Monday, January 9, 2012

බද්දෙවිතාන සර් ව කොපි කරපු අපේ කොල්ලො....

Share


අද උදේ යාළුවෙක් බුකියෙන් එවපු වීඩියෝ එකක් දැකල මට ආයෙම ඒ ලෙවල් කාලෙ මතක් උනා.. සුදු යුනිෆෝර්ම්... යාලුවො රොත්තක්.. වලි... ආදර හුටපට..


ටියුශන් ක්ලාස් වල... ස්කෝලෙ.. බස් ස්ටෑන්ඩ් එකේ... ගෙවුන ඒ කාලේ... එක බත් එක 10ක් විතර වට වෙලා කාපු හැටි... යාලුවොන්ගෙ ගෙවල් වල පාඩම් කරන්න ගිහින් වැල බලපු.. ගේම් ගහපු... වගකීම් නැති... ඔක්කොමත් අස්සෙ ඉගෙනත් ගනිපු...  ඒ කාලෙ මගේ නම් ජීවිතෙ ලස්සනම කාලේ.  ඒ කාලෙට අදටත් ආදරේ නිසා වෙන්න ඇති බ්ලොග් එකෙත් වැඩියම ඒ කාලෙ ගැන ලියල තියෙන්නෙත්... අපි පරණ යාළුවො සෙට් උනාම වැඩියම ඒ කාලෙ ගැන කතා කරන්නෙත්...


ඒ ලේවල් කරද්දි ටියුශන් නොගිය එකෙක් නැතුව ඇතිනේ... 1000 - 1500ක් ඉන්න ක්ලාස් එකක්... යන්ත්ම පස්ස තියා ගන්න ඉඩ තියෙන ලෑලි බංකුවේ හිර වෙලා ගෙවන පැය 6 - 7 ක්... ඒ කාලේ නම් අපා දුකක් වගේ.. ඒත් මතක් වෙද්දි දැන් නම් ආයෙ යන්න ආසයි ඒ කාලෙට.


ඉතින් එව්ව වීඩියෝ එක ගැන කියන්න බැරි උනානේ... අද උදේ පඩියට ඊ මේල් ටිකයි මූනු පොතයි බල බල ඉද්දි තමයි වීඩියෝ එක සෙට් උනේ... 


වීඩියො එක ඉවර වෙනකල් හිනාව තද කරන් හිටියත් කොහෙද.. එලියට පැන්න හිනාව අමාරුවෙන් නවත්ත ගත්තෙ වටේ පිටේ එව්වො වැඩ නවත්තල මං දිහ බල ඉන්න අස්සෙ එකෙක් " are you aite ? " කියල ඇහුවම... ශේප් හිනාවක් දාගෙන මම මූන ඔබා ගත්ත ආයෙම...


වීඩියො එක අපේ ස්කෝලෙ ඒ කිව්වෙ රිච්මන්ඩ් එකේ සයන්ස් ඩේ එකට කරපු එකක්. බද්දෙවිතාන සර් ගෙ චරිතෙ ආයෙ එළටම කොපි කරල. අපේ එව්වො කෙමිස්ට්‍රි කෙසේ වෙතත් සර් ව නම් උපරිමෙන්ම අධ්‍යනය කරල තියෙනව. කොටින්ම මයික් එකෙන් රැවුල කසන එක පවා.


මම ප්‍රසන්න බද්දෙවිතාන සර් ගේ ක්ලාස් ගියේ මුල් අවුරුද්ද වගේ තමයි.. ඒ ගියපු මුලම දවසෙ නේ අර ජංගි සීන් එක උනේ....පස්සෙ සර්ගෙ නීතියි... අම්බානෙක තද උනු ළමයි පිරුන පන්තියයි එපා වීම වගේම.. බොක්කෙ ෆිට් යාළුවො කීප දෙනෙකුත් ඩන්කන් සර් ගාවට යන්න පටන් ගත්ත නිසා මමත් මම ඩන්කන් සර්ගෙ ක්ලාස් යන්න ගත්ත. ඒ ගිහින් වෙන සිද්දියක් තමයි මේ.. කාක්කා ගහපු අවජාතකය මෙහෙ වර...


වීඩියො එකත් එක්ක මතක් උනේ සර්ගෙ ක්ලාස් එකේ දකුණු පැත්තට අල්ලල හදපු පොඩි පන්තියක් තියෙනව. ඕකට කියන්නෙ ධීවර අමාත්‍යංශය. මම නම් කැමතිම ඒකට. හුලං වැදි වැදි ඉන්න පුළුවන්. ෆැන් ඕෆ් කරන ඒව.. එතකොට ඉන්ටර්වල් එකේ පන්තියට යන්න පෝලිමෙ ඉන්න වෙන එක.. ක්ලාස් ඇරුනම පෝලිමෙ යන්න වෙන එක... ඉන්ටවල් ඉවර වෙලා ක්ලාස් එකට එද්දි ළමයි පෝලිමෙ ඉද්දිම පටන් ගන්න නෝට් එක මග ඇරෙන එක වෙන්නෙත් නෑ ඕකෙදි.. ඒත් ඉතින් ඕක අහු වෙන්න ලක් එකට. පරක්කු වෙලා ඇවිල්ලත් බෑ. කලින් ඇවිල්ලත් බෑ.


සර් ඉතින් චාටර් දුන්නට මුල්ම දවසෙ උන ජංගි සිද්දිය ඇරුනම අව්ලක් සෙට් උනේ නෑ මටවත් අපේ එකෙක්ටවත්.


මට දවසක් නින්ද යාගෙන එද්දි පේලි අස්සෙන් යන ගමන් හීන දැක්ක ඇති නැගිටහන් කියාගෙන සර් පස්සට ගිය හින්ද කාටවත් නෝන්ඩි උනේ නෑ එදා.


ෆෑන් ඕෆ් කරන... නෝට් ඉරන.. පොත් විසි කරන... ඉන්ටවල් නොදීම වගේ සර් ගෙ නීති... පාලනය කොච්චර මට ඇල්ලුවෙ නැති උනත් කෙමිස්ට්‍රි මුල් ටික අල්ල ගත්තෙත්.. ගොඩ දාගත්තෙත් සර් ගෙ නෝට් එකෙන් කියන එක නොකියාම බෑ...  මෙන්න වීඩියෝ එක... සර් ගෙ ක්ලාස් ගියපු අය බලන්න කොච්චර සමානද කියලා...

යන්තම් හරි කතා කලොත් අද ඉන්ටවල් නෑ හොඳේ...

ලියන්න ඊතලය උඩින් මාතෘකාව...

කෝ කරල නෑනේ මනුස්සයෝ.. මෙහෙම කරොත් ඉරල විසික් කරන්න තමයි වෙන්නේ..

ඔය පැත්තෙ ෆෑන් එක ජීවිතේට දාන්න එපා..

පරක්කු වෙලා එන අය ගැන කතාවක් නෑ..

ගෑනු ළමයි ඉස්සෙල්ල යන්න...





බද්දෙවිතාන සර් ගැන කලින් ලියපු

 ජංගි ඇදල නම් ඉස්සරහට වරෙන්...

 රන් තැඹිලි සහ ගොන් තැඹිලි...

 පෝස්ට් දෙක බලන්න පුලුවන් කැමති අයට..

 ප . ලි : බුකියට යන්න නෑ... බ්ලොග් එකක් බලන්න නෑ... මුන්ගෙ කෙහෙල්මල් ගෙට් එක.. යකෝ මට ඉරිසියා නෑ පොඩ්ඩක් වත්... හික් හික්...

ප . ලි 2 : ඇඩ් ටිකක් වැඩියි උනාට කමක් නෑ නේ... මුදල් නොගෙවා මා විසින්ම ප්‍රචාරය කරපු එව්ව නේ.. ගිහින් බලන්න.

51 comments:

  1. අඩේ කව්රු උනත් නියමෙට කොපි කරලා
    බද්දේ විතාන සර් නිසා තමා මම නම් කෙමිස්ට්‍රි ගොඩ දාගත්තේ නීති නම් තායි තමා නැතුව බැහැනේ හුරතල් කර කර ළමයි හදන්න බැහැනේ xD

    ReplyDelete
  2. ගෙට් එක ගැන අපිත් ඉරිසියා කරන්නෙ නෑලූ

    ReplyDelete
  3. මාත් 2002/2003 අවුරුදු වල බද්දේගේ රිවිශන් ක්ලාස් එකට ගියා ඇත්තටම කෙමෙස්ට්‍රි ගොඩ දාගත්තේ ඒ මනුස්සයා නිසා,දීවරේ තමයි මගෙත් ආසම,මොක වුනත් මම ගොඩක් ගරු කරන සර් කෙනෙක්....

    ReplyDelete
  4. දැනුත් ඔය කොහේහරි class එකක ඔහොම කොර කොර ඇති... හි හි...

    ReplyDelete
  5. යකෝ මේකේ කියවන්න දෙයක් නෑ නේ.. ඇඩි වතරයි නේ.... :D

    ReplyDelete
  6. අනේ මට හිනාව නවත්තගන්න බෑ. මමත් රිවිෂන් වලට බද්දේ සර් ගාවට මාස 8 ක් ගියා,, ඇත්තටම කියුවොත් මට සර් ව දෙවියෙක්..
    අර කියන ඩබල් මිනින් කතා තමයි තේරෙන්නේ නැත්ත..
    ඇයි අර සර් කියන්නේ පන්තිය අන්තිමට ළමයි පොත් ලෑස්ති කරනකොට, " අහ්හ් යන්නද හදන්නේ, තාම පන්තිය ඉවර නා.ඊලග පිටුවට යමු කියනවා. එතකොට ළමයි ඔක්කොම අනේ කියනවා.. හිහි..
    මට මැවිලා පේනවා සර් ව. හැමදාම කන්නේ සක්‍යා එකේ මාළු පාන් දෙකක්. හිහි...
    ක්‍ර්ටන් අරිනවා එකපාරම ළමයිනේ නගිටහල්ලා දැන් උදේ වෙලා උබලා පාන්දර නේද ආවේ කියලා. හිහි..

    ReplyDelete
  7. අද තමයි ආවේ මේ පැත්තට!
    බලන් යනකොට අපේ ලහිරු කොකිලත් සිරා වැඩ්ඩේක්නේ!
    මාත් ගියා සර් ගේ ක්ලාස්!
    රස කතා නම ගොඩක් තියෙනවා සර් ගැන !:D
    (ලහිරු කියන්නේ ඔය රගපාන කොල්ල :ඩී)
    ජය වේවා!

    ReplyDelete
  8. මාත් රිවිශන් වලට ගියා සර්ගෙ.අන්තිම දවසෙ කැමරාවක් ගෙනිහින් පොටෝ එකකුත් ගහ ගත්තා.පැපරාසියා කියලා කතාවකුත් අහගත්තා.මොනවා වුනත් දෙපිට කැපෙන කතා අස්සෙන් නියමෙටම කෙමිස්ට්‍රි කියලා දෙනවා.

    අපේ නම් ගෑණු ලමයි යැව්වෙ අන්තිමට.

    ReplyDelete
  9. හෙහ්.. ධීවර අමාත්‍යංශය... අම්මෝ ඒ දවස්... අපි ගියපු මුල්ම කාලෙ තමා ඕක හැදුවෙ, ඒ මුල් දවස්වල ඕකෙ වාඩිවෙන්න නොගියට, පස්සෙ අපි උන්නෙම ඕකෙ. කෙලින්ම බැළුවම කෙල්ලො රොත්තම අපූරුවට පේනව. හෙහ්... අනිත් පැත්තෙ උන්නනං උන් දිහා බලන්න බෙල්ල කරකවලම පොට යනව.

    තව පස්ට සීන් එකක් උනා ඒ කාලෙ. ඔය ගෑණුළමයි පෑඩ්ස් කොමෝඩ් එකට දාල ඒව හිරවෙලා ටොයිලට් උතුරන්න පටන් අරන් දුන්නෙ නැද්දෙ හොන්දවැයිං දේසනයක් කොල්ලො සේරෝම ටික වේලපහ ගෙදර යවල.

    ReplyDelete
  10. බද්දෙ සර්ගෙ ක්ලාස් එකට ගියේ මාස තුනක් විතර බං . . . මට සෙට් උනේම නෑ බුවාව . . . ඊට පස්සෙ සෙට් උනා ශ්‍රී පතිරණ සර් . . . . යාන්තං කෙම ගොඩදාගත්ත බුවාගෙ පිහිටෙං . . .

    ReplyDelete
  11. " are you aite ? "
    කියන්නෙ මොකද්ද බං?

    ReplyDelete
  12. දවස් 2යි ගියේ.... මාව එලෙව්වා පන්තියෙන්.

    ReplyDelete
  13. අපි නම් ගියේ ළමයි හතරක් පහක් පමන ඉන්න පුංචි ක්ලාස් වලට මයෙ අම්මා මම නම් ඔය තරම් ළමයි සේනාවක් ඉන්න ක්ලාස් ගාවටවත් ගිහින් නෑ

    ReplyDelete
  14. මට මතක් උනේ අපි බන්ඩාර දිසානායකයන් ලගට ක්ලාස් ගිය හැටි.. ඔය සිද්දි ඒ විදිහටම.. ඒත් අවුරුද්දකට වතාවක් තියෙන පුංච් සංගීතෙටනම් මම මාරම ආසයි..

    ReplyDelete
  15. ජීවිතේ සිරාම කාලෙ තමයි මචන් A/L කාලෙ.. අපි හැදුනෙ එතනින්. ස්තුතියි උබට මතක් කරල ලිපි දානවට.

    ReplyDelete
  16. මල්ලි, ඔලුවෙ දාගෙන ඉන්න තොප්පිය ගලවල ඇතුලට එන්න (ගම්පහ ඔරියන්ටල් එකේදී)

    පන්තිය ඉවරවෙන්න විනාඩි 5ක් විතර තියල, රූප සටහනක් හරි ගානක් හරි බෝඩ් එකෙ දාල සර් දුවනව.

    ReplyDelete
  17. මමනම් ඔය සර් ගේ පන්ති ගිහින් නෑ. එත් පන්තිය කරන වීඩියෝ එක නම් සිරාවට හිනාවෙන්නේ නැතුව බලන්න බෑ. මමත් ගුරුකම කරා අවුරුද්දක්. එත් ඒ කාලේ මම කවදාවත් ඔහොම වෙලා නෑ.

    ReplyDelete
  18. ප්‍රසන්න බද්දේවිතාන නේද...නම අහලා තියෙනවා.....

    ReplyDelete
  19. මමනම් ගියේ මහරගම වත්තෙගෙදර රන්ජන් සර් ලගට. වෙන අය වගේ ජෝක්ස් නෑ, බයිලා නෑ. ගින්දර වගේ සබ්ජෙක්ට් එක දෙනවා.

    ReplyDelete
  20. //උදේ පඩියට ඊ මේල් ටිකයි මූනු පොතයි බල බල ඉද්දි තමයි වීඩියෝ එක සෙට් උනේ//

    බලාගෙන ගෙන යද්දී ඔහෙත් එහෙමයි එහෙනං ඈ?? :D :D

    ReplyDelete
  21. මම නම් ඉතින් ක්ලාස් ගියෙ මෙහෙනෙ..උදේ ස්කූල්..ගෙදර එනව හවස ක්ලාස්..ගෙදර එනව..රෑ ක්ලාස්...අම්මෝ පාන්දර 4 ට නැගිටින්නෙ මම අවුරුදු 10 ක්ම ඔය පරිප්පුව කෑවා..පස්සෙ ඩිප්ලෝමා එක එක්ක ජොබ් එකට ගියා..අම්මෝ මට නම් යුනි එපෝ තවත් මැරෙන්න බැහැ අර වගේ..

    ReplyDelete
  22. සර් ගැන දන්නෙ නැති අපිත් ඉස්සර කියපු කතා වල හැටියට හිතේ මවා උන්නු චරිතය හරි කියලා හිතුනෙ වීඩියෝ එක බලද්දි ! ඔය වෙලාවෙ ඔය සර් එතන හිටියද ?

    ReplyDelete
  23. මමත් බද්දෙගේ අනුගාමිකයෙක්මි...
    අර ලින්ක් දාල තිබ්බ ඒවත් බලාකියාගෙනම ආව
    පරණ මතකය අව්ස්සුවාට ස්තුතියි කිව්වා ඕන්...

    ReplyDelete
  24. Dar[K] : ඒක් හැබැයි.. හුරතල් කරන්න පුළුවන් වයසක එව්වොය එන්නේ


    පිණිබිඳු... : හික් හික්..


    අසoක : ඉගැන්වීම සිරා... ආයේ ඒ ගැන කතාවක් නෑ


    හෙලයෙකුගෙන් ලොවට : හික් හික්... අනිවා

    ReplyDelete
  25. සෝරෝ : ඉදල හිටල ඇඩ් එකක් නැතුව බෑනේ... :)


    වර්ණා : මාළු පාන් කිව්වම මතක් උනේ සදර්න් එක ඉස්සරහ ගෙදර විකුනපු බිත්තර රෝල්ස්... කිරි පැකටුයි රෝල්සුයි තමා ජාතික ආහරේ ඒ කාලේ


    Nuwan Tharaka : අඩේ උබ හපුගල කොල්ලෙක් නේ... සන්තෝසයි... සන්තෝසයි


    නිසුපා : අඩේ ඒ කියන්නේ ඒ ක්ලාස් එකේ කොල්ලො අහිංසක ඇති... හික් හික්

    ReplyDelete
  26. nawammawatha : ඈ බන් නවම් අයියේ කොල්ලො ගෙදර යවල දීපු දේශනේ උබ අහන් හිටියේ කෝමෙයි ?? හික් හික්


    ඕනයා : මට වගේ... මටත් නීති රීති ඇල්ලුවෙ නෑ බන්


    Observer : මට තේරුනෙත් නෑ බන් අයියේ... හික් හික්


    ලකී : හක් හක් හක්... හිතා ගත හැකි චරිතෙ

    ReplyDelete
  27. හිස් අහස : ඕ ලෙවල් කරද්දි නම් එහෙම ක්ලාස් වලට ගියා බන්. ඒ ලෙවල් වලට එහෙම ක්ලාස් හොයනව කියන්නේ හෙන ගේමක්... හෙව්වත් ගාන හඳේ


    Dinesh : ඒ කාලේ සිරා බන්



    ගුණේ : ආයෙත් අහල මචන්... ඒ ලෙවල් කාලේ තමා සුපිරිම.


    රුචා : ඔය ඉන්නෙ තව ගෝලයෙක්. හික් හික්

    ReplyDelete
  28. ක්සැන්ඩර් | Xander : වීඩියෝ එකේ ඉන්න කොල්ල සර් ම තමයි.. ආයේ වෙනසක් ඇත්තෙම නෑ


    ඔබ නොදු‍ටු ලොවක් : ඔව් ඔව්... දැන් නම් ටි වි එකෙත් ඇඩ් දානව මයෙ හිතේ


    Anonymous : එක එක ගුරුවරු එක එක විදියනේ


    මුහුදු කොල්ලකාරයා : ඔය කොහෙත් එහෙමනේ බන් හික් හික්

    ReplyDelete
  29. වින්චැට්කිරිල්ලි. : අපේ උදේ 4 ට... ඊඊඊ... ඇගත් හිරිවැටෙනවා


    Weni : දන්න තරමින් නෑ... ඒ උනාට සර් දන්නවලු මූ සර් ගෙ ඇඩ් එක දානව කියලා


    ලොකු පුතා : ස්තුතියි ගොඩ වැදුනටත්

    ReplyDelete
  30. ගම්පහ ක්ලාස් ඒකේදි තොප්පි දාන් එන එකෙක් දැක්කොත් "ඔය මාළු කාරය තොප්පියත් ගලෝගෙන ඉස්සරහට එන්න" කියනවා...

    ගම්පහදි මොන්ටානා එකේදි සර් පඩිපෙල බැහැල ගිහින් වාහනේටත් නැගල, "මම ගියා" කියනවා මයික් එක ටික්කෙක්ට දීලා.

    ReplyDelete
  31. බද්දෙයා දැන්වත් ඔරලෝසුවක් බඳිනවද?
    ඒ ලෙවල් අවුරුදු දෙක.. ජීවිතේ වටිනම අවුරුදු දෙක.

    ReplyDelete
  32. මාත් බද්දයගේ ගිහින් තියෙයි , කට පාඩම් කරගෙන ඇවිල්ලා ඉගැන්නුවත් වදින්න උගන්වනවා . දවසක් අපේ ක්ලාස් එකේ කොල්ලෙක් හොරෙන් මුත්‍ර කොරන්න ගිහින් සර්ට මාට්ටුවෙලා . එදා කොල්ලන්ට සුද්ද සිංහලෙන්ම සද්දයක් දැම්මා මුත්‍ර කිරිල්ල ගැන . ඊලඟ දවසේ අර කොල්ලා පරක්කුවෙලා ක්ලාස් එකට ආවේ අරුගෙන් සර් අහපි

    "ආ...පුතේ අද චූ දාල නේද ආවේ ?" කියල .මහ සෙනඟ මැද අහපු ඒ ප්‍රශ්නේ නිසා කොල්ලා හිටි තැනම වාඩි වුනා . ඒ පිටිම පස්සේ පේලියේ(ලමයි ඉන්න පිටිපස්ස ) , මම හිතුව මූව ඉස්සරහට ගෙන්වයිද කියලත් ,එහෙම නම් කලේ නැ හිනාවක් දාලා නිකා හිටියා

    @ඕනයා - ශ්‍රි පතිරණ සර් නම් හරි අහිංසකයි නේ , ඩබල් මිනින් අරක මේක නැතුවම හොඳට උගන්වනවා . පොරගෙන් තමයි අකාබනික කැල්ල අල්ල ගත්තේ

    ReplyDelete
  33. Chemistry නම් Chemistry බද්දෙගෙ මමත් යනව.. දැං සදර්න් එකේ 2500ක් ඉන්නව බං.... පිස්සු හැදෙනව...

    ReplyDelete
  34. ලොක්කා අප්‍රියෙල් වල වරෙන් ඇවිත් යන්ඩ....

    ReplyDelete
  35. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  36. තාරක Dilsh@n : බලන් යද්දි මුන් ඔක්කොම බද්දෙගෙ ගෝලයොනේ



    පැණි දොඩම් : අනේ මන්ද බන් ඒක නම්.. මාත් ගියේ මීට අවුරුදු 10 කට විතර උඩදිනේ... ඒ ලෙවල් කාලෙ නම් ආයෙ ඉතින් සුපිරිම තමා


    බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! : ලැජ්ජ බය තියෙන කාලේ නෙව... 1000 - 1500ක් ඉස්සරහ ඇහුව්ම ලැජ්ජාව කකුල් දෙකෙන් බේරෙන්නෙ

    ReplyDelete
  37. කෙෂාන් විදුරංග : සදර්න් එක දැන් ලොකු කරලද බන්... ඒ ගානමද...



    Raj : හිතාගෙන ඉන්නව මචන්


    jacksonlibrary : ඔය ඇඩ් එක හැමතැනම දාපු නිසා මම අයින් කලා ඔන්න

    ReplyDelete
  38. අප්පේ!! උඹේ බ්ලොග් එකට ආවේ සෑහෙන කාලෙකට පස්සේ... දැක්කෙවත් නෑ මගේ බ්ලොග් එක පැත්තෙත්... හැමදේම හොඳින් ඇති කියලා හිතනවා.... මමත් ආපහු අලුත් කතාවක් පටන් ගත්තා....

    මොනවාවුනත් උ.පෙ. කාලේ තරං මතක එකතු කරගත්තු කාලයක් නෑ ජීවිතේ!! මම බද්දෙගේ පංති ගියේ revision එකට.එකත මාසයයි.සෙනග වැඩියි බං සක්යා එකේ... මොනාවුනත්,සිරා චරිතයක්....

    ReplyDelete
  39. අඩේ මම හිතුවා උබ ලියන එක නවත්තල කියලා... ඒ දවස් වල නිතරම ආව ගිය තැනක් නෙව. හිතුකො බලන්න...

    ReplyDelete
  40. නැවතිලා තිබුනේ බං කැම්පස් වැඩ හින්දා...අපහු පටන් ගත්තා... පුළුවන් විදියට වෙලාව ලැබෙනකොට ලියනවා... :))

    ReplyDelete
  41. අළුත් කතාව බැලුව කොල්ලො... සතුටුයි ආයෙම කතාවක් පටන් ගත්තු එකට...

    ReplyDelete
  42. ඔය සර්ගේ පන්ති ගිහින් තිබුන නම් මේක තවත් රසවිඳින්න තිබුනා.....:)

    ReplyDelete
  43. මාත් ඔය වීඩ්යෝ කටුව දැක්කා..ඒක කරන බුවා නියමෙටම කරනවා..ආයි නෑ බද්දේවිතාන සර් වගේම...අර ඉන්ටවල් නෑ කියන සීන් එක එහෙම පට්ට..

    ReplyDelete
    Replies
    1. ChammA : අනිවා... ඌ ලෙසටම දෙනවා

      Delete
  44. අපේ සෑර් නේ බොලන් මේ .නුගේගොඩ නම් ඉන්ටර්වල් නැති ෆෑන් ඕෆ් කරන සීන් වැඩිය දැම්ම වගක් මතක නෑ . ගෑණු ළමයි මුලින්ම යවන එකට නම් සිරා මළ පනිනවා . උන් ඔක්කොම පැද්දි පැද්දි ගිහිල්ල ඉවර උනාම තමා අපිට යන්න හම්බෙන්නෙ . අනික එකෙක් එක්ක විහිළුවටවත් හිනා වෙන්න ඉඩක් නෑ .

    ReplyDelete
    Replies
    1. බණ්ඩක්කා : කොළබට කිරි ගමට කැකිරිද මන්දා

      Delete
  45. මමත්් ගියා ටික කාලයක්...!!!

    ReplyDelete
    Replies
    1. අතුරු ආන්තරාවක් උනේ නෑ ?? :P

      Delete
  46. සර්ගේ ක්ලාස් ගියා නම් මේක බලද්දී ෆන් එක ඩබල් :))

    ReplyDelete
  47. සදර්න් එකේ ලක්මාල් අයියාගේ තෙල් බේරෙන රෝල්ස් නම අමතක වෙන් නෑ.. රෝල් එකක් ගත්තම බොතලේකට විතර තෙල් හම්බෙනවා..

    ReplyDelete

Related Posts with Thumbnails