Tuesday, January 24, 2012

" මට ඔයාගෙන් බබෙක් ඕනි " තවත් එක් අසම්මත ( ආදර ?? ) කතාවක්..

Share

ඔහු කඩවසම් තරුණයෙක්... ඔහුට හොඳ කාන්තා ආකර්ශනයක් හිමි වී තිබුනා. ඒ වන විට පෙම්වතියක් සිටියත් අතර මග දකින් හමුවන කෙල්ලන්ට ඇහ දමා ඔවුන්ව ඇවිස්සීමෙ පුරුද්ද ඔහුගෙන් මිදුනේ නෑ.. ඔය අතර තමයි ඔහුට නගරයේ ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක රැකියාවෙ යෙදන අමාලි හමුවන්නේ... ක්ශණික නූඩ්ල්ස් වගේ බැදීමක් ඔවුන් අතර ඇති වනවා.

තමාට පෙම්වතියක් සිටින බව ඔහු අමාලිට කියනවා පමනක් නොව... මාස කීපයකින් තමන් විවාහ වන බව අමාලිත් ඔහුට කියා සිටිනවා. දෙදෙනාම තහනම් සම්බන්ධයක අකුරු කියවන්න ගන්නවා...

ඔවුන්ගේ ( ආදරය ?? ) ලියලා වැඩෙන්නේ චිත්‍රපට ශාල තුල වූ Box වල... Rooms වල... සහ මිතුරන්ගෙ බෝඩිම් කාමර තුල.



කාලය ගෙවී යනවා... අමාලි විවාහ වෙනවා... ඔවුන්ගෙ තහනම් ආදරය ට තිත ( කොමාවක් ) තැබෙනවා...

***************


අමාලිගෙ විවාහයෙන් මාස කීපයකට  පසු...

චීන අවන්හලේ වට මේසයක් මත වූ අරක්කු බෝතලයක්... මස් තසිමක් සහ.. දුම් වැටි කීපයක්.. ඒ දෙපස වූ මිතුරන් දෙදෙනෙක්..

" උබට මතකනේ.. අමාලි "

" කවුද බන්.. ? තොගේ ගෑණු කීයක් කියලද ? මට මතක නෑ බන් "

" කොහෙද යකෝ ගෑණු ? අමාලි බන්.. අර ***** එකේ වැඩ කරන්නේ "

" අහ්.. හරි හරි... ඉතින් ඒකි බැන්දනේ... "

" හ්ම්ම්.. "

ඔහු දුම් වැටියක් පත්තු කරගෙන ලොකු දුම් උගුරක් මුදා හැරියා...


" ඒකි මට කෝල් කලා බන් ලඟදි "

" ඒ මොකෝ... ආයෙ උබව මතක් වෙලා "

" ඒකිට මාව හම්බවෙන්න ඕනි කිව්ව බන්.. "

" පිස්සු නැතුව හිටපන්... යකෝ ඒකි බැඳල නේ දැන්.. ඔය පවුල් සීන්වලට අත නොදා ඉදපන්... "

දුම් වැටිය රැඳි අතින් කිහිප විටක් නලල පිරි මැදි ඔහු..

" මම ගියා බන් ඒකිව හම්බ වෙන්න.. "

" ලෙඩක් වගේ... කියපන් කියපන්.. "  අනිකා හිස් වීදුරුවට රත් පැහ දියරයත්... සෝඩා ටිකකුත් දමා ගත්ත...

" හම්බු වෙන්න නෝන්ඩි නොවෙන තැනක් ඕනි නිසා අපි ***** එකේ Room එකකට ගියේ... "

" තොගේ ඔලුව හොඳ නැද්ද... තෝ අර මේ ඊයෙ පෙරේද බැඳපු ගෑනියෙක් ව Room එහෙකට එක්කන් ගියාද ?? පිස්සු හු*** නේ උබ "

දැවී නිම වූ දුම්වැටිය විසි කල ඔහු වීදුරුවට දමා ගත්ත රත් පැහ මත්පැන් උගුර අමුවෙන්ම පානය කර මස් කැබල්ලක් මුවේ රුවා ගත්තේ ඇඹුල් වූ මුහුනින් යුතුව...

ඔහු නිහඬයි...

" ඉතින් කියපන් ඊට පස්සෙ "

මොහොතක නිහැඬියාවකින්...

" අපි කලින් Room වලට ගියාට මචන් ඒකි බැඳල නැති නිසා ලොකු දේවල් කලේ නෑ... තේරෙනවනේ උබට... "

" ඉතින් "

" ඒකි තමයි වැඩේට මුල පිරුවෙ.. ඉතින් මාත් පිරිමියෙක්නෙ බන් හැඟීම් දැනීම් තියෙන... ඒකිත් එක්ක මම නිදා ගත්ත එදා.. "

" හරිනේ.. ඔය කරල තියෙන්නේ... ඕක නෝන්ඩි උනාම උබට තමයි ඕකිව බාර ගන්න වෙන්නේ... අර අහිංසක කෙල්ලෙක් ඉන්නව.. යකෝ ඒකි දන්නවනම් තොගේ වැඩ ගැන... "

" අහපන්කො යකෝ... "  


ඔහු තවත් මත් පැන් උගුරක් අමුවේම උගුරින් පහලට යවමින්...

" ඒකිට මගෙන් බබෙක් ඕනිලු "


මොහොතක නිහැඬියාවක්..

" මොකක්... මොකක්ද යකෝ ඒ හරුපේ... "

තවත් දුම් වැටියක් පත්තු කරගත් ඔහු..

" මන් දන්නෙ නෑ බන්... ඒකිට බබෙක් ඕනිලු මගෙන්.. "

" පොඩ්ඩක් හිටපන්... ඒ කියන්නේ බඩු හරිද... ?? "

" ඒ කිව්වෙ... ?? අහ් නෑ නෑ බන්.. එහෙම වෙන්න විදියක් නෑ.. ඒක මට ශුවර්.. ඒත්
මේකිට ඕනිලු බන් බබෙක්... "

" මොකක්ද බන් ඔය හරුපෙ... ඒ බැඳපු එකා පොන්නයෙක්ද ? "

" මම දන්නෙ නෑ ඕයි... මම මොකද බන් කරන්නේ.. මේකි දිගටම Call කරනව බන්.. "


" උබට ශුවර් නේ එහෙම මොකුත් උනේ නෑ කියලා එදා... "

" ඔව් යකෝ... ඒක ශුවර් "

අවසානයේ... දුරකථන අංක.. ගමන් බිමන් සියල්ල වෙනස් කර මාස ගානක් වහං වී කල් ගෙවූ ඔහු පසුව දැනගත් පරිදි අමාලි රැකියාවෙන් ඉවත් වී සැමිය සමඟ විදේශ ගත වී ඇත.


******
මේ කිසිත් නොදත් එම තරුණයාගේ පෙම්වතියත්...

තමා හා විවාහ වූවටත් පසු 'වෙන කෙකු හා නිදි වැද ඔහුගෙන් දරුවකු බලාපොරොත්තු වූ අමාලිගේ'... සැමියාත්...

මේ සිදුවීමේ අසාධාරණයට ලක්වූ සුදු චරිත... ලිංගික අසහනයේ ගොදුරු... වෙන්න පුළුවන්...

අමාලිත් අදාල තරුණයාත් වැරදි කරුවන් වෙන්න පුළුවන්...

මේ කතාව අද සමාජයේ අහන දකින් දේවල් එක්ක බැලුවම සීනි බෝල කතාවක්... පියා දුව දූශණය කරන... දරුවා පාසලට ඇරලවා කාලය ගෙවන්නට හමු වූ තාවකාලික පෙම්වතුන් හා නිදි වදින මව් වරු සිටින.. මේ රටේ මේව ඇත්තටම සීනි බෝල කතාය. දින පතා පත්තරයක් අරන් බැලුවොත් මේ ශ්‍රී ලංකාවෙ මේ තරම අසහන කාරයින් සිටී දැයි.. මෙහෙම වෙනවාදැයි පුදුම හිතෙන තරමේ සිදුවීම්ය.

පිරිමි.. ගැහැණු යන දෙපිරිසේම අසහනකාරි... කලු චරිත සිටී. සුදු චරිතද සිටී. මේ කතාව තවත් එක් උදාහරනයක් පමණි.


59 comments:

  1. ඒත් මේ කතාවෙ මට හිතෙනවා අමාලි ඔහොම ඉල්ලීමක් කරන්න වෙන මොකක් හරි සාධාරණ හේතුවක් තියෙනවයි කියලා. ඒ මොනා උනත් බැන්දට පස්සෙ තවත් තුන්වෙනි පාර්ශවයක් ගාව ගන්නවා කියන්නෙ විනාශයක්.

    ReplyDelete
    Replies
    1. සාධාරණ හේතුවක්......! හෙහ් ඒක නියම කතාව අක්කේ.:ඩී

      Delete
    2. සාධාරණ හේතුවක්..... :D
      අනුමත කල නොහැකියි...

      Delete
  2. මෙව්වට කමෙන්ට් දාන්න මටනම් තේරෙන්නෙ නෑ... ගල් ගහන උන් ගල් ගහපල්ල... හුණු ගාන උන් හුණු ගාපල්ල...

    ReplyDelete
    Replies
    1. නියම කමෙන්ට් එක!

      Delete
  3. ඕවා හැමදාම තිබුනා.. ජනගහනයේ වැඩීවීම හා මාධ්‍ය මේවට මුල් තැනක් දෙන නිසා දැන් හැමෝම දන්නවා...

    ReplyDelete
  4. අනේ මන්දා.දැන් මෙහෙම දේවල් සාමාන්‍යකරණයවෙලා.

    ReplyDelete
  5. හ්ම්ම් හහ්ම්ම් සමාජයේ ඔහොම දේවල් සුලබයි කියපු කතාවනම් සත්‍යයි..
    අපි කලින් Room වලට ගියාට මචන් ඒකි බැඳල නැති නිසා ලොකු දේවල් කලේ නෑ... තේරෙනවනේ උබට... "

    මෙන්න මේකටනම් එකග වෙන්න බෑ අද සමාජේ එක්ක බලපුවම.. හැමදේම කරලානේ නවතින්නේ.. දෙන්නටම කළු පැල්ලම..

    ReplyDelete
  6. මොනවා කියන්නද මන්දා......

    ReplyDelete
  7. මමත් පොඩි කාලේ ඉඳ ගමක (නගරෙට ටිකක් කිට්ටු උනත්) තමා හිටියේ . .

    ඔය වගේ කතන්දර ගම් වල සෑහෙන්න තිබ්බා . . .

    ඒත් කාටවත් ඒවා මහා ලොකු දේවල්ම උනේ නෑ මම හිතන්නේ . .

    රන්ඩු වුනු වෙලාවකදී බැනගන්න කරුනු මිසක් එතනින් එහාට ගිහින් ගෑනු පිරිමින්ට එරෙහිවවත් . . .පිරිමි ගෑනුන්ට එරෙහිව වත් අවි අමෝරා ගන්න හේතු උනේ නෑ ඕවා . . .

    ලඟදි ඉඳන් ඇතිවුනු "අමුතු" ආගමික ප්‍රබෝදය එක්ක තමා මේ දේවල් මහා ආගම්ද්‍රෝහී ක්‍රියා විදිහට සමාජයේ කතා කරන්න පටන් ගන්නේ . ..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ දුකෝ.. මේ කරපු වැඩේ හරි????????? අනේ මංදා බං මේවට කොහොම උත්තර දෙන්න ද කියලා..

      ආගමික ප්‍රබෝධය නරකද එතකොට..?

      තමන්ට තමන් ගැන පාලනයක් නැති එක නෙවෙයි ද මේවට හේතුව.. ? පුරාතනේ ඉඳලා තිබුණම කියමුකෝ.. ඒත් ඒ වැඩේ හරිද වැරදිද? කියන එක නේද අපි හිතන්න ඕන.

      තමන් කැමති ඕනම දෙයක් කරන්න නිදහසක් අවශ්‍යයි කියලා කියන පිරිසත් එක්ක මං එකඟ නෑ..

      මිනිස්සු වුණහම පාලනයක් තියෙන්න එපැයි.. බල්ලො බලල්ලු වගේ හැසිරිලා කොහොමද?

      අපි කොයි කා අතරත් කළු සුදු අඩු වැඩි වශයෙන් තියෙනවා.. ඒත් එහෙමයි කියලා නිර්නායක වෙනස් කරන එක සාධාරණ නෑ.. නේද?

      Delete
    2. //ඔය වගේ කතන්දර ගම් වල සෑහෙන්න තිබ්බා . . . //

      ඈ බන් දුකා, උබ මොන ගමේද හිටියේ ? එක මේ ලංකාවේ ගමක්ද ?

      Delete
    3. @චතුර!
      ආගමික ප්‍රබෝධයේ කොහොමටවත් නරක දෙයක් නෙමේ.
      මම නරක දෙයක් විදිහට දකින්නේ ඔය මේ දවස්වල තියෙන ඊනියා ආගමික ප්‍රබෝධයෙන් තමන් සියලුම වැරදි කරමින් අනෙක් එකා කිසිම වරදක් නොකරන එකෙක් විය යුතුයි . . ඌව හදන්න බැරි නම් ගහලා මරන්න හරි ඕන කියන මතවාදයක් ගොඩ නගන්න හදන එකටයි.

      @ඇනෝ!
      මම හිට්යේ පිට කෝට්ටේ . . .
      ඊට පස්සේ මාදිවෙල
      ඔය ගම් දෙකේදිම ගෑනු රන්ඩු වෙන වෙලාවල් වල ඔය ජාතියේ කතා අහලා තිබ්බා . .
      ඒ බැන ගත්තු ගෑනුම් ඊට සති ගානකට පස්සේ එකට ශොපින් යනව දැකලත් තිබ්බා . ..

      Delete
  8. මානව සම්බන්දතා කියන්නෙ මේ ලෝකේ තියෙන විශ්ලේශණය කරන්න අමාරුම දෙයක්. ඔවැනි දේවල් එදත් උනා. ඒදත් මිනිස්සු ඔය ගැන මේ විදියට කතා කලා. කැලෑ පත්තට කියන සංකල්පය එලියට ආවෙ නිකන් නෙවෙයිනෙ. අදත් මේවා වෙනවා. අදත් මිනිස්සු මේ ගැන කතා කරනවා. ඒ වගේම හෙටත් මේවා වේවි. මිනිස්සු මේ ගැන කතාත් කරාවි. හැටි ඔහොමයි මචන්.

    ReplyDelete
  9. බ්ලොග් ලෝකේ බ්ලූ ලෝකයක් වෙලා...

    හක හක හක... :D

    ReplyDelete
  10. මේ වගේ කතා අනන්තවත් අහල තියනව බන්.... අමාලිට සාදාරණ හේතුවක් තියෙන්න ඇති.....

    ReplyDelete
  11. පව් අනේ එයා ඔයාට තිබ්බේ බබා දෙන්න ............ඊටපස්සේ මිසින් වෙන්න :P

    ReplyDelete
  12. ඔය සිද්ධි බොහොම ඈත අතීතයේ ඉඳන්ම අපේ සමාජයේ සිද්ධ උනා. මාතලන් අයියා කිව්වා වගේ අද අපේ මාධ්‍ය මේවා හොය හොයාගිහින් තොරතුරු ගේන නිසා දැන් ඕවා වැඩිපුර ඇහෙනවා. වැරදියට තේරුම් ගන්න එපා. ඔය වැඩ මම සාධාරණිකරනය කරන්න හැදුවා නෙමෙයි. බැඳපු ගෑණු කෙනෙක් වෙනත් පිරිමියෙක්ගෙන් තම අවශ්‍යතා පිරිමහගන්න යනවා කියන්නේ තමන්ගේ ස්වාමියාගෙන් ඒ දේවල් නොලැබෙන නිසා වෙන්න බැරිද?

    අර දුකා අයියා කියන ආගමික ප්‍රබෝධයට මම නම් කියන්නේ ෆේස් බුක් ආගමික ප්‍රබෝධය කියලයි. :D

    ReplyDelete
  13. හික්ස් තැටිය රත් වෙලා තියෙද්දී මූත් දැම්මා ආප්පයක්

    ReplyDelete
    Replies
    1. යකෝ ඉතාලියේ ආප්ප දාන්නේ තැටියේ ද.. ලංකාවේ නම් ආප්ප දාන්නේ තාච්චියේ.. තැටියේ කරන්නේ රොටී පුච්චන එක.. :D

      Delete
    2. හික් හික්... ;)

      Delete
  14. 'ආදරේට බ්රේක් නෑ ජීවිතේට රිවස් නෑ' අද සමාජෙ හැටියට ඕව ඔහොම තමයි. එත් ඒ ගොඩේම ඉඳගෙන අනේ අපි නම් එහෙම නෑ කියල විවේචනය කරන්නේ නම් කුහක කමට මිසක් වෙන මොකකටවත් නෙවෙයි.

    ReplyDelete
  15. ඔය වගේම අත්දැකීමක් මටත් වුනා ... ටිකක් දිග කතාවක්.
    දැන්ම නම් ඒක ලිවීමට හිත හදාගන්න අමාරුයි වගේ.
    පස්සෙ කාලෙක ලියන්නම්..

    ReplyDelete
  16. ළඟින් යන කතාවක් මමත් දන්නවා මචං. ඕවගේ ඒව නිකං අහනකොට මැජික් වගේ උනාට සුලබ සිද්ධි..

    ReplyDelete
  17. අපේ උන් බොරු සදාචාරයක් ඉස්සරහට දාගන හිටියට මෙහෙ වෙන වැඩ වල හැටියට ඔව්ව නම් මොනවද කොල්ලෝ. ඉල්ලපු වෙලාවේ දීල දැම්ම නම් ඉවරනේ ඔය බබා. යාලුවා දුන්නේ නැතත් අමාලි කොහෙන් හරි එයාට ඕන වැඩේ කර ගන්න ඇති.

    ReplyDelete
  18. ආයෙත් කොමෙන්ට් කරන්න දෙයක් නෑ.. දුකයි මාතලනුයි මට හිතෙන දේම කියල තියනවා ගෙඩි පිටින්..

    ReplyDelete
  19. අයියෝ මල්ලි මේවගේ කථා මම අහලා තියනවා සිය ගනනක්. මට හිතා ගන්න බැහැ. මම නම් මේ කාටවත්වැරදි කියන්නේ නැහැ. මිනිස් සිත. ඒ වගේම ඒ දෙන්නගෙ මොනව හරි ප්‍රශ්න ඇති. ඒවට විසදුම් දෙන්න තරම අපේ රටේ වෛද්‍ය විද්‍යාව කාරුණික නැහැ.

    ReplyDelete
  20. ඕව නම් මොනවද!
    මේ ඉස්කෝලේ යන කොල්ලන්ට සෙට් වෙන්නෙ බැඳපු අක්කල!

    ReplyDelete
    Replies
    1. නියම කතාව මලේ...

      Delete
  21. අාදරය විවාහය ලිංගිකත්වය........... ගොංපාට් තමා!

    ReplyDelete
  22. අද අහන දකින් ඒවල් වල හැටියට ඕවා පොඩි දේවල් මම හිතන්නේ! ආඩම්බරයි අපේ රට ගැන!

    ReplyDelete
  23. ම්ම්ම්ම්ම්ම්... අනේ මංදා, ඕනෙම ගෑණූ කෙන්ක්ගෙ කාසද බැන්දට පස්සෙ ඊළඟට එකම් හීනය වෙන්නෙ දරුවෙක්නෙ. ඒථ් අමාලි එයාගෙ කසාද බැඳපු මනුස්සයා ඉඳිදි එයාගෙන් නැතුව තව කෙනෙක්ගෙන් ළම්යෙක් ඉල්ලන්න මොකක්හරි ප්‍රශ්නයක් තියෙන්න ඇති.. අනේ මංදා කිව්වලු.

    //පිරිමි.. ගැහැණු යන දෙපිරිසේම අසහනකාරි... කලු චරිත සිටී. සුදු චරිතද සිටී.//

    ඇත්ත.. කලු සුදු චරිත සමාජෙ ගැහැණු, පිරිමි දෙගොල්ලො අතරෙම ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. "ඒථ් අමාලි එයාගෙ කසාද බැඳපු මනුස්සයා ඉඳිදි එයාගෙන් නැතුව තව කෙනෙක්ගෙන් ළම්යෙක් ඉල්ලන්න මොකක්හරි ප්‍රශ්නයක් තියෙන්න ඇති.."

      ඒ කියන්නේ අමාලි සාධාරණයි නේද නගෝ?????

      Delete
  24. මටනම් හිතාගන්න බෑ බලන් ගියාම සෙරම #@!$%

    ReplyDelete
  25. හැබැයි යාලුවට තිබුන උදවුවක් කරන්න . . . පවු නෙ . . . අඩුම ගානෙ පිං සලකලාවත්

    ReplyDelete
  26. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  27. Meka maha pachayak

    ReplyDelete
    Replies
    1. අනේ මේ පලයං බං යන්න. පචයක් උනත් මොකෝ ගන්න තියන ආදර්ශයක් අරං පැත්තකට වෙයං, ඇද හොයන්නැතුව.

      Delete
  28. අනේ මන්දා දෙන්නෙක් අතරට තව කෙනෙක් එනවා කියන්නේ ඉතින් එතන ප්‍රශ්ණ පත්තරයක්..

    ReplyDelete
  29. හැන්ගිලා තියන දෙයක්...අළුත් විදිහකින්...හොදයි...

    ReplyDelete
  30. කතාව බුසු බුසු ගාල කියෝගෙන ගියත් කියන්න දෙයක් නම් මට විනාඩි පහක් විතර කල්පනා කලත් හිතාගන්න බැරි වුණා .

    ReplyDelete
  31. මටත් හිතෙන්නේ සාධාරණ හේතුවක් ඇති අමාලිට.. මොකද කතාව කියවගෙන යද්දී එහෙම දැනෙනවා.. කොහොම උනත් සාධාරණීකරණය කරන්න බෑ.. කිව්වත් වගේ මේක සීනි බෝල කතාවක් කියලත් හිතෙනවා.. ඒ උනාට සෑහෙන්න වැදගත් පෝස්ට් එකක්..

    ReplyDelete
  32. තවත් එක් සිද්ධියක් පමණයි!

    ReplyDelete
  33. දෙන්නටම ආදරේ කරන්න දෙන්නෙකුත් ඉන්නවා නම් මොකක්ද ඒ නටපු තොවිලෙ?..අරය නම් හස්බන්ඩ් ට හොරෙන් වෙන කාගෙන් හරි ඕන දේවල් ඉල්ලගන්න ඇති..මෙයා ගැන කියන්න තියෙන්නෙත් ඉතින් අර අහිංසක කෙල්ලට දෙවියන්ගෙම පිහිට තමා...හොරා කන පූසන්ට ගෙදර කොච්චර කෑම දුන්නත් වැඩක් නෑ........

    ReplyDelete
  34. අමාලි අක්කට ලස්සන බබෙක් ඕනෙ වෙන්නැති

    ReplyDelete
  35. කෝ බන් මේකට මම ඊයේ දාපු කොමෙන්ට් එක? උඹ මකල දැම්මද?

    ReplyDelete
  36. සිත හිලෑ නෑ..තැන තැන ඇවිදිනවා.....ඔකනේ කේස් එක

    ReplyDelete
  37. බැදපු ගමන් අවලමේ යන එක හරිම වැරදි වැඩක්. තමන්ගේ බැදපු සහකරයාගෙන් තමන්ට බබෙක් ලැබෙන්නේ නැත්නම්, ඒ වගේ වෙලාවට තමා වේද මහත්තුරු ඉන්නේ. එහෙමත් බැරිනම් දික්කසාද වෙලා තමන් කැමති එකෙක් එක්ක අවලමේ ගියාට කමක් නැහැ.

    අර දුකා කියන ලඟදි ඉඳන් ඇතිවුනු "අමුතු" ආගමික ප්‍රබෝදය වගේ දෙයක් තමයි මේ බ්ලොග් වලින් වැරදි දේවල් රටේ සිදුවන සාමාන්‍ය දේවල් බවට පත් කිරිඑම. කතාව ඇත්ත හෝ බොරු උනාට උඩ තියන comment ටික දැක්කම එක හිත ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයා මේ පැත්තෙත් ඇවිල්ල.... ඇයි අප්පා ඔයාගේ බ්ලොග් එක වහල වටේම ඇනෝ කොමෙන්ට් දදා යන්නේ??

      Delete
  38. සමාජයේ වෙන්න පුළුවං වැඩක් මචං..

    සෑමාගේ ගූගල් රීඩරේ "පලාමල්ල" අප්ඩේට් වු වගයි.

    ජය ශ්‍රී !

    ReplyDelete
  39. උදේට කෑවා කියලා ලිපියක් දැම්ම වගේ. මේවා ඒ තරමටම සුලබ සිද්ධී. :)

    ReplyDelete
  40. මේක කියවනකං මම හිතුවේ මට විතරයි මේවගේ දෙයක් උනේ කියලා......හික් හික් හික් බබා දෙන්න බෑ කිව්වම මගේ බබාගේ නම දාලා එයාගේ බබාට....අනෙ මන්දා මේවා කාට කියන්නද....

    ReplyDelete
  41. ලිංගිකත්වය... ගැහණුද පිරිමිද වලත්ත... ජැක් ගැසීම.. ආදී නා නා ප්‍රකාර දේවල් ගැන පසුගිය ටිකේම බ්ලොග් කිහිපයකම සංවාද ගියපු නිසාත්... මේ සිදුවීම ගැන මගේ මතය පෝස්ට් එකේ අන්තිමට දාපු නිසාත්..

    " පිරිමි.. ගැහැණු යන දෙපිරිසේම අසහනකාරි... කලු චරිත සිටී. සුදු චරිතද සිටී. මේ කතාව තවත් එක් උදාහරනයක් පමණි. "

    අදහස් වලට පිළිතුරු දීමට බලාපොරොත්තු නොවේ.

    පළාමල්ලට ගොඩ වැදුන.. ලිපිය කියවපු.. අදහස් දක්වපු සියලුම දෙනාට බොහොම ස්තුතියි.

    ReplyDelete
  42. ///පිරිමි.. ගැහැණු යන දෙපිරිසේම අසහනකාරි... කලු චරිත සිටී. සුදු චරිතද සිටී.///

    ඇයි එතකොට "අළු" චරිත නැද්ද.... :)

    ReplyDelete
  43. අම්මෝ දැන් බ්ලොග් අවකාශේ යන මාතෘකා

    ReplyDelete
  44. දැන් පිටරටවල ගර්භාෂ කුලියට දෙනවා නේද? නරකද ඒ වගේ මෙහෙත් පිරිමින්ට කරන්න පුලුවන් ඔය වගේ වැඩක් පටන් ගත්තොත්..වර්ගයා බෝ කරන්න සහාය දෙනු ලැබේ...!!

    ReplyDelete
  45. අපි වගේ පොඩි උන් ඔව්වට මොනවා කියනන්ද කියල මට නම හිතාගන්න බැහැ

    කෝරලේ වලව්ව

    ReplyDelete
  46. කෝම උනත් අමාලිට සාධාරණ හෝ අසාධාරණ හේතුවක් මත ඒම ඉල්ලීමක් කරන්න පුළුවන් නේද මොකද මනුස්සයා කියන්නේ හිතන්න පුළුවන් කතා කරන්න පුළුවන් තීරණ ගන්න පුළුවන් සත්වයෙක් වෙච්චකොට තෝරාගැනීමක් කරන්න අයිතියක් තියනව නේ. සමාජෙ මොනව කීවත් කරන දේ හරි කියන උන් හුණු ගැෑවත් වැරදි කියන උන් මඩ ගෑවත් ඒක එයාගෙ තෝරාගැනීම

    ReplyDelete

Related Posts with Thumbnails