Friday, February 10, 2012

ටිකෙන් ටික අහල රාගය ඇවිස්සුනාද ???

Share

මාසෙකට පාරක් එන පෝය දවසෙ කලින් අරන් තියපු බෝතල් ටික හිස් කරල සිල් පදේකුත් කඩන අපේ කට්ටිය... එහෙමත් නැත්තම් පෝය දවසට ලස්සන කෑලි එන නිසා පන්සලට යන සමහර කට්ටිය... " භවතු සබ්බ මංගලම් " ගාථා පාඨය ගීතයක යෙදුනා කියලා ජංජාලෙ පුරාවට ලොකු කලබගෑනියක්...


ඔය කෑගහන යතුරු පුවරු වීරයො ටික අඩුම ගානේ පෝයට සිල් ගන්නවද.. ?
පන්සිල් පද 5 රකිනවද...  ?
බොහෝ අයට පන්සල මතක් වෙන්නේ විභාගයක් ලං උනාම... අසනීප උනාම... ඒ සැබෑ ලෝකයෙදි...


ඒ උනාට ජංජාලෙට ආවම... බුදු දහම වෙනුවෙන් කැපවෙලා...

අර චීවරේ පටලගෙන හූනියම් ගුරුකම් රටේ නැති අවලම් වැඩ කරන්න එව්වො ගැන අච්චර එලි කලා එකෙක් සද්ද නෑ... රැල්ලට වගේ කෑ ගහනවා ගීතයක් අල්ලගෙන... පහුගිය නොවෙම්බර් එලියට ආපු මේ ගීතයට විරුද්දව මෙච්චර විරෝදයක් මාස ගානකට පස්සෙ එක රැයින් ඇති උනේ සයිට් එහෙක වැටුන පෝස්ට් එහෙකින්.. එතකන් එකෙක්ට තේරුනේ නැද්ද මේ ගීතයෙන් හානියක් උනා කියල.. ඔක්කොම රැල්ලට කෑ ගහනවා.. තව සති 2 ක් යද්දි මේ ඔක්කොම ඉවරයි...සමහර විට මනාප ටික හදාගන්න මේ සින්දුව තහනම් කරන්නත් බැරි නෑ අද හෙටම.. දීපාල් සිල්වගේ මේ රටේ මිනිස්සුත් තහනම් කලේ.. වචනයක් ගානේ ඇත්ත ඒකෙ කියන්නේ... පිස්සුම තමා..

පහුගිය දවස් වල අර නයන කියල ඩයල් එකක් බුද්දාගමට අපහාස කරා කියල ලොකුවට කෑ කෝ ගහල ඒ මනුස්සයගේ ෆෙස් බුක් එකෙයි යූ ටියුබ් එකෙයි බුදු දහම රැක ගන්න කියල කුණුහරුප වපුරන්න ගත්තා. යතුරු පුවරු වීරයන් බුදු දහම ගැන දන්න තරම කියල හිතුනා රෙදි උස්සන් කුණුහරුප වපුරද්දි ඒ මනුස්සයගේ වීඩියෝ එකට... දැන් සද්දයක් වත් නෑ...


එහෙන් එකෙක් අර සෝවාන් වෙලා කියල තව සෙල්ලම්ක් දානවා.. ඒ ගැනත් සද්ද යක් නෑ...

සෙට් එකක් කියනවා මේ සින්දුවෙන් රාගය ඇවිස්සෙනවා කියල... හත් ඉලව්වෙ මේ සින්දුවේ එහෙම ඇවිස්සෙනවා නම් මුන්ව මඟුල් ගෙදරකට වද්ද ගන්න බෑනේ... හිතේ තියන වලත්ත කම නිසා නොවෙන්න මේකට එහෙම රාගයක් ඇවිස්සෙන්න අඩුම ගානේ කොට ඇදුමක් ඇදපු කෙලි පැට්ටෙක් වත් නෑ නෙව...


 ගාථාව රැප් කරලලු... අනේ ඔය ගූගල් එකේවත් රැප් කියන්නේ මොනාද කියල හොයල බැලුවනම්...

තව එකෙක් කියනවා මදු සමය ගැන කියනවලු... මඟුලක් කෑවට පස්සෙ ඉතින් ඊලඟට යන්නේ ඕකට තමා.. මේ ගීතයේ ඒ ගිහිල්ල කරන කියන එව්වා නෑ නේ.. එහෙනම් ඉතින් මඟුල වෙලාවෙ ගාථාව කියන එකත් වැරදි..


ඒ මදිවට ගයාන්ගේ තාත්තත් ඇදල අරන්.. දෙමව්පියන්ගෙ වැරදි වලට දරුවො ගාවගන්න ඕනිද ?


ගංජ ගහන... හිරෙන් පැනල ගේම් දෙන... එහෙමත් නැත්තම් දෙපැත්ත කැපෙන කුණුහරුප කැලි තියෙන සින්දු එක්ක බලද්දි මේක උපරිමයි...


අන්තවාදී නොවී අහන්න පුළුවන් නම් ගීතය... ඒ අවස්ථාවට ගැලපෙන විදියට පසුබිමින් එම කොටස එක් වෙන්නේ.. පැහදිලිවම කිසිම හානියක් කරන අදහසක් එහි නෑ...


පටු විදියට හිතන අන්තවාදියො වෙන්න එපා... බුද්දාගම කියන්නේ අන්තවාදී දහමක් නෙමෙයි. .. අනික වෙනත් ආගම් වල අන්තවාදීන් බෞද්ධයන් විදියට පෙනී සිටිමින් උබලව උසි ගන්වනවා වෙන්නත් පුළුවන්... ඉතින් උබලත් උඩ පැනගෙන කෑ ගහපල්ලා....
  
මීට වඩා ලොකු දේවල් වෙනවා... පොඩ්ඩක් බලපල්ල නැගෙනහිර දිහාවෙ වෙන්නේ මොනවද කියල ?? අර කූරගල පුදබිම ගැන වටිනා ලිපියක් තිබුනා අනේ ඒ ගැන කතා කලේ කීයෙන් කී දෙනාද ?? දේශපාලකයොත් චන්ද ටික තියා ගන්න සද්ද පියන් ඉන්නවා... ඇත්තටම නැගී සිටින්න ඕනි දේවල් වලට විරුද්දව නැගිටපල්ල.. බොරුවට කෑ නොගහ...
 

රාගය ඇවිස්සෙන වුන් මෙන්න මේක අහල තව ටිකක් ඇවිස්සියන්...




Daddy සංගීත කණ්ඩායම ගීතයට ඇති වූ විරෝධය ගැන අදහස් පල කරල තිබුනා...  මෙතනින් බලන්න පුළුවන් කැමති නම්...

71 comments:

  1. ඔය සිංදුව ගැන යන කලබගෑනියට කලින් මමත් ඔය යතුරු පුවරු බෞධදයන් ගැන ලීවා. මෙන්න මට හිතුන දේ නම්. මේ පොස්ට් එකේ තියන අන්තර්ගතයට සමානයි. http://mamagodaya.blogspot.com/2012/01/blog-post_29.html

    ReplyDelete
  2. පාට කන්නාඩි දාගෙන ලෝකේ බලනකොට ලෝකේ පේන්නෙත් පාට පාට. ඉතින් කවදාහරි ඒ කන්නාඩි නැතුව ලෝකේ බලන්න පුළුවන් උනොත් ඔය සංස්කෘතික වාදියෝ තමන්ගේ මතෙන් බැහැරව ඉඳීවි. ඒත් ඒක මේ කපේට වෙන්නේ නෑ

    ReplyDelete
  3. ඉහත අදහස් සියල්ලටම එකඟයි...අපේ සිංහල මිනිස්සුන්ට කපුටෝ 7 දෙනාගේ කථාවම තමා අදාළ වෙන්නේ..මේ රටේ මෙච්චර දේවල් වෙද්දි ඔන්න දැන් ගයාන්ව අල්ලන් කෑ ගහනවා...මුන්ට පිස්සු..

    ReplyDelete
  4. මම කලිනුත් කිව්වේ.. ඕකට කියන්නේ ෆේස්බුක් ආගමික ප්‍රබෝධය...
    ට්‍රිප් යනකොට ඔය සමහර ගාථා වලට කුණුහරුප දාලා වෙනස් කරලා උඩ පැන පැන කියන සමහර උන්මයි මේවට මැරෙන්න හදන්නේ!

    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු ඕයි! :D

    ReplyDelete
    Replies
    1. //ට්‍රිප් යනකොට ඔය සමහර ගාථා වලට කුණුහරුප දාලා වෙනස් කරලා උඩ පැන පැන කියන සමහර උන්මයි මේවට මැරෙන්න හදන්නේ!//

      හික්ස්....

      Delete
  5. මේව තහනම් කරන්න කියල මම නං කියන්නෙ නෑ. ඒත්
    "අපේ ඉසව්ව"ට මම දාපු කොමෙන්ටුව මෙතෙන්ටත් දාන්නම්,
    //ජාලය තුල දැක්ක ලිපි කිහිපයක් අතරින්, දෙපැත්ත ගැනම කරුණු දක්වල සමබරව සහ වඩාත් සාර්ථකව මේ කාරණාව ගැන ලියපු එකම ලිපිය මේක.
    මේ සිංදුව සහ මෙවැනි කලා සහ වෙලද නිර්මාණ ගැන මගේ අදහස;
    1.බුදු දහමට/දර්ශනයට මෙවැනි දේ වලින් සිදුවන මහලොකු හානියක් නැත.
    එහෙත්,
    2.මෙවැනි දෑ කරන්නන් බංකොලොත් නිර්මාණකරුවන්ය.
    3.හොද නිර්මාණයක් කිරීමේ අදහසින් (එය ආගම වෙනුවෙන් කරන සේවයක් ලෙස හදුන්වන්නන්ද ඇත) මෙවැනිදේ කිරීමේ අවශ්‍යතාවයක් සැබෑ කලාකරුවන්ට(හෝ ව්‍යාපාරිකයන්ට) නැත.
    4.ආගමට සම්බන්ධ කාරණා ලෝකයේම ඇත්තේ සුළු ප්‍රමාණයක් වන අතර ඉන් පරිබාහිරව නිර්මාණ බිහිකිරීමේ හැකියාව සැබෑ කලාකරුවාට තිබිය යුතුය(භාෂාවක් වශයෙන් "සිංහල" කොතරම් පොහොසත්ද, ගාථාවක් නොමැතිව හොද නිර්මාණයක් බිහිකල නොහැකිද?)
    5.හරවත් නිර්මාණයක් කිරීමේ හැකියාවක් නැති, තමන් රැඩිකල් පොරවල් බව පෙන්වීමේ අදහසින් මෙවැනි දෑ කරන්නන් බොහෝය.
    6.මෙවැනිදේ තහනම් කිරීම මෙන්ම නිර්මාණය කිරීමද අන්තගාමී වීමකි.//

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්තය. ආගම සෙට් කරගෙන නිර්මාණ කිරීම "මට ගහපල්ලා" කියා බෝඩ් එකක් බෙල්ලේ එල්ලගෙන සිටීම වැනිය. පොළග රෙද්ද අස්සේ දමාගෙන කනෝ කනෝ කීමෙන් තේරුමක් නැත. හොදම දේ ආගම ඇදගෙන මෙවන් නිර්මාණ කිරීමෙන් වැලකී සිටීමයි. එවිට මේ අනවශ්‍ය ප්‍රශ්න නැත.

      Delete
  6. Ane huke. Gayan ube gaaanith ekke budiya gaththoth ubala kiyanawada "Anthagaami wenna epa eke thamai lingika nidahasa" kiyala.

    ReplyDelete
    Replies
    1. ඇනොට මම කිව්ව එක අවබෝධ වෙලා නෑ වගේ,
      //මෙවැනිදේ තහනම් කිරීම මෙන්ම නිර්මාණය කිරීමද අන්තගාමී වීමකි//
      මම කිව්වෙ දෙපැත්තටම අන්තගාමී වීම ගැන.
      කාගෙහරි ගෑණියෙක් එක්ක බුදියගැනීමත් ඒ වගේම අන්තගාමී වීමක් තමයි. මේ සරළ සිංහල තේරෙන්නෙ නැත්තෙ ඇනෝගෙ මොලේ අප්‍රාණිකතාවයක් තියන නිසාද?

      Delete
  7. මම නම් තාම සින්දුව අහල නෑ. ඒ නිසා හරියටම මුකුත් කියන්න බෑ. අහලම කියන්නම්කො.

    ReplyDelete
  8. One of the best comments on the video. I don't think any one has to be alarmed about this. they have only captured scene from a wedding in a song about a love/ marriage. The video is nicely/ naturally done for a very nice song. I am a Buddhist and i believe i am better Buddhist than a lot of the people who protest- and i i felt/feel no concern here.

    ReplyDelete
  9. රාජ් ගේ මතයට මම ගරු කරනවා...

    ඒත් මේ මේකට එරෙහිව කෑගහන අයට විරුද්ධව හඩ නගන අයට අද නෙත් FM බැලුම්ගල ඇහුවනම් ඇත්ත තේරේවි..

    අද පිරිත් ජයමංගල ගාථා... හෙට?? හෙට වෙනදේයි නවත්වන්න ඕනා...

    (අන්‍යාගමිකයෙක් ගායනා කරනවා කියන චෝදනාව ගෙනාවා කියලා අද ගයාන්ගේ පැත්තෙන් හෝද හෝද මඩේ දැම්මා) අපි අන්‍යාගමිකයෙක් ගායනා කලා කියන එක පැත්තක තියමු?

    ඉස්සර තිබ්බා බෞද්ධ දරුවන් ලවා බුදුන් ගැන විහිලු කතා පතුතරවපු කාලයක්.. හරියට අර “පෙරුම් පුරලා තාප්පෙට කෙලියා“ වර්ෂන් එකේ අලුත් එක නොවෙන්න අපි වග බලාගන්න ඕන නේද....

    ඇරත් සබ්බ ධම්මානුභාවේන කියලා දත්මිටිකාගෙන බේස්/ලීඩි ගිටාර් ගහන කොට ඔයාලගේ ජාත්‍යාලය ඇස් කන් වලින් බේරෙන්න ඇති නේද?

    අපේ සංස්කෘතික දේවල් ඔච්චර පහත් කරන්න දෙන්න පුලුවන්ද? අන්‍යාගමිකයෙකුට හරි බෞද්ධාගමිකයෙකුට උනත්?

    ReplyDelete
  10. අනේ මන්දා මේ සිංදුවේ වැ‍රැද්දක්නං පේන්නේ නෑ.....

    ReplyDelete
  11. මුන්ට පිස්සු අයියේ....

    බනී අයිය තමයි හොඳම වචනටික කියල තිබ්බෙ

    “එම ගාථාව සිංදුවක පසුබිමට දමා ගීතයක් ගායනා කිරිම අපේ රටේ මොලෙ ගලවා ධර්මචක්‍රය ගහ ගත් පොරවල්ලාට හෙන කැසිල්ලකට කාරනාවක් වී ඇත.. මෙම කැසිල්ල සැදි ඇත්තෙ බුදු දහමට සිද්දවෙන අපහාසයට නොව.. ගායකයා ක්‍රිස්තියානි ආගම් කාරයෙකු වීමය..!“

    මුන්ට බුදු හාමුදුරුවොම ඇවිල්ල දේශනාකලත් සත්‍ය අවබෝධ වෙන්නෙ නෑ....මොකද මුන් අල්ලන් ඉන්නෙ බුදු දහමෙ නැට්ටෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ගායකයා මොන ආගමිකයෙකු වුවත්...

      අද නියපොත්තෙන් කඩන්න තියන දේ හෙට පොරවෙන් කඩන්න වෙන්නේ...

      මේක බෞද්ධ සංස්කෘතියට අදාල නොවන දෙයක් බව ඔප්පු කරන්න!!!!

      තරුණ මදේට හැම තැනම රිංගලා බියර් උගුරක් කට ගෑවම ලොකු මිනිස්සු කියලා හිතන අමන ගුද මාර්ගය ගලවා කුරුසේ එතන ගහගත්තු ක්‍රිස්තියානි කාරයෙක් කියපු කතාවක් කොපි පේස්ට් කර කර යන එක මහා ලොකු දෙයක් නෙවී...

      ඔන්න ක්‍රිස්තියානි ලණුව ගිලපු මෝඩ හරක්ට කෙලින්ම කිව්වා...

      Delete
  12. uba kiyana widihata budu pilima thiyagena ethana sex keruwath kamak ne . yako meka methaninma neweththuwe nethinam ilagata oitawada dewal karai . uda ekek kiwwawage ube genita,duwata,ammata karadara karaddith uba ponnayek wage balana innawada ? . uba dekke nethi unata kooragal genath den awrudu ganak thisse minissu katha karanawa. yako irajge sinduwakin islam agamata apahasa wenawa kiyala thahanm karana kota uba budiyagenada hitiye? . dawinchi cord thahanam karaddi uba heena dakinawa wenna ethi . buddhagamata apahasa karanakota , ewata wiruddawa negitina ewunta gahannanam thopi hari dakshai . yako anith ewungwe pansil hoyanna kalin ube sil gena hoyapan . uba mahaloku bauddayek wage katha kalata budda deshanawagena denagenada katha karanne ? ,budu hamuduruwo kothanada deshana kale niwatayek wenna kiyala . look this http://www.facebook.com/photo.php?fbid=10150667107621934&set=a.10150264663426934.380286.151742781933&type=1&ref=nf

    ReplyDelete
    Replies
    1. අයියේ ඩාවින් සිකෝඩ්, ඉරාජ්ගේ සිංදුව වගේ දේවල් තහනම් කිරීමෙන් ඔප්පු වෙන්නේ ඒ ආගම් වල ඉන්න බහුතර මෝඩ අන්තවාදීන් ගැන නෙමෙයිද?

      Delete
  13. ආගම් ගැන නම් කතා කරන්නේ නැහැ... ඒත් සින්දුව නං පට්ට උපරිමයි...

    ReplyDelete
  14. මම තාම මේ ගීතය ඇසුවේ නැහැ. එහෙම ගීතයක් තියනව කියල දැනගෙන හිටියෙත් නැහැ. ඒත් දැන් මේ ජාලය හරහා එන තොරතුරු ‍නිසා අහන්න ආසාවක් ඇති වෙලා.
    බුද්ධාගම රැකගන්න හදන එවුන් කියන අසික්කිත පට්ට කුනුහරුප අහපුවහමනං එපාම වෙනව. එහෙම කුනුහරප කියනකොට බුද්ධාගමට නම්බුද?
    යතුරු පුවරුවෙන් සහ පොටෝ ෂොප් එකෙන් ජාතිය ආගම සංස්කෘතිය ආරක්ෂා කරන කොට වියදමක් නෑ මහන්සියක් නෑ හැබැයි එහෙමට පලක් ඇත්තෙත් නෑ.
    සිංදුව ජරාවක්නං මිනිස්සු නොඅසා ඉඳියි.
    මතකයිද දළදා මාලිගාව ඇඳපු ටී ෂර්ට්, ගාලු කොටුවෙ අළුතෙන් මොස්ක් එකක්, තව කීයක් තිබුනද?

    ReplyDelete
  15. කට්ටියගේ සද්දෙට මමත් ඔය සින්දුව ගැන බැලුව. අපිට ලෝකේ වෙනස් කරන්න බහ හැබැයි ඔය සින්දුවේ බවතු සබ්බ මංගලම් කෑල්ල සින්දුවේ අගට දැම්මනම් සමහර විට ඔය ප්‍රශ්නය නොවෙන්න තිබ්බ

    ReplyDelete
  16. හොඳම දේ තමයි මේ වගේ දේවල් නිර්මාණ වලට ගාවා නොගන්න එක. මොකද සමහර බංකොලොත් නිර්මානකාරයෝ ජනප්‍රිය වෙන්නත් ඕක යොදාගන්නවා. හැබැයි ඉතින් අද ඕකට ඉඩ දුන්නොත් හෙට වෙද්දි වෙන දේවල් වලදි ඇහැ කන පියාගෙන ඉන්නත් වෙයි. ඇයි ඉතින් ජාතික සමඟිය නේ! අමතක කරන්න නරකයි හැම ලොකු දියපාරක් ම පටන් ගන්නේ පොඩිවට බව.

    ReplyDelete
  17. අද ඊමේල් කීපයක්ම ආව මේ සිංදුව ගැන, මම මේ සින්දුව ඇහුවෙත් අදයි. සිංදුවටත් සෑහෙන්න ප්‍රසිද්ධියක් ලැබෙනව වගේ මේ රැල්ලෙන්....සුනිල්ලමද දන්නෙත් නෑ රැල්ල ඇති කලේ...හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. මටහ් හිතුන කතාව.. මමත් ඔය ගැන කතා කරන එක තියා හිතන එකවත් නවත්තල දැම්ම ඔබා මාමෙ..

      ඔය වගේ බුද්දාඅම නෙවෙයි අම්මව උනත් විකුණන්න පුලුවන් ඩොලර් කාක්කෙක්ට කීයක් හරි දීල මිනිහම ඔය ගේම ගහන්න ඇති.. දැන්නම් පේන්න තියෙන්නෙ එහෙම සෙල්ලමක්...

      Delete
  18. කොහොම උනත් සංගීත ය සදහා කිසිම ආගමක් යොදාග න්න ඕනේ නැහැ . ලංකාවේ සංගීත ය සදහා නිරුවත් කාන්තාවන් , ක්ලබ් , රැප් , වගේ දේවල් ගෙනල්ල සංගීත ය කාපු උන් ටිකක් ඉන්නවා . නිකන් වචන ටිකක් කියල රැප් කෑල්ලක් දැම්මහම උන්ට එක මාර සින්දුවක් .....

    ReplyDelete
  19. අසනක්‍ය කල්ප හතරක් පෙරුම් පිරි ගොතමය ශ්‍රමනයන් ව අනුස්මරණය කරමින් සුභ පතන්නේ හෙළ චරිත්රනුකුලව පෝරුවක් මතට නැගී දෙදෙනෙකු වෙනුවෙන් පමණි, එය රාගයක් හෝ ගීතයක ස්වරුපයක් ගේන්නේ නැහැ..
    මෙම පොන්න සින්දුවෙන් කරන්නේ රාගය විනාස කල ඒ ශ්‍රමනයන් සිහි කරන ධර්මය හැල්ලුවට ලක් කිරීමයි... මෙතන ගීතයේ ප්‍රශ්නයක් නෑ... මේ ලෝකයේ තියෙන එකම සත්‍ය ධර්මය සිංදුවකට ආදේශ කිරීමක් මෙතන වෙන්නේ...එකෙන් මේ ධර්මයේ වටිනාකම ට නිගරුවක්... එකයි බෞධයන් මෙය විවේචනය කරන්නේ...!!

    ReplyDelete
    Replies
    1. මහලොකු බෞද්ධයෝ... හැබැයි කුණුහර්පෙන් බනින්නේ! :D

      Delete
    2. @ Anonymous 1

      "ගොතමය ශ්‍රමනයන් ව"

      බුද්ධ ධර්මය වෙනුවෙන් හඬ නගන මනුස්සයා බුදුරජාණන් වහන්සේව ආමන්ත්‍රණය කරන විදිහ තමා මේ

      "මේ ලෝකයේ තියෙන එකම සත්‍ය ධර්මය සිංදුවකට ආදේශ කිරීමක් මෙතන වෙන්නේ..."

      බුදු දහමේ හරය මේ ගාථාව තුළ ගැබ්වෙලා නැහැ. මේක පසුකාලීනව තෙරුන් වහන්සේලා විසින් ප්‍රබන්ධ කරපු ගාථාවක්.

      බුදු දහමේ හරය දැනගන්න ඕනේ නම් අඩුම ගානේ දම්සක් පැවතුම් සූත්‍රයවත් කියවන්න. ඊට පස්සේ හිතලා බලන්න මේ ගාථාවේ මොනවද තියෙන්නේ කියලා

      Delete
  20. මෝඩ හරකෝ තොපි ආගම කනව මදිවට එකේ රෙ*ඩත් යනවද

    ReplyDelete
  21. ඒකේ මට අවුලක් පේන්නෙම නැනෙ ඔ්යි... අනේ මන්දා මං බෞද්ධ ආගමට විනකටින අමන පොරක්වත්ද...

    ReplyDelete
  22. ඔබා මාම කියනවා වගේ මේකෙන් කරන්නේ සින්දුව තවත් ප්‍රසිද්ධ කරන
    එක ආගම් සින්දු වලට ගාවගත්හම වැඩේ easy ගරිල්ලා මාකටින් වගේ
    @ හෙලයෙකුගෙන් ලොවට
    අපේ සංස්කෘතිය බම්බුව තමා ලංකාවේ තියන ඔක්කොම ආගම් ඉන්දියාවෙනුයි සුද්දන්ගේනුයි ආපු ඒවාටද අපේ සංස්කෘතිය කියන්නේ
    ගුත්තිලගේ වීණා වාදනය ගැන අහල නෑ ඒ දවස්වල ලීඩ් ගිටාර් තිබ්බනම්
    මුසිලත් play කරයි ...

    ReplyDelete
  23. මේවට මොනා කියන්නද කියලා මටත් තේරෙන්නේ නෑ බන්,මුන්ට පිස්සු කියනවා ඇරෙන්න

    ReplyDelete
  24. අනේ මන්ද බං. මටත් ඔය සිංදුවේ අවුලක් පේන්නෙ නෑ. මම කල්පනා කලේ මේ සින්දුවට මෙහෙම කෑ ගැහුවනන්, උඹට මතකද ඒ කාලෙ stigmata ගැහුව මෙලඩි එකක් 'අඳුර' කියල? ගජගා වන්නම හෙවි මෙටල් ස්ටයිල් එකට? ඒ දවස් වලත් ෆේස් බුක්, බ්ලොගින් තිබ්බ නං කොහොමට තියෙයි ද? :D :D

    ReplyDelete
  25. මේ ලිපිය නියමයි. මෙ ගීතය ඉදිරිපත්කරලා තියන විදියට මාත් කැමතියි. අඩුගානෙ බෙරසද්දෙ නැතිව DRUM BEAT එකක්වත් තිබුනනම් කෑගැහුවට කමක් නෑ. මටනම් " භවතු සබ්බ මංගලම් " ගාථා පාඨය නිසා මෙ ගීතයට අපෙ කම එකතු උන බවක් තමයි හැඟෙන්නෙ. රාගය ඇවිස්සෙන්නනම් සමහර චැනල් වල news බැලුවම ඇති.

    ReplyDelete
  26. හෙහ්.. රෙද්ද තමයි බං. බැඳල අහවල් වැඩේ කරන්න කලින් ඕක කියන්න හොඳයි සින්දුවකට ගත්තොත් බඩුම තමයි. මේ ගෞතම බුද්ධරජ්‍යයයි කියල ගගගෙන යන බස් එකේ කොන්ද මාටිය ගහනව. ඒමදිවට ජැකුත් ගහනව. ඒ උලව් අස්සෙ ධර්මචක්කරේ ඔළුවෙ ගහගත්තු කාකි සූට්....... මට පිස්සු වගේ බං.

    ReplyDelete
  27. මම ඩැඩී බෑන්ඩ් එකේ සිංදු අහන්නෙ නැති නිසා මොකුත්ම කියන්නෙ නෑ

    ReplyDelete
  28. http://www.youtube.com/watch?v=FojewjED3kU

    මචං මේක පොඩ්ඩක් බලපන්

    ReplyDelete
  29. අර භාතිය-සන්තුෂ් ඩබල කෙඳිරි ගානවට වඩා මේ සින්දුව හොඳයි. බන පොතක් කියවන්නේ නැතිව රාගය ඇවිස්සෙන සින්දු අහන්න මේ හාමුදුරුවන් කාලය ගත කරන එක තමා වැරැද්දකට තියෙන්නේ!

    ReplyDelete
  30. මම නම් සම්පුර්ණයෙන්ම එකගයි.
    ඒ මදිවට ගයාන්ගේ තාත්තත් ඇදල අරන්.. දෙමව්පියන්ගෙ වැරදි වලට දරුවො ගාවගන්න ඕනිද ?
    අනිවා. තාත්ත ලාව ගාවගන්න එක වැරදි..

    ReplyDelete
  31. අනේ ඉතිං මාත් ඔය කියන අහවල් රාගය අවුස්සගන්න කියලා බැලුවාආඅ කියන විඩියට මෙලෝ දෙයක් නෑ සික් ගිය 18MB ටත් පාඩුයි

    ReplyDelete
  32. සින්දුව නම් උපරිමයි. එහෙම ආගමකටවත් කිසිම දෙයකට ඒ සින්දුවෙන් කිසි හානිය වෙනවා කියලා මම හිතන්නේ නෑ. අලුත් විදිහට කරපු අලුත් වැඩක්.මේවට රාගය ඇවිස්සෙනවා කියනව නම්. උන් ඉස්සර හිප් හොප් රැල්ල එක්ක ආව සිංදුවල ක්ලබ් ගානේ බාගෙට ඇඳ ගත්ත උන් එක්ක නටපු වීඩියෝ බලන්ට නැතුව ඇති මගේ හිතේ.එක එක උන්ට වැඩ නැතුව බොරු ගොන් පාට් දානවා අපේ සමහර උනුත් ඉතින් රැල්ලට ඒවා පස්සේ යනවා.උඹ කියනවා වගේ අර චීවර පටලවන් අරකා දාපු විකාර ගැන කතා නොකරන අපේ උන් මේ බොරු දේකට කෑගගහා දන්නලනවා.අයෙත් කියන්න තියෙන්නේ අලුත් විදිහට කරපු සුපිරිම සිංදුවක්.අනික ඩැඩී කියන්නේ මට හිතෙන විදිහට ලංකාවේ අද කාලේ ඉන්න හොඳම වැඩ්ඩෝ ටිකක්.

    ReplyDelete
  33. හරියට හරි... එකඟයි... ඔයිට වඩා කතාකරන්න දේවල් වෙන්නෙ... කුරගල, බොරු බුදුවරු ගැන කතාකරන්න බෑ අපේ උන්ගෙ කටේ පිට්ටු... රාගය නෙවේ ආදරේ ඇවිස්සෙන සින්දුවක්.... එළ!

    ReplyDelete
  34. පඩේ බෝම්බෙ කරගන්න අපේ එවුං කොහොමත් දක්සයි

    ReplyDelete
  35. මගේ දැනුම තරමටනම් සින්දුවේ වරදක් පෙන්නේ නැහැ.නැගනහිර පළාතේ පන්සල ඩෝසර් කරනවා.බෝ ගස් කපනවා ඒවාට ඇයි කවුරුත් කතා කරන්නේ නැත්තේ.බෞද්ද ගාථා යොදාගෙන කරපු පලවෙනි නිර්මාණය නෙවෙයි නේ මේක.

    ReplyDelete
  36. ඉරාජ්ගේ සිත්ති මනී සින්දුවට සළකපු විදිහ සහ මේ සින්දුවට එහෙම සැළකුවේ නැති නිසා මිනිස්සු අතරේ ඇතිවෙන කතා බහක් තමයි මේ දවස්වල අපිට දකින්න පුළුවන්වෙලා තියෙන්නේ

    ඒ ඉදිරිපත් වෙන තර්කයේත් වැරද්දක් නැහැ බලාගෙන යද්දී...

    රටේ සුළුතරේට බෙදන හැන්දෙන් බහුතරයට බෙදන්නේ නැති කොට මේ වගේ ප්‍රශ්න ඇතිවෙනවා
    බෙදනවානම් එකම හැන්දකින් බෙදන එක තමයි වඩා හොඳ

    ReplyDelete
  37. මම නම් ඔක්කෝම කමෙන්ට්ස් ටික කියෙව්වා.....

    ReplyDelete
  38. පිස්සා, සුභ පැතුම් මචං. මේ වගේ බොරුවට කහින එවුන්ට අනිත් පැත්තට උත්තර දීම ගැන පට්ට හැපී.

    යකෝ මෙහෙම බැලුවොත් එහෙම, අපිට ඉංග්‍රිසි, ටැමිල්, තායි ෆිල්ම් බලන්නම බැරුව යනවා. ඈයි බං ඒවයේ ගහ ගන්න තරමක් ගහගන්නේ පරන පන්සල් වලයි, බුදු පිලිම ඉස්සරහයිනේ...

    මේ රටේ කාලකන්නි කමට වග කියන්න ඕනේ මේ වගේ බොරුවට උඩපනින හැත්ත තමා.

    මං ඒ සිංදුවටටත් වඩා උං මැද්දට ඔබලා තියෙන ගාථාවේ කෑල්ලට පට්ට ලයික්... බයින එවුන් මටත් මටත් බැනපල්ලා. සිංහල එවුන් එහෙමවත් එකක් නොකරද්දි ක්‍රිස්තියානි අය මෙහෙම වත් කරපු එක ගැන සන්තෝසයි.

    ReplyDelete
  39. ඕවා ඔළුව උඩ තියා ගෙන් ජීවත් වෙන්න පුළුවනියෑ..? සින්දුව ඇහුවා , රසයක් තිබ්බා නම් වින්ඳා, පැත්තකින් තිබ්බා. උත්පාද, ඨිති, භංග...උත්පාද, ඨිති, භංග...උත්පාද, ඨිති, භංග...උත්පාද, ඨිති, භංග...උත්පාද, ඨිති, භංග...උත්පාද, ඨිති, භංග...උත්පාද, ඨිති, භංග...

    ReplyDelete
    Replies
    1. මොන හුන්නස්ගිරියක්ද බොලේ උඹ කියන්නෙ ?

      මහණ වෙලා හිටි මාරයවත් කීව නං වෙනම එකක්...

      Delete
  40. මේ සින්දුව ගැන මීට කලිනුත් කොහෙන්දෝ කියවන්න ලැබුණා මතකයි. එතනදිත් මම කිව්වේ , මේ සින්දුවේ ඔය ජයමංගල ගාථාව යොදාගන තියෙන්නේ මගුල් ගෙදර සංකේතවත් කරන්න මිසක් වෙන දේකට නෙවෙයි කියල. අපේ අලුත් පරම්පරාවේ තාර්කිකව හිතන මොලේ ලොජික් කොටස නැතුව ඉපදිලාද මන්ද මෙච්චර මේ දේ තේරුම් ගන්න බැරි. සමහරු කියන්නේ අද ජයමංගල ගාථාව යොදාගත්තොත් හෙට පිරිත් කියවී කියල. නෑ.. මේ සින්දුවේ එහෙම දෙයක් නෑ, ඒත් හෙට පිරිත් ගෙදරක් ගැන කියන සින්දුවක පැත්තකින් පිරිත් කොටසක් ඇහුනොත් ඒකටත් ඔබතුමන්ලා මේ වගේම කෑගහගන යාවි. නමුත් බුද්ධිමත්ව හිතන්න. මේ තියෙන්නේ සංකේතාත්මකව මගුල් ගෙදරක් නිරූපිත කිරීම පමණයි. සින්දුව අහන්න. එකේ කියන්නේ ඒ ගැනයි.

    ReplyDelete
    Replies
    1. //මේ තියෙන්නේ සංකේතාත්මකව මගුල් ගෙදරක් නිරූපිත කිරීම පමණයි.//

      මටත් හිතෙන්නෙ ගයාන්ට ඕනෙ වුනේ මේ දේ කරන්න.

      Delete
  41. ටිකෙන් ටික ගීතය ගැන ප්‍රචාරය වූ බැලුම්ගල වැඩසටහන ගැන මගේ මතය :: එකිනෙකා මේක වෙනස් විදි වලට දකින්න පුළුවන්... බැලුම්ගල වැඩසටහන ගැන කියද්දි බැලුම්ගල අද අංක එකේ වැඩසටහනක්.. ඒ ගැනවත් ඔවුන් කරන සේවය ගැනවත් කිසිම ගැටලුවක් නෑ... උපරිමයි. ඒ උනාට මේ ගීතය ගැන කල වැඩසටහනේදි ඇත්තටම ඔවුන් ඉදිරිපත් කල සහ දැක්වූ මත එක්ක එකඟ වෙන්න බෑ... විශේශයෙන්ම ගයන්ගේ සහ ඉරාජ් ගේ අදහස් වලට දුන් පිළිතුරු සමඟ.

    අනික හුඟක් අය ඔය ගීතයේ මදුසමය කියනව වචනයත් ඊට පස්සෙ ඇහෙන ගාථා පාඨයත් විතරක් අහල කෑ මොර දෙන බවක් පෙනී යනවා.. වැඩසටහෙනේ උනත් ගීතය මුලුමනින් ප්‍රචාරය කලේ නෑ ඔවුනුත්.

    බැලුම්ගල ට බනිනව නෙවෙයි.. ඔවුන්ගේ මෙහෙවර හැමදාමත් අගය කරනවා.

    ReplyDelete
  42. තමන්ගේ අදහස් විවෘතව ඉදිරිපත් කල හැමෝටම ස්තුතියි... පෝස්ට් එකේ මම ඉදිරිපත් කලේ මගේ මතය...

    ඇනෝ ඇවිල්ලා යම් යම් පුද්ගලයන්ට පුද්ගලික එදිරිවාදිකම් පිරිමහගන්න පල කල අදහස් 2ක් ඉවත් කිරීමට සිදු වුනා...

    ReplyDelete
  43. ඔබා මේ සිංදුව අහල කොමෙන්ට් කලේ 2011 නොවැම්බර්වල බොරු නං බලන්න. උන්දැට අල්සයිමර නේ ............ අනිච්චේ දුක්කේ

    http://emailkavikaari.blogspot.com/2011/11/blog-post_16.html

    ReplyDelete
    Replies
    1. ඔබා මාමට නම් අර ලෙඩේ තියෙනවා කියල දැන් ශුවර්... අර බ්ලොගේ දාපු කතාවත් උන්දැටම වෙච්චි එකක්ද මන්ද... :D

      Delete
  44. මේ දිනවල බහෞතරයක් බ්ලොග්වලට ගැලපෙන මගේ පොදු කමෙන්ට් එක


    "ඔවුන් ආගම වෙනුවෙන් මරාගනිති, ජීවිතය පුදති, සියල්ල කරති. නොකරන එකම දෙය නම් එය පිළිපැදීම පමණි!"

    ReplyDelete
  45. කෙටියෙන් කියන්න තියෙන්නේ..යතුරු පුවුරුවෙන් සද්දේ දාලා නම් බුද්ධ
    ධර්මයට වෙන හානිය නවත්තන බෑ කියන එකයී..

    ReplyDelete
  46. අනේ මේ අපේ සිංහල බවුධයා ගේ ගොන් ආතල්.... ඒ කනින් අහලා මේ කනින් පිට කරනවා මම නම්.... සිංදුව නම් ගති

    ReplyDelete
  47. ඉන්දික උපශාන්තගේ කමෙන්ට් එක හරි.
    "ඔවුන් ආගම වෙනුවෙන් මරාගනිති, ජීවිතය පුදති, සියල්ල කරති. නොකරන එකම දෙය නම් එය පිළිපැදීම පමණි!"
    භවතු සබ්බ මංගලං කියන එක බුදුහාමුදුරුවො කියපු දෙයක් නෙවෙයි. ඒක සෙත් පිරිත් වලට කියන එකක්. හැම මගුලකදිම කියනව. මං කියන්නෙ වෙඩින් නොවන මගුල් වලදිත් කියනව. අපාරධ කාරයන්ට සෙත්පතන්නත් පාවිච්චි කරනව.
    බුද්ධ ධර්මයයි ඔය ගාථාවයි අතර කිසිම සම්බන්ධයක් නෑ. ඇත්තටම කියනවනං ඔය ගාථාව බුද්ධ ධර්මයට විරුද්ධයි. විරුද්ධයි. විරුද්ධයි. ඔව් විරුද්ධයි.
    අර සින්දුවට මම කැමති නෑ, ඔය ඉස්ටැයිල් එකේ සින්දු මට පේන්න බෑ. ඒ වුනත් ඒ සිංදුවේදි මගුල් ගෙදරක් ගැන කියවෙන නිසා මගුල් ගෙදරක ඇසෙන දේවල් ඇතුළත් කරල තියෙනවා. අර නුවර පෙරහැර ගැන කියනකොට හේවිසි වලින් “ගමන් තාලය” ගහන්නෙ. කරත්ත කවි සිංදු වලදි ගෙජ්ජි සද්දෙ ඇහෙන්නෙ. ඔරු පදින සිංදු වලදි වතුර කැලැත්තෙන සද්දෙ ඇහෙන්නෙ. මගුල් ගෙදරක තියන සද්ද මේ සිංදුවට දාල. එච්චරයි.
    ඇයි දැන් බුද්ධාගමට මොකක්ද වෙන්නෙ?
    පුළුවන් කෙනෙක් කියන්න.

    ReplyDelete
  48. මුන්ට දැන් පත්තු වෙලා තියෙන්නේ.. ඕක අපිට නම් ඇහිල ගොඩක් කල්..

    ReplyDelete
  49. බුදු පිළිම වලින් රැස් විහිදෙනව කිව්ව මිනිස්සුනෙ ඉන්නෙ එහෙව් එකේ මේ වගේ වැඩ වලට කෑගහන එක පුදුම වෙන්න දෙයක් නෑ පිස්සො.....

    ReplyDelete
  50. කමෙන්ට් ටිකත් නියමයි..

    ReplyDelete
  51. This comment has been removed by the author.

    ReplyDelete
  52. කලින් කමෙන්ට් එක අයින් කරා. සොරි. මම මගේ කමෙන්ට් එක පස්සේ දෙන්නම් .

    ReplyDelete
  53. ඔයාගේ කතාවට එකඟයි අයියා. කතාවක් තියෙනවා "මිනිස්සු තමන්ගේ ආගම වෙනුවෙන් කතා කරති, වාද කරති, සටන් කරති. එකක් හැර කළ හැකි හැම දෙයක්ම කරති. නොකරන්නේ ආගමට අනුව ජීවත් වීම පමණකි" කියලා

    ReplyDelete
  54. මොන පිස්සුද බං... ඖකට රාගය ඇවිස්සෙනවනං ඉතිං ඔය අනික් සිංදු වලට කියන්න දේවල් නෑ..... ඩෑඩීලැයි සිංදුවට මම නං පට්ට ආසයි..

    ReplyDelete

Related Posts with Thumbnails