Tuesday, March 27, 2012

ජිවත් වන දා දැකගන්නටවත් ඇවිත් නොගිය දරුවෝ..

Share

ඉස්සර මම පොඩි කාලේ අපේ ගාල්ලේ ආත්තම්මලගෙ ගෙදර හිටි කාලේ ඒ ගෙදර කොයි තරම් ජීවයක් තිබ්බද... අවුරුදු දවසට සෙනඟ පිරිලා... ළමයි හැමෝම ඇවිල්ලා.. ළමයින්ගෙ ළමයි...  නිකන් දවසට උනත් ඒ වෙද්දි බැඳපු නැති පුංචිලා... පොඩි මාමා.. එහෙම ඉද්දි එයාලගෙ යාළුවො එනවා කොයි වෙලෙත් කවුරු හරි..


කාලයත් එක්ක විවාහ වෙලා හැමෝම වෙන් උනා.. ඒත් මාසෙකට පාරක් ගමේ ඇවිත් යන එක හැම කෙනාගෙම පුරුද්ද උනා.. ගමේම උන්නු අපිත් නිතර දෙවේලේ ගියා ආවා... තවත් කාලය ගත වෙන්ද්දි ඒ අයගෙ ළමයි ලොකු වෙද්දි වගකීම් එක්ක නිතර දෙවේලෙ ගමේ එන්න යන්න බැරි වෙනවා.. අවුරුද්දට පාරක් විතර යන එන ගානට වැටෙනවා...


සීයගෙ මරණයෙන් පස්සෙ ඒ විසාල වත්ත කැලෑවට යනවා... අවශ්‍යතා එක්ක තමන්ගෙ උරුමෙ හොයාගෙන ළමයි එනවා... පහුගිය අවුරුද්දෙ ඉඩම බෙදල වෙන් කරා... අපි පොඩි කාලෙ දුව පැනල සෙල්ලම් කරපු ඒ වත්ත කෑලි කෑලි වලට බෙදිලා කටු කම්බි ගහල අද... සමහර සහෝදර සහෝදරියො ඉඩම් ආරවුල් නිසා නොහොඳ නෝක්කඩු වෙලා... පොඩි මාමගෙ නමට ලියවුනු මහ ගෙදර ආත්තම්ම ඉන්නව... 

ඒත් මීට අවුරුදු 12 - 15 කට උඩින් තිබ්බ ගෙදරද වටපිටාවද කියල හිතන්න බැරි තරම් වෙනස් වෙලා... ආත්තම්ම තනිවෙලා.. ඉදල හිටල ළමයෙක් ඇවිත් බලල යනවා... ටික දවසකට තමන්ගෙ ගෙදර එක්ක යනවා... ඒත් පරණ මිනිස්සු පුරුදු තැන දාල යන්න කැමති නෑ...


කාටවත් වැරද්දක් කියන්න බෑ.. අපි හැමෝම නොනවතින රේස් එකක් දුවනවා.. ආශාවල්.. වගකීම්.. එක්ක බැඳිල ඉවරයක් නැතිව දුවනව... කන්න බොන්න වත් වෙලාවක් නැති තරම්... අද අපි වටේ තියෙන සමාජයත් එක්ක අපිට කැමත්තෙන් හරි අකමැත්තෙන් හරි ඒ රේස් එකේ දුවන්න වෙනවා... අමාරුවෙන් හරි එතනින් එලියට පනින්න ඕනි උනත් තියෙන බැඳීම් එක්ක අමාරුයි..


පහුගිය දවසක සිදු වුනු තවත් සිදුවීමක්... මම ඉන්න රටේ මිතුරෙක්ට පණිවිඩයක් ආවා ඔහුගේ පියා අසනීපෙන් කියලා.. ඒත් තියෙන වැඩ... බැඳීම්... ප්‍රශ්න එක්ක එක පාරට ලංකාවට යන්න බැරි නිසා ඔහුගේ ගමන දවසින් දවස කල් ගියා.. හදිසියේ ඔහුට ආව පණිවිඩිය ඔහුගේ පියා මෙලොව හැර ගිය බව.. සියලු වැඩ පසෙකලා ලංකාවට ගිය ඔහු අවසන් කටයුතු වලින් පසු නැවත පැමිණියා.. පියා අසනීපෙන් පසු වූ විට යාමට නොහැකි වීම ගැන කණගාටු උනත් ඔහු පැවසුවේ අවමඟුල් කටයුතු වෙනුවෙන් හොඳින් වියදම් කර බවත් ඔහු ඔහුගේ යුතුකම හැකි ලෙස කල බවත්...


මෙ සිදුවීම මට සිහිපත් උනේ පෙරේදා අහම්බෙන් කන වැකුණු ගීතයක් නිසා... වික්ටර් රත්නායකයන්ගේ " ජීවත් වනදා "


ජිවත් වන දා දැකගන්නටවත්
ඇවිත් නොගිය දරුවෝ..
කඳුලෙන් මව්පියො මිය ගිය දිනයේ
රන් මසු වැය කෙරුවෝ... //

මහ මග සුදු වැලි දෙපසේ සැරසී..
අහසින් වස්වා මල් වරුසා...
රිය පෙරහැරකින් සොහොන් බිමට යති..
යුතුකම් ඉටකල බව පවසා..

මහගෙයි උරුමය හිතේ තියාගෙන
දරුවන් සොහොනින් ඉගිල්ලිලා..
හත් දොහෙ දානෙට නාවත් සේරම
උරුමය බෙදුවා එකතු වෙලා.....





අපි හුඟ දෙනෙක් රස්සාවකට... ඉගෙනීමට කොළඹ ගිය අළුත හැම සති අන්තෙම ගෙදර දුවනවා... ටික කාලයක් යද්දි සති 2 කට පාරක් යන්න පුරුදු උනා.. කොළඹම හිටියනම් ඒ ගමන මාසයකට වරක් වෙලා.. කටයුත්තක් එහෙම කරන් පංදිංචි උනානම් මාස 2 - 3 කට වරක් වෙන්න තිබ්බා... හුඟ දෙනෙක් ගේ පොදු කාරණය... ඊට පස්සෙ අවුරුද්දකට වරක් වෙන්නත් පුළුවන්... දෙමව්පියො තනි වෙනවා... අපි හැල්මේ දුවනවා... අපි කවුරුත් වැරදි නෑ... අපිට වෙන කරන්න දෙයක් නෑ...


මම හැම අවුරුද්දෙම ලංකාවට එන එකට හුඟක් දෙනා දොස් කියනවා.. අපරාදේ වියදම.. ඒ කාලේ වැඩ කරානම් කොච්චර ඉතුරු වෙනවද... නොයෙකුත් දේවල්... ඒත් සල්ලි පස්සෙ දුවල හති වැටෙන්න බැරි නිසා ජීවතේ අවශ්‍යතා දිගේ දුර නොදුව සරල විදියට ජීවත් වෙන්න පුළුවන් නිසාත් මම එහෙම කරනවා.. ඒත් කොයි කාලෙකට එහෙම පුළුවන් වෙයිද කියන්න දන්නෙ නෑ... එතකල් වත්...


මූනු පොතේ මේ සින්දුවට රවා දාපු අදහසකින් මේ ලිපියට තිත තියනවා 

"මෙක හරිම ලස්සන අර්තවත් සින්දුවක්.. අපි කොච්චර සුදු ඇදගෙන හිටියත්.. මෙ සින්දුවෙන් කියවෙන යුතුකම අපිට මග හරින්න වෙනවා.. මෙ ආර්තිකයත් එක්ක ගැටෙද්දි.. රන් මසු හොයන්නයි, අම්මලා තාත්තලාගෙ මීනිවලට රන්මසු වැය කරන්නයි විතරයි අපිට සිද්දවෙන්නෙ. "


මේ වගේම හිතට වැදුනු ගීත ගැන ලිව්ව පෝස්ට් එකක් තමයි...


එළවලු... කඩ කෑම... රම්‍ය නගරය සහ වන්නි වන පෙතේ... එක්ක ( අපි )

ඈත දුරු රටේ සීතල දැනෙනවද....

71 comments:

  1. මම හිතුව උඹ ‍එදා මේ සිංදුව හොයද්දි පෝස්ට් එකක්නම් ලියයි කියල...
    මම එක ද ? ඊක්...

    ReplyDelete
    Replies
    1. සිහින : පෝස්ට් එකක් නොදා කොහොමද බන් මේ වගේ සින්දුවකට

      Delete
  2. ඔන්න මම උඹේ පෝස්ට් එක කියෙව්වෙ නෑ හොඳේ...

    ReplyDelete
    Replies
    1. අවංක පැට්ටා : නොදකින් තෝ නම්... හික් හික්...

      Delete
  3. අවුරුදු ගානකට ඉස්සෙල්ල තාත්තට අමාරුයි කියල එවකට ලංකාවේ හිටපු මල්ලි පණිවිඩේ දුන්නම අක්කයි මමයි ලංකාවට ඉගිලුන හැටි මතක් වුනා.

    මහ රෑ කටුනායකින් බැහැල, අපි දෙන්න ගම්පහ අපේ ගෙදරට එනතුරුත් තාත්ත පණ අල්ලගෙන හිටිය. අපි තුන්දෙනාම ඇඳ වටේ ඉන්දැද්දි, අපි ගිහින් පැයක් ඇතුලත තාත්ත අවසාන හුස්ම හෙළුව.

    ReplyDelete
    Replies
    1. Observer : හ්ම්ම්... හැමෝම එහෙම ඉගිල්ලෙන්න හිතන්නෙ නෑ ඔබා මාමේ

      Delete
  4. මම හෙට උදෙ පබ්ලිශ් කරන්න හිටපු පෝස්ට් එක මම ඩිලීට් කලා.. ඒත් මේකමයි.... මෙතනට අදහස් නෑ... අපි වෙලාවක බීලා කතා කරමු මේ ගැන.. දෙපැත්තට දෝලනය වෙන දරුවො වගේම දෙමවුපියොත් අසරණ වෙන කිසිදා ව්සදුමක් නැති මාතෘකාවක් මේක.....

    මගේ මේ වගේ පෝස්ට් එකක් ලිව්වා..., නවම් මචන් කියලා.. උඹට මතක ඇති..

    ReplyDelete
    Replies
    1. අභීත : ඇයි.. උබට ඒක දාන්න තිබ්බා...

      මට මතකයි බන්.. උබ ඒ පෝස්ට් එක ලිව්වෙ ගිය අවුරුද්දෙ මම ලංකාවට එන්න කලින්.. උබව නුගේගොඩදි හම්බුන වෙලාවෙ මුලින්ම මම කතා කලේ ඒ ගැන... උබේ පෝස්ට් වලින් මම කැමතිම ඒකට.

      Delete
  5. ඇත්ත දැනගත්තට අල්ලගෙන ඉන්න දේවල් අතෑරල ආපහු හැරෙන්න කිසිම කෙනෙක් කැමති නෑ මචං. ඒකට ලංකාවෙ උන්න පිටරටක උන්න කියල වෙනසක් නෑ. වැරදි කවුද කියල හොයන එක තේරුමක් නැති වැඩක්. අපි වගේම අපේ අම්මල තාත්තලත්, සීයල ආච්චිලත් මේ ක්‍රමයම අනුගමනය කරල තියනව වෙනස් ප්‍රතිශත වලින්. ඒක තේරුනත් අතාරින්න තියන අකමැත්ත ඒ ඔක්කොටම වඩා වැඩියි.

    ReplyDelete
    Replies
    1. නවම් : නවම් අයියේ කැමති නැද්ද... ඇත්තටම බැරි නිසා හිත හදාගෙනද... අභියා ලිව්ව පෝස්ට් එකට මුල් උන උබේ පෝස්ට් එක මම කීපාරක් කියෙව්වද මට මතක නෑ බන්...

      Delete
  6. මම නං කාටවත් දොස් කියන්නෙ නෑ. මොකද මේක තමයි අද ඇතිවෙලා තියන තත්වය. අපේ සීයලගෙ කාලෙට වඩා තාත්තලාගෙ කාලෙත් ඊට වඩා අපේ කාලෙත් ජීවිතේ සංකීර්ණ වෙලා තියනව පුදුමාකාර විදියට. එක පැත්තකින් මුදල් නැතුව කිසිම දෙයක් කරන්න බෑ. අනිත් පැත්තෙන් මුදල් ලබාගන්න වෙහෙසෙන තරමට අපේ තියන බැදීම් අඩුවෙවී යනව. අපි වැඩිහිටියො වෙච්ච කාලෙක ළමයින්ට අපේ මරණයට වත් එන්න නොලැබුනොත් පුදුමයක් නෑ. ඒක තමයි අද තියන තත්වෙ. කොහොම උනත් මම නං හිතන්නෙ ජීවිතේ අන්තිම කාලෙට ඇවිල්ල ආපසු හැරිල බලන දවසට මුදල් හෙව්ව, ජීවිතේ කාර්ය බහුල කරගත්ත, එක එක දේවල් ලබාගත්ත කියල විතරක් සතුටු වෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. රාජ් : සතුටු වෙන්න බෑ බන්.... දුවල දුවල හති වැටුනම.. දුවා ගන්න පණ නැති උනාම ආපහු බැලුවම අජීවි වස්තු ගොඩක් විතරක් තියෙයි...

      Delete
  7. කියෙව්වෙමි.. අදහස් ගොළු වී ඇත...

    ReplyDelete
    Replies
    1. Pasan : කතා කරන්න ඉඩ දියන් පසා...

      Delete
    2. මටත් එහෙම උණා බං

      Delete
    3. රුචා : පුදුමයක් නෑ....

      Delete
  8. හ්ම්... අනේ මන්දා බං... මුංට අවුරුදු කිට්ටු වෙද්දි පිස්සු හැදෙනවද කියලා...

    නියමයි...

    +පසන්....

    ReplyDelete
    Replies
    1. prasanna86k : මට නම් කොහොමත් පිස්සු....

      Delete
  9. මමත් නම්ඉඩ ලැබුන හැම වෙලාවකම ගෙදර ගිහිල්ල එන්න තමයි ට්‍රයි කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. රුචා : මමත් එහෙමයි බන්... ඒත් උබට තරම් ලඟ නෑනේ මට... පැය 13 ක් ද මන්දා

      Delete
  10. the ultimate truth macho....but onthe other hand....everything changes ne...ppl always try to do whtz best fr their kids...they fr get abt all the other things...once those kids grow up...they also strt to think of their own ne...

    ReplyDelete
    Replies
    1. Shadow/හේමලයා : උබ හුඟ දවසකින්... හ්ම්ම් ඔව්.. දරුවො වෙනුවෙන් මහන්සි වෙනවා... දරුවො උන්ගෙ දරුවො වෙනුවෙන්... නොනවතින ගමනක්

      Delete
  11. 100% එකගයි.. මේ දුවන්න පටන් ගත්ත රේස් එකත් එක්ක ආයෙම හැරෙන්න විදිහක් නෑ.. ගෙදරට කතා කරලා ෆෝන් එක තියන හැම වෙලාවකම හිතට දැනෙන හැගීම කියලා විස්තර කරන්න බෑ..

    ReplyDelete
    Replies
    1. Dinesh : රටින් පිට ඉන්න උබට දැනෙන දේ මට හොඳට තේරෙනවා

      Delete
  12. හ්ම්.... මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ

    ReplyDelete
    Replies
    1. තරු අරුන්දතී : අවුලක් නෑ...

      Delete
  13. // අපි හැමෝම නොනවතින රේස් එකක් දුවනවා.. ආශාවල්.. වගකීම්.. එක්ක බැඳිල ඉවරයක් නැතිව දුවනව... කන්න බොන්න වත් වෙලාවක් නැති තරම්... අද අපි වටේ තියෙන සමාජයත් එක්ක අපිට කැමත්තෙන් හරි අකමැත්තෙන් හරි ඒ රේස් එකේ දුවන්න වෙනවා... අමාරුවෙන් හරි එතනින් එලියට පනින්න ඕනි උනත් තියෙන බැඳීම් එක්ක අමාරුයි..//

    සහතික ඇත්ත අයියේ... අනේ මන්දා මේ රාමුවෙන් කවදා ගැලවෙයිද කියලා...

    ReplyDelete
    Replies
    1. හසී : ගැලවෙන්න බෑ හසී... ගැලවෙන්න බෑ

      Delete
  14. දුවලා හති වැටුනම නතර වෙයිනේ බං....

    ReplyDelete
    Replies
    1. Jeew : එදාට අපි තනිවෙලා කියල හිතෙයි මචන්....

      Delete
  15. මේව වෙනස් වෙන්නේ නැහැ. කරන්නත් බැහැ. අපි තනි තනියෙන් වෙනස් ජීවිත ගත කරන්න ට්‍රයි කරනව මිසක්..


    සිරා පෝස්ටුව !

    ReplyDelete
    Replies
    1. sAm (සෑම්) : ඔව් බන් උබ හරි... ස්තුතියි

      Delete
  16. කිසිවක් නොකියමි....:/

    ReplyDelete
    Replies
    1. අග්නි ධාරා... : ගානක් නෑ... කියෙව්වනේ...

      Delete
  17. කියන්න තියනදේ තමයි රවා කියල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඕනයා : ඔව් බන් ඒක තමයි ඒ ටික දැම්මෙ පෝස්ට් එකටත්...

      Delete
  18. මටත් මේක කියවද්දී මතක් උනේ, අභීත ගෙ අර පෝස්ට් එක තමා. මේකෙ කියල තියෙන වචනයක් වචනයක් ගානෙ සහතික ඇත්ත

    ReplyDelete
    Replies
    1. මුහුදු කොල්ලකාරයා : ඔව් බන්... ඒ පෝස්ට් එකට මාත් පට්ට කැමතියි

      Delete
  19. කියන්න දෙයක් හිතට එන්නෙ නැහැ........අපිට ලඟම අයගෙ අවසන් කටයුතු වලට වත් සහභාගි වෙන්න බැරි උන අවස්ථාවල් ගොඩක් උදා උනා...................

    ReplyDelete
    Replies
    1. වින්චැට්කිරිල්ලි. : හ්ම්ම් ලංකාවෙ ඈත් වෙලා ඉද්දි එහෙම වෙනවා

      Delete
  20. මේ ගීතය මම බුකියේ දුටුව ඔබ දාල තියනවා. මාත් රසවින්දා . ලයික් එකකුත් දැම්මා . හොඳ ලිපියක්. මේක තමයි ඇත්ත.

    ReplyDelete
    Replies
    1. Gimhani : ස්තුතියි ගිම්හානි

      Delete
  21. මේ සින්දුව නම් නියමයි පිස්ස අයියෙ.....කොහොමත් එන්න එන්න සල්ලි වල අවශ්‍යතාවය ඉස්මතු වෙනව වැඩිනෙ....ඒ නිසා ඉස්සරට වඩා මනුස්සකමත් පිරිහෙනව.....

    ReplyDelete
    Replies
    1. හිතහොඳ පිස්සා : සල්ලි වැඩිය ඕනි නෑ බන්... මාසෙකට 2500ක් ඇති... බොරුනම් අහල බලපන් බන්දුල අන්කල් ගෙන්.

      මනුස්සකම කියන එක ගැන හිතන්න වත් වෙලාවක් නැති වෙයි බන් ඉස්සරහට

      Delete
  22. අපේ ආච්චිඅම්මා නිතරම කියනවලු මාව දැක්කෙ නෑ කියලා ටික දසකින්.. යන්නෝන ගිහං බලලා එන්න...


    ප.ලි - පෝස්ටෙක ගැන නම් කියන්න දේල් තියෙනවා නොසෑහෙන්න...

    ReplyDelete
    Replies
    1. සෝරෝ : ගිහින් බලල වරෙන් බන්... අපි හැම දේම කල් දදා ඉන්නවා... අන්තිම ට කණගාටු වෙනවා

      Delete
  23. කියන්න දෙයක් නෑ පිස්සා. ගෙදර එන්නෙ කොයි වෙලාවෙද කියලා මග බල බලා ඉන්න අම්මගෙයි තාත්තගෙයි මූණු මතක් වෙලා කඳුළු ආවා. එක තත්පරේකට අපි ගෙදර ඇවිත් යනවා නම් ඒ දෙන්නට මහ මෙරක් තරම්. ඒත්....

    ReplyDelete
    Replies
    1. පිණිබිඳු... : පිටින් පෙන්නුවත් නොපෙන්නුවත් ඒක තමයි ඇත්ත

      Delete
  24. හ්ම්ම් මොනා කියන්නද කියලා හිතාගන්න බෑ

    ReplyDelete
    Replies
    1. සල්මන් ඛාන් : මේ පැත්තට ආවමයි මම හිතන්නේ...

      Delete
  25. ගොඩාක් ඕනෑ එපා කං වලට මේ රට රස්සාව නිසා යන්න බැරි වෙනවා...හිත හදාගත්තට එහම බැරි අවස්ථාත් ගොඩයි...ගෙදර එක්කෙනාගේ මාමා නැති උනා මාස දෙකකට වගේ උඩදී..යන්න බැරි උනානේ...අපේ ලව් එකට ඉහලින් උදව් කරලා ගෙදරින් කැමැත්ත අරං දුන්නේ පොඩි මමා....

    ReplyDelete
    Replies
    1. ඔබ නොදු‍ටු ලොවක් : රටින් පිට ඉන්න බොහෝ දෙනෙක්ට මූන දෙන්න වෙන දෙයක් නේද මචන්

      Delete
  26. පිස්සා, ඕක තමයි ජීවිතේ ක‍ටුක යතාර්ථය, අපි කැමති උනත් නැති උනත්.

    henryblogwalker the Dude

    ReplyDelete
  27. ගෙදෙට්ට වෙලා තුන් වේලම අම්ම දෙන කෑම එක කකා උන්දැ ගාව වැටිලා ඉන්න මට නම් උඹලගේ ඔය වේදනාව දේරුම් ගන්න බෑ බං ..

    ReplyDelete
    Replies
    1. හිස් අහස : ඒ අතින් උබ හරිම වාසනාවන්තයි බන් සඳරු

      Delete
  28. // අපි හැල්මේ දුවනවා... අපි කවුරුත් වැරදි නෑ... අපිට වෙන කරන්න දෙයක් නෑ...// හරියට හරි මචං කොටි වල්ගේ අල්ලගත්තා වගේ.

    ReplyDelete
    Replies
    1. අසරණයා : ඔව් බන් සිරාවටම.

      Delete
  29. මමනං අම්මට තාත්තට කරදරයක් නම් මුලු ලෝකෙම වැඩ ඔලුව උඩ තිබ්බත් දුවනව ගෙදර..... :((((

    ReplyDelete
    Replies
    1. මකුළු පැංචි : එහෙම පුළුවන් කමක් තියෙන එකත් ලොකු දෙයක්

      Delete
  30. හ්ම්ම්... පට්ට ලිපිය... මේ දිවිල්ල නවත්තන්න බෑ.... ඒත් තමන්ගේ දෙමව්පියෝ වෙනුවෙන් , එයාල ජීවත්වෙලා ඉන්න කාලේදී කරන්න පුළුවන් උපරිම දේ කරන්න ඕනි කියල මට හිතෙනවා.... එයාලා අපි වෙනුවෙන් කරපු කැපකිරීම්වලට එහෙම නොකලොත් අපි පව්කාරයෝ වෙනවා....

    ReplyDelete
    Replies
    1. ජංජාල චාමර : අනිවාර්යෙන්... ඒත් මේ රේස් එකත් එක්ක හුඟක් දෙනාට ඒ ගැන අමතක වෙනවද මන්දා

      Delete
  31. මං නම් ඉතින් අම්මා තාත්ත එක්කම ඉන්න ගෙදර පුන්චි එකා නිසා දැනට නම් ඔය ගොඩට මං අයිති වෙන්නෙ නෑ. ඒත් කවදා හරි මටත් එහෙම වෙන්න වේවි ද කියලා හිතද්දි නම් බයත් හිතෙනවා.
    …අම්ම තාත්තා නැතිව මට නම් තනියම ඉන්න බැරි වෙයි මං හිතන්නෙ

    ReplyDelete
    Replies
    1. නිදහසේ නවාතැන : එලියට යන්න වෙනවා නෙව කවද හරි...

      Delete
  32. කියන්න දෙයක් හිතා ගන්න බෑ..

    ReplyDelete
  33. This comment has been removed by the author.

    ReplyDelete
  34. අපේ page එකේ ඔයාගේ නමින් මේක පල කරනවට අකමැත්තක් නැත්නම් කියල එවන්න​. ස්තූතියි !
    l0w3thna@gmail.com

    ReplyDelete
  35. දෙමාපියන්ට දරුවන් තරම් සම්පතක් කොයින්ද ? ඒ වගේම දරුවන්ටත් දෙමාපියන්ටත් වඩා සම්පතක් නැති බව තේරෙද්දී හුඟක් දරුවන්ට ඒ සම්පත අහිමි වෙලා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. Hasitha : ඔව් එතකොට පමා වැඩියි...

      Delete

Related Posts with Thumbnails