Tuesday, October 2, 2012

පිස්සත් කසාද බැන්දා....

Share


සෑහෙන කාලෙකින්... අන්තිමට ලියපු පෝස්ට් එක ලියලා දැන් මාස 3 ක් විතර.. මේ මාස තුනට කොයි තරම් දේවල් උනාද.... වෙච්චි දේවල් ඔක්කොම ලියන්න කම්මැලි උනත් මේක නොලිය කොහොමද.... හුඟක් එව්වො දන්නවා ඉතින්... පිස්සත් බැන්ද... මඟුල අරන් දැන් මාස දෙහෙකටත්වැඩියි...

අප්‍රේල් ලංකාවට ආවට පස්සෙ මම ඉතින් බඩු මල්ලකුත් අරං ගියා මනමාලිගෙ ගෙදර දිහා... හා හා පුරා... යාළුවෙක් වෙලා අවුරුදු බර ගානක් වුනාට ඉතින් එදා තමා මුලින්ම ගියේ ඒ පැත්තේ..  අවුරුද්ද ඉවර උනා විතරයි නිසා ඉතින් කැවුම් කොකිස් දොදොල් කෙසෙල් ඔව්වා තමයි කොහෙත්...  නැන්දම්මා කැවිලි පෙවිලි වලින් සංග්‍රහ කොරල පිළිගත්තා... ඊට පස්සෙ ඉතින් ඔන්න කේන්දර බැලිල්ල...

" දැන් ඉතින් පිළිවෙලක් වෙන්නත් එපැයි මෙව්ව... කේන්දර එහෙම බලන්න ඕනි.. නැතුව ඉතින් බෑනේ... " නැන්දම්මා ගෙන් වචනේ...

"ඔව් බලන්නත් ඕනි... මම නම් ඉතින් ඔව්ව වැඩිය විශ්වාසයක් නෑ... "

" ඒ උනාට ඉතින් එව්ව නොබල බෑනේ...  "

ඒකත් බැලෙව්ව... ඒ බැලිල්ල වෙනම කතාවක්.. ඒක පස්සට.

ඔන්න ඉතින් නැකත් බලන්න ගත්තා...

" ම්ම්ම් මේ දවස හොඳා... දැන් කොහේද මඟුල ගන්න ඉන්නේ... හෝටලේකද... "

සති 6 ක් තියල දවසක් දීල ඇහුවා කේන්දර බලන මනුස්සය...

" එහෙම තමා හිතාන නම් ඉන්නේ... "

" වැඩි කාලෙකුත් නෑනේ... එහෙනම් ඉතුරු කොටහ බලන්න කලින් ගිහින් බලන්නකො හෝටලයක් වෙන් කොර ගන්න... ඔව්ව මෙහෙම කටේ තියන් වෙන් කොරන්න අමාරුයි... මෙහෙට එන උදවිය අවුරුද්දක් වත් කල් තියල එව්වා වෙන් කොරගන්නේ... "

මොන... අපිට එච්චර කල් තියෙනවය... එදා හැන්දෑවෙම ගියා හෝටල බලන්න...  තැන් දෙකයි බැලුවෙ... දෙවැනි තැන ලෙසටම හිතට ඇල්ලුවා... දවසත් ගන්න පුළුවන්... පස්සෙන්දම දෙන්න එක්ක ගිහින් බලල ඇඩ්වාන්ස් ගෙව්වා...

ඊට පස්සෙ ඉතිරි නැකත් ටික හදන්න ඒ මනුස්සයට පවරලා ඉතිරි වැඩ ටික බැලුවා... මඟුලක් කිව්වට මෙලෝ අදහසක් නෑ.... ෆොටෝ ගන්න ඕනි කියල දන්නවා... ම්ම්ම් ලගදි බැන්ද එකෙක් ඉන්නවද හරි... පවනය බැන්දනේ... ගත්ත කෝල් එකක්...

" මේ මචන්.. මඟුලක් ගන්න ඕනි... වැඩේට බලන්න ඕනි කරන චෙක් ලිස්ට් එක කියහන්... "

" මොකක් ගන්න.. මොකක් ඕනි කිව්ව... ඌ හොල්මන් වෙලා... "

කෙටියෙන් සිද්දිය ඌට කියල දැම්මම.. ඔන්න ඒ දෙන්න දෙමහල්ලො එකතු වෙලා මතකය ආවර්ජයනය කරල එව්ව ලිස්ට් එක.


1 Nakath 
2 Gold
3 invities 
4 Hall 
5 décor
 6 dress 
7 dressing 
8 invitations 
9 photos & Video 
10 music 
11 liquer and bites 
12 honeymoon 
13 car 
14 Dancers 
15 Wedding Cakes 

 ඔය තියෙන්නෙ ගෙඩි පිටින්ම උගේ ලිස්ට් එක... 

1 හරි... 4 ත් හරි... මුලින්ම ගියා ෆොටෝ කාරයො බලන්න... හප්පුච්චියේ උන්ගෙ ගනන්... ලස්සන ඇල්බම් සැට් එකක් පෙන්නලා බ්ලා බ්ලා කියල හයියෝ... ඔක්කොම පැකේජ්... අපි හිතාන උන්නේ එක දවසෙ වෙඩින් එකක් ගන්න... හෝම් කමින් නැතුව... එහෙමෙයි කියල උන්ගෙ කිසිම වෙනසක් නෑ... මොනා කොරන්නද... ඔන්න එකෙක් තෝරගෙන උන්ට ඇඩ්වාන්ස් පාරකුත් දුන්නා...

ඊට පස්සෙ අන්දන ගෑණියෙක්..

" එන්න වාඩි වෙන්න... "

වයිෆ් ( එතකොට වෙන්න වයිෆ් ) එක්ක මට නොතේරෙන මොනාද මන්ද කතා කරා.. අන්තිමට කිව්ව ටික නම් හොඳට ම තේරුනා.. මම හීනෙකින් වත් නොහිතපු ගානක්.. යකෝ ෆොටෝ කාරයො හොඳයි නේ...

" මම අන්දන්න ********* ගන්නව... එතකොට ඔයාට fresh බොකේ එකට ******* මෙච්චර යනවා... ට්‍රාන්ස්පෝර්ට් මෙච්චරයි... ම්ම්ම් ඇඳුම් මහන කෙනාගෙ ගාන ******** "

ඔහොම කියාගෙන කියාගෙන යනවා... අන්තිමට ඒකි මූනෙ පව්ඩර් උලන්න ගන්නව බර ගානක් අනික්ව වෙන වෙනම.. හයියෝ සල්ලි... ඒත් ඉතින් මොනා කරන්නද... බලපු උන්ගෙන් හිතට ඇල්ලුවෙ උන්දැගෙ වැඩනේ.. එයත් බුක් කරා...


රත්තරන් ඉතින් මට මතක අර ස්වර්නවාහිනියේ ඉස්සර යන ඇඩ් වල තිබ්බ 5000 ගාන... යකෝ පවුම දැන් ඒ වගේ 10 ගුණයකටත් වැඩියි... ඇස් දෙකටම ඇඩුනත් ඉතින් මුදු මාල නැතුව කොහොමෙයි... ඒකත් ගත්තා...

සති 6 ට කරන්න වැඩ අම්බානෙක නේ.. උදේ නැගිටිනව එලියට බහිනවා ආයෙ ඉතින් කෑමක් බීමක් නෑ එහෙ දුවනව මෙහෙ දුවනවා...

ඇඳුම් මහන්න... දෙවැනි මන මාල මන මාලියො හොයන්න... මල් කුමර කුමරියො හොයන්න... උන්ට ඇඳුම් මහන්න...කේක් බොකස් බලන්න... ඉන්විටේශන් කාර්ඩ් බලන්න... අශ්ටක කියන එව්වො.. නටන එව්වො... පෝරු මල් සැරසිලි... සංගීත කාරයො... ඉවරයක් තිබ්බෙ නෑ... කොහොම හරි සති 6 අවසානයේ වැඩේ ලස්සනට හිතුවටත් වඩා හොඳින් කර ගන්න පුළුවන් උනා...


පාන්දර 3 ඉදන් මනමාලි ඇදගෙන... උදේ 6 ඉදන් ෆොටෝ ගහල... අම්බානෙක බඩගින්නෙ හොටෙල් එකට ගියා... ඒ ගිහිල්ලත් මොන කෑමක්ද.. ෆොටෝ කාරයො කියද්දි කවන්නයි.. කන්නයි... කොහොම හරි ඉතින් පෝරුවේ නැගලා.... නෑ මිත්‍ර සනුහරෙත් අඳුන්නල දීලා හැන්දෑ වෙන්න පොඩ්ඩක් නටල කාරිය මඟුල ඉවර කලා...

සෑහෙන්න මහන්සි උනාට අන්තිමට පොඩි වැඩයි තිබිල තියෙන්නේ... හෝටලේට ගියා... පෝරුවට නැග්ග.. බැස්සා... නෑ මිත්‍රයෝ අඳුන්නල දුන්නා... කෑව... නැටුවා.. එලියට බැහල එන්න තියෙන්නේ... හයියෝ මහන්සිය.... මෙච්චර දැඟලුවෙ මේ පැය 5 ටද කියල නොහිතුනාමත් නෙමෙයි... හයියෝ සල්ලි.... ඒ උනත් එක පාරනේ ජීවිතේටම


ඔක්කොමත් හරි අපේ අපතයෝ අර ගෙනාපු බෝතල් ලස්සනට වාඩි වෙලා බයිට් හප හප බොනව දකිද්දි... ඇස් දෙකට කඳුළු කැට සට සට ගාල එනවා... එහෙමෙයි කියල බොන්නය එදා.... ආපු එවුන් අම්බානෙක එන්ජෝයි කරද්දි කපල් එකට නම් පාං කියා ගන්නවත් පන නෑ... 

එහෙමෙයි කියල නිකන් ඉන්නය.. ආයෙ හවසත් ෆොටෝ අල්ලනවා... ඔක්කොම ඉවර වෙලා හැන්දෑවෙ 6 ට විතර බුක් කොරපු හොටලේට ගිහිල්ලා.. හොඳට නාල කාල බුදියගත්තා... මොන හනිමූන්ද අප්ප මඟුල දාට...

එහෙනම් ඉතින් පිස්සත් දැන් බැඳලා... ලියන්නනම් පට්ට කම්මැලියි. ඊට ත් වඩා වයිෆ් ලංකාවෙ ඉද්දි මෙහෙ ඉන්න එක නම් ඇඩෙනව... පුළුවන් ඉක්මනට එයාවත් ගන්න ඕනි... ඊට පස්සෙ නම් ජීවිතේ මල්.

58 comments:

  1. අද තමයි ඉස්සෙලාම පෝස්ට් එකක් කියෙව්වෙ...

    මල හත් ඉලව්වයි මේව්ව කියවනකොට වෙඩින් එපාවෙනවා.... යාළුවෙන්න කලින්ම කෙල්ලගෙන් අහනව පැනල යන්න කැමතිද කියලා

    ඉක්මනට ලන්කාවෙ ඉන්න කෙනාව ගෙන්න ගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කොරනවා !!!

    ReplyDelete
    Replies
    1. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. ඒකනේ මල්ලි කියන්නේ ඕකට අහුවෙනම්ම සිහියක් නැහැ. ආයේ අහුවුන්නට පස්සෙ තමා රඟේ දැනෙන්නේ. කොහොම හරි සුභ මංගල්‍යයක් වේවා!!!

    මම නම් දැනන් හිටියා ඔබ විවාහ වූ බව. මට කවුරු හරි එදිනම කිව්වා. එදාත් සුභ පැතුවා.

    නොලියපු එක නම් බොහෝම නරකයි. ඔබේ ලිපිත් මගේ බ්ලොගාගමනයට හේතු වුනා.

    එහෙනන් කෙදිනක හෝ ලංකාවට ආ දිනක දෙන්නම එන්න. මොනව හරි කාල දවසක් ඉදලා යන්න. නුගේගොඩ නෙමෙයි මාතරට.

    ReplyDelete
  3. අනේහ් පවු කොල්ලා.... :D

    ReplyDelete
  4. පිස්සා අයියව දැක්ක කල්..... සුභම සුභ විවාහ ජිවිතයක් වේවා. ඉක්මනටම දෙන්නට එකට ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ...!!!
    මගුලක් ගන්නවා කිව්වාම සල්ලිම තමා ඉතින් අද කාලේ හැටියට නම්....:)

    ReplyDelete
  5. එහෙනම් මගුලට මගෙන් සුභපැතුම්... මමත් බැඳලා මෙහෙ ආවේ වයිෆ් නැතුව. :) මගුල ගද්දි මම නම් ඒ හිටියෙත් රට. මස්සිනාලා නෑනලා සෙට් එකටයි අපේ යාලුවෝ සෙට් එකටයි ගෙදර උන්ටයි පින්සිද්ද වෙන්න මට තිබ්බේ වියදම් කරන එකයි පස්සේ දා මගුලට ගිහින් ඉන්න එකයි විතරයි. මම ලංකාවට ගියෙත් මගුලට දවස් දෙකක් තියල.

    ReplyDelete
    Replies
    1. මාර මනුස්සයෙක් තමයි......

      Delete
  6. බඳිනවා කියන්නේත් පණයන වැඩක් නේහ්..?
    දාඩියත් දැම්මා.., මේ පොස්ට් එක කියවන තරම් ඉක්මනට මේ වැඩ ටික කරගන්න ඇතිනම් කොච්චර ශෝක්ද?
    එහෙම නෑනේ..,
    බලමු ඉස්සරහට..,
    තනිකඩ දෙකඩ කරන්ට..,
    ජය!

    ප.ලි: ආපහු ලියපු එකට පට්ට හැපී ය..! :)

    ReplyDelete
  7. සුභ මංගලම්.. ඔය කියන විදියට හෙන සංකීර්ණ සිද්දියක් නේද? මම මේ කල්පනා කලේ දවාලක ගේනවද රෑකම ගේනවද කියල.

    අමාරුම වැඩේ කියන්නේ. කොල්ලෝ හැමෝම බොද්දි ඒ දිහා බලාගෙන ඉන්න එක වෙන්න ඕනේ.

    ReplyDelete
  8. අළුත් (ඒහෙමමත් නෑ වගේ නේද) විවාහ ජීවිතයට සුභ පැතුම්.

    ෂෙහ් ... මෙහෙම කට්ටක් කාලා බඳිනවට වැඩිය හොඳයි වගේ සුපුරුදු තනිකඩ ජීවිතේ.

    ReplyDelete
  9. හ්ම්ම්.....ඉක්මනට එයාවත් ඔබ ඉන්න රටට ගන්න..
    ජයෙන් ජයම පිරි සැපවත් දිවියක්ම පතනවා ඔබට!

    ReplyDelete
  10. හැබෑට බැරිද ඔය ඔක්කොම නොකර , පාටි ඩ්‍රෙස් එකක් ඇඳලා පොඩි සෙට් එකක් ගෙන්නලා මුදු මාරු කරලා , කාලා නටලා පාටියක් දාන්න කියලා මම මනුස්පයාගෙන් ඇහුවා... දැනට නම් ඇග්‍රී... ඒත් පස්සෙ මොනවා වෙයිද දන්නෙ නෑ..... :-)

    ReplyDelete
  11. සුබ විවාහ ජීවිතයක් උදා වේවා.....

    ReplyDelete
  12. විවාහ ජිවිතයට සුබ පැතුම්!!

    බැඳපු අලුත ඔහොම රට ගිහින් තනියම ඉන්න පුළුවන්ද අෆ්ෆා?

    ReplyDelete
  13. සුභ පැතුම් අයියා අලුත් ජිවිතේ සාර්ථක වේවා :)))))

    ReplyDelete
  14. http://wilakuwa.blogspot.com/2012/10/blog-post.html
    ඔයා ගැනත් මේකේ තියෙනව !
    ඔය ලින්ක් එක පොඩියක් බැළුවොත් මං ටොපියක් දෙනව ..... මට ලියන්න කියල දීල දැන් මේ හදන්නේ ලියන්නේ නැතුව ඉන්නද ???? පිස්සුනං කෙලින්න එපා ඇ .....

    අන්තිම ටික දැකල දෙන්නට සුභ කියල කියන්නත් අමතක උනානේ ... ඔන්න එහෙනං පලාමල්ලේ ගොඩ වැඩිවෙන පොඩි හුරතල් පිස්සු පැටව් ඉතිරෙන සුභම සුභ ඩබල් ජීවිතයකට විලක්කුවෙන් ආසිරි .

    ReplyDelete
  15. එහේනම් උඹත් අපේ වලට වැටුනා සුබ පැතුම් ආ වෙල්කම් මචන්..ඉක්මනටම නොනවත් ඔය පැත්තට ගනින් ජය

    ReplyDelete
  16. කසාද බැඳිල්ලත් ලේසි නැහැ වගේ :P කොහොම නමුත් දෙපළට සුභ පැතුම් :)

    ReplyDelete
  17. ela ela
    Happy married life kiwwa pissata

    ReplyDelete
  18. මං බඳින්නේ නෑ....
    ගෑණිය අරං පැනලා යනවා... ඇයි අප්පේ මාර වියදමක්නේ...

    ReplyDelete
  19. පිස්සා අයිය බැන්ද කියල මට කිව්වෙත් අසරණය!,මෙමෙ එතකොටයි දන්නේ!සයිබර් ෆෙස්ටිවල් 1ටත් උඹ ආව කිව්වට මම දැක්කේ නෑ!මම දෙතුන් දෙනෙක්ගෙන්ම ඇහුව.වැලිගමදී අපි කට්ටිය සෙට් වුන දවසෙත් පොඩි මෑන් කිව්වා උඹ එනවා කියල.එදත් ආවෙ නෑනේ.කොහොම උණත් දෙන්නෙක් වීම ගැන සුභ පතනවා!

    ReplyDelete
  20. සුභ මංගලම් පිස්සා..!

    ReplyDelete
  21. ඔන්න ආයෙත් සුභ මංගලම් කිව්වා.. පිස්සා & පිස්සී දෙපලටම..

    ReplyDelete
  22. කොටුව උඩ ගහපු පොටෝ එක ලස්සනයි අයියේ..........ඔය දෙන්නට පඩි පෙලක් වගේ ලමයි හම්බෙලා 7500න් සැපෙන් සතුටෙන් ජීවත් වෙන්න වාසනව ලැබෙන්න කියල මම ප්‍රර්තනා කරනවා....
    මම පිසාචයා

    ReplyDelete
  23. සුභම සුභ ජිවිතයක් වේවා අයියාටයි අක්කටයි දෙන්නටම.... ඉක්මනටම අක්කාවත් ලගට අරන් ජිවිතේ මල් කියා කියා සතුටින් ඉන්න ලැබේවා හැම කල්

    ReplyDelete
  24. සුබ පැතුම් මිත්‍රයා...
    මේවා මෙහෙම කියන්න එපා මචන්... ලබන අවුරුද්දේ එගොඩ යන්න කියලා. හප්පේ මෙක කියවද්දි අනේ සල්ලි කියලා හිතුනා

    ReplyDelete
  25. තව ටික දවසකින් මටත් මේ ටිකමයි. හ්ම්ම්ම්.....

    ReplyDelete
  26. ජය වේවා මචං . !! සෑහෙන්න වැඩ තොගයක් කරලා තියනවා නේ උඹ පහුගිය ටිකේ මම වැරදිලාවත් ආවා නම් උඹට මාව එපා වෙනවා ඔය වැඩ අස්සේ . කොහොම හරි කමන්නෑ . ජීවිතේ විඳගෙන සතුටෙන් ඉඳපන් . උඹට වරදින්නෑ . අනිත්තෙක තමා ඉඳලා හිටලා වත් ලියපං .

    ReplyDelete
  27. යකෝ උබ බැන්දා??????????

    (සෑමාට ඉතිරිය කියන්නට පෙර සිහිසුන් විය...)

    (නැවත අවදිව..)

    ජය මංගලම් වේවා.. (උබට එච්චර වයසක් නැහැ නේද බං??)

    ReplyDelete
  28. පිස්සටත් මනමාලිටත් සුභ මංගලම් !
    …කෙටි කාලයක් තුල හදිසියේ සංවිධානය කල මගුලක් උනත් සියලුම දේ අඩුවක් නැතිව කරගෙන තියෙන බව පේනවා . දැන් කාලේ මගුලක් ගන්න එක ලේසි කටයුත්තක් නෙවේ කරන්න තියෙන වැඩ ටික බැලුවම .

    ReplyDelete
  29. අයියෝ සල්ලි......... මොනා කරන්නද බොසා.. බෑ කියලා නොගෙනන ඉන්නයැ

    ReplyDelete
  30. ///කොරපු හොටලේට ගිහිල්ලා.. හොඳට නාල කාල බුදියගත්තා... මොන හනිමූන්ද අප්ප මඟුල දාට... ///

    මේක තමා ආතල් ම ටික..........
    පැයක් හමාරක් කටු ගැලෙව්වු නැද්ද බන්...:)

    සුබ පැතුම්.....!

    ReplyDelete
    Replies
    1. අන්න අත්දැකීම් සෙම්ටු මී හික්ස්

      Delete
  31. සුබ පැතුම් !

    ඇයි අනේ හොරාට ෂොට් එකක් නවාගත්තෙ නැත්තෙ. :D

    ReplyDelete
  32. දෙන්නටම සුභා කිවුවා ඔන්න.. මේ පෝස්ට් එක හෙට අනිද්දට බදින්න ඉන්න ‍එ‍කෙක් දැක්කොත් නම් අනිවා ඌ වෙඩිම කල් දානවා..

    ජය වේවා..!

    ReplyDelete
  33. අදමයි ආවේ බැන්දා කියලා දැක්ක නිසා. ඔන්න පුතේ බයික් එහෙම අරන් දෙනවා නෙමෙයි. මෙතැනින් බලන්න

    ReplyDelete
  34. එළ එළ සුභ පැතුම්....ඒකයි එහෙනං පහුගිය ටිකේ පේන්න හිටියේ නැත්තේ.....ජය !!!!!

    ReplyDelete
  35. සුභ මංගලම් පිස්සා. අයියෝ සල්ලි නේද. සේම් හියර් බ්‍රදර්..

    ReplyDelete
  36. සුභ පැතුම් කොල්ලා. වෙඩින් එකටත් ලෙසට වියදම් කරලා බැන්දට පස්සෙ මෙහෙ හිටියොත් නම් ඇත්තටම ඇඬනවා බන්. වයිෆ්වත් ඉක්මනට ගෙන්න ගනින්. ජයවේවා !

    ReplyDelete
  37. මයියගෙනුත් සුභ පැතුම්....මයියගේ වෙඩින් සීන් එකත් දවසක ලියලා දාන්න ඕනේ...පැණිහදේ ගිහිල්ලා හෝම්කමින් එන ගමන තමයි අතරමැදදී මයි වයිපරේ කොණ්ඩේ දාගත්තේ...කාර් එකේ ඩ්‍රයිවරයට ෆුල් හොල්මන්..ඌ ගෙදරට අවාඅම තම්යි දන්නෙ ගෙනාවේ හෝම්කමින් කපල් එකක් කියලා..

    ReplyDelete
  38. සන්තෝසයි සන්තෝසයි.....!! සුභ පැතුම් මගෙනුත්. අර ලිස්ට් එක අපිටත් ප්‍රයෝජයක් නොවෙයි කියලා හිතලා අහක දාන්නත් බෑනේ.

    ReplyDelete
  39. මගෙ අම්මෝ ටයිම් ඇටෑක් එකට ගහන ගේමක් වගේ තමයි. මදැයි ඔයින් ගියා. උඹලට හැපී මෙව්ව එකක්!

    ReplyDelete
  40. කසාද බැඳිල්ලත් එපා වෙනවනෙ මේවා ඇහුවහම.....

    ReplyDelete
  41. කට්ටියටම බොහොම ස්තුතියි.... වෙන වෙනම කමෙන්ට් කරන්න වෙලාවක් නෑ අප්පා... හුඟ දවසක් ලංකාවෙ ඉදල ආව නිසා දැන් වැඩ එක දිගට...

    ReplyDelete
  42. සුබ මංගලම්!!! ජය මංගලම්!!1

    ReplyDelete
  43. හැහ්...බඳින එකත් මේ තරම් අමාරුද?...

    සුභ මංගලම්...දෙන්නටම...

    ReplyDelete
  44. පිස්සු හැදෙන වැඩක් නේ! සුබ පැතුම්!

    ReplyDelete
  45. ගොඩ කාලෙකින් මේ පැත්තෙ ආවෙ. ආවෙ කිව්වට ඉතින් ලිව්වෙත් ගොඩ කාලෙකින් නෙ. :)

    ඉත සිතින් සුභ පතනව මචෝ සුභම සුභ අනාගතයකට! මේක දැක්කම බය හිතෙනවනෙ. මේ වෙලාවට තමා හඳ පානෙ යන එක කොච්චර හොඳද කියල හිතෙන්නෙ.:)

    ReplyDelete
  46. පිස්සාට හා පිස්සීට සුබ මංගලම් වේවා!!!!!

    ReplyDelete
  47. හෆොයි...මේක කියවලාම මට නං මහන්සී වගේ...එහෙව් එකේ පිස්සට ඒ සති 6 කෝම තියෙන්ඩ ඇතිද ඈ.. :D එහෙනං සුබ මංගලම් මංචිගෙනුත්.. :D

    ReplyDelete
  48. අනේ අසරණය... උඹ පව් බං... ඒ අක්කත් ගාල්ලෙද බං? ඔක්කොම ඇත්ත වෙන්නැති.. හැබැයි අර යටම ඡේදෙ තිබ්බ හඳ ගැනනං එච්චර ෂුවර් එකක් නෑ...

    පුලුවං ඉක්මනින් ලංකාවට එන්න ප්‍රාර්ථනා කරනව.. මොකද නෑයො යාළුවො ඔක්කොම දාල හම්බකරන්න විතරක් ඔහේ ගිහිලප්ල වැඩක්තියෙද අයියෙ.. ඉරිසියාවට නෙමේ.. ඇත්තටම කිව්වෙ..

    ReplyDelete
  49. ජය මංගලම් වේවා........!!!!!!!

    ReplyDelete
  50. එහෙනම් අනාගතය සුබ වේවා ..! මචන් මගුලක් ගන්න ඕනෙ කිව්වම මට හිතාගන්නම බෑරි අර යාලුවට මොනවා හිතෙන්න ඈත්ද?

    ReplyDelete
  51. එහෙනම් අනාගතය සුබ වේවා ..! මචන් මගුලක් ගන්න ඕනෙ කිව්වම මට හිතාගන්නම බෑරි අර යාලුවට මොනවා හිතෙන්න ඈත්ද?

    ReplyDelete
  52. එහෙනම් අනාගතය සුබ වේවා ..! මචන් මගුලක් ගන්න ඕනෙ කිව්වම මට හිතාගන්නම බෑරි අර යාලුවට මොනවා හිතෙන්න ඈත්ද?

    ReplyDelete
  53. ජය වේවා!
    සුභපැතුම්...!

    ReplyDelete
  54. ඇත්තටම කීයක් විතර ගියාද මගුල් කන්න....

    ReplyDelete
  55. හෆොයි!!! පුර පසලොස්සක පෝය දවසක් බලල, රෑ පානේ යන එක තමා නුවණට හුරු.....
    සිරි සුභ මංගලම් වේවා!!!!!!

    ReplyDelete

Related Posts with Thumbnails