skip to main |
skip to sidebar
පහුගිය දවස් වල බ්ලොග් අවකාශේ ලිංගිකත්වය... ජැක් ගැහිල්ල... මඩ ගැහිල්ල.. පුද්ගලික කෝන්තර ඔක්කොම නිකන් ෆෘට් සැලඩ් වෙලා සෑහෙන තරම් උණුසුම් වෙලා දැන් නම් ආයෙ හෙමින් හෙමින් පරණ තත්වෙට එනවා... අද උදේ චමිලයගේ බ්ලොග් එකේ දැකපු පෝස්ට් එක මෙතන කොටල දාන්න හිතුවා මොකද ඒක සිංහල බ්ලොග් අවකාශයට මේ කාලයට ගැලපෙන පෝස්ට් එකක් නිසා. චමිලය මොකට ඒක කඩ්ඩෙන් කෙටුවද මන්දා...
චමිලගේ ලිපියේ අදහස මේ පෝස්ට් එකෙන් ඇති වන්නේ නෑ. ඒත් චමියගේ කරුණු ටික පාවිච්චි කරොත් ඔබටත් ජනප්‍රිය බ්ලොග් කරුවෙක් වෙන්න පුළුවන්...
******************
බ්ලොග් ගත්තම නා නා ප්‍රකාර බ්ලොග් තියෙනවා... ආදරය... කඳුලු.. විරහව... අත්දැකීම්.. තාක්ශණය ගැන... විචාර... අරක්කු ගංජ ගැන... විවිධාකාර විදියේ බ්ලොග්.. ඒත් සමහර බ්ලොග් වල අන්තර්ගතය කොච්චර හොඳ උනත් කියවන්නෙ සීමිත පිරිසයි... හිට්ස් නෑ... කමෙන්ට්ස් නෑ... බ්ලොග් කරුවා ප්‍රසිද්ධත් නෑ... ඉතින් මට හිතුන චමිලය මොනව කිව්වත් උගේ අදහස් ටික බ්ලොග් කරුවෙකුට ජනප්‍රිය වෙන්න නියම අදහස් ටිකක් කියල ( There is nothing called bad publicity... just publicity. ඕකත් ඉස්සුවෙ උගෙන්ම තමා )...
******************
මේ ලිපිය කාන්තා බ්ලොග් කාරිනියන් වෙනුවෙන්... චමිලයගේ අදහස් වලින් උනත් බ්ලොග් කරුවෙක්ට ජනප්‍රිය වීම ලේසි වැඩක් නෙමෙයි. ඒක නිසා ඒ ගැන ලියල වැඩක් නෑ... බ්ලොග්කරුවන් වෙනුවෙන් වෙන එකෙක් හරි එකියක් හරි ලියපන්...
** මතබේදාත්මක යමක් ලියන්න... ලිංගිකත්වය ගැන... ජැක් ගැසීම ගැන... එහෙමත් නැත්තම් ඔය ටැබූ සබ්ජෙක්ට් ඕනි එකක් ඔට්ටුයි...
** පිරිමියාට.. පිරිමින්ගෙ ලිංගික ආසාවන් වලට ඔබගේ බ්ලොගය තුලින් පහර දෙන්න. බ්ලොග් අවකාශයේ සිටින නම් සහිත සහ ඇනෝ පිරිමි චරිත ඔබගේ ලිපියට එරෙහිව කමෙන්ට් දමන්න පටන් ගන්නා තෙක් ඉවසන්න.
** එම කමෙන්ට් වලට එරෙහිව ඔබ නැවත ඔබගේ අදහස් පල කරන්න. තමුසෙ.. ඕයි වැනි වචන භාවිතා කරන්න හැකිනම්. ආවේගශීලිව ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න.
** දැන් ඔබේ පුද්ගලික තරහ කරුවන් සිටී නම් කමෙන්ට් වලින් පහර දෙන්න. ඔබේ පෙම්වතා.. සැමියා.. යහළුවන් සියල්ල ගෙන්නගෙන ඔවුන්ගෙ සහයත් ගෙන පන්න පන්න පහර දෙන්න. නැතිනම් තව ප්‍රොෆයිල් කිහිපයක් නිර්මානය කරගෙන ඒවා ඔබගේ මිතුරන් ලෙස කමෙන්ට් කිරීමට යොදා ගන්න
** යුද්ධයට විරාමයක්... ඔබ කඩා වැටෙන්න... ඔබගේ මතයට විරුද්ධව අදහස් දක්වපු සියල්ලන්න්ටම චෝදනා කරන්න.. " මගේ ජීවිතේ විනාශ කලා... මම ගෙල සිර කර ගන්නවා... " ආදී වශයෙන් ඔබ සිය දිවි හානි කර ගන්නා තැනට ඔවුන් නිසා පැමිනි බව කියා සිටින්න.
** ඔබගේ බ්ලොග් එක වසා දමන්න. ඔබගේ බ්ලොග් ගැන්සියේ කිහිප දෙනෙක්ට පමනක් සීමා කරන්න.
** " මට සියල්ල එපා වී ඇත. මම සිය දිවි හානි කර ගනිමි " මේ අදහස ඇතිවන කුමක් හෝ වචන ටිකකින් ඔබගේ බුකියේ... ට්විටරේ ස්ටැටස් අප්ඩේට කරන්න. ඔබගේ බුකියේ බ්ලොග් ලියන නොලියන මිතුරු මිතුරියන් ඔබව සනසාවි... ලොවෙත් නැති බණ කියමින් ඔබේ හිත හදන්න උත්සහ ගනියි.
** ඔබ ජීවිතේට ආයේ බ්ලොග් නොලියන බවට තර්ජනය කරන්න.
** දින කිහිපයක් සිටින්න. ( එතරම් කාලයක් බැරිනම් පැය කිහිපයක්.. ) ඔබට ඊ මේලයට... බුකියට පණිවිඩ එවමින් ඔබට බ්ලොගය නැවත ලියන මෙන් ඇති ඉල්ලීම් බලන්න. ( එකෙක් වත් එහෙම කර නැතත් පුදුම නොවන්න. )
** නැවත් ඔබේ බ්ලොගය සියල්ලන්ට කියවිය හැකි ආකරයට settings හදා ඒ බව බුකියේ දමන්න. ඔබ එසේ කලේ ඔබගෙ මිතුරු මිතුරියන් ගේ බලවත් ඉල්ලීමට බවත් ඔබ එසේ නොකලහොත් ඔවුන් සිය දිවි හානි කර ගන්නා බවට කල තරජන නිසා බවත් පවසන්න.
** නැවතත් අර අමන රැල ඔබගේ බ්ලොගයෙ කමෙන්ට් දමමින් ඔබගේ මානසික මට්ටම අවුල් කරන්න උත්සහ ගනී නම් නැවත් බ්ලොගය වසා දින කිහිපයක් සිටින්න. නැතිනම් අළුත් නමකින් අළුත් බ්ලොගයක් නිර්මාණය කර ඔබට එරෙහිව අදහස් දැක්වූ සහ මඩ ගැසූ බ්ලොග් කරුවන්ට පහර එල්ල කරමින් බ්ලොග් ලිපියක් ලියන්න.
මේ පියවර ටික අනුගමනය කලොත් ඔබ බ්ලොග් අවකාශයේ ජනප්‍රිය චරිතයක් වීම සිකුරුය.
******************
ලිපියේ ඇතුලත් අදහස් බොහොමයක් ( සම්පූර්නයෙන්ම වාගේ ) චමිලගේ බ්ලොග් අඩවියේ ලියූ What do you think blogging is? ලිපියෙන් උපුටා ගත් අතර මෙතනින් එම ලිපියට යා හැක.
දැන් ඉතින් ගෑණු ළමෝ කොහු ඉදල් උස්සන් එනවා එහෙම නෙවෙයි....
rata panimin!
ReplyDeleteඅළුතෙන් කියන්න දෙයක් නෑ... අනුපිළිවෙලට ඔය ටික සිද්ධ වේගන යන්නේ.. පොඩ්ඩක් ඉවසලා ඉඳින්.
ReplyDeletehhhmmmmmm
ReplyDeleteමම ද මැරෙන්න ඉටා ගතිමි...
ReplyDeleteඋබලා මැරුණට කවුද බං ගණන් ගන්නේ
Deleteඒකට කෙල්ලෙක් වෙන්න ඕනේ :)
අපි පවු නේ... :D
Deleteඇති යන්තම්
Deleteඔය කියල තියෙන්නෙ ලෙසටම.. මරු ඈ..
ReplyDeleteමටනම් කියන්න තියෙන්නෙ ඔබට එරෙහිව ඔබේ මතයට එරෙහිව යම් අයෙක් ද්වේශ සහගතව කුමක් හෝ කියා ඇත්නම් මඳක් ඉවසන්න..පැය කීපයක් දවසක් ගිය පසු නැවත එය බලා ප්‍රතිචාරයක් ගන්න..
ReplyDeleteකෂණික මත ඔස්සේ වැඩ කරන්නට යෑම තමා මේ මත ගැටුම් වලට මූලික හේතුව..
පට්ට
ReplyDeleteඑල එල හොද ලිපියක්...
ReplyDeleteKathaava ettha. Godak un oya vedey karanava.
ReplyDeleteඅළුතෙන් කියන්න දෙයක් නෑ
ReplyDeleteළගදීම හොද කෑමක් සෙට් වීමේ පෙරමං සලකුණු !!!!!
ReplyDeleteඅවජාතක හැත්ත... උඹල ආයෙත් පටන්ගත්තද... පර බල්ලො.... උඹල ඔක්කොම පණුවො පිරිච්ච කුණු කාඩුවක වදාපු උන්.. එක එකාගෙ කටු ලෙව කන අවජාතක බල්ලො...
ReplyDeleteපිස්සා, මේ කොමෙන්ට් එක උඹේ නෙමේ කියල ෂුවර්ද ? :-))
Deleteආයෙත් අහල.. ශුවර්.
Deleteමෙන්න මේ ඇනෝ මෙතනත් කක්කි දාලා... :D :D
ReplyDeleteඅනේ.. ගොන් පාට්... මේව කරල වැඩක් නෑ, හොඳ පෝස්ට් කෑල්ලක් දාපල්ල, හොඳ කිව්වෙ මිනිස්සුන්ට ඉගෙන ගන්න තියෙන දෙයක්...
ReplyDeleteනිකන් අර මන්ඩිපාල දානවා වගේ ඒවාද ............. ලොලේ ලොල් ය
Deleteඋදාහරනෙකට 'පොඩි මෑන් ' ගත්තට කමක් නැද්ද ? :-))
Deleteඔය ඕන එකක් ගන්න දෙය්යෝ .... මම ඇනෝ ... ලොල් ය
Deleteපිස්සා, නාකි බ්ලොග් කාරන්ටත් ජනප්‍රිය වෙන්ඩ ක්‍රමයක් කොහෙන් හරි හොයාගෙන ඇවිත් පබ්ලිෂ් කරහන්කො.
ReplyDeleteObserver : නාකි බ්ලොග් කාරයන්ට ජනප්‍රිය වෙන්න දෙයක් නෑ.. වැඩිය නෑනේ.. ඉතින් කොහොමත් ජනප්‍රියයි. ඊට වඩා වැඩි කර ගන්න නම් ඉතින් ලංකාවට එද්දි බදු නැති සාප්පුවෙන් දියර ජාති අරන් ඇවිත් සෙට් වෙමුකො අදහස් දෙන්න.
Deleteපල පල යන්ඩ බේබද්ද
Deleteඑලොව ගිය හැටියෙ . . . අපි අපේ බ්ලොග් වල පෝස්ට් එක ගානෙ දානව අදාල චමීගෙ බ්ලොගට ලිංක් එකත් එක්ක . . . එතකොට ජනප්‍රිය වෙනව නිකංම
Deleteහිකිස්............
ReplyDeleteකිව්වත් වගේ ඔය ටිකම තමයි දැන් වෙන්නේ.. :(
ReplyDeleteකතාව ඇත්ත..වැඩි හරියක් ප්‍රෝඩාව තියෙන්නේ..
ReplyDeleteහෆ්ෆොච්චියේ!!!!! මට ජනප්‍රිය වෙන්න ඕනෙ නෑ.වගේ,...:D හික්ස්ස්
ReplyDeleteඅනෙ අම්මෝ...ඔච්චර නහින්නෙ මොන එහෙකටද අනේ...මිනිස්සුන්ට හොඳනම් කියවයි නැත්තන් නිකන් ඉඳියි...
ReplyDeleteඇත්තටම එය උඩටික කරල ජනප්‍රිය වෙනවට වැඩිය හොඳයි සියදිවි හානි කරගන්න එක...
ලිංගිකත්තෙ එතකොට ජැක් ගැහිල්ල ගැන ලියන එක විතරක් නෙවෙයි බොලවු එවුවා ගැන ලියන එවුන් ගැන ලියන එකත් මාර විදිහට හිට් වෙනව වගෙයිනෙ හැබෑට.
ReplyDeleteඇත්ත තමයි!
ReplyDeleteමේක හරියන්නේ නෑ..මම ආයෙත් ලියනේ නෑ මයි. ඔන්න මට ආයෙත් ලියන්න කියන්න එපා.එහෙම කරලා මම නරකයි කියන්න එපා
ReplyDeleteඅපොයි මක්කැයි මේ වෙන්නේ. කතාව නම් ඇත්ත මයේ හිතේ.මටත් වෙන්ටැත්තේ ඕකම තමා...
ReplyDeleteඅර කතන්දර සැරයක් කිවුවා වගේ
ReplyDeleteගෑනු බ්ලොග් කියන්නෙ හනී පොට් එකක්... පිරිමි (නිල/මී) මැස්සො කොයිවෙලෙත් වට කැරකිලා කමෙන්ට් කරනවා...
(මම කියන්නෙ පඩයක් ගියත්.....)
බලමු ඒකවත් කරලා.. ඒත් අපි කලාට ගනන් ගනියිද ?
ReplyDeleteඔය ක්‍රමයට ජනප්‍රිය වෙන්න පුළුවන් .... ඒක ඇත්ත...
ReplyDeleteමර්වින් සිල්වා ජනප්‍රිය වෙලා තියෙන්නෙත් ඔය විධියෙ තියරි වලින්නෙ ....
හැබැයි තනියෙන් පාරෙ බැහැල ගියොත්.....sorry.com...!!
බ්ලොග් ලියන්නේ ජනප්‍රිය වෙන්න කියලා අදයි දැනගත්තේ.... හ්ම්ම්ම්....
ReplyDeleteබ්ලොග් කලාව කලාවක් ම නෙවෙයි වගේ..ජර මර ගොඩයි..
ReplyDeleteජනප්‍රිය වෙන්නම හිතාගෙන ලියනව නම් ඉතින් ඔය ක්‍රමේ එළ..:P :P :P
ජයවේවා!!
හෙහ්.. මරු මරු.. අළුතින් පටන් ගන්න අයට මේක හොද ආදර්ශයක් වේවි...
ReplyDeletepissu pikudu affa onna mamath ada ellila marenawooo .............kauruwath epa kiyanna epoo
ReplyDeleteඅනේ මට නම් ජනප්‍රිය එපා...අනුකම්පාව විතරක් දෙන්න...ජීවිතේ කිසිම දෙයක් නැති මට බ්ලොග් අනුකම්පාව වත් දෙන්න......
ReplyDeleteබ්ලොග්කාරයන්ට නැත්ද ඔය වගේ උපදෙස්??://
ReplyDeleteදිය රෙද්දෙන් බෙල්ල කැපීම.ඉතින් අපිට නැතෙයි ක්‍රමයක්.
ReplyDeleteMu meka dammemeth janapriya wenna neweida? Awnakawama hithapan. (Rath wela thiyena thatiyen roti pichcha ganin. Ekiyakata mada gaha gaha ekige pihiten goda yanna dagalanawa wage penenna thibe.)
ReplyDeleteHabai Blogkariyanata blog lokaye janapriya wenna oya tharam dagalanna ona wunata blog karayanta janapriya wenna karanna one podi deyay.......Menna mewage thamantath anuntath wadakata nathi lipi liyana eka witharai.
ReplyDeleteපට්ට පට පට
ReplyDeleteහිනා වෙන්නද? අඬන්නද?
ReplyDeleteරස්නෙ නැතිවෙලා නෑ නේද?.. මටත් තියෙනව රොටියක් පුච්චන්න... කොහෙද වැඩ හින්ද රස්නෙ පිට රොට් පුච්චගන්න බැරිවුනානෙ..
ReplyDeleteහැබැයි ඉතිං උඩ ලිස්ට් එකට එකතු වෙන්නම ඕන එක නැද්ද මන්ද... මුලින්ම වෙන්න ඕන වැඩි පිරිසක් ඉන්න කල්ලිය තෝරගන්න එක නෙමෙයිද?... එහෙම කරල ලොකුම කල්ලියට ගලක් ගහන්න පුළුවන් වුනානම් ඉතුරු ටික කරන්න ඕනම නෑ.. බ්ලොග්කාරියක් වුනත් කාරයෙක් වුනත් දවසින් ජනප්‍රිය වෙන්න පුළුවන්... ;)
මෙව්ව ඇනෝ විදිහට දාන්න ඕන එව්වද මන්ද අමුවෙන් කියල දාන්නෙ?...
මේක හොඳයි බං රස්සාවට බ්ලොග් ලියන උන්ට..අපි වගේ ආතල් එකට ලියන උන්ට ඔය මොකා උනත් එකයි.....
ReplyDeleteඅනේ බ්ලොග්කාරයො පව් නැද්ද...:(
ReplyDeleteඅදහස් වලට ස්තුතියි.... ඇනො ඇවිල්ල බ්ලොග් අවකාශයේ චරිත කිහිපයකට අපහාස කිරීමේ අදහසින් දැමූ කමෙන්ට් 2 ක් ඉවත් කිරීමට සිදු උනා...
ReplyDeleteහි හි අදහසට ගොඩක් ස්තුතීයි....:D
ReplyDeleteහික් හික් බ්ලොග් කාරිනියෝ ...
ReplyDeleteඅනේ මට බෑ ප්‍රසිද්ද වෙන්න මෙයාලා එක එක එව්වා කියනවා.. ;))
ReplyDeleteහික්ස්
ReplyDeleteආතල් එකට බ්ලොග් ලියන මට නම් ඕනේ එකක්....
ReplyDeleteපළවෙනි පාරට තමා මේ පැත්තේ ආවේ........
අලේ අදම මාත් දාන්ට ඕනේ එකක්
ReplyDeleteහිකිස්... :D :D
ReplyDeleteදැන් මේකට කමෙන්ට් විදිහට එන ඒවා දැක්කාමත් මොලේ විකාර වෙනවා දැන් මෙතන ලොකු අදහස් දාන අයත් ගිහින් කොහේ හරි අදාල නැති තැන්වල අළුත් පෝස්ට් වල ලින්ක් අලවනවා. කොහොමත් බං හිට්ස් බලාගෙන ලියන පෝස්ට් කියන ඒවා බැලුවාම අඳුර ගන්න පුළුවන්.
ReplyDelete