියල ලියුමක් එවල තිබ්බ.

මොනව කරන්නද... මම මගේ සල්ලි ටික අරන් වෙන බැංකුවක දා ගත්ත. ඒත් ලොකු හානියක් නොවී එය එහෙම වුන එක ගැන මම අදටත් සතුටු වෙනවා...

මොකද ඒ බැංකුව එදා එහෙම මගේ අකවුන්ට් එක බ්ලොක් නොකරනම් මම ලොකු අමාරුවක වැටෙනව කියල මම තේරුම් ගත්ත. පස්සෙ මම ඔය වගේ ජංජාලෙ හරහා වෙන මගඩි ගැන සෑහෙන විස්තර හෙව්ව. ඒ ඉගෙන ගත්ත පාඩම නිසා ජංජාලෙ තුල වගේම එදි නෙදා ජීවිතයෙත් මුහුන දෙන්න වෙන වංචා කරුවන් ගැන ලොකු අවබෝධය ලබාගන්න පුළුවන් උනා...

මෙන්න මේ සයිට් එකේ කැමති නම් ඔය වගේ SCAM ගැන ලොකු විස්තරයක් තියෙනවා... www.scamwatch.gov.au



ජංජාලෙ තුලින් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම ඇති ඕනි තරම්... ඒත් මම නම් දන්න තරමින් තියෙන්නේ Adsense හා Forex විතරයි. ලංකාවෙ නම් පුළුවන්ද දන්නෙ නෑ... වීඩියෝ එහෙම හදල U ටියුබ් දාල ඒ හරහා ඇඩ්සෙන්ස් එකෙන් හොඳ ආදයමක් ලබන කිහිප දෙනෙක් ම මම දන්නවා...  Forex උනත් නොදැන කරොත් නන්නත්තාරම වෙලා යන සීන් එකක්...

කොටස් වෙළද පලේ ආයෝජනය කරල කොටස් මිලට ගන්න විකුනන්න පුළුවන් අන්තර්ජාලය හරහා... ඒක Forex වලට වඩා හොඳයි මම දන්න ආකරයට. ඒත් ඉතින් දැන් නම් කොළබ කොටස් වෙළද පලත් එක්තරා ආකරයක සූදු පොළක් නිසා හුඟක් පරිස්සම් වෙන්න ඕනි....

එහෙනම් නැවත් හමුවෙමු...

Monday, September 12, 2011

ඒ කාලේ ගහපු computer ගේම්ස්... අවුස්සමුද ඒ මතකය...

Share


පුංචි කාලේ ගහපු ගේම් ඒ කියන්නේ කම්පීතර ගේම් ගැන කොටල දාන්න හිතුනා...  ඒ කාලේ බලපු ටි වි සීරිස් ගැන ලිව්ව මතකනේ කට්ටියට... අන්තිමට ඔශීන් එහෙමත් හොයාගෙනනේ ඒ පෝස්ට් එක නැවතුනේ... මේකෙන් මොන උලව්වක් වෙයිද මන්ද... හික් හික්..

කම්පීතරේ ගැන මට මුලින්ම මතකයක් තියෙන්නේ අපේ අර ගන අයිලගෙ අයියා ගෙනාපු කම්පීතරෙන්... ඒක ඩොස් තිබ්බ කම්පීතරයක්... පරණ එකක් කොහෙන් හරි උස්ස ඇවිත් තිබ්බෙ... මේ කියන්නේ 1998 විතර... ඕක ගෙනාවට ඕකෙන් කරන්න දෙයක් උන් දැනන හිටියෙත් නෑ ඒ කාලේ. අන්තිමට සෙට් උනා ගේම් එකක්.. ඒ කම්පීතරේ කැඩෙනකම්ම කලේ ගේම ගැහිල්ල විතරයි.

ඕකෙන් ගහපු ගේම් වලින් මතක තියෙන්නේ සහ වැඩියෙන්ම ගහපු ගේම තමා ප්‍රින්ස් ( Prince ).

මොකුත් නෑ ඔන් කරා 


cd prince

prince

ගැහුවා ගේම එක ගැහුව. තියෙන තැන මොකෙක් හරි වෙනස් කරා නම් ගහල හමාරයි. ඒක වෙනස් කරන්න දන්න එකෙක් හිටියෙත් නෑ මතක විදියට හික් හික්... ලෙවල් 6 වලද කොහෙද තඩි මිනිහෙක් එනව කඩුවකුත් අරන්... ඌව පරද්දන්න බෑ මට මොනා කරලවත්... ඉතින් උන්ගෙ අක්කට කෑ ගහනව...

" ඒ අක්කේ... ලෙවල් 6 එකේ මූව මරල දෙනෝකො... "

ඒකි ඉතින් ඇවිත් සිං සිං ගාල කඩු ෆයිට් පාරෙන් ඌව ඩව්න් කරනව...  ගේම එකේ තියෙන්නේ කුමාරිව හොයාගෙන යන සීන් එකක්. පැයක් ඇතුලත කම්ප්ලීට් කරන්න ඕනි. ගෙදරට එන එන එකා ඒ දවස් වල ප්‍රින්ස් තමා ඉතින්. ඒත් එකෙක්ටවත් ලෙවල් 13 න් එහාට යන්න උනේ නෑ... මාස ගානක් ට්‍රයි කරා.. අන්තිම වෙද්දි පැ‍ය භාගෙන් ලෙවල් 13 වෙනකල් යන ගානට ආව. එතනින් යන්න හොයා ගන්න බැරි නිසා සිය වතාවක් ඌව මර මර උන්නා...  බැරිම තැන අත ඇරල දැම්ම. ( හරිනේ කලා... ඔන්න ප්‍රින්ස් හොයා ගත්ත.. දැන් ඉතින් තව පැය ගානක් විනාශයි. )







ඊට පස්සෙ සෙට් උනා කාර් ගේම් එකක් ලෝටස් කියල... ඒක ප්‍රින්ස් තරම්ම නැගල ගියේ නෑ... ඒත් කාලයක් ගැහුවා... ඊට පස්සෙ එක එක පොඩි පොඩි ගේම් සෙට් උනා ( ඩේන්ජරස් ඩේව් සුපර් මරියො වගේ තව කිහිපයක් තියෙනව ) ... එහෙන්මම උන්ගෙ කාර්ය බහුලත්වයත් එක්ක ගේම ගැන ආසව නැති වෙලා ගියා...

ඒ කාලේ අනුන්ගෙ කම්පීතරයක් අල්ලන්න දෙනවය ලේසියකට.. පිරුවට දාල දුම් අලල්ල නොවැ තියාගන්නේ.. අපේ ගන අයියටයි උගේ අය්යටයි මම මොනා නැතත් ඒ දේට සලකනව.. උන් දෙන්න ඕනි වෙලාවක උන්ගෙ කම්පීතරේ දුන්නා බයක් නැතුව. කම්පීතරේ "අ" යන්න ඉගෙන ගත්තෙ උන්ගෙන් තමයි....  කම්පීතරේ තියෙන්නේ " ක " යන්නද මන්ද.... එහෙමත් එකෙක් ගාව තමා තිබ්බෙත් කම්පීතරයක්. අපේ ඔය නැන්ද කෙනෙක් ගෙ ගෙදරකට ගෙනවා එකක් මම ඕලෙවල් කාලේ. ඒ කාලේ හැටියට සුපිරියි.





අපිට නම් ලංවෙන්න ඒ කියන්නේ කී බෝර්ඩ් එකවත් අල්ලන්න නො අවසර. එහේදි දැකපු ගේම් එකක් තමයි වර්චුවල් කොප් ( Virtual cop ). එහේ අක්කල දෙන්න ඉතින් එක ගහනව අපිට පේන්න. අපිත් ඉතින් අර උපාසක අම්මල පෙරහැර බලනව වගේ බලන් ඉන්නව.

කොහොමින් හර් උසස් පෙළට සෙට් උනාට පස්සෙ ගෙනාව අපේ ගෙදරටත් කම්පීතරයක්.   600 MHZ.. 128 MB RAM... 20 GB HD.. ඔව්වා තමා තිබ්බේ. ඒ කාලේ හැටියට සෑහෙන ගොඩ. 


ඕකෙන් කරේ ගේම් ගැහිල්ලයි ගන බැලිල්ලයි තමා. ඊට ටික කාලෙකට පස්සෙ ඕක පොඩ්ඩක් අප්ග්‍රේඩ් කොරා... 800 MHz 256 MB වගේ මතක... ඒක තමයි ඉතින් යල් පනිනකල් හෙවත් ලංකාවෙ එනකල් පාවිච්චි කරේ.

අර කිව්ව වර්චුවල් කොප් (virtual cop )


ඒජ් ඔෆ් එම්පයර් 2 ( Age of emperor 2 ) 

නීඩ් ෆො ස්පීඩ් 2 , 3


නීඩ් ෆො ස්පීඩ් 5 ද මන්දා  Porsche Unleashed කියන්නේ ඒත් අමාරුවෙන් ගැහුවා...  ස්පීඩ් මදි මැශින් එක ඒ ගේම් එකට

  
 ඊට අමතරව strategy ගේම්ස් එහෙම කිහිපයක්ම ගැහුවා... නම් නම් මතක නෑ..



ටූම් රේඩ් අර සෙත් ගෙ සීන් එක.. ( Tomb Raider last revaluation )

ඕක ගැහුවෙ 2005 විතර... කොළබ ගියහම ඉන්ට නෙට් කැෆේ එකකින් ගේම් එක ගහන හැටි යන හැටි පේජ් පිටින් කොපි කරන ඇවිත් තමයි ගහන්නේ... සැහෙන දවසක් ගැහුව ඕක... අපේ තාත්ත කියන්නෙ නම් නෝන පන්නනව කියල ඒකට හික් හික්... 





ඒ ලෙවල් කාලේ අපේ ස්කෝලෙ කම්පුටර් ලැබ් එකේ කොල්ලො පිස්සුවෙන් වගේ ගහපු ගේම් එකක් තමයි කමාන්ඩෝස් ( commandos )... කට්ටිය පිස්සුවෙන් ඒ කාලේ ඒ ගේම් එක ගැහුවෙ.. කව්දෝ එකෙක් නෙට් එකෙන් පාස් වර්ඩ් වගයක් ගෙනත්.. ඒ කාලේ නෙට් තියෙන්නෙ එහෙමත් තැනක තමයි...
ගාල්ලෙ ඉන්ටනෙට් කැෆේ එකක් තිබ්බෙත් නෑ... මට මතකයි මගේ ඕ ලෙවල් රිසල්ට්ස් බලන්න රුපියක් 60 ක්ද කොහෙද ගියා ඒ කාලේ නෙට් එකෙන්... හික් හික්...

පස්සෙ වනියා ඔය ගේම් එකේ කොපියක් උස්සන් ඇවිත් අපේ ගෙදර දැම්ම. ඒ දවස් වල මම ස්කෝලෙ යන්නෙ නැත්තම් ඌත් යන්නෙ නෑ. අපේ ගෙදර ඇවිත් කමාන්ඩෝස් ගහනවා... ලෙසට යනව සීන් එක.. ඇයි ඉතින් වෙඩි නොවදින පාස් වර්ඩ් දාලනේ... නැතුව නම් ඒ ගේම් එක ගහන්න බෑ... මාත් ඉවරයක් ම කලා.




ඊට අප්ස්සෙ අපේ ගයාන් පවනයටත් කම්පීතර සෙට් උනා... ඒ කාලේ හිට් එක තමයි මැක්ස් පේන් ( Max Payne )... හප්පා.. කොල්ලො නිදි මරන් තරගෙට ගැහුවෙ. චීට් මොකුත් නෑ ලෙසටම ගැහුවා... ගයාන්.. පවන් උන්ගෙ අයියා.. එතකොට උන්ගෙ ගෙවල් ගාව සෙට් එකක්.. අපේ ගන අයියා...( ඌ තමයි ගේම් එක අඳුන්නල දුන්නෙ අපිට ) වනියා ඇතුළු බර සෙට් එකක් ඒ ඒ තැන් වලට සෙට් වෙලා ගේම ගහනව... මාස 2 - 3 ක් යද්දි ඉවරයක් උනා ඒ ගේම් එක... ඊට පස්සෙ එකෙ පාර්ට් 2 එකත් ආව. ඒක නම් අල්ලල ගියේ නෑ...

ඔයිට අමතරව එක එක පොඩි පොඩි ගේම් එක එක කාලෙට ගැහුව... ඒ තරම්ම නැගල ගියෙ නෑ.. ඔය කාලෙම ගාල්ලෙ අන්නසි කඩේ උඩ ගේම් රෙන්ට් කරන ශොප් එකක් දැම්ම.. තාම තියෙනව මයෙ හිතේ. කොල්ලො ඕකෙන් තමයි ගේම් අරන් ගියේ ඊට පස්සෙ. පට්ට බිස්නස් එකක් සෙට් උනා ඌට එකේනෙ.

අහ් තව ඒ ලෙවල් පාඩම් කරන කාලේ රෑට මායි ගයානයි මල්ටි ප්ලේයර් දාල නීඩ් ෆො ස්පීඩ් ගහනව. මතක හැටියට  NFS Underground කොහෙද...



ම්ම්ම් අපි සෙට් එකම ඒ තරම්ම ගේම් පස්සෙ එලෙව්වෙ නෑ... අහිංසක විදියට ගනයක් බලල.. කෙල්ලෙක් යාළු කොරන් ඉන්න එක තමයි ඉතින් කරේ... ඔය ගේම් සෙට් එක තමයි මතක තිබ්බේ...

මෙහෙට ආවට පස්සෙ ගහපු ගේම් 2 ක් තමයි.. නීඩ් ෆො ස්පීඩ් මෝස්ට් වෝන්ටඩ් එකයි ( NFS Most wanted ) ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ ( GTA 4 ) එකයි.. ( අන්තිමට ආවෙ.. ) සල්ලි සල්ලි නොකිය ඔරිජිනල් ම අරගත්තා... ඒ අරගෙන අවුරුද්දක් විතර ඔය කොහෙද දාල තිබිල තමයි නීඩ් ෆො ස්පීඩ් ගහන්න ගත්තෙ... ග්‍රෑන්ඩ් තෙෆ්ට් එක නම් ගෙනාපු දවසෙම ගහන්න ගත්ත.. වෙලාවක් නැති හින්ද ඒකත් එහෙම්ම අතෑරුනා... ඒ කිව්වම මතක් උනේ අපේ බප්පලහ තිබ්බ සුපිරි කම්පීතරයක් ඒ කාලේ. එකෙ ග්‍රෑන්ඩ් තෙෆ්ට් ( GTA 3 හරි Vice city හරි මතක විදියට  ) ගහන්න යනව මම කොළබ ඉන්න කාලේ. පොඩි එකා ( මලය ) ඌ චීට් හොයන් එනව... ඉවරයක් වෙනකල් නම් ගැහුවෙ නෑ... 






ඔය ඔක්කොමත් හරි මගේ ඔල් ටයිම් ෆේවරිත් තට්යි වින්ඩොස් වල තියෙන පින් බෝල්... හික් හික්.. කාලයක් අර අරේ මරේ සැට් එක අහන ගමන් ඕකමයි ගැහුවෙ... තාමත් ඉදල හිටල සෙල්ලම් කරනව...

ගේම් ගහන කස්ටියත් එක්ක බලද්දි මම ගේම් ගහලම නෑ වගේ නේ හික් හික්.... සමහර කොල්ලො ඉන්නව උන් කන්නෙ බොන්නෙ ඇවිදින්නෙත් ගේම් වල විදියටනේ හික් හික්...


අවුස්සමු බලන්න තම තමගෙ මතකයත් ඉස්සර ගහපු කම්පීතර ගේම් ගැන...

Wednesday, September 7, 2011

සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 3 ( අවසානය )

Share
මුල් ටික නොබලපු අයට...

සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 1 

සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 2


දැන් ඉතින් සංකයා ඔතනවා ඔතපු එක වටේ යනවා එහෙමම ඒක ඉවර උනා... වනිය නම් ඔව්වට නෑනේ... අනික් එව්වො අරූ ඔතන එව්ව ඔක්කොම ඉවර කරන්න උදව් කරා හොඳ නෑනෙ මහන්සිය අපතෙනෙ කියල... දැන් අරූ බුදු බොක්ක සංකගේ දැන් රෑට අපිත් එක්ක බොන්නත් සෙට් වෙලා පොර...


ඔය ඉන්න ගමන් වත්තෙ මහත්තැන්ට උගේ යාළුව පොඩි සද්දයක් දානවා... අපේ එක ලඟදි කොහෙද ගිහින් බීල ඔෆිසර්ස් ල වගයක් එක්කද කොහෙද...

" මේ උබ ඔය එහෙ මෙහෙ ගිහින් බොන්න එපා බන්... නෝන්ඩි නේ... උබ එදා ගිහිල්ල ගහල තියෙන්නෙත් රවුම් බෝතල් නේද... චාටර් නෙ බන් රවුම් බෝතල් ගහන්නේ උබ.. "


මෙලෝ දෙයක් නොදැන කතාවට සැට් වෙලා හිටි සංකය එක පාර මාරු උනා ඔය කතාවත් එක්ක...


මට තේරුනේ නෑ අරූගෙ රවුම් බෝතල් ටෝල්ක් එක ඒක නිසා මම...


" මොකක්ද බන් රවුම් බෝතල් සීන් එක ? "

" නෑ බන් මෙහේ මේ වතු වල වැඩ කරන එව්වො ගහන අරක්කු එකක් තියෙනවා.. ඒකට උන් කියන්නෙ රවුම් බෝතල් කියල.. ගානත් අඩුයි ජරාවක් හැබැයි...  මූ මේ එව්වත් ගහන්න ගිහින්නේ.. තත්වෙ තිය ගන්නෙ නැතුව.. "


( ඒක ඇවිල්ල කසියා නෙමෙයි... බාර් වල විකුනන එකක්...නම හරි එක මට මතක නෑ බොල... )


කොහොමින් හරි ඒ සීන් එක හෙවත් මල් චැප්ටර් එක ඉවර කරල ගෙදර ගියා බෝතල් චැප්ටර් එක පටන් ගන්න... හපුච්චේ... අප්පුවා...


කෝප්ප තියලා බයිට් හදල.. පුටු රවුමට තියලා...ආයෙ නිකන් වාඩි වෙලා බොන්න තියෙන්නේ...


ඒ උනාට බොන්න එව්වො නෑ... අමිලය ගත් කටටම.. "  මට බෑ බන් අද... "


ගයානුයි මායි බියර් දෙක කඩව ගත්ත අප්පුවට කියලා..


මල ගෙනාපු වත්තෙ මහත්තැන්ගෙ යාළුවත් මචන් දැන් බොන්න බෑ බන්.. අව්ලක් නැ උබල ගහපන්... සීන් එකේ...


වනිය සුපුරුදු ලෙස " මොන ප**** යකෝ.. ඕක නොබී ඉන්න බැරිද උබලට "


අපේ වත්තෙ මහ්තයත් " වැඩිය බොන්න බෑ බන් එක ශොට් එකක් දාමු.. "


සංකය සද්ද නෑ... බෝතෙල් කඩල මැදින් තිබ්බ... ඔන්න ඉතින් වැඩේ යනව....
සංකය විතරක් බොනව පේනවා... අනික් එව්වො කතාව... ටිකකින් අර වත්තෙ මහත්තැන්ගෙ යාළුවා ( ඌට මෙතන සිට මල් මහත්තයා ලෙස යොදන්නට තීරනය කලෙමි හික් හික් )


" මචන්ලා එහෙනම් මම ගිහින් එන්නම්.. පස්සෙ සෙට් වෙමු... " කියාගෙන ඌ ගියා...


ලෝක මහා සංග්‍රාමයේ.. නෑ නෑ මල්වර මඟුලේ ආරම්භය... අපේ එකා වැඩිවියට පත්වෙන ලකුණු ඔන්න පෙන්නුම් කොරන්න පටන් ගත්තෙ මල් මහතැන්ගෙ පිටවීමත් එක්ක...




" තොපි තොපි මෙහෙ දියව් තොපේ බියර් දෙක... "


කියල මගෙයි ගයාන්ගෙයි බියර් දෙක ඌ අරගෙන පුටුව යටින් තියා ගත්තා...

" යකෝ අර අරූ මෙතන අපිව චාටර් කරල දාල ගියා තොපි තොපි ගෑනු වගේ බියර් බොනවා... මූ මූ හැමදාම එක එකත් එක්ක බොන එකා.. මූ අද බොන්නෙම නෑ... "


ලොවක් නැතුව අපිට බනිනවා...


අපිටත් හිතා ගන්න බෑ ඇයි දැන් මේ මූ අපිට බනින්නෙ කියල..


" මොකද යකෝ ? "


" ඇයි බන් මුගේ යාළුවා... ඌ ආවෙ මෙතන බොන්න.. ඌ හිතුවෙ උබල රට ඉදන් හොඳ බ්‍රෑන්ඩ් එකක් ගෙනත් ඇති කියලා... ඌ දැක්ක රවුම් බෝතලයක් උගේ හිත වෙනස් උනා... "

" මේ මොනවද බන් මූ කියන්නේ ? "

" ඇයි යකෝ ඌ කිව්ව ඌ රවුම් බෝතල් ගහන් නෑ කියලා.. ඌ කලේ චැලෙන්ජ් එකක්... මම හිතා ගත්තා ඌ නොබිව්වට මම තනියම හරි මේක ඉවර කරනව කියල... "


ආදී වශයෙන් නා නා ප්‍රකාර කතා කියනවා...


කෙටියෙන්ම කියනවනම් සංකයා අහන් හිටියෙ රවුම් බෝතල් කතාවෙන් භාගයක් නිසා ඌ හිතල තියෙන්නේ අරූ ලෝකල් බ්‍රෑන්ඩ් නොගහන ඩයල් එකක්.. අපි ලෝකල් එකක් බොන නිසා ඌ නොබිව්වෙ.. ඌට රිදෙන්න අපි අපේ බෝතලේ ඉවර කරන්න ඕනි වගේ අදහසක්...


කොච්චර කිව්වත් මූට සීන් එක තේරුම් කරන්න බෑ... වයිට් බීපු නාලගිරි ඇතා වගේ මූ.. මඳන ඇතුන් නෙලුම් හුයෙන් නවතන්නද කියලා අපිත් දැන් මුගේ කතාව අහන් ඉන්නවා...


කොහොමින් හරි මූ මේ තත්වෙන් බෝතලේම ගැහුවොත් ලෙඩක් නිසා ගයානයත් එහෙන් මෙහෙන් සෙට් උනා උගේ රවුම් බෝතලේට... කොහොමින් හරි බනින ගමන් ටාර්ගට් එක හෙවත් මල් මහත්තයගෙ චැලෙන්ජ් එක දිනුම්...


කොහෙද... ඉවරයක් නෑ මූ බනිනවා.. ඒ අස්සෙ අර පුටුව යටින් ගත්තු බියර් බෝතල් 2 කත් එහෙන් මෙහෙන් දා ගත්තා... දැන් සංකය ෆුල්... වැටෙන්න ඔන්න මෙන්න ගහෙන්...  

මල + රවුම් බෝතල් + දුම + බියර් = විනාශයක් කියල අමුතුවෙන් කියන්න ඕනිය...


" මචන් මම මම බිව්වෙ උබල වෙනුවෙන්... උබලගෙ ආත්ම ගරුත්වය රැකගන්න... යකෝ අර කව්ද එකෙක් ඇවිත් චැලෙන්ජ් කරල ගියා.. උබල ට ගානක් නෑ... උබල සතුටු වෙයන් මම උබලව බේරගත්ත... "


ආදී වශයෙන් කතාව ටික ටික අඩු වීගෙන ගියා.. 



" මචන් මට .. "

" මූ මේ කබරයෙක් දාන්න බන් යන්නෙ.. උස්සහන් ඕක පුටුව එක්කම එලියෙන් තියන්න.. "


කියල අමිලයයි වනියයි පුටුව පිටින්ම උස්සන් ගියා මූව.. කොහෙද ගේ දොරකඩට යද්දිම මෙන්න " බෝක්... " ගාල දැම්ම...


" ඔන්න අපි වෙනුවෙන් කබරයත් දානව... "


ඒ අස්සෙ ගයානය කොහෙන්දො මන්ද කැමරාවක් උස්සන් ඇවිත් වීඩියෝ කරනව වෙරි මර ගාතෙම...


එක පාරටම අමිලය...


" අනේ දුවේ... උබ ලොකු ළමයෙක් වුනා නේද දුවේ... සන්තෝසයි දුවෙ... "


කියාගෙන උගේ මල්වරය ට මුල් වෙඩිල්ල තිබ්බ...


" දුවේ... දැන් ඉතින් පරිස්සම් වෙන්න ඕනි දුවෙ... කඩාගන්නෙ එහෙම නේ දුවෙ... "

" මේ මට ඉන්න දියන් යකෝ.. "

" අනේ දුවේ.. සෙල්ලම් නෙමෙයි දැන්... ගෙට වෙලා තැන්පත්ව ඉන්න ඕනි දුවේ.. "


අමිලය නවත්තන්නෙම නෑ...


කොහොමින් හරි ටිකක් ඉදල දැන් මූව හෝදන්න එපැයි...

" එහෙනම් දුවේ... දැන් නැකත හරි... උබව නාවල ගෙට ගන්නයි තියෙන්නේ... වරෙන් දුවේ නාවන්න.. "


අමිලය රස දෙනව...


ඔන්න දැන් මූව බාත් රූම් එකට ගෙනිහිල්ල... නාවන්න විදියක් බැලුව... ඒකෙ බාත් ටබ් එකක් තියෙන්නේ.. ටබ් එකට තමා ශවර් එක සෙට් වෙන්නෙ...


" අඩේ ඕකව ඔහොම තියල නාවහන් බන්. මොකෝ ටබ් එකේ බස්සන්නය... "

දැන් මූව ටබ් එක ගාව හිටවල නාවන්න කතාව

" ඔව් ඔව් අවුලක් නෑ... ඔහොම නාවහන්.. ඔතනින් වතුර බහිනව.. " වත්තෙ මහත්තයත් බීල...


" මෙතනින් කොහෙටද බන් වතුර යන්නෙ ? "

" ඔය ජනේලෙන් බන්.. ජනේලෙන් වතුර බහින්නේ.. අවුලක් නෑ නාවපන්.. "


හික් හික් රස ලෝකයක්.. " ජනේලෙන්.. ? තොට පිස්සුද බන්.. ? "

" අහ් නෑ නෑ.. ජනේලෙ ගාවින් වතුර බහිනව.. නාවපන්කෝ.. "

" මූව නාවන්න භාජනයක් ගෙනෙන්.. "


අහ් හිටපන් හිටපන්.. කියල ඌ දුවල ගිහින් අර අරක්කු බෝතලේට වතුර එකක් අරන් ආවෙ නැතෙයි මූව නාවන්න..


" යකෝ අරක්කු බෝතලෙන් පුළුවන්ද බන් මූව නාවන්න.. ලොකු භාජනයක් ගෙනෙන්.. "

" මේ මේක හරියන්නෙ නෑ බන්... ඔන්න ඔහේ ටබ් එක ඇතුලෙම දාල ශවර් එකට අල්ලමු... " 

සිහි බුද්දියෙන් ඉන්න වනියගෙ යෝජනාවට පිටින් කවුරු යන්නද....

" ඔන්න ඔය පුටුව පිටින් අල්ලහන් ටබ් එකට... " දැන් වැඩිවියට පැමිනි කුල කුමරිය ඉන්නව පුටුව උඩ වාඩි වෙලා ටබ් එකේ... රෑ 12 ට විතර අයිස් වගේ වතුරෙන් දැන් මූ නානව... අරූ ගෙනාපු බකට් එකෙන් ඒ අස්සෙ වතුරත් ගගහ හෝදන්නෙ දැන් මූව...

" යකෝ ලොකු ළමයෙක් නාවද්දි කියන ගාථාව මොකක්ද බන්.. "

" භවතු සබ්බ මංගලම්... වෙන්න ඇති නේ බන්.. "

" එහෙනම් කියහන් ඒක.. "

කට්ටියම භවතු සබ්බ මංගලම ගයනව..

" භවතු සබ්බ මංගලම්... සබ්බතු රක්ක දේවතා....... "

ඒ අඩේ අර ස්කෝලෙ ඇරෙද්දි කියන්නෙ මොකක්ද බන්...

" අහ් යෝවාද තම්පාව... ඒකත් කියපන්... යෝවාද තම්පාව රෝමානු යේසු..."


" ඒ ශ්‍රී ලංකා මාතත් කියපන්.... " 

ඔක්කොම කියන ඕනි එව්ව කියනව කට්ටිය... ගහෙන් වැටුනු එකත් ඉන්නව ඌට සිහියක් පතක් නෑ...


" ඇති ඇති යකෝ දැන් මූට සීතල අල්ලල මැරෙයි ටව්ල් එකක් ගෙනෙන්... "

" පොඩ්ඩක් හිටහන්.. වත් පිළිවෙත් කරන්න ඕනි... ලොකු ළමයට.. " කියල වත්තෙ මහත්තය...

" අප්පු... ඒ අප්පු.. "

" මාතිය.. "

" ඒ ගිහිල්ල පිච්ච මල් ටිකක් ගෙනෙන් බන්... "

අප්පු යනව රෑ 12 ට පිච්ච මල් ගේන්න... අප්පු මල් හොයන අල්ල පනල්ලේ දැන් සංකයව එලියට අරගෙන ටවල් එකකීන් එහෙම පිහිදාල... එද්දි ආයෙ කට පන ගහන් එනව...

" මේ මට ඉන්න දියල්ල හරි... "

" හරි හරි ඉතින් ඉදහන්... "

ඒ අස්සෙ අරූ සුදු රෙද්දකුත් ගෙනත්.. " ඒ මේකෙන් මූව වහන් යමන්... "

සංකයගෙ විරෝධය කටින් විතරයි.. ඇඟට පනක් නෑ... අප්පුවත් දස්සය...  විනාඩි 5 ක් ගියේ නෑ මල් ටික ගෙනවා...



දැන් ලොකු ළමයට සරමක් අන්දල අර රෙද්ද ඔලුවට දාගෙන එලියට ගේනවා... ඒ අස්සෙ වත්තෙ මහත්තය පිච්ච මල් ටික වතුර කෝප්පෙකට දාගෙන බාත් රූම් එකේ දොර ලඟ...

" ඒ මේකත් බීහන්... "

පිච්ච මල් වතුර එක පොවාගන්න බැරි උනාට ලොකු ළමයව රෙද්දෙන් වහන් කාමරේට ගෙනියන්න කට්ටියට පුළුවන් උනා...

ඒ අස්සෙ අප්පු ඇවිල්ල අමිලයගෙන් අහනවලු..

" මාතියා.. මාතිය පිච්ච මල් වලට වෙරි බහිනව ? "

" කව්ද අප්පු එහෙම කිව්වෙ ? "

" නෑ අර අපේ මාතිය පිච්ච මල් ගේන්න කිව්වෙ ? "

අමිලයට සීන් එක මීටර් වෙලා තියෙන්නෙ එවෙලේ..

" අහ් ඔව් ඔව්.. " කියාගෙන ඌ ශේප් වෙලා.. අප්පුව ඊට පස්සෙ බීපු එව්වොන්ට පිච්ච මල් පෙව්වද දන්නෙත් නෑ... හික් හික්...


කාමරේට ගෙනාවට පස්සෙ අරූ ආයෙම බනින්න ගත්තා...

වෙනසක් නෑ... කොල්ලෙක් චැලෙන්ජ් කරා... අපි චැලෙන්ජ් එක බාර ගත්තෙ නෑ.. ඌ අපි වෙනුවෙන් බිව්වා... ආදී එකම ට්‍රැක් එක 10 පාරකට වඩා කියනවා...

ඒ අස්සෙ..

" මූ මූ අර කැන්ගරු ලන්තෙ එක එක ප*** එක්ක බොනවා.. අපිත් එක්ක තමා බොන්න බැරි.. "

ගයානුත් ඌව ෆොර්ම් කරන්න

" ඔව් බන් මූට.. "

" උබ කටවහපන්.. උබත් අර බියර් එකක් ගෙනල්ල... යකෝ අර කොල්ලෙක් ඇවිත් චැලෙන්ජ් කරා.. " කියල ආයෙම ට්‍රැක් එකට එනවා...

" අමිල.. මූ මූ ගමේ එකා.. මුන්ගෙ අම්ම මට මූව බාර දුන්නෙ බලා ගන්න... මූ බිව්වෙත් නෑ.. "

ඒ අස්සෙ වනියත් ෆෝම් වෙනවා...

" යකෝ මුන්ගෙ අම්ම මූව උබට බාර දුන්නා.. උබ එහෙව් එකාට පොවන්න යනවනේ.. "

" යකෝ මට බැරිනම් ඌට හරි පොවන්න එපැයි.. අර අර අරූ චැලෙන්ජ් කරා.. " බැක් ටු ට්‍රැක්..

කොහොමින් හරි ලොකු ළමය නිදා ගත්තා... 




උදේ දැන් සිහිය ඇවිත්...


ඒ අස්සෙ මූව වහන් ආපු සුදු රෙද්දෙ කොහෙන්දෝ මන්ද ගෑවිච්ච ලේ පැල්ලමක්... ( වත්තෙ එකා නම් කියන්නේ උගේ යාළුවෙකුයි උගේ කෙල්ලයි ආව දවසක ඇඳේ තිබ්බ රෙද්දලු.. අනේ මන්දා.. )

ඕක දැක්ක අමිලය ෆෝම් උනා ආයෙම.. ඩබල් ඇක්ටින්.. ( මෙව්ව ඔක්කොම වීඩියෝ වෙනවා ගයානයගෙ කැමරාවෙ.. )

" අනේ දුවේ... උබ මොකක්ද දුවේ මේ කර ගත්තෙ ? " ලොකු ළමයෙක් උන දවසෙම කඩා ගත්තද දුවේ.. ?? " කියාගෙන විලාප දෙනවා...

සංකය මුවින් නොබැන ඉන්නව නෝන්ඩි වෙන නිසා...

" දුවේ... කව්ද දුවේ උබට මේ අපරාදේ කලේ.. අනේ දෙයියනේ ලොකුළමයෙක් උන දවසෙම ඇයි දුවේ මේ වගේ දෙයක් කර ගත්තෙ ? දැන් කොහොම ද දුවේ අපි රට්ටුන්ට මූන දෙන්නේ "

රස ලොවයි...

ටිකකින් මූ දැන් වග කිව යුත්ත වෙලා කැඩිල්ලට.. මූ සංකයටලං වෙලා..

" ඔයා ඔව්ව ගනන් ගන්න එපා සුදූ... ඔව්ව ඔහොම තමයි.. " හික් හික්...

ඒ අස්සෙ ඌට සින්දුවකුත් මතක් වෙලා...

" සුදු පිරුවටයයි මංගල යහනයි.. කඳුලින් තෙමනු එපා... ඔබේ නිදොස් බව ලොවට කියන්නම් මට දොස් නගනු එපා... මට දොස් නගනු එපා... "

කියන ගමන් මූ අර ලේ පැල්ලම උස්ස උස්ස පෙන්නනව...

" සාගරයට වැඩි ආදර හිත ලඟ අපි ළදරුවන් වගෙයි.. අපේම ලොව තුල තනි වූ දා අප දුර නොබැලුවේ ඔබයි... දුර නොබැලුවෙ ඔබයි.. "

" නෑ සිය මිතුරන් මගෙ දෙගුරුන් හෙට වරද ඔබෙන් විමසයි විමසන වදනට දෙන්නට පිළිතුරු තවමත් සිත සසලයි... "

ස්කෝලෙ යන කාලේ පට්ට ගහපු හින්දද මන්ද ඌට සින්දුවම මතකයි...
කොහොමින් හරි ඔය ට්‍රිප් එකේ දෙවැනි දවස් හෙවත් ඉරිදා.. ගෙදර එන්න හිටිය දවස.. කොහේ එන්නද මේ ආතල් එක්ක.. අනික ලොකු උනු ගමන් අතවරයකට ලක් වුනු දැරියෙකුත්.. එක්ක.. හික් හික්...

ට්‍රිප් එක ඉස්සරහට ගියා කන්දකුත් නැගල වෙරි පිටම... සංකයගෙ මල්වරය ෆුල් සීක්‍රට් වීඩියෝ එකක් විදියට අවුට් උනා.. වීඩියෝ එකේ පිච්ච මල් වතුර බොන දර්ශන එහෙම ඉතින් වනියව දම්මල කැමර ට්‍රික්ස් වලින් කවර් කර ගත්තා... දන්න තරමින් කොපියක් තියෙන්නේ ගයාන් ගාව විතරයි... හික් හික්...

ඔන්න ඔහොමයි අපේ සංකය වැඩිවියට පැමිනුනේ...


ට්‍රිප් වලින් පට්ටම ට්‍රිප් එක... ආයෙ කන්නද බොන්නද සියල්ල අතට පයට.. ඕනි වෙලාවක... ඒ අප්පු නම් එළකිරි ඩයල් එක... ඒ මිනිස්සු පුරුදු වෙච්චි හැටි... තාමත් ඉස්සර තරම්ම නැතත් උඩහ පැත්තෙ වත්තෙ මහත්තැන් කියන්නෙ පට්ටම සැලකිලි ඒ පැත්තෙ මිනිස්සුන්ගෙන්... දැන් නම් අපේ එකා ඉන්නෙ පහත රට.. දැනුත් ඉන්නව අප්පු වෙක්.. හපොයි ඌ මහත්තයටත් වඩා මහත්තැන් කෙනෙක්..

Tuesday, September 6, 2011

සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 2

Share
මුල් ටික නොබලපු අයට
සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 1


 පැය 2 න් කොහොම වෙතත් පැය 5 කට ආසන් කාලයක් ගත කරලා අපි ඔන්න තලවකැලේට ආව කියමු... ( ඒ කාලය තුල ආව සංකයට කෝල් වලින් තෙරුන විදියට කෙල්ලට ඉවසීමේ සීමාව පැනපු සයිස් එකක් දැනේ අපිට... )...

" මචන් ඔය පාරෙන් දාපන්... "

තලවකැලේ කිව්වට මුගේ කෙල්ලගෙ ගේ තියෙන්න් තලවකැලේ  ලයන්නෙත් කෙලවරද මන්ද... ලොවෙත් නැති වංගු සහිත පාරක විනාඩි 45 ක් විතර එහාටමයි මෙහාටයි හරවලා අන්තිමට අපී පළමු නැවතුමට සැපත් උනා.

" මේ සංක තෝ කෝකටත් ගිහින් බලල වරෙන්... ගුටි කෑමක් සෙට් වෙන්නත් බැරි නෑ.. මේ වෙලාවෙ දවල් කෑමට ආව කියල... "

" නෑ නෑ උබලට මොකුත් කියන් නෑ වරෙන්කෝ.. "

මූ අපිව ඉස්සරහට දාල බේරෙන්න..

හප්පේ අපිව පිළිගන්න කෙල්ලයි අම්මයි පෙර මග බලන් ඉන්නව...

" අනේ අනේ... 1 ට නේද එනව කිව්වෙ.. " කෙල්ල සංකයට සත්තම දාන්න ගත්ත විතරයි..

" මේ ගයාන්... මචන් ගයාන් මේ සංකි.. මෙයා තමයි අර ඔබාමගේ සටේ ඉන්නේ... " මූ බොහොම වැදගත් ලීලාවෙන් අපිව අඳුන්නල දෙන්න ගත්ත... 


ගයානුත් පට ගාල " හෙල්ලො " ගාල අත දුන්නෙ නැද්ද කෙල්ලට...

සංකයගේ මූන අඹ ලෙල්ල සේ උනා... අම්මල ඉන්න තැන ඌට අතකින් වත් අල්ලන්න තහනම් ද කොහෙද හික් හික්....  ඌ අපිව හෝල් සේල් එකපාර අඳුන්නල දුන්නා....  පිලිගැනීමේ උත්සවය ඉවරයි...

අනේ ඉතින් අපරාදේ කියන්න බෑ කෑම ටිකනම්...



දන්න කියන එළවලු ජාති මස් ජාති ඔක්කොම වගේ හදල මේ වැදගත් සැට් එකට... කොහොමින් හරි අමාරුවෙන් නුපුරුදු සංවර කමක් ගොඩ නගාගෙන වැදගත් කමින් කාලා බීල ඉවර වෙද්දි...

" අද ඉදල යන්න ඉතින්.. දැන් ගිහිල්ල රෑ වෙනවනේ... අන්න කාමරේකුත් ලෑස්ති කරල තිබ්බෙ අපි කට්ටියට... " 


සංකයට කෙල්ලගෙන් සහ නැන්දම්මගෙන් යෝජනාවක්... ඌම කියපුව තමයි ඉතින් හික් හික්..

ඒත් ඉතින් බොහොම වැදගත් විදියට ඒකත් ප්‍රතික්ශේප කරල අපි කට්ටිය වැඳල එහෙම ඔන්න එලියට බැස්ස...  වෙලාව 7 ට කිට්ට්ටුයි...

දැන් සංකය පොර වෙලා.. උගේ වැඩේ හරිනේ...

" උබලගෙ ලොකු කමනේ... ඉන්න කිව්ව එකේ ඉන්නෙ නැතුව.. දැන් අහවල් එකක යන්නය මේ වෙලාවෙ... "

මම සුපිරින් ටැන් ඩන් මහත්තැන් ගෙ සීන් එක මුන්ට කිව්වෙ නෑ.. ගයාන් විතරයි ඒ සීන් එක දැනන් හිටියේ.. දැන් ඉතින් අමිලයත් අවුල් වෙලා..

" එක අතකට ඔව් බන් ඔන්න ඔහේ එහේ ඉන්න තිබ්බ.. අවුලකුත් නෑ බන් ඒ මිනිස්සු.. දැන් යන්නෙ කොහෙද බන්.. "

නා නා ප්‍රාකාර කතා..

ඉදපන් බලන්න යාළුවෙක් හිටියා මෙහෙ කියල ගත්ත කෝල් එකක් වත්තෙ මහත්තැන්ට..

" මචන් මම දැන් තලවකැලේ ඉන්නේ.. එන්න පාර කියපන්..."

" අහ් ලඟනේ බන් ඔතනින් එහා පත්තෙ වත්ත තියෙන්නේ... පැය භාගයක් යයි " කියල මූ පාර කිව්වා...

අපි ඉතින් පැයක් විතර ඇවිල්ල දැන් තාම මුගේ රොඩ් සයින් නෑ...

" මචන් මේ අපි අහවල් හන්දියේ ඉන්නෙ.. "

" අහ් හරි හරි ඔහොම වරෙන් ඔතනින් එහා පැත්තෙ බන්... වරෙන් වරෙන්.. "

ඔහොම 4 - 5 පාරක් කෝල් කරල අන්තිමට මූ කියපු තැනට එද්දි පැය භාගෙ ගමනට පැය 3ක් විතර ගත වෙලා...

පස්සෙ මැප් එකකින් බැලුවෙ.. මුගේ පැය භාගෙ දුර අපිට පට්ට දුරක් අර වංගු එක්ක..

ටික වෙලාවකින් ඈතින් රේස් කරන් එන බයික් එකක සද්දයක් ඇහෙනවා... එලියක් මොකුත් නෑ... තවත් විනාඩි 5 කින් විතර මෙන්න මූ කව්ද ගෝතයෙක් එක්ක බයික් එකකින් ලෑන්ඩ් කලා... යකෝ ඒ පාරේ එක ලයිට් එකක් නෑ.. ඒ මදිවට මුන්ගෙ බයික් වල ලයිටුත් නෑ...

" අඩේ මේ මූනේ... තොපි කියන්න එපැයි.. " වත්තෙ මහත්තැන් අඳුර ගත්තු අපේ එව්වො පස් වනක් ප්‍රීතියෙන් පිනා ගිහින්...

හරි එහෙනම් උබල අපේ පස්සෙ වරෙන්.. කෙලින්ම බංගලාවට... කියල අරුන් දෙන්න අර හද්ද කලුවරේ රේස් එකක් යන්න වගේ ආයෙ විද්දා... අපි අරූගෙ සද්දෙ  අනුව පස්සෙන් යනවා....

ටිකක් වෙලා යද්දි සද්දෙත් නෑ..

" යකෝ මුන් දෙන්න පල්ලමකටවත් ගියාද බන්.. "

" අම්බානෙක බීල බන් ඉන්නෙ.. ලයිටුත් නැ... පිස්සු හු*** 2ක් බන්... "



ඒ අපේ අදහස්...
" කෝ බන් ඔහොම වරෙන් අපි ඉස්සරහ ඉන්නව... " කියල ඔන්න කෝල් එකක් උගෙන්


ඌ යන යෑම් යන්න අපිත් බීල වාහනෙ ලයිටුත් ඔෆ් කරගන්න ඕනි... කොහොමින් හරි අතක් පයක නොකැඩී අපි උගේ බංගලාවට ගොඩ බැස්ස...

ඔන්න ඉතින් නා කියාගෙන එදා රෑ 11 ට විතර ගයානය එද්ද් උස්සන් ආපු ලීටරේ බෝතලයක් කැඩුවා... එහෙව් ආතල් එකක්...

නීති රීති මොකුත් නෑ... ප්‍රසිද්දියේ බොන්න බැරි එව්ව කිසි ගින්නක් නැතුව බොනවා ගේ ඇතුලෙම...  අප්පු බයිට් ටික සින් සින් ගාල සප්ලයි කරනවා... අපි බොනවා... ආයෙ අස් පස් කරන්න එව්ව මොකුත් නෑ... නිකන් රජ උනා හා සමානය...

එදා ඉතින් අතක් පයක් නොකැඩී " මේ නගරය ඔබ මා " සින්දුවටත් නටලා දෙයියනේ කියල නිදා ගත්තා...







උදේ නැගිටිද්දි ඔලුව දෙක වෙලා... ටික වෙලාවක් නිඩි මතේම පෙරලි පෙරලි ඉද්දි.. මෙන්න අප්පුව...

දුම් දාන තේ එකකුයි වතුර කෝප්පෙකුයි අරන්... චා චා... ගෙදරදි වත් මෙහෙම බෙඩ් ටී එකක් අතට හම්බෙලා නෑ ලෙඩක් දුක නොහැදුනොත් මිසක්...

" මාතියා... ඇඳුම් එහෙම තියෙනවා හෝදන්න ?? "

යකෝ මට නිකන් පිස්සසු වගේ... මූ පිස්සු ඩයල් එකක් නේ... 


" අහ් නෑ අප්පු.. " 


කියාගෙන මම එලියට බැස්ස... 

මොනා උනත් 7 ස්ටාර් තමයි අප්පුවගේ සැලකීම.. ගෙදරදිවත් මෙහෙම සැලකීමක් ලැබිලා නෑ.. අපි ට්‍රිප් ගියාම ඔය කොහේ හරි නැවතිලා කොහෙන් හරි කාල කොහේ තියන් හරි බීල චාටර් වෙන එකනේ... ඒකට වත්තෙ මහත්තැන් ට පින් සිද්ද වෙන්න ඒ දවස් ටිකේ සියල්ල අතට පයට.... කියන පමාව විතරයි...
අපෝ ඔය ඉන්නේ... උදේ පාන්දර මුස්පේන්තු කමට සැට් එකම.. වනිය නම් උදේ පාන්දර ගින්දර වගේ මර්වින් ගෙ සින්දුවක් අහගෙන තේ එක රස විඳිනවා ඌ ඉතින් මතට තිත නොවැ... වත්තෙ මහත්තැන් නම් වත්තට ගිහිල්ල වෙරි මරගාතෙම...

අනික් එව්වො... සික්... මූනෙන් අලක්කු.. ( නෑ මොනාද බිව්වෙ වොඩ්කා.. ) එව්ව බේරෙනවා...

ඒ අස්සෙ අමිලය ගහක් බදාගෙන... නෝන්ඩි නැතිව කබරයෙක් අරිනව...


" යකෝ බේබදු කමට බීල... අර කොමඩ් එකට ඔලුව අල්ලල ෆ්ලශ් කරපන්.... " සංකය අමිලයට ලොකු ටෝල්ක් දෙනවා... 


එදා දවස හවස් වෙනකල් වෙරි මත බහින්න පැද්දි පැද්දි උන්නා... හවස් වෙද්දි බඩු බැහල... සංකය ආවා මගේ ලඟට..

" මචන් අද රෑට බොන්න මොකුත් නෑනේ... "

" අද ? බොන්න.. ? අනේ මට නම් බෑ බන්... " ඇත්තටම බොන්න එපා වෙලා තිබ්බේ... ඒක සාමාන්‍ය් දෙයක් නේ බීල වැඩි උනාම පහු වෙනිදට...

ඒ උනාට ඌට බොන්න ඕනිමයි ලු... ඒක හින්දා ආයෙම පැය භාගයක් විතර බාර් එකක් හොයාගෙන ගිහීල්ලා බෝතලයක් අරගත්ත ( ඒක ඇවිල්ල රවුම් බෝතලයක්... වයිට් ඩයමන්ඩ් මතක හැටියට... බෝතලේ හැඩේ වැදගත් වෙන්නෙ ඉස්සරහට ).. බොන්න ඉන්නේ සංකය විතරයි.. අමිලය බොන්නෙම නෑ කිව්ව.. මටයි ගයාන්ටයි බියර් 2ක් ගත්තා... වත්තෙ මහත්තැන් බිව්වොත් හරි නැත්තම් බොන්න එකෙකුත් නෑ ගත්තට...

ඔන්න හවස් වෙද්දි අර වත්තෙ අනික් ඩයල් එක.. ( අපේ එකාගෙ යාළුවා.. ඌත් ඒ ලඟ වත්තක මහත්තැන් කෙනෙක් ) ආව... අපේ එකත් එක්ක...

" මචන්ලා මොකද කරන්නේ... ?? එළ පොට් එකක් තියෙනවා සිරා මචන් පැත්තම පේනවා යමන්.. "

ඔන්න ඉතින් කට්ටිය ලෑස්ති වෙලා ගියා උගේ සිරා පොට් එක බලන්න්න... ප්ලේස් එක සිරා..

උන්ගෙ බයික් උඩ නැගල ගල් උඩ බයික් තියල එක එක විකාර රූපි විදියට ෆොටෝ ටිකක් ගහලා එහෙම ඉද්දි...

අර ඩයල් එක..

" මචන්ලා.. මලක් තියෙනවා උබල මොකද පාවිච්චියක් තියෙද.. ? "

ඔහොම එකක් නම් එකෙන්ම නේ සංකය... ඌ පැනල මල ඔතන්න ගත්තා

" අහ් මචන් එළකිරිනේ... උබ දෙයියා.. " කියාගෙන...


දෙයියා බව්ව වෙන හැටි...  රවුම් බෝතලේට මොකද උනේ... ඒ සිද්දි ටික ඇතුලුව ඉතිරිය හෙට විතර දාන්නම්... අනිද්ද විතර නැත්තම් හික් හික්...

දිග වැඩියි වගේද මන්දා....

අවසාන කොටසත් ඔන්න දැම්මා...

සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 3 ( අවසානය )

සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 1

Share


මෙච්චර කාලෙක ට්‍රිප් ගිහිල්ලා... පිස්සු කෙලල... බීලා... එකී මෙකී නොකී එව්ව කොරල ගත්තු ආතල් වලින් හොඳම ආතල් එක කියන්න පුළුවන් කතාවක් තමයි මේක.. ලියන්න ඉතින් සෑහෙන සංස්කරන කටයුතු කොරන්න ඕනි නිසා නොලිය උන්නෙ... අන්තිමට හිතුවා මේකත් කොටල දාමු කියල... හික් හික්...


ගිය පාර ( සයිබර් උළෙල ) තිබ්බ පාර නෙමෙයි ඊට කලින් පාර ලංකාවට ගියහම තමයි මේ කතන්දරේ මුල... 


ගොඩ බැහල සතියකින් විතර ඔන්න අපේ සංකය.. ( ඔව් ඔව් අර ඉර නග්ගල... ටික කලක ඉදන් එකට නටල පිස්සු බුවා තමා... ) ආව අමුතුම යෝජනාවකුත් එක්ක... ඒ තමයි උගේ ගෑණු ළමයලහ යන්න.. නිකනුත් නෙමෙයි ගිහිල්ල දවස් 2 - 3ක් ඉදල එන්න.. යකෝ මූ බැඳලත් නැතුව එහෙම කොල්ලො සෙට් එකක් ඒ ගේ ඇතුලෙ දාගනියිද... මුගේ මොලේ හොටුද මන්ද...

" පිස්සුද බන්... එහෙම පුළුවන්ද ගෙවල් වල ගිහින් ඉන්න... ? "

" අවුලක් නෑ බන්... මම නේ කියන්නේ උබල යමන්කෝ.. "

කොහොමත් අපිටත් ට්‍රිපක් යන්න ඕනිකමත් තිබ්බ... ඒ එක්කම ඉතින් නවතින්න තැනක් එක්ක කෑම බීම සෙට් වෙනව කියන්නේ ඉතින් ආයෙ මොනවද... ඒ උනත් ඉතින් මූ බඳින්න ඉන්න ගෑනි නේ.. අන්තිමට උගේ මඟුලත් කැඩෙනව මොකද ඉතින් චාරවත් සැට් එකනේ... ඊට පස්සෙ අපිටමනේ වදේ තව ගෑනියෙක් හොයන්න... ඒක හින්දම අපි පොඩ්ඩක් පස්ස ගැහුවා.. ඒත් මූ අනේ බන් යමන්කො කියල පොළවෙ පස් නොකන ටික විතරයි...

" උබලට නවතින්න බැරිනම් වේලක් හරි කාල යමන් බන් එහෙන්... " 


සංකය ගේම අත අරින්නෙම නෑ.... 


ඒකට හේතුව පස්සෙ තමයි අපි දැන ගත්තෙ මූ යාළුවො සැට් එක ගැන ලොකු ටෝල්ක් එහෙම දීලා... රට රාජ්ජ වල ඉදන් ආපු  බොහොම වැදගත් යාළුවො කියල ( මේ අපිට හික් හික්.. ඒකේ ඇති වරදකු ත් නෑ කියන්න පුළුවන් හික් හික් ) අපි එක්ක ටුවර් එකක් දාන්න එහේ එනවා නවාතැන් ගන්න දෙන්න ඕනි නැත්තම් හොඳ නෑ... මොනවත් හිතයි ආදී නා නා ප්‍රකාර ලොකු ටෝල්ක් දීල... ඉතින් අපි නොගියොත් මුගේ කාර්ඩ් අවුල් නිසා තමයි මූ නාහෙන් හොටු පෙර පෙර අඬල තියෙන්නේ...  මූ ගමන පිටත් උනාට පස්සෙ අපිට හැසිරෙන කතා බහ කරන පිළිවෙල උගන්නද්දි තමයි ඒ ටික වැටහුනේ...
කොහොමින් හරි අන්තිමට එහෙනම් දවල් ට කෑම කාල එහෙන්ම නුවර එලි පැත්තට අල්ලන්න තීරනය වෙලා ට්‍රිප සැට් කර ගත්ත.


සිකුරාද ගිහින් ඉරිද එන්න. අහ් කියන්න බැරි උනානේ... මුගේ වෙන්න ගෑනි හෙවත් කෙලි පොඩ්ඩ ඉන්නෙත් ලේසි පාසු දුරක නෙමෙයි.. තලවකැලේ...

දැන් ගියා වගේ නවතින්න තැනුත් හොයන්න එපැයි.. යන්න කලින් දවසෙ මම අපේ සුපිරින් ටැන් ඩන් ඩන් මහත්තැන්ට කතා කලා.. මොකද ඌ ඒ කාලේ ඔය පැත්තෙ වත්තක තමයි හිටියේ... ( අර මාව පොලවෙ ගහපු කතාවෙ අපි සැට් උනෙත් මුගේ වත්තක තමා )

" මචන්... මම පිස්ස "

" අඩේ ලොක්ක කවද්ද ආවේ... " ආදී කතා වලින් පස්සෙ ඉබ්බ දියට දාන්න කතා කරනව මූ..

" ඉතින් යකෝ වරෙන්කෝ මේ පැත්තෙ.. "

" එන්න ඉතින් තෝ කොහෙද ඉන්නේ... ? හරියටම "

" කුල වත්තේ යකෝ... වරෙන් වරෙන්.. "

" ම්ම් මෙහෙමයි මචන්.. එහෙම සීන් එකකුත් තියෙනවා.. අපි සැට් එක ට්‍රිපක් දාන් ඉන්නව ඔය පැත්තට... නවතින්න තැනක් සැට් කරගන්න බැරි වෙයිද.. ? "

" ඇයි යකෝ මේ තියෙන්නේ... මෙහේ ඉදපන්... "

" අවුලක් නැද්ද උබ්ට ? "

" පිස්සුද යකෝ... වරෙන් වරෙන්.. කීයක් එනවද අප්පුව උයල තියයි.. දැන්ද එන්නෙ ?? "

" නෑ නෑ බන් හෙට රෑට වගෙ.. උබ දන්න එව්වොම තම... මායි ගයානුයි සංකයයි අමිලයි වනියයි.. උයන්න ඕනි නෑ බන්...  "

" අහ් වරෙන් වරෙන්... නැ නෑ අප්පු උයයි... ඉතින් දැන් වරෙන්කො... "

" හෙට හෙට.. "

කියල උගෙන් බේරුනා.. ඌ ට තියෙන්නෙ අමුතුම මිනුම් දඩු... ඌ පැය භාගෙන් කියන්නේ පැය 3 - 4ක් වත් වෙන දුරකට... ඒ උනාට පැය භාගෙන් හඳට යන්න කතා කරන්නේ... යකෝ හඳටනේ.. උදේ ගිහින් හවස එන්න බැරිය.. කියන ටයිප් ඉස්සරහට උගේ දුර කීම ගැනත් කියනම්කො..



ඔන්න ඉතින් සිකුරාද උදේ පාන්දර 7 ට විතර මායි ගයනුයි ගාල්ලෙන් පිටත් උනා තලවකැලේ දවල් කෑමට යන්න... හික් හික්.... අමිලයයි සංකයයි වනියයි කොළබින් සෙට් වෙන්න හිටියේ... දවල් 11 විතර වෙද්දි ට්‍රැෆික් එකට පින් දීලා ඔන්න උන් 3 දෙනාවත් නග්ග ගෙන තලවකැලේ යන්න පිටත් වෙද්දි අමිලය කියපි...

" යකෝ දැන් යන්න බෑ බන් එහේ.. චාටර් නේ බන්... දැන් ගිහින් උබල රෑ කෑමට යන්නද බන්... ? මෙහෙන්ම නුවර එලි යමන් බන්... "

" ඔව් බන් අයේශ්.. දැන් වෙලා නෑ බන් අපි යන තැනකට යමන්.. මෙතනම 12 නේ බන්.. " ඒ වනියා...

සංකයගෙ මූන 2 - 3 වෙනව මට කන්නඩියෙන් පේනව...

" අඩේ ඒ මිනිස්සු උයලත් ඇත්තෙ බන් දැන්... යමන්.. "

ඒ අස්සෙ මුගේ ෆෝන් එක රිං වෙනව...  " ඒ කෑ ගහන්න එපා බන් "

" හෙල්ලො.. "

" අහ් ඔව් ඔව් සුදූ මේ එන ගමන් ටිකක් පරක්කු උනා.. ඔයාල කන්න... අපි එනවා හරි හරි.. තව පැය 2 කින් විතර එහේ.. "

මූ ෆෝන් එක තියලා.. 


" මේ දැන් යන්නම වෙනවා අන්න ඒ මිනිස්සු නොකා බලන් ඉන්නව... "  

මොනව කරන්නද කියල ඔන්න අපිත් පැය 2 න් තලවකැලේ යන්න පිටත් උනා...


ලියන්න ගත්තට එක දිගට කොටන්න කම්මැලියි බොලව්... ඒක නිසා කොටස් කඩල දාන්න තීරනය කොරා... කොහොමත් ලියන්න ගත්තු විදියට එක පෝස්ට් එකකට දාන්න දිග වැඩියි වගේ.... ඒ එක්කම කියන්න ඕනි සිද්දිය පමනක් ලිව්ව කතා වගේ නෙමෙයි මේක මුල සිට අගට ට්‍රිප ගැනම ලිවීමක් නිසා බෝරින්.. මෙලෝ රහක් නෑ වගේ හිතෙනනත් බැරි නෑ... මේක අපි සැට් එකේ තවත් එක පිස්සු ගමනක් පමනි. වෙනසකත් එක්ක දිගට ලියන්න හිතුවෙ...

 දෙවැනි කොටසත් ලිව්වා.... මෙන්න ::  සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 2
Related Posts with Thumbnails