පොඩි කාලේ හැම පන්තියකදිම අහපු ප්‍රශ්නයක් තමයි ළමයි ලොකු උනාම කවුරු වෙන්නද කැමති කියලා... පොඩි කාලේ ඉදන්ම ඔලුවලට දාල තිබ්බ නිසාද.. අපි දන්න ලොකුම රස්සා දෙක නිසාද මන්දා හැමෝම දුන්නේ එකම උත්තර.... එක්කො දොස්තර කෙනෙක්... එක්කො ඉංජිනේරුවෙක් කියලා...
ඉස්කෝලෙ කාලේ ගුටි කාපුවා.. දඩුවම් ලබපුවා.. මතක් කරමුද.. පෝස්ට් එකේ කිව්ව වගේ නැගෙනහිර පළාතේ තිබුන ඒ පාසලේ ඒ පන්තියේ හිටි ළමයින්ගෙන් එකෙක්වත් ඒ ටාගට් එකට ගියාද කියන්න මම දන්නෙ නෑ... ඒත් මම ඒ පාසලේ හිටි අවසන් වසරෙදි... 5 දි ඔය අහපු ප්‍රශ්නෙට එකෙක් විතරක් දුන්නෙ වෙනස් උත්තරයක්.. ඒ ලොකු උනාම " ක්‍රිකටර් " කෙනෙක් වෙනවා කියලා... ඌ උනාද නැද්ද මම දන්නෙ නෑ... ඒත් ඌ වෙනස් විදියට හිතුවා...
අනික් උන් මම දන්නෙ නෑ ඒත් මගේ නම් එතනින් එහාට ලොකු උනාම වෙන්නෙ මොකෙක්ද... කරන්නේ මොනාද කියල ඔලුවෙ තිබුනෙ නෑ... වාර විභාගේ කොහොම හරි පාස් වෙන එක... ඊට පස්සෙ O level ගොඩ දාගන්න එක තමයි තිබ්බ අරමුණ...
එතනින් පස්සෙ ආව ප්‍රශ්නෙ උසස් පෙළට කරන්නේ මොනාද කියල... ඩොකෙක් වෙන්න නම් Bio... ඉංජෙක් වෙන්න නම් Maths... අකවුන්ටන්ට් කෙනෙක් වෙන්න නම් Commerce... ඔය වගේ අදහසක් තමා ඒ වෙද්දිත් තිබුනේ... ඩොකෙක් කිව්වම ඒකේ කොයි තරම් අංශ තියෙද.. ඉංජෙක් කිව්වම කොයි තරම් අංශ තියෙද ඔව්ව ගැන හිතක වත් නෑ...
අතිජාත යාළුවො සෙට් එකක්... අදටත් ඕනිම දේකදි වචනෙන් හරි උදව්වට ඉන්න බොක්කෙ කොල්ලො සෙට් එකක් එකතු උනේ ඒ කාලෙදිමයි.... කෙල්ලො.. වලි.. වැල... වල බැහීම්... එකක් නෑර යන මළ ගෙවල්.. දාන ගෙවල්... එක්ක අවුරුදු දෙක ගෙවිල ගියා... සමහර කොල්ලොන්ගෙ ගෙවල් වලින් අපිත් එක්ක සෙට් වෙන එක.. යාළුකම් පවත්වන එක සීමා කරන තැනටම අපි ඉගෙන ගන්න උනන්දු වෙලා තිබ්බා... එහෙන් මෙහෙන් සෙට් උන උන් ඇත් උනත්.. අතේ දුරින් හිටියත් අපි 7 දෙනා බොක්කෙන්ම වලට හිටියා...
" මචන්ල... මොන රිසල්ට් එක ආවත් හැමෝටම කියපල්ල S 3යි කියලා හරි.. " මොකද ඒ වෙද්දි අපි හිටි තත්වෙ අනුව උපරිම S 3 තම කියල අපිටත් තේරිල තිබුනේ...
රිසල්ට්ස් ආවා... 4 දෙනෙක් ෆේල් වෙද්දි 3 දෙනෙක් යන්තම් පාස් උනා... ගොන්කම් තේරුනා.. කෝම හරි ගේමට බැහල විභාගෙ කරා දෙවැනි පාර... ඊට කලින් එකෙක් රට ගියා... රිසල්ට්ස් වලින් තව එකෙක් කැම්පස් ගියා... අනික් උනුත් මොන මොනා හරි කරා... කාලය ගෙවිලා.. ඒ ලෙවල් කරද්දි අපි එකෙක්වත් හීනෙන් වත් නොහිතපු දේවල්.. තැන් වල අද වෙද්දි අපි ඉන්නේ... අපේ පන්ති වල හිටපු සමහර උන් ඩොකාල ඉංජල වගේම පොලිස් කූඩු වල ඉන්න උනුත්....
ඊයේ අපේ එකෙක් කෝල් කලා.. පැය දෙකක් විතර කයියක් දැම්ම... ඕපදූප තමයි...
"""" ඒ බන් **** බැඳල පොඩි එහෙකුත් ඉන්නවනේ...
අන්න අරුත් බැදල බන්...
උබ දැක්කද අරූගෙ කෑල්ල.. කොහොමද හිටියේ ඌ ඒ කාලේ..
ලොක්ක රට කනවා බන්.. යුද්දෙ නවත්තපු එක හරි.. ඒ උනට බලපන්...
ඒ කෝ බන් **** ආරංචියක් වත් නෑ..
පව් බන්.. ඌටත් කීයක් හරි දෙන්න ඕනි.. අනේ මන්දා සල්ලිත් නෑ බන්... """"
නා නා ප්‍රකාර කතා අස්සෙ
" බලපන් බන්.. අපි එකෙක් වත් තාම කිසිම ස්ථාවරයක නෑනේ.."
ඔය ගැනත් කතා උනා.. ඇත්ත.. රස්සා කරනව.. හම්බ කරනව.. කාටවත් අත නොපා කොහොම හරි ජීවත් වෙනව.. ඒත් ඇත්තටම අපිට මීට වඩා හොඳ තැනක ඉන්න තිබ්බ නේද කියල අනන්ත හිතෙනවා..
" ඇයි බන් බලපන්... කොයි වෙලේ බැලුවත් සල්ලි නෑනේ.. "
" හික් හික් අපි රට ඉදල අපි ගාවත් නෑ.. අර ලංකාවෙ ඉන්න උන්.. උන්ටත් නෑ.. සල්ලි නෑ බන් මිනිස්සු ගාව.. අපිට විතරක් නෙමෙයි... "
" ඒ උනාට උන් ආතල් එකේ ඉන්නව බන්... මාසෙකට නිවඩු කීයක්ද... බලපන් මූනු පොතේ ෆොටෝ ට්‍රිප් ගිහින් දාන... "
" ඒකත් ඇත්ත... ඒත් බන් තාම තනිකඩයො.. බලපන්.. බැඳල.. දරුවෙක් එහෙම හැදුවට පස්සෙ කොහොමද කරන්නේ.. "
" හිතන්න එපා බන්.. ඔය මිනිස්සු කරන්නේ.. අපිත් කොහොම හරි කරයි.. "
" අඩෝ උබ දැක්කඩ මූනු පොතේ ***** ගේ ***** කොහෙන්ද බන් උන්ට සල්ලි ? "
" ඔය කොහෙන් හරි හම්බෙනව ඇති බන්.. ***** කියන්නේ උබවත්... උබ කියන්නේ ***** නෙමෙයි නෙ බන්... "
හිත හදා ගන්න හරි.. රවට්ට ගන්න හරි.. අපි කතා කරා.. හේතු කිව්ව...
ඔහොම ගොඩක් දේවල්... පරණ කෙල්ලො ගැන.. දැන් කෙල්ලො ගැන... අතීතෙ අනාගතේ.. හුඟක් දේවල් ඔය කතාවට එකතු උනා...
ෆෝන් එක තිබ්බට පස්සෙ මට හිතුනේ... " ජීවිතේ මහ පුදුම දෙයක් " කියලා..
අපි හීනෙන්වත් නොහිතපු දේවල් රැසක් එක්ක තමයි අපේ ජීවිත ඉස්සරහට යන්නේ... ජීවිතේ ගැන තීරන ගන්න සිද්ද වෙනවා... තනි පාරවල්... දෙමං හන්දි... තුං හන්දි... හතර මං හදි... ඔව්ව හමු වෙනවා... ඔවයෙන් හැරුනම ආයෙ යූ ටර්න් ගහන්න අමාරුයි... සමහර පාරවල් one way ඔන්ලි... ඉතින් කැමත්තෙන් හරි අකමැත්තෙන් හරි ඒ දේවල් දිගේ අපි ජීවත් වෙනවා..
මේ සටහන ලියන්න හිතුනේ ඇයිද මන්දා... මේ වගෙ ලඟින් යන පෝස්ට් එකක් රංග අයියත් ලියල තිබ්බා...
කිසිම ගැලපීමක් නැති වචන ගොඩක්ද කියලත් හිතෙනවා ආයෙ කියෙව්වම... ඕනි... පු*** කියල ඔන්න පෝස්ට් කරනවා...



හ්ම්ම්ම්ම් ඇත්තමයි!!! ජීවිතේ මහ පුදුම දෙයක් තමා අයියෙ!!!
ReplyDeleteහිතුවක්කාරි : ඒකනේ...
Deleteඅපටත් ඒවගේ තමයි. අනාගෙතේ ස්ථීර නෑ. සෙට් එකේ හිටපු එවුන්ගෙන් සමහර එවුන් හමුදාවෙ. බැඳපු එවුන් නම් එකයි ඉන්නෙ. සමහර එවුන් කැම්පස්. අපට මොනව වෙයිද කියල හිතාගන්න බෑ.
ReplyDeleteකිරිපුතා : අද ඉන්න එවුන් හෙට නෑ... ඒකනේ එඩ්වර්ඩ් මහත්තයත් කියන්නේ " මේ ඉර හද යට ආදරයෙන් කතා කරපු අය සෙනේ වඩපු අය ලඟ පාතකවත් නෑ " කියලා
Deleteඇත්ත තමයි...
ReplyDeleteජිවිතේ කියන්නේ මහ පුදුම දෙයක් තමයි.
මගෙත් හිතේ ලොකු ලොකු ටාර්ගට්නම් තිබුනේ නැහැ.
ඒත් යන්න ඕනේ ගමන ගියා කොහොම හරි කරදරයක් නැතුව
ලොකු පුතා : සතුටුයි ඒ ගැන
Deleteමාර සිද්ධිය වැපත් විකාර ලියනවා.... පස්සේ රංගයියා.... දැන් උඹටත් ලෙඩේ හැදිලා! බයේ බෑ මෙව්වා බෝ වෙන්නේ බ්ලොග් වලින්ද දන්නෑ! මං හිතන්නේ මම නම් තාම යහතිං!
ReplyDelete(සිරාවට බං අයියලා දැන් පෙලවහක් කාරිය කරගන්නත් කල වයස හරි නේද? ඔය වගේ විකාර හිතෙන්න ගන්නේ පෙලවහක් කරගන්න හරි කාලේ ආවම වෙන්න ඇති! :D)
පූසො..තොට මෝහිණී වැහිලද අර තනිකඩ අහිංසක කොල්ලන්ට බෙල්ලෙ වැල දාගන්න හැටි කියල දෙන්නෙ??
Deleteපූසා : හික් හික් ඔව් ඔව් වයසටත් යනවනේ....
Deleteවින්චැට්කිරිල්ලි. : අපි හැමොම කවද හරි වැටෙන්නත් එපැයි ඔය අමාරුවෙ... :D
Deleteවින්චැට්කිරිල්ලි: නෑ නෑ එහෙම වෙන එකක් නෑ. එයාලා ඔයාව නෙමෙයිනේ බඳින්නේ! :D
Deleteමචන් උබ කලින් යූටර්න් එක ගැන ලියපු ලිපියට දාපු කමෙන්ට් එකම අද මෙතන කෑල්ලක් කොපි කරලා දානවා ... ඒකේ පොඩි වෙනසක් කරලා
ReplyDelete[මං ගැන ගත්තොත් මාත් යුටන් එකක් අද ගැහැව්වා මගේ රස්සාව පැත්තෙන් ... :D වෙලාවකට ඒක හරි කියලා හිතෙනවා වෙලාවකට ඒක වැරදියි කියලා හිතෙනවා ... :D ]
වැප් : මට මතකයි... එක එක වෙලාවට හිතෙන දේවල් නේ බන්
Deleteඇත්ත බං! ඇත්ත! සිරාම ඇත්ත!
ReplyDeleteමාධව - மாதவ - Madhawa : අපි කියයි බොරු හික් හික්
Deleteහ්ම්...... එක ටාගක එකක්නම් හරි ගියා.තව ඉදිරියට තියෙනවා ලොකු ටාගට් එකක්.බලමුකෝ මොකක් වෙයිද කියලා.මොනවා වුනත් එකගෙ ඉගෙන ගත්ත සෙට් එකනම් හොද තැන්වල ඉන්නවා.මග හැලිච්ච එකෙක් නැති තරම්.. :)
ReplyDeleteනිසුපා : අහන්නත් සතුටුයි....
Deleteඔයාගෙ කමෙන්ට් එකක් ස්පෑම් වෙලා.. දැන් දැක්කේ
මාතෘකාව දැක්කම ඒ වගේ වචන තියෙන සිංදුවක් තියෙනව වගේ මතකෙට ආව.
ReplyDeleteමං ඔය කියපු වයසෙදි හිතා හිටියෙ කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න.
P.S.
ටිකට් බුක් කලාද, කවදද ගොඩ බහින්නෙ ? අපි දෙවෙනිදා
Observer : කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් නොවුනට ලංගමේට සෙට් උනානේ...
Deleteමම මේල් එකක් එව්වා ඔබා මාමේ හම්බුනානේ
ඔව්ව ඔහොම තමයි. මම නං කිසිම දෙයක් ඕනවට වැඩිය හිතන්නෙ නෑ. හෙට මැරුණත් ලොකු දුකක් නෑ.
ReplyDeleteරාජ් : ඒකත් හොඳ තියරියක්
Deleteජීවිතේ කියන්නෙ කල්පනා කරල බලන් ගියොත් මහ පිස්සුවක් බං . . . නූල අතේ තියාන යන දිහාවට යන්න දෙන්න ඕනෙ ඒකට. බලාපොරොත්තුත් තියෙන්න ඕනෙ . . හීනත් දකින්න ඕනෙ ඒත් ගානකට
ReplyDeleteඕනයා : ඔව් බන් උබ හරි... හැම දේකම සීමාවක් ඇතුව
Deleteනියමයි පිස්සා... මරු... එදා මාත් එක්ක හිටිය එවුන් අද ඉන්නේ ඔය වගේම තැන් තැන් වල...
ReplyDeleteprasanna86k : අපි හැමෝටම පොදු දෙයක් නෙ බන්
Deleteමගෙත් ජීවිතේ මේ වෙනකම්ම නම් ඔක්කොම යු ටර්න් රවුන්දබවුට් වන් වේ හරහා අවා. බලමු මේ පාරත්.
ReplyDeleteක්සැන්ඩර් | Xander : ඉස්සරහටත් ඔහොම්ම යයි මචන්
Deleteඇත්ත තමා බොල....
ReplyDeleteBeta bawa : ඒකනේ...
Deleteතව අවුරුදු ගානකිං අපට මොනා වෙලා තියෙයිද මන්ද අප්ප!
ReplyDeleteතනි අලියා : කොහේ හරි ඉදියි... එදටත් ලියපන් බ්ලොග් එක පුළුවන් කමක් තිබුනොත්
Deleteහ්ම්ම්ම්.. ඒකත් ඇත්ත...
ReplyDeleteහසී : ඇත්ත නිසානේ බොල හසියො ලිව්වෙ හික් හික්
Deleteඅපිටත් ඉස්සරහට ඔය සෙතේම තමයි.....අද නම් පට්ට පැරඩ් එකක් ගියා පිස්ස අයියෙ පික්ෂු හැදිල ආයෙ හැදෙනව....:)))))
ReplyDeleteහිතහොඳ පිස්සා : දැක්ක දැක්ක ෆොටෝ ටික... ආයෙ කවද යන්න සෙට් වෙයිද මන්ද අපිට... මැන්ටල් වෙලා යන්නත් බැනේ බන් හික් හික්
Deleteවිශ්වාස කරයිද දන්නැහැ
ReplyDeleteඅපෙ අයියගෙ පොඩි එකා කට පුරා කියන්නේ කුණු ට්‍රැක්ටරේක ඩ්‍රැයිවර් වෙනව කියල. පොර ට්‍රැක්ටර් වලට ආසයි !
sAm (සෑම්) : ඌ මාර බුවෙක් නේ...
Deleteමටත් ඔය දේ හිතිලා දැන් සෑහෙන් කාලයක් වෙනවා.. අපි හැමෝටම අපි බලාපොරොත්තු වෙන තැනට යන්න බෑ.. ඒකයි ඇත්ත.. ඒත් අපි යම් තැනකට ගිහින් සතුටින් ඉන්නවා.. අන්න ඒකයි වැදගත්ම..
ReplyDeleteDinesh : ඔව් මචන්.. අපි ලැබෙන දේ හිනා වෙලා බාරගන්න ඕනි
Deleteමටනම් පොඩි කාලේ ඉදං තිබුනේ එයාර් ෆෝස් යන්න ඒත් මොකෙටත් කලින් මේ අයි.ටී එකක් අල්ල ගත්තනේ...
ReplyDeleteකනියා : හිතන් ඉන්න හැම දේම වෙන්නෙ නෑනේ මචන්
Deleteහිතාගන්න බැරි දේවල් තමයි මේ ජීවිතේදී සිද්දවෙන්නේ.. හැමදේටම මුහුණ දෙන්න ඕනා
ReplyDeleteවර්ණා : ඔව්... පැනල යන්න බෑනේ
Deleteඇත්ත පිස්ස අයියේ...වෙලාවකට හිතෙනව කලිසන් කොටේකුයි,ෂර්ට් එකයි ඇඳන් ඉස්කෝලෙ ගියකාලෙම ඉන්න තිබ්බනම් හොඳයි කියල.ඉස්සර මේ වගේ ප්‍රශ්න, මහ බරවල් ඔලුවෙ තිබ්බෙ නැහැනෙ.ඒ අතීතය මතක් වෙද්දිනම් දුකක් දැනෙනව...
ReplyDeleteසිහින මතකයන් : ස්කෝලෙ කාලේනම් කියල වැඩක් නෑ... ජීවිතේ ලස්සනම කාලේ
Deleteකොහොමත් ජිවිතේ කියන්නේ අමුතුම වචන ගොඩක් තමයි..කිසිම පිළිවෙලක් නෑ!!!
ReplyDeleteගිනි කුරුල්ලා : හ්ම්ම් ඔව්...
Deleteඅද කියවන්න උනේම පෝස්ට් පිටින් රිප්ලයි කරන්න වෙන පෝස්ට්... අනේ මංදා බන්....
ReplyDeleteඅභීත : හික් හික්... අනේ මන්දා කියන්නේ නියම වචනයක් බන්
Deleteමම නම් හීන මැව්වේ ගගන ගාමියෙක් වෙන්න, ඒත් 5 වසරෙන් පටන් ගත්ත විභාග ටික තමා පරහට හිටියේ.
ReplyDeleteජීවිතේ මාහා පුදුමාකාරයි. වචනයකින් කියල නිම කරන්න බැරි තරමටම මැරෙන තුරාවටම
පැතුම් [සිතුම් පැතුම්] : විභාග හික් හික්... ඒ විභාග මොනවද කියල හිතෙන්නේ ජීවිතෙ එන ප්‍රශ්න පත්තර එක්ක බලද්දි
Deleteජීවිතේ මහ පුදුම දෙයක් බං හිතපු දෙයක් කවදාකවත් ඒ වගේ සිද්ද වෙන්නේ නෑ . නොහිතාපු දේවල් සිද්ද වෙවී ගිහිල්ලා කවදාක හරි ඉවර වෙලා යනවා .
ReplyDeleteජීවිතේ කියන්නේ දුර ගමන්ක් සල්ලි තියේ නම් අපිට ඒ ගමන බොහොම සනීපෙට කාපට් පාරක ගෙවුව හැකි . ඒත් සල්ලි නැති නම් ජීවිතේ ගෙවන එක වලවල් පාරක ඩක්කුවක් පදින්නක් වගේ වැඩක් වෙනවා ..
කිසිම දවසක මගේ ජීවිතේටාගට් එකක් තිබුනේ නෑ . තිබ්බත් ඒව මහ සූපිං ටාගට් අද බොන්නේ කෝමද හෙට බොන්නේ කෝමද ඔන්න තිබුන ටාගට් දැන් නම් හිතට හීන ටිකක් ආයේ ඇවිදිල්ලා බලමු එවුවා හැබෑකරගෙනවත් ගොඩ යන්න හැකිවෙයිද කියලා ..
මොන දේ වුණත් ආතල් එකේ ඉඳහන් පිස්සා ..
හිස් අහස : සල්ලි තිබ්බනම් කාප්ට් එකේ යන්න පුළුවන්.. ඒත් ඔය කොයි ජීවිතයකවත් පිටින් පේන ලස්සන නෑ බන් ඇතුලේ... මට එහෙම හිතෙනවා...
Deleteඅනිවා... මොනා උනත් ෆන් එකේ.
මොනව කරන්නද බං අපේ සෙට් එකත් දැන් එක එක තැන් වල. සමහරුන්ට නම් දැන් අපිව මතකත් නෑ. ජිවිතේ ගෙවිල යනවා. අපි තැන් තැන් වලට යනවා. තව අවුරුදු 10කින් විතර අපි කොහේ ඉදියිද මොනව කරයිද කියල කවුද දන්නෙ
ReplyDeleteරුචා : ඔය කොහේ හරි ඉදියි බන්.... එදාටත් පුළුවන් කමක් තිබ්බොත් හම්බෙල පිස්සුවක් නටමු
Deleteබුල්ටෝයි මමයි නං සෙට්වෙලා ඉන්නෙ හැරමිටියෙන් යනකාලෙ ආයෙ සෙට්වෙලා පෙට්ටි සුරුට්ටුවක් ගහන්න. සංජු ටීචත් එනව කීව දත් තිබුනොත් විටක් හපන්න . . . උඹල දෙන්නත් සෙට් වෙනවද ???
Deleteයකෝ හැරමිට්ටෙන් යනකල් ඉන්න ඕනිය... සුරුට්ටු නම් බෑ.. වෙන මොනා හරි නම් මේ අප්‍රේල් උනත් ඔට්ටුයි... :D
Deleteජීවිතේ මහ පුදුම දෙයක් !!! සහතික ඇත්ත........
ReplyDeleteShani : ඒකනේ කියන්නේ හික් හික්
Deleteජීවිතේ කියන්නේ මහ පුදුම දෙයක්...සමහර දේවල් හිතාගන්නවත් බෑ වෙනෙස් වෙලා තියෙන හැටි....ගියපාර පොඩි එකාට බේත් ගන්න ගියාම පරන කෑල්ලක් ඉන්නවා ළමය එක්ක..හිනා වෙලා ආවා එන්න......
ReplyDeleteඔබ නොදුටු ලොවක් : පරණ කෙල්ලො නම් දරු වො එක්ක තාම මුන ගැහිලා නෑ... කොල්ලො එක්ක නම් හම්බෙලා තියෙනවා
Deleteජීවිතේට මිනිස්සු ඔච්චරම ආස ඔනන් ඔය අවිනිශ්චිත බව නිසාම වෙන්න ඇති බං. හරියට නූලට අඩිකෝදු තියල ඉරි ගහපු ජීවිතයක් බැලූ බැල්මට හොඳයි කියල හිතුනට ඒකෙ තියන ඒකා කාරි බවනිසාම කාලයක් ගියාම එපා වෙලා යයි.
ReplyDeleteජීවිතේ සැලසුම් කරපු දේවල් වලින් කීයෙන් කීයද බං හරිගිහිල්ල තියෙන්නෙ. අනිත් උන්ට නම් කොහොමද මංද මම නම් ප්ලෑන් කරපු එක දෙයක්වත් හරිගිහිල්ල නෑ [සිල්ලර දේවල් නෙමෙයි. ජීවිතේ මේ වගේ වෙන්න ඕන වගේ දේවල්] ඒත් බං අපිත් මේ ඉන්න උඹලත් එක්ක එක පළලෙ වැටිල !
කසාදයක් බැඳල, පොඩි එකෙකුත් හදාගෙන ගෙවල් කුලී ගෙවාගෙන උයාගෙන පිහාගෙන, තව හමන් බිමනුත් ගිහිල්ල කොහොම කරන්නද කියල වතුරට නොබැහැ ගොඩට වෙලා හිතුවනං තාම මං ඉවුරෙ බං. වෙන ඕන දෙයක් වෙද්දෙන් කියල කල්පනාවෙන් වතුරට බැහැල ඔය යහතින් ඉන්නෙ.... ජීවිතේ හරි පුදුමයි තමයි. ඒවගේම ලස්සනයි බං.
ආ.. අමතක උනා. අපේ ක්ලාස්වල හිටිය "ගවනර්" කෙනෙක් වෙන්න ඕනෙ කියාපු යාළුවෙකුත්. දැන් මිනිහ ඉන්ජෙක්. රයෙත් නැද්ද කොහෙද. මටනං මොකක් වෙන්නවත් ඕනකමක් තිබුනෙ නැද්ද කොහෙද බං. [අපරාදෙ මටත් මොකෙක් හරි වෙන්න තිබුනෙ]
නවම් : ඔව් බන්... ඔය ඉන්නෙ ඉතින්.. අපිත් ඉදියි බන් ඔහොම.. උබ හරි බන් අයියේ... ඒකාකාරි ජීවිතේකට වඩා මෙහෙම හැල හැප්පීම් එක්ක යන එක හොඳයි තමා...
Deleteමේ පොස්ට් ඒක කියවද්දී අපේ සෙට් ඒක මතක වුනා.අපි හිටපු විදියට දන ඉන්න විදිය ගැන හිතද්දී පුදුමත් හිතෙනවා.දන හැමෝම මොනවා මොනවා හරි කරගෙන හොඳින් ජිවත් වෙනවා ඒවා ගැන මතක වෙද්දී අපි ගැන අපිටම සන්තෝසයක් දැනෙනවා මචං..
ReplyDeleteඅසරණයා : ඔව් බන්.. හිටපු විදියට මෙහෙම ඉන්න එක ම මදැයි
Deleteමේ පොස්ට් එක කියවලා මගේ හිතත් අතීතය වෙත දිව ගියා .මොන තරම් සුන්දරද ඒ කාලය.
ReplyDeleteතුෂා : හ්ම්ම් අපි හුඟ දෙනෙක්ගෙ අතීතය.. පාසල් කාලයට අපි ආසයි...
Deleteඑල ලිපිය. අනේ මන්ද බන්, කවුරු හිටියත් අන්තිමට තමාට තියෙන පිහිට තමාම තමයි.
ReplyDeleteගුණේ : ස්තුතියි මචන්
Delete