Tuesday, March 13, 2012

AGM ගිහින් ගත්තු ආතල්

Share


ලංකාවෙ තියෙනවනේ කොටස් වෙලඳ පළ කියල එකක්.. අද ලිපිය ඒකත් එක්ක ගෑවුන ලිපියක්.. කොටස් වෙළඳ පල අයෝජනයට මම මුලින්ම යොමු උනේ 2005 දි.. යාළුවෙක්ගෙ මාර්ගෙන් තමයි කතන්දරේ දැන ගත්තෙ...

කොටස් වෙළඳ පළ ආයෝජනය කරන්න නම් CDS එකේ ගිණුමක් තියෙන්න ඕනි... ඔය ගිණුම අපිට තැරව්කාර ආයතනයක් ( Broker firm ) හරහා ආරම්භ කරලා අපේ ගණුදෙනු කරන් යන්න පුළුවන්.. ඉතින් මාත් ඔය යාළුවා මාර්ගෙන් වැඩේට සෙට් උනා.. කිසිම මූලික දැනුමක් නොතිබුනාට වැඩේ මට අල්ලල ගියේ ඒ තැරව්කාර ආයතනය හරහා එදිනෙදා ගණුදෙණු කරන්න ආපු සෙට් එකට එකතු වීම නිසා... වයස 20 ඉදන් 75 විතර වයස් පරාසයක පිරිසක් දිනපතා රස්සවට යන්න වගේ ඔතනට සෙට් උනා..

සුළු පරිමාන ආයෝජකයො තමයි ඉතින් හැමදාම ඔතනට එන්නේ.. මමත් බොහොම සුළු මුදලක් තමයි දාල තිබ්බේ ඒ වෙද්දි.. ( 40,000 ක් වගේ මතක ).. මෙලො බෝලයක් දන්නෙ නෑ ගන්නව විකුනනව.. අවුරුදු 2 ක අවසානෙ රුපියල් 4000 යි හොයන් තිබ්බෙ හික් හික්.... ඒත් සෑහෙන දැනුමක් ලබා ගත්ත ඒ කාලය තුල කොටස් වෙලඳ පළ ගැන... ඒ ගැන ලියන්නෙ නෑ.. අර මාධව මලයා බ්ලොග් එකක්ම ලියනවනේ ඒ ගැන ඒ හින්ද කැමති කෙනෙක්ට එතනින් ඒ විස්තර බලන්න පුළුවන්...

ඔතනදි දැන ගත්තු දෙයක් තමයි කම්පැනි වල AGM ( Annual General Meeting ) එහෙමත් නැත්තම් වාර්ශික හමුවන් ( හරිද මන්දා ) වලට ඒ සමාගම් වල කොටස් හිමියන්ට සහභාගි වෙන්න පුළුවන් කියන එක.

ගිහිල්ල හම්බුන කෑම... තෑගී... වචන පෙරලි... සිදුවීම්.. ආදිය ගැන කස්ටිය කියද්දි මටත් යන්න හෙන ආසාවක් ආව AGM එකකට.. ඒත් ඉතින් හෙන බයයි.. කොටස් 100 - 200 ක් තියාගෙන ගිහින් නෝන්ඩි වෙයිද එහෙම කියල..

ඔහොම ඉද්දි Asia Capita එකේ AGM එක තියෙනව කියල ඒකෙ පොත ( Annual report ) එක ආව. තියෙන්නේ කොන්ටිනෙන්ටල් එකේ.. ගිහිල්ලම නැති නිසා යන්නත් ආසයි.. මම හිමීට පොරකට කිට්ටු කලා..

" අන්කල්.. අර ACAP එකේ AGM එකට පොත ඇවිල්ල..මගේ shares 100 යි තියෙනේ ප්‍රශ්නයක් නෑනේ.. "

" අයියෝ සන්.. යන්න යන්න.. මේ කට්ටිය 1 share එක අරන් යන්නේ.. යන්න යන්න.. "

හරි... කොල්ල බයෙන් බයෙන් ගියා.. කිසි අවුලක් නෑ.. නම අහල ලිස්ට් එක බලනවා.. අත්සන් කරන්න කියල යන්න දෙනවා... මොනාදෝ විකාර වගයක් කිව්වා මට නම් තේරුනේ රුපියල් 2 ක Dividend එකක් දෙනව කියපු එක විතරයි... ස්ටා හොටෙල් එහෙකින් දීපු කෑම ටික කාල මම ආව... ආතල් වැඩේ... 



ඔහොම ඉද්දි තමයි මගේ යාළුව කිව්වෙ 

" මචන් උබ ට Nestle තියෙද.. ගනින් මීටින් යන්න පුළුවන් උන් හෙන ගිෆ්ට් පාර්සල් එකක් දෙනවා... " කියල...

" බලමු රුපියල් 80 ( අද  902.00 )  යි.. 100 ක් ගන්න 8000ක් ඕනිනේ බන්...  "

" නෑ නෑ උබ odd lot එකෙන් shares 10 ක් ගනින්.. මීටින් ගිහින් ඇවිත් විකුනපන්... "

" හා.. උබ යනවනේ.. "

" ගනින් යකෝ.. මුන් ඔක්කොම යනවා.. "


මම ත් ශෙයාර්ස් 10 ක් ගත්තා...


AGM එක තිබ්බේ BMICH එකේ... එතන එක කෙලියයි... මීටින් එකට 50 ක් වත් නෑ... එලියෙ ගිෆ්ට් පාර්සල් දෙන තැන සූ ගාල මිනිස්සු... පොරකනවා... සමහර එවුන්ගෙ නම් නෑ කියල වලි එහෙන්... එහෙන් එකම එකා 2 - 3 පාර අරන්... හයියෝ...

මාත් අමාරුවෙන් පාර්සල් එක ගත්තා මගේ නමට අත්සන් කරලා.. මෙන්න අරූ.. පාර්සල් 3ක් උස්සන්.. 


" මේ මගේ කෙල්ලගෙයි අපේ මල්ලිගෙයි අකවුන්ට් වල ඒව බන්.. හික් හික්... "

හුඟක් උන් එහෙම පාර්සල් 2 -3 අරන් ගියා... මතක විදියට රුපියල් 1000 ක් විතර වටින අයිටම් තිබුනා.. උන්ගෙ ප්‍රොඩක්ට්ස් ( 2005 දි )...


මමත් ඊට පස්සෙ ඔය වගේ වටිනා කියන AGM හොය හොය යන්න ගත්තා...

කොතලාවල මහත්තයගෙ Ceylinco කම්පැනි බර ගානක් තිබ්බා CSE එකේ... ඒ හැම එකකදිම වගේ කට්ටිය උන්දැට බටර් ගාල ලන්ච් වවුචර්ස් ඉල්ලනවා... උන්දැත් දෙනවා...
රජ බොජුන් එකේ ලන්ච් එකකට සතියෙ දවසක... මම අපේ ගයානුත් ඇදගෙන 4 - 5 පාරක්ම රජ බොජුන් එකෙන් කෑව නිකන්.. හික් හික්...


තේ කොළ කම්පැනි හැම එහෙකම වගේ තේ කොළ 500g ක් විතර අනිවාර්යෙන් හම්බු වෙනවා... රිචඩ් පීරිස් ගෲප් එකේ... එතකොට ඩිල්මා එකේ වගේ නම් කොලිටිම තේ කොළ පැකට් තමයි දුන්නේ...

ටුබැකො එකේ මතකයි Gold leaf පැකට් එකක් දුන්නා... සීන් එක Ceylon tobacco AGM එකට යන උන්ට කැම්පස් ද මන්දා සෙට් එකක් හැමදාම Company ඉස්සරහ වෙලා ඉදන් හූ කියනවා... මම බිම බලන් මාරු උනා.. හික් හික්...

හොඳම වාසිය උනේ Lion and ceylon brewery AGM එක.. ගයාන් ගෙයි මගෙයි දෙන්නගෙම කොටස් 10 ක් ද ගානේ කොහෙද තිබ්බ ඔය කම්පැනි දෙකේම..  ලයන් lager 6 පැක් එක ගානේ 4 ක් හම්බුනා දෙන්නටම.. හම්බුනා වගේද.. බස් එකේ අරන් යන්නත් බෑ... ඒ අස්සෙ ඩයල් එකක් අපි වගේ ගෙනියන්න බැරි උන්ගෙන් අඩු ගානට සල්ලි වලට බියර් ගන්නව... හයියො පිස්සු මතක් වෙද්දිත්... ඌට දීල පුළුවනෙයි.. පිට කොටුවට වෙනකල් උස්සන් ඇවිත් ටියුලිප් බෑග් 4ක් සල්ලි දීල අරන් ඒවයෙ දාගෙන අපි ගෙදර ආව.  ගයානුත් ඒ දවස් වල නොබොන නිසා සති 2 - 3 ක් ම ශේප් උනා ඒකෙන්..

මහවැලි රීච් එකේ AGM එක තියෙන්නේ නුවර. කොළඹ ඉදන් ඒ සී බස් එහෙක යන්න එන්න ට්‍රාන්ස්පෝර්ට් ලන්ච් එක ඔක්කොම හොටෙල් එකෙන්... ඒකත් ආතල් ගමන...

ගලදාරි එකේනම් ලන්ච් වවුචර් එකක් එවනවා දෙන්නෙක්ට.. මට නම් කවදාවත් යන්න උනේ නෑ.. අපේ පවන් ට මම දුන්න එක පාරක් ගෑණි එක්ක පල කියල.. මූ ගිහින් ඇවිත් අම්ම මෝ නැතිව බනිනවා ගැණිට..

" බලපන් බන්.. නිකන් කන එක කන්න එපැයි.. හිච්චක් කාල ඉන්නවා.. " හයියෝ
 

ඊට අමතර හොටෙල් කීපයකම ලන්ච් සෙට් උනා.. අහ් මර්කන්ටයිල් ශිපිං එකේ තමයි උපරිම රස.. උන් ලන්ච් විතරක් නෙමෙයි බොන්නත් දුන්නා.. හිතා ගන්න පුළුවන්නේ...

සුපිරි වලි එහෙමත් හිටපු ගමන් ඇදෙනවා... 2006 දි ද කොහෙද තිබ්බ Vanik EGM එකේ පට්ට වලියක් ඇදුනා... අමුතු චරිතත් වඩිනවා... එක ඩයල් එකක් හිටියා හැම AGM එකටම ඇවිල්ල සිංහලෙන් එකම විදියෙ කතාවක් කරනවා.. Director Board එකේ ඉන්න හැම එකාටම සුදු හුණු ගානවා ආපු එවුන් හූ කියනකම්ම... 


ඔය කාලේ Shares 10 - 100 අතරේ අරගෙන ( AGM යන පරමාර්ථෙන්ම ) කම්පැනි 100 කට වඩා ගානක් මගේ portfolio එකේ තිබ්බා... shares 1 ක් තිබ්බත් කම්පැනි එකේ quarterly reports, Annual reports අනන් මනන් ලියුම් ඔක්කොම ගෙදරට තැපල් කරනවනේ.. ඒ දවස් වල දවසකට ලියුම් පොත් 2 - 3 ක් වරදින්නෙ නෑ... අපේ ගෙදර මිනිස්සුත් අහනව 
" මොනවද මනුස්සයෝ මේ එන්නේ " කියලා...

දවසක් තැපල් පියුන් අම්මගෙන් අහල තිබ්බා 

" මේ මෙහේ පුතා මොකක්ද මිස් කරන රස්සාව ? " කියලත්... හික් හික්... අහල පහල එකෙක්ටවත් නොයෙන ලියුම් කන්දරාවක් එද්දි...

හුඟක් AGM වලට එන්නේ එකම සෙට් එක.. රස්සාවක් විදියට යන වද මන්දා.. අන්තිමට AGM එකකට ගියේ 2006 දි... ඊට පස්සෙ නම් ගියේ නෑ.. ලංකාවෙ ආවට පස්සෙ කොටස් ගණුදෙනු අතෑරල දැම්මත් ජංජාලෙන් ගණුදෙනු කරන්න පුළුව්න් උනාට පස්සෙ ( Online trading ) 2009 දි ආයෙම ගේමට බැස්සා...පරිස්සමෙන්.. දැනුවත් භාවයකින්.. කරගෙන යනවනම් ඒක හොඳ තැනක් ආයෝජනයට.

ලංකාවට ගියහම තාමත් මම තැරව්කාර ආයතනයට ඔලුව දානවා.. පරණ ඩයල් එක්ක චැටක් දාල එන්න... හික් හික්...

හැබයි දැන් නම් මම හිතන් නෑ කිසිම Company එකක ඉස්සර වගේ Lunch , Gift එහෙම දෙනව කියලා.. මොකද දැන් එහෙම කරන්න ගියොත් ඔව්වො බංකොලොත් වෙනවා... හික් හික්..

 

80 comments:

  1. හැබෑටම ඔහොම ඒවා වෙනවද???
    අපි ඉතිං ගෑණු ලමයිනෙ රෑ තිස්සෙ ඕවට යන්න නෝ පර්මිෂන් නෙ..:(((

    ReplyDelete
    Replies
    1. නිසුපා : රෑ නෙවෙයි නිසූ... දවල් තියෙන්නේ

      Delete
    2. ඇයි බන් නිපුසො, ලන්ච් තියෙනවැටි රෑට??? :D :D :D

      Delete
  2. කියනකොටනම් මටත් ආස හිතෙනව. ඒත් තරු පහේ හෝටල් වල හැඳි ගෑරුප්පු වලින් කන බොන එකයි කස්ටිය එක්ක කඩුෆයිට් කරන එකයි මතක් වෙනකොට ඕන්නෑ කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. Lakmal Dhanushka : මොන කඩු පයිට්ද බන්... එහෙන් මෙහෙන් වචන / වාක්‍ය සැට් උනාට එහෙම කඩ්ඩක් දාන උන් අතලොස්සයි ඉන්නේ.

      හැඳි ගෑරුප්පු කේස් එකනම් වදයක් තමා

      Delete
  3. මටත් ඔය කොටස් වෙළඳපොල ගැන ඒ හැටි දැනුමක් නෑ. හැබැයි වැඩේ මාර ෆන් වගේ නේ? :D
    ඒත් ඉතිං දැන් අර වගේ නැත්තං වැඩක් නෑ අෆ්ෆා! :D

    ReplyDelete
    Replies
    1. පූසා : එක්තරා ෆන් එකක්... දැන් කොහොමද දන්නෙ නෑ බන්. ඔව්වයෙ යන්න වෙලාවක් කොහෙද ලංකාවට ආවම

      Delete
  4. මාත් ටෙලිකොම් 1000 ක් අරගෙන තියාගෙන ඉන්නව තමව. මටත් ඔය පොත නං එවනව. ඒත් කවදාවත් ඔය මීටිමටනං ගිහිං නෑ. මේ ගමන එක තියෙන්නෙ සිනමන් ලේක්සයිඩ් කිංග්ස් කෝට් එකේලු.

    ReplyDelete
    Replies
    1. පල පල ගිහින් බලාපිය...මේක මරු ගේමක් වගේ...හෙහ්...හෙහ්...

      Delete
    2. Praසන්ன : නිකන් ඉන්න එකේ ගිහින් වර... උබ මොකෝ බ්ලොග් එකක් තිබ්බ කියල ලියන එකක් ය.. හික් හික්

      Observer : එක්තරා ගේමක් තමා

      Delete
  5. ඔන්න දැනටමත් කට්ටිය පෝලිම් හැදිලලු කොටස් වෙළඳ පොළ පැත්තෙ, බැලුවම ඒ කාලෙ පිස්ස මල්ලි ගෙදරින් කාලම නැහැ නෙ

    ReplyDelete
    Replies
    1. හරී - පිණිපළස : ඒ කාලේ කොළඹ නෙව හිටියේ... කඩෙන් කනවට වඩා කොච්චර ශෝක්ද තරු හෝටලේකින්... රජ බොජුන් එකෙන් කන එක..( නිකන් )

      Delete
  6. හාපෝ....මතක් කරන්න එපා...මේ දවස්වල වැලේ වැල් නැතුව ඉන්නෙ සේරම හිරවෙලා.....:/

    ReplyDelete
    Replies
    1. අග්නි ධාරා... : මාත් පොඩ්ඩක් හිර වෙලා නම් තමා... ඔලුව උස්සන් ඉන්න ඒත්

      Delete
  7. හෙහ් හේ... මේ දවස් වල නම් නිවඩු දාල ඉන්නෙ... නැත්තන් තැපැල් මාමා හැමදාම ගෙදර එනව මොනව හරි මිටියක් අරන්... :)

    ඔන්න ඊයෙ ආව සෙලාන් ඩිවලොප්මන්ට් එකේ රිපෝට් එක :) මොකද කියන්නෙ යමුද?...

    ReplyDelete
    Replies
    1. 29 වෙනිද... රජ බොජුන් එකෙන් කන්න ලැබෙනවලු ;)

      Delete
    2. සාතන් : රජ බොජුන් එකේ ලන්ච් දෙනවද බන් තාම ඒ ජී ම් එන උන්ට ?? 2006 න් පස්සෙ ඕකකට ගියේ නෑ.. යන්න ආසවකුත් නෑ දැන් නම්

      Delete
  8. හුගක් ඉස්සර ඉදන් අයියගේ පොස්ට් කියෙව්වත් කොමෙන්ටුවක් දන්නේ නම් අද හොදේ..මටත් ඔය කොටස් වෙළදපොළ ගැන වැඩි මෙව්වා එකක් නැතත් මගේ මලය නම් හැමදාම කොම්පුටරේ ලගට වෙලා කොටස් වෙළදපොළ ගැන බල බල හැමදාම පන යන්න ඔන්න මෙන්න වගේ හුල්ලනවා ඇහිලා තියන නිසා මම හිතුව ඕක පන යන වැඩක් කියල ඉතින්.මේ පොස්ට් එක දැක්කම නම් මල්ලිට පොඩි සයිඩ් සපොර්ට් එකක් දුන්න නම් හොදයි කියල හිතෙනවා අප්පා...;)

    ReplyDelete
    Replies
    1. හිරු : පොඩි එකා අහු වෙලාද දන්නෙ නෑ කුණු ගොඩකට.. කොහොමත් මාකට් ෆුල් අබිලික් දැන්.. බලන් ඉන්න තමා තියෙන්නේ. සතුටුයි කමෙන්ට් එකක් දැම්මට

      Delete
  9. මගෙත් තියනවා ශෙයාස් සෙලින්කෝ එකේ, අම්මේ ඉතින් උන්දැ රජ බොජුන් එකෙන් කන්න දෙන එකනං ලොස් නැතිව කරා..

    ReplyDelete
    Replies
    1. ක්සැන්ඩර් | Xander : ඒ කාලේ ඉල්ලන පමාව විතරයි

      Delete
  10. පික්ෂු හැදෙනවනෙ අයියෙ....කෑමක් නම් ඉතින් නිකන් දෙනව නම් අයියෝ සැලරි.....:))))

    ReplyDelete
    Replies
    1. හිතහොඳ පිස්සා : පිස්සන්ට කොහෙද බොල පිස්සු හැදෙන්නෙ හික් හික්

      Delete
  11. මේ සබ්ජැක්ට් එකනං නොදනිමි! හැබැයි ඉතිං බරටම සලකල තියනව වගේ!

    ReplyDelete
    Replies
    1. තනි අලියා : ඉගෙන ගත්තට පාඩුවක් නෑ....

      Delete
  12. තුන්සීය හැටපස් දවසෙම තුන්වේලම ඕකෙන් ශේප් කරගන්න බැයිද බං

    ReplyDelete
    Replies
    1. නවම් : හික් හික්... ට්‍රයි කොරල බලපන්.. මේ 2005 - 06 හොදේ...

      Delete
  13. යකෝ මේ සීන් කෝන් එක මං දැනගෙන හිටියෙම නැති එකක්නෙ.....ශි අපරාදෙ ඉස්සර නිව් ටවුන් හෝල් එකේ මගුල් ගෙවල් වලින් හොරෙන් කෑවෙ.

    ReplyDelete
    Replies
    1. Observer : වෙලාවට... නැත්තම් ඒ කාලෙම ඔය ඔක්කොම නවත්තනවා කොම්පැනි කාරයො හික් හික්

      Delete
  14. මේක කියවන කොට නම් මටත් හිතෙනව මේකට බහින්න

    ReplyDelete
    Replies
    1. රුචා : ගැඹුර නොදැන බහින්නෙ බලාගෙන.. හික් හික්

      Delete
  15. ගෙදර ඉදං කරන්න පුලුවං ජොබනේ..

    ReplyDelete
    Replies
    1. කනියා : හැමදාම නත්තල් නෑ කනියො

      Delete
  16. හොඳ වෙලාවට දැන් ඔය මොකුත් දෙන්නේ නැත්තේ.. නැත්තං මේ ලියලා තියෙන ඒවා කියවලා බ්ලොග් ලියන ඔක්කොම කොටස් ගත්තොත්, කොටස් වෙළඳපල වර්ධනය වෙලා, රට සංවර්ධණය වෙලා කියලා රජයයි ජනතාවයි දෙගොල්ලොම රැවටිලා තමයි නතර වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. sameerausa : රජය කෙසේ වෙතත් ජනතාව නම් රැවටිච්චි ගමන් නේ බන්...හුඟ දවසකින්

      Delete
  17. යකෝ මූ රට කාපු එකෙක් නෙ! හික් හික් !

    මටත් ඔය තඩි පොත් ගෙදරට එන සීන් එක තිබ්බ. ඒ A / L වලින් පස්සෙ ලෝකෙ වටේ එක එක යුනි හොය හොය දඟලපු කාලෙ ඒ ආවේ හැබැයි යුනි වල Prospectus පොත්.

    ReplyDelete
    Replies
    1. මුහුදු කොල්ලකාරයා : හික් හික්... අනේ නෑ බන් මම අහිංසකයි

      Delete
  18. ඒයි අඩෝ . . . අපි ඩෝ ඒ හූ කීවෙ . . . පොඩි ඇන් ජී ඕ සීන් එකක් කලා ඒ දවස්වල. මම තමයි ඔය හූව ඕගනයිස් කලේ. එකෙක් ගිනිතියාගන්න හෙම හැදුව මතකද ?? උගෙ නම සංජීව ... උඹලෑ ඉස්කෝලෙ එකෙක්. උඹට උඩ පන්තිවල මයෙ හිතේ

    ReplyDelete
    Replies
    1. ඕනයා : මේ ඉන්නේ... මට ඒත් හිතුනා ඔය හූ කියන සැට් එකේ එකෙක් හරි බ්ලොග් අවකාශෙ ඇති කියල.. බැලින්නම් මුන් නේ..

      ඈ බන් අයියේ උබ ඒ කාලේ සුරා සූදුවෙන් තොරද නැත්තම් ගාන වැඩි නිසා ඔරොප්පුවෙන්ද උන්නේ හික් හික්...

      Delete
    2. ප්‍රිවෙන්ශන් මචෝ . . . මත් භාවිතය අවම කිරීම තමයි කලේ. ප්‍රොෆෙසර් කෝදාගොඩගෙ මුල්ම වොලන්ටියර්ල සෙට් එකේ . . .

      Delete
    3. මරුවට ප්‍රෙවෙන්ට් වෙලා හික් හික්

      Delete
  19. මේ සබ්ජට් එක ගැනනම් මම දන්නේ නෑ.. බොරු කියන්නේ මොකටද.. අපේ අංකල්නම් මේ ටිකේම හොයන්නේ ඔය ගැන තමයි..

    ReplyDelete
    Replies
    1. Dinesh : වෙලාවක් තියෙනම් ඉගෙන ගනින්...

      Delete
  20. මගෙත් තියෙනවා බං 80,000 ක ෂෙයාර්ස් දැන් බැහැලා නොවැ හැම ලබ්බම..

    ReplyDelete
    Replies
    1. sAm (සෑම්) : ඔව් බන්.. දැන් නම් අවුල් තමා.. බලන් ඉන්නව ඉතින්...

      Delete
  21. මගෙත් ඔලුවට දැම්ම යාලුවෙක් ඔය අදහස...ඒත් තව එක්කෙනෙක් කිව්ව ඉන්ටනෙට් එකෙන් බලාගෙන හොරු ඉන්නව කියල...ඉතින් මම බය උනා..ජීවිත කාලෙම හොරුන්ට අහුවෙන්න පුලුවන්ද අප්පා....ඒ උනත් ආසයි ඔය වැඩෙට නිකම් විනෝදට වගේ කරන්න....උපදෙසක් දෙන්න බලන්න.........!

    ReplyDelete
    Replies
    1. වින්චැට්කිරිල්ලි. : අයියෝ හොරුන්ට අහුවෙන්න දෙයක් නෑ... උපදෙසක් දෙන්න බැරිය... පනිවිඩයක් දාන්නකො

      Delete
  22. කොටස් වෙලඳපොල කියන්නේ ඉහල පහල යන මෙවුවා එකක් කියලා විතරයි මම දන්නේ . ඉතින් ඒ ගැන තව සූටිම සූටි දැනුමකුත් මෙතනින් ලැබුණා .

    ReplyDelete
    Replies
    1. හිස් අහස : හික් හික්.. මාත් මෙලෝ බෝලයක දැනන් උන්නේ නෑ බන් 2005 මුලදි

      Delete
  23. මමත් සෑහෙන කාලෙක ඉදන් හිතේ තියාගෙන ඉන්නවා. අපේ විශේෂඥයෝ කියනවා දැන් ඉවසපං කියලා..

    ReplyDelete
    Replies
    1. prasanna86k : දැන් නම් ඉවසන එක හොඳයි තමා...

      Delete
  24. සික් මටත් ඔහොම දෙකක් ආව, මම ගියේ නෑ නේ. ඊළඟ පාර නම් යන්න ඕන. වැරදිලා හරි මොනවා හරි දුන්නොත්.:)

    ReplyDelete
    Replies
    1. Kasun : ගිහිල්ලම නැත්තම් ගිහින් බලපන්...

      Delete
  25. http://www.guidetocse.com ලියන්නෙ මාධව හබරකඩ බ්ලොග් සගයෙක්. මේකෙන් ගොඩක් විස්තර ගන්න පුළුවන් වෙයි ඔයාලට

    ReplyDelete
    Replies
    1. දොඩන් : පෝස්ට් එකේ උඩම හරියේ දාල තියෙන්නේ ඒක තමයි

      Delete
  26. නෑ බන්ස් ලන්ච් හෙම තාම දෙනවා,කියන්නත් ලැජ්ජයි මම ඉස්සෙල්ලම ගත්තෙ රු5400ක කොටස්.පොඩි චේන්ජ් එකකටත් එක්ක වගේ, මට තාම ඇක්ස්පීරියන්ස් නෑනෙව.;)

    ReplyDelete
    Replies
    1. රැඩිකල් කොල්ලා : උබ මක්කැයි කලේ ලැජ්ජ වෙන්න ???

      Delete
  27. හප්පා ඒක තමා ඒ කාලේ කොටස් වෙළදපොල කඩං වැටිලා කිව්වේ....

    ReplyDelete
    Replies
    1. ඔබ නොදු‍ටු ලොවක් : ඒ කාලේ කොහොම වෙතත් දැන් නම් වැටෙනවා...

      Delete
  28. හප්පේ උඹගේ පෝස්ට් එක දැකලා කථාවක් මතක් උනා...ඒක පෝස්ට් කරා ඕං...ඒ කාලේ අපි සෙට් එකකුත් හොරෙන් කෑවා ලස්සනට ඇඳගෙන එහෙම ගිහිල්ලා වෙඩින් වලින්...

    ReplyDelete
    Replies
    1. ඔබ නොදු‍ටු ලොවක් : හප්පා... බලමු බලමු

      Delete
  29. මටත් දැනගන්න ඕනේ වෙලා තිබ්බේ.මේ සැරේ ලංකාවට ගියාම පොඩ්ඩක් අරන් දාගන්න.පොඩි විස්තරයක් දැනගන්න ඕනේ මම පස්සේ වෙලාවක අහන්නම්.

    ReplyDelete
    Replies
    1. අසරණයා : එලකිරි මචන් දාපන් මැසෙජ් එකක් ඕනි වෙලාවක

      Delete
  30. ahh ape kattiyatah wenawa oya wage seen :D

    ReplyDelete
    Replies
    1. වර්ණා : කට්ටිය කිව්වෙ...

      Delete
  31. මටත් ඕනකමක් තියෙනවා ඔය කොටස් වෙළඳපලට රිංගන්න. ඒත් හරියට දන්න කියන කෙනෙක් නැතුව අමාරුයිනේ!

    ReplyDelete
    Replies
    1. ලහිරු : උදව්වක් ඕනි නම් කියපන්...

      Delete
  32. අනේ අපි නම් ඔව්ව දන්නෙත් නෑ අෆ්ෆා.... :)))

    ReplyDelete
    Replies
    1. Shani : ඉගෙන ගනින් ශානියෝ... :D

      Delete
  33. මාත් ගන්නව හැම එකෙන්ම එක එක.... :D

    ReplyDelete
    Replies
    1. පොඩි මෑන් : උබට එක එක ඇතිවෙයිද මන්ද :D

      Delete
  34. හික් හික්. එල එල.
    මම ඔය එකකටවත් ගිහිල්ල නෑනෙව, අවුරුදු 3ක් තිස්සෙ ආයෝජනය කරල. :D මට යන්ඩ කම්මැලියි අප්ප. :)

    මගෙ බ්ලොග් එකට දීල තියෙන ඇඩ්වර්ටයිසිං පාරට තෑන්කූ...

    ReplyDelete
    Replies
    1. Madhawa Habarakada : දැන් නම් මටත් යන්න හිතෙන්නෑ... ආසවට ලංකාවෙ ඉන්න ටිකේ එහෙකට ඔලුව දාන්න ත් ආසයි.

      Delete
  35. මුල ටික කියවන් එද්දී මටත් සිරාවටම හිතුනා වැඩේ සෙට් වෙලා AGM කීපයක් වන්දනා කරන්න යන්න. ඒත් අන්තිමට තිබුණු ටිකත් එක්ක හීනේ බොඳ වෙලා ගියා :(

    ReplyDelete
    Replies
    1. Hasitha : හික් හික්.. කාලෙකින් හසිත මලයා මේ පැත්තේ ඇවිත්

      Delete
    2. Exams තිබ්බ නිසා මාසයක් එක හමාරක් විතර නිවාඩු පිට හිටියේ

      Delete
    3. Hasitha : උබ අවුරුදු උත්සවේට ආවෙ නෑනේ මේ පාර

      Delete
    4. ඔව් අයියා. exams තිබ්බේ 20,24,27

      Delete
  36. This comment has been removed by the author.

    ReplyDelete

Related Posts with Thumbnails