බ්ලොග් අවකාශය හරහා හමු වූ ඔහු වෙනුවෙන් සටහනක් නොතිය වෙන දෙයක් ගැන ලියන්න හිත ඉඩ දෙන්නෙ නෑ.... ඒ නිසා මේ පුංචි සටහන අප කාගෙත් ආදරයට පාත්‍ර වුනු ඔබා මාමා නම් වූ ඒ නිහතමානී මිනිසා වෙනුවෙන් තියන්න කල්පනා කලා....
2011 අප්‍රේල් මාසේ සයිබර් උළෙල දවසේ මට ඔහුව හදුන්වා දුන්නේ ටිකක් හිනාවෙන්න බ්ලොග් අඩවියේ අභීත. ඔහුව විශේශයෙන් හඳුන්වා දීමට හේතුව ඔහුත් මාත් එකම රටක පදිංචි කරුවන් වීම. රංග ගේ මගේ ලෝකය බ්ලොග් අඩවියේ නිතර කමෙන්ට් කරන්නෙකු ලෙස පමනක් මා දැන සිටි ඔබා මාම කෙටි පිලිසඳරකිනුත්... හීනියට ගියපු මදුවිත වටයකිනුත් පසු පිස්සගේ ඉතාම හිතවත් බ්ලොග් කරුවෙක් බවට පත් උනේ ඔහුගේ තිබුන මිත්‍රශීලි ගතිය වගේම නිහතමානි කම නිසා....
සෑහෙන කාලෙකට කලින් ලියපු පෝස්ට් එකක් ගැන ඔබා මාම විමසුවේ මේ පාර 2012 සයිබර් උලෙලෙදි...
" කන්න කලින් පොඩි එකක් දා ගමු " කියමින් මටත් ශොට් එකක් වත් කර දීපු ඔබා මාම එක්ක කන ගමන් මමයි අමිලයි කතා කරේ ලංකාවෙ මිනිස්සු ගැන..
ඔබා මාම ගැන බ්ලොග් අවකාශේ උදවියට අමුතුවෙන් හදුන් වා දිය යුතු නැහ... ඒත් ඔහු තුලින් මා දුටු එක් දෙයක් සඳහන් කල යුතුයි...
ඔහු ජීවත් වන රටේම වසර ගනනක් ජීවත් වන මට ඔබා මාම ගේ වයස් මට්ටමේ... සමාජ මට්ටමේ... ඒ හා කාලයක් එහි ජීවත් වන පුද්ගලයින් බොහෝ මුන ගැසී තියෙනවා.. එයින් බහුතරයක් තුලින් යම්කිසි මාන්නයක්... ලොකු කමක්... මට දිරවන්නෙ නැති ලොකු ටෝල්ක් ( මගේ බාසවෙන් ) දෙන ගතියක් මා දැක තියෙනවා... ඒ හේතුවෙන්ම ඒ සමාගමය මට දිරවන්නේ නෑ... ඒත් එය ඔබා මාම තුලින් මා කිසි විටෙක දුටුවේ නෑ... ඕනි වයසක... ඕනිම මට්ටමක කෙනෙක් එක්ක බොහොම හිතවත්ව දොඩමළු වීමම ඔහුට මා ගරු කරන්න හේතුවක්...
ඔබා මමාගේ වියෝව මාරයාගේ බ්ලොග් අඩවිය තුලින් දුටු විට එක්වරම අදහාගත නොහැකි උනා... බ්ලොග් අවකාශයේ සමහර බ්ලොග් අඩවි වල ලියල තිබුනා වගේ ඔහුගේ වියෝව අසා මා හොටු කඳුලු පෙර පෙර හඩා නොවැටුනත් ඒ පුවතින් මගේ ඇස් දෙක තෙත් උනේ නොදැනුවත්වම...
22 වෙනිදා හවස බොරලැස්ගමුව හන්දියේදි ඔහුට සමු දෙද්දි හීනෙකින් වත් නොසිතූ ආකරයට ඔහු අද අපෙන් ඈත් වෙලා... ජීවිතේ කියන්නේ මහ පුදුම දෙයක්...
ඔබා මාමේ ඔබට නිවන් සුව පතනවා.....



ඔව්, ඔහු ගැන මතකය සිංහල බ්ලොග් තියන තුරාවටම පවතීවි. බ්ලොග් ලියපු අයගෙන් මම ඉතා ආදරය කරපු චරිතයක්. ඔහු එතරම් ඉක්මනින් සමුගෙන යාවි කියල මම හීනෙකින් වත් හිතුවෙ නෑ. ජීවිතේ හැටි තමයි. සසර ගමන කෙටි වී නිවනින් සැනසීම ලැබෙන්න කියල අපි ප්‍රාර්ථනා කරමු !
ReplyDeleteඔබා අයියා හැමදාම අපේ හිත්වල ඉන්නවා..
ReplyDeleteමාසයක් ගෙවුන ඉක්මන........
ReplyDeleteකවිකාරී, දුව, ඔබී අක්කාත් එක්ක අපේ දිහා ආ හැටි මට මැවිලා පේනවා. ජීවිතේ හැටි. කවුද හිතුවේ මෙහෙම දෙයක්. ඔබ කිසි දිනක අපට අමතක නොවේ.
ReplyDeleteඔබා මාමා වෙනුවෙන් සිංහල බ්ලොග්කරුවන් සිදු කරන කටයුත්තේ වත්මන් තත්වය ගැන දන්න කවුරු හරි කියන්න.
ReplyDeleteඒ වගේම ඒකට අපෙන් අවශ්‍ය උදව්වත් කියන්න
මම අදයි මේ ගැන දැන ගත්තෙත්......
ReplyDeleteඔබා මාමාට නිවන් සුව පතනවා....!!!!
මොනවා කරන්නද. ඔහු ආයෙ එන්නෙ නෑ.
ReplyDeleteමේ ලගදිත් මට පුරුද්දට වගේ ඔබා මාමගේ බ්ලෝගෙට යැවුනා බං
ReplyDeleteඉංග්‍රිසි රාජ් දැම්මේ ඒ ග්‍රවුන්ඩ් එකත් කඩන් වැටිලා. ඔහොම තමා ජීවිතේ හැටි...
ReplyDeleteමැයි මාසෙම ඇහුවෙ ඔය වගෙ ආරංචි!
ReplyDeletehenryblogwalker the Dude
ඔබා නැති බ්ලොග් අවකාශය පාලුයි නේද ?
ReplyDeleteඔබා මාමගෙ අඩුව කවදාවත් පිරෙන එකක් නෑ...
ReplyDeleteසියල්ල අනිත්‍යයි. මේ අපි හැම දාම අහන බණ. ඒත් ඔබා නෑ කියන එක තවම පිළි ගන්න අමාරුයි. හිත හොඳ මිනිහෙක්. ආයෙත් අප අතරම ඉපදේවා..
ReplyDeleteඑදා මට නම් ජීවිතේ ගැන පුදුම කලකිරීමක් දැනුන අපිත් මේ වගේම කොයි වෙලේ හරි යනව නේද?
ReplyDeleteඔබා මාමා නැති අඩුව තාම අපිට දැනෙනවා.. ඒ හිනාව ඒ ලෙංගතු කම නැති අඩුව දැනෙනවා..
ReplyDeleteඔව් බං ජිවිතේ කියන්නේ මහ පුදුම දෙයක්...
ReplyDeleteඔබා මාමගෙ අඩුව අපිට හැමදාමත් දැනෙයි....
ReplyDeleteමමත් ඔබා මාමව පෞද්ගලිකව දන්නේ නැහැ ඒත් එයාගේ කොමන්ට් වලින්ම යාලුවෙක් වුන මට එයාගේ නැතිවීම ගැන ඇහුවම ඔබට වගේම අදහාගත නොහැකි වුනා.හිතට ලොකු දුකක් දැනුනා මේ වගේ මනුස්සෙක් ආයේ බ්ලොග් වලට හම්බෙන එකක් නැහැ නේද කියලා.
ReplyDeleteදවසෙන් දවස අපි කවුරුත් යන දිනයට ලංවෙනවා!
ReplyDelete