Monday, February 13, 2012

සුලඟ වගේ ඇවිදින් සහ අක්ක කෙනෙක්ට ( ලව් ?? ) කිරීම...

Share

මට පොත් කියවන එක පොඩි කාලෙ ඉදන් තිබ්බ පුරුද්දක්.. ලංකාවෙ ඉද්දි නම් පොතක් නැතිව කෑම කන්න බැරි ගාන ට පොත් කියවිල්ල ට ඇබ්බැහි වෙලා හිටියා.. පොත් කියන්නේ ඉතින් නවකතා තමයි..


පොඩි පන්ති වලදි නම් පාළු දූපත.. නෙල්ලි කැලේ වීරයෝ... එතකොට ඔය නිදන් ගන්න බිලි දෙන සීන්.. කරවල වාඩි වලට උස්සන සීන්... එහෙම තියෙන පොත් සෙට් එකක්ම තිබ්බා...


7 - 8 වසර වලදිනම් හුඟක්ම ඔය ශර්ලොක් හෝම්ස් ගෙ.. එතකොට ටාසන්... වගේ පොත් තමයි..


ඊට පස්සෙ ඉතින් අතට අහු වෙන ඕනි එකක් කියවන්න පුරුදු උනා.. ඒ පුරුද්ද අදටත් තියෙනව. ඒ උනාට රුසියන් එව්ව නම් මට වච්චයි.. ඒ වගේම හුඟක් සම්භාව්‍ය එව්වත් දිරවන්නෙ නෑ..


සුජීව ගේ කඳුළු කතා... පොතක් පත්තරයක් නැතිම උනොත් කියවනවා.. ඒත් දැන් නම් ඒව කියවිල්ල නවත්ටලම දාල තියෙන්නේ...


මම හුඟක් කියවන්නේ ඉතින් හුඟක් දෙනා බොලඳයි කියන ජාතියේ ලව් ස්ටෝරි තමා.. චන්දි කොඩිකාරගේ.. යව්වන සමීන්ද්‍ර ගෙ එහෙම.. ස්කෝලෙ කාලෙ මතක් වෙන එව්වට තාම ආසයි...


ඔය පොත් ඔක්කොගෙන්ම එදා මෙදා තුරාවට මට අල්ලලම ගියපු සහ වැඩියම පාරක් කියවපු පොත තමයි " සුලඟ වගේ ඇවිදින් "


බොක්කටම වදින ලව් ස්ටෝරියක් තිබ්බ පොතක් තමයි ඒක.. ඔය පොත මට මුලින්ම හම්බුනේ 12 වසරෙදිද කොහෙද.. අපේ නංගි ගෙනල්ල තිබිල මම කියවන්න අරන් ඉතිරි ටික පස්සෙන්ද කියවන්න තිබ්බම මේකි ඒක උස්සන් ගිහිල්ල... ඉතින් හොයල හොයල බැලුව හොයා ගන්නත් නෑ.


එක දවසක් ඔය පොත මම දැක්ක අපේ ස්කෝලෙ ලයිබ්‍රි එකේ... ඔව් දැඩි රැකවල් මැද.. කවුද කොල්ලෙක් පොතක් නැති කරල... ඒ වෙනුවට ඌ ගෙනල්ල දීල තියෙන්නේ "සුලඟ වගේ ඇවිදින්".. විසික් කරන්නය.. පුස්ථකාල මිස් ඕක ලාච්චුවේ දාල ලොක් කරල තිබ්බේ...


ඉල්ලුවට මළාට හම්බ වෙන්නෙ නෑ... ඒ උනාට මගේ උනන්දුව ඊට වැඩියි. මිස්ගෙ ෆිට් එක තමයි අපේ හසිතයා.. මම ඌට බෝලෙ බැස්සුවා

" මචන් ඒක සිරා පොත බන්.. ලව් කරන්න මාර ඇඩ්වයිස් සෙට් එකක් තියෙන්නේ " කියල.. ඌත් ෆෝම් උනා... පොර ගිහිල්ලා අඩල අඩලා යාන්තම් පොත ඉල්ල ගත්තා


" මිස් අපි මේක හෙට ගෙනත් දෙන්නද ? "


මිස් ඇස් දෙකත් නලලට අරන්


" හෑ.. ඔයාලගෙ අම්ම දැක්කොත් මටත් විසුමක් නෑ.. ( මිස් මේ පොත කුණුහරුප පොතක් කියල හිතන්ද මන්ද හිටියේ ).. රෙෆරන්ස් එකේ ඉදන් කියවල යන්න "


මොනා කරන්නද... මායි හසිතයයි රෙෆරන්ස් එකට වෙලා සුලඟ වගේ ඇවිදින් බලනවා.. ඒ අස්සෙ අපේ සමහර එව්වො හෙන තඩි බයෝ.. කොමස්.. නා නා ප්‍රකාර පොත් දිග ඇරන් පාඩම් කරනවා... අපි දෙන්න අපේ පාඩම.. ඉස්සරහ හෙන විශාල පොතකුත් තියාගෙන සුලඟ වැහෙන්න... 

ඔක්කොමත් හරි මිස් විනාඩි 10 න් 10 ට ඇවිත් ඇති ඇති දැන් වැඩ නැද්ද යන්න යන්න කිය කිය වද දෙනවා..


දවස් 4 ක් විතර ඇදල යන්තම් ඔන්න පොතේ අවසානය...


මිස් පුරුදු පරිදි " හා හා දැන් යන්න යන්න ඔය ඇති "


හසිතය කොච්චර පොතට බැහලද කිව්වොත්..

" ඉන්නකො මිස් පොඩ්ඩක්.. සුලඟ දැන් කුණාටුවක් වෙලා " මිස් අත් දෙකත් ඉනට තියන් බලන් ඉන්නවා... ඒ අස්සෙ පුස්ථකාලෙ හිටිය චූටි මිස් හිකිස් බිකිස් පාර වල් දානවා...හුරතල් මිස් එයැයි හරි...


ඔහොම හෙන කට්ටක් කාල තමයි අපි සුලඟ වගේ ඇවිදින් බැලුවෙ..

ඊට පස්සෙත් කීප පාරක් කියෙව්වා මම ඔය පොත... අක්කගෙ යාළු අක්ක කෙනෙක් එක්ක ලව් කරන කොල්ලෙක් ගෙ කතන්දරයක් යන්නේ... දිනේශ් කොළබගේ ලියල තියෙන්නේ... හැමදාමත් ෆේවරිට් තමයි මගේ නම්...


මෙන්න ඊ බුක් එක කැමති කෙනෙක්ට... එලකිරි එකේ තිබිලා හොයා ගත්තෙ අවුරුදු කීපයකට උඩදි...


ඔය සීන් එකත් එක්ක මතක් උනේ අක්ක කෙනෙක්ගෙන් යාළුවෙන්න අහපු එකක්... කෙටියෙන් කොටල දාන්නම්...

ලස්සන කෙල්ලෙක්... සුදුයි.. උසයි.. දවස් 3 - 4 ක් ඇහ දාගෙන ඉද්දි හිතුනා ඕනි එකක් අහල බලන්න ඕනි කියලා.. කිසිම ශුවර් එකක් නොතිබ්බට නෝන්ඩි වෙන්න පුරුදු වෙන්න දෙයක් තිබ්බෙ නැති නිසා දවසක් හිමීට කිට්ටු කරල කතා කලා..

" මේ මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද ? "

" අහ්... ඇයි මල්ලි ?? "

හුටා මේකි අක්ක කෙනෙක්ද ??

" අහ් නෑ නෑ.. මේ පොඩි වැරදීමක්... "

ඒ ලව් එක එතනම හබක්.



කාලයක් තිබ්බනේ දැක්ක ගමන් අහන්න හිතෙන... ඉන්නෙ කොහෙද... කාගෙ කවුද... කන්නෙ මොනවද... කොල්ලෙක් ඉන්නවද... ඔය මොකුත් අදාල නොවෙන කාලයක්... අන්න ඒ කාලේ සිද්දියක්... අපේ එකෙක්ටවත් මෙච්චර කලෙකට ඔය සීන් එක කිව්වෙ නෑ මම හික් හික්... නෝන්ඩිනේ... 

 **********************

 ප. ලි :: දේගේ අඩවියේ සහ පොඩිමෑන්ගෙ ලට්ට ලොට්ට අඩවියේ පල වෙලා තිබුනා පිළිකාවෙන් පෙලෙන සොයුරියක් ගැන... පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ ලිපි දෙක කියවලා උදව්වක් කරන්න.... 

පොඩිමෑන් ගේ ලිපිය..

දේව්ගේ ලිපිය.

63 comments:

  1. හික් හික්.. "සුළඟ දැන් කුණාටුවක් වෙලා" .. හී හී... මට අපේ ඉස්කෝලෙ කාලේ මතක් වුනා..

    ReplyDelete
  2. අනේ අනේ මේ මල්ලිලා.......... :D

    ReplyDelete
  3. දවසක් අපි යාළුවො සෙට් එකක් තවත් යාළුවෙක්ගෙ ගෙදර ගියා... ටික වෙලාවකට පස්සෙ එකෙක් මිදුලට බැහැල සක්මන් කරනව... ඌට යන්න මාර හදිස්සියක් තිබුනෙ...

    බලනකොට ඌ යාළුවගෙ අක්කගෙන් කැමැත්ත අහල... (අපි දැනගෙන හිටියෙත් නෑ යාළුවට එච්චර ලස්සන අක්කෙක් ඉන්නව කියල... අපරාදෙ බන් අවුරුදු 2ක් විතර වේලපහ ඉපදුනා නම් ;) )

    ReplyDelete
    Replies
    1. අයියෝ සල්ලි කිව්වලු....:ඩී

      Delete
  4. බලාගෙන ගියාම මේවට වැරදිකාරයා ඉස්කෝලෙ ටීච තමා..කොහොම වුනත් මේ විදිහට පොත් කියවන එක බ්ලොග්ලෝකෙ ගොඩක් අයගෙ පුරුද්දක්..
    ස්තුතියි පොත බෙදා ගත්තට..

    ReplyDelete
  5. අම්මෝ... පුදුම උනන්දුවක්නෙ තිබිලා තියෙන්නෙ ලයිබ්‍රියෙ කට්ට කාගෙන කියවන්න ..:D හික්ස්ස්.. ඔය කිව්වට මාත් එහෙමයි හෆ්ෆා. මට මතකයි මම මේ පැත්තෙ පබ්ලික් ලයිබ්‍රියෙ දවසක් රැකගෙන ඉදලා එක නවල් එහෙක 2වෙනි කොටස හොයාගත්තා..පැය ගානක් කට්ට කාලා..:D

    මම ඩව්න්ලෝඩ් කරගත්තා..ඕක මම කියවලා නෑ.. කියවන්න ඕනෙ..තැන්කූ අයියේ!!

    ReplyDelete
  6. සෑහෙන්න කාගෙකට ඉස්සරින් මාත් බාගත්තා ඔය පොත.. හැබැයි තාම කියවලා නෑ... :D

    ReplyDelete
  7. මචෝ ගිය අගෝස්තුවේ නිවාඩුවට ගිය වෙලේ ඔය ලව්ස්ටෝරි ලියන පොරක්ගේ පොඩි එකා මගේ වයිෆ්ගේ මොන්ටිසෝරියේ කිව්වා..දවසක් ඌ ව සෙට් උනා..මට හිනා ඌ දැකලා..පස්සේ කථා බහ කරලා යන ගමන් ඌ අහනවා ඇයි බං හිනාවෙන්නේ කියලා...මම කිව්වා උඹගේ ලව් කථා පොත්වල තියෙන ඒවට බං හිනා ගියේ කියලා..ඌටත් හිනා..මේ පාරත් සෙට් වෙමු කියලා යන්න ගියා..මම පෝස්ට් එකක දැම්මේ බං අපේ එකෙක් කෙල්ලෙක්ට වැන්දනේ ඇහුවට සමාවෙන්න කියලා..හප්පේ ලැජ්ජාව...

    ReplyDelete
  8. හප්පා... අක්කලාට ලව් කිරීම..බොහෝම හොඳ මාතෘකාවක්.. ලියන්න මෙලෝ දෙයක් ඔළුවට එන්නේ නැති දවසක උඹ මේක මතක් කරපු එකනං නියමයි...

    ReplyDelete
  9. මෙව්ව සිම්පල් කේස්නෙ! :D (එවකට!)

    ReplyDelete
  10. ඒ දවස්වල කියවපු ලස්සන කතාවක් ආයෙත් කියවන්න තරම් ආසාවක් නම් නෑ. උඩින් පල්ලෙන් මතක් කරනකොටනම් අමුතුම වින්දනයක් දැනෙනෙවා

    ReplyDelete
  11. අපිත් ඔය කාලෙ පිස්සුවෙන් වගේ කියෙව්වෙ.

    ReplyDelete
  12. 1. පොත කියවල තිබුනත් ආයෙත් කියවන්න ඩවුන් කලා

    2. පොඩි මෑන් කියල තියන ගෑනු දරුව සුව කල හැකි තත්වයේ ඉන්නෙ. වයස අවුරුදු 21යි තාම. හැකි උදවුවක් කරමු. මම දන්න විදියට පොඩි මෑන්ගෙ ගමේමයි. මේ පුංචි නර්ස් නෝනගෙ විස්තරේ මහේශ් අයිය එයාගෙ සොඳුරු සුව අසපුවෙත් දාල තිබුන

    3. කවදාවත්ම බැරි උනානෙ බං අක්කෙකුට ලයින් පාරක් දාන්න. හැබැයි ඇන්ටො නං එමටයි

    ReplyDelete
  13. ඔය ඇවිල්ලා මගෙත් එදා මෙදා තුර අල්ලම ගිය පොත.

    අපේ ඉස්කෝලෙයි ඔය පොතේ ඉන්න කොල්ලගෙ ඉස්කෝලෙයි අතර මාර ගැලපීම් ටිකක් තියෙනවා. මුලටික කියවත්දි අදටත් කැන්ටිම මතක් වෙනව ....

    ReplyDelete
    Replies
    1. දිනේෂ් කොළඹගේ ඉගෙනගෙන තියෙන්නේ ආනන්දේ.හැබැයි ඔහු කියන්නේ නෑ ඉස්කෝලේ මොකක්ද කියලා.

      Delete
  14. මටත් ඔය PDF එක හම්බවෙලා මීට අවුරුද්දකට විතර කලින් කියෙව්වා..ලස්සනයි පොත....

    ReplyDelete
  15. හොඳවෙලාවට ෆේස්බුක් ආගමික ප්‍රබෝධයෙන් ඔද වැටිලා ඉන්න උන් පොත් කියවන්නේ නෑ. නැත්තම් එහෙම අපේ රටේ ලියවිච්ච පොත් වලින් බාගෙට බාගයක් තහනම් කරන්න වෙනවා සදාචාර සම්පන්න නෑ කියලා :D

    ReplyDelete
    Replies
    1. ඒකන්ම් ඇත්ත පූසා අයියේ.. ඇත්ත කතාව..

      Delete
  16. ඔයටික අහපු එකේ ඉතුරු ටිකත් අහන්න තිබුනෙ බං. අක්ක උනත් මොකද. ගියොත් වචනේ-ආවොත් අලිය!

    ReplyDelete
  17. "සුළග දැන් කුණාටුවක් වෙලා.." ඒකනම් නියම කතාව..

    හොද වෙලාවට අර අක්කා පිස්සට මල්ලි කියලා කිවුවේ මුලින්ම.. නැත්නම් ???

    ReplyDelete
  18. “බඹර පහස ලබන මලක්දෝ චිකිබුම් චිකිබුම්
    බඹර සුවය සොයන මලක් දෝ චිකිබුම් චිකිබුම්

    රූකාන්ත හීනෙකින්වත් හිතපු නැති තාලෙකට තමයි උන් සිංදුව කියන්නෙ“

    කවදාවත් අමතකවෙන්නෙ නෑ සුළඟ වගේ ඇවිදින්........

    ReplyDelete
  19. පිස්සගෙ කාලෙ හිටිය මිස් මාර සැරයි නේද......දවසක් මං ඉස්සරහ ලොකු අයියල 2ක්ට චටං පටං ගාල දුන්න හොඳ කනේ පාරවල් 2ක්...ඉස්සර ඒ මිස් දැක්කම මම බයේ හැංඟෙනව. හොයාගෙන බලන්න ඕන කතාව.

    ReplyDelete
  20. ඔය පොත කියවලා නෑ බලමු කියවලා..

    ReplyDelete
  21. මමත් ඔහොමයි.. පොත් ජිවිතේ වෙලා

    ReplyDelete
  22. වෙලාව තියෙන විදියට කියවන්නම්.. ආයි පටන් ගන්න ඕනි පොත් කියවන එක..

    ReplyDelete
  23. ඇනෝ දාල තිබුන ලින්ක් එක අයින් කලා... දැන් දැක්කේ ඒක... ඒ හේතුවෙන් කිසියම් කෙනෙක්ට හිත් රිදීමක් උනානම් සමාවෙන්න...

    ඒ එක්කම අබීතගෙත්.. ඇනෝ කෙනෙකුගෙත් ඒ යටින් තිබුන කමෙන්ට් දෙකත් නැති වෙලා... මේ ඒ කමෙන්ට්ස් දෙක...


    ***********

    අභීත

    පිස්සා.. මේක ගැන අවධානය යොමු කරපන් පිස්සා....


    Anonymous

    පිස්සා කරුණාකරලා මේ ලින්ක් එක අයින් කරපන්!

    ReplyDelete
    Replies
    1. රතු මල්ලියේ ඔයාගේ ඔය සුට්ටං මොළයට නොතේරෙන දෙයක් තියේ. ඒ නම් ඔයා මේ සිංදුවේ කියනවා වගේ "බුදුහාමුදුරුවන්ට දේවදත්ත ගලක් පොරලුවා" කියමින් ගයාන් බයිලා නටා නැත. සිදුවී ඇති එකම දෙයනම් අදාල ගීතයේ ස්ථානයට ඔබින ලෙස පසුබිමෙන් ඇසන්නා වූ ජයමංගල ගාථා හඩ ඇසු ජයමංගල ගාථා අනු කුම්ක්දැයි හරි හැටි නොදත් ඔබ වැනි මහා "අධ භක්ති" වන්තයෝ උඩ පැන්න එක පමණි.

      Delete
  24. කියවලාම බලමුකෝ....

    ReplyDelete
  25. ඔය කතාව දිනේෂ් කොලබගේ ලිව්වේ තරුණයා පත්තරේට, දැනට අවරුදු 15 කට විතර කලින්, ඒ කලේ කෙල්ලන්ට සීනිබෝල පත්තර ගොඩක් තිබුන . කොල්ලන්ට තිබුන එකම පත්තරේ ගිය මේ අමුතුම ආකාරය කතාව ඒකාලේ ගොඩක් ප්‍රසිද්ඩ් උනා මතකි.

    ReplyDelete
  26. පොත නම් සිරා... 3න් පාරක් විතර කියෙව්වද කොහෙද...

    ReplyDelete
  27. මා ගාවත් තියනව ඔය කතාව....ලස්සනයි..දුකයි...

    ReplyDelete
  28. මේක එච්චර හොඳද ? කියෝලම බලන්නන්කො...

    ReplyDelete
  29. මාත් ආසයි පොත් කියවන්න... කොහොමහරි හොයාගන්න ඕන... :)

    ReplyDelete
  30. මම ඕක කියෙව්ව ඉස්කෝලෙ යන කාලෙම සිරා පොත

    ReplyDelete
  31. මම මගේ පොස්ට් එකකිනුත් කිව්ව වගේ කියෝපු එකම සුකුරුත්තන් ආදර කතාව. ඒ කාලෙ නං ඉතින් බොක්කට වැදුන.

    ReplyDelete
  32. මාත් ඉස්කෝලේ යන කාලේ කියෙව්වා ඕක...අන්තිමට දුකයි නේ..

    ReplyDelete
  33. දිනේෂ් කොළඹගේ ලියපු වෙන පොත් නැහැ මම දන්න විදිහට. දිනේෂ් කොළඹගේ කියන ලේඛඛය ගැන කිසිම පසු සටහනක් වත්, ඒ ගැන කිසිම විස්තරයක්වත් කවදාවත් අහල නෑ.

    ReplyDelete
    Replies
    1. දිනේෂ් කොළඹගේ ඕකට පස්සේ තව කතා දෙකක් ලිව්වා තරුණයා පත්තරේටම.

      "අංගනාවෝ" සහ "නාස්තිකාර පුත්තු". ඒවා තාම පොත් හැටියට ඇවිල්ලද දන්නේ නෑ. හැබැයි මම බලපු "සුළඟ වගේ ඇවිදින්" මුද්‍රණයේ තිබුනා ඔය පොතුත් ලඟදීම බලාපොරොත්තු වෙන්න කියලා...

      යාන්තමට මතක තියෙනවා එයාම "ටයිටැනික්" කතාව ලංකාදීප පත්තරේට පරිවර්තනය කලා කියලා...ෂුවර් නෑ හරියටම...

      ඒ ඇර වෙන විස්තරයක් දන්නේ නෑ...

      Delete
  34. මිස් පොත හංගාගෙන හිටිය එක පුදුමයක් නෙමෙයි. ඔය පොත, පාසල් පුස්තකාල සඳහා නුසුදුසු එකක් කියලා අපේ පුස්තකාල සේවා මණ්ඩලය නිර්දේශ කරලා තිබුනා. මිස් බයවෙන්න ඇති තහනම් ගහේ ගෙඩි කන්න...

    ReplyDelete
  35. ලස්සන සටහනක්!! ඔය විදියට පොත් කියවන එකෙත් අමුතු ගතියක් තියනවා..

    අපේ බ්ලොග් එකේ අපි නව කතාවක් පටන් ගත්තා.කැමතිනම් කියවලා බලන්න . අපි ඔයාලා හැමොටම ආරාධනා කරන්න කැමතියි.

    kiripeni.blogspot.com

    ReplyDelete
  36. සුළඟ වගේ ඇවිදින්..අඩො මාත් ආසම පොතක් බං..ඔක මගේ ගාවත් තිබ්බ කොහේද අපේ මොකෙක් හරි එකේක් පොත උස්සල බං එක ආගිය අතක් නෑ...මතකද උබට පොතේ ඉන්න කොටා කියනව.." වියතක් හරහට සාය පලාල දඟ යුග පෙන්නා යන විටදි මගේ කොලු කම කොස් කොටන්ටදො අම්මේ කියලා.."
    ඒ විතරක් යෑ අර අමිලය..කියන්නේ...ආදරේ ගැන.." මචො ඔක හරියට සූරන ලොතරැයියක් වගේ...ඇදුනොත් ලක්ෂ ගනනින් නැති උනොත් ලොතැරිය ගත්ත රුපියල් 10ත් නෑ.."

    මාත් මාර පොත් පිස්සෙක් බං..හික් ජය

    ReplyDelete
  37. //පොඩි පන්ති වලදි නම් පාළු දූපත.. නෙල්ලි කැලේ වීරයෝ... එතකොට ඔය නිදන් ගන්න බිලි දෙන සීන්.. කරවල වාඩි වලට උස්සන සීන්... එහෙම තියෙන පොත් සෙට් එකක්ම තිබ්බා... 7 - 8 වසර වලදිනම් හුඟක්ම ඔය ශර්ලොක් හෝම්ස් ගෙ.. එතකොට ටාසන්... වගේ පොත් තමයි.. ඊට පස්සෙ ඉතින් අතට අහු වෙන ඕනි එකක් කියවන්න පුරුදු උනා..//

    මගේ ගැන කිව්වොත් ඔය ටික ඔහොම්මම තමා බං... සුළඟ වගේ ඇවිදින් කියන්නේ මමත් ආසම පොතක්... මුලින්ම කියෙව්වේ 11 වසරෙදි... දිනේෂ් කොළඹගේ ගේ වෙන පොත් නැද්ද මන්දා...

    අක්කා සීන් නම් තිබ්බා... මම පොඩි එකා කාලේ හරි හුරතල් ලු (:P) හැබැයි ඉතින් අහන්න නම් ගිහින් නෑ...

    ReplyDelete
  38. ඔච්චරම කියන එකේ කියවලා බලන්ඩම එපෑය මොනාද මේකේ තියෙන්නේ කියලා

    අපේ ඉස්කෝලේ හරිහමං පුස්තකාලයක් තිබුනේ නෑ අප්පා ඒකේ තිබුනු පොත් ටිකත් වැස්සට පෙමිලා කියවන්න තබා අතට ගන්ඩ බැරි තරමට සවුත්තු වෙලා තිබ්බේ . මට නම් ඉස්කෝලේ පුස්ථකාලයට ගිය වාර ගනන යාන්තමටවත් මතක් වෙන්නේ නෑ .

    ReplyDelete
  39. මමත් ඔය ඊ බුක් එක කලින් කියෙව්වේ.කියවන්න පටන් අරගෙන ඉවර වෙනකල්ම කියවලයි නැවත්තුවේ..බොළදයි කිව්වට ඉතින් බොළදමත් නැ :D

    ReplyDelete
  40. හෙහ්.... ඕක ඉස්කෝලෙ පැතිරිච්ච වෛරස් එකක් වගේ උනා බං. එක පාරක් ඕක ඩෙස්ක් එකක් අස්සෙ දාගෙන කියවල මැරයගෙ පීරියඩ් එකේදි මාට්‍ටුවෙලා පට්ට විළිලැජා හිතෙන කතාවක් කිව්ව. [මතක් එනකොටත් ලැජ්ජයි බං] උඹ ඔය කියන්නෙ අර කොට මහත ලයිබ්‍රේරියන් නේද? උන්දැ නිකං බූතය වගේ තමා පොත් ආරස්සා කලේ. සමහර ඒව මලාට දෙන්නෙ නෑනෙ. ගෝර්කිගෙ අම්මා තිබිල පොලොවෙ හැපිල ඉල්ලුවත් දුන්නෙ නෑ බං.

    ReplyDelete
  41. අදහස් දක්වපු කට්ටියටම ස්තුතියි... වෙන වෙනම කමෙන්ට් කරන්න හිටියත් හප්පා.. තියෙන කම්මැලි කම.. බ්ලොග් එකක් වත් කියවන්න උනේ නෑ මේ ටිකේ... ඒ නිසා ඔක්කොටම මෙහෙම ස්තුතියි කියනවා...

    සුලඟ වගේ ඇවිදින් එලකිරි... කියවල නැති අය බාගෙන බලන්න...

    අලුත් පෝස්ට් එහෙකින් හමුවෙමු.... :D :D

    ReplyDelete
  42. මමත් ආසම පොතක්. 'වස්සානයේ සිහිනයට' වඩා ඔය පොත බොක්කටම වදින්න හේතුව ඉස්කෝලේ යන කොල්ලෝ විදිහට අපේ ජීවන රටාටවට, අපේ භාශාවට ලග නිසා. 138ටේ නැගල ඉස්කෝලේ ගිහින්, හවසට තෝසේ පාරක් දාලා ගෙදර එනවා.
    මගේ වයිෆ් දැනට අවුරුදු 12කට කලින් (උ.පෙ කරන කාලේ) මට තෑගි දීපු ඔය පොත තාමත් කවරයක් එහෙම දාලා මගෙ ලග තියනවා

    ReplyDelete
  43. සුළඟ වගේ ඇවිදින්,ගොඩක් ලස්සන පොතක්. ඒත් දුකකින් ඉවර කළේ ඇයි කියලා හිතෙනවා.

    මගෙ ජීවිතෙට ගොඩක් සම්බන්ධ පොතක්. ඒ අපි 9 වසරට ඇවිත් පළවෙනි සතිය. වැඩියෙ අඳුන්නෙ නැති ළමෙක් හිටියා. මොකක් හරි නිසා අපි දෙන්නා කතා කරන්න පටන් අරන්,එයා මට "සුළඟ වගේ ඇවිදින් " මුළු කතාවම කිවුවා. එදා ඉඳන් පටන් ගත්තු අපි දෙන්නගෙ යාළු කම තවමත් එහෙමමයි. මගෙ දුකට , සැපට හිටිය ඒ වගේ යාලුවෙක් ආයෙ කොහෙදිවත් හම්බෙන 1ක් නෑ.

    මේක කියෙව්වාම මට මතක් වුණේ, ‍ෆ්‍රී පීරියඩ් වල අපි ලයිබ්‍රරි එකට ගිහින් "තරුණි" වගේ පත්තර වල කතා කියවපු හැටි. (අපේ ඉස්කෝලෙ ඉන්නෙ 100%ක් ගුරුවරියො නිසා වෙන්න ඇති තරුණි පත්තරේ ගත්තෙ). එක්කෙනෙක් කියවනවා.අනිත් එක්කෙනා ඔත්තු බලනවා,පොතක් ඉස්සරහින් තියාගෙන.

    ReplyDelete
  44. " ඉන්නකො මිස් පොඩ්ඩක්.. සුලඟ දැන් කුණාටුවක් වෙලා "

    ඒක නම් පට්ට කතාව....:ඩී මාත් බාගත්තා. බලමු කියවලා.;)

    ReplyDelete
  45. සුළඟ වගේ ඇවිදින් කතාවේ අමිලගේ චරිතයට පාදක වුන (අඩුම තරමේ නම හරි) අමිල, ගිය අවුරුද්දේ හදිසි අනතුරකින් මියගියා කියලා මට ස්කෝලේ එකෙක් කිව්වා.

    ReplyDelete
  46. අප්පද මොකද අලේ මෙතන වෙන්නෙ.......

    මම කියවල නැහැනෙ ඔය කතාව.කියවල බලන්න ඕන.

    ReplyDelete
  47. Replies
    1. What is the meaning of :O ?

      Delete
  48. පට්ට පට පට....

    ReplyDelete
  49. ඔයාගෙ පෝස්ට් මිස් වෙන්නෙ ඇයි මන්දා... :((

    මාත් හරිම ආසාවෙන් කියවපු පොතක්.ස්කෝලෙ කාලෙ තමා ඔය වයස් භේදෙ වැඩියම එන්නෙ.කැම්පස් ගියාමනම් ඕවා එච්චර ගානක් නෑ. :D

    ReplyDelete
    Replies
    1. @ නිසුපා

      ඒක නම් ඇත්තම ඇත්ත අක්කේ

      Delete
  50. mageth asama potha

    ReplyDelete
  51. මම කියවලා නැහැ.දකින දකින කෙල්ලගෙන් අහන කාලයක් මටත් තිබ්බ.වැඩි පුරාම ඇති වුනේ විලි ලැජ්ජාව විතරයි.

    ReplyDelete
  52. පිස්සයියේ මේ කතාවනම් සිරාවට බොක්කටම වැදුනා...ඊයේ රෑ තමා මං download කරගත්තෙ රෑම බාගයක් කියවල ඉවර කරල උදේ පාන්දරම නැගිටල ඔක්කම කියවල ඉවර කලා...ඇත්තටම මගේ ඇස් දෙකට කදුලු අවා කියවල ඉවර වෙද්දි...thank මේකෙ link එක post කලාට.... :)

    ReplyDelete
  53. පොත කියවලා...ෆේස් බුක් එක සර්ච් කරද්දි...මට හම්බුවුනා මේ පොත ගැන ෆේස් බුක් පේජ් දහයක් විතර.....
    Sulanga Wage Awidin
    Sulanga Wage Ewidin

    ReplyDelete
  54. මමත් ලව් ස්ටොරි එකකට කියලා කියෙව්ව පළවෙනි පොත. එ උනාට ආයිමත් ඒක කියවන්න හිතුනේ නැත්තේ කතාව ඒ තරම්ම සංවේදී නිසයි. මට තාමත් මතකයි අන්තිම පිටු ටික(අන්තිමම එක ) අඬ අඬ කියවපු හැටි. ඒ මතකයන් ආයිත් මතක් කලාට තෑන්ක්ස් මචන්. & PDF එකටත් ගොඩක් ස්තූතියි. මම ඒක download කරගත්තා හිත හයිය වෙලාවක ආයිමත් කියවන්න.....

    ReplyDelete
  55. මාත් මේක අන්තර්ජංජාලෙන් තමයි කියව්වේ. සුපිරිම පොතක්. වස්සාන සිහිනය වගේ බොහොම හැඟුම්බර කතාවක්. මේකේ වුණු සමහර සීන් මටත් වෙලා තියෙන නිසා මේක නිකම් මගේ කතාවක් වගේ තමා :D

    ReplyDelete
  56. උ.පෙ කරන මුල් කාලෙ තමයි මටත් ඔය පොත හම්බ උනේ.. ඒ කාලෙ අපේ පන්තියේ හරි ජනප්‍රිය පොතක්, මගේ යාලුවෝ කීප දෙනෙක්ම තමන්ගෙ කෙල්ලට දීපු පලවෙනි තෑග්ග(මගේ අවවාද නිසා)
    මමත් ගොඩක් කැමතියි(අන්තිම පිටු දෙක තුනට ඇර)
    thx link එකට..

    ReplyDelete

Related Posts with Thumbnails