Wednesday, February 8, 2012

බොන තරමක් බඳින්න කලින් බීපල්ලා...

Share

අපේ පොරක් හිටියා බොන්න සෙට් උනාම බොන්නෙ නිකන් ලෝකෙ තියෙන අන්තිම අරක්කු උගුර කියල හිතාගෙන... අපි ශොට් එක දා ගනිද්දි ඌ ශොට් 2ක් දාල 3 වෙනි එක වක් කර ගන්නවා... අපිට ලාවට වදිද්දි ඌ ඔලුව ගහගෙන... එහෙම නැත්තම් කණුවක් ගහක් අල්ලන් කබරය දානවා...පොර ගැන ලියලත් ඇති කබර කතා වල..


ඒ උනාට පොරගෙ ගෑණු දැරිවි දන්නෙ නෑ පොර බොනව කියල... බඳින්නත් හිටපු නිසා අපිත් ඉතින් ඕනි එකක් කියල උගේ අර " හොර පොලේ " තියරියට ඉඩ දීල හිටිය ඉතින්.. බැන්දට පස්සෙ අරක්කු වානා නේ..


මේ ලඟදි අපේ එකෙක් ගෙ වෙඩිමක් තිබිල කට්ටියම සැට් වෙල.. මම ඉතින් මෙහෙට වෙලා ඉරිසියාවෙ පැලෙනවා... අපේ ඉහත යාළුවත් ඉතින් ( අහ් මූ දැන් බැඳලා.. ) වයිෆ් එක්ක ඇවිල්ල. කට්ටියම ඔන්න එක ටේබල් එකේ සතුටු සාමිච්චියේ ඉදල.. බොන වෙලාවෙදි අපේ එවුන් බොන්න අරන්..උගේ පවුල ට නෝන්ඩි උනා වගේද අපේ උන්ට නිකන් බොන්න හම්බෙන අරක්කු ටික...


ගෑනු ළමයට ට හෙන අවුල්ලු... ඇයි ඉතින් ස්වාමි පුරුශයගේ අතිජාත යාළුවො අරක්කු බොනව කිව්වම...
අපේ යාළුවත් නිකන් ඉන්නවලු ජීවිතේට අරක්කු දැකල නෑ වගේ...


මට සිද්දිය කියපු එකයි මායි අතර සංවාදේ...


" උබට කියන්න බන් ****** අපි දිහා බලන් හිටියේ ජීවිතේට නොදැකපු එව්වො දිහා බලනව වගේ... ඌ හරියට ජීවිතේට අරක්කු දැකල නෑ වගේ.. ඒ උනාට උගේ මූනෙ තිබ්බ දුක... අඩෝ ඇස් දෙකේ කඳුළුත් තිබ්බද කොහෙද බන්...  "

" පව් වැඩේ බන්.. ලොවෙත් බීපු එකෙක් නේ... ඇඩෙන්න ඇති... ඉතින්.. "


" ඔව් බන්.. මූන නිකන් දෙහි ලෙල්ල වගේ... වට පිට බලනවා.. ඇබරෙනවා... "


" පට්ට ඕයි... මම හිටියෙ නෑනේ... ශික්.. ඉතින් කියපන්කො...  "

" ඉතින් ඌ ඇඩූ කඳුලින් ඉද්දි අපි බිව්වා...  අපි නොබී ඉන්නද බන්.. දෙන ගාන කවර් වෙන්නවත් බොන්න එපැයි... එළම සීන් එක ඒක නෙමේ බන් අපේ සමහර එව්ව්වො උගේ වයිෆ් ට බයේ අරක්කු නොබී බියර් බිව්වනේ... "


" අම්මට හුඩු ඒ කවුද බන් ? "


නම් 2 ක්... ( ලොවෙත් අරක්කු බීපු අපේ උන් දෙන්නෙක් ගෙ නම් )

" මොකා.. ? යකෝ ****** නොබී හිටියේ උගේ වයිෆ් නිසා කියමු... ඇයි අරුන් දෙන්න ?? "

" පස්සෙ ඇහුවම කිව්වෙ උන් කිව්වෙ තත්ත්වෙ තියා ගන්න කියල "

" මොන හුන්නස්ගිරියේ තත්වයක්ද බන් අපිට ?? "

" හක් හක් හක්... "


අනාගතය ගැන පුදුම බයක් අප්ප දැනෙන්නේ මෙව්ව අහද්දි... පිස්සටත් දැන් බර බරේ වැටීගෙන එන්නේ බීමට... සන්දුක්කාරේ.... කොහොම හිටපු අපිද අප්පා... එක එකා බඳිනවා.. ඊට පස්සෙ උන් හොඳ වෙනවා.. මේ ලඟදි එකෙක් කෝල් කරල කියනවා..


" බලහන් බන්.. බියර් උගුරක් බොන්න කොල්ලෙක් නැති හැටි දැන්... " කියල... කාලය මැවු වෙනසක අරුමේ කිව්වලු...



සින්දුවකුත් මතක් උනා.. අහල බලන්නකො.

එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා

ගෙට ආ කල ටිකිරි ලියා
නුඹ වේවිලු කබර ගොයා
ලිඳට ගියත් අවසරයක් ගන්නට වේවී
දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී

එක යායේ...

වලට වැටුණු එකා යකා
වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී
නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී
කසාදෙ නං කසාය හරි තිත්ත බේතකී

එක යායේ...



බීම ගැන කියද්දි අපේ රනා ඊයෙ පෙරේදා බොහොම වටින පෝස්ට් එක්ක දාල තිබ්බා... අරක්කු - සිගරට් බොනවානම් මේකත් කියවන්න

107 comments:

  1. බැන්ඳ කියල මන් අහන්නෙ ඔහොම හොඳ වෙනවද පිස්ස අයියෙ....ඕව මන් හිතන්නෙ බැඳල මුල් කාලෙ තියෙන සීන්...එහෙනම් අපෙ තාත්තා දැන් නොබීම ඉන්න එපැයි......:D

    ReplyDelete
    Replies
    1. හිතහොඳ පිස්සා : ඔව් ඔව් ඔය මුල් කාලේ සීන් වෙන්න ඕනි.. නැත්තම් යකෝ ඔය බාර් ගාව ඉන්න තරමක් ඉන්නෙ මැදි වියේ මිනිස්සුමනේ...

      Delete
    2. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. අනේ වාසනාවන්

    -ශානු-

    ReplyDelete
  3. හිකිස්....

    ඇත්තටම අපි වෙනුවෙන් බීම අතාරින කොල්ලොත් ඉන්නවද ...?
    මාරයි.....
    අනේ බැන්ද කියල ඔය දහඅට නීති දාන්නෙ මොන බනානාෆ්ලවර් එකටද..තමුන්ගෙ ලිමිට් පන්නගන්නෙ නැතුව බොන්න පුළුවන්නම් බිව්වට කමක් නෑ...ඒක කොල්ලන්ගෙ අයිතියක්නේ...

    ReplyDelete
    Replies
    1. නිසපුගේ ලෝකය.... : අපෝ ඔය ඉන්නෙ... ටික දවසකට හරි හික් හික්...
      ශා මරුනේ.. නිසපු ගෙ කොල්ලට නම් අවුරුදු වගේ තියෙයි :D
      Hats off :D

      Delete
    2. මෙන්න තේරුම් බේරුම් තියෙන කස්ටිය,එල එල ..

      Delete
    3. ආන්න ඉස්පිරිට් එක. මගෙ හාමිනේගෙ තියරියත් ඕකමයි

      Delete
    4. ආ එල එල

      Delete
  4. Replies
    1. හිතහොඳ පිස්සා : දැනුත් බීලද බන් හික් හික්

      Delete
  5. මොන මගුලක් ද බන්...මම නං බඳින්ඩ කලින්ම කිව්වා පොඩි අඩියක් ගහනව කියල යාලුවො සේට් උනහම..ඇයි යකො අපි බාර්ගානේ කනු පල්ලේ වැටෙන්ඩ බොනවයැ..හික්..තොත් කියහන් එහේම එතකොට අවුලක් නෑනේ..ඔන්න නොකිය බිව්වෙත් නම් ලේඩක් වැටෙයි..ඉඳල හිටල පොඩි අඩියක් වත් ගහන්ට එපැයැ..හික්

    ReplyDelete
    Replies
    1. Raj : අනිවා අනිවා.. මාත් යාළු වෙන්න කලින්ම කියල තියෙන්නේ... ඒ උනාට දන්නවනේ බන් ඉදල ඉදල ලංකාවට ගියාම හැමදාම මොකෙක් හරි නේ.. ඉතින් සීන් තමා

      Delete
  6. මමත් බැන්දට පස්සේ බීම සම්පූර්ණයෙන්ම බීම නැවැත්තුවා මල්ලී...... :D

    ReplyDelete
    Replies
    1. අභීත : මෙන්න මිනිස්සු... අඩේ ඒ කියන්නේ මේ ඊයෙ පෙරේද උබ ආයෙ බැන්දද හික් හික්

      Delete
    2. "බීම සම්පූර්ණයෙන්ම බීම නැවැත්තුවා" :D (පොටෝ එක)

      Delete
    3. පූසා : අඩේ මටත් දැන්නේ මීටර් උනේ... ලේසි නෑ... අභීතයා ලේසි නෑ... ඌ බැන්දත් හරි... බීමත් බීම නවත්තලා...

      Delete
  7. කියල වැඩක් නෑ.. අපෙත් ඉන්නවා ඔහොම සෙට් එකක්.. අපිත් ඉතින් උන්ට පෙන්න පෙන්න බොනවා..

    ReplyDelete
    Replies
    1. cjgayan : ඉවසල ඉවසල බැරිම තැන එයි බන් :D

      Delete
  8. අදම ඩේලි බොන්න පටන් ගන්න ඕනේ පස්සේ මොනා වෙයිද දන්නේ නැහැ :-D

    ReplyDelete
    Replies
    1. ම : උබට අවුලක් වෙන එකක් නෑ මයෙ හිතේ... හික් හික්

      Delete
  9. මටනම් තව සෑහෙන කාලයක් කියෙනවා :D

    ReplyDelete
    Replies
    1. පූසා : ඕක ගෙවිල යයි ඉක්මනට.. මූ නිකන් පොඩි එකා වගේනේ හිතා ඉන්නේ හික් හික්...

      Delete
    2. අනේ ඔව් පොඩි පූස් පැටියා කරටි කඩාගෙනලු ගෙදර යන්නෙ......

      Delete
  10. මංනං හිතං ඉන්නේ කවද හරි බැන්දොත් එදා ඉදන් බොන්න පටන් ගන්න..:D:D:D

    ReplyDelete
    Replies
    1. මාරයාගේ හෝරාව : අයිය දැන් ඉතින් මතට තිත නේ... ඒක නිසා ඕනි එකක් නේ හික් හික්

      Delete
  11. අපෝ! මටත් දැන් බයයි......

    ReplyDelete
    Replies
    1. සුසන්ත : බය නොවන්න... දිරිය ගන්න... :D

      Delete
  12. හික්ස්ස්..!! තමන්ගෙ ප්‍ර්මාණයට, සීමාව දැනගෙන, කට් වෙන්නෙ නැතිව ගානකට බොන්න දන්නවනම්, අවුලක්ම නෑ ඉතින්...නිසපූ කිව්වා වගේ තියන නීති ඔක්කොම දාලා බැඳලා තියාගෙන මොකටද හෆ්ෆා..:/ :/ බොන්නෙ නැත්තම් අවුලක් නෑ.. බොනවනම්, චාරයක් ඇතිව, පිළිවලකට බිව්වාම හලි..:D හික්ස්ස්...

    ReplyDelete
    Replies
    1. හිතුවක්කාරි : ඔහොමනේ ගෑණු ළමෝ ඉන්න ඕනි

      Delete
    2. අන්න තව කෙල්ලෙක් . . . ජයවේවා . . . !!!

      Delete
    3. කියනකොට කවුරුත් ඔහොම තමයි බං මුලින්

      Delete
    4. ඉන්දික උපශාන්ත : ඔව් ඔව් ඒකනම් එහෙම තමා බන්... ටික ටික තමයි නීති වැටෙන්න.. සිරාවට

      Delete
  13. මම නම් කියන්නේ මචන් කන බොන මිනිස්සු ඒවා කලින්ම තමන්ගේ වෙන්න බිරින්දෑවරුන්ට කියලා කියනවා නම් හොඳයි, මොකද යාලුවෝ එක්ක සෙට් වෙලා දාලා යයි කියලා බයේ ගෑණිට බොරු කියලා නොබී ඉඳලා මොකටද නිකං පස්සේ සදාකාලිකව? දුක් විඳින්නේ.
    ඒ නිසා බීපල්ලා තමන්ගේ පරිමාණේට. එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. Lishan Puwakowita : ඔව් බන් ලිශා ඒක හරි... බොරු මොකටද... එක්කො ඌ සිරාවටම බීම අතෑරලද මන්දා...

      Delete
  14. තමන් අරක්කු බොන කෙනෙක්නම් ඒ බව තමන්ගේ ගෙදරට, පෙම්පතියට, බිරිදට පැවසීම ඉතා හොදයි.
    මොකද හොරෙන් බොනවා කියන එක හැමදාම කරන්න පුළුවන් දෙයක් නොවන නිසා.
    ඒ වගේම තමන්ගේ මනුස්සයා බිව්වට පස්සේ සතෙක් වෙන්නේ නැත්තම් ගොඩක් ගැහැණු උදවිය බීමට අකුල් හෙළන්නේ නෑ.
    ඉතිං බිව්වට පස්සෙත් මනුස්සයෙක් වගේ හැසිරෙන එක අරක්කු බොන මිනිස්සුන්ගේ යුතුකමක් වගේම වගකීමක්.

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. රනා : උබ හරි මචන්... සෑ උබේ පෝස්ට් එකට ලින්ක් එකක් දාන්න බැරි උනානේ.. දැන් මතක් උනේ.. හිටු ඒක දාන්න

      Delete
  15. එකක් කියල නෙවෙයි බන්, වගකීමක් නැතිව තනියෙන් ඉන්න එකෙත් කොච්චර රහක් තියෙනවද. නොබැඳත් බෑ බැඳලත් බෑ,

    ReplyDelete
    Replies
    1. ගුණේ : දීගෙක ගියදා නුඹට දැනේවී තනිකඩ කම කොතරම්ද අගේ

      Delete
  16. බදින්න කලින් "අරක්කු සිගරට් කටේ තියන්නෑ" විදියට හිටියොත් කෙල්ලගෙන් මාර ලකුණු. හැබැයි එහෙම එවුන්ට බැන්දට පස්සෙ බොන්න මාරම දුකක් විදින්න වෙනව. ඒ නිසා හොදම දේ තමයි මද පමණට පාවිච්චි කරන බව දැනගැනීමට සැලැස්වීම. එතකොට පස්සෙ මතුවෙන පුරස්න අඩුයි. කොහොම උනත් බදින්න කලින් බිව්ව බීම බැන්දට පස්සෙ අඩු කරන එක හොදයි.

    ReplyDelete
    Replies
    1. "ඒ නිසා හොදම දේ තමයි මද පමණට පාවිච්චි කරන බව දැනගැනීමට සැලැස්වීම."

      +++++++++++++++++++++ ඒක තමයි හරිම වැඩේ.

      බොරු කරලා සම්බන්දකම් පටන් ගත්තම ප්‍රශ්න ගොඩයි.

      Delete
    2. රාජ් : ඔව් බීම නෙමෙයි බඳින්න කලින් හැම දේම කතා බහ කරල පරන කතන්දර විසදගෙන කතා බහ කරල ඉස්සරහට යනවා නම් ප්‍රශ්න අඩුයි...


      Kasun : එක බොරුවක් වහන්න තව එකක්... තවත් එකක්.. ඔහොම බොරු වැලක් වෙනවා අවසානෙදි

      Delete
  17. අඩෝ දැන් ඉදන්ම එහෙම නම් බොන්න පටන් ගන්න වෙයි වගේ

    ReplyDelete
    Replies
    1. Dar[K] : හික් හික්.... ටීවී සීරිස් බැලිල්ලත් අඩු කරන්න වෙයි

      Delete
  18. බලාගෙන යද්දී මට මාර චාටර් කේස් එකක් නෙ වෙලා තියෙන්නෙ. බැඳලත් නෑ, බොන්නෙත් නෑ.
    බඳිනවද? බොනවද?.................

    ReplyDelete
    Replies
    1. මුහුදු කොල්ලකාරයා : බැඳපන් බැඳපන්... බොන්න ඕනි නෑ

      Delete
    2. බැඳල බොන්න පටංගනිං

      Delete
  19. තම තරම දැන බිව්වාට කම් නැත.

    ReplyDelete
    Replies
    1. පිණිබිඳු... : ඒකනේ... කොහෙද අපේ උන් බොරු කියල වරද්ද ගන්නවනේ

      Delete
    2. පිණිබිඳු,
      දවසේ කතාව

      Delete
  20. හපෝ තාමත් ලංකාවේ ඔය සීන් එක තියෙනව නේ,කවද හැදෙය් ද මන්ද .,බැන්දට කමක් නෑ හලෝ කාල බීල මැරෙනවා..මිනිස්සුන්ගේ තරම බලාගන්න නම් මම කියන්නේ බඳින්න කලින් පොඩ්ඩක් බොන හැටිත් බලන්න කියල(බොන එවුන් බඳිනවා නම් විතරය්)..ලොල්

    ReplyDelete
    Replies
    1. Tharindu Eroshan Hendawitharana : ඔබතුමා ලංකාවෙ ඉදලම නැද්ද මන්දා..

      Delete
  21. සින්දුවෙත් නිකන් ඇත්තක් තියෙනවද මන්ද? පොඩි බයකුත් හිතෙනව දැන්නම්...මට නිකන් ඉක්කාවට වගෙයි පිස්ස අයියේ....හික්...

    ReplyDelete
    Replies
    1. සිහින මතකයන් : දුවල ගිහින් වතුර ටිකක් බීපන් හික් හික්

      Delete
  22. මම නම් අමධ්‍යප. (හැබැයි ළඟක ඉඳල මිදි වයින් සුට්ටක් බොන්න මාර ආසාවක් තියනවා.:)) මට ඉස්සර නම් බොන උන්ව පෙන්නන්න බෑ. ඒත් දැන් නම් කියන්නේ, ලිමිට් එකේ ඉඳගෙන ගානකට බොනවා නම් එචචර අවුලක් නෑ කියල. නොබීම ඉන්න පුළුවන් නම් ඉතින් හොඳටම හොඳයි.

    බැන්දට පස්සේ බීම අඩු කරන එක නම් ගොඩක් හොඳයි. තමන්ගේ මිනිහව පාලනය කර ගන්න එක ගෑනිගේ අතේ තියෙන්නේ. ආදරෙන් කිව්වම බොහොම ලේසියෙන් පිරිමියෙක්ගේ ඔය වගේ දේවල් පාලනය කරන්න පුළුවන්.:) ඒ වගේ පාලනයක් තියන එක ගොඩක් වැදගත්.

    මට මතක නෑ මේ කතාව මම කොහෙන්ද ඇහුවේ කියලා, එක්කෝ කතාවක ගිහිපු එකක්, නැත්තන් මට ඇත්තටම ඇහුන කතාවක්. එක මනුස්සයෙක් කියනවා, "මම මගේ ලිමිට් එක හොඳට දන්නවා, වයිෆ් ඇවිත් දොර රෙද්ද අස්සෙන් ඔලුව දාල හිනා වෙලා ගියාම මම දන්නවා දැන් ඇති කියලා." එහෙම තමයි වෙන්න ඕන. කොච්චර ලස්සනට, කොච්චර අවබෝධයකින් ඒ වැඩේ වෙනවද.

    අනිත් පැත්තට, මිනිහ ඉඳල හිටලා, ලාවට සළු වෙන එකටත් ගෑනි කොක්ක දානවා නම් ඉතින් ඒ ගෑනි නම් චාටර්. එහෙම වෙලාවට නම් ඉතින් පිරිමියා කොන්ද පණ ඇතුව ඉන්න ඕන.:) හැබැයි ඉතින් ආදරෙන් නෙමෙයි කොහොම කිව්වත් බෝතලෙන් ගලවන්න බැරි උනුත් ඉන්නවා. උන් ඉතින් බොන්නම ඉපදිච්ච එවුන්.

    ReplyDelete
    Replies
    1. Kasun : මිදි වයින් බොනවා මාත් ඉස්සර.. ලාබෙට වෙරි වෙන්න පහසුම ක්‍රමය. හික් හික්..

      උබේ කතාවෙ වගේ තේරුම් අරන් වැඩ කරනවනම් හරි.. හුඟක් වෙන්නෙ මිනිහ සුට්ටක් බිව්වත් කොක්ක.. ඉතින් ඔරොප්පුවටම ඌ ඊලඟ දවසෙ වැටෙන්න ගහනවා... කාන්තා පාර්ශවය දැන ගන්න ඕනි ඉතින් සීමාව තුල ඉන්න දෙන්න්. මිනිස්සුත් ඒක තේරුම් අරන් ඉන්න ඕනි.

      Delete
  23. වීඩියෝ එකට නම් පට්ටම තැන්කූ. ඕඩියෝ එක පට්ට ගහල තිබුනට වීඩියෝ එක දැකලම තිබුනේ නෑ. කොටින්ම ඕක ෆිල්ම් එකක සින්දුවක් කියල දන්නෙත් දැන්.:)

    ReplyDelete
    Replies
    1. Kasun : ෆිල්ම් එක මංගල තෑග්ග. ෆිල්ම් එකම තිබ්බ යූ ටියුබ් එකේ.

      Delete
  24. බැන්දම කාටත් කෙළවේ නේ! බඅන නොබොන භේදයක් නැතුව!

    ReplyDelete
    Replies
    1. තනි අලියා : එහෙම කියන්න එපා මල්ලි...

      Delete
  25. කෝටා එක කලින්ම ඉවර කරගත්තනම් හරි...බැන්දට පස්සේ...ඔය ඉඳලා හිටලා 50හේ 100යේ කෑලි ගත්තම වැඩේ ෂේප්!

    ReplyDelete
    Replies
    1. kandyan : ඉස්සරහට 100 එව්ව නැති වෙයි මයෙ හිතේ... 200 න් පටන් ගනියි :D

      Delete
  26. හ්ම්...ඇත්ත...ඇත්ත...මාත් බීම නැවත්තුවෙ බැන්දට පස්සෙනෙ

    ReplyDelete
    Replies
    1. Observer : හෑ... ඔබා මාම අපිට මඟුල් කිව්වෙ නෑනේ... ගිය අප්‍රේල් වලින් පස්සෙ නෙව බැඳල තියෙන්නේ....

      Delete
    2. තේ බොන එකද නැත්නම් වල් ෆැන්ටා බොන එකද එහෙමත් නැත්නම් කෑමට පෙර බොන එකද :-)

      Delete
    3. නින්දට පෙර බොන එක

      Delete
  27. සන්දුක්කාරේ..... ඒ කතාවනම් ඇත්ත. ඉස්සර ලංකාවේදී බොන්න උන් ඕනෙතරම්. ඒත් දැන්? අය්යෝ..

    ReplyDelete
    Replies
    1. ක්සැන්ඩර් | Xander : කාලය මැවු වෙනසක අරුමේ

      Delete
  28. ඔච්චර බයනම් ඇති හැබැයි බැන්දට පස්සෙ බීම අඩුකරන එක ඇඟට ගුනයි. මොකද වගකීම් වැඩිවෙනවනෙ. ළමයි පවුලට එකතුවෙනකොට නවත්වන්නම වෙනවා. මට නම් පේන්නෙ එච්චරයි.

    ReplyDelete
    Replies
    1. Loku John : ඇයි බොල ඔහොම බය හිතෙන දේවල් කියන්නේ ??

      Delete
    2. මම් ඉස්කෝලෙ යන කාලෙ වැටෙන්න ගහලා ගෙදර යන්න බැරුව ගෝල් ෆේස් එකෙ නිදාගෙනත් තියනවා . දැන් බොන්නෙ බිග් මැච් එකදාට විතරයි . ඒ ඉස්කොලෙ කාලෙ සිහිවෙන්න

      Delete
    3. Loku John : අවුරුද්දට පාරක්... නපුරු සිහිනයක්

      Delete
  29. කලේ අප්පේ මටනම් තව එහෙම්පිටිම්ම තියනවා ඔක ගැන හිතන්න ;)

    ReplyDelete
    Replies
    1. කනියා : දැන් තියාම හිතපන් :D

      Delete
  30. අපෝ අපි බොන්නෙත් නෑ දැං... (ආයෙම බොනකං)

    ReplyDelete
    Replies
    1. prasanna86k : ඒක මිසක්.. මම මේ බැලුවෙ මොකද කියල...

      Delete
  31. apooo ganu gana nam kathaa........... karanna epa.

    "Disply eka wada nathi time bombayak" kasada bada gatta wage thama. koi welawe mona deta pupuraida kiyala hitha ganna bane appa.(Math kasada bada sitimi .. Hikiz...)

    ReplyDelete
    Replies
    1. Unknown : වයිෆ් බ්ලොග් කියවන්නෙ නැතුව ඇති මම හිතන්නේ හික් හික්

      Delete
  32. බොනවානම් මේ අපි වගෙ බීපල්ලා. අපි බොන්නෙ නොවැම්බර් දෙසැම්බර් විතරයි. ඒකත් ඔය ...එක්කො ඕනෙ නෑ.!

    henryblogwalker the Dude

    ReplyDelete
  33. ඔය මොන පිස්සුද.. අපේ අයියා හැම සෙනසුරාදාම කැරම් ගහන ගමන් බෝතලයක් ඉවර කරන්නේ.. අපේ නෑනත් ඉද්දිම..

    සෑහෙන කාලෙකින් මචෝ අර සිංදුවේ වීඩියෝ එක දැක්කේ.. පට්ට්ම ලයික් ඒකට..

    ReplyDelete
    Replies
    1. Dinesh : අන්න අයියලා... බෝතලේ තනියම ඉවර කරනවද... නැත්තම් මල්ලිත් උදව් කරනවද හික් හික්

      Delete
  34. හිතුවක්කාරියි, නිසූයි කියනවා වගේ බොන්න ඕනෙම නම් තමන්ගෙ ප්‍රමාණයට, සීමාව දැනගෙන,ගානකට බොන්න දන්නවනම්,(තමන්ගෙ දරුවන්ට බිරිඳට අවනම්බු නොවෙන්න) අවුලක්ම නෑ ඉතින්.... :D :D

    හැබැයි ඉතින් මට නම් ආඩම්බරයි කියන්නත් මගේ හස්බන්ඩ් නම් අරක්කු තියා බියර්වත් බොන්නේ නෑ... හැබැයි ඕං මම තහනම් කරලා එහෙම නෙවෙයි... :D :D :D

    ReplyDelete
    Replies
    1. තරු අරුන්දතී : අන්න අන්න... අවුලක්ම නෑ ඉතින් කියන්නේ අවුලක් තමා හික් හික්

      Delete
    2. හි හි අය්යෝ එහෙම නෑ . මම අවංකවමයි කිවුවෙ. ඒත් ඉතින් මම ඔය ප්‍රශ්නෙට මූණ දීලා නම් නෑ

      Delete
  35. මම නම් අවංකවම මේ කියන්නෙ....හස්බන්ඩ් කෙනෙක් බේබද්දෙක් වෙනවට කැමතී කියනවා නෙවේ..ඒත් කවුරුත් කන බොන විනෝද වෙන තැනකට ගිහින් 'දෙහි ලෙල්ලක්' වගේ ඇඹරි ඇඹරී වයිෆ්ට භයේ ඉන්න හස්බන්ඩ් කෙනෙකුට මම නම් කැමති නෑ...පාටි එකකට ගිහින් ඩ්‍රින්ක් එකක් ගත්තට කමක් නෑ..හැබැයි සීමාවකට..

    ReplyDelete
    Replies
    1. වින්චැට්කිරිල්ලි. : බේබ්ද්දෙක් කියන්නේ ඩේලි බීලා.. ඔය කොහේ හරි වැටිල ඉන්න චරිත වලටනේ... සතියකට වරක් පොඩි ඩ්‍රින්ක් එකක් දාන අය ඒ කැටගරියට නැනේ....

      Delete
  36. මතට තිත නොවැ.. (බැන්දහම)

    ReplyDelete
    Replies
    1. එතකොට ඊට කළින්... තිතට මතද???

      Delete
    2. sAm (සෑම්) : දුකකි..ඉරකි..තිතකි.

      Delete
  37. අපේ ගෙදර නං දන්නවා ඒක නිසා අවුලක් නෑ....

    ReplyDelete
    Replies
    1. ඔබ නොදු‍ටු ලොවක් : පින් කල මිනිස්සු :D

      Delete
  38. අපි අපේ සීමාව දන්නවනම් සහ අපෙන් වෙන්න ඕනේ යුතුකම් වලට සහ වගකීම් වලට බාධාවක් වෙන්නේ නැත්නම් මද පමණින් පානය කිරීම වරදක් විදිහට මම දකින්නෙත් නැහැ...

    මොකද මම කරන්නෙත් ඒකමනේ.... :)))))

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා : ඒක තමයි හොඳම විදිය...

      Delete
  39. මම බොනව මගෙ ගානට . . ඒක මගෙ හාමිනේත් දන්නව.

    ReplyDelete
    Replies
    1. ඕනයා : අයියගේ හාමිනේ ඉතින් අවුලක් නෑනේ... වෙන හාමිනේ කෙනෙක් නම් අපිත් ගුටි කාල එදා සයිබර් එක දවසෙ

      Delete
  40. හපොයි බැන්දාම වෙන කරදර...

    ReplyDelete
    Replies
    1. ~~තරූගේ ලෝකය~~; : කාටත් පොදුයි නෙව ඔව්වා

      Delete
  41. හික් හික් මෙයාලාටත් තියෙන ප්‍රශ්න.... :)

    ReplyDelete
    Replies
    1. හසී : දැවෙන ප්‍රශ්න බන් හසියො මෙව්වා

      Delete
  42. බලෙන් අත් අරවන්න බෑ ඒවා.. හිතලම තමා කොයි දේත් කරන්න ඕනා... සමහරුන්ට "නෝලිමිට්"... වෙඩින් වලට ගියාම විතරයි බොන්නේ කියලා වැටෙන්න බීල චා වෙනව....

    ReplyDelete
    Replies
    1. Shani : ඔනිම දේකට සීමවක් තියෙන්න ඔනි කියන්නෙ ඒක තමා

      Delete
  43. පට්ට පට්ට..
    දැන්මම ඕව දැන කියා ගත්ත එක හොදයි..
    දෙයියනේ කියල තව අවුරුදු පහකට දහයකට බොන්ට පුලුවනි..හී හී..

    ReplyDelete
    Replies
    1. චතූ...... : කල් තියෙනවනේ හික් හික්

      Delete
  44. මගේ මහත්තය නම් නිතරම බොන්නෙ නෑ....ඉදල හිටල හරි බොන්න ඕන කිව්වොත් මම කියනව මටත් බ්යර් එකක් ඕන කියලා....

    ReplyDelete
  45. කසාද බදිනවා කියන එකට හිරේ යනවා කියලා කියන්නේ ඕකනේ ඉතින්. නිදහසක් ඇත්තේම නැහැ :D

    ReplyDelete

Related Posts with Thumbnails