මාසෙකින් විතර තමයි පෝස්ට් එකක් දාන්න ඉස්පාසුවක් ලැබුනේ... බ්ලොග් ලියන කියවන උන්ට මාව මතකද මන්දා...
පහුගිය දවස් වල දැකපු.. අහපු.. කතා උනු මාතෘකාවක් ගැන තමයි ලියන්නේ... ඒ වූ කතා බහ වලදී මිතුරන් කිහිප දෙනෙක් පැවසූ ඔවුන් මග තොටදී අත්දුටු සිදුවීම් කිහිපයක පෙලගැස්මකි..
********************
ස්ථානය පිට කොටුව බස් නැවතුම් පොළ... මැදියම් රැය පසුවී පැය 2 ක් පමණ ගත වී ඇත.. බස් රථයක් පැමිණීමට තවත් පැය 2 ක් පමණ ගතවේ.. ඒ අසලම සිටි ආධාර පත්‍රිකා කිහිපයක් රැගත් වයස 25 - 30 ක් අතර පෙනුමක් දිස් උන තරුණයෙකි.. අම්ම තාත්ත අහිමි වූ රෝගී නැගනිය වෙනුවෙන් මුදල් එකතු කරන පත්‍රිකා බෙදන චරිතයක්... කාලය මකා ගන්නටත් එක්ක මම තරුණයා හා කතාවට වැටුනි...
" අයියේ... "
දවස පුරාම පජාත වී සිටි මාගේ තත්වය ඔහුට වඩා දුක්මුසු ස්වරූපයකි.. ඒ හේතුව නිසාමද මන්දා ඔහු මා සමඟ කතාවට පැටලුනා පැකිලීමකින් තොරව...
කෙටි කතා බහකින් පසු...
" යමුද ප්ලේටියක් ගහන්න... "
ඉදිරියේ වූ රෑ කඩයෙන් ප්ලේන්ටි 2ක් ඇනවුම් කර බොන අතරේ ඔහු සමඟ තව දුරටත් කතා වට වැටුනි..
" ඉතින් දැන් ඔය කතාව ඇත්තද ? "
" ඔව් "
" නෑ නෑ බන්.. මට වැඩක් නෑ ඕකෙ ඇත්ත නැත්ත... මට දැන ගන්න කියපන් කතන්දරේ වෙන විදිය... .. "
ඇත්ත පවසාවියයි කිසිම විශ්වාසයක් නැතුව වුවත් ඇසූ පැනයට ඔහු දොඩමළු උනා.. ප්ලේන්ටි උගුරකින් මුව තෙමා ගත් ඔහු
" කතාව ඇත්තම නෙමෙයි.. මට ඉන්නෙ මල්ලි කෙනෙක් විතරයි... මේකේ තිබ්බට නංගි කෙනෙක් නෑ.. ඌ හේනක් කොටනවා.. තාත්ත නම් නෑ.. අම්ම විතරයි ඉන්නේ... "
" උබේ ගම කොහෙද.. "
" පොලොන්නරුවෙ.. ගමේ මිනිස්සු හිතන් ඉන්නෙ මම කොළඹ හොඳ රස්සාවක් කරනව කියලා "
" ඉතින් ඇතිද ජීවත් වෙන්න ඔය ලැබෙන ආදයම... "
" ඇති.. මම විතරක් නෙමෙයි මගේ පවුලෙ අයත් ජීවත් වෙන්නෙ මම මේකෙන් හොයන එකෙන් තමා.. "
" ඉතින් කොහොමද උබේ ආදයම.. "
" මම එක බස් එහෙකින් බලාපොරොත්තු වෙන්නෙ රුපියල් 20 යි... බස් 100 කට නැග්ගම 2000 යි... ඇතිනේ.. බස් 150 - 200 නගින දවසුත් තියේ... අනික රුපියල් 20 ට වඩා හම්බුවෙනවා අනිවාර්යෙන්... මම දවස් 20යි මාසෙකට මේ කරුමාන්තේ කරන්නේ... "
( මාසෙට දවස් 10 ක් නිවාඩු එක්ක මාසෙට රුපියල් 40,000 කට අධික ආදයමක් )
"' මල්ලි බස් එකට නැගල ඉස්සරහම ඉන්න කෙනා දුන්නොත්... ලොකු කොළයක් දුන්නොත් ගොඩම තමයි.. අපේ මිනිස්සු සල්ලි නැත්ත අනිකට සෙකන්ඩ් වෙන්න කැමති නෑනේ... හැමෝම දෙනවා.. එහෙම උනොත් ඒ බස් එකෙන් රුපියල් 200 ට එහා හම්බෙනව... "
" ඒ කියන්නේ ලොකු ගානක් නේ... "
ප්ලේන්ටි යේ අන්තිම උගුරත් බී මන්ඩි ටික පාර අයිනට විසි කර ඔහු නැවත්ත් කතාවට වැටුනා...
" මෙහෙමයි... දවසට 10,000 හොයන දවස් තියේ... 5,000 හොයන දවසුත් තියේ... සමහර දාට 2,000 හොයන දවසුත් තියේ.. ඊට අඩු වෙන්න නම් නෑ..
මම හුඟක් නගින්නේ දුර පළාත් බස් වල... දෙනියාය... සූරිය වැව... අම්පාර වගේ... ඒ බස් වල දිනපතා යන මිනිස්සු නෑ.. අනික වයසක මිනිස්සු හිටියොත් ගොඩම තමයි... හිත උණු වෙනවා ඉක්මනට... අපිත් ජීවත් වෙන්න එපැයි. "
මගේ ගමනාන්තය ගැසූ පුවරුවක් සහිත බසයක් කෙලවරකින් මතු වේ..
" බස් එක එනවා.. එහෙනම් මම යන්නම්... "
ස්ටෑන්ඩ් එකට ගැසූ බස් එක දෙසට පිය මැන්න මා හිතට නැගුනු ප්‍රශ්නෙකට පිළිතුරු අපේක්ශාවෙන්..
" ඇයි ඔයා බය නැතුව ඇත්තම කිව්වෙ... "
මුහුනට නගා ගත් සිනහවකින් යුතුව...
" ඇත්ත දැන ගත්ත කියල මට මොනව කරන්නද... "
********************
"" සුබ උදෑසනක්.. මම ********** ආයතනයේ හොඳ රැකියාවක් කරන පුද්ගලයෙක්... මේ මගේ රාජකාරි හැඳුනුම්පත... මට ඔබලාගෙ උපකාරය අවශ්‍යයි.. මට සල්ලි ප්‍රශ්නයක් නෑ... ඒත් විවාහ වෙලා වසර ගනනක් ගත වෙලත් අපිට දරු සම්පත් නෑ... අවසානයේ අපි ඉන්දියාවේ කෝවිලකට බාරයක් උනා දරු සම්පතක් ලබා දෙන්න... ..දැන් අපිට පොඩි දරුවෙක් ඉන්නවා... ඒ බාරය ඔප්පු කරන්නයි මම මෙහෙම ඔබතුමන්ලා ගාවට ආවේ..
මගේ සල්ලි වලින් ඒ බාරය ඔප්පු කරන්න බෑ පින්වත් නෝනා මහත්වරුනි... සිඟා කා... හම්බු කරන මුදලින් තමයි එය කල යුත්තෙ... ඔබලාට හැකි අයුරින් මට පිහිට වෙන්න... ""
ඔය හා සමාන අන්දරයක් ඉදිරිපත් කරමින් ආධාර ඉල්ලූ ඔහුට සෑහෙන පිරිසක් මුදල් දී තිබෙනවා...
පුද්ගලයාගේ කතාව ඇත්ත ද බොරුද දන්නෙ නෑ... ඒත් ක්‍රියේටිව් පොරක්...
********************
" අනේ නෝනාවරුනි මහත්වරුනි.. මගේ ගම මහවිලච්චිය.. අම්මයි තාත්තයි දෙන්නම නෑ.. "
අදෝනාවක් එක්ක කොළ පිංචවල් ටිකක් බස් එකේ ඉස්සරහ ඉදන් බෙදාගෙන එන මූන හොඳට පුරුදුයි... මූ කවුද... අඩේ තෙලිකඩ බස් එකේ කොන්දා නේද මේ.. මූ කොහෙද මහවිලච්චියේ..
හැමෝටම බෙදපු කොළේ මටත් දුන්න..
පොරගේ මූන දිහා බලපු මම කට හඬ බාල කරමින්..
" ඕයි.. මොනවද මේ කරන්නේ.. "
මා දිහා ටිකක් වෙලා බලන් හිටි ඔහුට මාව මතක් උනා..
" ඒ.. කෑ නොගහ හිටපන් මල්ලි.. "
කියමින් කොළ ටිකත් එකතු කර ගත් ඔහු අඩියට දෙකට මාරු උනා...
********************
ඔය වගේ සිද්දි කීපයක් ම තියෙනවා.. ලියන්න කම්මැලි නිසා... පසුවට... අත්දැකීම් බෙදා ගන්න කැමති නම්...



පට්ට ආදායම් මාර්ගෙ...නරකම නෑ ඒ අදහසත්....මමත් ගොඩ වෙලාවට බස් එකට නඟින මිනිසුන්ට ඔහොම ආධාර කරනව....
ReplyDeleteභාරේ ඔප්පු කරන්න ගියපු සීන් එකනම් පට්ට් කථාවක්.. ඌ ඇඩ්වර්ටයිසින් කරන බුවෙක් ද දන්නෑ..
ReplyDeleteහිගන්නෙක් ආවොත් මට හෑකියාවක් තිබුනොත් කීයක් හරි දෙනවා,නෑති නිසානේ ඉල්ලන්නේ..
ReplyDelete+1
Deleteබලන් යද්දී මේ ජොබ් එකෙන් අයින්වෙලා ඒ ජොබ් එක කරන්න හිතෙනවා.එච්චර සල්ලි හම්බ වෙනව නම් මම නම් වැඩ කරන්නේ මාසෙටම දවස් 6යී.
ReplyDeleteඅලුත් අලුත් දෑ නොසිතන ජාතිය ලොව නොනඟී. හැමදාම එකම විදිහට නැතුව ක්‍රියේටිව් විදිහට හිඟා කන්න ඕනේ. :D
ReplyDeleteඔයවගේ ගවේශණ කරන්න ඕන බං. මම නං සාමාන්‍යයෙන් ඔය හාදයන්ට සල්ලි දෙන්නෙ නෑ. වයසකම කෙනෙකුට වගේ නං සමහර විට දෙනව. දවසක් එකෙක් ඇවිල්ල කිව්ව මාර කතාවක්. ඌ බදාම සප්ලයි කෝස්එක කරල පලංචියකින් වැටිල කොන්ද භාගෙට කැඩිල, ගෑණි මැරිල.... ඔයවගේ හෑල්ලක් කිව්ව. හොදම සිද්ධිය කියන්නෙ පලංචියෙන් වැටිච්ච එක කිව්වෙ මෙහෙමයි.
ReplyDelete"......පලංචියෙන් වැටිල පහල තිබුන ලීයක් පු!(එක්වරම නැවැත්මක්) පස්ස පැත්තෙ ඇනිල....."
පුකේ ඇනිල කියන එක කියන්න "පු" යන්න කියල යන්තම් නවත්තගත්තෙ බොහොම අමාරුවෙන් :-)
(පුක යනු කුණුහරුපයක් නොවේ-කතන්දර)
ඉල්ලන එකා මොන ජාතිය උනත් දෙන එකා දෙන්නෙ හොඳ හිතින් නෙ බන්.... උඩ ඉන්න කෙනා වෙලාව ආවම රිටර්න් එක දෙයි....
ReplyDeleteඅන්න කථාව !
Deleteපට්ට කතාව!!! මම විශ්වාස කරන්නෙත් ඕකමයි!!
Deleteඅපේ මාමාත් ඔය වගේ හිඟන්නන්ට ආධාර කරනවා..
Deleteහැබැයි මෙහෙම කියලයි දෙන්නෙ "මම මේක දෙන්නෙ අසරණකම හිතලා. ඔයා කරන්නෙ බොරුවක් නම් විඳවන්න වෙයි."
අයිය අක්ක නංගි මල්ලි මගෙ උගුරේ ඔපරේශන් එකක් කරල බටයක් දාල තියන්නෙ.. මේ බලන්න..
ReplyDeleteටක් ටක් ටක්...
ප්ලාස්ටික් බටයකට ගසන නාදයක් ඇසේ...
තවත් එකක් , උපුටාගැනීම අපි නොදන්න ලැයිව්
දයාබර අම්මේ තාත්තේ අයියේ අක්කෙ නංගියේ මල්ලියේ..
මට සිංදු කියන්න බෑ කවි කියන්න බෑ බෙර ගහන්න බෑ.
අනේ දෙයියංගෙ පිහිටෙන් මට ඔපරේශන් කරල නැහැ. බට දාල නැහැ නෝන ගහෙන් වැටිල කොන්ද කඩාගෙන නැහැ.ඉස්කෝලෙ යන නංගිල මල්ලිල නැහැ.
මේ ගීතය අහල කීයක් හරි දෙන්ඩ
(මල්ල තුලින් බැට්රි දවන රේඩියෝවක් ගෙන ගීතයක් වාදනය කරවයි)
හික්.. හික්..
Deleteසිහින,මමත් මේ කතාවම අහල තියෙනව...ආයෙ කිසි වෙනසක් නෑ ඔය කතාවමයි කිව්වෙ
Deleteකෙනෙක්ව රවටලා සල්ලි හොයන එක හොඳ දෙයක් නෙමෙයි. හැබැයි අලුත් විදිහට හිතන්න පුළුවන්නම් ඔය රැවැට්ටීම පැත්තකින් තියලා වෙන කරුමාන්තයක් කරන්න පටංගත්තත් අඟ ගිඟයක් වෙන එකක් නෑ!
ReplyDeleteමමත් මේ ටිකේම බස්,කෝච්චි වල ඔය ගැන හොදට බැලුවා,,මම දැක්කේ අනිවා රුපියල් 100ක් නම් බස් එකෙන් අරගෙන බහිනවා බන්
ReplyDeleteඅන්තිම එක තමයි නියම.
ReplyDeleteමාත් ඔය පොරවල් වලටනම් සල්ලි දෙන්නැ...බං වැඩේ කියන්නේ දැන් අසරණ වෙලා ඉන්නේ උන් නෙමේ අපි ඇයි යකො හරියටම කියක් හරි දෙන්ඩ ඔන එකා කවුද කියල හිතාගන්න එක පණ යන වැඩක් නේ...
ReplyDeleteහම්මටසිලි හැමදේම දමල ගහල හිගාකන්න බැස්සනම් ගේම ගොඩ....
ReplyDeleteකමෙන්ට් කියෙව්වෙ නෑ.. මම පිට රට ඉන්නේ.. මේ දැන් යන්න හදන්නේ ටිකට් බූක් කරන්න ලංකාවට එන්න......... ඇවිත් හිගාකනවා... පට්ට ජොබ් එකක්නේ
ReplyDeleteමමත් මේ දවස් වල ඕකෙන් තමා ජීවත් වෙන්නේ... :ඩී
ReplyDeleteමරු ආදායම් මාර්ගේ.
ReplyDeleteබස් වල සිංදු කියා හිඟා කෑම නම් මම ද කර ඇත්තෙමි.. සැබැවින්ම එය නරක නැත.. (අප එය කළේ එක්තරා විෂයයක් ඉගෙන ගැනීම වෙනුවෙනි..)
ReplyDeleteමමත් ඔය වගේ අයට සල්ලි දෙනවා..කොච්චර හිතුවත් දෙන්නෙ නෑ කියල ලඟට ඇවිත් අත පානකොට දුක හිතෙනවා..ඒත් කොච්චර වැරදි වැඩක්ද හේතුවක් නැතුව මිනිස්සු රවටන එක..ඇත්තටම එයාලගෙ අවාසනව..අත පය තිබිල මොලයක් තිබිලා ඒත් හිගන්නො වශයෙන් ලෝකෙට පේන්න ජීවත් වෙනවා..
ReplyDeleteඅපිත් ඔය වගේ කී දෙනෙකුට සල්ලි දීලා ඇතිද බං...!
ReplyDeleteමමත් දන්නා එකෙක් හිඟා කාල අහුවුනා. සල්ලි පෙරේත කමේ ..
ReplyDeleteක්සැන්ඩර් | Xander
හපොයි ඇත්තටම ඔහොම හිතන්න පුළුවන් මොල මොනවහරි වැදගත් දේකට යොදවන්න පුළුවන් වුනානම් මිනිස්සු රවට්ටන්නෙ නැතිව.....
ReplyDeleteපිස්සා, උඹ මේ ටිකේ හිඟා කෑවද බං?
ReplyDeleteබොලේ මේ කරන රස්සාවට වඩා ඕක හොඳයිනෙ දවස් දහයක්ම නිවාඩුත් තියනව හෙහ්...
ReplyDeleteමෙහෙ යුරෝප් වලත් ඉන්නව ලංකාවෙන් ඇවිත් හිඟා කන අය....රැවුල් වවාගෙන..කුනු පෙරාගෙන ඉන්නෙ..එයාලට ලංකාවෙ කටුණායක වගේ පැති වල තට්ටු ගෙවල් තියන වලු..ඒ වගේ මෙහෙ එක්කෙනෙක් තව එක්කෙනෙකුට කිව්වලු..''මම දැනට 64 ක් හොයාගෙන තියනව..ඒක 100 උන ගමන් ලංකාවට යන්නම යනව.'' කියල............අනේ සංසාරේ..!!
ReplyDeletepatta katha tika! mmm! minissu jeewath wenna mona nokaranawada bn dan! mmmm!
ReplyDeleteසමහර වෙලාවට මේ බොරු කාරයෝ නිසා තමයි ඇත්තටම උදවුවක් බලාගෙන එන අයටත් මිනිස්සු කීයක්වත් දෙන්නේ නැත්තේ..
ReplyDeleteතෙලිකඩ බස් එකේ කොන්ද...එහෙනම් අපිත් දන්න චරිතයක් වෙන්න ඕන...
ReplyDeleteඑහෙනම් එදා මට හම්බවුනේ උඹද??
Deleteඅපි පන්ති යන කාලේ ගම්පහ බස් ස්ටෑන්ඩ් එකෙත් හිටිය මේ වගේ පොරක්.දවසක් අපිත් පන්ති කට් කරල ගියා ඩබල් ෆිල්ම් එකක් බලන්න.මෙන්න යකෝ මූත් ඇවිල්ල අපිට ඉස්සරහින් ඉඳගත්තා.
ReplyDelete"මගේ සල්ලි වලින් ඒ බාරය ඔප්පු කරන්න බෑ පින්වත් නෝනා මහත්වරුනි... සිඟා කා... හම්බු කරන මුදලින් තමයි එය කල යුත්තෙ... ඔබලාට හැකි අයුරින් මට පිහිට වෙන්න... ""
ReplyDeleteThis idea was in a novel I read. Can't remember the exact title, but it was a part of a series of books. The rich husband became a beggar because of a curse that sickens his poor wife. (Curse = BS)
චාතුර්යා විය යුතුයි - කර්තෘ : එඩ්වඩ් මල්ලවආරච්චි
Deleteඕක තමයි(ලු) යන සිස්ටම් එක
ReplyDeleteපට්ටම කතාව.ඔය මාතෘකාවට අදාලව මේ ලඟදි මරු සිද්ධියක් වුනා.ඒකත් පුලුවන් උන වෙලාවක දාන්නම්.
ReplyDeleteබස්වල හිඟාකන ගොඩක් එවුන් හොඳ පොහොසත්තු...
ReplyDeleteසිංදු කියන කොල්ලෙක්ට ඇර වෙන කාටවත් මං නම් දෙන්නේ නෑ...
ReplyDeleteමෙහෙම එන ඔක්කොම බොරු කාරයොද දන්නෑ.
ReplyDeleteපහුගිය සතියෙ අපෙ ගෙදරට කෙනෙක් ආවා. ළමයෙකුගෙ හදවත් සැත්කමකට භාරයක් වෙලා කිරි දානයක් දෙන්න පොරොන්දුවෙලා. මමත් සල්ලි දුන්නා. ඒ දුන්නෙ කිරිදානෙට. ආපු එකා දානෙ දුනත් නොදුන්නත් මම දුන්නෙ දානෙට. ආපු එකා මට බොරු කලානම් ඌ යන ලෝකෙට ගෙනියාවි. මම දුන්නෙ නම් කුසල් සිතින්.
ReplyDeleteසල්ලි ඉල්ලගෙන එන මස්නුස්සයා ඇත්ත කිව්වත් , බොරු කිව්වත් , අපි දෙන දේ දෙන්නේ එක හිතෙන් නං , අවුලක් නෑ! අපිට ලැබෙන ආත්ම තෘප්තියයි , ලැබෙන පිනයි හොඳටම ඇති!!!
ReplyDeleteහිඟන්නො අයිති මුදලාලිට කොමිෂන් දෙන්න ඕනෙ නැද්ද ?
ReplyDeleteජංජාල චාමර කියපු එක අනුමත කරමි.. !
ReplyDeleteමාසෙට රු40,000ක්.අයියෝ සල්ලී..
ReplyDeleteකොටුවේ උන්න දාක මාගාවට ආව වයසක සීයා කෙනෙක්ට මම රුපියල් 20ක් දීලා හිතින් සතුටු වුණා ඒත් ඒ සීයා කාරයා මගේ එහා පැත්තේ ප්ලාස්ටික් අසුනට ගිහින් කිසි කිසි ගාලා සල්ලි මිටියක් ගැන්නා බං මට තව ඩිංඟෙන් සිහි නැතිවෙනවා ..!! මගේ ගාවත් තිබුනේ ඒදා රු 500ක්ම විතරයි .. මමයි එතන හිඟන්නා !
ReplyDeleteඒක කලාට කමන්නෑ කියහං . ඒත් ඒ සීයා ආයෙම වතාවක් මා ගාවට ඇවිදින් "පුතා" කියලා අතපැවේ නැතෑ ! මම බැනලා එලෙවුවම මෙන්න තව පැයකින් අවුදින් ආයෙත් පුතා කියලා අත පානවා .. ! වයසක බුවෙක්ට බයින්න හිත දුන්නේ නැති නිසා මම එතනනි නැගිටලා යන්ඩ ගියා .. ඩයල් එක මගෙත් එක්ක සෙල්ලම් කලාදෝ කියලා මට විටෙක හිතෙනවා
අදහස් දක්වපු... අත්දැකීම් බෙදාගනිපු හැමෝටම ස්තුතියි... මේ දවස් වල බ්ලොග් ලියන්න... කියවන්න... උත්තර බදින්නවත්... වෙලාවක් හොයා ගන්න අමාරු නිසා කියවන බ්ලොග් එහෙකවත් කමෙන්ට් කරන්නවත් වෙන්නෙ නෑ...
ReplyDeleteඒ ගැන සමාව ඉල්ලනෝ... හි හි...
එහෙනම් ඊලඟ පෝස්ට් එකෙන් හමුවෙමු...
බොරු වැදගත් කමක් තියන ඉන්න අපියි හිඟන්නෝ.
ReplyDelete"" සුබ උදෑසනක්.. මම ********** ආයතනයේ හොඳ රැකියාවක් කරන පුද්ගලයෙක්... මේ මගේ රාජකාරි හැඳුනුම්පත... මට ඔබලාගෙ උපකාරය අවශ්‍යයි..
ReplyDeleteමූනම් චාතූර්යා පොත ටික කියවපු ඩයල්එකක් :D
ඉස්සර නම් මගේ හිතත් අම්බානක උණු වුනා ඔය වගේ අය දැක්කම.. දැං නං මම ගනංගන්නේ වත් නෑ.. අර කොලකෑලි දෙන අය දික් කරන කොටම එපා කියනවා..
ReplyDeleteඇයි හත්දෙයියනේ කොළඹ ඉඳන් ගමේ යන බස් එකක නැග්ගම එක එක ජාති වල පොරවල් එනවා සල්ලි ඉල්ලගෙන.. ඒ අයට දෙන්න ඉතිං අපිට වෙනම රස්සාවක් කරන්න වෙනවා...
කෝ ලොක්කා මොකුත් ලියන්නේ නැද්ද ???
ReplyDeleteඋඹ ලස්සනට ලියල තියෙනවා, කතාව එල කිරි. තව ලිපි ටිකක් දාපන් මචන්.
ReplyDeleteහත් ඉලව්වේ. මමත් ඔය නැග්ග එවුන්ට දෙනවා දුක හිතිලා බලන් ගියාම ඉන්නෙම හොරුයි තක්කඩියි නේ
ReplyDeleteකෝරලේ වලව්ව