ලංකාවට ආවට පස්සෙ ටිකක් විතර ජංජාල භාවිතයෙන් ඈත් උන නිසා බ්ලොග් එකත් පාළු වෙලා ගිහිල්ලා... මොනා හරි කොටල යන්න ඕනි කියල හිතුන නිසා ආව මේ පැත්තේ...
පහුගිය දවසක මම ගියා කුස පබා බලන්න... හප්පේ පබාගේ ලස්සන... ඕක කියල තව ඩිංගෙන් පවුලත් හබක් වෙනවා මයේ... බැල්කොනි ටිකට් දෙහෙකුත් අරන් ඇතුල් වුනා උඩු මහලට... හප්පේ සූ ගාල කපල්... පොඩි පොඩි එව්වො තමා ඉන්නේ හුඟක්ම.... යන්තන් ඉඩක් හොයාගන්න තිබුනේ ඉස්සරහින්... ඉතින් ඔන්න ඉස්සරහම පේලියට පොඩ්ඩක් පස්සෙන් වාඩි වෙලා ඔන්න ඉන්නවා කුස පබා ගෙ සින්දුවකුත් අහගෙන පටන් ගන්නකල් ෆිල්ම් එක..
කොහොමත් කපල් නැත්තන් ලංකාවෙ මේ ඉතුරු වෙලා තියෙන ෆිල්ම් හෝල් ටිකත් වැහිල හුඟක් කල්... බැල්කනියි බොක්ස් ටිකයි කපලුයි තියෙනකල් ඔව්ව කොහොම හරි ඇදගෙන යයි... බැල්කනි සෙට් එකේ පිටිම පැස්සෙ තියෙන්නේ බොක්ස් සැට් එක..
ටික වෙලාවකින් පොඩි කුසු කුසුවක් ඇහෙන නිසා මමත් පස්ස හැරිල බැලුවා... හප්පේ මේ මොකෑ... ඇන්ටි කෙනෙක් කුඩේකුත් තියාගෙන අර බොක්ස් අස්සට එබිකන් කොරනවා... වෙලාවට ෆිල්ම් එක පටන් අරන් නෑ... නැත්තන් ඇන්ටි මොනා දකියිද කවුද දන්නේ.... ඇන්ටි බෙල්ල දානකොට අනේ අර ඉන්න එව්වො ගැස්සිල යනවා.... බොක්ස් ටික search කරපු ඇන්ටි ආයේම ගියා...
ෆිල්ම් එක පටන් ගන්න පාටකුත් නෑ... ආයෙම ආව ඇන්ටි ටෝර්ච් එකක් ගත්තු සිනමාහල් සේවකයෙක් එක්ක... බැල්කානියෙ ඉන්න කපල් වල මූනු බල බල යනවා ඇන්ටි කෙලවරක ඉදන්.. අරුත් තක්බීර් වෙලා ටෝර්ච් එක අල්ලන් යනවා.. ඒත් ඇන්ටිගේ නෙත සෙවූ ඒ රුව නෑ...
බැල්කනියේ ඉස්සරහම පේලියේ කෙලවරක හිටියා කපල් එකක්.. කෙල්ල නම් කොන්ඩෙ දෙපැත්තට දාල මූන පේන්නෙම නෑ ඉස්සරහින්ම ඇවිත් බැලුවොත් ඇරෙන්න..... කොල්ලත් හෙන උසයි... ටෝර්ච් පාරට ඇන්ටිට අහුවෙන්නෙත් නෑ... එලියට ගිය ඇන්ටි ආයෙම ආව විදිලිය වගේ... පස්සෙ පේලියෙන් ඔලුව දාල ට්‍රයි කලා බලන්න කෙල්ල ව පේන්නෙම නෑ...
කොල්ලට දැම්ම පොඩි තට්ටුවක්...
" මේ පෙන්නනෝ ඕයි ඔය දරුවගේ මූන... "
කෙල්ල සිං ගාල හැරුනා.. හයියෝ ඒ වෙන කෙල්ලෙක්... ඇන්ටි ගියා... ලයිට් නිවුනා... ෆිල්ම් එක පටන් ගත්තා....
***********************
අනිවා ඇන්ටිගේ දුව කොල්ලෙක් එක්ක ක්ලාස් කට් කරලා ෆිල්ම් එකක් බලන්න ආව කියලා කවුරු හරි ගෝතයෙක් කියලා... ඇන්ටි පරල වෙලා එන්න ඇත්තෙ... කියපු එකා කියන්න ඇත්තේ මේ ෆීල්ම් හෝල් එකේ කියලා... ඒ උනාට තව ෆිල්ම් හෝල් කීයක් තියෙද... ඒ එහෙකට ගියාද දන්නවද... එක්කො කවුරු හරි එකෙක් ලණුවක් දීලා... අම්මප මුන්ටත් වෙන වැඩ නෑනේ කෙල්ලෙක් කොල්ලෙක් එකට යනෝ දැක්කොත් ගෙදරට කියනකල් නින්ද යන්නෙ නෑ... නොදකින්...
නිදහසේ කතා කරන්නවත් තැනක් නැති නිසානේ උන් දෙන්න එන්න ඇත්තෙ... අනික ඔයි කාලෙට ලව් කරන් නැද්ද... ඔය වයසෙදි ආදරේ නොකර නාකි වෙලා කරන්නය... අම්මප මුන්ට නම් තියෙන්නේ පුදුම අමාරුවක්... කෙල්ලෙක් කොල්ලෙක් එකට ඉන්නව දැක්කොත් එක්කො ගෙදරට කියයි.. එක්කො කෙල පෙරන් බලන් ඉදියි... නොදකින්...
ඇන්ටි උනත් හිතන්න ඕනි.. ඒ දරුව එතන ඉදල අහුවෙල ඇදගෙන ගියානම්... ඒකි මුලු හෝල් එකටම නෝන්ඩියිනේ.. ඒ ළමයගේ තත්වෙ මොකක්ද... අමු චානේ... දුර දිග නොහිතන දෙමව්පියො... තරුණ හැඟීම් අදුරන් නෑ... කොහේදි දැක්කත් ඒ පාර ඒකි නෝන්ඩියි නේ... ක්ලාස් ගිහිල්ලත් හමාරයි. කලබල නොවී විසදගන්න එපැයි... පිස්සු...
ඒ එක්කම හිතෙන්න ගත්තා... දෙමව්පියො කොච්චර දුක් මහන්සි වෙලාද ළමයින්ව හදන්නේ... අද කාලේ ජීවන වියදමත් එක්ක ක්ලාස් එහෙකට ගෙවන්නෙත් කොයි තරම් අමාරුවෙන්ද... ඒ තමන්ගේ ළමයි හොඳට ඉගෙන ගනියි කියලා.. ඒ ළමයින්ගේ අනාගතේ එලිය කරන්න... හොඳ තැනකට යනව දකින්න... කොයි තරම් බලාපොරොත්තු තියෙද... විශ්වාසයක් තියෙද ළමය ගැන...එහෙම එකේ ඒ ළමයි ක්ලාස් කට් කරල ජෝඩු දාල චිත්‍රපටි බලන්න යනවා කියන එක දෙමව්පියන්ට දරා ගන්න පුළුවන්ද...
අනික ලංකාවෙ ගෑණු ළමයෙක් ට නරක නාමයක් ආවම ඒක ජීවිතේටම බලපානව නේද.... ඉගෙන ගන්න කාලේ ඔය වගේ පලහිලව් නිසා කොයි තරම් ළමයි අනාගතේ අඳුරු කර ගන්නවද... එහෙම අනතුරක තමන්ගෙ දරුව වැටෙන එක බලා ඉන්න පුළුවන්ද... ඒ අතින් ඒ ඇන්ටි හරි...
මීට අවුරුදු 8 - 10 කට කලින් නම් අනිවා ඇන්ටිට පතුරු යන්න හිතෙන් හරි බනිනවා...
ඒත් දැන් එක වෙලාවකට හිතෙනවා ඇන්ටි යම් දුරකට හරි කියලත්... කෙල්ලගෙ කොල්ලගෙ පැත්තෙන් උනුත් පව් කියල...
සික්... මේ යන විදියට තව අවුරුදු 8 - 10 ක් යද්දි ඇන්ටි හරියටම හරි... අර කෙල්ලයි කොල්ලයි වැරදියි කියල හිතෙන්නත් බැරි නෑ.... හයියෝ මට හිතෙන දේවල්... වයසත් එක්ක මිනිස්සු වෙනස් වෙන හැටි...
" ඒයි පිස්සා... මොකද උඩ බලාගෙන ඉන්නේ... මොනාද කල්පනා කරන්නේ... "
" අහ් නෑ... මම මේ පබාගේ ලස්සන ගැන හිතුවෙ... "
" ඔව් ඉතින් ඔයාට මේ ලෝකෙ ඉන්න හැම කෙල්ලම ලස්සනයි මම ඇරෙන්න... "
ලෝක යුද්දේ....
නැවත හමුවෙමු...



හප්පුච්චියේ ... තාමත් ඔව්ව අස්සෙ රිංගනවද?
ReplyDeleteDDT : වෙන අහවල් එහෙකටවත් නෙමෙයි... කුස පබා බලන්න...
Deleteකොහෙද ගිහින් හිටියේ. ලංකාවේ ඉන්නවද? ඇත්ත.... ඇත්ත.... කාලෙන් කලෙට අදහස් වෙනස් වෙනවා.
ReplyDeleteවෙද ගෙදර මහ වෙදනා : ලංකාවෙ ඉන්නේ අයියේ....
Deleteලෝක යුද්දේ ඉතින් අපි හැමෝටම පොදුයි මම හිතන්නේ..... හික්ස්
ReplyDeleteනාකි විසේ ගෙටත් උසේ..... යකෝ මේ තව සති දෙකකින් ඔක්කොම කරන්න තියෙන එකේ මොකට ගියාද මන්දා කලුවරේ අතපත ගාන්න....
ReplyDeleteඉස්සර කාලෙ ෆිල්ම් හෝල් වල ගිහින් කරපු දේවල් නෙවෙයි අද කාලෙ අය ගිහින් කරන්නෙ..අහිංසකව ආදරය කරන්න නෙවෙයි මහ වැඩේ කරන්නමයි අද බහුතරයක් යන්නේ.. දෙමව්පියො කලබල වෙන එක සාධාරනයි එක අතකින්..
ReplyDeleteමේං වෙනී බබා!
Deleteකොහොමද බොලං අයියෙ අහිංසකව නිවැරදි ක්‍රමේට පිචෑර් බලන්නෙ ?
Deleteකපල් එක හිටියනම් අති බිහිසුනු ජවනිකාවක් බලාගන්න තිබ්බා.... කෙල්ලගෙ වෙලාව හොඳයි
ReplyDeleteලෝක යුද්දේ පටන් ගතම නම් වාසල හාමරයි....... එත් එතින් ඇත්තටම ආදරේ කරන දෙන්නෙකුත් ඔහොම බොක්ස් එකකට අව කියල එකේ වරදකුත් නැ
ReplyDeleteඑත් ප්‍රස්නේ තාම ඒ දාන්නම බදිනවද කියන එක ?
ඇක්ෂන් ෆිල්ම් එකක් යන්තමින් මිස් වෙලා තියෙන්නේ :D
ReplyDeleteලෝක යුද්දේ දිනන්න ඇති මං හිතන්නේ... චූටි බටර් පාරක් ගෑවම සියළුම බර අවි හා සුළු අවි ප්‍රහාර නැවතිලා සාම සාකච්චා පටන් ගන්නවා...
ReplyDeleteඅනේ එයා ඔයාට පිස්සා කියලාද කතා කරන්නේ... හික් හික් ;)
ReplyDeleteකිවුවත් වගේ පුඅ පිචෑර් හෝල් වල විතරමද ලංකාවේ ආදරවන්තයින්ට තියෙන්නේ...උබ මොකෝ මේ ඔන්න මෙන්න කියලා ඕවා අස්සට ගියේ පබා බලන්නමද?
ReplyDeleteඇයි ඩිලා.. උඹ ලංකාවට ඇවිත් ගිය තැන්...
Delete"පොඩි පොඩි එව්වො තමා ඉන්නේ හුඟක්ම...."
ReplyDeleteනාකියි කියලා තේරෙනවා වගේ එහෙමනම් :D
කොහෙ ගියාද බං ග්‍රහලෝකාගාරෙ නොගිහින් !
ReplyDeleteචුට්ටක් එහෙමෙහෙ උනානං කලිංම ඇක්ෂන් 1ක් බලාගන්න තිබුන.
ReplyDeleteකවුද ඔය අනිවා ඇන්ටි කියන්නේ? අනිවා කියලා නම් දානවද ගෑනුන්ට?
ReplyDeleteමමත් යාලුවෙක්ට ඔය වගේ කෙල්ලෙක්ව සෙට් කර ගන්න උදව් කරල, ඒක පොරගෙ ගෙදරට මාට්ටු උනහම උන්ගෙ අම්ම මගේ තාත්තට කියල, "බලන්න අපේ පුතා කෙල්ලෙක් එක්ක යාලු වෙලානෙ, ඔයාගෙ පුතා තමයි මේවට උදව් කරන්නෙ" කියල.. තාත්ත කියල "ඔය කාලෙට ඔහොම තමයි, මගේ පුතත් කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නෙ, එයාලට නිදහසේ ඉගෙන ගන්න දෙන්න" කියල... මං ඔය කතාව දැන ගත්තෙ සෑහෙන කාලෙකට පස්සෙ... ඒ කාලෙ ගෙදරට කියපු බොරු මතක් වෙලා පොලොව පලන් යන්න හිතුනා.. අම්මල තාත්තල යටි හිතින් හිනා වෙවී ඉන්න ඇති ඒ බොරු වලට... :)
ReplyDeleteඅම්මෝ දැක්ක කල්... ඇත්ත ඇත්ත.. කාලෙන් කාලේ හිතන දේ වෙනස් වෙනවා. ඒත් අනේ මන්ද මටනම් හිතෙන්නෙම අපට නම් එහෙම අබග්ගයක් වෙන එකක් නෑ කියලා..
ReplyDeleteඑක අතකට බොක්ස් එකකට රිංගන එක ගෙස්ට් හවුස් එකකට රිංගනවට වඩා ආරක්ෂාකාරියි නේද? :)
ReplyDeletehenryblogwalker the Dude
අෆ්‍ෆා ගොඩ කාලෙකින්.. මෙච්චර කියපු එකේ පොඩි ලෝක යුද්දේ ගැනත් පොඩ්ඩක් කියන්න තිබ්බනේ... හික් හික්...
ReplyDeleteෆිල්ම් එකක් බලන්න ගිහින් අලුත් ෆිල්ම් එකක ස්ක්‍රිප්ට් එකක් ලියල වගෙ...
ReplyDeleteලෝක යුද්දෙට මගෙ මාර මෙව්වා එක!! :D
හැම දෙයකම දෙපැත්තක් තියෙනවා ඒත් අපි අපි කැමති දේ පැත්ත ගන්නේ මොකක් නිසාද? ඇන්ටි වැරදිද කෙල්ල වැරදි ද?
ReplyDelete//මීට අවුරුදු 8 - 10 කට කලින් නම් අනිවා ඇන්ටිට පතුරු යන්න හිතෙන් හරි බනිනවා...//
ReplyDeleteදැන්නං මාත් ඔහොමයි :)
ෆිල්ම් එකේ කතාව පොඩ්ඩක් කියහන්කො අයියේ
ReplyDelete// හප්පේ සූ ගාල කපල්... පොඩි පොඩි එව්වො තමා ඉන්නේ හුඟක්ම//
ReplyDeleteඅපි දැන් වයසයි නේ බන්? හෙහ් හෙහ් හෙහ්!
ඔය දෙවල් වල දෙපැත්තක් තියනවනෙ.... හැම දේටම අවුල මෙ කාලකන්නි සමාජය...
ReplyDeleteඅර එදා බයික් එක පිටිපස්සෙ ඉදපු කෙනාද... ?? මම කිවුව කියපං එයා ලස්සනයි කියල
ReplyDeleteහෙහ් හෙහ්.. එහෙමවත් කියල බලාපන් මචං යුද්දෙ අහවර කරගන්න ඇහැක්ද කියල
Deleteමේක බ්ලොගර් වල අප්ඩේට් වෙලා නෑ නෙ.අහම්බෙන් මේ දැක්කෙ.
ReplyDeleteදෙපැත්ත ගැනම හිතලා තියෙන විදිහ නියමයි.... :D
පර යක්කු !!! උන්ට ඔව්ව ඒ කාලේ කරන්න බැරි වෙච්ච නිසා තමයි ගෙවල් වලට ගිනි ගෙඩි දෙන්නේ >.<
ReplyDeleteෆිල්ම් එක නෙමේ උඹ වට පිට නේ බල බල ඉඳලා තියෙන්නේ......
ReplyDeleteවයසත් එක්ක මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙනවා කියන එක ජීවිතේ ගැන ගැබුරින් හිතන්න හොද කමටහනක් ,,,,
ReplyDeleteඇන්ටි ට වැරද්දක් කියන්න බෑ..ඒ වුනාට ඒ ඇන්ටි කලබල වුනා වැඩි.මොකද බැරි වෙලාවත් ඔය කෙල්ල ඕක ඇතුලේ හිටියනම් වස ලැජ්ජාව.කෙල්ලට විතරක් නෙවේ ඇන්ටි දන්නා අදුනන කෙනෙක් හිටියනම් ඒත් එහෙමනේ..
ReplyDelete//..." ඔව් ඉතින් ඔයාට මේ ලෝකෙ ඉන්න හැම කෙල්ලම ලස්සනයි මම ඇරෙන්න... "
ReplyDeleteලෝක යුද්දේ.... //
මේ කෑල්ල තමයි මරුම
අයියණ්ඩි මොකද වුණේ ? පෙලවහක් කරගත්තට පස්සේ බ්ලොග් දීගේ කඩාකප්පල් වුණාද :D
ReplyDeleteසෑහෙන කාලෙකින්... අම්බානෙකට පොඩ්ඩක් බිසි නිසා කමෙන්ට් කරන්න බැරිඋ උනා... බොල ඔක්කොටම ස්තුතියි
ReplyDeleteපිස්සා උඹ ලියන එක නවත්තුවද විස්තර කියල ලිපියක් දාපන් මචන්.
ReplyDeleteසද්දයක් නැති නිසා බැලුවේ කෝ කියලා....
ReplyDeleteකොහදත් ලංකාවේ චිත්‍රපටි බලන්නේ couple විතරනෙ. චිත්‍රපටි කර්මාන්තේ ආරක්කෂා වෙන්න නම් අඩු වයසින් love කරන්න ඉඩ දෙන්න වෙනවා
ReplyDelete