Monday, March 19, 2012

මූනු පොතේ කෙලි පොඩ්ඩි

Share


පහුගිය දවසක අපේ අමිලයට කෝල් එකක් දීපු වෙලවක වෙච්චි කතා බහක්...

" මේ උබට ****** කියල කෙල්ලෙක් Facebook එකේ Request එකක් එවල තිබ්බද ? "

" ම්ම්ම් මතක නෑ බන් අමිලයා.. මම දන්නෙ නැති එව්වො ඇඩ් කරන් නෑනේ බන්.. හිටු බලන්න "

Facebook හදපු දවසෙ ඉදන් ගොඩ ගැහුන නොදන්න එව්වොන්ගෙ friend request ගොඩ අස්සෙ මට හම්බුනා ලස්සන කෙලි පොඩ්ඩක්...

" අහ් ඔව් බන්... common friends ල නම් ඉන්නව 30 ගානක්.. කවුද බන් මේ කෑල්ල "

මේකා හිනා වෙනවා...

" දැන් වැඩක් නෑ බන්.. ඕකෙන් සිරා ආතල් එකක් ගත්තේ.. උබටත් බෝලෙ බස්සන්න හදුවෙ තෝ ඇඩ් කලේ නෑනේ.. "

" මොන බෝලයක්ද බන්.. කවුද ඒ "

" හික් හික් ඔය මගේ Profile එකක් බන්.. "

" හෑ.. එතකොට කවුද බන් ඔය ඉන්න කෙල්ල ?? "

" ඒ බන් ඉන්දියාවෙ දෙමල ෆිල්ම් වල ඔය පොඩි කෑලි රඟපාන කෙල්ලෙක් බන්... "

" තොට මොකටද යකෝ ගෑණු Profile එකක්... "

" ඉදහන්කො කියන්න... මචන් අපි FB ගියාම ඔය ඉන්නෙ බන් online කොල්ලො... ඔය එහෙමත් එකෙක් තමයි බන් දැන් Hi පාරක් දැම්මත් කතා කරන්නේ.. ඇයි බන් එක පන්තිවල හිටි එවුන්නේ බන්.."

" මොකටද බන් ඉතින්.. මම නම් ඔය එකෙක්ටවත් Hi පාරවල් දාන් නෑ බන්.. කතා කරොත් කතා කරනවා.. "

" හරි ඉතින් අහපන්කො.. "

" මම සෙට් එහෙකටම යැව්ව මචන් මේ කෙල්ලගෙ profile එකෙන් request හරිද... ඊලඟ දවසෙ ඔන්ලයින් යන්න නෑ මුන් Hi ගානව.. ඔයා කොහෙද.. ඔයා කෑවද... මොකද කරන්නේ.. ඉවරයක් නෑ බන් chat .. අර නිකමට අපිට Hi පාරක් දාන බැරි Busy කොල්ලො.. "

" හික් හික්.. "

" උබට මතකනේ බන් *****... ඇයි එකට පාඩම් කරපු ක්ලාස් ගියපු කොල්ලොනේ... මූ ඉන්නව ඔන්ලයින් හරිද... මම මචන් පොඩි චැට් එකක් දැම්ම කොහොමද මචන් එහෙම කියලා.. සද්දයක් නෑ.. මම 3 පාරක් උබ ඉන්නවද එහෙම අහල යැව්වා මොකුත් නෑ...

මම පට් ගාල අනික් එකෙන් ලොග් උනා.. ලොග් වෙලා පොඩි Hi පාරක් දැම්ම.. අඩෝ වැල නොකැඩී... හලෝ ස්වීට් කොහොමද.. ඔයා වැඩද අද.. බ්ලා බ්ලා.. හරිද.."

" හික් හික්.. "

" මම මූව ඇන්දුව ලෙසට.. මම මචන් කෙල්ලගේ ජොබ් එක දැම්ම මගේ ඔෆිස් එක හරිද.. උබ කියන්නේ මූ ලෙසට ඇදල දවසක් මට කෝල් කරනව හරි.. ඔය බන් අවුරුදු බර ගානකින් ඕක මට කෝල් කරේ... කෝල් කරල මගෙන් අහනව

අමිල මචන් උබ දන්නවද ***** කියල කෙල්ලෙක්..

ඔහොම මචන් මාසයක් විතර ඇදන් හිටියා.. අන්තිමේදි මටම ඇති වෙල මම ඌට සීන් එක කිව්ව... "

" හික් හික් ඊට පස්සෙ.. "

" අඩෝ කැ** වැඩේ බන්.. කියල මූ දැන් හෙන අවුලෙන්.. මූ අඩන සයිස් මචන් හරි.. අනේ බන් කාටවත් කියන්න එපා.. කිය කිය.. මට හෙන ආතල් ...ඇයි බන් මුන්ට කොහෙවත් යන කෙල්ලො ලොකු වෙනවට.. මම කිව්ව අපේ සෙට් එකටම "

" තෝත් කරන වැඩ.. "

" නෑ බන්.. සිරාවට මචන් පරණ කොල්ලෙක් එක්ක පොඩි චැටක් දාන්න බැරි එව්වො මොකටද බන්.. ෆිට් එකටනේ බන් කතා කරන්නෙ
... තව ඉන්නෝ කීප දෙනෙක් ලිස්ට් එකේ.. "

" හික් හික්... "

" හරි ඒක ඉවරයි ඉතින් කියපන්කො උබේ ජීවිතේ කොහොමද...."

අවවාදයයි : ඔන්න තොපිලත් පරිස්සමින් ඔය නොදන්න ඉටි රූප වගේ ගෑණු දරුවො එක්ක හුරතල් වෙද්දි මූනු පොතින්.

51 comments:

  1. අයියෝ පිස්ස අයියෙ අපෙත් චීත්ත කෑලි එමටයි....fb එකේ කෙල්ලොන්ගෙ ලස්සන පින්තූරයක් තිබ්බොත් comments වැලක්ම දානව......මම නම් කියන්නෙ ඔය වගේ වැඩකින් හරි ඔහොම පොරවල් නෝන්ඩි කරන එක හොඳයි......හැබෑටම දැන් ඔය කිව්වත් වගේ පරිස්සමෙන් ඉන්න ඕන....හික් හික්

    ReplyDelete
  2. මට මතක් වෙන්නේ මල ගෙදරක් දවසේ අපේ එකෙකුට රචියා කියපු කතාවක්...

    අනේ යකෝ... තෝ සතියක් දාගෙන හිටියෙත් මුගේ ෆේක් ප්‍රොෆයිල් එකක්නේ බන්....

    ReplyDelete
    Replies
    1. හැකිස්! මටත් මතකයි! :D

      Delete
    2. පූසට ද සීන්නෙක වුනේ... :D

      Delete
  3. හාපෝ ඔහොම එවුවොනම් එමට ඉන්නවා..

    ReplyDelete
  4. සිරා ! ලඟදි ඉදන් ගොඩක් ය ෆේස්බුක් එක සුද්ද කරලා තිබ්බා මාත් සුද්ද කරා නොදන්නා අයව අයින් කරලා

    ReplyDelete
  5. හොඳ වෙලාවට මාත් නොදන්න අයව ඇක්සෙප්‍ට් කරන්නේ නෑ. එහෙමට කියලා රික්වෙස්ට් එන්නෙත් නෑ ඉතිං :D

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. හෙහ්... සාතනුත් ඉතිං කතා කලොත් කතා කරනව... හැබැයි ඉතිං කෙල්ලන්ට මුලින්ම කියනව, කොල්ලෙක්ට වගේ කතා කලොත් ගනන් ගන්න එපා කියල... මොකෝ මූණු පොතේදි ගෑණු ලමයින්වත් පුරුෂ ලිංග විදිහට තියන් තමයි ආස්සරේ :) ටික කාලයක් ගිහින් කෙල්ලෙක් කියල ෂුවර්මනං තමයි ඉතිං අක්කෙ නංගි කියන්නෙ... නැත්තන් ඉතිං බන්, උඹ තමයි

    ReplyDelete
    Replies
    1. ඈ යෝධයෝ, එතකො‍ට ඔය හැමදාම චැට් කරන කෙල්ලෝ ටිකවත් තාම කෙල්ලෝ කියල ෂුවර් නැද්ද?

      Delete
    2. කෙල්ලො ටික?... උඹ හිතුවද දහ දොළොස් දෙනෙක් ඉන්නව කියල...

      Delete
    3. හරි හරි දහයක් දොළහක් නෑ, පහයි හයයි ඉන්නේ.

      Delete
  8. අපේ කට්ටියට නම් ගොඩක් වැදගත් කතාවක් ඕක.:) ජීවිතේට දන්නේ නැති කෙල්ලෙක් හායි කියනවා කියන්නේ ඉතින් ගොඩක් වෙලාවට ඔහොම සීන් එකක් තමයි.

    ReplyDelete
  9. කතාවනම් සහතික ඇත්ත.. අපි කතාකලොත් සමහර එවුන්ට නිදි මතයි අරකයි මේකයි කියලා යන්න යනවා.. කතා නොකරන දවසට මහ රෑ වෙනකන් උන් ඉන්නවා ඔන්ලයින්..

    ReplyDelete
  10. අපේ එකෙක් ඉන්දියාවෙ පොරක්ව ඔය විදියට අන්දගෙන උගෙන් හින්දි ඉගෙන ගෙන තිබ්බා.

    ReplyDelete
  11. අපි නැහැනේ ඔව්වට....

    ReplyDelete
  12. අපි නැහැනේ ඔව්වට....

    ReplyDelete
  13. මාසෙකට වතාවක් ෆේස් බුකියට යන නිසාම අපි බේරි ..

    ReplyDelete
  14. හැබැයි ඉතිං ඇඩ්සෙන්ස් සීන් එකට බහිනවනං ෆේක් බුකි ප්‍රොෆයිල් එකක් තියෙන්නම ඕනෙ

    ReplyDelete
  15. හික්ස් ඕක හොදයි අපේ එකෙක් අපේ සර් කෙනෙක්වත් ඇන්දුවා ඔය ගෑනු ප්‍රොෆයිල් එකකින්..

    ReplyDelete
  16. හික්ස් මං නම් කොහොමත් ගෑනු නම් පස්සේ දුවන්නේ නැහැ.

    ReplyDelete
  17. හොඳම වැඩේ ඒකනම් කොල්ලන්ට.....මම කිව්වෙ මේ ..මේ...පරණ යාලුවො අමතක කරල කෙල්ලො පස්සෙ දුවන කොල්ලන්ට ඈ......

    ReplyDelete
  18. අපි නං පීසා කෑවා ඔය වගේ එකෙක්ව අන්දලා...ආ තව චොකලට් එකකුත් ඌ ගෙනැල්ලා තිබ්බා..

    ReplyDelete
  19. ෆේස් බුක් ලව්....හෙහ්...හෙහ්...

    ReplyDelete
  20. එලවල කතා කරන්න යන්නෙ මොටෝ, කතා කලොත් කතා කරනවා ..

    ReplyDelete
  21. කතාව නම් සහතික ඇත්ත ..... හොද වැඩක්

    ReplyDelete
  22. අනේ අනිච්චං..
    මමත් උඹ වගේම දන්නේ නැති උන්ව ඇඩ් කරන්නේ නෑ.. නිකන් ටිංකිරි ගාගන්නේ මොකටද නේද..

    ReplyDelete
  23. සම හරක් බං අන්දන්න ඕනේ නෑ ඇඳගන්නවා

    ReplyDelete
  24. මන් නම් ෆේස් බුක් එකේ ගෲප් චැට් විතරයි යන්නෙ.. අනිත් චැට් එකට ඔන් උනොත් ඉතින් විනාසයි..වෙලාවක් නෑ අපේ වැඩක් කර ගන්න..

    ReplyDelete
  25. ඇග් ! අපිත් නෑනෙ ඔය කෙල්ලො එක්ක කතා. [තහනං බොල]

    ReplyDelete
  26. ඔව් ඔව් කතාව ඇත්ත. hi පාරක් දැම්මට යාලුවන්ගෙන් කී දෙනාද ෆිට් එකේ චැටකට සෙට් වෙන්නේ. අඩේ සිරාවටම මාත් ඔය වැඩේ කරලා බලන්න ඕනි.

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. හපොයි ඔව්, ඔය ඉටි රූපෙ වගේ පොටෝ දාගත්තු...එක්කෝ එහෙං මෙහෙන් අනං මනං පාර්ට්ස් පෙන්නන් ඉන්න පින්තුර කෑලි දාලා හදල තියෙන කෙල්ලොන්ගේ ප්‍රොෆයිල් බාගෙට බාගයක්ම පට්ට ෆේක්... බහුතරයක් ප්‍රොෆයිල් හදලා පාලනය කරන්නේ කොල්ලෝ... හොඳට ඇස් ඇරලා බලන එකෙක් ට තේරෙනවා මේ සිරා කෙල්ලෙක් නෙමෙයි කියලා...අපේ ඉන්නවා නේ ඉතින් සම"හරක්" ජාතියක් ඔය ලනු කන....

    ReplyDelete
  29. හොද වැඩේ කොල්ලො එක්ක චැට් නොකරන කෙල්ලන්ට.. හිකිස්..

    මම ඕෆ් ලයින්..

    ReplyDelete
  30. කතාව හොඳයි! :)) සිරා කනේ පාර , නමට යාළුකමට ඉන්න උන්ට! :)

    ReplyDelete
  31. හපෝයි! භයංකාරයි! ඒත් ඉතිං හොද වැඩේ තමයි.

    ReplyDelete
  32. හපොයි.... අනේ අයියලා.. අක්කල... නංගිලා..මල්ලිලා... අන්කල්ලා... ඇන්ටිලා... කමෙන්ට්ස් වලට උත්තර දෙන්න නම් පට්ටම කම්මැලි අද... ඒ වෙලාවෙ ඔය ළමයින්ගෙ බ්ලොග් එකක් කියවන්න හිතුවා... ඒ හින්ද අදහස් දක්වපු සැට් එකටම ස්තුතියි.....

    කම්මැලිකම උපරිමේට... හික් හික්

    ReplyDelete
  33. මට කෙල්ලෙක් නතනත් අඳුරන්නේ නැති කෙල්ලෙක්ව ඇඩ් කරගන්නේ නැහැ.මොකද මම දන්නවා මාව කොහොමත් කෙල්ලෙක් හොයාගෙන එන්නේ නැහැ කියලා.

    ReplyDelete
  34. ඌ කරපු වැඩේනම් එළ කිරි..
    ඔය වගේ උන්ට ඔහොම තමයි කරන්න ඕනේ

    මමනම් මේ වගේ එන රික්වෙස්ට් වලදී බලනවා ඒ අය කවුද කින්ද මන්ද කියලා
    ඒ වගේම මම සමහර වෙලාවට අහල යවනවා මාව ඇඩ් කර ගත්තේ ඇයි කියලත්
    එයාගේ ප්‍රොෆයිල් එකේ තියෙන්නේ බොරු කියල හිතෙන දේවල්නම් සහ මගේ මැසේජ් එකට පිළිතුරු නැත්නම් කෙලින්ම අහක් කරලා දැම්මා

    මුණු පොතේ, ජීමේල් යාහු මැසෙන්ජර් මේ කිසිම එකක මම ඔන්ලයින් ඉන්නේ නැහැ
    චැට් කරන්නේ සහ ඔන්ලයින් ඉන්නේ ස්කයිප් හරහා විතරයි :)

    ReplyDelete
  35. මටත් ලඟක ඉඳලා කෙල්ලොන්ගෙ රික්වෙස්ට් එනවා වැඩියි තාම ඒවා තියාගෙන කංපනා කරනවා ඇඩ් කරනවද නැද්ද කියලා...ඇඩ් කරා කියලා අවුලකුත් නෑ මම ඔන්ලයින් හිටියට මාව අනික් අයට පේන්නේ නෑ මගේ වෙලාවට

    ReplyDelete
  36. අපිනම් ෆේස් බුක් එකේ නැහැනේ :p
    අපේ මල්ලිත් කෙල්ලෙක්ගෙ අකවුන්ට් එකක් හැදුවා මේ ලඟදි :d

    ReplyDelete
  37. කෙල්ලෙක් හායි කිව්වොත් නම් මචං. මම ආයේ බල බල ඉන්නෙ නෑ
    හායි කියල දානව,

    ඒ ප්‍රොෆයිල් එක කොල්ලෙක් හදපු එකක් නම් එතකොට ඌත් ආතල් එකක් ගන්නවනෙ බං :D

    ReplyDelete
  38. ඔය වැඩේ තමයි දෙන්න ඕනේ..!! සිරාවට එල වැඩේ ..! මාත් ලගදි එකෙක්ට ට ඔහොමම වැඩක කරා,සමහර වෙලාට අපේ ඇත්ත එකේ online පෙන්නන්නේ නැති උන අනික ඒකෙන යනකොට මෙන්න බොලේ online ඒ වෙලාවට බන් හායි, බායි ඔක්කම , යකෝ මුන්ට එකට හිටපු එකෙක්ට වඩා චිත්තයක් ලොකු උන තරම..!!

    ReplyDelete
  39. මම දන්න කොල්ලෝ කීප දෙනෙක්ටම FB එකේ fake profiles තියෙනවා කෙල්ලන්ගේ නම්වලින්. උන්ගෙත් ඔය එක එක කස්පි ගුස්පි වැඩවලට උන් ලෙසටම වැඩ ගන්නවා ඒ profiles වලින්

    ReplyDelete

Related Posts with Thumbnails