Friday, November 30, 2012

කොච්චර කලත් සල්ලි නෑ බන්... ඉතිරි වෙන්නෙම නෑනේ

Share


බෝතලයක්... මස් තසිමක්... සෝඩ බෝතලයක්.. වීදුරු කීපයක්... අපි කතා කලා... බිව්ව...

" මචන්.. උබට මතකද.. මට ඒ දවස් වල හම්බුනේ රුපියල් 10000 යි.. වැඩි කලක් නෑ අවුරුදු 2 කට උඩදි.. අඩෝ මම කාටවත් අත නොපා ඒකෙන් ජීවත් උනා හරි.. මට අද 45000 ක් විතර හම්බෙනව... උබලට කියන්න බන්.. වෙනසක් නෑ බන්. ඒ දවස් වල කෑව බිව්ව ඉතුරු නෑ.. අදත් කනව බොනව ඉතුරුවක් නෑ බන්.. මට හිතා ගන්න බෑ බන්... ඒත් ඉතුරු නෑ බන්.. බඩු මිල  සියට 400 කින් නැග්ගෙ නෑනෙ බන්... "

" ඔතන අවුල මචන් මනි මැනෙජ්මෙන් එකේ.. ඒ කියන්නේ මූදල් පාලනය කිරීමේ... වැඩිය ඕනි නෑ බලපන් අද සෙට් වීමම...

" එදා අපි බිව්වෙ ගල්... බාර් එක ගාවින් ගත්තු වඩෙයි.. කපපු ලූනු ගෙඩියයි.. ඈ... එච්චරයි නේ... අද බලපන්.. උබ ගෙනාවෙ ලෝකල් විස්කි එකක්.. ගල් බොතල් දෙකක ගාන... චයිනිස් එකෙන් ගත්තු ඩෙවල් 2 යි.. එදා ආතල් එකමයි ඒත් ඒ වගේ 3 - 4 ගුනයක් වියදම් කරල නේ.. වෙනස් තියෙන්නේ මචන් එතනයි... ඒ ගත්තු ආතල් එකෙයි මේකෙයි වෙනසක් තියෙද කියපන්... ? නෑනේ..  "

 " අපි මචන් සෑහීමකට පත්වෙන්නෙ නෑ බන්.. ඒ අපේ ජාතියේ හැටිද කියන්න මම දන්නෙ නෑ.. බලපන්.. එහා ගෙදර එකා බයික් එකක් ගත්තොත් අපිටත් කෝම හරි එකක් ගන්න ඕනි වෙනවා.. ඌ වෑන් එකක් ගත්තොත්.. අපිටත් ඕනි වෙනව... ඒත් අපිට බෑ...

අපිට ඕනි නැති උනත්... එක්කො අම්ම තාත්ත.. එක්කො ගෑනි... එක්කො යාලුවො මොකාගෙ හරි උසි ගැන්විල්ලට අපි ලීසින් එකක් දාල හරි ගන්නව නේ.. අපිට ගෙවන්න බෑ.. අඩුම ගානේ ගත්තු වාහනේට පැට්‍රෝල් ඩිංගක් ගහගන්න බෑනේ.. ටික දවසකින් ලීසිං එකෙන් උස්සනව.. ගෙවපුවත් නෑ.. වාහනෙත් නෑ.

එකෙක් තට්ටු දෙකට ගේ ගැහුවොත් අපිටත් ඕනි... පට්ට ණයක අරන් පටන් ගන්නව... ගෙයින් භාගයක් වත් කර ගන්න බෑ.. නොකා නොබී ණය ගෙවනවා... ඔය කිසිම තොරණක පිටින් පේන ලස්සන නෑ බන්..

මඟුල් ගන්න හැටි බලපන්... සබ්බ සකල මනාවම ඉවර කරගන්නව... ඊට පස්සෙ නොකා නොබී ණය ගෙවනව... සමහර උන් දික් කසාදත් වෙලා ඒත් මඟුලෙ ණය ඉවර නෑ

ඒ උනාට අපි කැමතියි අපේ යාලුවට.. එහා ගෙදර එකාට.. නෑයට වඩා ඉහලින් ඉන්න... අපි බයයි සමාජෙට... අපි ට ඕනි ලොකුව පෙන්නන්න...  ඔතනයි බන් අපිට වරදින්නෙ... "

" කවුද බන් ඔව්වට ආස නැත්තෙ... අපි මිනිස්සු හරි.. අනික බන් ඉන්න ටිකේනේ ඔය ඔක්කොම... "

" ඔව් ඒ උනාට මචන්.. අපේ අවශ්‍යතා අපි සීමා කර ගන්න ඕනි අපේ ආර්ථිකයට ගැලපෙන විදියට... මුල් තැන දිය යුතු දේවල් තියෙනවා.. ඒවලට අපි මුල් තැන දෙන්න ඕනි...

අම්ම තාත්ත... ගෑනි.. දරුවො එක්ක ඉන්න කාලේ අර වාහනේට.. ගෙට ගෙවන්න කියල ඕ ටී කරන්න ගියාම අපිට නොදැනිම උන් අපෙන් ඈත් වෙනව.. දරුවො වෙනුවෙන්.. අනාගතේ වෙනුවෙන්.. හරි කරන්න ඕනි.. ඒත් ඒ අතරේ අපි විඳින්න ඕනි මේ ජීවිතේ..

සමහර පොඩි එවුන් අම්ම තාත්ත දකින්නෙ නෑ දවස් ගානකට... ගෑනියි මිනිහයි හම්බෙන්නෙත් නිදිය ගන්න ටිකට විතරයි... මොකටද බන් එහෙම ජීවත් වෙලා..

දැන් කාලෙ අහන දකින් දේවල් එක්ක අපේ ටිකට් එක කවද එයිද කවුද බන් දන්නේ "

" හ්ම්ම්ම්... ඒකෙත් ඇත්තක් තියෙනවා... "

" මම උබට කතාවක් කියන්නම්... හයි වේ එක හදද්දි වන්දි දුන්නනේ.. පොරකගේ ගෙටයි වත්තටයි වන්දි හම්බුනා.. මූ ඒ මුලු සේසතෙන්ම ගෙයක් ගැහුව හෙන පත.. හරි.. අන්තිමට මූට කන්නවත් සතයක් නෑ.. අන්තිමට අර ගේත් විකුනල දැන් අර බේකරිය පිටිපැස්සෙ කාමරේක ඉන්නේ... ඌට හම්බුන වන්දියෙන් ලස්සනට ඉන්න තිබ්බ.. පොඩි ගෙයක් හදාගෙන... සල්ලි කීයක් හරි බැංකුවෙ දාගෙන... අපරාදේ ඉතින්.  "

" මචන්.. අපිට හම්බ වෙන ගානෙන් අපේ තරමට අපි ජීවත් වෙන්න ඕනි..  වැඩිය ඕනි නෑ...

********* උබේ පඩිය කීයද ? "

" 25 යි බන්.. ඕටි එක්ක 30 ක් වගෙ තමා.. "

" හරි.. උබේ කීයද.. 45 යි නේ.. .. ******** තොට 65 ක් වත් එනවනේ මාසෙට.. "

" 70 ක් වගේ..  "

" හරි.. දැන් බලපන්... තොපි තුන් දීනාම කියන්නේ එකම කතාවනේ... අරූ 30 න් මාසෙ අදිනව.. මූ 45 න්.. උබ.. උබ 70 න්...

70 ක් ගන්න උබට 30කින් මූ වගේ ජීවත් වෙන්න පුළුවන්නම් උබට 40 ක් ඉතුරු කරන්න බැරිද ? "

" අනේ මන්ද ඕයි.. ඉතුරු වෙන්නෙ නෑ.. "

" ඉතුරු වෙන්නෙ නැත්තෙ මම කියපු හේතුව.. උබල උබලට ලැබෙන ගානෙන් ජීවත් වෙන්න හැඩ ගැහෙනව... ඉතින් හැමදාමත් නැති බණේ තමා... "

" මේ ඔය හුන්නස්ගිරි කතා වැඩක් නෑ බන්... සින්දුවක් කියල ආතල් එකක් ගමු බන්... "

" එල.. "

" ගනින් ඔය බෝතලේ මෙහාට ශොට් එක්ක දාලම පටන් ගමු... "

නින්ද නැති රැයේ.....

29 comments:

  1. කතාව අමූලික ඇත්ත... :)

    ReplyDelete
    Replies
    1. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. බොන්නම ඕන උඹලට හොඳ සිහිය එන්න...

    ReplyDelete
    Replies
    1. අයියගේ කටේ මසුරං දාන්න වටිනවා කියපු කතාවට...

      Delete
  3. ඔයට හේතුව ළිපිය ඇතුලෙම තියෙනවනේ.. ඒ නිසා අපි බයිලා ගහන්න ඕන නෑ....

    ReplyDelete
  4. කසාද බැන්දම මොලේ පෑදෙනවා වගේ.

    ReplyDelete
  5. //ඒ අපේ ජාතියේ හැටිද කියන්න මම දන්නෙ නෑ.. බලපන්.. එහා ගෙදර එකා බයික් එකක් ගත්තොත් අපිටත් කෝම හරි එකක් ගන්න ඕනි වෙනවා.. ඌ වෑන් එකක් ගත්තොත්.. අපිටත් ඕනි වෙනව... ඒත් අපිට බෑ... //

    එ වගේම තමයි තමුන්ට නොලැබුනත් ,එහා ගෙදර එකාට රුපියල් දහයක් හරි නැතිවෙනවා දැකලා සතු‍ටු වෙන පොරවලුත් ඉන්නවා...මොනා කරන්නද ඉතින් ජාතික චින්තනයනේ....

    ReplyDelete
  6. ඊලග පාර ගල් ගහයිද අද කිව්වට බීලා ?

    ReplyDelete
  7. සිරා පෝස්ට් එක...

    ReplyDelete
  8. ඔය වගේ සීන් එකක් ඊයෙත් මගේ කාමරේදීත් උනා..

    ReplyDelete
  9. ඉතාම වටින කතාබහක්... හැබැයි අන්තිමේට ඒ කතාවත් ‍බෝතලේටයි, ආතල් එකටයි යට උණානෙ. ඔය තුන්කට්ටුවටම වඩා අඩු පඩියක් ගන්න මම පුංචි ‍ගේ ‍පොඩ්ඩකුත් හදා ගත්තා. ඒ ගැන නම් ආඩම්බරයි.. අපි ඉතින් ‍ගල්,පොල්,විස්කි හොයන්‍‍නෙ නැහැ‍නෙ. ඒ නිසා වෙන්න ඇති.

    ReplyDelete
  10. මොකද මචෝ නෑනන්ඩි බර බරයක්වත් දැම්මද...ඔව්වා ඔහොම තමා ...බං

    ReplyDelete
  11. පිස්සාගේ පිස්සුව හොඳ වෙලාද...

    ReplyDelete
  12. ඉඳපල්ලෝ මං දියුණුවෙලා හැදිල එනකම් .මං ලොකු වුණාම තොපි ඔක්කෝටම පේන්න ගන්නවා ලොකු ප්ලේන් එකක් ..

    ReplyDelete
    Replies
    1. බලාගෙන වැටෙයි හිච්චි සේර්... :P

      Delete
  13. ලොකු දාර්ශනික කතාවක් මෙතන තියෙනවා. බැන්දාට පස්සේ දාර්ශනිකයෙක් වෙන්නද යන්නේ අයියා :D

    ReplyDelete
  14. කාලෙකින් මේ පැත්තේ ආවේ... අර තරුරසී කියල තියෙනවා වගේ යථාර්තය ආපහු බෝතලේට යට නොවී තිබ්බ නම් තමා වැඩිමනත්ම වටින්නේ...

    හොඳ පෝස්ට් එකක් මචෝ....

    ReplyDelete
  15. වැඩක් නෑ බං කියලා ඕවා.....! මම බඳිනකොට මගේ පඩිය 12,500යි....! ඒ 2000 අවුරුද්දේ. අද ඊට වඩා ටිකක් වැඩියි. ඒත් එදා ප්‍රශ්නම අදත් තියෙනවා. මාසෙ අන්තිමට අතේ සතේ ඉතිරිවෙන්නෙ නෑ බොලං.....!

    ReplyDelete
  16. කසාද බැන්දම මිනිස්සුන්ට ජීවිතේ යථාර්තය අවබෝධ වෙනවා. තව ටික කාලෙකින් ජීවිතේ අනිත්‍ය බවත් තේරෙන්න ගනිවී :D

    ReplyDelete
  17. හුම්ම්ම් බැන්දම මොළේ පොට යන එකයි, බිව්වම යථාර්ථය මතක්වෙන එකයි එකට මික්ස් උනාම මේ වගේලු... අනේ මංද.. අන්තිමට කියන්න තියෙන්නෙ බෝතලේට ඔක්කොම යටයි කියල එක...

    සැර ජාති බීම හෙලා දකිමි..

    ReplyDelete
  18. පඩිය වැඩි වෙද්දී අවශ්යතාවල් වැඩි. කරන දේවල් වැඩි.. 1000 ෂර්ට් අන්දලා වැඩට ගියාම සමජෙත් එක්ක උඩට යද්දී 1000 ශීර් අඳින්න හිත දෙන්නේ නැහැ සමාජෙන් කොන් වෙන්න කවුරුවත් කැමති නැහැ ඒ නිසා එකට ගැලපෙන්න තමා අඳින්නේ පලදින්නේ . අනිත් දේවලුත් ඒ විදියට අපිට නොදනිම වියදම සැර වෙනවා..

    උඹේ කතාව සහතික ඇත්ත අල්පෙක්ෂිතව ජිවත් උනොත් ගොඩ..

    ReplyDelete
  19. මොනා උනත් කතාවනම් සහතික ඇත්ත.. මාත් මේ දවස්වල ඔය ප්‍රශ්ණෙට උත්තර හොයනවා..

    ReplyDelete
  20. Apith sl hitiye ohomai ban...ammoo nethi karapu salli..eth dukak nehe..kala bila ammalata salakala hitiye..mase anthimata ammagen loan ekak gahanawa..dukai sathutai dekama..honda lipiyak macho..

    ReplyDelete
  21. අදහස් දක්වපු ඔක්කොටම ස්තුතියි....

    ReplyDelete
  22. උඹේ කතාව සහතික ඇත්ත බන්. වෙඩින් එකේ ඉන්විටේෂන් එකේ ඉඳන් කේක් කෑල්ල දක්වා .. ඊලඟට ගෙවල් දොරවල් යාන වාහන ... ජීවිතේ අනික් ගොඩක් ඒවා අපි කරන්නේ අනුන්ට පෙන්නන්න.
    අනිත් එකාට වඩා බැරි නම් ඌ කරපු ගානටවත් කරන්න මහන්සි වෙනව, ඕනකරන සල්ලි හොයා ගන්න එක්කෝ ණය වෙනවා, එහෙම නැත්නම් තුන් හතර ගුණයක් මහන්සි වෙලා වැඩ කරනවා.
    එත් පස්සේ වෙලාවක කල්පනා කරලා බැලුවම අනිත් එවුන් පරද්දන්න ගිහිල්ල පරාදවෙලා තියෙන්නේ අපිමයි, අපි හිනා වෙලා තියෙන්නෙ අපිටමයි ...
    තමන්ගේ දෙකකුලෙන් හිටගෙන කෙලින් හිතල කෙලින් වැඩ කරන්න පුළුවන් නම් මම හිතන්නෙ පොඩි කාලෙ සෙල්ලම් කරලා සතුටු උනා වගේ ජීවිතේ අනිත් සියලු දෙවලිනුත් අපිට සතුටු වෙන්න පුළුවන්.

    ReplyDelete
  23. සිරාවටම ඔය ප්‍රශ්නේ තමයි මටත් තියෙන්නේ කොච්චර කලත් ඉතිරියක් නැහැ ඉතිරිය ගැන ගහන ප්ලෑන් වලට වදකලානම් අද මම කෝටි පතියෙක් නමුත් කරුමේ කියන්නේ ඉතිරි වෙන්නෙම නැහැනේ මොකෝ මේදවස් වල අලුත් පොස්ට් නැත්තේ?
    කෝරලේ වලව්ව

    ReplyDelete

Related Posts with Thumbnails