Tuesday, January 17, 2012

සති 2 යි.. කොල්ලො 3 යි... මට හමු වූ තවත් එක් කෙල්ලෙක්...

Share

ඩන්කන් සර්ගේ ක්ලාස් එකේ දීපු ඉන්ටවල් එකේ පොත් දෙකත් ඉනේ ගහගෙන අහිංසක ලීලාවෙන් එලියට ඇවිල්ලා එතන තිබුන ලෑලි කඩෙන් රුපියල් 12 රෝල් එකකුත් අරන් පල්ලම් බැස්සෙ අපේ එකෙක්වත් ක්ලාස් ඇවිත් නැති නිසා තව පැය 2 - 3 ක් ඉගෙන ගන්න තිබ්බ කම්මැලිකමට... රේල් පාර උඩින් තිබ්බ පාලමෙන් ගොඩ වෙලා කුණු ඇල පාර දිගේ ස්ටෑන්ඩ් එක පැත්තට එද්දි..

" ඒයි... අයේශ්... "


සද්දෙ ආපු දිහාව බලද්දි ප්‍රසන්නය.. අපේ ස්කෝලෙ ඕ ලෙවල් වලින් එලියට බැහපු ප්‍රසන්නය මගේ ඒ දවස් වල බොක්කක්. අපිත් එක්ක නිතර සෙට් නොවුනට මට වැටුන වලි කීපයක්ම ශේප් එකේ විසඳගන්න උගේ සෙට් එකත් එක්ක බැහපු එකෙක්. ඌත් එක්ක නා නා ප්‍රකාර චරිත කීපයක් හිටියා.

" කොහෙද මේ... "

" ක්ලාස් බන්.. කම්මැලියි මම ආව... උබ කොහෙද ? "

" අලුත් කෑල්ලක් සෙට් උනා බන්... ඒක බලන්න කියල ආව... "

" කොහේ එකක්ද... "

" මෙන්න මේ ***** පැත්තෙ බන්.. වරෙන්කො පෙන්නන්න ස්ටේශන් එක ගාවට ඇවිත් ඇති... "

" සිරාද මේකත්... "

මම එහෙම ඇහුවෙ ප්‍රසන්නය කලින් පපුවෙන්ම ලව් කරපු ඒ කෙල්ල ඌට දාර සපත්තුවක් දීපු නිසා.. ඒ වෙන කොල්ලෙක් එක්ක යාළු වෙලා.. එහෙම දීල සෙට් උන කොල්ලට උනේ අම්බානෙක ගුටි කන්න... ඒක වෙනම කතාවක්...

" උබ හිතනවද මම ආයෙ සිරා කරයි කියල ලව් එකක් ?? "

මම ඌට මොකුත් කිව්වෙ නෑ..


කුණු ඇළ පාර දිගේ ගිහින් ස්ටේශන් එකට ඇතුල් වෙද්දිම ස්ටීශන් එක කෙලවරට වෙලා පොත් ටිකකුත් පපුවට තද කරන් හිටි ගෑණු ළමයව පෙන්නල 


" අර ඉන්නෙ මචන්... "

උස.. ටිකක් කෙට්ටු...කොන්ඩෙ තනි කරලට ගොතල සායකුයි ටී එකකුයි ඇදල හිටි ඒ කෙල්ලව මට හොඳට දැකල පුරුදුයි.. කොහෙදිද... හරි... මගේ මතකය සති 2 ක් පස්සට ගියා...



කොළඹ පුංචිලහ ගිහින් මම එදා කොටුවෙන් 4.45 ට එන කෝච්චියේ ගාලු එනවා.. රුහුනට පස්සෙ එන මේක මට මතක හැටියට සාගරිකා.. මරදානෙන් නැග්ග නිසා මට දොර ගාවම තියෙන සීට් එකක වාඩි වෙන්න හම්බුනා.. ඒ ගාවම තිබ්බ දොරවල් දෙකෙන් එකක් වැහිලා තිබුනේ... හැඩි දැඩි පිරිමි කීප දෙනෙක් උත්සහ කලත් ඒ දොර ඇරගන්න හම්බුනේ නෑ.. කොටුවෙන්ම නැග්ග කපල් එකක් වාඩි වෙන්න ඉඩ නැති කමට ඔය දොර අයිනෙ සෙට් වෙලා හිටියා..

කොච්චර සෙනඟ හිටියත් අම්බලන්ගොඩ පහු වෙද්දි කෝච්චියේ අග හරියෙ පෙට්ටි වල සෙනඟක් නැහ.. ඉන්න අයත් හිමීට ඉස්සරහට යනවා.. මම මගේ එරික්සන් 230 යේ පොඩි ගේම් එකක් ගගහ කාලේ මරන ගමන් අර කපල් එක දිහාටත් ඇහ දානව... වෙන මොකුත් නිසා නෙමෙයි උන් දෙන්න පුංචි ප්‍රේමා ලිංගන පාරක් දාන නිසා.. හික්කඩුව පහු උනා..

කොච්චර ගන හෙවත් වැල බැලුවත් ලයිව් ශෝ එකක් දකින්න නොලැබුන පින මෙන්න... මුන් දෙන්නට ලොවම අමතකයි... කිටි කිටි යෙ බදාගෙන කිස් කරනවා.. මේ දෑස මක්කටද මට හිතුනා.. බලන්නත් බෑ... නොබලත් බෑ...  


කෝච්චියේ පිටි පස්සෙ හරියෙ හිටි එකා දෙන්න බෑග් මලු උස්සගෙන ඉස්සරහට යනවා... බහින්න ලේසි නිසා.. ( ගාලු ස්ටේශන් එකේ පිටවීමෙ දොරටුව තියෙන්නේ ඉස්සරහම කෙලවරේ ) ඒ යන මිනිස්සුන්ට සීන් එක දකිද්දි ආපු වේගෙට නවතින්න බෑ.. ලාවට බලාගෙන නොදැක්කා සේ යනවා... මුන් දෙන්නට වගක් නෑ... 

ටිකට් එකේ ගාන කවර් කරන්න ලයිව් ශෝ එක පෙන්නපු උන් දෙන්නට හිතින් පින් දෙමින් මම ගාල්ලෙන් බැහල ගෙදර ආව.. ඒ කපල් එකේ කෙල්ල තමයි දැන් මේ ඉන්නේ ස්ටේශන් එක ඉස්සරහ... ඒකිට මාව මතක නැති වෙන්න බෑ.. 


මෙතන මල ගේ කරන්න ඕනි නෑනේ..

" මචන් එහෙනම් මම කැපුනා... හවසට මම පාර පැත්තෙ එන්නම්.. උබල ඉන්නවනේ... "

" අහ් හරි.. වරෙන් අසංකයලගෙ ගෙවල් පැත්තට... අපි ඒ හරියේ සෙට් වෙනවා කොහේ හරි... "

" එළ.. "

මම හිමීට මාරු උනා.. කොළඹ ඒ සී බස් ගහන තැනින් ස්ටෑන්ඩ් එකට ඇතුල් වෙලා මම ඒ කෙලවරේ ඉදන්  අනික් කෙලවරටම ගිහිල්ල වක්වැල්ල කිව් එක ගාව කොට තාප්පෙට හේත්තු උනා..

මේකි මාර බඩුවක් නේ.. මට එහෙම හිතුනා.. අරූට කියනවද... එක්කො ඕනි නෑ.. ඌත් ආතල් එකටනේ කරන්නේ..



දින කීපයකට පසු...

මායි සංකයයි ඒ දවස් වල මම යාළු වෙලා හිටිය ගෑණු දැරිවියෙක් එනකම් ස්ටෑන්ඩ් එකේ කාලය මරමින් ඉද්දි කොහෙන්දො එක පාරටම මතු උනේ තවත් එක් යාළුවෙක්.. අකිල... කලබලෙන් වගේ ආව ඌ

" මේ උබල දැන්ම යන්නෙ නෑනේ... "

" නෑ බන්.. ****** ක්ලාස් ඇරෙන්නෙ 1 ටනේ.. "

" හරි හරි මේ මගේ බඩුව ආවොත් ( අකිල ඒ දවස් වල යාළු වෙලා හිටිය පොඩි කෙල්ලෙක් එක්ක ) කියපන් පොඩි සීන් එකක් වෙලා මට එන්න වෙන්නෙ නෑ කියල හරි.. හරිනේ.. "

" ඇයි තෝ කොහෙද යන්නේ.. "

" හරි මම පස්සෙ කියන්නම්.. මේ තොපි වන කරන්න එපා හොඳේ.. හරිනේ.. "

අඩියට දෙකට මාරු උන ඌ එක්ක අපේ ඇසුත් දිව්ව..

පිස්සු හැදෙයි සඳ බබලයි..



මූ ලංකා බැංකුව ගාව හිටන් හිටි කෙල්ලෙක් එක්ක කතාව.. මුකුළු වැලයි... විනාඩි 2 ක් ගියේ නෑ එතන තිබුන තුන් රෝද රියක නැගුනේ කලින් කතා කරන් හිටිය වගේ... තුන් රෝද රිය උන් දෙන්නත් එක්ක කොටුව දිහාට ඇදුනා... මම සංකයගේ මූන දිහා බැලුවා.. ඇස් බෝල දෙක ලොකු කරන් හිටිය ඌ

" අරූ බලපන්කො... ඒ බඩුව කවුද බන්... ? "

" මම දන්නෙ නෑ බන්... මම එහෙම කිව්වා... " ඒ මට කියන්න දෙයක් හිතාගන්න බැරි උන නිසා

ප්‍රසන්නය එනකල් ස්ටේශන් එක ගාව හිටියෙත්... කෝච්චියේ කා එක්කදෝ සිප වැලඳ ගත්තෙත්... අපේ යාළු
අකිල එක්ක කොටුවට අන්තරස් දාන උනෙත් එකම කෙල්ලෙක්.. කාල පරාසය සති 2 - 3 ක්..

මේ කතාව මෙතනින් නවත්තනවා..


***********************


එතකොට අකිල හරිද කියල අහන්න පුළුවන්.. ඒක මම දන්නෙ නෑ... එතකොට මේ කෙල්ල වැරදියි ? නෑ මම එහෙම කියන්නේ නෑ... මම දන්නෙ නෑ.. මට කාවවත් විනිශ්චය කරන්න අයිතියක් නෑ.. පව් නොකරපු එකා ගහපිය පළමු ගල...

ප. ලි ::  සත්‍ය සිදුවීමකි. පුද්ගල නාම මනංකල්පිතය.

ඉහත ලිපියේ භාවිතා කල ඇතැම් වදන් ඒ කාලයේ ඒ ඒ සමාජ තල සහ වයස් කාන්ඩයන් තුල භාවිතා වූ වචන බැවින් එලෙසම යොදා ගත්තෙමි. එම වචන මේ ලිපියේ යොදා ගැනීම තුලින් කාන්තාවන්ට අපහාසයක් වනවා යැ‍යි කෑ මොර නොගසන ලෙස ඉල්ලා සිටිමි. එසේ අපහාස කිරීමේ කිසිදු චේතනාවක් එම වචන යොදා ගැනීම තුල නැත.

95 comments:

  1. මමද මන්ද මුල්ම ගල ගහන්නේ!:/
    ඒ කෙල්ල world record 1ක් තියන්න හදනවද දන්නේ නෑ!
    නැත්තම් ඉතින් රක්ෂාව වෙන්නැති!

    ReplyDelete
    Replies
    1. Nuwan Tharaka : රස්සාව නෙමෙයි මචන්

      Delete
    2. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. ඒක ඇත්ත අයියේ මිනිස්සු විනිශ්චය කරන එක අපිට අයිති වැඩක් නෙමේ කියලා මාත් හිතනවා.

    පහුගිය දවසක අපේ History Lecturer කෙනෙක් කිව්වෙත් හැම රජතුමාම තමන් මුහුණ දීපු අවස්ථාවේ හැටියට එයාට පුලුවන් දේ කරලා තියෙන්නේ ඒක නිසා එයාලව හොඳ රජවරු නරක රජවරු කියලා වෙන් කරන්න බැහැ කියලා

    ReplyDelete
  3. ඉවසන දනා මෙව්වා එකට ජය කොඩිය..
    ඒ කිව් එකාගේ කට කෑවත් මදීය..
    ඉක්මන් උනු කෙල්ලන්ට කොල්ලන් 7-8 ය
    ප්‍රේක්ශකයො ඌ අපි තාමත් තනිකඩය
    :D

    ReplyDelete
    Replies
    1. Bunny : නාඩ ඉදින්.. අපි අප්‍රේල් වලවත් මොනා හරි කරන්න බලමු හික් හික්

      Delete
  4. ඒ ඒ අයගේ කැමත්තනේ... එයාලට හොඳනම් අපිට මොකද? :D

    ReplyDelete
  5. Replies
    1. oya ganan fail da?

      Delete
    2. අභීත : නැගිට්ට ගමන්ද කමෙන්ට් කරේ ? හික් හික්...

      Delete
    3. අභීත,

      හැමෝම හිතන්නෙ තමන් එක කියල. බලනකොට විසිපහ තිහ විතර. මම දන්න කෙල්ලෙක් ( දැන්නන්ං ඇන්ටි ) ගෙ අක්ක ඉස්කෝලෙ යන කාලෙ කොල්ලො 46ක් හිටියලු. ඒ නන්ගි දැනුවත්ව. පස්සෙ බැඳපු එක ලියුකේමියා හැදිල මලා. අන්තිමේදි තව පොරවල් දෙකක් එක්කත් ඉඳල දැන් රජරට ලොකු මන්ත්‍රීයෙක් තියන් ඉන්නෙ. එකම දුව මෙඩිකල් ස්ටුඩන්ඩ් කෙනෙක් හැබැයි!

      Delete
    4. 46 ක්... සෙල්ලම් නෑ නෙව

      Delete
  6. අප්පට සිරි මම නෙමේනෙ බන් එක... එහෙම කොහොමද වෙන්නේ... චික්... මදැයි...

    ඕවා සාමාන්‍ය දේවල් බන්...

    ReplyDelete
    Replies
    1. අභීත : අනේ මන්දා බන්.. නොවෙන ඩෙහේවල් නෙවේ තමා

      Delete
  7. ඔව්ව ඔහොම තමයි ! දවසට තුන්වේලක් කෑවත් අපිට ඔය අතරෙට බඩගිනි වෙනවනෙ..ඒ වගේ ඇති ඒ ලමයටත් !

    ReplyDelete
    Replies
    1. Weni : අයියට තේරුනා නේ.. මට කම්පනා උනේ නෑ නෙව ඕක

      Delete
  8. පස්ට් කතාව ඈ....ඔන්න අපිත් ඇවිල්ලා යන්න අවා..ජය වේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩ වැදුනට මේ පැත්තෙ

      Delete
  9. අප්පේ...කෙල්ලගෙ රස්සාව වෙන්න ඇති අනේ..

    ReplyDelete
    Replies
    1. ඔවු සමහරු ඕක රස්සාව විදියට කරනවා... :D

      Delete
    2. නිසුපා : රස්සාව නම් නෙමෙයි කියල ශුවර්... ආසාව වෙන්න ඇති

      Delete
  10. මූට හතරවෙනියා වන්න බැරි වුන නිසා ගල ගහලා තියෙන්නේ... ඇඩෝ ගෑල්ලමයින්ට බඩුව කියල කියන්නෙපා හරිය.... :D

    ReplyDelete
    Replies
    1. සෝරෝ : මම නෑනේ බන් ඔය දුශ් ශීල වලට උබල වගේ :p

      Delete
  11. ඈ මචෝ ...මම හිතන්නේ රෑ මණමාලියෙක්ද කොහේද ක්ලාස් ඇවිල්ලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔබ නොදු‍ටු ලොවක් : එහෙම කතන්දරයක් නෑ බන්

      Delete
  12. අඩො අර රොල් එක දැන්නම් රුපියල් 20 විතර වෙලා මචං..හික්..

    ReplyDelete
    Replies
    1. Raj : 20 ට එහා ඇති මම හිතන්නේ.. අනේ මන්දා.. ඒ කාලේ ජාතික ආහාරය

      Delete
  13. කාගෙ කාගෙත් කිල්ලෝට වල කුනු නෙ බං,අපරාදෙ තව දවස් දෙක තුනක් ෆලෝ කලා නම් උඹට 4 වෙන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. ravinumal : කෙල්ලෙක් හිටියනෙ බන් ඉතින් හිතුනෙ නෑ

      Delete
  14. අනේ පව් දුප්පත් දරුවෙක් වෙන්න ඇති..එ් ලමයට ප්‍රශ්ණ ඇති..

    ReplyDelete
    Replies
    1. amila chathuranga : මම හිතන්නෙත්.. ඔය කොල්ලුපිටිය බම්බලපිටිය දිහාත් සෑහෙන ඉන්නව විලි වහගන්න වස්තරයක් ගන්න සල්ලි නැති ළමෝ... සික්

      Delete
  15. තව ටිකක් හොයල බැලුවා නම් මාසයක් ඇතුලත 8ක් 9ක් කොල්ලො වෙන්නත් පුලුවන්. පිස්සා අහු උනේ නෑ නෙව?

    ReplyDelete
    Replies
    1. පිණිබිඳු... : අවාසනාවට නෑනේ... :D

      Delete
  16. ඔය වැරදි කරපු නැති එකෙක් පළවෙනි ගල ගහපන් කියන එක මහ ගොන් කතාවක් බන්... එහෙම බැලුවොත් ඕන එකෙක්ට ඕන දෙයක් කරන්න පුළුවන්... මොකද මිනීමරුවෙක්ට උනත් දඩුවමක් දෙන්න වැරදි කරපු නැති එකෙක් ඉන්නවද මේ ලෝකෙ?... :)

    සිරා කෑල්ලක්නම් පිස්සත් ටිකක් ට්‍රයි කරල බලන්න එපැයි ;)

    ReplyDelete
    Replies
    1. සාතන් : ඔව් උබ කියන එකත් ඇත්ත. ඒත් මෙ කතාවෙදි ඒක අවුලකුත් නෑ වගේ.. කෙල්ල ශේප්. කෙල්ලෙක් හිටියා බන් ඒ කාලේ ඉතින් ඕනි උනේ නෑ ට්‍රයි කරන්න

      Delete
  17. ඉතිං... පොඩි බඩගන්නට සුපර්... ඇයි අපි ගල් ගහන්නේ..... අපි තියෙන සීමිත සම්පත් පරිස්සං කර ගන්න ඔන

    ReplyDelete
    Replies
    1. නරකයා....!! : ඒකත් හරි.. ගල් ගහන්න ඕනි නෑ

      Delete
  18. නානත්ත කායා නානත්ත සංඥා කියල බුදුදහමේ කියල තියෙන්නේ නිකම් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ක්සැන්ඩර් | Xander : ඒ කිව්වෙ බන්.. දහම් පාසල් ගියේ හුඟ කාලෙකට කලින්..

      Delete
  19. කොල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැතුව ඉඳලා අඳුරගන්න පලවෙනි එකා ගොබ්බයෙක් උනත් "මූ තමා පොර" කියලා හිතාගෙන යනවට වඩ එහෙම නැති නම් එක්කෝ අම්මලා හොයලා දෙන එකෙක් එක්ක යනවට වඩා . . . දෙතුන් දෙනෙක් හරි දහයක් විස්සක් හරි ආශ්‍රය කරලා බලලා තමන්ට හරියටම සෙට් වෙන එකාව බඳින එක මම නම් කියන්නේ හරි . . . .

    ReplyDelete
    Replies
    1. දුකා : අයියා එහෙම කෙල්ල්ක් බඳින්න ලංකාවෙ කොල්ලෙක් කැමති වෙයිද ??

      Delete
    2. එහෙනම් බන් කෙල්ලෝ දහයක් පහලොවක් එක්ක එක පාර යාලුවුනු කොල්ලොත් ඉන්නේ . . උන් නොබැඳ ඉන්නවද . . "ඒ වගේ කොල්ලෙක් ව මට නම් බඳින්න බෑ" කියන කෙල්ලෝ නෑ වගේ "ඒ වගේ කෙල්ලෙක් උනාට අවුලක් නෑ බැන්දට පස්සේ මාත් එක්ක විතරක් ඉන්න පොරොන්දු වෙනවනම් ඕකේ" කියන කොල්ලෝත් ඉන්නවා බන් . .

      Delete
    3. නැත්තෙ නෑ ඒත් හරිම අඩුයි බන් අයියේ. අනික කෙල්ලො 10 - 15 ක් එක්ක සෙට් වෙලා හිටල කියල නම ගිය කොල්ලෙක්ට උනත් පොඩි අවුලක් එන්නෙ නැත්තෙ නෑ... හුඟක් ඉතින් නෝන්ඩි නොවී නේ කෙරෙන්නේ...

      ලංකාවේ තාම පුරුශාධිපත්‍ය සීන් එකකුත් තියෙනවානේ

      Delete
  20. ඒ ඒ කැවුමට ඒ ඒ කෙහෙල් ගෙඩි කීවලු.

    එක එක අය එක එක විදිහයි.මෙයා හරි , මෙයා වැරදි කියන්න බැහැ. නමුත් මේ නම් ආදරය නොවන බව විතරක් කියන්න පුලුවන්.

    බොහොම කුඩා අවදියෙන් ජීවිතේ විඳින්න පෙළඹෙන නූල අතෑරුන සරුංගල් වගේ එහෙ මෙහෙ පාවෙන ජීවිත තරුණකාලය නිමා වෙන්නත් කලින් දුක් වෙනවා මම දැකල තියනවා.(හෙම නොවෙන අයත් ඇති )

    රැහැනෙන් බිදිල අහසෙ පාවෙන සරුංගලයක් ඒ නිදහස විඳින්නෙ කොහේ හරි කටු අකුලක පැටලෙනකම් විතරයි.

    දුකාගේ කතාවත් හරි. ඒත් ඒක වලංගු වෙන්නේ බටහිර රටකට.ලංකාවේ කොල්ලො කී දෙනෙක් හෙම කෙල්ලක්ව කසාඳ බඳින්න කැමැති වෙයි ද?

    ReplyDelete
    Replies
    1. ෴සොඳුරු සිත෴ : ආදරය නෙමෙයි... මේකට ආදරය කියන්න බෑ කොහොමත්. අනික ස්කෝලෙ කාලේ ඇතිවෙන සම්බන්ධ හුඟක් දැකල නිකම් ඇතිවෙන කැමත්ත මත මිසක් ආදරයක් මත ඇති වෙන එව්ව නෙමෙයි බහුතරයක්. අක්කගෙ කතාව එක්ක එකඟයි.

      Delete
  21. උඹට පුද්ගල නාම වලට දාන්න වෙන නමක් තිබුනෙම නැද්ද බං අයියේ...???

    ඔහොම කෙල්ලෙක් මටත් සෙට් වුනා. එතකොට මං දහය වසරේ. මට ඒ දවස් වල කෙල්ලෙක් එක්ක කතා කරනවා කියන්නේ ගෙදරින් දොට්ට දානවා කියන එක. ස්කෝලේ ගුරුවරු අම්මව දන්නවා. ඒක නිසා මාත් ආසාවට අහලා එදාම හා කියෝගෙන පහවෙනිදා වෙද්දි වැඩේ නැවැත්තුවා.

    මෙන්න ඊට පහුවෙනිදා අපේ අනිත් පන්තියේ එකෙක් දාගෙන....

    ReplyDelete
    Replies
    1. prasanna86k : හප්පා.. බලපන් උබේ නම චාටර් නෑනේ.. සිරා බුවා ඌ... අඩේ අපරාදේ නේ...

      Delete
  22. ඒක එයාගේ කැමැත්තනේ කියල කටවහගෙන ඉම්මු බං
    එහෙම අයත් මේ ලෝකේ ඉන්න ඕනේ කියල හිතමු

    ඒ ඇති... :)

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා : ඒක හරි... ඒ උනාට උබලත් දැනගන්න එපැයි :p

      Delete
  23. අන් සැපතට බාදා නොකරන් මලයෝ.
    ඇත්ත කියපන් පස්සේ කාලෙක උඹ එහෙම ඕක එහෙ මෙහෙ ඇද්දේ නැහැ නේද ???

    ReplyDelete
    Replies
    1. ShaaanuJ : නැහනේ... එහෙම චාන්ස් එකක් වැදුනෙ හික් හික්

      Delete
  24. අනේ මන්ද ඔව්වට මොනවා කියන්නද කියලා. උන්ට හොද නම අපිට මොකද කියල තමයි කියන්න තියෙන්නේ. ඒත් ඒ එක්කම පොඩි ගැටළුවකුත් මතු වෙනවා.... මේ විදියට ගියොත් ලංකාවට යන කල දසාව මොකක් වෙයි ද? දෙයියන්ගේම පිහිටයි.ලෝකේ උතුම්ම පදවිය වන මව් පදවිය ලබන්න උරුම කම කියන අය මේ විදියට හැසිරෙන ඒකෙන් වෙන්නේ..??????

    ReplyDelete
    Replies
    1. නෝටියා | Naughty's Impression : ලංකාව නම් දැන් යන්නේ නියම පාරේ.. දේශ ද්‍රොහී කතා කියන්න එපා

      Delete
  25. අම්මප මට සෙට් වෙන්නෙ නෑනෙ ඔහොම කෙල්ලෙක්........:(

    ReplyDelete
    Replies
    1. හිතහොඳ පිස්සා : දරු කමටවත් හදා ගන්නද ?

      Delete
  26. Replies
    1. ගිනි කුරුල්ලා : ඒ මොකෝ ඒ

      Delete
  27. මම කොමෙන්ට් කලොත් පාපොච්චාරනයක් වෙයිද ????

    ReplyDelete
    Replies
    1. ඕනයා : උබේ කමෙන්ට් එක ස්පෑම් වෙලා දැන් දැක්කෙ...

      Delete
  28. මගේත් හැඟීම නම්, බැන්දට පස්සේ හරිවිදියට ඉන්නවනම් ඒ ඇති. විවාහයේ විශ්වාසය රකිනවනම් ඒ ඇති. මොන කෙහෙම්මලටද අතීතය. අපි කාගෙ කගෙත් අතීත හරියටම තියෙනවද? පුහුදුන් මිනිස් සිත. ???????

    ReplyDelete
    Replies
    1. වෙද ගෙදර මහ වෙදනා : කතාව ඇත්ත අයියෙ... ඒත් අතීතයෙ සෙවැනලි පස්සෙන් එන්න බැරි නෑ

      Delete
  29. ඉස්සෙල්ලාම ‍කෝච්චි‍යේ ඉඳලා තියෙන්නෙ නං මූ එක්කද මන්ද :D

    ReplyDelete
    Replies
    1. Yohan Kanishka | යොහාන් කණිෂ්ක : ඕන් කිව්ව ඉතින් කතාවක්

      Delete
  30. ඒක එයාගෙ ආසාව, කැමත්ත හෝ අවශ්‍යතාව.(හෝ ඕන මගුලක්) ඇයි ඔයාට ඉරිසියාද... නැත්තං ශිහ් මට සැට් උනේ නෑනෙකියල යටිහිතේ කොනකිං කිව්වද.....ඒක පවු වැඩක් කියල තීරනය කොරේ කවුද...පවු වැඩ කියන්නෙ මොනාද... ප්‍රශ්න වැලයි.....

    X-Porter

    ReplyDelete
    Replies
    1. X-Porter : ප්‍රශ්න කාටද නැත්තෙ. ස්තුතියි මේ පැත්තෙ ගොඩ වැදුනට

      Delete
  31. පිස්ස, උඹට හෙන ජෙලක් ඇති වුනා නේද ? හෙහ්...හෙහ්....

    ReplyDelete
    Replies
    1. Observer : ඔබා මාමට ඇති වෙලාද මන්ද මගේ පිට දාන්නේ

      Delete
  32. අවාසනාවට ඇත්ත කතාවක්ද? බොහොම සාමාන්‍ය කථාවක් මලයා...පවුල් පන්සල් වෙලා දරු පැටවු රොත්තකුත් ගෑනිගේ බඩට දීලා...පොඩි කෙල්ලන්ව දැලේ දාගෙන උන්ව අනාත කරන එවුනුත් ඊට පස්සේ උන්ව මරා දාන එවුනුත් ඉන්න මේ රටේ ඔය කෙල්ලගේ ස්ටෝරි එකත් කජ්ජක්ද කිව්වලු...පත්තරයක් අරන් බලන්නකෝ තියෙන් කථා තොගේ...දැන් යුධ පුවතුත් නැති එකේ ඕවමනේ තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. සුජානි....... : පත්තරේ නම් යන්නෙම ඔව්ව තමයි.. මේව මොනාඅද කියල හිතෙනවා...

      Delete
  33. උන්ට හොදනම් අපිට මොකෝ කියලා ඉන්න තියෙන්නේ.. මොකද අන්තිමේ ඕවට කතාකරන පැත්තක ඉන්න උනුයි වැරදි...

    ReplyDelete
  34. ඔන්න මම නම් ගල් ගහන්නේ නෑ.......

    "එයාට හොඳ නම් අනිත් අයට මොකද?"

    ...........ප්‍රසිද්ධ කියමනකි........ :පී

    ReplyDelete
    Replies
    1. Kasun : කියමන යට කතාවක්ද මන්දා

      Delete
  35. පව් නොකරපු එකා ගහපිය පළමු ගල... කියන්න වදන් නොමැත...

    ReplyDelete
  36. ඒ රෝල් එක මම ගත්තෙ 30 .. ඒ උඹ මට වඩා මාර වයසයිනෙ බං...

    බං බං ගාන්නත් මොකද්ද වගේ... අංකල් කියන්නද ??

    ReplyDelete
    Replies
    1. පොඩි මෑන් : යකෝ බඩු මිල ඉහල යන වේගෙන් වයස යනව කියල හිතුවද...

      Delete
  37. හිහි අනේ මන්දා ඉතින් සමහර අසහන ගැනු දැරිවියොත් ඉන්නවානේ

    ReplyDelete
    Replies
    1. වර්ණා : ඔව් ඉතින් ලෝකෙ ගෝලාකරයි නේ.. මිනිස්සු විවිදාකරයි

      Delete
  38. ඒ ගෑනු ලමයට තියෙන්න ඇත්තෙ මානසික අසහනයක්.....පිටරටවල නම් දෙමාපියො ඒව හොයල බලල ප්‍රතිකාර කරන්න උනන්දු වෙනවා.....මම නම් ඒ ලමයට අපහාස කරන්නෙ නැහැ පව්...

    ReplyDelete
  39. වින්චැට්කිරිල්ලි. : අනේ මන්දා.

    ReplyDelete
  40. අයි උලව්වෙ අපිට හොඳනං ඇයි උන්ට නරක...

    ReplyDelete
  41. ම්....කවුද දන්නෙ ඒ ගෑනුලමයත් දාර බූට් එකක් කාල එහෙම වුනාදකියල...

    මෙනව වුනත් කොතනකහරි ලොකුම ලොකු වැරැද්දක් සිද්දවෙලා තියෙනව.......

    ReplyDelete
    Replies
    1. නිසපුගේ ලෝකය.... : පලිගන්න කියලද ? කාගෙන්ද ? ඔහොම පලිගන්නවනම් කොල්ලො පෝලිමට බූට් තියයි හික් හික්

      Delete
  42. මගෙ අම්බෝ!.... ගාල්ලෙ හිටි තවත් එක් කෙල්ලෙක් කියල හිත හදාගනිං බං...

    ReplyDelete
    Replies
    1. කෙෂාන් විදුරංග : හදා ගන්න කැඩෙන්න එපැයි බන්

      Delete
  43. ඔය ප්‍රශ්නෙට හරියටම උත්තරයක් දෙන්න කාටවත්ම බැහැ අයියේ....:)

    ReplyDelete
    Replies
    1. නිසපුගේ ලෝකය.... : හ්ම්ම්... ඔව්

      Delete
  44. ම්ම්ම්.. මටත් අහන්න තියෙන්නේ, පිස්සා අයියා ඇහුවා වගේ " අරූ බලපන්කො... ඒ බඩුව කවුද බන්... ? "

    මේකයි, අපිට සමහර මිනිස්සු ජීවත් වෙන රටාව වෙනස් කරන්න බෑනේ.. මිනිස්සු කරපු හරි වැරදි, එයාලටම තමයි ආයි තේරෙන්නේ..

    හොද කථාවක්..

    ReplyDelete
    Replies
    1. Mr.Sithi : කාලයත් එක්ක... මේ පැත්තෙ ආවට ස්තුතියි

      Delete
  45. මේ වගේ දේවල් සාමාන්‍යයිද අසාමාන්‍යයිද කියන්න මං දන්නෙ නෑ.
    හැබැයි, මෙහෙම දේවල් කරන්නෙ කොල්ලො විතරයි කියල බොරු මතයක් සමාජයේ පැතිරිලා තියෙන එකනං හරිම කණගාටුදායකයි.
    පළවෙනි ගල ගහන්න පුළුවන් එවුන් ඕනැ තරම් මට හොයල දෙන්න පුළුවන්. ඒ වුනාට ඒක අවශ්‍ය නෑ. තම තමන්ගෙ කැමැත්ත එක එක මට්ටමෙන්.
    සමහර අය කිසිම දෙයක් ෂෙයාර් කරගන්න කැමති නෑ.
    සමහර අය ඇඳුම් ෂෙයා කරගන්නවා.
    සමහර අය තේ එක, සිගරට් එක, කෑම පිඟාන ෂෙයා කරගන්නවා.
    සමහර අය තමන් පාවිච්චි කරන බයිසිකලේ වෙන කෙනෙක් පාවිච්චි කරනවටවත් කැමති නෑ.
    මේ වගේ දේවල් ගැන කතා කරන්නවත් වටින්නෙ නැති වුනාට මේ පෝස්ට් එක හොඳයි අර "කොල්ලො විතරක් වල්" කියන උන්ගෙ රෙදි ගැලවෙන්න.

    ReplyDelete

Related Posts with Thumbnails