Wednesday, December 12, 2012

පොඩි පොඩි Love හුටපට

Share

 පහුගිය දවසක ආව කෝල් එකක් වයිෆ් ගෙන්... ටිකක් වෙලා කතා කර කර ඉදල..

" අහ් මේ... අපි ඊයේ පන්සල ගිය වෙලේ ඔයාගේ පරණ කෙල්ල ඇවිත් හිටියා... ඔයාලගෙ නංගි පෙන්නුවෙ... එයා ප්‍රෙග්නන්ට් "

" අහ්.. එළනේ... මේ... ඔය කොයි එක්කෙනාද ?? "

එතනින් එහාට තත්වය ශෝචනීයයි...

පොඩි කාලේ කරපු හුට පටනේ එව්ව ඉතින්... ඔය එක්කම මතක් උනේ හසිතය කෙල්ලෙක්ගෙන් යාළු වෙන්න අහපු සීන් එකක්..


හසිතයා ගෙවල් පැත්තෙ කෙල්ලෙක් පස්සෙන් දවස් දෙකක් විතර පැදල.. කෙල්ලගෙනුත් ලොකු අවුලක් නැති එකේ වැඩෙ අහලම ඉවරයක් කරන්න හිතාගෙන මූ ලං උනාලු කෙල්ලට...

" මේ.. මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද ? "

" ඇයි අයියේ... මොකක්ද ? "

" මේ මේකයි නංගි... මං ඔයාට කැමතියි... "

කෙල්ල පොඩ්ඩක් වෙලා කල්පනා කරනවලු... බිම බලාගෙන..

" අව්ලක් නෑ
නංගි.. ඔයා කල්පනා කරල බලල කියන්නකො... "

' නෑ නෑ අයියේ.. ඔයාට පුළුවන්ද ඇවිල්ල අපේ අම්මගෙන් අහන්න.. අම්ම කැමති නම් මම කැමතියි... "

ඒ ලව් එක එතනින් හබක්.


ඔය හසිතය තමයි අර ලව් ලෙටර් ෆොටෝ කොපි ගැහුවෙ... එතකොට කලිසම සෙන්ටි මීටරේට යට කරපු.. මොකක්ද හු**** පන්තිය සීන් වල ඩයල් එක... ( පොඩි ඇඩ් එකක්  )

ස්කූල් බස් එකේ යන කාලේ මූ එකම ස්කෝලේ එකම පන්තියේ කෙල්ලො දෙන්නෙක් එක්ක යාළු වෙලා හිටියා... කෙල්ලො දෙන්න ආව ගියෙත් එකම ස්කූල් බස් එකේ... සති 2 - 3  ක් දෙන්නටම මූ ලව් කරා මාට්ටු නොවී..

කෙල්ලො දෙන්නම 8 නැත්තම් 9 වසරෙ... එක කෙල්ලෙක් මූ උදේට බස් එකේ නගින හරියෙන්ම නගිනවා... අනික් කෙල්ල බස් එකට නගින හරිය එද්දි කට කපල සෙන්ග.. ඒකිට ඉතින් ෆුට් බෝර්ඩ් එකෙන් යන්තම් උඩට එන්න පුළුවන්.. මුන්ව මළාට පේන් නෑ.. ඉතින් උදේට ගෙවල් ලඟ කෙල්ල එක්ක ලව්.. 


හවසට නම් ඌ කොහොම ගේම ගැහුවද මන්දා.. සමහර දාට එක කෙල්ලෙක් වමේ.. අනික දකුණේ.. පොඩි කෙල්ලොනේ උන් ඔක්කොගෙම හොර හිත් නිසා මූ වැඩෙ ගෙනියන්න ඇති... හයියෝ එහෙම කාලයක්.... වැඩි කල් නොගොස් දෙන්නටම මාට්ටු වෙලා අන්තිමට කෙල්ලො දෙන්න තරහ උනා... මූ වෙන කෙල්ලෙක් එක්ක යාළු උනා.

ගොජබි ලව් සීන් ගැන මතක් වෙද්දි පොලිසියට බෝතලයක් දීල... මදි හරියට බයිටුත් අරන් දීපු නදීරය නියම බයිට් එක... ඌ ගැන හිතා ගත හැකිනේ පොලිසියට බෝතලයක් දීල " සර් බයිටුත් ? " කියල අහපු එකෙන්ම...

අපි ස්කෝලෙ යන කාලේ ඒ කියන්නේ අවුරුදු 10 කට විතර කලින් හවසට ස්ටෑන්ඩ් එකේ බස් එකට නගින්න සිරා කෙල්ලෙක් හිටියා... 21 - 22 ඇති... සාරිය ඇදල.. සිරාවටම ලස්සනයි... කොල්ලො සැරට ට්‍රයි ඒ කාලෙත්... නො චාන්ස්.

ඒ කියන්නේ දැන් ඒකිට මයේ හිතේ 32 ක් වත් වෙන්න ඕනි.. නදීරයා 20 කොලුවා... මූ ලව් කරේ ඒකට...

ලංකාවට ගිය වෙලාවෙ ටව්න් එකේ සෙට් උන දවසක මූ ආව.. 


" මචන් අර කෑල්ල එනව බන් දැන්... වරෙන්කො පොඩ්ඩක් බලන්න යන්න... "

මට කෙල්ල දැක්කම සෑ.. මේකි තාමත් ඒ වගේනෙ කියල නොහිතුනා නෙමෙයි..

" යකෝ මේකිට ද උබ ට්‍රයි කරන්නෙ ? "

" ඔව් ඇයි උබ දන්නෝද... ? "

" මම දන්නෙ නෑ බන්.. ඒ උනාට අපි ස්කෝලෙ යද්දිත් ඕකිට අපේ එවුන්ත් ට්‍රයි කලා.. වැඩක් නෑ බන්.. අනික යකෝ තොට වඩ අවුරුදු 10 ක් වත් වැඩිමල් ඇති.. "

මොන තේරුමක් නෑ...

ඔක්කොම හරි ආතල් එක.. මූ කතා කරන්නෙත් නෑ.. ඒ උනාට සමහර දාට ලස්සනට රැප් කරපු තෑගි එහෙම අරන් ගිහින් ඒකිගෙ ගෙදර පෝස්ට් බොක්ස් එකට... නැත්තම් ගේට්ටුවෙන් එහා පැත්තට දාල එනවා... පර්ෆුයුම්... ස්ට්‍රිට්නර්ස්.. වගේ එව්වත් දීලා කියල කිව්වෙ අපේ මලයා... ඒ තෑගි දෙන්නෙ ඌ කියලවත් ඒකි දන් නෑ මම හිතන්නේ

සීන් එක අහපු මම

" හෑ යකෝ තොට පිස්සුද ? "

" එහෙම තමයි බන් බොක්කෙන් ලව් කරද්දි.. "

මම ඔලුවෙ අත ගහ ගත්තා...

Friday, November 30, 2012

කොච්චර කලත් සල්ලි නෑ බන්... ඉතිරි වෙන්නෙම නෑනේ

Share


බෝතලයක්... මස් තසිමක්... සෝඩ බෝතලයක්.. වීදුරු කීපයක්... අපි කතා කලා... බිව්ව...

" මචන්.. උබට මතකද.. මට ඒ දවස් වල හම්බුනේ රුපියල් 10000 යි.. වැඩි කලක් නෑ අවුරුදු 2 කට උඩදි.. අඩෝ මම කාටවත් අත නොපා ඒකෙන් ජීවත් උනා හරි.. මට අද 45000 ක් විතර හම්බෙනව... උබලට කියන්න බන්.. වෙනසක් නෑ බන්. ඒ දවස් වල කෑව බිව්ව ඉතුරු නෑ.. අදත් කනව බොනව ඉතුරුවක් නෑ බන්.. මට හිතා ගන්න බෑ බන්... ඒත් ඉතුරු නෑ බන්.. බඩු මිල  සියට 400 කින් නැග්ගෙ නෑනෙ බන්... "

" ඔතන අවුල මචන් මනි මැනෙජ්මෙන් එකේ.. ඒ කියන්නේ මූදල් පාලනය කිරීමේ... වැඩිය ඕනි නෑ බලපන් අද සෙට් වීමම...

" එදා අපි බිව්වෙ ගල්... බාර් එක ගාවින් ගත්තු වඩෙයි.. කපපු ලූනු ගෙඩියයි.. ඈ... එච්චරයි නේ... අද බලපන්.. උබ ගෙනාවෙ ලෝකල් විස්කි එකක්.. ගල් බොතල් දෙකක ගාන... චයිනිස් එකෙන් ගත්තු ඩෙවල් 2 යි.. එදා ආතල් එකමයි ඒත් ඒ වගේ 3 - 4 ගුනයක් වියදම් කරල නේ.. වෙනස් තියෙන්නේ මචන් එතනයි... ඒ ගත්තු ආතල් එකෙයි මේකෙයි වෙනසක් තියෙද කියපන්... ? නෑනේ..  "

 " අපි මචන් සෑහීමකට පත්වෙන්නෙ නෑ බන්.. ඒ අපේ ජාතියේ හැටිද කියන්න මම දන්නෙ නෑ.. බලපන්.. එහා ගෙදර එකා බයික් එකක් ගත්තොත් අපිටත් කෝම හරි එකක් ගන්න ඕනි වෙනවා.. ඌ වෑන් එකක් ගත්තොත්.. අපිටත් ඕනි වෙනව... ඒත් අපිට බෑ...

අපිට ඕනි නැති උනත්... එක්කො අම්ම තාත්ත.. එක්කො ගෑනි... එක්කො යාලුවො මොකාගෙ හරි උසි ගැන්විල්ලට අපි ලීසින් එකක් දාල හරි ගන්නව නේ.. අපිට ගෙවන්න බෑ.. අඩුම ගානේ ගත්තු වාහනේට පැට්‍රෝල් ඩිංගක් ගහගන්න බෑනේ.. ටික දවසකින් ලීසිං එකෙන් උස්සනව.. ගෙවපුවත් නෑ.. වාහනෙත් නෑ.

එකෙක් තට්ටු දෙකට ගේ ගැහුවොත් අපිටත් ඕනි... පට්ට ණයක අරන් පටන් ගන්නව... ගෙයින් භාගයක් වත් කර ගන්න බෑ.. නොකා නොබී ණය ගෙවනවා... ඔය කිසිම තොරණක පිටින් පේන ලස්සන නෑ බන්..

මඟුල් ගන්න හැටි බලපන්... සබ්බ සකල මනාවම ඉවර කරගන්නව... ඊට පස්සෙ නොකා නොබී ණය ගෙවනව... සමහර උන් දික් කසාදත් වෙලා ඒත් මඟුලෙ ණය ඉවර නෑ

ඒ උනාට අපි කැමතියි අපේ යාලුවට.. එහා ගෙදර එකාට.. නෑයට වඩා ඉහලින් ඉන්න... අපි බයයි සමාජෙට... අපි ට ඕනි ලොකුව පෙන්නන්න...  ඔතනයි බන් අපිට වරදින්නෙ... "

" කවුද බන් ඔව්වට ආස නැත්තෙ... අපි මිනිස්සු හරි.. අනික බන් ඉන්න ටිකේනේ ඔය ඔක්කොම... "

" ඔව් ඒ උනාට මචන්.. අපේ අවශ්‍යතා අපි සීමා කර ගන්න ඕනි අපේ ආර්ථිකයට ගැලපෙන විදියට... මුල් තැන දිය යුතු දේවල් තියෙනවා.. ඒවලට අපි මුල් තැන දෙන්න ඕනි...

අම්ම තාත්ත... ගෑනි.. දරුවො එක්ක ඉන්න කාලේ අර වාහනේට.. ගෙට ගෙවන්න කියල ඕ ටී කරන්න ගියාම අපිට නොදැනිම උන් අපෙන් ඈත් වෙනව.. දරුවො වෙනුවෙන්.. අනාගතේ වෙනුවෙන්.. හරි කරන්න ඕනි.. ඒත් ඒ අතරේ අපි විඳින්න ඕනි මේ ජීවිතේ..

සමහර පොඩි එවුන් අම්ම තාත්ත දකින්නෙ නෑ දවස් ගානකට... ගෑනියි මිනිහයි හම්බෙන්නෙත් නිදිය ගන්න ටිකට විතරයි... මොකටද බන් එහෙම ජීවත් වෙලා..

දැන් කාලෙ අහන දකින් දේවල් එක්ක අපේ ටිකට් එක කවද එයිද කවුද බන් දන්නේ "

" හ්ම්ම්ම්... ඒකෙත් ඇත්තක් තියෙනවා... "

" මම උබට කතාවක් කියන්නම්... හයි වේ එක හදද්දි වන්දි දුන්නනේ.. පොරකගේ ගෙටයි වත්තටයි වන්දි හම්බුනා.. මූ ඒ මුලු සේසතෙන්ම ගෙයක් ගැහුව හෙන පත.. හරි.. අන්තිමට මූට කන්නවත් සතයක් නෑ.. අන්තිමට අර ගේත් විකුනල දැන් අර බේකරිය පිටිපැස්සෙ කාමරේක ඉන්නේ... ඌට හම්බුන වන්දියෙන් ලස්සනට ඉන්න තිබ්බ.. පොඩි ගෙයක් හදාගෙන... සල්ලි කීයක් හරි බැංකුවෙ දාගෙන... අපරාදේ ඉතින්.  "

" මචන්.. අපිට හම්බ වෙන ගානෙන් අපේ තරමට අපි ජීවත් වෙන්න ඕනි..  වැඩිය ඕනි නෑ...

********* උබේ පඩිය කීයද ? "

" 25 යි බන්.. ඕටි එක්ක 30 ක් වගෙ තමා.. "

" හරි.. උබේ කීයද.. 45 යි නේ.. .. ******** තොට 65 ක් වත් එනවනේ මාසෙට.. "

" 70 ක් වගේ..  "

" හරි.. දැන් බලපන්... තොපි තුන් දීනාම කියන්නේ එකම කතාවනේ... අරූ 30 න් මාසෙ අදිනව.. මූ 45 න්.. උබ.. උබ 70 න්...

70 ක් ගන්න උබට 30කින් මූ වගේ ජීවත් වෙන්න පුළුවන්නම් උබට 40 ක් ඉතුරු කරන්න බැරිද ? "

" අනේ මන්ද ඕයි.. ඉතුරු වෙන්නෙ නෑ.. "

" ඉතුරු වෙන්නෙ නැත්තෙ මම කියපු හේතුව.. උබල උබලට ලැබෙන ගානෙන් ජීවත් වෙන්න හැඩ ගැහෙනව... ඉතින් හැමදාමත් නැති බණේ තමා... "

" මේ ඔය හුන්නස්ගිරි කතා වැඩක් නෑ බන්... සින්දුවක් කියල ආතල් එකක් ගමු බන්... "

" එල.. "

" ගනින් ඔය බෝතලේ මෙහාට ශොට් එක්ක දාලම පටන් ගමු... "

නින්ද නැති රැයේ.....

Tuesday, October 2, 2012

පිස්සත් කසාද බැන්දා....

Share


සෑහෙන කාලෙකින්... අන්තිමට ලියපු පෝස්ට් එක ලියලා දැන් මාස 3 ක් විතර.. මේ මාස තුනට කොයි තරම් දේවල් උනාද.... වෙච්චි දේවල් ඔක්කොම ලියන්න කම්මැලි උනත් මේක නොලිය කොහොමද.... හුඟක් එව්වො දන්නවා ඉතින්... පිස්සත් බැන්ද... මඟුල අරන් දැන් මාස දෙහෙකටත්වැඩියි...

අප්‍රේල් ලංකාවට ආවට පස්සෙ මම ඉතින් බඩු මල්ලකුත් අරං ගියා මනමාලිගෙ ගෙදර දිහා... හා හා පුරා... යාළුවෙක් වෙලා අවුරුදු බර ගානක් වුනාට ඉතින් එදා තමා මුලින්ම ගියේ ඒ පැත්තේ..  අවුරුද්ද ඉවර උනා විතරයි නිසා ඉතින් කැවුම් කොකිස් දොදොල් කෙසෙල් ඔව්වා තමයි කොහෙත්...  නැන්දම්මා කැවිලි පෙවිලි වලින් සංග්‍රහ කොරල පිළිගත්තා... ඊට පස්සෙ ඉතින් ඔන්න කේන්දර බැලිල්ල...

" දැන් ඉතින් පිළිවෙලක් වෙන්නත් එපැයි මෙව්ව... කේන්දර එහෙම බලන්න ඕනි.. නැතුව ඉතින් බෑනේ... " නැන්දම්මා ගෙන් වචනේ...

"ඔව් බලන්නත් ඕනි... මම නම් ඉතින් ඔව්ව වැඩිය විශ්වාසයක් නෑ... "

" ඒ උනාට ඉතින් එව්ව නොබල බෑනේ...  "

ඒකත් බැලෙව්ව... ඒ බැලිල්ල වෙනම කතාවක්.. ඒක පස්සට.

ඔන්න ඉතින් නැකත් බලන්න ගත්තා...

" ම්ම්ම් මේ දවස හොඳා... දැන් කොහේද මඟුල ගන්න ඉන්නේ... හෝටලේකද... "

සති 6 ක් තියල දවසක් දීල ඇහුවා කේන්දර බලන මනුස්සය...

" එහෙම තමා හිතාන නම් ඉන්නේ... "

" වැඩි කාලෙකුත් නෑනේ... එහෙනම් ඉතුරු කොටහ බලන්න කලින් ගිහින් බලන්නකො හෝටලයක් වෙන් කොර ගන්න... ඔව්ව මෙහෙම කටේ තියන් වෙන් කොරන්න අමාරුයි... මෙහෙට එන උදවිය අවුරුද්දක් වත් කල් තියල එව්වා වෙන් කොරගන්නේ... "

මොන... අපිට එච්චර කල් තියෙනවය... එදා හැන්දෑවෙම ගියා හෝටල බලන්න...  තැන් දෙකයි බැලුවෙ... දෙවැනි තැන ලෙසටම හිතට ඇල්ලුවා... දවසත් ගන්න පුළුවන්... පස්සෙන්දම දෙන්න එක්ක ගිහින් බලල ඇඩ්වාන්ස් ගෙව්වා...

ඊට පස්සෙ ඉතිරි නැකත් ටික හදන්න ඒ මනුස්සයට පවරලා ඉතිරි වැඩ ටික බැලුවා... මඟුලක් කිව්වට මෙලෝ අදහසක් නෑ.... ෆොටෝ ගන්න ඕනි කියල දන්නවා... ම්ම්ම් ලගදි බැන්ද එකෙක් ඉන්නවද හරි... පවනය බැන්දනේ... ගත්ත කෝල් එකක්...

" මේ මචන්.. මඟුලක් ගන්න ඕනි... වැඩේට බලන්න ඕනි කරන චෙක් ලිස්ට් එක කියහන්... "

" මොකක් ගන්න.. මොකක් ඕනි කිව්ව... ඌ හොල්මන් වෙලා... "

කෙටියෙන් සිද්දිය ඌට කියල දැම්මම.. ඔන්න ඒ දෙන්න දෙමහල්ලො එකතු වෙලා මතකය ආවර්ජයනය කරල එව්ව ලිස්ට් එක.


1 Nakath 
2 Gold
3 invities 
4 Hall 
5 décor
 6 dress 
7 dressing 
8 invitations 
9 photos & Video 
10 music 
11 liquer and bites 
12 honeymoon 
13 car 
14 Dancers 
15 Wedding Cakes 

 ඔය තියෙන්නෙ ගෙඩි පිටින්ම උගේ ලිස්ට් එක... 

1 හරි... 4 ත් හරි... මුලින්ම ගියා ෆොටෝ කාරයො බලන්න... හප්පුච්චියේ උන්ගෙ ගනන්... ලස්සන ඇල්බම් සැට් එකක් පෙන්නලා බ්ලා බ්ලා කියල හයියෝ... ඔක්කොම පැකේජ්... අපි හිතාන උන්නේ එක දවසෙ වෙඩින් එකක් ගන්න... හෝම් කමින් නැතුව... එහෙමෙයි කියල උන්ගෙ කිසිම වෙනසක් නෑ... මොනා කොරන්නද... ඔන්න එකෙක් තෝරගෙන උන්ට ඇඩ්වාන්ස් පාරකුත් දුන්නා...

ඊට පස්සෙ අන්දන ගෑණියෙක්..

" එන්න වාඩි වෙන්න... "

වයිෆ් ( එතකොට වෙන්න වයිෆ් ) එක්ක මට නොතේරෙන මොනාද මන්ද කතා කරා.. අන්තිමට කිව්ව ටික නම් හොඳට ම තේරුනා.. මම හීනෙකින් වත් නොහිතපු ගානක්.. යකෝ ෆොටෝ කාරයො හොඳයි නේ...

" මම අන්දන්න ********* ගන්නව... එතකොට ඔයාට fresh බොකේ එකට ******* මෙච්චර යනවා... ට්‍රාන්ස්පෝර්ට් මෙච්චරයි... ම්ම්ම් ඇඳුම් මහන කෙනාගෙ ගාන ******** "

ඔහොම කියාගෙන කියාගෙන යනවා... අන්තිමට ඒකි මූනෙ පව්ඩර් උලන්න ගන්නව බර ගානක් අනික්ව වෙන වෙනම.. හයියෝ සල්ලි... ඒත් ඉතින් මොනා කරන්නද... බලපු උන්ගෙන් හිතට ඇල්ලුවෙ උන්දැගෙ වැඩනේ.. එයත් බුක් කරා...


රත්තරන් ඉතින් මට මතක අර ස්වර්නවාහිනියේ ඉස්සර යන ඇඩ් වල තිබ්බ 5000 ගාන... යකෝ පවුම දැන් ඒ වගේ 10 ගුණයකටත් වැඩියි... ඇස් දෙකටම ඇඩුනත් ඉතින් මුදු මාල නැතුව කොහොමෙයි... ඒකත් ගත්තා...

සති 6 ට කරන්න වැඩ අම්බානෙක නේ.. උදේ නැගිටිනව එලියට බහිනවා ආයෙ ඉතින් කෑමක් බීමක් නෑ එහෙ දුවනව මෙහෙ දුවනවා...

ඇඳුම් මහන්න... දෙවැනි මන මාල මන මාලියො හොයන්න... මල් කුමර කුමරියො හොයන්න... උන්ට ඇඳුම් මහන්න...කේක් බොකස් බලන්න... ඉන්විටේශන් කාර්ඩ් බලන්න... අශ්ටක කියන එව්වො.. නටන එව්වො... පෝරු මල් සැරසිලි... සංගීත කාරයො... ඉවරයක් තිබ්බෙ නෑ... කොහොම හරි සති 6 අවසානයේ වැඩේ ලස්සනට හිතුවටත් වඩා හොඳින් කර ගන්න පුළුවන් උනා...


පාන්දර 3 ඉදන් මනමාලි ඇදගෙන... උදේ 6 ඉදන් ෆොටෝ ගහල... අම්බානෙක බඩගින්නෙ හොටෙල් එකට ගියා... ඒ ගිහිල්ලත් මොන කෑමක්ද.. ෆොටෝ කාරයො කියද්දි කවන්නයි.. කන්නයි... කොහොම හරි ඉතින් පෝරුවේ නැගලා.... නෑ මිත්‍ර සනුහරෙත් අඳුන්නල දීලා හැන්දෑ වෙන්න පොඩ්ඩක් නටල කාරිය මඟුල ඉවර කලා...

සෑහෙන්න මහන්සි උනාට අන්තිමට පොඩි වැඩයි තිබිල තියෙන්නේ... හෝටලේට ගියා... පෝරුවට නැග්ග.. බැස්සා... නෑ මිත්‍රයෝ අඳුන්නල දුන්නා... කෑව... නැටුවා.. එලියට බැහල එන්න තියෙන්නේ... හයියෝ මහන්සිය.... මෙච්චර දැඟලුවෙ මේ පැය 5 ටද කියල නොහිතුනාමත් නෙමෙයි... හයියෝ සල්ලි.... ඒ උනත් එක පාරනේ ජීවිතේටම


ඔක්කොමත් හරි අපේ අපතයෝ අර ගෙනාපු බෝතල් ලස්සනට වාඩි වෙලා බයිට් හප හප බොනව දකිද්දි... ඇස් දෙකට කඳුළු කැට සට සට ගාල එනවා... එහෙමෙයි කියල බොන්නය එදා.... ආපු එවුන් අම්බානෙක එන්ජෝයි කරද්දි කපල් එකට නම් පාං කියා ගන්නවත් පන නෑ... 

එහෙමෙයි කියල නිකන් ඉන්නය.. ආයෙ හවසත් ෆොටෝ අල්ලනවා... ඔක්කොම ඉවර වෙලා හැන්දෑවෙ 6 ට විතර බුක් කොරපු හොටලේට ගිහිල්ලා.. හොඳට නාල කාල බුදියගත්තා... මොන හනිමූන්ද අප්ප මඟුල දාට...

එහෙනම් ඉතින් පිස්සත් දැන් බැඳලා... ලියන්නනම් පට්ට කම්මැලියි. ඊට ත් වඩා වයිෆ් ලංකාවෙ ඉද්දි මෙහෙ ඉන්න එක නම් ඇඩෙනව... පුළුවන් ඉක්මනට එයාවත් ගන්න ඕනි... ඊට පස්සෙ නම් ජීවිතේ මල්.

Wednesday, July 4, 2012

ෆිල්ම් හෝල් ජරමරේ

Share
 
ලංකාවට ආවට පස්සෙ ටිකක් විතර ජංජාල භාවිතයෙන් ඈත් උන නිසා බ්ලොග් එකත් පාළු වෙලා ගිහිල්ලා... මොනා හරි කොටල යන්න ඕනි කියල හිතුන නිසා ආව මේ පැත්තේ... 

පහුගිය දවසක මම ගියා කුස පබා බලන්න... හප්පේ පබාගේ ලස්සන... ඕක කියල තව ඩිංගෙන් පවුලත් හබක් වෙනවා මයේ... බැල්කොනි ටිකට් දෙහෙකුත් අරන් ඇතුල් වුනා උඩු මහලට... හප්පේ සූ ගාල කපල්... පොඩි පොඩි එව්වො තමා ඉන්නේ හුඟක්ම.... යන්තන් ඉඩක් හොයාගන්න තිබුනේ ඉස්සරහින්...
ඉතින් ඔන්න ඉස්සරහම පේලියට පොඩ්ඩක් පස්සෙන් වාඩි වෙලා ඔන්න ඉන්නවා කුස පබා ගෙ සින්දුවකුත් අහගෙන පටන් ගන්නකල් ෆිල්ම් එක..

කොහොමත් කපල් නැත්තන් ලංකාවෙ මේ ඉතුරු වෙලා තියෙන ෆිල්ම් හෝල් ටිකත් වැහිල හුඟක් කල්...  බැල්කනියි බොක්ස් ටිකයි කපලුයි තියෙනකල් ඔව්ව කොහොම හරි ඇදගෙන යයි... බැල්කනි සෙට් එකේ පිටිම පැස්සෙ තියෙන්නේ බොක්ස් සැට් එක..

ටික වෙලාවකින් පොඩි කුසු කුසුවක් ඇහෙන නිසා මමත් පස්ස හැරිල බැලුවා... හප්පේ මේ මොකෑ... ඇන්ටි කෙනෙක් කුඩේකුත් තියාගෙන අර බොක්ස් අස්සට එබිකන් කොරනවා... වෙලාවට ෆිල්ම් එක පටන් අරන් නෑ... නැත්තන් ඇන්ටි මොනා දකියිද කවුද දන්නේ.... ඇන්ටි බෙල්ල දානකොට අනේ අර ඉන්න එව්වො ගැස්සිල යනවා.... බොක්ස් ටික search කරපු ඇන්ටි ආයේම ගියා...


ෆිල්ම් එක පටන් ගන්න පාටකුත් නෑ... ආයෙම ආව ඇන්ටි ටෝර්ච් එකක් ගත්තු සිනමාහල් සේවකයෙක් එක්ක... බැල්කානියෙ ඉන්න කපල් වල මූනු බල බල යනවා ඇන්ටි කෙලවරක ඉදන්.. අරුත් තක්බීර් වෙලා ටෝර්ච් එක අල්ලන් යනවා.. ඒත් ඇන්ටිගේ නෙත සෙවූ ඒ රුව නෑ...

බැල්කනියේ ඉස්සරහම පේලියේ කෙලවරක හිටියා කපල් එකක්.. කෙල්ල නම් කොන්ඩෙ දෙපැත්තට දාල මූන පේන්නෙම නෑ ඉස්සරහින්ම ඇවිත් බැලුවොත් ඇරෙන්න..... කොල්ලත් හෙන උසයි... ටෝර්ච් පාරට ඇන්ටිට අහුවෙන්නෙත් නෑ...  එලියට ගිය ඇන්ටි ආයෙම ආව විදිලිය වගේ... පස්සෙ පේලියෙන් ඔලුව දාල ට්‍රයි කලා බලන්න කෙල්ල ව පේන්නෙම නෑ...

කොල්ලට දැම්ම පොඩි තට්ටුවක්...

" මේ පෙන්නනෝ ඕයි ඔය දරුවගේ මූන...  "

කෙල්ල සිං ගාල හැරුනා.. හයියෝ ඒ වෙන කෙල්ලෙක්... ඇන්ටි ගියා... ලයිට් නිවුනා... ෆිල්ම් එක පටන් ගත්තා....


***********************

අනිවා ඇන්ටිගේ දුව කොල්ලෙක් එක්ක ක්ලාස් කට් කරලා ෆිල්ම් එකක් බලන්න ආව කියලා කවුරු හරි ගෝතයෙක් කියලා... ඇන්ටි පරල වෙලා එන්න ඇත්තෙ... කියපු එකා කියන්න ඇත්තේ මේ ෆීල්ම් හෝල් එකේ කියලා... ඒ උනාට තව ෆිල්ම් හෝල් කීයක් තියෙද... ඒ එහෙකට ගියාද දන්නවද... එක්කො කවුරු හරි එකෙක් ලණුවක් දීලා... අම්මප මුන්ටත් වෙන වැඩ නෑනේ කෙල්ලෙක් කොල්ලෙක් එකට යනෝ දැක්කොත් ගෙදරට කියනකල් නින්ද යන්නෙ නෑ... නොදකින්...

නිදහසේ කතා කරන්නවත් තැනක් නැති නිසානේ උන් දෙන්න එන්න ඇත්තෙ... අනික ඔයි කාලෙට ලව් කරන් නැද්ද... ඔය වයසෙදි ආදරේ නොකර නාකි වෙලා කරන්නය... අම්මප මුන්ට නම් තියෙන්නේ පුදුම අමාරුවක්... කෙල්ලෙක් කොල්ලෙක් එකට ඉන්නව දැක්කොත් එක්කො ගෙදරට කියයි.. එක්කො කෙල පෙරන් බලන් ඉදියි... නොදකින්...


ඇන්ටි උනත් හිතන්න ඕනි.. ඒ දරුව එතන ඉදල අහුවෙල ඇදගෙන ගියානම්... ඒකි මුලු හෝල් එකටම නෝන්ඩියිනේ.. ඒ ළමයගේ තත්වෙ මොකක්ද... අමු චානේ... දුර දිග නොහිතන දෙමව්පියො... තරුණ හැඟීම් අදුරන් නෑ... කොහේදි දැක්කත් ඒ පාර ඒකි නෝන්ඩියි නේ... ක්ලාස් ගිහිල්ලත් හමාරයි. කලබල නොවී විසදගන්න එපැයි... පිස්සු...





ඒ එක්කම හිතෙන්න ගත්තා... දෙමව්පියො කොච්චර දුක් මහන්සි වෙලාද ළමයින්ව හදන්නේ... අද කාලේ ජීවන වියදමත් එක්ක ක්ලාස් එහෙකට ගෙවන්නෙත් කොයි තරම් අමාරුවෙන්ද... ඒ තමන්ගේ ළමයි හොඳට ඉගෙන ගනියි කියලා.. ඒ ළමයින්ගේ අනාගතේ එලිය කරන්න... හොඳ තැනකට යනව දකින්න... කොයි තරම් බලාපොරොත්තු තියෙද... විශ්වාසයක් තියෙද ළමය ගැන...එහෙම එකේ ඒ ළමයි ක්ලාස් කට් කරල ජෝඩු දාල චිත්‍රපටි බලන්න යනවා කියන එක දෙමව්පියන්ට දරා ගන්න පුළුවන්ද... 

අනික ලංකාවෙ ගෑණු ළමයෙක් ට නරක නාමයක් ආවම ඒක ජීවිතේටම බලපානව නේද.... ඉගෙන ගන්න කාලේ ඔය වගේ පලහිලව් නිසා කොයි තරම් ළමයි අනාගතේ අඳුරු කර ගන්නවද... එහෙම අනතුරක තමන්ගෙ දරුව වැටෙන එක බලා ඉන්න පුළුවන්ද... ඒ අතින් ඒ ඇන්ටි හරි... 




මීට අවුරුදු 8 - 10 කට කලින් නම් අනිවා ඇන්ටිට පතුරු යන්න හිතෙන් හරි බනිනවා...

ඒත් දැන් එක වෙලාවකට හිතෙනවා ඇන්ටි යම් දුරකට හරි කියලත්... කෙල්ලගෙ කොල්ලගෙ පැත්තෙන් උනුත් පව් කියල...

සික්... මේ යන විදියට තව අවුරුදු 8 - 10 ක් යද්දි ඇන්ටි හරියටම හරි... අර කෙල්ලයි කොල්ලයි වැරදියි කියල හිතෙන්නත් බැරි නෑ.... හයියෝ මට හිතෙන දේවල්... වයසත් එක්ක මිනිස්සු වෙනස් වෙන හැටි...


" ඒයි පිස්සා... මොකද උඩ බලාගෙන ඉන්නේ... මොනාද කල්පනා කරන්නේ...  "

" අහ් නෑ... මම මේ පබාගේ ලස්සන ගැන හිතුවෙ... "

" ඔව් ඉතින් ඔයාට මේ ලෝකෙ ඉන්න හැම කෙල්ලම ලස්සනයි මම ඇරෙන්න...  "

 ලෝක යුද්දේ....

***********************
නැවත හමුවෙමු...


Tuesday, June 12, 2012

ඔබා මාමේ....

Share


බ්ලොග් අවකාශය හරහා හමු වූ ඔහු වෙනුවෙන් සටහනක් නොතිය වෙන දෙයක් ගැන ලියන්න හිත ඉඩ දෙන්නෙ නෑ.... ඒ නිසා මේ පුංචි සටහන අප කාගෙත් ආදරයට පාත්‍ර වුනු ඔබා මාමා නම් වූ ඒ නිහතමානී මිනිසා වෙනුවෙන් තියන්න කල්පනා කලා....

2011 අප්‍රේල් මාසේ සයිබර් උළෙල දවසේ මට ඔහුව හදුන්වා දුන්නේ ටිකක් හිනාවෙන්න බ්ලොග් අඩවියේ අභීත. ඔහුව විශේශයෙන් හඳුන්වා දීමට හේතුව ඔහුත් මාත් එකම රටක පදිංචි කරුවන් වීම. රංග ගේ මගේ ලෝකය බ්ලොග් අඩවියේ නිතර කමෙන්ට් කරන්නෙකු ලෙස පමනක් මා දැන සිටි ඔබා මාම කෙටි පිලිසඳරකිනුත්... හීනියට ගියපු මදුවිත වටයකිනුත් පසු පිස්සගේ ඉතාම හිතවත් බ්ලොග් කරුවෙක් බවට පත් උනේ ඔහුගේ තිබුන මිත්‍රශීලි ගතිය වගේම නිහතමානි කම නිසා....


" ඒ බන් පිස්ස කවුද අර බස් අජිත් කියන්නෙ ? මට මිනිහ ගැන කිසිම ඩීටේල් එකක් සොයා ගන්න බැරි උනානේ... "

සෑහෙන කාලෙකට කලින් ලියපු පෝස්ට් එකක් ගැන ඔබා මාම විමසුවේ මේ පාර 2012 සයිබර් උලෙලෙදි...

" කන්න කලින් පොඩි එකක් දා ගමු " කියමින් මටත් ශොට් එකක් වත් කර දීපු ඔබා මාම එක්ක කන ගමන් මමයි අමිලයි කතා කරේ ලංකාවෙ මිනිස්සු ගැන.. 

ඔබා මාම ගැන බ්ලොග් අවකාශේ උදවියට අමුතුවෙන් හදුන් වා දිය යුතු නැහ... ඒත් ඔහු තුලින් මා දුටු එක් දෙයක් සඳහන් කල යුතුයි...



ඔහු ජීවත් වන රටේම වසර ගනනක් ජීවත් වන මට ඔබා මාම ගේ වයස් මට්ටමේ... සමාජ මට්ටමේ... ඒ හා කාලයක් එහි ජීවත් වන පුද්ගලයින් බොහෝ මුන ගැසී තියෙනවා.. එයින් බහුතරයක් තුලින් යම්කිසි මාන්නයක්... ලොකු කමක්... මට දිරවන්නෙ නැති ලොකු ටෝල්ක් ( මගේ බාසවෙන් ) දෙන ගතියක් මා දැක තියෙනවා... ඒ හේතුවෙන්ම ඒ සමාගමය මට දිරවන්නේ නෑ... ඒත් එය ඔබා මාම තුලින් මා කිසි විටෙක දුටුවේ නෑ... ඕනි වයසක... ඕනිම මට්ටමක කෙනෙක් එක්ක බොහොම හිතවත්ව දොඩමළු වීමම ඔහුට මා ගරු කරන්න හේතුවක්...


ඔබා මමාගේ වියෝව මාරයාගේ බ්ලොග් අඩවිය තුලින් දුටු විට එක්වරම අදහාගත නොහැකි උනා... බ්ලොග් අවකාශයේ සමහර බ්ලොග් අඩවි වල ලියල තිබුනා වගේ ඔහුගේ වියෝව අසා මා හොටු කඳුලු පෙර පෙර හඩා නොවැටුනත් ඒ පුවතින් මගේ ඇස් දෙක තෙත් උනේ නොදැනුවත්වම...

22 වෙනිදා හවස බොරලැස්ගමුව හන්දියේදි ඔහුට සමු දෙද්දි හීනෙකින් වත් නොසිතූ ආකරයට ඔහු අද අපෙන් ඈත් වෙලා...  ජීවිතේ කියන්නේ මහ පුදුම දෙයක්...

ඔබා මාමේ ඔබට නිවන් සුව පතනවා.....



Wednesday, May 2, 2012

දුක කියා කොළ ප්‍රින්ට් කර බස් වල ආධාර එකතු කිරීම... 50,000+ ආදයමක්...

Share

මාසෙකින් විතර තමයි පෝස්ට් එකක් දාන්න ඉස්පාසුවක් ලැබුනේ... බ්ලොග් ලියන කියවන උන්ට මාව මතකද මන්දා...

පහුගිය දවස් වල දැකපු.. අහපු.. කතා උනු මාතෘකාවක් ගැන තමයි ලියන්නේ... ඒ වූ කතා බහ වලදී මිතුරන් කිහිප දෙනෙක් පැවසූ ඔවුන් මග තොටදී අත්දුටු සිදුවීම් කිහිපයක පෙලගැස්මකි..





********************


ස්ථානය පිට කොටුව බස් නැවතුම් පොළ... මැදියම් රැය පසුවී පැය 2 ක්  පමණ ගත වී ඇත.. බස් රථයක් පැමිණීමට තවත් පැය 2 ක් පමණ ගතවේ.. ඒ අසලම සිටි ආධාර පත්‍රිකා කිහිපයක් රැගත් වයස 25 - 30 ක් අතර පෙනුමක් දිස් උන තරුණයෙකි.. අම්ම තාත්ත අහිමි වූ රෝගී නැගනිය වෙනුවෙන් මුදල් එකතු කරන පත්‍රිකා බෙදන චරිතයක්... කාලය මකා ගන්නටත් එක්ක මම තරුණයා හා කතාවට වැටුනි...


" අයියේ... "


දවස පුරාම පජාත වී සිටි මාගේ තත්වය ඔහුට වඩා දුක්මුසු ස්වරූපයකි.. ඒ හේතුව නිසාමද මන්දා ඔහු මා සමඟ කතාවට පැටලුනා පැකිලීමකින් තොරව...


කෙටි කතා බහකින් පසු...


" යමුද ප්ලේටියක් ගහන්න... "


ඉදිරියේ වූ රෑ කඩයෙන් ප්ලේන්ටි 2ක් ඇනවුම් කර බොන අතරේ ඔහු සමඟ තව දුරටත් කතා වට වැටුනි..

" ඉතින් දැන් ඔය කතාව ඇත්තද ? "

" ඔව් "


" නෑ නෑ බන්.. මට වැඩක් නෑ ඕකෙ ඇත්ත නැත්ත... මට දැන ගන්න කියපන් කතන්දරේ වෙන විදිය... .. "


ඇත්ත පවසාවියයි කිසිම විශ්වාසයක් නැතුව වුවත් ඇසූ පැනයට ඔහු දොඩමළු උනා.. ප්ලේන්ටි උගුරකින් මුව තෙමා ගත් ඔහු


" කතාව ඇත්තම නෙමෙයි.. මට ඉන්නෙ මල්ලි කෙනෙක් විතරයි... මේකේ තිබ්බට නංගි කෙනෙක් නෑ..  ඌ හේනක් කොටනවා.. තාත්ත නම් නෑ.. අම්ම විතරයි ඉන්නේ... "


" උබේ ගම කොහෙද.. "


" පොලොන්නරුවෙ.. ගමේ මිනිස්සු හිතන් ඉන්නෙ මම කොළඹ හොඳ රස්සාවක් කරනව කියලා "


" ඉතින් ඇතිද ජීවත් වෙන්න ඔය ලැබෙන ආදයම... "


" ඇති.. මම විතරක් නෙමෙයි මගේ පවුලෙ අයත් ජීවත් වෙන්නෙ මම මේකෙන් හොයන එකෙන් තමා.. "


" ඉතින් කොහොමද උබේ ආදයම.. "


" මම එක බස් එහෙකින් බලාපොරොත්තු වෙන්නෙ රුපියල් 20 යි... බස් 100 කට නැග්ගම 2000 යි... ඇතිනේ.. බස් 150 - 200 නගින දවසුත් තියේ... අනික රුපියල් 20 ට වඩා හම්බුවෙනවා අනිවාර්යෙන්... මම දවස් 20යි මාසෙකට මේ කරුමාන්තේ කරන්නේ... "


( මාසෙට දවස් 10 ක් නිවාඩු එක්ක මාසෙට රුපියල් 40,000 කට අධික ආදයමක් )


"' මල්ලි බස් එකට නැගල ඉස්සරහම ඉන්න කෙනා දුන්නොත්... ලොකු කොළයක් දුන්නොත් ගොඩම තමයි.. අපේ මිනිස්සු සල්ලි නැත්ත අනිකට සෙකන්ඩ් වෙන්න කැමති නෑනේ... හැමෝම දෙනවා.. එහෙම උනොත් ඒ බස් එකෙන් රුපියල් 200 ට එහා හම්බෙනව...  "


" ඒ කියන්නේ ලොකු ගානක් නේ... "


ප්ලේන්ටි යේ අන්තිම උගුරත් බී මන්ඩි ටික පාර අයිනට විසි කර ඔහු නැවත්ත් කතාවට වැටුනා...


" මෙහෙමයි... දවසට 10,000 හොයන දවස් තියේ... 5,000 හොයන දවසුත් තියේ... සමහර දාට 2,000 හොයන දවසුත් තියේ.. ඊට අඩු වෙන්න නම් නෑ.. 


මම හුඟක් නගින්නේ දුර පළාත් බස් වල... දෙනියාය... සූරිය වැව... අම්පාර වගේ... ඒ බස් වල දිනපතා යන මිනිස්සු නෑ.. අනික වයසක මිනිස්සු හිටියොත් ගොඩම තමයි... හිත උණු වෙනවා ඉක්මනට... අපිත් ජීවත් වෙන්න එපැයි. "


මගේ ගමනාන්තය ගැසූ පුවරුවක් සහිත බසයක් කෙලවරකින් මතු වේ..


" බස් එක එනවා.. එහෙනම් මම යන්නම්...  "

ස්ටෑන්ඩ් එකට ගැසූ බස් එක දෙසට පිය මැන්න මා හිතට නැගුනු ප්‍රශ්නෙකට පිළිතුරු අපේක්ශාවෙන්..


" ඇයි ඔයා බය නැතුව ඇත්තම කිව්වෙ... "


මුහුනට නගා ගත් සිනහවකින් යුතුව...


" ඇත්ත දැන ගත්ත කියල  මට මොනව කරන්නද... " 


********************


""  සුබ උදෑසනක්.. මම ********** ආයතනයේ හොඳ රැකියාවක් කරන පුද්ගලයෙක්... මේ මගේ රාජකාරි හැඳුනුම්පත... මට ඔබලාගෙ උපකාරය අවශ්‍යයි.. මට සල්ලි ප්‍රශ්නයක් නෑ... ඒත් විවාහ වෙලා වසර ගනනක් ගත වෙලත් අපිට දරු සම්පත් නෑ... අවසානයේ අපි ඉන්දියාවේ කෝවිලකට බාරයක් උනා දරු සම්පතක් ලබා දෙන්න... ..දැන් අපිට පොඩි දරුවෙක් ඉන්නවා... ඒ බාරය ඔප්පු කරන්නයි මම මෙහෙම ඔබතුමන්ලා ගාවට ආවේ..

මගේ සල්ලි වලින් ඒ බාරය ඔප්පු කරන්න බෑ පින්වත් නෝනා මහත්වරුනි... සිඟා කා... හම්බු කරන මුදලින් තමයි එය කල යුත්තෙ... ඔබලාට හැකි අයුරින් මට පිහිට වෙන්න...  ""

ඔය හා සමාන අන්දරයක් ඉදිරිපත් කරමින් ආධාර ඉල්ලූ ඔහුට සෑහෙන පිරිසක් මුදල් දී තිබෙනවා...

පුද්ගලයාගේ කතාව ඇත්ත ද බොරුද දන්නෙ නෑ... ඒත් ක්‍රියේටිව් පොරක්...



********************

" අනේ නෝනාවරුනි මහත්වරුනි.. මගේ ගම මහවිලච්චිය.. අම්මයි තාත්තයි දෙන්නම නෑ.. "

අදෝනාවක් එක්ක කොළ පිංචවල් ටිකක් බස් එකේ ඉස්සරහ ඉදන් බෙදාගෙන එන මූන හොඳට පුරුදුයි... මූ කවුද... අඩේ තෙලිකඩ බස් එකේ කොන්දා නේද මේ.. මූ කොහෙද මහවිල
ච්චියේ..

හැමෝටම බෙදපු කොළේ මටත් දුන්න..

පොරගේ මූන දිහා බලපු මම  කට හඬ බාල කරමින්..

" ඕයි.. මොනවද මේ කරන්නේ.. "

මා දිහා ටිකක් වෙලා බලන් හිටි ඔහුට මාව මතක් උනා..

" ඒ.. කෑ නොගහ හිටපන් මල්ලි.. "

කියමින් කොළ ටිකත් එකතු කර ගත් ඔහු අඩියට දෙකට මාරු උනා... 





********************

ඔය වගේ සිද්දි කීපයක් ම තියෙනවා.. ලියන්න කම්මැලි නිසා... පසුවට... අත්දැකීම් බෙදා ගන්න කැමති නම්...


Tuesday, March 27, 2012

ජිවත් වන දා දැකගන්නටවත් ඇවිත් නොගිය දරුවෝ..

Share

ඉස්සර මම පොඩි කාලේ අපේ ගාල්ලේ ආත්තම්මලගෙ ගෙදර හිටි කාලේ ඒ ගෙදර කොයි තරම් ජීවයක් තිබ්බද... අවුරුදු දවසට සෙනඟ පිරිලා... ළමයි හැමෝම ඇවිල්ලා.. ළමයින්ගෙ ළමයි...  නිකන් දවසට උනත් ඒ වෙද්දි බැඳපු නැති පුංචිලා... පොඩි මාමා.. එහෙම ඉද්දි එයාලගෙ යාළුවො එනවා කොයි වෙලෙත් කවුරු හරි..


කාලයත් එක්ක විවාහ වෙලා හැමෝම වෙන් උනා.. ඒත් මාසෙකට පාරක් ගමේ ඇවිත් යන එක හැම කෙනාගෙම පුරුද්ද උනා.. ගමේම උන්නු අපිත් නිතර දෙවේලේ ගියා ආවා... තවත් කාලය ගත වෙන්ද්දි ඒ අයගෙ ළමයි ලොකු වෙද්දි වගකීම් එක්ක නිතර දෙවේලෙ ගමේ එන්න යන්න බැරි වෙනවා.. අවුරුද්දට පාරක් විතර යන එන ගානට වැටෙනවා...


සීයගෙ මරණයෙන් පස්සෙ ඒ විසාල වත්ත කැලෑවට යනවා... අවශ්‍යතා එක්ක තමන්ගෙ උරුමෙ හොයාගෙන ළමයි එනවා... පහුගිය අවුරුද්දෙ ඉඩම බෙදල වෙන් කරා... අපි පොඩි කාලෙ දුව පැනල සෙල්ලම් කරපු ඒ වත්ත කෑලි කෑලි වලට බෙදිලා කටු කම්බි ගහල අද... සමහර සහෝදර සහෝදරියො ඉඩම් ආරවුල් නිසා නොහොඳ නෝක්කඩු වෙලා... පොඩි මාමගෙ නමට ලියවුනු මහ ගෙදර ආත්තම්ම ඉන්නව... 

ඒත් මීට අවුරුදු 12 - 15 කට උඩින් තිබ්බ ගෙදරද වටපිටාවද කියල හිතන්න බැරි තරම් වෙනස් වෙලා... ආත්තම්ම තනිවෙලා.. ඉදල හිටල ළමයෙක් ඇවිත් බලල යනවා... ටික දවසකට තමන්ගෙ ගෙදර එක්ක යනවා... ඒත් පරණ මිනිස්සු පුරුදු තැන දාල යන්න කැමති නෑ...


කාටවත් වැරද්දක් කියන්න බෑ.. අපි හැමෝම නොනවතින රේස් එකක් දුවනවා.. ආශාවල්.. වගකීම්.. එක්ක බැඳිල ඉවරයක් නැතිව දුවනව... කන්න බොන්න වත් වෙලාවක් නැති තරම්... අද අපි වටේ තියෙන සමාජයත් එක්ක අපිට කැමත්තෙන් හරි අකමැත්තෙන් හරි ඒ රේස් එකේ දුවන්න වෙනවා... අමාරුවෙන් හරි එතනින් එලියට පනින්න ඕනි උනත් තියෙන බැඳීම් එක්ක අමාරුයි..


පහුගිය දවසක සිදු වුනු තවත් සිදුවීමක්... මම ඉන්න රටේ මිතුරෙක්ට පණිවිඩයක් ආවා ඔහුගේ පියා අසනීපෙන් කියලා.. ඒත් තියෙන වැඩ... බැඳීම්... ප්‍රශ්න එක්ක එක පාරට ලංකාවට යන්න බැරි නිසා ඔහුගේ ගමන දවසින් දවස කල් ගියා.. හදිසියේ ඔහුට ආව පණිවිඩිය ඔහුගේ පියා මෙලොව හැර ගිය බව.. සියලු වැඩ පසෙකලා ලංකාවට ගිය ඔහු අවසන් කටයුතු වලින් පසු නැවත පැමිණියා.. පියා අසනීපෙන් පසු වූ විට යාමට නොහැකි වීම ගැන කණගාටු උනත් ඔහු පැවසුවේ අවමඟුල් කටයුතු වෙනුවෙන් හොඳින් වියදම් කර බවත් ඔහු ඔහුගේ යුතුකම හැකි ලෙස කල බවත්...


මෙ සිදුවීම මට සිහිපත් උනේ පෙරේදා අහම්බෙන් කන වැකුණු ගීතයක් නිසා... වික්ටර් රත්නායකයන්ගේ " ජීවත් වනදා "


ජිවත් වන දා දැකගන්නටවත්
ඇවිත් නොගිය දරුවෝ..
කඳුලෙන් මව්පියො මිය ගිය දිනයේ
රන් මසු වැය කෙරුවෝ... //

මහ මග සුදු වැලි දෙපසේ සැරසී..
අහසින් වස්වා මල් වරුසා...
රිය පෙරහැරකින් සොහොන් බිමට යති..
යුතුකම් ඉටකල බව පවසා..

මහගෙයි උරුමය හිතේ තියාගෙන
දරුවන් සොහොනින් ඉගිල්ලිලා..
හත් දොහෙ දානෙට නාවත් සේරම
උරුමය බෙදුවා එකතු වෙලා.....





අපි හුඟ දෙනෙක් රස්සාවකට... ඉගෙනීමට කොළඹ ගිය අළුත හැම සති අන්තෙම ගෙදර දුවනවා... ටික කාලයක් යද්දි සති 2 කට පාරක් යන්න පුරුදු උනා.. කොළඹම හිටියනම් ඒ ගමන මාසයකට වරක් වෙලා.. කටයුත්තක් එහෙම කරන් පංදිංචි උනානම් මාස 2 - 3 කට වරක් වෙන්න තිබ්බා... හුඟ දෙනෙක් ගේ පොදු කාරණය... ඊට පස්සෙ අවුරුද්දකට වරක් වෙන්නත් පුළුවන්... දෙමව්පියො තනි වෙනවා... අපි හැල්මේ දුවනවා... අපි කවුරුත් වැරදි නෑ... අපිට වෙන කරන්න දෙයක් නෑ...


මම හැම අවුරුද්දෙම ලංකාවට එන එකට හුඟක් දෙනා දොස් කියනවා.. අපරාදේ වියදම.. ඒ කාලේ වැඩ කරානම් කොච්චර ඉතුරු වෙනවද... නොයෙකුත් දේවල්... ඒත් සල්ලි පස්සෙ දුවල හති වැටෙන්න බැරි නිසා ජීවතේ අවශ්‍යතා දිගේ දුර නොදුව සරල විදියට ජීවත් වෙන්න පුළුවන් නිසාත් මම එහෙම කරනවා.. ඒත් කොයි කාලෙකට එහෙම පුළුවන් වෙයිද කියන්න දන්නෙ නෑ... එතකල් වත්...


මූනු පොතේ මේ සින්දුවට රවා දාපු අදහසකින් මේ ලිපියට තිත තියනවා 

"මෙක හරිම ලස්සන අර්තවත් සින්දුවක්.. අපි කොච්චර සුදු ඇදගෙන හිටියත්.. මෙ සින්දුවෙන් කියවෙන යුතුකම අපිට මග හරින්න වෙනවා.. මෙ ආර්තිකයත් එක්ක ගැටෙද්දි.. රන් මසු හොයන්නයි, අම්මලා තාත්තලාගෙ මීනිවලට රන්මසු වැය කරන්නයි විතරයි අපිට සිද්දවෙන්නෙ. "


මේ වගේම හිතට වැදුනු ගීත ගැන ලිව්ව පෝස්ට් එකක් තමයි...


එළවලු... කඩ කෑම... රම්‍ය නගරය සහ වන්නි වන පෙතේ... එක්ක ( අපි )

ඈත දුරු රටේ සීතල දැනෙනවද....

Monday, March 19, 2012

මූනු පොතේ කෙලි පොඩ්ඩි

Share


පහුගිය දවසක අපේ අමිලයට කෝල් එකක් දීපු වෙලවක වෙච්චි කතා බහක්...

" මේ උබට ****** කියල කෙල්ලෙක් Facebook එකේ Request එකක් එවල තිබ්බද ? "

" ම්ම්ම් මතක නෑ බන් අමිලයා.. මම දන්නෙ නැති එව්වො ඇඩ් කරන් නෑනේ බන්.. හිටු බලන්න "

Facebook හදපු දවසෙ ඉදන් ගොඩ ගැහුන නොදන්න එව්වොන්ගෙ friend request ගොඩ අස්සෙ මට හම්බුනා ලස්සන කෙලි පොඩ්ඩක්...

" අහ් ඔව් බන්... common friends ල නම් ඉන්නව 30 ගානක්.. කවුද බන් මේ කෑල්ල "

මේකා හිනා වෙනවා...

" දැන් වැඩක් නෑ බන්.. ඕකෙන් සිරා ආතල් එකක් ගත්තේ.. උබටත් බෝලෙ බස්සන්න හදුවෙ තෝ ඇඩ් කලේ නෑනේ.. "

" මොන බෝලයක්ද බන්.. කවුද ඒ "

" හික් හික් ඔය මගේ Profile එකක් බන්.. "

" හෑ.. එතකොට කවුද බන් ඔය ඉන්න කෙල්ල ?? "

" ඒ බන් ඉන්දියාවෙ දෙමල ෆිල්ම් වල ඔය පොඩි කෑලි රඟපාන කෙල්ලෙක් බන්... "

" තොට මොකටද යකෝ ගෑණු Profile එකක්... "

" ඉදහන්කො කියන්න... මචන් අපි FB ගියාම ඔය ඉන්නෙ බන් online කොල්ලො... ඔය එහෙමත් එකෙක් තමයි බන් දැන් Hi පාරක් දැම්මත් කතා කරන්නේ.. ඇයි බන් එක පන්තිවල හිටි එවුන්නේ බන්.."

" මොකටද බන් ඉතින්.. මම නම් ඔය එකෙක්ටවත් Hi පාරවල් දාන් නෑ බන්.. කතා කරොත් කතා කරනවා.. "

" හරි ඉතින් අහපන්කො.. "

" මම සෙට් එහෙකටම යැව්ව මචන් මේ කෙල්ලගෙ profile එකෙන් request හරිද... ඊලඟ දවසෙ ඔන්ලයින් යන්න නෑ මුන් Hi ගානව.. ඔයා කොහෙද.. ඔයා කෑවද... මොකද කරන්නේ.. ඉවරයක් නෑ බන් chat .. අර නිකමට අපිට Hi පාරක් දාන බැරි Busy කොල්ලො.. "

" හික් හික්.. "

" උබට මතකනේ බන් *****... ඇයි එකට පාඩම් කරපු ක්ලාස් ගියපු කොල්ලොනේ... මූ ඉන්නව ඔන්ලයින් හරිද... මම මචන් පොඩි චැට් එකක් දැම්ම කොහොමද මචන් එහෙම කියලා.. සද්දයක් නෑ.. මම 3 පාරක් උබ ඉන්නවද එහෙම අහල යැව්වා මොකුත් නෑ...

මම පට් ගාල අනික් එකෙන් ලොග් උනා.. ලොග් වෙලා පොඩි Hi පාරක් දැම්ම.. අඩෝ වැල නොකැඩී... හලෝ ස්වීට් කොහොමද.. ඔයා වැඩද අද.. බ්ලා බ්ලා.. හරිද.."

" හික් හික්.. "

" මම මූව ඇන්දුව ලෙසට.. මම මචන් කෙල්ලගේ ජොබ් එක දැම්ම මගේ ඔෆිස් එක හරිද.. උබ කියන්නේ මූ ලෙසට ඇදල දවසක් මට කෝල් කරනව හරි.. ඔය බන් අවුරුදු බර ගානකින් ඕක මට කෝල් කරේ... කෝල් කරල මගෙන් අහනව

අමිල මචන් උබ දන්නවද ***** කියල කෙල්ලෙක්..

ඔහොම මචන් මාසයක් විතර ඇදන් හිටියා.. අන්තිමේදි මටම ඇති වෙල මම ඌට සීන් එක කිව්ව... "

" හික් හික් ඊට පස්සෙ.. "

" අඩෝ කැ** වැඩේ බන්.. කියල මූ දැන් හෙන අවුලෙන්.. මූ අඩන සයිස් මචන් හරි.. අනේ බන් කාටවත් කියන්න එපා.. කිය කිය.. මට හෙන ආතල් ...ඇයි බන් මුන්ට කොහෙවත් යන කෙල්ලො ලොකු වෙනවට.. මම කිව්ව අපේ සෙට් එකටම "

" තෝත් කරන වැඩ.. "

" නෑ බන්.. සිරාවට මචන් පරණ කොල්ලෙක් එක්ක පොඩි චැටක් දාන්න බැරි එව්වො මොකටද බන්.. ෆිට් එකටනේ බන් කතා කරන්නෙ
... තව ඉන්නෝ කීප දෙනෙක් ලිස්ට් එකේ.. "

" හික් හික්... "

" හරි ඒක ඉවරයි ඉතින් කියපන්කො උබේ ජීවිතේ කොහොමද...."

අවවාදයයි : ඔන්න තොපිලත් පරිස්සමින් ඔය නොදන්න ඉටි රූප වගේ ගෑණු දරුවො එක්ක හුරතල් වෙද්දි මූනු පොතින්.

Tuesday, March 13, 2012

AGM ගිහින් ගත්තු ආතල්

Share


ලංකාවෙ තියෙනවනේ කොටස් වෙලඳ පළ කියල එකක්.. අද ලිපිය ඒකත් එක්ක ගෑවුන ලිපියක්.. කොටස් වෙළඳ පල අයෝජනයට මම මුලින්ම යොමු උනේ 2005 දි.. යාළුවෙක්ගෙ මාර්ගෙන් තමයි කතන්දරේ දැන ගත්තෙ...

කොටස් වෙළඳ පළ ආයෝජනය කරන්න නම් CDS එකේ ගිණුමක් තියෙන්න ඕනි... ඔය ගිණුම අපිට තැරව්කාර ආයතනයක් ( Broker firm ) හරහා ආරම්භ කරලා අපේ ගණුදෙනු කරන් යන්න පුළුවන්.. ඉතින් මාත් ඔය යාළුවා මාර්ගෙන් වැඩේට සෙට් උනා.. කිසිම මූලික දැනුමක් නොතිබුනාට වැඩේ මට අල්ලල ගියේ ඒ තැරව්කාර ආයතනය හරහා එදිනෙදා ගණුදෙණු කරන්න ආපු සෙට් එකට එකතු වීම නිසා... වයස 20 ඉදන් 75 විතර වයස් පරාසයක පිරිසක් දිනපතා රස්සවට යන්න වගේ ඔතනට සෙට් උනා..

සුළු පරිමාන ආයෝජකයො තමයි ඉතින් හැමදාම ඔතනට එන්නේ.. මමත් බොහොම සුළු මුදලක් තමයි දාල තිබ්බේ ඒ වෙද්දි.. ( 40,000 ක් වගේ මතක ).. මෙලො බෝලයක් දන්නෙ නෑ ගන්නව විකුනනව.. අවුරුදු 2 ක අවසානෙ රුපියල් 4000 යි හොයන් තිබ්බෙ හික් හික්.... ඒත් සෑහෙන දැනුමක් ලබා ගත්ත ඒ කාලය තුල කොටස් වෙලඳ පළ ගැන... ඒ ගැන ලියන්නෙ නෑ.. අර මාධව මලයා බ්ලොග් එකක්ම ලියනවනේ ඒ ගැන ඒ හින්ද කැමති කෙනෙක්ට එතනින් ඒ විස්තර බලන්න පුළුවන්...

ඔතනදි දැන ගත්තු දෙයක් තමයි කම්පැනි වල AGM ( Annual General Meeting ) එහෙමත් නැත්තම් වාර්ශික හමුවන් ( හරිද මන්දා ) වලට ඒ සමාගම් වල කොටස් හිමියන්ට සහභාගි වෙන්න පුළුවන් කියන එක.

ගිහිල්ල හම්බුන කෑම... තෑගී... වචන පෙරලි... සිදුවීම්.. ආදිය ගැන කස්ටිය කියද්දි මටත් යන්න හෙන ආසාවක් ආව AGM එකකට.. ඒත් ඉතින් හෙන බයයි.. කොටස් 100 - 200 ක් තියාගෙන ගිහින් නෝන්ඩි වෙයිද එහෙම කියල..

ඔහොම ඉද්දි Asia Capita එකේ AGM එක තියෙනව කියල ඒකෙ පොත ( Annual report ) එක ආව. තියෙන්නේ කොන්ටිනෙන්ටල් එකේ.. ගිහිල්ලම නැති නිසා යන්නත් ආසයි.. මම හිමීට පොරකට කිට්ටු කලා..

" අන්කල්.. අර ACAP එකේ AGM එකට පොත ඇවිල්ල..මගේ shares 100 යි තියෙනේ ප්‍රශ්නයක් නෑනේ.. "

" අයියෝ සන්.. යන්න යන්න.. මේ කට්ටිය 1 share එක අරන් යන්නේ.. යන්න යන්න.. "

හරි... කොල්ල බයෙන් බයෙන් ගියා.. කිසි අවුලක් නෑ.. නම අහල ලිස්ට් එක බලනවා.. අත්සන් කරන්න කියල යන්න දෙනවා... මොනාදෝ විකාර වගයක් කිව්වා මට නම් තේරුනේ රුපියල් 2 ක Dividend එකක් දෙනව කියපු එක විතරයි... ස්ටා හොටෙල් එහෙකින් දීපු කෑම ටික කාල මම ආව... ආතල් වැඩේ... 



ඔහොම ඉද්දි තමයි මගේ යාළුව කිව්වෙ 

" මචන් උබ ට Nestle තියෙද.. ගනින් මීටින් යන්න පුළුවන් උන් හෙන ගිෆ්ට් පාර්සල් එකක් දෙනවා... " කියල...

" බලමු රුපියල් 80 ( අද  902.00 )  යි.. 100 ක් ගන්න 8000ක් ඕනිනේ බන්...  "

" නෑ නෑ උබ odd lot එකෙන් shares 10 ක් ගනින්.. මීටින් ගිහින් ඇවිත් විකුනපන්... "

" හා.. උබ යනවනේ.. "

" ගනින් යකෝ.. මුන් ඔක්කොම යනවා.. "


මම ත් ශෙයාර්ස් 10 ක් ගත්තා...


AGM එක තිබ්බේ BMICH එකේ... එතන එක කෙලියයි... මීටින් එකට 50 ක් වත් නෑ... එලියෙ ගිෆ්ට් පාර්සල් දෙන තැන සූ ගාල මිනිස්සු... පොරකනවා... සමහර එවුන්ගෙ නම් නෑ කියල වලි එහෙන්... එහෙන් එකම එකා 2 - 3 පාර අරන්... හයියෝ...

මාත් අමාරුවෙන් පාර්සල් එක ගත්තා මගේ නමට අත්සන් කරලා.. මෙන්න අරූ.. පාර්සල් 3ක් උස්සන්.. 


" මේ මගේ කෙල්ලගෙයි අපේ මල්ලිගෙයි අකවුන්ට් වල ඒව බන්.. හික් හික්... "

හුඟක් උන් එහෙම පාර්සල් 2 -3 අරන් ගියා... මතක විදියට රුපියල් 1000 ක් විතර වටින අයිටම් තිබුනා.. උන්ගෙ ප්‍රොඩක්ට්ස් ( 2005 දි )...


මමත් ඊට පස්සෙ ඔය වගේ වටිනා කියන AGM හොය හොය යන්න ගත්තා...

කොතලාවල මහත්තයගෙ Ceylinco කම්පැනි බර ගානක් තිබ්බා CSE එකේ... ඒ හැම එකකදිම වගේ කට්ටිය උන්දැට බටර් ගාල ලන්ච් වවුචර්ස් ඉල්ලනවා... උන්දැත් දෙනවා...
රජ බොජුන් එකේ ලන්ච් එකකට සතියෙ දවසක... මම අපේ ගයානුත් ඇදගෙන 4 - 5 පාරක්ම රජ බොජුන් එකෙන් කෑව නිකන්.. හික් හික්...


තේ කොළ කම්පැනි හැම එහෙකම වගේ තේ කොළ 500g ක් විතර අනිවාර්යෙන් හම්බු වෙනවා... රිචඩ් පීරිස් ගෲප් එකේ... එතකොට ඩිල්මා එකේ වගේ නම් කොලිටිම තේ කොළ පැකට් තමයි දුන්නේ...

ටුබැකො එකේ මතකයි Gold leaf පැකට් එකක් දුන්නා... සීන් එක Ceylon tobacco AGM එකට යන උන්ට කැම්පස් ද මන්දා සෙට් එකක් හැමදාම Company ඉස්සරහ වෙලා ඉදන් හූ කියනවා... මම බිම බලන් මාරු උනා.. හික් හික්...

හොඳම වාසිය උනේ Lion and ceylon brewery AGM එක.. ගයාන් ගෙයි මගෙයි දෙන්නගෙම කොටස් 10 ක් ද ගානේ කොහෙද තිබ්බ ඔය කම්පැනි දෙකේම..  ලයන් lager 6 පැක් එක ගානේ 4 ක් හම්බුනා දෙන්නටම.. හම්බුනා වගේද.. බස් එකේ අරන් යන්නත් බෑ... ඒ අස්සෙ ඩයල් එකක් අපි වගේ ගෙනියන්න බැරි උන්ගෙන් අඩු ගානට සල්ලි වලට බියර් ගන්නව... හයියො පිස්සු මතක් වෙද්දිත්... ඌට දීල පුළුවනෙයි.. පිට කොටුවට වෙනකල් උස්සන් ඇවිත් ටියුලිප් බෑග් 4ක් සල්ලි දීල අරන් ඒවයෙ දාගෙන අපි ගෙදර ආව.  ගයානුත් ඒ දවස් වල නොබොන නිසා සති 2 - 3 ක් ම ශේප් උනා ඒකෙන්..

මහවැලි රීච් එකේ AGM එක තියෙන්නේ නුවර. කොළඹ ඉදන් ඒ සී බස් එහෙක යන්න එන්න ට්‍රාන්ස්පෝර්ට් ලන්ච් එක ඔක්කොම හොටෙල් එකෙන්... ඒකත් ආතල් ගමන...

ගලදාරි එකේනම් ලන්ච් වවුචර් එකක් එවනවා දෙන්නෙක්ට.. මට නම් කවදාවත් යන්න උනේ නෑ.. අපේ පවන් ට මම දුන්න එක පාරක් ගෑණි එක්ක පල කියල.. මූ ගිහින් ඇවිත් අම්ම මෝ නැතිව බනිනවා ගැණිට..

" බලපන් බන්.. නිකන් කන එක කන්න එපැයි.. හිච්චක් කාල ඉන්නවා.. " හයියෝ
 

ඊට අමතර හොටෙල් කීපයකම ලන්ච් සෙට් උනා.. අහ් මර්කන්ටයිල් ශිපිං එකේ තමයි උපරිම රස.. උන් ලන්ච් විතරක් නෙමෙයි බොන්නත් දුන්නා.. හිතා ගන්න පුළුවන්නේ...

සුපිරි වලි එහෙමත් හිටපු ගමන් ඇදෙනවා... 2006 දි ද කොහෙද තිබ්බ Vanik EGM එකේ පට්ට වලියක් ඇදුනා... අමුතු චරිතත් වඩිනවා... එක ඩයල් එකක් හිටියා හැම AGM එකටම ඇවිල්ල සිංහලෙන් එකම විදියෙ කතාවක් කරනවා.. Director Board එකේ ඉන්න හැම එකාටම සුදු හුණු ගානවා ආපු එවුන් හූ කියනකම්ම... 


ඔය කාලේ Shares 10 - 100 අතරේ අරගෙන ( AGM යන පරමාර්ථෙන්ම ) කම්පැනි 100 කට වඩා ගානක් මගේ portfolio එකේ තිබ්බා... shares 1 ක් තිබ්බත් කම්පැනි එකේ quarterly reports, Annual reports අනන් මනන් ලියුම් ඔක්කොම ගෙදරට තැපල් කරනවනේ.. ඒ දවස් වල දවසකට ලියුම් පොත් 2 - 3 ක් වරදින්නෙ නෑ... අපේ ගෙදර මිනිස්සුත් අහනව 
" මොනවද මනුස්සයෝ මේ එන්නේ " කියලා...

දවසක් තැපල් පියුන් අම්මගෙන් අහල තිබ්බා 

" මේ මෙහේ පුතා මොකක්ද මිස් කරන රස්සාව ? " කියලත්... හික් හික්... අහල පහල එකෙක්ටවත් නොයෙන ලියුම් කන්දරාවක් එද්දි...

හුඟක් AGM වලට එන්නේ එකම සෙට් එක.. රස්සාවක් විදියට යන වද මන්දා.. අන්තිමට AGM එකකට ගියේ 2006 දි... ඊට පස්සෙ නම් ගියේ නෑ.. ලංකාවෙ ආවට පස්සෙ කොටස් ගණුදෙනු අතෑරල දැම්මත් ජංජාලෙන් ගණුදෙනු කරන්න පුළුව්න් උනාට පස්සෙ ( Online trading ) 2009 දි ආයෙම ගේමට බැස්සා...පරිස්සමෙන්.. දැනුවත් භාවයකින්.. කරගෙන යනවනම් ඒක හොඳ තැනක් ආයෝජනයට.

ලංකාවට ගියහම තාමත් මම තැරව්කාර ආයතනයට ඔලුව දානවා.. පරණ ඩයල් එක්ක චැටක් දාල එන්න... හික් හික්...

හැබයි දැන් නම් මම හිතන් නෑ කිසිම Company එකක ඉස්සර වගේ Lunch , Gift එහෙම දෙනව කියලා.. මොකද දැන් එහෙම කරන්න ගියොත් ඔව්වො බංකොලොත් වෙනවා... හික් හික්..

 

Tuesday, March 6, 2012

ජීවිතේ මහ පුදුම දෙයක්

Share


පොඩි කාලේ හැම පන්තියකදිම අහපු ප්‍රශ්නයක් තමයි ළමයි ලොකු උනාම කවුරු වෙන්නද කැමති කියලා... පොඩි කාලේ ඉදන්ම ඔලුවලට දාල තිබ්බ නිසාද.. අපි දන්න ලොකුම රස්සා දෙක නිසාද මන්දා හැමෝම දුන්නේ එකම උත්තර.... එක්කො දොස්තර කෙනෙක්... එක්කො ඉංජිනේරුවෙක් කියලා...


ඉස්කෝලෙ කාලේ ගුටි කාපුවා.. දඩුවම් ලබපුවා.. මතක් කරමුද.. පෝස්ට් එකේ කිව්ව වගේ නැගෙනහිර පළාතේ තිබුන ඒ පාසලේ ඒ පන්තියේ හිටි ළමයින්ගෙන් එකෙක්වත් ඒ ටාගට් එකට ගියාද කියන්න මම දන්නෙ නෑ... ඒත් මම ඒ පාසලේ හිටි අවසන් වසරෙදි... 5 දි ඔය අහපු ප්‍රශ්නෙට එකෙක් විතරක් දුන්නෙ වෙනස් උත්තරයක්.. ඒ ලොකු උනාම " ක්‍රිකටර් " කෙනෙක් වෙනවා කියලා... ඌ උනාද නැද්ද මම දන්නෙ නෑ... ඒත් ඌ වෙනස් විදියට හිතුවා...


අනික් උන් මම දන්නෙ නෑ ඒත් මගේ නම් එතනින් එහාට ලොකු උනාම වෙන්නෙ මොකෙක්ද... කරන්නේ මොනාද කියල ඔලුවෙ තිබුනෙ නෑ... වාර විභාගේ කොහොම හරි පාස් වෙන එක... ඊට පස්සෙ O level ගොඩ දාගන්න එක තමයි තිබ්බ අරමුණ...


එතනින් පස්සෙ ආව ප්‍රශ්නෙ උසස් පෙළට කරන්නේ මොනාද කියල... ඩොකෙක් වෙන්න නම් Bio... ඉංජෙක් වෙන්න නම් Maths... අකවුන්ටන්ට් කෙනෙක් වෙන්න නම් Commerce... ඔය වගේ අදහසක් තමා ඒ වෙද්දිත් තිබුනේ... ඩොකෙක් කිව්වම ඒකේ කොයි තරම් අංශ තියෙද.. ඉංජෙක් කිව්වම කොයි තරම් අංශ තියෙද ඔව්ව ගැන හිතක වත් නෑ...


අතිජාත යාළුවො සෙට් එකක්... අදටත් ඕනිම දේකදි වචනෙන් හරි උදව්වට ඉන්න බොක්කෙ කොල්ලො සෙට් එකක් එකතු උනේ ඒ කාලෙදිමයි.... කෙල්ලො.. වලි.. වැල... වල බැහීම්... එකක් නෑර යන මළ ගෙවල්.. දාන ගෙවල්... එක්ක අවුරුදු දෙක ගෙවිල ගියා... සමහර කොල්ලොන්ගෙ ගෙවල් වලින් අපිත් එක්ක සෙට් වෙන එක.. යාළුකම් පවත්වන එක සීමා කරන තැනටම අපි ඉගෙන ගන්න උනන්දු වෙලා තිබ්බා... එහෙන් මෙහෙන් සෙට් උන උන් ඇත් උනත්.. අතේ දුරින් හිටියත් අපි 7 දෙනා බොක්කෙන්ම වලට හිටියා...


" මචන්ල... මොන රිසල්ට් එක ආවත් හැමෝටම කියපල්ල S 3යි කියලා හරි.. " මොකද ඒ වෙද්දි අපි හිටි තත්වෙ අනුව උපරිම S 3 තම කියල අපිටත් තේරිල තිබුනේ...


රිසල්ට්ස් ආවා... 4 දෙනෙක් ෆේල් වෙද්දි 3 දෙනෙක් යන්තම් පාස් උනා... ගොන්කම් තේරුනා.. කෝම හරි ගේමට බැහල විභාගෙ කරා දෙවැනි පාර... ඊට කලින් එකෙක් රට ගියා... රිසල්ට්ස් වලින් තව එකෙක් කැම්පස් ගියා... අනික් උනුත් මොන මොනා හරි කරා... කාලය ගෙවිලා.. ඒ ලෙවල් කරද්දි අපි එකෙක්වත් හීනෙන් වත් නොහිතපු දේවල්.. තැන් වල අද වෙද්දි අපි ඉන්නේ... අපේ පන්ති වල හිටපු සමහර උන් ඩොකාල ඉංජල වගේම පොලිස් කූඩු වල ඉන්න උනුත්....


ඊයේ අපේ එකෙක් කෝල් කලා.. පැය දෙකක් විතර කයියක් දැම්ම... ඕපදූප තමයි...


 """" ඒ බන් **** බැඳල පොඩි එහෙකුත් ඉන්නවනේ...



අන්න අරුත් බැදල බන්...



උබ දැක්කද අරූගෙ කෑල්ල.. කොහොමද හිටියේ ඌ ඒ කාලේ..



ලොක්ක රට කනවා බන්.. යුද්දෙ නවත්තපු එක හරි.. ඒ උනට බලපන්...



ඒ කෝ බන් **** ආරංචියක් වත් නෑ..



පව් බන්.. ඌටත් කීයක් හරි දෙන්න ඕනි.. අනේ මන්දා සල්ලිත් නෑ බන්...  """"


නා නා ප්‍රකාර කතා අස්සෙ

" බලපන් බන්.. අපි එකෙක් වත් තාම කිසිම ස්ථාවරයක නෑනේ.."


ඔය ගැනත් කතා උනා.. ඇත්ත.. රස්සා කරනව.. හම්බ කරනව.. කාටවත් අත නොපා කොහොම හරි ජීවත් වෙනව.. ඒත් ඇත්තටම අපිට මීට වඩා හොඳ තැනක ඉන්න තිබ්බ නේද කියල අනන්ත හිතෙනවා..

" ඇයි බන් බලපන්... කොයි වෙලේ බැලුවත් සල්ලි නෑනේ.. "

" හික් හික් අපි රට ඉදල අපි ගාවත් නෑ..  අර ලංකාවෙ ඉන්න උන්.. උන්ටත් නෑ.. සල්ලි නෑ බන් මිනිස්සු ගාව.. අපිට විතරක් නෙමෙයි... "

" ඒ උනාට උන් ආතල් එකේ ඉන්නව බන්... මාසෙකට නිවඩු කීයක්ද... බලපන් මූනු පොතේ ෆොටෝ ට්‍රිප් ගිහින් දාන...  "

" ඔය කිසිම තොරණක පිටින් පේන ලස්සන ඇතුලෙ නෑ බන් " ( බස් එකේදි උස්සපු වචන ටිකක් ඇදල දැම්මා )

" ඒකත් ඇත්ත... ඒත් බන් තාම තනිකඩයො.. බලපන්.. බැඳල.. දරුවෙක් එහෙම හැදුවට පස්සෙ කොහොමද කරන්නේ.. "


" හිතන්න එපා බන්.. ඔය මිනිස්සු කරන්නේ.. අපිත් කොහොම හරි කරයි.. "

" අඩෝ උබ දැක්කඩ මූනු පොතේ ***** ගේ *****  කොහෙන්ද බන් උන්ට සල්ලි ? "

" ඔය කොහෙන් හරි හම්බෙනව ඇති බන්.. ***** කියන්නේ උබවත්... උබ කියන්නේ ***** නෙමෙයි නෙ බන්... "


හිත හදා ගන්න හරි.. රවට්ට ගන්න හරි.. අපි කතා කරා.. හේතු කිව්ව...


ඔහොම ගොඩක් දේවල්... පරණ කෙල්ලො ගැන.. දැන් කෙල්ලො ගැන... අතීතෙ අනාගතේ.. හුඟක් දේවල් ඔය කතාවට එකතු උනා...


ෆෝන් එක තිබ්බට පස්සෙ මට හිතුනේ... " ජීවිතේ මහ පුදුම දෙයක් " කියලා..


අපි හීනෙන්වත් නොහිතපු දේවල් රැසක් එක්ක තමයි අපේ ජීවිත ඉස්සරහට යන්නේ... ජීවිතේ ගැන තීරන ගන්න සිද්ද වෙනවා... තනි පාරවල්... දෙමං හන්දි... තුං හන්දි... හතර මං හදි... ඔව්ව හමු වෙනවා... ඔවයෙන් හැරුනම ආයෙ යූ ටර්න් ගහන්න අමාරුයි... සමහර පාරවල් one way ඔන්ලි...  ඉතින් කැමත්තෙන් හරි අකමැත්තෙන් හරි ඒ දේවල් දිගේ අපි ජීවත් වෙනවා..


මේ සටහන ලියන්න හිතුනේ ඇයිද මන්දා... මේ වගෙ ලඟින් යන පෝස්ට් එකක් රංග අයියත් ලියල තිබ්බා...


කිසිම ගැලපීමක් නැති වචන ගොඩක්ද කියලත් හිතෙනවා ආයෙ කියෙව්වම... ඕනි... පු*** කියල ඔන්න පෝස්ට් කරනවා...

Monday, February 13, 2012

සුලඟ වගේ ඇවිදින් සහ අක්ක කෙනෙක්ට ( ලව් ?? ) කිරීම...

Share

මට පොත් කියවන එක පොඩි කාලෙ ඉදන් තිබ්බ පුරුද්දක්.. ලංකාවෙ ඉද්දි නම් පොතක් නැතිව කෑම කන්න බැරි ගාන ට පොත් කියවිල්ල ට ඇබ්බැහි වෙලා හිටියා.. පොත් කියන්නේ ඉතින් නවකතා තමයි..


පොඩි පන්ති වලදි නම් පාළු දූපත.. නෙල්ලි කැලේ වීරයෝ... එතකොට ඔය නිදන් ගන්න බිලි දෙන සීන්.. කරවල වාඩි වලට උස්සන සීන්... එහෙම තියෙන පොත් සෙට් එකක්ම තිබ්බා...


7 - 8 වසර වලදිනම් හුඟක්ම ඔය ශර්ලොක් හෝම්ස් ගෙ.. එතකොට ටාසන්... වගේ පොත් තමයි..


ඊට පස්සෙ ඉතින් අතට අහු වෙන ඕනි එකක් කියවන්න පුරුදු උනා.. ඒ පුරුද්ද අදටත් තියෙනව. ඒ උනාට රුසියන් එව්ව නම් මට වච්චයි.. ඒ වගේම හුඟක් සම්භාව්‍ය එව්වත් දිරවන්නෙ නෑ..


සුජීව ගේ කඳුළු කතා... පොතක් පත්තරයක් නැතිම උනොත් කියවනවා.. ඒත් දැන් නම් ඒව කියවිල්ල නවත්ටලම දාල තියෙන්නේ...


මම හුඟක් කියවන්නේ ඉතින් හුඟක් දෙනා බොලඳයි කියන ජාතියේ ලව් ස්ටෝරි තමා.. චන්දි කොඩිකාරගේ.. යව්වන සමීන්ද්‍ර ගෙ එහෙම.. ස්කෝලෙ කාලෙ මතක් වෙන එව්වට තාම ආසයි...


ඔය පොත් ඔක්කොගෙන්ම එදා මෙදා තුරාවට මට අල්ලලම ගියපු සහ වැඩියම පාරක් කියවපු පොත තමයි " සුලඟ වගේ ඇවිදින් "


බොක්කටම වදින ලව් ස්ටෝරියක් තිබ්බ පොතක් තමයි ඒක.. ඔය පොත මට මුලින්ම හම්බුනේ 12 වසරෙදිද කොහෙද.. අපේ නංගි ගෙනල්ල තිබිල මම කියවන්න අරන් ඉතිරි ටික පස්සෙන්ද කියවන්න තිබ්බම මේකි ඒක උස්සන් ගිහිල්ල... ඉතින් හොයල හොයල බැලුව හොයා ගන්නත් නෑ.


එක දවසක් ඔය පොත මම දැක්ක අපේ ස්කෝලෙ ලයිබ්‍රි එකේ... ඔව් දැඩි රැකවල් මැද.. කවුද කොල්ලෙක් පොතක් නැති කරල... ඒ වෙනුවට ඌ ගෙනල්ල දීල තියෙන්නේ "සුලඟ වගේ ඇවිදින්".. විසික් කරන්නය.. පුස්ථකාල මිස් ඕක ලාච්චුවේ දාල ලොක් කරල තිබ්බේ...


ඉල්ලුවට මළාට හම්බ වෙන්නෙ නෑ... ඒ උනාට මගේ උනන්දුව ඊට වැඩියි. මිස්ගෙ ෆිට් එක තමයි අපේ හසිතයා.. මම ඌට බෝලෙ බැස්සුවා

" මචන් ඒක සිරා පොත බන්.. ලව් කරන්න මාර ඇඩ්වයිස් සෙට් එකක් තියෙන්නේ " කියල.. ඌත් ෆෝම් උනා... පොර ගිහිල්ලා අඩල අඩලා යාන්තම් පොත ඉල්ල ගත්තා


" මිස් අපි මේක හෙට ගෙනත් දෙන්නද ? "


මිස් ඇස් දෙකත් නලලට අරන්


" හෑ.. ඔයාලගෙ අම්ම දැක්කොත් මටත් විසුමක් නෑ.. ( මිස් මේ පොත කුණුහරුප පොතක් කියල හිතන්ද මන්ද හිටියේ ).. රෙෆරන්ස් එකේ ඉදන් කියවල යන්න "


මොනා කරන්නද... මායි හසිතයයි රෙෆරන්ස් එකට වෙලා සුලඟ වගේ ඇවිදින් බලනවා.. ඒ අස්සෙ අපේ සමහර එව්වො හෙන තඩි බයෝ.. කොමස්.. නා නා ප්‍රකාර පොත් දිග ඇරන් පාඩම් කරනවා... අපි දෙන්න අපේ පාඩම.. ඉස්සරහ හෙන විශාල පොතකුත් තියාගෙන සුලඟ වැහෙන්න... 

ඔක්කොමත් හරි මිස් විනාඩි 10 න් 10 ට ඇවිත් ඇති ඇති දැන් වැඩ නැද්ද යන්න යන්න කිය කිය වද දෙනවා..


දවස් 4 ක් විතර ඇදල යන්තම් ඔන්න පොතේ අවසානය...


මිස් පුරුදු පරිදි " හා හා දැන් යන්න යන්න ඔය ඇති "


හසිතය කොච්චර පොතට බැහලද කිව්වොත්..

" ඉන්නකො මිස් පොඩ්ඩක්.. සුලඟ දැන් කුණාටුවක් වෙලා " මිස් අත් දෙකත් ඉනට තියන් බලන් ඉන්නවා... ඒ අස්සෙ පුස්ථකාලෙ හිටිය චූටි මිස් හිකිස් බිකිස් පාර වල් දානවා...හුරතල් මිස් එයැයි හරි...


ඔහොම හෙන කට්ටක් කාල තමයි අපි සුලඟ වගේ ඇවිදින් බැලුවෙ..

ඊට පස්සෙත් කීප පාරක් කියෙව්වා මම ඔය පොත... අක්කගෙ යාළු අක්ක කෙනෙක් එක්ක ලව් කරන කොල්ලෙක් ගෙ කතන්දරයක් යන්නේ... දිනේශ් කොළබගේ ලියල තියෙන්නේ... හැමදාමත් ෆේවරිට් තමයි මගේ නම්...


මෙන්න ඊ බුක් එක කැමති කෙනෙක්ට... එලකිරි එකේ තිබිලා හොයා ගත්තෙ අවුරුදු කීපයකට උඩදි...


ඔය සීන් එකත් එක්ක මතක් උනේ අක්ක කෙනෙක්ගෙන් යාළුවෙන්න අහපු එකක්... කෙටියෙන් කොටල දාන්නම්...

ලස්සන කෙල්ලෙක්... සුදුයි.. උසයි.. දවස් 3 - 4 ක් ඇහ දාගෙන ඉද්දි හිතුනා ඕනි එකක් අහල බලන්න ඕනි කියලා.. කිසිම ශුවර් එකක් නොතිබ්බට නෝන්ඩි වෙන්න පුරුදු වෙන්න දෙයක් තිබ්බෙ නැති නිසා දවසක් හිමීට කිට්ටු කරල කතා කලා..

" මේ මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද ? "

" අහ්... ඇයි මල්ලි ?? "

හුටා මේකි අක්ක කෙනෙක්ද ??

" අහ් නෑ නෑ.. මේ පොඩි වැරදීමක්... "

ඒ ලව් එක එතනම හබක්.



කාලයක් තිබ්බනේ දැක්ක ගමන් අහන්න හිතෙන... ඉන්නෙ කොහෙද... කාගෙ කවුද... කන්නෙ මොනවද... කොල්ලෙක් ඉන්නවද... ඔය මොකුත් අදාල නොවෙන කාලයක්... අන්න ඒ කාලේ සිද්දියක්... අපේ එකෙක්ටවත් මෙච්චර කලෙකට ඔය සීන් එක කිව්වෙ නෑ මම හික් හික්... නෝන්ඩිනේ... 

 **********************

 ප. ලි :: දේගේ අඩවියේ සහ පොඩිමෑන්ගෙ ලට්ට ලොට්ට අඩවියේ පල වෙලා තිබුනා පිළිකාවෙන් පෙලෙන සොයුරියක් ගැන... පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ ලිපි දෙක කියවලා උදව්වක් කරන්න.... 

පොඩිමෑන් ගේ ලිපිය..

දේව්ගේ ලිපිය.

Friday, February 10, 2012

ටිකෙන් ටික අහල රාගය ඇවිස්සුනාද ???

Share

මාසෙකට පාරක් එන පෝය දවසෙ කලින් අරන් තියපු බෝතල් ටික හිස් කරල සිල් පදේකුත් කඩන අපේ කට්ටිය... එහෙමත් නැත්තම් පෝය දවසට ලස්සන කෑලි එන නිසා පන්සලට යන සමහර කට්ටිය... " භවතු සබ්බ මංගලම් " ගාථා පාඨය ගීතයක යෙදුනා කියලා ජංජාලෙ පුරාවට ලොකු කලබගෑනියක්...


ඔය කෑගහන යතුරු පුවරු වීරයො ටික අඩුම ගානේ පෝයට සිල් ගන්නවද.. ?
පන්සිල් පද 5 රකිනවද...  ?
බොහෝ අයට පන්සල මතක් වෙන්නේ විභාගයක් ලං උනාම... අසනීප උනාම... ඒ සැබෑ ලෝකයෙදි...


ඒ උනාට ජංජාලෙට ආවම... බුදු දහම වෙනුවෙන් කැපවෙලා...

අර චීවරේ පටලගෙන හූනියම් ගුරුකම් රටේ නැති අවලම් වැඩ කරන්න එව්වො ගැන අච්චර එලි කලා එකෙක් සද්ද නෑ... රැල්ලට වගේ කෑ ගහනවා ගීතයක් අල්ලගෙන... පහුගිය නොවෙම්බර් එලියට ආපු මේ ගීතයට විරුද්දව මෙච්චර විරෝදයක් මාස ගානකට පස්සෙ එක රැයින් ඇති උනේ සයිට් එහෙක වැටුන පෝස්ට් එහෙකින්.. එතකන් එකෙක්ට තේරුනේ නැද්ද මේ ගීතයෙන් හානියක් උනා කියල.. ඔක්කොම රැල්ලට කෑ ගහනවා.. තව සති 2 ක් යද්දි මේ ඔක්කොම ඉවරයි...සමහර විට මනාප ටික හදාගන්න මේ සින්දුව තහනම් කරන්නත් බැරි නෑ අද හෙටම.. දීපාල් සිල්වගේ මේ රටේ මිනිස්සුත් තහනම් කලේ.. වචනයක් ගානේ ඇත්ත ඒකෙ කියන්නේ... පිස්සුම තමා..

පහුගිය දවස් වල අර නයන කියල ඩයල් එකක් බුද්දාගමට අපහාස කරා කියල ලොකුවට කෑ කෝ ගහල ඒ මනුස්සයගේ ෆෙස් බුක් එකෙයි යූ ටියුබ් එකෙයි බුදු දහම රැක ගන්න කියල කුණුහරුප වපුරන්න ගත්තා. යතුරු පුවරු වීරයන් බුදු දහම ගැන දන්න තරම කියල හිතුනා රෙදි උස්සන් කුණුහරුප වපුරද්දි ඒ මනුස්සයගේ වීඩියෝ එකට... දැන් සද්දයක් වත් නෑ...


එහෙන් එකෙක් අර සෝවාන් වෙලා කියල තව සෙල්ලම්ක් දානවා.. ඒ ගැනත් සද්ද යක් නෑ...

සෙට් එකක් කියනවා මේ සින්දුවෙන් රාගය ඇවිස්සෙනවා කියල... හත් ඉලව්වෙ මේ සින්දුවේ එහෙම ඇවිස්සෙනවා නම් මුන්ව මඟුල් ගෙදරකට වද්ද ගන්න බෑනේ... හිතේ තියන වලත්ත කම නිසා නොවෙන්න මේකට එහෙම රාගයක් ඇවිස්සෙන්න අඩුම ගානේ කොට ඇදුමක් ඇදපු කෙලි පැට්ටෙක් වත් නෑ නෙව...


 ගාථාව රැප් කරලලු... අනේ ඔය ගූගල් එකේවත් රැප් කියන්නේ මොනාද කියල හොයල බැලුවනම්...

තව එකෙක් කියනවා මදු සමය ගැන කියනවලු... මඟුලක් කෑවට පස්සෙ ඉතින් ඊලඟට යන්නේ ඕකට තමා.. මේ ගීතයේ ඒ ගිහිල්ල කරන කියන එව්වා නෑ නේ.. එහෙනම් ඉතින් මඟුල වෙලාවෙ ගාථාව කියන එකත් වැරදි..


ඒ මදිවට ගයාන්ගේ තාත්තත් ඇදල අරන්.. දෙමව්පියන්ගෙ වැරදි වලට දරුවො ගාවගන්න ඕනිද ?


ගංජ ගහන... හිරෙන් පැනල ගේම් දෙන... එහෙමත් නැත්තම් දෙපැත්ත කැපෙන කුණුහරුප කැලි තියෙන සින්දු එක්ක බලද්දි මේක උපරිමයි...


අන්තවාදී නොවී අහන්න පුළුවන් නම් ගීතය... ඒ අවස්ථාවට ගැලපෙන විදියට පසුබිමින් එම කොටස එක් වෙන්නේ.. පැහදිලිවම කිසිම හානියක් කරන අදහසක් එහි නෑ...


පටු විදියට හිතන අන්තවාදියො වෙන්න එපා... බුද්දාගම කියන්නේ අන්තවාදී දහමක් නෙමෙයි. .. අනික වෙනත් ආගම් වල අන්තවාදීන් බෞද්ධයන් විදියට පෙනී සිටිමින් උබලව උසි ගන්වනවා වෙන්නත් පුළුවන්... ඉතින් උබලත් උඩ පැනගෙන කෑ ගහපල්ලා....
  
මීට වඩා ලොකු දේවල් වෙනවා... පොඩ්ඩක් බලපල්ල නැගෙනහිර දිහාවෙ වෙන්නේ මොනවද කියල ?? අර කූරගල පුදබිම ගැන වටිනා ලිපියක් තිබුනා අනේ ඒ ගැන කතා කලේ කීයෙන් කී දෙනාද ?? දේශපාලකයොත් චන්ද ටික තියා ගන්න සද්ද පියන් ඉන්නවා... ඇත්තටම නැගී සිටින්න ඕනි දේවල් වලට විරුද්දව නැගිටපල්ල.. බොරුවට කෑ නොගහ...
 

රාගය ඇවිස්සෙන වුන් මෙන්න මේක අහල තව ටිකක් ඇවිස්සියන්...




Daddy සංගීත කණ්ඩායම ගීතයට ඇති වූ විරෝධය ගැන අදහස් පල කරල තිබුනා...  මෙතනින් බලන්න පුළුවන් කැමති නම්...

Wednesday, February 8, 2012

බොන තරමක් බඳින්න කලින් බීපල්ලා...

Share

අපේ පොරක් හිටියා බොන්න සෙට් උනාම බොන්නෙ නිකන් ලෝකෙ තියෙන අන්තිම අරක්කු උගුර කියල හිතාගෙන... අපි ශොට් එක දා ගනිද්දි ඌ ශොට් 2ක් දාල 3 වෙනි එක වක් කර ගන්නවා... අපිට ලාවට වදිද්දි ඌ ඔලුව ගහගෙන... එහෙම නැත්තම් කණුවක් ගහක් අල්ලන් කබරය දානවා...පොර ගැන ලියලත් ඇති කබර කතා වල..


ඒ උනාට පොරගෙ ගෑණු දැරිවි දන්නෙ නෑ පොර බොනව කියල... බඳින්නත් හිටපු නිසා අපිත් ඉතින් ඕනි එකක් කියල උගේ අර " හොර පොලේ " තියරියට ඉඩ දීල හිටිය ඉතින්.. බැන්දට පස්සෙ අරක්කු වානා නේ..


මේ ලඟදි අපේ එකෙක් ගෙ වෙඩිමක් තිබිල කට්ටියම සැට් වෙල.. මම ඉතින් මෙහෙට වෙලා ඉරිසියාවෙ පැලෙනවා... අපේ ඉහත යාළුවත් ඉතින් ( අහ් මූ දැන් බැඳලා.. ) වයිෆ් එක්ක ඇවිල්ල. කට්ටියම ඔන්න එක ටේබල් එකේ සතුටු සාමිච්චියේ ඉදල.. බොන වෙලාවෙදි අපේ එවුන් බොන්න අරන්..උගේ පවුල ට නෝන්ඩි උනා වගේද අපේ උන්ට නිකන් බොන්න හම්බෙන අරක්කු ටික...


ගෑනු ළමයට ට හෙන අවුල්ලු... ඇයි ඉතින් ස්වාමි පුරුශයගේ අතිජාත යාළුවො අරක්කු බොනව කිව්වම...
අපේ යාළුවත් නිකන් ඉන්නවලු ජීවිතේට අරක්කු දැකල නෑ වගේ...


මට සිද්දිය කියපු එකයි මායි අතර සංවාදේ...


" උබට කියන්න බන් ****** අපි දිහා බලන් හිටියේ ජීවිතේට නොදැකපු එව්වො දිහා බලනව වගේ... ඌ හරියට ජීවිතේට අරක්කු දැකල නෑ වගේ.. ඒ උනාට උගේ මූනෙ තිබ්බ දුක... අඩෝ ඇස් දෙකේ කඳුළුත් තිබ්බද කොහෙද බන්...  "

" පව් වැඩේ බන්.. ලොවෙත් බීපු එකෙක් නේ... ඇඩෙන්න ඇති... ඉතින්.. "


" ඔව් බන්.. මූන නිකන් දෙහි ලෙල්ල වගේ... වට පිට බලනවා.. ඇබරෙනවා... "


" පට්ට ඕයි... මම හිටියෙ නෑනේ... ශික්.. ඉතින් කියපන්කො...  "

" ඉතින් ඌ ඇඩූ කඳුලින් ඉද්දි අපි බිව්වා...  අපි නොබී ඉන්නද බන්.. දෙන ගාන කවර් වෙන්නවත් බොන්න එපැයි... එළම සීන් එක ඒක නෙමේ බන් අපේ සමහර එව්ව්වො උගේ වයිෆ් ට බයේ අරක්කු නොබී බියර් බිව්වනේ... "


" අම්මට හුඩු ඒ කවුද බන් ? "


නම් 2 ක්... ( ලොවෙත් අරක්කු බීපු අපේ උන් දෙන්නෙක් ගෙ නම් )

" මොකා.. ? යකෝ ****** නොබී හිටියේ උගේ වයිෆ් නිසා කියමු... ඇයි අරුන් දෙන්න ?? "

" පස්සෙ ඇහුවම කිව්වෙ උන් කිව්වෙ තත්ත්වෙ තියා ගන්න කියල "

" මොන හුන්නස්ගිරියේ තත්වයක්ද බන් අපිට ?? "

" හක් හක් හක්... "


අනාගතය ගැන පුදුම බයක් අප්ප දැනෙන්නේ මෙව්ව අහද්දි... පිස්සටත් දැන් බර බරේ වැටීගෙන එන්නේ බීමට... සන්දුක්කාරේ.... කොහොම හිටපු අපිද අප්පා... එක එකා බඳිනවා.. ඊට පස්සෙ උන් හොඳ වෙනවා.. මේ ලඟදි එකෙක් කෝල් කරල කියනවා..


" බලහන් බන්.. බියර් උගුරක් බොන්න කොල්ලෙක් නැති හැටි දැන්... " කියල... කාලය මැවු වෙනසක අරුමේ කිව්වලු...



සින්දුවකුත් මතක් උනා.. අහල බලන්නකො.

එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා

ගෙට ආ කල ටිකිරි ලියා
නුඹ වේවිලු කබර ගොයා
ලිඳට ගියත් අවසරයක් ගන්නට වේවී
දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී

එක යායේ...

වලට වැටුණු එකා යකා
වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී
නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී
කසාදෙ නං කසාය හරි තිත්ත බේතකී

එක යායේ...



බීම ගැන කියද්දි අපේ රනා ඊයෙ පෙරේදා බොහොම වටින පෝස්ට් එක්ක දාල තිබ්බා... අරක්කු - සිගරට් බොනවානම් මේකත් කියවන්න

Monday, January 30, 2012

ඉගෙන ගන්න රට ගිහින් අමාරුවෙ වැටෙන හැටි...

Share


YouTube එකේ දැකපු මේ වීඩියෝ එකත් එක්ක මේ ලිපිය ලියන්න හිතුනා. මේ ගැන මීට අවුරුදු කීපයකට කලින් එලකිරි අඩවියෙත් ලිපියක් මම දැම්ම මතක විදියට. අපේ ලංකාවෙ උසස් පෙළ ඉවර වෙනවත් එක්කම බොහෝ කොල්ලො කෙල්ලන්ට හැදෙන ලෙඩක් තමයි ඉගෙන ගන්න රට යන්න ඕනි කියන එක. උන්ගෙ කටේ තියෙන ලොකුම වචන සෙට් එකක් තමයි " මෙහේ ඉදල හරි යන්නෙ නෑ " කියන එක.


ඔතනදි කොටස් දෙකක් ඉන්නවා. එක කොටසක් හොඳට සල්ලි තියෙන... රට යවල උගන්නන්න පුළුවන් දෙමව්පියන්ගේ දරුවන් එක කොටසක්. අනික සාමාන්‍ය සමාජයේ එදිනෙදා වියදම් කොහොමහරි සපයගෙන ජීවත්වන දෙමව්පියන්ගෙ දරුවන්.


මේ ලිපිය ලියවෙන්නෙ ඒ දෙවැනි කොටසට අදාල දරුවන්ගෙ අවධානය පිනිසයි.


* ලංකාවෙ උසස් පෙළ සමත් උනත් විශ්ව විද්‍යාල සඳහා තේරෙන්නෙ සීමිත පිරිසක්. ඉතිරි කොටසට තියෙන අවස්ථා අල්පයි.


* ANC, ACBT, SLIIT, NIBM, CINEC, OCU සහ තව පුද්ගලික ආයතන කිහිපයක් තිබුනත් ඒවායේ මිල ගනන් බොහෝ සමාන්‍ය පවුල් වල ළමයින්ට දරා ගැනීමට අපහසු වෙනවා. ( SLIIT සහ NIBM නම් සාපේක්ශව අඩු මුදලක් අය කලත් )....


* මුදල් ගෙවා ඉගෙන ගෙන එලියට ආවම රැකියාවක් පිළිබඳ තියෙන අවිනිශ්චිත බව.


 * පොඩි කාලේ ඉදන් ඉන්ජිනේරුවෙක්... ඩොක්ටර් කෙනෙක් වෙන්න ඔනි කියන මතය නිසා කාර්මික විද්‍යාල හෝ වෙනත් ඒ ආකරයේ සමාජයේ ඉහලින් පිළිනොගත්ත රැකියා පුහුණුවන්ට ඇති අකමැත්ත.


* අනික පොඩි කාලේ ඉදන් ඔලුව වැටිල තියෙන රට හීන සහ මෙහේ ඉදල හරියන්නෙ නෑ කියන වදන නිසා බොහෝ ළමයින් සහ දෙමව්පිය ඉගෙන ගන්න රට යන්න ඕනි කියන තැන ට එනවා.


උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වෙන්න කැමති අයට පත්තර පිටු ගනන් පිරෙන්න දැන්වීම් තියෙනවා. ඕස්ට්‍රේලියාව... එක්සත් ජනපධය...රුසියාව... ඉන්දියාව.. සයිප්‍රසය... තව අහල නැති රටවල් වල පවා නා නා ප්‍රකාරයේ විශ්ව විද්‍යාල ( කඩ ?? ) වලට ළමයින්ට යන්න පුළුවන් මේ දැන්වීම් දාන ආයතන හරහා. ඔන්න ඔය ආයතන වෙත ළමයි සහ දෙමව්පියන් යොමු වෙනවා ඉහත හේතු මත.


එහෙම ගියහම ඒ ආයතන වලින් අඳිනවා චිත්‍රයක් දෙමව්පියන්ට සහ ළමයින්ට... සුර ලොවක් මැවිල පේන්න.


Part time රැකියා කරන්න පුළුවන්... ඒ කරලා තමන්ගේ වියදම් සහ විශ්ව විද්‍යාලයට.. පාසලට.. ගෙවන්න ඕනි Course fees ගෙවන්න පුළුවන්... ඉතිරි කරල ලංකාවටත් සල්ලි එවන්න පුළුවන්.. ආදී වශයෙන් බොහොම ලස්සන චිත්‍රයක් අඳිනවා. ඉතින් රට යන්න පොඩි හරි ආසාවක් තියෙන කෙනෙක් උනත් කොහොම හරි ඉගෙන ගන්න රට යන තැනට පත්වෙනවා ඒ සුරංගනා කතාවත් එක්ක.

මූලික වියදම් සහ පළමු වාරයේ course fee එක ගෙව්වෙම ප්‍රමානවත් එතනින් පසු සියළුම වියදම් Part time job කරල හොයා ගන්න පුළුවන් කියන් පට්ට පල් බොරුව විශ්වාස කරලා අපේ කට්ටිය ඔන්න රට යන්න සූදානම් වෙනවා.


වීසා ගන්න නම් තමන්ට රට ඉන්න කාලෙට අවශ්‍ය වියදම් සහ course වලට යන මුදල ( Australia වට නම් මෙය වසර 4 ක උපාධියක් සඳහා ලක්ශ 100 කට ආසන්න මුදලක් ) තමන්ට වියදම් කරන්න පුළුවන් බවට immigration එකට පෙන්නන්න ඕනි. එතනදි ඔය කිවූ බොහෝ ආයතන නා නා ප්‍රකාර හොර වැඩ කරනවා. පත්තරේ අරන් බැලුවත් දැකල ඇති මුදල් පෙන්නීම යම්කිසි මුදලකට කරල දෙනවා කියල දැන්වීම්. ඉතින් ඒ වැඩේ ලක්ශ 5 - 6 ක් අරගෙන කරල දෙන වැඩෙත් ඔය ඒජන්ත වරු බාර ගන්නවා. වීසා අරන් දීල රට යනකන් ඔවුන් ඔබට උදව් කරනවා.. කිසිම අවුලක් නොවෙන්න. ප්‍රශ්නෙ තියෙන්නේ


* ඔවුන් ඔබට ඇඳල පෙන්නපු චිත්‍රය අමූලික බොරුවක් බව රටට පය ගැසූ මොහොතේම ඔබට වැටහීම.


* ඔබ ඉගෙන ගන්න ආපු විශ්ව විද්‍යාලය.. එක ලංකාවෙ AL ටියුශන් පන්තියක් වැනි පොඩි ආයතනයක් පමනක් බව තේරුම් යාම.

දැන් තමයි සිහින ලොවෙන් අවදිවන කාලය... ඉන්න හිටින තැන් වලට.. කෑම බීමට... ගමන් වියදම්.. මුදල් ඕනි... ඒත් කෝ රැකියා... ???


නීතිය අනුව එන කෙනෙක්ට නීතියට අනුව වැඩ කල හැක්කේ පැය 20ක් පමණයි සතියකට... කෙනෙක් ඔය පැය 20 වැඩ කරල ඉහත වියදම් සියල්ල සපායගෙන මාස 6 කින් එන එකට මුදල් එකතු කරන්න හිතනවානම් එය සුදු සිහිනයක් පමණයි.


මම ඉන්න රටේ නම් සාමන්‍යන් සතියකට හවුලේ වාසය කලත් නවාතැන් වලට අඩුම ගනනේ $ 100 ක් වත් ඕනි කරනවා.. කෑම බීම වලට තවත් $ 50 ක් වත්.. ( ?? ) .. ගමන් වියදම්... බිල්... තව $ 50 ක්.. එදිනෙදා අනෙකුත් වියදම්... පොත් පත්.. සහ ඒ දේවල්.. කොහොම සතියකට $ 250 - 300 ක් වත් ඕනි වෙනවා... හුඟක් රැකියා වල ගෙවන්නේ මම දන්නා ආකරයට $ 12 - 15 ක් අතර මුදලක්.. ඔබ හොරෙන් වැඩ කරනවනම් එය $ 10 ක් වෙන්න පුළුවන්.. ඉතින් ඔබට පැය 20 ක් වැඩ කරල ඔබගේ වියදම යන්තම් හොයා ගත්තත්... course fees කොහොමද ඔබ හොයන්නේ ????

හොරෙන් තව පැය 20 ක් වත් ඒ කියන්නේ සතියකට පැය 40 - 50ක් ඔබට වැඩ කරන්න වෙනවා.. ඉගෙන ගන්න ගමන් පුලුවන්ද කියල හිතල බලන්න..

Course fee college එකකට $ 6000 - 7000.. University එකක නම් $ 10000 - 13000 අතර වෙනවා semester එකකට.



රැකියාවක් සොයා ගැනීම ලෙහෙසි කටයුත්තක් නෙමෙයි.. බොහෝ දෙනා Cleaning job වල නියලෙනවා. බොහොමයක් එවැනි රැකියා පාන්දර එහෙමත් නැත්තම් මහ රෑ තියෙන්නේ... සීතලේ කට්ට කාගෙන කරන්න වෙන්නේ... ලංකාවෙ ඉද්දි කන කෑම් පිඟාන හෝදපු නැති එවුන් අවසානයේ වැසිකිලි පිරිසිදු කරන තත්වයට පත් වෙනවා. මම ඒ රැකියාවන් පහත් කිරීමක් නෙවෙයි කරන්නේ.. ඒත් එවැනි දේවල් බලාපොරොත්තුවෙන් මෙහි කිසි වෙකු එනවායැයි මා සිතන්නේ නැහ.

එහෙත් එවැනි රැකියාවක් හොයා ගැනීමත් ලෙහෙසි කරුණක් නොවෙයි.. course fee හොයා ගැනීමට පැය 20 ඉක්මවා වැඩ කිරීමට සිදු වෙනවා..කවුරු හරි වැරදිලවාත් immigration එකට ඔත්තුව දුන්නොත් කෙලින්ම ගෙදර...


ඒ වගේම ඔබ හොරෙන් වැඩ කරන බව දන්න විට ඔබට ගෙවන්නේ සුලු මුදලක් වෙන්න පුළුවන්.. මාසයක් විතර වැඩ අරන් සල්ලි නොදී ඉන්න අවස්ථා සුලබයි...


ඉඩම් විකුණා... උගස් තියල.. හීන මවන් එන ඔබ අන්ත අසරණ වෙනවා..


ඒ වගේම ඔබ එන අධ්‍යාපන ආයතනය පෙට්ටි කඩ සහතික නිකුත් කරන ආයතනයක් නම් ඔබ ලබන සහතිකයට ඇති වටිනාකම ????


පසු ගිය කාලේ එවැනි පෙට්ටි කඩ ජාතියේ අධ්‍යාපන ආයතන බොහොමයක් ඕස්ට්‍රේලියානු රජය විසින් වසා දැමුවා. ඒවායේ සිටි ළමයින්ට ඔවුන් ඉගෙන ගත් ( ඇත්තටම මොනවද ?? ) දේවල් වලට කිසිම පිළිගැනීමක් නෑ...ඔබ නිදි මරන්.. දුක් විඳල... හම්බු කරන සල්ලි ගෙවන්නේ කවුරුවත් පිළිනොගන්නා සහතිකයකට නම් ඒකේ තේරුම කුමක්ද කියල හිතල බලන්න...


ඒ නිසා ඔබ ඉගෙන ගන්න රට යන්න අදහස් කරනවානම් ඔය ඒජන්සි කරුවන් විශ්වාස කරන්න එපා.. යන අදහස් කරන රට ගැන අන්තර්ජාලයෙන් සොයා බලන්න. ඔවුන්ගේ ආගමන විගමන නීති... ඔබ යන්න අදහස් කරන අධ්‍යපන ආයතනය පිළිගත් ආයතනයක්ද... එහි රැකියා අවස්ථා ගැන... වියදම් කොහොමද... ඒ සඳහා ඇති නිල වෙබ් අඩවි මගින් සොයා බලන්න. දන්න කෙනෙක් ඒ රටවල් වල ඉන්නවනම් ඔවුන්ගෙ අසා බලන්න...සෑම ඒජන්සියක්ම මේ වගේ නොමඟ යවන්නේ නෑ... ඒත් බහුතරයක් එහෙමයි


මගේ පුද්ගලික අදහස නම් ඔබගේ උපාධිය යම් හැකියාවක් තියෙනම් ලංකාවෙම අවසන් කරන්න... ඉන්පසු සොයා බලා ඔබගේ එතනින් ඉහල ඉගෙනීම් වලට රට යන්න.. මොකද ඔබට එවිට පිළිගත් රැකියාවක් කරන ගමන් ඔබේ අධ්‍යාපන කටයුතු නිම කල හැකි නිසා. ඒත් හොඳට හොයල බලල...


මේ සම්බන්ධව ඇසූ නෑදැ සහ හිතවත් කිහිප දෙනෙක්ට ඉගෙන ගැනීම සඳහා රට යෑම සහ එහි ඇති අඳුරු පැත්ත ගැන මම දන්නා දේවල් කියන්නට ගොස් අවසානයේ අහගන්න ලැබුනේ " ඕකුන්ට යන්න හොඳයි.. අපේ ළමයි යනවට ඉරිසියාව නේ.. "  යන කතාව නිසා මම මේ සම්බන්ධ කිසිවෙකුට පුද්ගලිකව කතා නොකිරීමට තීරනය කලේ මීට වසර ගනනාවකට පෙරය. ඒත් උදේ දැකපු ඉහත වීඩියෝව නිසා මේ බ්ලොග් සටහන තැබීමට තීරනය කලෙමි.

පහත වීඩියෝ වේ වූ එම තරුණයන්ගේ අදහස් කිහිපයක්..


" ලංකාවෙ ණය වෙලා... ලංකාවට සල්ලි යවන්න හිතාගෙන බොරුවට මෙහේ එන්න එපා..."

" මේක ඇවිල්ල සුන්දර ලෝකයක් නෙමෙයි... මෙහේ ආවනම් ගොඩ තමයි කියල හිතුවට වැඩක් නෑ... මෙහේ ඇවිල්ල කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ.."

" මේ වගේ රටකට එනවනම් හොඳ විශ්ව විද්‍යාලයක බලල එන්න... නැතුව ඒජන්ත වරුන්ගේ සුරංගනා කතා වලට රැවටිල අහිංසක දෙමාපියන්ගෙ සල්ලි වියදම් කරල මෙහේ එන්න එපා කියල ඉල්ල සිටිනවා.. "



ඒ වගේම බැලුම්ගල ඉදිරිපත් කල වැඩසටහනක් තමයි මේ.. ඒත් ඔය ඉගෙන ගන්න කියල අහිංසක ළමයි සයිප්‍රස් පටවපු තවත් කෙරෙන සෙල්ලමක් ගැන තමයි...




කෙනෙක් එකක් විදියට දාපු මේ ලින්ක් එකත් ලිපියට අදාල නිසා ඇතුලත් කලා. ඔබ යෑමට අදහස් කරන විශ්ව විද්‍යාලය ( University ) ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ජාත්‍යන්තරය පිළිගන්න ආයතනයක් ද යන්න මෙන්න මේ ලින්ක් එක දිගේ ගිහින් පරික්ශා කරන්න පුලුවන්.

මේ ලිපියට ඔබගේ අදහස්.. අත්දැකීම... බලාපොරොත්තු වෙනවා... වගේම පුළුවන්නම් මේක ශෙයා කරන ලෙසත් ඉල්ලා සිටිනවා... ලිපිය නැතත් ඉහත වීඩියෝ දෙකවත්.. මේ ලිපිය නිසා එක්කෙනෙක් හරි අමාරුවෙ වැටෙන එකෙන් ගැලවෙනවනම් සතුටුයි... ඒකයි.

Saturday, January 28, 2012

බ්ලොග්කාරියනි... බ්ලොග් ලෝකේ ජනප්‍රිය වීමට මෙන්න අවස්ථාව...

Share

පහුගිය දවස් වල බ්ලොග් අවකාශේ ලිංගිකත්වය... ජැක් ගැහිල්ල... මඩ ගැහිල්ල.. පුද්ගලික කෝන්තර ඔක්කොම නිකන් ෆෘට් සැලඩ් වෙලා සෑහෙන තරම් උණුසුම් වෙලා දැන් නම් ආයෙ හෙමින් හෙමින් පරණ තත්වෙට එනවා... අද උදේ චමිලයගේ බ්ලොග් එකේ දැකපු පෝස්ට් එක මෙතන කොටල දාන්න හිතුවා මොකද ඒක සිංහල බ්ලොග් අවකාශයට මේ කාලයට ගැලපෙන පෝස්ට් එකක් නිසා. චමිලය මොකට ඒක කඩ්ඩෙන් කෙටුවද මන්දා...



චමිලගේ ලිපියේ අදහස මේ පෝස්ට් එකෙන් ඇති වන්නේ නෑ. ඒත් චමියගේ කරුණු ටික පාවිච්චි කරොත් ඔබටත් ජනප්‍රිය බ්ලොග් කරුවෙක් වෙන්න පුළුවන්...


******************


බ්ලොග් ගත්තම නා නා ප්‍රකාර බ්ලොග් තියෙනවා... ආදරය... කඳුලු.. විරහව... අත්දැකීම්.. තාක්ශණය ගැන... විචාර... අරක්කු ගංජ ගැන... විවිධාකාර විදියේ බ්ලොග්.. ඒත් සමහර බ්ලොග් වල අන්තර්ගතය කොච්චර හොඳ උනත් කියවන්නෙ සීමිත පිරිසයි... හිට්ස් නෑ... කමෙන්ට්ස් නෑ... බ්ලොග් කරුවා ප්‍රසිද්ධත් නෑ... ඉතින් මට හිතුන චමිලය මොනව කිව්වත් උගේ අදහස් ටික බ්ලොග් කරුවෙකුට ජනප්‍රිය වෙන්න නියම අදහස් ටිකක් කියල ( There is nothing called bad publicity... just publicity. ඕකත් ඉස්සුවෙ උගෙන්ම තමා )...


******************


මේ ලිපිය කාන්තා බ්ලොග් කාරිනියන් වෙනුවෙන්... චමිලයගේ අදහස් වලින් උනත් බ්ලොග් කරුවෙක්ට ජනප්‍රිය වීම ලේසි වැඩක් නෙමෙයි. ඒක නිසා ඒ ගැන ලියල වැඩක් නෑ... බ්ලොග්කරුවන් වෙනුවෙන් වෙන එකෙක් හරි එකියක් හරි ලියපන්...


** මතබේදාත්මක යමක් ලියන්න... ලිංගිකත්වය ගැන... ජැක් ගැසීම ගැන... එහෙමත් නැත්තම් ඔය ටැබූ සබ්ජෙක්ට් ඕනි එකක් ඔට්ටුයි...


** පිරිමියාට.. පිරිමින්ගෙ ලිංගික ආසාවන් වලට ඔබගේ බ්ලොගය තුලින් පහර දෙන්න. බ්ලොග් අවකාශයේ සිටින නම් සහිත සහ ඇනෝ පිරිමි චරිත ඔබගේ ලිපියට එරෙහිව කමෙන්ට් දමන්න පටන් ගන්නා තෙක් ඉවසන්න.


** එම කමෙන්ට් වලට එරෙහිව ඔබ නැවත ඔබගේ අදහස් පල කරන්න. තමුසෙ.. ඕයි වැනි වචන භාවිතා කරන්න හැකිනම්. ආවේගශීලිව ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න.


** දැන් ඔබේ පුද්ගලික තරහ කරුවන් සිටී නම් කමෙන්ට් වලින් පහර දෙන්න. ඔබේ පෙම්වතා.. සැමියා.. යහළුවන් සියල්ල ගෙන්නගෙන ඔවුන්ගෙ සහයත් ගෙන පන්න පන්න පහර දෙන්න. නැතිනම් තව ප්‍රොෆයිල් කිහිපයක් නිර්මානය කරගෙන ඒවා ඔබගේ මිතුරන් ලෙස කමෙන්ට් කිරීමට යොදා ගන්න


** යුද්ධයට විරාමයක්... ඔබ කඩා වැටෙන්න... ඔබගේ මතයට විරුද්ධව අදහස් දක්වපු සියල්ලන්න්ටම චෝදනා කරන්න.. " මගේ ජීවිතේ විනාශ කලා... මම ගෙල සිර කර ගන්නවා... " ආදී වශයෙන් ඔබ සිය දිවි හානි කර ගන්නා තැනට ඔවුන් නිසා පැමිනි බව කියා සිටින්න.


** ඔබගේ බ්ලොග් එක වසා දමන්න. ඔබගේ බ්ලොග් ගැන්සියේ කිහිප දෙනෙක්ට පමනක් සීමා කරන්න.


** " මට සියල්ල එපා වී ඇත. මම සිය දිවි හානි කර ගනිමි " මේ අදහස ඇතිවන කුමක් හෝ වචන ටිකකින් ඔබගේ බුකියේ... ට්විටරේ ස්ටැටස් අප්ඩේට කරන්න. ඔබගේ බුකියේ බ්ලොග් ලියන නොලියන මිතුරු මිතුරියන් ඔබව සනසාවි... ලොවෙත් නැති බණ කියමින් ඔබේ හිත හදන්න උත්සහ ගනියි.


** ඔබ ජීවිතේට ආයේ බ්ලොග් නොලියන බවට තර්ජනය කරන්න.


** දින කිහිපයක් සිටින්න. ( එතරම් කාලයක් බැරිනම් පැය කිහිපයක්.. ) ඔබට ඊ මේලයට... බුකියට පණිවිඩ එවමින් ඔබට බ්ලොගය නැවත ලියන මෙන් ඇති ඉල්ලීම් බලන්න. ( එකෙක් වත් එහෙම කර නැතත් පුදුම නොවන්න. )


** නැවත් ඔබේ බ්ලොගය සියල්ලන්ට කියවිය හැකි ආකරයට settings හදා ඒ බව බුකියේ දමන්න. ඔබ එසේ කලේ ඔබගෙ මිතුරු මිතුරියන් ගේ බලවත් ඉල්ලීමට බවත් ඔබ එසේ නොකලහොත් ඔවුන් සිය දිවි හානි කර ගන්නා බවට කල තරජන නිසා බවත් පවසන්න.


** නැවතත් අර අමන රැල ඔබගේ බ්ලොගයෙ කමෙන්ට් දමමින් ඔබගේ මානසික මට්ටම අවුල් කරන්න උත්සහ ගනී නම් නැවත් බ්ලොගය වසා දින කිහිපයක් සිටින්න.  නැතිනම් අළුත් නමකින් අළුත් බ්ලොගයක් නිර්මාණය කර ඔබට එරෙහිව අදහස් දැක්වූ සහ මඩ ගැසූ බ්ලොග් කරුවන්ට පහර එල්ල කරමින් බ්ලොග් ලිපියක් ලියන්න.


මේ පියවර ටික අනුගමනය කලොත් ඔබ බ්ලොග් අවකාශයේ ජනප්‍රිය චරිතයක් වීම සිකුරුය.

******************
ලිපියේ ඇතුලත් අදහස් බොහොමයක් ( සම්පූර්නයෙන්ම වාගේ ) චමිලගේ බ්ලොග් අඩවියේ ලියූ What do you think blogging is?  ලිපියෙන් උපුටා ගත් අතර මෙතනින් එම ලිපියට යා හැක.

දැන් ඉතින් ගෑණු ළමෝ කොහු ඉදල් උස්සන් එනවා එහෙම නෙවෙයි....
Related Posts with Thumbnails