Tuesday, October 25, 2011

ඔව් අපි සිප ගත්තා.. තප්පර 5 ක්.. 10 ක්.. 15 ක්

Share

 පොතකුත් අතේ රෝල් කරන් ස්ටෑන්ඩ් එකේ නවත්තපු බසයෙන් බැහපු මම හෙමිහිට ස්ටෑන්ඩ් එකට ඇතුලු වෙලා වටපිට බැලුවා... වෙලාව දවල් 2 ට විතර නිසාද මන්ද තිබුනේ අමුතු පාළුවක්... කකුලකුත් බිත්තියට ගහ ගන්න ගමන් කොට බිත්තියකට හේත්තු උනු මම වට පිට බැලුවෙ අඳුරන එකෙක් වත් ඉන්නවද කියල බලන්න.... මොන..

ගෙදර ඉන්න කම්මැලි කමට ක්ලාස් කියල එලියට බැස්සට මෙතන ඊට එහා..  පුස්ථකාලෙ පැත්තටවත් ඔලුව දැම්මොත්... ඒ එක්කම මගේ ඇහ ගියේ KLH එකෙන් එලියට බැහපු කෙල්ලෙක් දිහාවට... තිලිණි... මම කාලයක් ට්‍රයි කරපු කෑල්ලක්...

ඔව්.. මට වඩා අවුරුදු 2 ක් වැඩිමල්.. මම විතර දෙගුණයක් විතර සයිස් කොල්ලෙක් මගේ කොලර් එකෙන් අල්ලල බිත්තියකට හේත්තු කරන ගමන්  " තෝ ආයෙ මගේ කෑල්ල පස්සෙ ඇවිල්ල තිබුනොත් කපනව තොගෙ බි** "  කියල සද්දෙ දාපු දවස වෙනකල් මම තිලිනිට try කලා...  

ඒ අවුරුදු 2 කට විතර උඩදි... ඊට පස්සෙ තිලිනි තව කොල්ලො කීප දෙනෙක් අශ්‍රය කලා... ඒත් එදා තර්ජනයත් එක්ක මම නෙමෙයි තිලිනිට try කලේ.... ඔව් මීයක් කඩන්නෙ අත ලෙව කන්න නෙමෙයි නේ...  තිලිනි ගැන නොදැන නෙමෙයි මම ට්‍රයි කලෙත්... අපේ ගමේ ගයන්ත අයියත් කාලයක් ම තිලිනි ව හොඳට පරිහරනය කලා... දන්න තරමින් අන්තිමට තිලිනි යාළුවෙල හිටියෙත් ඌත් එක්ක... ඒ සම්බන්ධෙ නැවතුනා කියලත් මම දන්නවා... " ඒකෙන් ගන්න දෙයක් නෑ බන් තව " කියල ගයන්තය කිව්ව මතකයි... ඒත් තිලිනි ගැන නොදන්න කෙනෙක්ට එහෙම නොහිතෙන තරම්ම ලස්සනක් වැදගත් පෙනුමක් තිලිනිට තිබ්බ...


මෙන්න ඒකි ස්ටෑන්ඩ් එක ගාවටම ඇවිත්... මම ඒකි දිහා බලාගෙන ආවර්ජනයක යෙදෙනවා...  ඒකි හිනා උනා... ඔලුවෙන් වගේ කතා කරා.. මම එක පාරටම ගැස්සිල වට පිට බැලුවෙ මටද කියල විශ්වාස නැති නිසා... මොකද ආයෙ පෝරියල් එකක් සෙට් වුනොත්... මොකද ඉතින් එක කොල්ලෙක් කියලය...

නෑ... ඒ මටම තමයි... මම හිමිහිට ඒකිට කිට්ටු කලා...

" කොහොමද...  " ඒකි හිනා වෙලා ඇහුවා...

" වරදක් නෑ.. ඉතින් හුඟ කාලෙකින් දැක්කෙ... දැන් මොකද කරන්නේ..."

ආදී ඕනිම කෙල්ලෙක් එක්ක දාන වදන් ටික දැම්මා... සුපුරුදු ප්‍රශ්න අවසානයත් එක්කම..

" මට ඔයත් එක්ක දෙයක් කියන්න තියෙනවා....  "

මාත් එක්ක.. මට හීන් දාඩිය පාරක් දානව දැනුනා.. ඒ බයටද මන්ද... මේකි මට සෙට් වෙන්නවත්ද... වෙන්න බෑ...

" අපි කොහෙට හරි ගිහින් කතා කරමුද... "

මේකි මේ කියන්නේ රූම් එකකට යමු කියලද.. නෑ වෙන්න බෑ.. ෆිල්ම් එකක්.. ම්ම් නෑ එහෙනම්.. අතේ තියෙන රුපියල් 20 එලියට ඇදෙන වැඩක්ද... ඒකෙන් පුළුවන් ප්ලේන්ටි 2ක් බීල තව දුමක් දාන්න... එච්චරයි... එහෙනම් මොකක්ද මේ වෙන්න යන්න


" කො කොහාටද... මො මොකටද... "

ශික් විතරක්... ගොතත් ගැහෙනවා...


" ඔයාට කමක් නැත්තම් අපි පාක් එකට යමු.. මේ වෙලාවෙ සෙනගත් නෑනේ.."

පාක් එකට.. මෙ දවල්.. කෙල්ලෙකුත් එක්ක..

" ඔ... ඔයාට මොනවද කියන්න තියෙන්නේ... "

" ඒ ටික මෙතන කිව්වම ගිහින් කියන්නේ මොනවද මැට්ටො..  " ඒකි මගේ අතකට ලාවට පාරක් ගහන ගමන් කිව්ව...

" හරි එහෙනම් යමුකො... "


ඒකිට ට්‍රයි කරන්න ගිහින් නෝන්ඩි උනා කියල ඒකි දන්නවා... ඒ ඇරුනම ඔය ගයන්තය එක්ක බස් එකේදි අරහෙ මෙහෙදි දැකපු වෙලාවට හිනා වෙලා කතා කරල තිබ්බට මේකිට මාත් එක්ක කියන්න තරම් දෙයක්... මොන මරාලයක් ද වෙන්න යන්නෙ හිත හිත මමත් ඒකිගෙ පස්සෙ පාක් එකට ගෑටුවා...

" මෙහෙම වාඩි වෙමුද... "

පරණ පුරුදු පොට් එකක්ද මන්ද ගහක මුලක් පෙන්නුවා.. සතියෙ දවසක් නිසාද දවල් වරුව නිසාද මන්ද ඒ හැටි සෙනගක් නෑ... එහෙන් මෙහෙන් ගස් කොළන් වලට මුවා වෙලා හැංගි හොරා ආදරය කරන එව්වො කීප දෙනෙක් ඇරෙන්න...

" ඉතින් දැන් මොනවද කියන්න තියෙන්නේ... "

මම කතාවට මුල පිරුවා...

" ඔයා දන්නවනේ ගයන්ත ගැන.. මම ගයන්තව හුඟක් විශ්වාස කරා..................... "


කතාව දිගට ගියා...තිලිනි ගෙ නූතන පටාචාර පුවත කියන්න මාවම තෝරා ගත්තේ ඇයිද කියන පැනයට පිළිතුරු සොයමින් මමත් ඇහෙන ඒ කතා පුවතට ඇහෙන්න දුන්නා...


ඒ ඇහෙන දේවල් එක්ක මගේ හිතට එන නා නා ප්‍රකාර අදහස් එක්ක හිත පෙරළි කරද්දි මම එක පාරටම මනෝ ලෝකයෙන් පිබිදුනා... හත්තිලව්වයි... මේකි මගේ උරිස්සට ඔලුව තියන් අඩනවා...

කෙල්ලෙක්ගෙ කඳුලු ඉස්සරහ දිය නොවෙන හිත් තියෙන කොල්ලො සිටීද ?? නැත ස්වාමීනි... මගෙ හිත මට කියපි.. 


ඇයි මේකි මේ අඩන්නේ.... වටේ පිටේ එව්වො මොනව හිතයිද... උන් මට ගහයිද කෙල්ලෙක්ට අතවර කලා කියල හිතල....

" තිලිනි මේ බලන්න...  " 
 
මම තිලිනිගෙ මූන මගේ දිහාට හරවගත්තා... මෙච්චර වෙලාවකට නොදැකපු ලස්සනක මම ඒ මූනේ දැක්ක.... කඳුලු පිරුනු ඇස් දෙක... කඳුලු පාරවල් දෙකක් මූන දිගේ ඇදිලා... ලා රෝස පාට තොල් පෙති... මම ටිකක් වෙලා ඒ දිහා බලන් හිටියා.. යමක් කීමට අවශ්‍ය උනත් මගේ උගුරේ මොනවද හිර වෙලා... කෙල ගිලෙන්නෙත් නැද්ද මන්ද... අපේ ඇස් එකට හමු උනා... මොහතකින් ඒ ගැහෙන ලා රොස පාට තොල් පෙති දෙක ටිකින් ටික කිට්ටු වෙනවා වගේ දැනුනා... ඔව් මගේ ඇස් පියවුනා..

තිලිනි ගේ ඒ ලා රෝස පාට තොල් පෙති  මෙතුවක් කල් සිගරට් දුමින් කලු ගැසුනු මගේ තොල්  එක්ක පැටලුනා... ඔව් අපි සිප ගත්තා..

තප්පර 5 ක්.. 10 ක්.. 15 ක් යන්න ඇති... මට දැනුනෙ අපුලක්ද... නෑ ඒත් මම එක පාරටම ඒකිගෙන් ඈත් උනා...



මට තේරෙන්නෙ නෑ... ඒත් මට එතනින් ඈත් වෙන්න ඕනි උනා... තිලිනි බිම බලාගත්තා... මෙතනින් යමන් යකෝ... මගේ සිත කෑ මොර දෙනවා... ඇයි ඒ.. මගේ කටේ තිත්ත රසක් තියෙනව වගේ... කෙල ගුලියකුත්... මට කෙළ ගහන්න ඕනි... ඒත් මේකි ඉන්නවා... මම අමාරුවෙන්...

" තිලිනි අපි යමු...  " කියල කිව්වා... හිතේ අමාරුවක් නිසා නෙමෙයි.. ඒ කටේ හිර උනු කෙල ගුලිය නිසා ඇති වූ අමාරුවකින්.. මම අඩි ඉක්මන් කලා... මේකි නැල වෙනවා.. කල්ප කාලාන්තරයකින් අපි දුම් රිය ස්ථානය ඉදිරිපිට...

" තිලිනි මම යන්නම්... " ඒකි ඔලුව වැනුව... මම අඩියට දෙකට මාරු උනා.. ඔව් මම නැවතුනේ P & J එකට එහා පැත්තෙ තියෙන තේ කඩේ ඉස්සරහ... අර හිර කරන් හිටි කෙල ගුලිය කානුවකට ගහපු මම කඩේ ඇතුලට ගිහින් වතුර වීදුරුවකින් කට හෝද ගත්තා.. ඇවිද්ද වේගෙටද වෙන හේතුවකටද මන්ද මගේ පපුවත් ගැහෙනවා....

" මට ප්ලේන්ටි එකකුයි ගෝල්ඩ් ලීෆ් එකකුයි ගේන්න "  කියන ගමන් මම පුටුවකින් වාඩි වෙලා ඔලුව මේසෙ උඩට ගහගෙන කල්පනා කරා මොකද උනේ කියල.. මට...

වේටර් කොලුව ගෙනාපු සිගරට් එක පත්තු කරන් දුම් ගුලියකින් මම ඒ තිත්ත රස යවා ගන්න try කලා... හොඳට සීනි දාපු රස්නේ ප්ලේන්ටි එක ඒ දුම් ගුලියට වැටෙනකොට ඒ තිත්ත රස නැති උනා.. ඒත් ආයෙ ආයෙ එනව වගේ...

ඇයි ඒකි ඒ දුක කියන්න මාව තෝර ගත්තෙ ?
ඇයි ඒකි මාව සිප ගත්තේ... ?
ඇයි ඇයි ඇයි... ඇයි යකෝ ඇයි... මම මගෙන් ම අහනවා...

මම දන්නෙ නෑ.. මම පරාජිත හඩකින් උත්තර දෙනවා..

සිගරට් එක අළු වෙලා... ප්ලෙන්ටි එකත් ඉවරයි... ඒත් ප්‍රශ්න පත්තරේකුයි... තිත්ත රසයි ඉතුරුයි...

මම රුපියල් 20 වේටර්ට දීල එලියට බැස්සා... කානුවට තව කෙල පාරක් ගහල හිමිහිට ස්ටෑන්ඩ් එක පැත්තට පාවුනේ ගෙදර ගිහින් නා ගන්න හිතාගෙන...



ප. ලි :: මෙහි " මම " යනු මම නොවන අතර.... මේ කතාව මනංකල්පිතයක්ද නොවේ...

කාලවකවානුව මීට වසර 6 - 7 කට පෙර...

පිස්සාගෙ අවවාදය : දුම්බීම ශරීරයට අහිතකරය.

Thursday, October 20, 2011

ඉස්කෝලෙ කාලේ ගුටි කාපුවා.. දඩුවම් ලබපුවා.. මතක් කරමුද..

Share

අම්මගෙන් කවදාවත් ගුටි කාල නැති උනාට 6 - 7 වසර වල් වලට වෙනකල් තාත්තගෙන් නම් ගුටි කාල තියෙනවා... ඒ ඉතින් මොනවටවත් නෙමෙයි පාඩම් කරන්නෙ නැති උනහම තමයි. ඒත් තාම මතක් වෙන්නෙ දවසක් තාත්ත ගෙන් ගුටි කාල නිදා ගනින්ද්දි මගේ ලගට  ඇවිල්ල කඳුලු පිරුනු ඇස් දෙකින් මගේ දිහා බලන් පිට අත ගාපු හැටි... 

" මට දුක හිතුනා පුතේ " කියල කිව්වා...

අම්මගෙනුයි තාත්තගෙනුයි ගුටි කාපු ව ගැන නෙමෙයි.. එතකොට ඔය ස්කෝලේදි.. ක්ලාස් වලදි... බස් ස්ටෑන්ඩ් වලදි කොල්ලො එක්ක වලි දාගෙන ගුටි කාපුව ගැනත් නෙමෙයි...



අද ලියන්න යන්නේ ස්කොලේ දි ක්ලාස් වලදි ගුරුවර ගුරුවරියන්ගෙන් ගුටි කාපුවා... දඩුවම් ලබපුවා ගැන...

මම ඇත්තටම ස්කොලෙදි ගුටි කාල තියෙන්නේ හරිම අඩුවෙන්... ඒ මම බ්‍රයිට් කේස් එකක් නිසා නම් නෙමෙයි.. ඒ මම නිහඬ.. අහිංසක චරිතයක් නිසා වෙන්න ඇති... මම ඕ ලෙවල් කාලෙ වෙනකල් දඟ වැඩ වලට ඒ තරම් සහභාගී උනේ නෑ...

ඒවටත් එක්ක පිස්සු කෙලින්න ගත්තේ ඒ ලෙවල් කරන්න ගියාට පස්සේ... පිස්සු කියන්නේ ඉතින් ඒ ලෙවල් නම් පිස්සුම තමයි. ඒ ලෙවල් කාලෙත් අර විදියටම හිටියනම් අනේ අද කොහෙද... සන්දුක්කේ...


කොහොම හරි.. හා හා පුරා ස්කොලෙදි කියල දඩුවමක් ලැබුනේ 1 වසරෙදි... මසං ගහ යට රවුමට ඉදගෙන පාඩමක් කියවද්දි මායි තව එකෙකුයි ( සුරංග කියල මතකයි නම ) වෙන මොකක්දෝ හෑල්ලක් කතා කර කර හිටියා... උගන්නපු මිස්ට ( ඒ ස්කෝලෙ අපි කිව්වෙ ටීච කියල... සර් ට නම් සර්... ) තද වෙලා දෙන්නටම දන ගහන්න කිව්ව අර වැලි පොළවෙ... මට ඇඩෙන්නත් ආවා... ඒත් දන ගහගෙන හිටියා...

මම ඉස්සර ස්කෝලේ ගියේ නැගෙනහිර පළාතේ පාසලකට... සමහර සර් ලව දැක්කමත් දුවන ගානට ළමයි බයයි.. ඒ තරම් දඩුවම් වලට ප්‍රසිද්ද නිසා.

සරඹ කරන්න හිටිය සර් ඒ අයගෙන් එක්කෙනෙක් දෙනව ඩෝන් ඩෝන් ගාල අහුවෙන එකකින්... එතකොට කළු මහත සර් කෙනෙක් හිටිය දැක්කමත් චූ යන සයිස් මට නම්.. දවසක් මට කිව්ව මොකක් හරි එකකට ( හරියටම මතක නෑ වැරද්ද... ඒත් අපිට උගන්නපු සර් කෙනෙක් නම් නෙමෙයි )


අනික් දවසෙ අහු උනොත් කකුල් දෙකෙන් මේ බාල්කෙ එල්ලනවා කියලා...

මම දවස් 2ක් ඉස්කෝලෙ ගියෙ නෑ ඊට පස්සෙ බොරු ලෙඩ අරන්... තනියම කල්පනා කරා ඇත්තටම මාව එල්ලයිද ඒ බාල්කෙ කියලා.. පස්සෙ මගෙ ටිකිරි මොලේට තේරුනා ළමයෙක්ව එහෙම එල්ලන එක ප්‍රායෝගික නෑ කියලා... ඒත් මම නෙමෙයි ඒ සර් ගෙ මූනට මුලිච්චි උනේ ඊට පස්සෙ.

තුන වසරෙදි ඉන්ටවල් ඉවර වෙලා පන්තියට එන්න පරක්කු උනා දවසක්... ඒ අපි ක්‍රිකට් ගගහ හිටි නිසා.. ඈබැරිච්ච කෝටු කෑල්ලක් අරන් අත දිග අරින්න කියල පුළුවන් වෙර යොදල පාර දෙක ගානේ ගැහුව පරක්කු උනු හැමෝටම... ඒ නම් මිස් කෙනෙක්....එදාත් කඳුලු පිරෙන්න රිදුනා...

උබේ අත පෙන්නපන්... ලග හිටිය එකා කිව්ව මතකයි.. අත රතු වෙලා පාර හිටලා...

තවත් මොකක්දො වැරද්දකට පන්තියෙන් භාගයක් විතර වැලි පොලවෙ අර කාශ්ටක අව්වෙ දන ගහන් හිටියා... ඒ අව්වෙ රත් උනු වැලි පොලවෙ අවුරුදු 8 - 9 ක වයසෙදි දන ගහන් ඉන්නව කියන්නේ ලොකුම දඩුවමක්...

මම 5 ශිශ්‍යත්වෙන් පස්සෙ ඒ ස්කෝලෙන් ආව.. පුටුව උඩ නගින ඒවා.. පන්තියෙන් එලියට දාන ඒවා... ගුටි කෑම් කීපයක්ම තියෙනව.. ඒ ඇරුනම මතක නැති ඒවත් ඇති...


ඒ ස්කෝලෙ මම ආදරය කරන කරුණාවන්ත ගුරුවරු කීප දෙනෙක්ම හිටියා.. ඒත් සමහරු හැසුරුනේ දුශ්කර පළාතක වැඩ කරන්න උන කෝපයෙන්ද මන්ද... ඒ කෝපය දුප්පත් දෙමව්පියන්ගෙ ළමයි පිටින් ගියාද මන්දා...



ගාල්ලේ ස්කෝලෙට ආවට පස්සෙ 7 වසරෙදි ස්කෝලෙන් පැනල ගිහින්.. ( මම වත් දන්නෙ නෑ පැනල ගියා කියල මොකද ගේට්ටුවෙන් ස්කෝලෙ ඇරෙන්න විනාඩි 5 ක් කලින් ගියේ ) සෝමරත්න සර් ගෙ ඔෆිස් එක ගාව පීරියඩ් 5 ක් හිටන් ඉන්න උනා...

8 වසරෙදි නම් කීප විටක් බන්ඩාරගොඩ සර් ගෙන් ගුටි කන්න වෙලා තියෙනවා... බ්‍රයිට්ම සිරාම ඩයල් එකක් ඇරෙන්න බන්ඩාරගොඩ සර් ගෙන් හෙවත් බන්ඩ ගෙන් ගුටි නොකාපු එකෙක් අපේ ස්කෝලෙ අපේ පන්ති වල හිටිය කියන්න බෑ... බෙල්ලන් අල්ලල පිට මැද්දෑවට ඩොං ඩොං ගාල දෙනවා... අනේ හප්පේ... ආතල් එකට ත් අල්ලන් ගහනව වෙලාවකට කොල්ලොන්ට...


9 වසරෙදි බන්ඩාරගොඩ මිස් අඩි කෝදුවකින් හීනියට පාර දෙකක් ගැහුවත් මතකයි... එතකොට අර කලින් පෝස්ට් එකේ කියවුනු බෝනික්කි ටීචගෙනුත් ගුටි කාල තිබේ... ඒ වේවැලෙන්...

ඊට පස්සෙ නම් ගුටි කාලා නෑ... ඔය කොල්ලෙක් ගෙන් වලියකදි කෑවොත් ඇරෙන්න...

ඒ ලෙවල් වලදි යුනිෆෝම් එකේ අවුලක් වෙලා අහුවෙලා ප්‍රින්සිපල් ගෙ ඔෆිස් එක ගාව පීරියඩ් 6 ක්  හිටන් ඉන්න උනා...



නාගහවත්ත සර් ගෙ වයිෆ් ට මොකක්දෝ කිව්ව කියල කොල්ලෙක්ට ගහපු ගැහිල්ල...  7 වසරෙදි පුටුවකුත් පෙරලගෙන වැටෙන්න දීපු ගුටි ප්‍රහාරය... අපේ පවනය 13 දි පොන්නම්පෙරුම සර් ගෙන් කාපු ගුටි කෑම... අදී කීපයක් නොමැකෙන විදියට හිතේ ඇදිල තියෙනවා...

ලියවුනේබොහොමත්ම අඩු ප්‍රමානයක්.... මීට අවුරුදු 10 කට 15 කට 20 කට එහා දේවල් නෙව.... මතක් වෙන්නෙ නෑ...

කට්ටිය ගෙ අත්දැකීම් බෙදා ගමුද පහලින්... නැත්තම් බ්ලොග් පෝස්ට් එකක් ලියල පහලින් ලින්ක් එක දාමු අම්බානෙක ගුටි කාල තියෙනම්.. හික් හික්...

Tuesday, October 18, 2011

මගේ කෙල්ල බ්ලොග් කියවන්න අරන්... ( පළාමල්ල ට වාරණයක් )

Share

කාල වරෙන්කො.... ඇනොනිමස් විදියට බ්ලොග් ලියන්න කියල ඔන්න ඉතින් පිස්සුවකුත් හදාගෙන ආව කියමුකො.... ඊට පස්සෙ ටිකින් ටික එකා දෙකා අදුර ගත්තා... අභීත දත් දොස්තර මහත්තය හීනයක් දැකල අවුරුදු උත්සවයක් තියල බ්ලොග් අවකාශෙ සැට් එකක්ම අදුර ගත්තා... ඊට කලින් නෙළුම් කොළේ සෙට් වෙච්චි එක වෙනම කතාවක්...


ඔය කොහොමින් හරි මූනු පොත හරහා අර තිබ්බ පිස්සගෙ ඇනොනිමස් ගතිය නැති උනානෙ...


ඒත් ඉතින් බ්ලොග් අවකාශෙ එව්වො ඇරෙන්න මම බ්ලොග් ලියනව කියල දන්නෙ නැහ නෙව කවුරුත්... අපේ එව්වො එක්ක බීමකට සෙට් උනු වෙලාවක ගෝල්ඩ් ෆිශ් කෝල් එකක් දුන්න මතකයි දවසක... ( ලංකාවට ආව වෙලේ.. ) එවෙලෙ ඌත් එක්ක කතා කරපුව අහන් හිටපු අපේ නම් බ්ලොග් එකේ ජනප්‍රිය චරිත ටික ඇහුව මොකක්ද බන් උබ ලියන්නේ.. මොනවද ඔය බ්ලොග්  කියල... 

" තොපි ගැන තමයි ඉතින් " 

කිව්වට උන්ට ඒක තේරුනේ නැත්තෙ එවෙලේ මල්ටි බිලියන් බිස්නස් ඩිස්කශන් එකක් ගිය නිසා වෙන්න ඇති අපි අතරේ... බිව්වම අපේ සංකය කතා කරන්නේ එහෙම එව්ව ගැන... අතරින් පතර කඩ්ඩත් දානවා....


කොහොමින් හරි ඉතින් අපේ මගේ වෙන්න භාරියාව හෙවත් කෙල්ල පැටියට ඕක ඉව වැටුනා..

මොනවද ඔයා ලියන්නේ ?

කා ගැනද ?

මං ගැනත් ලිව්වද... ?


ආදී ප්‍රශ්න.. ටික දවසක් යද්දි.. කෝ ඉතින් ඔය ලියන ඒව මටත් එවන්නකො... හරිනේ ඉතින්...


" ඔයාට ඉන්ටර්නෙට් නෑනෙ සුදු... " එහෙම කියල බේරෙන්න හැදුවට කොහෙද එව්ව... එව්ව හදේ ලු..


" අහ් එහෙනම් ඉතින් ෆෝන් එකෙන් කියන්න...  " හප්පුච්චියේ මේ ලියන එව්ව කියවන්න පුළුවන්ද... කම්මැලි නැද්ද අප්ප.. මෙලෝ රහක් නැති එව්වනේ... අනික මේකෙ තියෙන බේබදු කතා සැට් එක දැක්කම අනේ අර බෝ පැල කියල හිතන් ඉන්න මගේ යාළුවො ගැන අපේ කෙල්ල මොනා නොහිතන්න බැරිද...  ඊට පස්සෙ ඉතින් ලංකාවට ගිය කාලෙක වත් එව්වො එක්ක සෙට් වෙන්න අවසර ගන්න අමාරු වෙනව නෙව අර එකෙක්ට වුනා වගේ...

ලිපියක් දෙකක් කියෙව්ව අමාරුවෙන් තෝරගෙන.... මටම කම්මැලියි..
මම හිතුවා බ්ලොග් කියවිල්ල ඇහිල්ල ඒකෙන්ම එපා වෙයි කියල... කෝ නෑනේ...

මේ ඔය බ්ලොග් එක එවන්නකො මට...


දවසක් තකහනියෙම...


ඇයි සුදු ඔයා කොහොමද බලන්නේ..

මම බලන්නේ මගේ ෆෝන් එකෙන්..


හුටා.. ෆෝන් එකෙන්...

ඕකේ සිංහල නැහනේ සුදු... බ්ලොග් බලන්න සිංහල තියෙන්න ඕනි..


එදාත් වැඩේ ශේප්...

මේ ඔයාගෙ බ්ලොග් එක එවන්නකො... මම බලන්න ට්‍රයි එකක් දෙන්නම්... මේකෙ සිංහල තියෙනව අනේ...

හුටා හරිනේ... දැන් ඉතින් මොකේදැයි දන් වලදන්නේ අපේ ලොකු හාමුදුරුවනේ කිව්වලු....

palaamalla.blogspot.com ඔන්න සුදු... ඕක තමයි බ්ලොග් ඇඩ්‍රස් එක...

පැයක් ගියා... 2 ක්... 4 ක් 5 ක්... සද්දයක් නෑ...

සුදූ මොකද කරන්නේ ?


ප්‍රතිචාරයක් නෑ...

ගත්ත කෝල් එකක්...

" දිව් රාල පවසන්න මට ආ... බීප් බීප් බීප්...  "

හුටා කට් කරා නේද...


ඔන්න තව විනාඩි 10 කින් විතර කෝල් එකක්...


අනේ සොරි පැටියො... මම ඔයාගෙ බ්ලොග් එක බල බල හිටියේ...



ඉතින් කට් කලේ... මටත් ටිකක් විතර තද උනා..



අහ් මම අර දිනිති කතාවෙ අන්තිම කොටස කියව කියව හිටියේ.. ඒකයි...


හුටා...


මේ කව්ද අනේ දිනිති.. ඔයා මට කියල නෑනේ...



දිනිති නෙමෙයි අනේ... ***** බ්ලොග් එකේ නම වෙනස් කරල දැම්මේ ඉතින්...



අහ් එයාද...



මේ මේ ඉතින් ඔයා අපි ගැනත් ලියන්නකො...


හරිනේ... තව මෙගා සීරිස් එකක්.. බ්ලොග් එකක් කියවගන්නවත් වෙලා නැති කොට මෙගා ලියන්න...


වෙලාවක් නැහැනේ සුදු.. පස්සෙ ලියමු..



ඒ උනාට ලියන්න ඕනි හොඳද...



හරි හරි සුදු...


ඔය ආකරයේ ප්‍රශ්න පත්තරයක්...


අපෝ ඒ උනාට ඔය බේබදු කතා ලියන්න එපා අනේ.. ඔයාගෙ බ්ලොග් එක කියවන අය මොනව හිතයිද...


බ්ලොග් අවකාශෙ නොදන්න බෝතලය කිව්වලු...

ම්ම්ම් ඔව් ඔව් බොන කතා නොලිය ඉන්න ඕනි...


ඔයාගෙ ඔය පරණ කෙල්ලො ගැනත් ලියන්න එපා... ඒව ඕනි නෑනේ.. ඔයා මම ගැන ලියන්න...


හරිනේ... ඔන්න එහෙනම් පිස්සගෙ පළාමල්ලටත් ඒක පුද්ගල වාරණ මන්ඩලයක් පත් කරල... ඉස්සරහට ලියන එව්වයෙන් මොනව වාරණය වෙයිද මන්ද...


ප. ලි : ඔය ඉතින් මම ඔහොම කිව්වට අපේ කෙල්ල කිසි ගින්නක් නෑ... ඔයා ලියන ඒව හොඳයි... ඒ කවුරු ගැනද... ආදී ප්‍රශ්න/ විචාර තමයි ඉතින්... මම දන්නවනේ.. මෙච්චර කාලෙකට චූටි හරි ලෙඩක් දැම්මෙ බොනවට තමයි.. ඒකත් ඉතින් වැඩිය එපා කියනව මිසක් " බිව්වොත් එහෙම  මම තෝව දාල යනවා " ජාතියේ තර්ජන නම් නෑ... කොහොමින් හරි සිංහලෙන්ම කියනවනම් රත්තරන් කෙල්ලෙක් සෙට් උනා අන්තිමේදි...


මෙව්ව ඇවිල්ල නවසීලන්තයෙන්ම වැඩි ගානට ආනයනය කරපු සුපිරි බටර්... හික් හික්...

Monday, October 17, 2011

අම්බානෙක බීල... ලයිසන් නැතුව එලවලා.. පාර වැරදිලා.. පොලිසියට මාට්ටු වෙලා.. ගෙදර ගිය හැටි..

Share
 
ඉතින් අපිත් වයසට යනවා... මූනු පොතට පින්සිද්ද වෙන්න ලොකේ වටේ ඉන්න අපේ උන්ගෙ ඕප දූප ටික ආරංචි වෙනව. අපේ උනුත් දැන් ටික ටික  ජය මංගලම්.. පවුල් පන්සල් වෙන්න අරන්...
අනේ සාදු... දැන් මේ කියන්න යන්නෙ පවුල් පන්සල් වෙන්න යනව කියල නෙමේ...


කොටින්ම මගුලක් ගැන නෙමේ මගුලකට ගිහින් උන දෙයක් ගන කියන්න හදන්නෙ...


2005 ජනාධිපතිතුමා රජ වෙන්න කලින් තිබ්බනෙ ජනාධිපතිවරනයක්. ඔය කාලේ තමා මේක උනේ.


මේක ඇවිල්ල අර පාවෙන කාලේ ඕනි කුණු ගොඩකට වලියකට " යමන් මචන් " කියල ඔලුව දාන කාලේ සීන් එකක්....


මම මගෙ යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලෙ මූ කිවා

" මචන් අද රෑ wedding එකකට යන්න ඔනෙ උබත් යමන් "


 කියල. මම බැලුව යකෝ එහෙම යනවද වෙඩින් වලට.. ප්ලේට් ගානට කාර්ඩ් ගහල අන්තිම සතේට ගනන් හදල නෙව දැන් වෙඩින් වලට යන්නේ.... 


" යකෝ එහෙම යනවද බන් wedding  වලට invitation නැතුව... "



" උබට invitation දෙන්න පිස්සුද බන් උන්ට... අවුලක්  නෑ උඹ වරෙන්කො... මම නේ  කියන්නේ  "


දැන් බඳින්නේ කෙල්ලෙක් ද කොල්ලෙක්ද බඳින එකා කලුද සුදුද කියලවත් මම දන්නෙ නෑ... මටත් ඉතින් මොකෝ අතින් පයින් යනව කියලය...


ඉතින් ඕනි මගුලක් කියල මාත් උගෙ කිට් එකක් දාගෙන ලාස්ති උනා.

මූට තිබ්බ අර වැලි අදින ජාතියෙ canter එකක්... ඕක තමයි ඉතින් වාහනේ දුකට සැපට ඕනි දේකට තිබ්බ.... පිස්සු සීන් එක කියන්නෙ මූ වෙඩින් එකට යන්න ගත්තෙත් මේ වාහනේ.... තියෙන එකේ නොයා ඉතින් පාරෙ බස් එකේ යන්නය...  අමුතුවෙන් කියන්න ඕනි නෑනේ...  ඕක ඇවිල්ල බර වාහනයක්.. ඒ කියන්නේ බර වාහන ලයිසන් ඕනි එලවන්න.


අවුලක් නෑ පොර එලවනව මම වාඩි වෙලා යනවා... ඉතින් ගියා. මාලබේ තමා wedding එක තිබුනෙ. මුගෙ ගෙවල් පිලියන්දල.
වෙඩින් එක කිව්වට ඇත්තටම වෙඩින් එක ඉවරයි. එදා රෑ ඒ  බැඳපු එකාගේ යාළුවන්ට පාටි අංශයක්. ඒකයි පොරත් අවුලක් නෑ යමන් කියල මාවත් එක්කන් ආවෙ. 



ඉතින් ගිය වෙලේ ඉදන් බීමක් තිබුනෙ. අපරාදෙ කියන්න බැ එහෙම බයිට් variety එකක් නම් මං අද මේ වෙනකල් දැකල නෑ. චිකන්, ඉස්සො, දැල්ලො, පෝර්ක්, බීෆ් ඔක්කොම ඩෙවෙල් ද නා නා ප්‍රකාර විදියට හදලා... තව කන්කුන් ඩෙවෙල්... වෙජිටේරියන් අයට එහෙම... බොන්න තිබ්බෙ නම් ලෝකල් තමයි... ඒත් හොඳ variety එකක් තිබ්බ.


කුඩු වෙන්න... නන්නත්තාර වෙන්න වැදුන දෙන්නටම. ‍අපිට විතරක් නෙමෙයි එතන හිටි උන්ගෙන් 90 % අවුට්... ඒ මදිවට සමහර එව්වො බෝතල් සාක්කුවෙ දාගන්නව... ඉනේ ගහ ගන්නව... මඟුල් ගෙදර උනුත් අනේ පිනට දුන්න කියල හිතාගෙනද මන්ද ඇස් වහගෙන ඉන්නව නොදැක්ක සේ... ( බැඳපු ඩයල් එක පිට කොටුවෙ බිස්නස් කරන පොරක්.. ඉතින් ඇවිත් තිබ්බෙත් අමුතුම ඩයල් ටිකක්... )

යාලුව නම් ෆුල් අවුට් සීන් එකක්. අපි බීල හින්දද මන්ද මට නම් පෙනුනේ මනමාලයත් ශොට් එකක් වත් දාල කියල... අනේ මන්ද... කොහොම හරි බත් ඩිංගිත්තකුත් කාල ඩෙසර්ට් නම් කන්න බෑ බෑ වගේ නිසා ඒකත් එපා කියල අපි ආව ගෙදර යන්න... ඉතින් ගෙදර යන්නත් එපයි.


කව්ද යකො අර කැන්ටර් තඩිය එලවන්නේ.. මට බර වාහන ලයිසනුත් නෑ... අනික පාර දන්නෙ ත් නෑ... ( ඔය කාලේ මම මාලබේ ඉදන් පිලියන්දලට යන්න දන්නෙ නෑ.. )..


‍ඒත් ගෙදර යන්න ඕනි නිසාත්... බීපුවගේ ශක්තිය නිසාත්... අරූවත් අමාරුවෙන් අරන් කන්ටෙර් එකට දාගෙන ( වටේ බේබද්දන්ගේ උපකාරයෙන් )  එවෙලේ බුදු ෆිට් උනු සෙට් එකට එන්නම් කියල ආව. මනමාලයට කිව්වද මතකත් නෑ...


මට ඉතින් බර වාහන ලයිසන් නැති උනාට අරූගේ බර වාහන ලයිසන් එකට වඩා මගේ කාර් ලයිසන් එකට හොඳ තත්වෙ තිබ්බා... ඌට සාපෙක්ශව...

අනික් අවුල මන් පාර දන්නෙ නෑ. ලාවට මතකයක් තිබ්බට එවෙලේ තිබ්බ තත්වෙ අනුව පාර පුරා සීන් එකක් නේ.

ඒ හින්ද ඔන්න පාරට දාගෙන එන්න ආව කියමුකො....

" ඒ ඔහොම නවත්තපන්... "

" ඇයි ? "

" මට චූ බරයි... නවත්තපන්... "

අවශ්‍ය්තාවකනේ... අනික කාගෙන් තහනමක්ද... ඒ කාලේ චූ කරනවට නීති තිබ්බෙත් නෑ මයෙ හිතේ.. ගැහුව බ්‍රේක් පාරක් පාර මැදම.. ( අතුරු පාරෙ මේ තාම ඉන්නේ ).. වාහනේ පාර මැදම තියල දෙන්නම බැහල චූ ත් කරා...

හරි දැන් ඔන්න යනවා... අවුල ඉතින් මම පාර දන්නෙ නෑ... මතකෙන් යන්නේ.. මට මතක විදියට මාලබෙන් අතුරුගිරිය පැත්තට දාල කොට්ටාව - මාලබේ බස් යන පාරේ ගියේ...

" ඒ මචන් හරිද... "

" හරි හරි පාර හරි උබ යමන්කො.. "

කොහොම හරි ඉතින් ආව එහෙන් මෙහෙන් දාගෙන. අරූ ගෙන් අහන අහන පාරට හරි හරි යන් කියනව උට පාර තියා මාව පේන පාටකුත් නෑ.




ජනාධිපතිවරන කාලේ නේ ඉතින් පොලෝසියේ අන්කල්ල ( ඒ කාලේ අන්කල්ල.. දැන් අයියල උනාට ) ලා හම තැනම... ඉතින් ඔහොම යන ගමන්... කොයි හරියෙදිද මන්ද දැම්මනේ අත එකෙක්...


බීපු වෙරි ටික සූ ගාල දාදිය පාරකින්ම වාශ්ප වුනා... දැන් මොකැයි කොරන්නේ... අතත් සුට්ටක් විතර වෙව්ලනවා...

" ඇයි නැවත්තුවෙ " ඒ අස්සෙ අරූ අහනවා... ඌ ඇස් දෙකත් පියාගෙන කනත් සක්කුවෙ දාගෙන.. ඒත් නිදි නෑ...

" පොලිසියෙන් බන්.. අත දැම්ම.. "


" අනේ ඕකුන්ට හුන්නස්ගිරිය ( අබේපාල මාමගෙන් ඉස්සුවෙ ) කියල යමන් බන්... "  

මගේ තිබ්බ වෙරිත් බැස්ස... ඇයි දෙයියනේ ඒක ඇහුනනම් අපි දෙන්නට පාර මැද තියල හුන්නස්ගිරි කන්ද නග්ගනව ආයේ හෝදන්න දෙයක් නෑ...

ඉතින් එක අන්කල් කෙනෙක් ඇවිල්ල දැම්ම ඔලුව...

" මල්ලි පොඩ්ඩක් ලයිසන් ඉන්ශූරන්ස් අරන් බැහල එනවද "


මාත් ඉතින් කලබලෙම මගේ ලයිසන් එකයි ඉන්ශූරන්ස් කොලෙයි අරන් බැහල ගියා...

තව එකෙක් එතන පොතකුත් තියන් ලියනව. මම කට වහගෙන ගිය පොර ගාවට... ඇයි දෙවියනේ සංසාරෙ හුරු පුරුදු සුවඳ වත් දැනුනොත් ඉවරනේ...


" කෝ... දෙන්න.. " මම ලයිසන් එක අතේ තියාගෙන ඉන්ශූරන්ස් කොලේ දුන්නා... වැරදිලවත් ලයිසන් එක බැලුවොත් ලොරි ලයිසන් නෑ කියල මාට්ටු වෙයි කියල..

" මේ ඉන්නේ තමුසෙ නෙමෙයි නේ... ? "

හත්දෙවියනේ උගේ අතේ ලයිසන් එකක්.. මූන පුරා රැවුල වවපු ඩයල් එකකගේ.. මම නෙමෙයි නේන්නම්.... ටක් ගාල මීටරේට වැටුනා.. අරූගේ ලයිසන් එකත් ඉන්ශූරන්ස් කොලේ ඇතුලේ...

" සර් ඔය අර අනික් එක්කෙනාගෙ... එයාගෙ වාහනේ.. "

" කෝ තමුසෙගේ ලයිසන් එක... ? "

" අහ් මෙන්න සර්... "

 මමත් අතේ තිබ්බ ලයිසන් එක දුන්න ගැහි ගැහි..

පොරත් ලයිට් එලියට අල්ල අල්ල බල බල පොතේ මොනවද ලියනව..

" කොහෙද යන්නේ... ? කොහේ ඉදන්ද එන්නේ... ගියේ මොකටද ? "  ආදී ප්‍රශ්න සැට් එකකුත් ඇහුව.. මමත් ඈතින් ඉදගෙන බොහොම අමාරුවෙන් කට වහගෙන වගේ උත්තර දුන්න.. ඇයි දෙවියනේ සුවන්නදක් වත් ආවොත්... බඩු නේ... පොර විස්තර ටික ලියාගෙන මට කොල ටිකයි ලයිසන් එකයි දීල...


" හරි යන්න.. "

දැන් මටත් සීන් එක අවුල්.. දඩේකුත් නෑ... කරපු වැරද්දකුත් නෑ... හිතේ අවුලට මමත්..

" සර් විස්තර ටික ගත්තෙ ? "

" අහ් මේ පාරේ යන වාහන වල ඩීටේල්ස් ගන්නව.. මැතිවරන කාලෙනේ ඕයි.. "

මම ඌටත් හිනාවක් දාල වාහනේට නැග්ග...

" මොන හුන්නස්ගිරියක්ද උන් කියන්නේ... මම කතා කරන්නද ? "

මූ ට පිස්සුද මන්ද... කෙලින් ඉන්න බැරි එකා බැස්සොත් වැරදිලාවත්... මම සිං ගාල එතනින් කැපුනා..


පුදුම වාසනවක් තිබිල එතනින් බේරුනේ... උන්ට සීන් එක තෙරුනානම් ඇපත් නෑ... ඉතින් කොහොම හරි     "මහරගමට " හරි " කොට්ටවට " හරි ආව... මට මතක විදියට කොට්ටාව වෙන්න ඕනි... ඔය දෙකින් එකක්... ඇවිල්ල දැන් හරවන්න ඕනිනෙ හයිලෙවල් රෝඩ් එකට... මට මතක විදියට මම වමට හරවලා දැන් කෙලගෙන යනවා මහරගම බලා... මගේ මීටරේට අනුව ඔහොම ගියහම මහරගම හම්බෙන්න ඕනි... එතකොට පාර දන්නවනේ...

යනව යනව මහරගම නෑ.. ඔහොම යද්දි " මන්චි " එක තියෙනව ඉස්සරහ...
මට තේරුනා මොකක් හරි අවුලක් කියල...

 " මචන් පාර වැරදියි වගේ නේ "

 " ඇයි උබ දන්නෙ නැද්ද ?  "

ඇයි දෙයියනේ මූට මම කී පාරක් කිව්වද පාර කියපන් කියල...

" නෑ යකෝ... "

" ඉතින් මේ යන පාර වැරදිනේ... අනිත් පැත්තට නෙ යන්න ඕනි. "

මූ ඉදන් කියපි...

" ඉතින් උබ නොකිව්වෙ ? "

" මම හිතුවේ උබ වෙන හුන්නස්ගිරියක යනව කියල .. "

අනේ ඉතින් කාට කියන්නද...

දැන් එහෙම කියල හරවන්නෙත් නැතුව යනව ඌත් එක්ක වාද කර කර... තවත් සෑහෙන ටික දුරක් ගිහින් හයිලෙවල් එකේයූ ටර්න් එකක් දාල මහරගම හරහ ගෙදර ආව අතක් පයක් කඩා ගන්නෙ නැතුව දෙයියනේ කියල...

එදායින් පස්සෙ මම නෙමෙයි ඔය ගානට බීල වාහන එලවන්නේ...



අහ් මේ යාළුවා වෙන කවුරුත් නෙමෙයි අර එපා ම උනු මත්පැන් බීමක් එකේ පොරම තමයි.. ඒ ලිපියේ සිංහල නම් අන්තිමයි. බ්ලොග් එක පටන් ගත්තු අලුත නිසා උනිකෝඩ් ටයිප් කරල තියෙන්නේ දෙමළ වගේ.. හික් හික්...


අබේපාල මාමගේ හුන්නස්ගිරි කතාව මෙතනින්.


බේබදු කතා බලනවනම් මෙන්න...


පොලිස් කතා මෙතනින් බලන්න පුලුවන්....

පින්තූර ජංජාලයෙනි.

පිස්සගේ අවවාදය : මත් වතුර පානය ශරීරයට අහිතකර විය හැකිය.

Friday, October 14, 2011

" රෑ ඉර පාන " කලකින් ඇසූ අපූරු සංගීත වැඩසටහනක්...

Share



අද ලියන්න යන්නෙ නම් ලොකු පෝස්ට් එකක් නෙමෙයි... අහම්බෙන් වගේ අහන්න ලැබුනු  ගුවන් විදුලි වැඩසටහනක් ගැන...   මූනු පොතේ තිබුන ලින්ක් හරහා තමයි එකක් දෙරණ ගුවන් විදුලියේ විකාශනය වන " රෑ ඉර පාන " කියන වැඩසටහන අහන්න ලැබුනේ.


පහුගිය මාසෙ 7 වෙනිදා පටන් අරගෙන තියෙන මේ වැඩසටහන ඉරිදා රාත්‍රී 7 ට විකාශනය වෙනවා කියල තමයි වෙබ් අඩවියේ තියෙන්නේ...


බන්ධුල නානායක්කාරවසම් මහතා  විසින් ඉදිරිපත් කරන මේ වැඩසටහන කාලෙකින් අහපු ගීත වැඩසටහන් වලින් ඉතාම ඉහල තැනක තියෙන වැඩසටහනක් කියල හිතුන නිසා මේක බ්ලොග් එක තුලින් බෙදා හදා ගන්න තිබුනා.


ගීත වල පසුබිම් කතා... අතීතය.. සැඟවුනු යටි අරුත් බොහොම ලස්සනට ඉදිරිපත් කරන වැඩසටහනක්. මේ තුලින් සිංහල ගීත පමණක් නෙමෙයි හින්දි හා බටහිර ගීතත් ඒවා තුල සැඟවුනු මතකයන් සමඟ බොහොම ලස්සනට ඉදිරිපත් කරනවා..


ලිපිය ලියන ගමන් ජංජාලෙ සර්ච් එකක් කරනකොට දෙරන  බ්ලොග් අඩවියේ රෑ ඉර පාන වැඩසටහන ගැන අපූරු ලිපියක් හමු උනා...


"""  රෑ ඉරපානේ සංග්‍රහ වන දේ හරිම වැදගත්… වෙලාවකට අපේ මතක ලෝකයේ සදානුස්මරණිය ගී දියමන්තියක්…. තවත් වෙලාවක ඉංග්‍රීසි හෝ හින්දි දෙමළ අසාමාන්‍ය නිර්මාණයක්…… අප විසින් ඉතාමත් දුක්මුසුව අමතක කළ ගීතයක්….. නැතිනම් අපි අවධානයට ලක් නොකළ අපූර්ව ගීතයක්……  එසේත් නැතිනම් තමුන්ගේ අතින් වියදම් කරගෙන ඉතාමත් පරිපූර්ණව නිර්මාණය කරල මහන්සිවෙලා තමන්ම අහ අහ ඉන්න අළුත් ගී නිර්මාණයක්…..

ඉංග්‍රීසි හින්දි දෙමළ වගේම වෙනත් සංගීත දහරාවකින් ගත් ගීතත් හැමදාම රෑ ඉරපානට ඇතුළත්.
මේ හැම ගීතයකටම අමුතු සිද්ධියක් ප්‍රස්තුතයක් තියෙනවා. ඒක පරම්පරා භේදයක් නැතිව විඳින්න පුළුවන් සමාජ අත්දැකීමක්.

ගීතයට හීනෙන්වත් සම්බන්ධ නැති සිද්ධියකින් පටන් අරන් කිසිවකු නොසිතන තැනකට අප ගීතයත් එක්ක යනවා…. ඒකාකාරී ගී ඉදිරිපත් කිරීම පිටුදකින්න මට තිබුණු  ඕනෑකම අද ඊයේ එකක් නෙමෙයි…. ඒත් රෑ ඉරපාන ඒ අවශ්‍යතාව තෘප්ත කළා.

අපි පරම්පරා ගැටුමට හැමදාම ලක් වන උදවිය… ඒක නතර කරන්න බැහැ. ඒත් එදා හිටපු තරුණ පරම්පරාව හැටියට අද තරුණ පරම්පරාවෙ සිතුවිලි මට නම් දුරවබෝධ නැහැ… ඒ නිසාම මගේ වැඩසටහන කිසිදු තරුණ පරම්පරාවේ කෙනෙකුට  “දුරවබෝධ” හෝ  “අවිෂය” වන්නේ නැහැ…  එයට මගේ නිර්මාණ ජීවිතයෙන් උදාහරණයක් ගත්තොත්………. පණ්ඩිත් අමරදේව,  නන්දා මාලනී, වික්ටර්,  සනත් යන ගාන්ධර්වයන් හරහා සුනිල්ල එඩ්වඩ්ල දීපිකාල නිරෝෂා පසුකර නෙලුලා උරේෂා විතරක් නෙවෙයි මධුමාධවගේ යුගයේ සිට රනිඳුට මා ලියූ  “නිල්නයනියේ” හෝ “පළායන්නේ නෑ මා” වැනි ගීත දක්වාම මේ බැම්ම, ආධ්‍යාශය බලගතුයි….
ස්ථීරසාරයි…… නිර්මාණශීලියි.

මුළු සමාජයම වපරැහින් බලන හෝ ප්‍රතික්ෂේප කළ අමුතු ගායකයකුගේ සොඳුරු ගායනය…. පෙර කී භාවාත්මක ගී අතර තියෙන්න පුළුවන්. ගීතය විනාඩි තුනහමාරක විසඳුමක් නෙවෙයි. සියවස් ගණනක් හිතන්න පොළඹවන සාමුහික කලා මාණික්‍යයක්. මාර්ටින් වික්‍රමසිංහයන් කීවා  “හොඳ පොතක් කියෙව්වම සියවසකින් අප පැහෙනවා” කියලා. හොඳ ගීතයකත් ඒ බලය, විශ්මිත ගුණය තියෙනවා.   ""


මේ රෑ ඉර පාන වැඩසටහන ගැන බන්දුල නානයක්කරවසම් මහත්මයා ඒ ලිපියට එකතු කල වචන ටිකක්....


ඉරිදා රාත්‍රී 7 සිට 9 දක්වාත්... නැවත් විකාශය සෙනසුරාදා උදේ 8 සිට 10 දක්වාත් දෙරණ ගුවන් විදුලියෙන් අහන්න පුලුවන්....


එහෙම නැත්තම් මූනු පොතේ රෑ ඉර පාන පිටුව තුලිනුත් පැරෑණි වැඩසටහන් අහන්න පුලුවන්.


දෙරණ බ්ලොග් අඩවියේ රෑ ඉර පාන වැඩසටහන ගැන ලිපිය මෙතනින් බලන්න පුළුවන්...


රැ ඉර පාන මූනු පොතේ ෆෑන් පේජ් එකට...


පැරණි වැඩසටහන් මූනු පොතේ ෆෑන් පේජ් එක හරහා හරි යූ ටියුබ් එකේ සර්ච් කරල හරි හොයා ගන්න පුළුවන්.... ..

දෙරණ නාලිකාවට වගේම වැඩසටහන ඉදිරිපත් කරන බන්දුල නානයක්කර මහතාටත් බොහොම ස්තුතුයි මේ වගේ වටිනා වැඩසටහනක් කිරීම සම්බන්ධයෙන්.

Tuesday, October 11, 2011

( අ ) වාසනාවන්ත රටක උපන් පවට

Share


පට්ට සීතල කාලේ ඉවරයි... ටික ටික පොරෝගෙන හිටිය ඇදුම් කෑලි වලට නිවනක් දෙන්න පුළුවන්... ඒ එක්කම මල් පිපෙන කාලේ.. ඒ කියන්නේ මට නරක කාලේ... ඔව්.. මේ කාලේට මට වැඩි වෙලා එලියෙ හිටියොත් හේ ෆීවර් හැදෙනවා.. කාලයකට ගිනි ගහන්න රස්නෙයි.. කාලයක් පට්ට හීතයි.. අනික් කාලෙ එලියට ගියාම හේ ෆීවර්... මට මේ රෙද්දෙ රට එපා වෙලා... ඒත් ????

ඔව් ලංකාව ඒ අතින් රත්තරන්... අවුරුද්දෙ ඕනිම කාලෙක එලියට බැහල සරමක්.. කමිසයක් දාගෙන ඉන්න පුළුවන්.. සීතල ගන්න ඕනිනම් පැය 5 ක ගමනක් නුවර එලියට.. පුංචි එංගලන්තෙ.... රස්නෙ ඕනිනම් ඔය පොලොන්නරුව කතරගම දිහා යන්න පුළුවන්... 


හීටර් වත්... ඒයාර් කන්ඩිශන් වත් ඕනි නෑ... එව්ව දාගෙන ඉදල මාසෙ අන්තිමට එන දඩ බිල ගෙවන්න ඕනිත් නෑ... මග තොටදි වතුර තිබහක් ආවොත් $ 2 - 3 ක් දීල හිච්චක් විතර වතුර බෝතලයක් ගන්න ඕනි නෑ අපේ රටේ... කඩේකට ගොඩ වැදිලා වතුර වීදුරුවක් පුරවන් බිව්වට සල්ලි ඉල්ලන තත්ත්වෙට අපේ රටේ මිනිස්සු බංකොලොත් නෑ තාම... 


ගෙදර ලිඳෙන් වතුර ටිකක් නාල... ගහෙන් කඩල තිබ්බ කුරුම්බ ගෙඩියක්.. තැම්බිලි ගෙඩියක් බීල හීතල හුලඟක් වැදි වැදි ගහක් හෙවනකට වෙලා වාඩි වෙලා ඉන්න පුළුවන් තාම අපේ රටේ...

වත්තෙන් ඉන්දපු පලා කොල වලින් හදපු මැල්ලුමක්... එහෙමත් දවසක උදේට කොළ කැඳ ටිකක්.. වත්තෙ හිටවල අපිම වතුර දාල හඳපු වම්බටු ටිකක්.. මෑ කරල් ටිකක්.. පුහුල් ගෙඩියක්... වට්ටක් ගෙඩියක්.. අඹ ගෙඩියක්.. පේර ගෙඩියක්.. ගස්ලබු ගෙඩියක්....අවුරුදු ගානක් ෆ්‍රිජ් වල දුක් විඳපු සීතල එළවලු නෙමෙයි... දවසක් දෙකක් පරන එළවලු.. යකෝ මෙව්වො ෆ්‍රෙශ් කියන්නේ සතියක් වත් පරණ එව්වට... අපේ මිනිස්සුන්ට අගයක් නෑ අර පොළේ  තියෙන එළවලු ටික..

ළුත් මාළු ටිකක්...

හදිස්සියකට අහල පහල මිනිහෙක් උදව්වකට නෑවිත් ඉන්නෙ නෑ... ගහ මරා ගන්නව තමයි... ඒත් හදිසියකදි උදව්වක් නොකර ඉන්නෙ එහෙමත් එකෙක්.. ඒ ලෙංගතු කම.. හිතවත්කම.. තාම තියෙනව මිනිස්සු අතර ඒ උනත්.. මූනිච්චාවට කියන ගුඩ් මෝර්නින්... තැන්ක් යූ එකට වඩා ඒකත් හොඳයි...


ඇත්තටම ලංකාවෙ මිනිස්සු වාසනාවන්තයි.. ඒත් ඒක තේරෙන්නෙ නෑ... ඒකෙ වටිනකම පේන්නෙ නෑ...

ඇහුවොත් කියන්නේ " මෙහේ ඉදල හරියන්නෙ නෑ බන් "

ඔව්.. ඔය මොනා තිබ්බත් අපි මහ අවසනාවන්තයි... අපි මෙච්චර ලස්සන සුරපුරයක් වගේ රටක ඉපදුනත් අපි අවසනාවන්තයි... 


මහ ලොකුවට ලෝකෙන් උතුම් රට ලංකාවයි කිව්වට... අපේ රටේ නායකයො.. ලොක්කො කියන එව්වො.. උන්ට උඩ ගෙඩි දෙන සොක්කො... උඩ ඉදන්ම පල්ලෙහාම එකාට වෙනකල් තමාගෙ බඩ වඩා ගැනීම ම පමනයි කියන තැන ඉදන් අවුරුදු ගානක් වැඩ කරල අපි ඉපදෙද්දිම අපිව අවසනාවන්ත කරලා...

පහුගිය කාලේ දුප්පත් කෙල්ලො ටික හෝල් සේල් අරාබියට පැටෙව්ව...  නාකි අරාබි කාරයන්ගේ වහල් වැඩ වලට... ඒ කෙල්ලන්ට වෙන අතවර කිව්වම ලොක්කො සද්ද නෑ.. උන් බාල් නටනවා...

අවුරුදු 30 ක් තිස්සෙ යුද්ද කලා.. නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ මහ විශාල ගහක් වෙනකල් බලන් උන්නේ පෝර දැම්මෙ කව්ද.. අපේ දේශපාළුවො නෙමෙයි කියනවනම් උබලගෙ ඇස් වල හොටු යකෝ... කොල්ලො බුරුතු ගනන් මැරුනා... මිනී පෙට්ටි ආවෙ හෝල් සේල්...  ඔන්න දැන් තව සෙල්ල්ලමක් ඔලුව උස්සනව නැගෙනහිරෙන්.. අනේ අපේ චන්ද ටික කැඩෙයි කියල සද්ද වහන් හිටියොත් වැඩි කාලයක් නෑ තව කෙලියක මුල වෙන්න බැරි නෑ...


දුප්පත් මිනිහෙක් බඩගින්නට හරි නැති බැරි කමට හරි පොල් ගෙඩියක්.. කොස් ගෙඩියක් කඩා ගත්තොත් ඌව උසාවි දානවා.. ඇමති වරු ලොකු ලොක්කො කෝටි ගනන් වාහන වල කුඩු අදිනවා... ගංජා ගහක් දෙකක් වැව්වොත් ඌව අවුරුදු ගානකට ඇතුලේ... කුඩු වලට මොකුත් නෑ...

තරු හෝටල් වල සුපිරි ගොන්නු තියාගෙන අහවල් එක කරගන්න ඔය ලොක්කොන්ට පුළුවන් ඒ උනාට කෙල්ලෙකුයි කොල්ලෙකුයි බීච් එකක කතා කර කර හිටියත් පොලිසියට උස්සන් යනවා...



සංස්කෘතියද මොකක්ද මන්ද මඟුලක් කියාගෙන ඔක්කොම ගණිකා නිවාස අල්ලනවා... මොනයම් හේතුවක් හරි හින්ද පත්තරේ අරන් බැලුවම සන්දුක්කාරේ.. තාත්ත දුවව දූශණය කරල... මුනුපුරා ආච්චිව... පහු ගිය දවස් වල මාතරම ප්‍රසිද්ද සිද්දි 2ක් උනා.. මල් වගේ අහිංසක ළමයි...  නිකමට සතියෙ දවසක පත්තරේ අරන් බලපන්... Rape කේස් කීයක් තියෙද කියල... එතකොට පත්තරේ නොවැටිච්චා...

ඉගෙන ගෙන රස්සාවක් කොරල පෙළවහක් කරගන්න මේ යන විදියට අවුරුදු 30 ක් වත් යනව... ඉතින් අර 13 - 14 දි කෙලින් වෙන්න ගත්තු එව්ව තව අවුරුදු 16 ක් විතර හිර කොරන් ඉන්න නීති දාල තියෙන රටේ මිනිස්සු නීති පිළිබඳින හැටි වෙන්ට ඕනි ඔය... TV එකේ එලි රෑ වෙනකල් කෙල්ලො අඩ නිරුවස්තරෙන් නටනවා... එහෙන් කෙල්ලෙක් ට කොල්ලෙක්ට නිදහසෙ කතා කරන්න විදියක් නෑ.. ඉතින් පත්තරේට නිව්ස්...


තියෙන හැම උලව්වම විකුනගෙන කනවා.. ලෝක උරුමයක් උන සිංහරාජෙ මැද්දෙන් පාරක් කපනව කිව්වම ඉතින් වෙන මොන කතාද... ඇඟ සීතල වෙලා ගියා ඒ නිව්ස් එක දැක්කම... විල්පත්තුවෙත් බරටම ගස් ටික පටවනව කියල කොහෙද තිබ්බා... ඇත්තටම මුන්ට හෙන ගහලද... මෙච්චර ලස්සන රටක් තියාගෙන විනාශ කරන්නේ...  ඒ උනාට දීපාල් සිල්වගේ " මේ රටේ මිනිස්සු කෙලින්නෙ පිස්සු " සින්දුව තහනම් කරනවා හානියක් කියලා... මෙව්වට අඬන්නද හිනාවෙන්නද කියල හිතා ගන්න බෑ...

ඒ අස්සෙ වශී ගුරුකම් කාරයොයි.. ලෝකෙ නැති දෙවි ගොල්ලොයි පස්සෙ දුවනව සෙට් එකක්.. ආගම් ගැන කතා කරන්න කැමති නෑ ඒක වලියකට මුලක් පමනක් නිසා.. ඒත් සිංහල මිනිහට ලෝකෙ ලංකාව ඇරුනම කොහෙද වෙන රටක් තියෙන්නේ... ??? ඉතින් ඒක කෑලි කෑලි වල එක එක ආගමුයි අරවයි මෙව්වයි එල්ලගෙන අනේ මන්දා....

මහින්ද හාමුදුරුවො එදා කියල තියෙන්නේ " ඇස් ගෙඩි වලට හෙන ගැහිලද සිහළුන්ගේ " කියල... එතුමා අද හිටියනම් ඕක කියපු කට බිම උලාගෙන දිව හපාගෙන අපවත් වෙනව හෝදන්න දෙයක් නෑ...

මිනිහෙක්ගෙ පඩිය වැඩි කරන්න සල්ලි නැති රටේ... රාජ්‍ය ආයතන කෝටි ගනන් පාඩු ලබන මේ රටේ... ලොක්කන්ගෙ පුතාලගෙ මඟුල් කාඩ් වලට කෝටි ගනන් වියදම් කරනව කැත නැතුව... ඒ පඩියේ හැටියට ඔය ගාන එකතු කොර ගන්න අනේ හපුච්චේ... නොකා නොබී දුක් විඳල වෙන්ට ඇති...

 ඒත් මෙව්ව බලාගෙන මිනිස්සු තමන්ගෙ වැඩක් කරෙගන ඔහේ ඉන්නවා... ඔව් ඔහේ ඉන්නව ඇරෙන්න මොනා කරන්නද... මැර බලයට.. සල්ලි වලට යට උනු සමාජයක වෙන මොනව කරන්නද...

ලොක්කන්ව ආදර්ශෙට අරන් පොඩි පොඩියට හරි හොරකම් කරගෙන... විකුනගෙන කාල හැදියල්ල... වෙන උබල අපි මොනව කරන්නද...
ඉතින් කෑගහපල්ල ආසම නම් සුදු වෑන් එකකින් රවුමක් එහෙම දාන්න... 
Related Posts with Thumbnails