Wednesday, December 12, 2012

පොඩි පොඩි Love හුටපට

Share

 පහුගිය දවසක ආව කෝල් එකක් වයිෆ් ගෙන්... ටිකක් වෙලා කතා කර කර ඉදල..

" අහ් මේ... අපි ඊයේ පන්සල ගිය වෙලේ ඔයාගේ පරණ කෙල්ල ඇවිත් හිටියා... ඔයාලගෙ නංගි පෙන්නුවෙ... එයා ප්‍රෙග්නන්ට් "

" අහ්.. එළනේ... මේ... ඔය කොයි එක්කෙනාද ?? "

එතනින් එහාට තත්වය ශෝචනීයයි...

පොඩි කාලේ කරපු හුට පටනේ එව්ව ඉතින්... ඔය එක්කම මතක් උනේ හසිතය කෙල්ලෙක්ගෙන් යාළු වෙන්න අහපු සීන් එකක්..


හසිතයා ගෙවල් පැත්තෙ කෙල්ලෙක් පස්සෙන් දවස් දෙකක් විතර පැදල.. කෙල්ලගෙනුත් ලොකු අවුලක් නැති එකේ වැඩෙ අහලම ඉවරයක් කරන්න හිතාගෙන මූ ලං උනාලු කෙල්ලට...

" මේ.. මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද ? "

" ඇයි අයියේ... මොකක්ද ? "

" මේ මේකයි නංගි... මං ඔයාට කැමතියි... "

කෙල්ල පොඩ්ඩක් වෙලා කල්පනා කරනවලු... බිම බලාගෙන..

" අව්ලක් නෑ
නංගි.. ඔයා කල්පනා කරල බලල කියන්නකො... "

' නෑ නෑ අයියේ.. ඔයාට පුළුවන්ද ඇවිල්ල අපේ අම්මගෙන් අහන්න.. අම්ම කැමති නම් මම කැමතියි... "

ඒ ලව් එක එතනින් හබක්.


ඔය හසිතය තමයි අර ලව් ලෙටර් ෆොටෝ කොපි ගැහුවෙ... එතකොට කලිසම සෙන්ටි මීටරේට යට කරපු.. මොකක්ද හු**** පන්තිය සීන් වල ඩයල් එක... ( පොඩි ඇඩ් එකක්  )

ස්කූල් බස් එකේ යන කාලේ මූ එකම ස්කෝලේ එකම පන්තියේ කෙල්ලො දෙන්නෙක් එක්ක යාළු වෙලා හිටියා... කෙල්ලො දෙන්න ආව ගියෙත් එකම ස්කූල් බස් එකේ... සති 2 - 3  ක් දෙන්නටම මූ ලව් කරා මාට්ටු නොවී..

කෙල්ලො දෙන්නම 8 නැත්තම් 9 වසරෙ... එක කෙල්ලෙක් මූ උදේට බස් එකේ නගින හරියෙන්ම නගිනවා... අනික් කෙල්ල බස් එකට නගින හරිය එද්දි කට කපල සෙන්ග.. ඒකිට ඉතින් ෆුට් බෝර්ඩ් එකෙන් යන්තම් උඩට එන්න පුළුවන්.. මුන්ව මළාට පේන් නෑ.. ඉතින් උදේට ගෙවල් ලඟ කෙල්ල එක්ක ලව්.. 


හවසට නම් ඌ කොහොම ගේම ගැහුවද මන්දා.. සමහර දාට එක කෙල්ලෙක් වමේ.. අනික දකුණේ.. පොඩි කෙල්ලොනේ උන් ඔක්කොගෙම හොර හිත් නිසා මූ වැඩෙ ගෙනියන්න ඇති... හයියෝ එහෙම කාලයක්.... වැඩි කල් නොගොස් දෙන්නටම මාට්ටු වෙලා අන්තිමට කෙල්ලො දෙන්න තරහ උනා... මූ වෙන කෙල්ලෙක් එක්ක යාළු උනා.

ගොජබි ලව් සීන් ගැන මතක් වෙද්දි පොලිසියට බෝතලයක් දීල... මදි හරියට බයිටුත් අරන් දීපු නදීරය නියම බයිට් එක... ඌ ගැන හිතා ගත හැකිනේ පොලිසියට බෝතලයක් දීල " සර් බයිටුත් ? " කියල අහපු එකෙන්ම...

අපි ස්කෝලෙ යන කාලේ ඒ කියන්නේ අවුරුදු 10 කට විතර කලින් හවසට ස්ටෑන්ඩ් එකේ බස් එකට නගින්න සිරා කෙල්ලෙක් හිටියා... 21 - 22 ඇති... සාරිය ඇදල.. සිරාවටම ලස්සනයි... කොල්ලො සැරට ට්‍රයි ඒ කාලෙත්... නො චාන්ස්.

ඒ කියන්නේ දැන් ඒකිට මයේ හිතේ 32 ක් වත් වෙන්න ඕනි.. නදීරයා 20 කොලුවා... මූ ලව් කරේ ඒකට...

ලංකාවට ගිය වෙලාවෙ ටව්න් එකේ සෙට් උන දවසක මූ ආව.. 


" මචන් අර කෑල්ල එනව බන් දැන්... වරෙන්කො පොඩ්ඩක් බලන්න යන්න... "

මට කෙල්ල දැක්කම සෑ.. මේකි තාමත් ඒ වගේනෙ කියල නොහිතුනා නෙමෙයි..

" යකෝ මේකිට ද උබ ට්‍රයි කරන්නෙ ? "

" ඔව් ඇයි උබ දන්නෝද... ? "

" මම දන්නෙ නෑ බන්.. ඒ උනාට අපි ස්කෝලෙ යද්දිත් ඕකිට අපේ එවුන්ත් ට්‍රයි කලා.. වැඩක් නෑ බන්.. අනික යකෝ තොට වඩ අවුරුදු 10 ක් වත් වැඩිමල් ඇති.. "

මොන තේරුමක් නෑ...

ඔක්කොම හරි ආතල් එක.. මූ කතා කරන්නෙත් නෑ.. ඒ උනාට සමහර දාට ලස්සනට රැප් කරපු තෑගි එහෙම අරන් ගිහින් ඒකිගෙ ගෙදර පෝස්ට් බොක්ස් එකට... නැත්තම් ගේට්ටුවෙන් එහා පැත්තට දාල එනවා... පර්ෆුයුම්... ස්ට්‍රිට්නර්ස්.. වගේ එව්වත් දීලා කියල කිව්වෙ අපේ මලයා... ඒ තෑගි දෙන්නෙ ඌ කියලවත් ඒකි දන් නෑ මම හිතන්නේ

සීන් එක අහපු මම

" හෑ යකෝ තොට පිස්සුද ? "

" එහෙම තමයි බන් බොක්කෙන් ලව් කරද්දි.. "

මම ඔලුවෙ අත ගහ ගත්තා...

52 comments:

  1. හි ... හි ... එහෙම තමයි බන් බොක්කෙන් ලව් කරද්දි..

    (මෙයා මාසෙකට සැරයයිනේ දැන් පෙනී හිටින්න එන්නෙ. ඔහෙම හොඳද මම අහන්නෙ)

    ReplyDelete
    Replies
    1. DDT : දැන් ඉතින් ඉස්සර වගේ නෙමෙයිනේ... හික් හික්

      Delete
    2. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. හා හා ඔය තමන්ගෙ යාලුවන්ට මඩ ගහන පුත්තරයගෙ කෙරුවාවත් අපි නොදන්නවයැ. මොකෝ අපි මේ බ්ලොග් එක කියවන්න පටන් ගත්තෙ අද ඊයෙද. හික්ස්.

    ReplyDelete
    Replies
    1. පිණිබිඳු... : කට කට... ඒ දවස් වල හිටපු අය දැන් අඩුයි නේ... අලුත් අය නේ දැන් ඉන්නේ... ඉතින් පර ණ කතා මක්කටෙයි... හික් හික්

      Delete
    2. පරණ කතා ටික කියවල එන්න ඕන ;)

      Delete
    3. සාතන් : කියවල වරකො එහෙනම්...

      Delete
  3. මටත් ඔහොම සීන් එකක් වුනා බන්... දෙන්නා හම්බුනේ බස් ස්ටෑන්ඩ් එකේ කෙලවරවල් දෙකේ,,,එකෙක් එක්ක කතා කරලා අනිත් පැත්තට යද්දි දන්න කොල්ලො එක්ක කතා කරලා එහෙම කාලයක් ගත කරලනේ යන්නේ... අනිත් කෙල්ල ගාවට යද්දි මෙන්න ඉන්නවා දෙන්නම් එක කුඩේ යටට වෙලා... කරුමේ කියන්නේ මම ලඟට යනකන්ම උන් දෙන්නව දැක්කේ නෑ... වෙලාවට වලියක් ගියේ නෑ.. ඉතාම සාමදානෙන් මගෙන් ඇහුවා "අයියේ ඔයා අපි දෙන්නාගෙන් කාවද තෝරගන්නේ" කියලා.. දෙකම හබක්... විශ්වාස කරහන් මම එක කෙල්ලෙක්ගේ නම අදටත් දන්නේ නෑ....

    පොඩි පොඩි කාලේ වුන පොඩි පොඩි සීන් වල රසනම් පොඩි නෑ මචන්...

    ReplyDelete
    Replies
    1. අභීත : උබ හෝ දහය විස්ස කියලද තේරුවේ ? ආයෙත් අහල බන් ඒ කාලේ නම්

      Delete
  4. " අහ්.. එළනේ... මේ... ඔය කොයි එක්කෙනාද ?? "

    එතනින් එහාට තත්වය ශෝචනීයයි...

    හිතා ගත්තහැකි. :D

    ReplyDelete
    Replies
    1. Praසන්ன : වැඩි අවුලක් නෑ ඉතින්... ඈ බන් උබ ලඟදි පෝස්ට් එකක් එහෙම දැම්මෙ නැතෙයි ? :p

      Delete
  5. පිස්සයි පිස්සගේ යාළුවෝ සෙට් එකටයි කෙල්ලො 1000ට් ලව් කරන්න පුලුවන්..ඒත් එකම කෙල්ලට 1000 ස් විදිහට ලව් කරන්න නම් පුලුවන් මයියා වගේ රෙයා(ර්) පොරවල් වලට විතරයි...;)

    ReplyDelete
    Replies
    1. මයියා ( Mayya) : සිරා බුවෙක්නෙ... :p

      Delete
  6. 98/99 කාලෙ නුගේගොඩ සෙන් ජෝන්ස් එකේ ඕලෙවල් කරපු මිත්‍රෙයක් හිටිය ටොම්බ කියල. ඌ ට්‍රයි කරපු කෙල්ලට (කෙල්ල ටොම්බ කියල එකෙක් පනපිටින් ඉන්නවද කියලවත් දන්නෙ නෑ) ඌ පොරක් කියල පෙන්නන්න ඌ කලේ ඒ දවස්වල ජනප්‍රිය වෙලා හිටපු පෆ් ඩැඩී, ස්නූප් ඩෝග් වගේ එවුවන්ගෙ පින්තූර පාගොඩ පාරෙ තිබ්බ කෙල්ලගෙ ගෙදර වත්තට දාල එන එක
    අපිට නිකං පිස්සු වගේ මූ ඇවිත් ඉශු කරන ටෝක් අහං ඉද්දි

    ReplyDelete
    Replies
    1. මම මීට වඩා හැපනිං කතාවක් උඹේන් බලාපොරොත්තු වුනා...

      Delete
    2. ඕනයා, උඹ ඔය කියන්නෙ අර ඌ හින්දා සෙන්ට් ජෝන්ස් එකයි, ආනන්දෙයි වලියට සෙට් වෙච්ච සීන් එකද ?

      Delete
    3. ඕනමැන්ටල් : නදීර වගේම බුවෙක් හික් හික්

      Delete
  7. අනේ පව් කෙල්ලො...හැබැයි ඉතිං කෙල්ලොත් ආතල් එකටද දන්නෙ නෑ යාළු වෙලා හිටියේ..හෙක්..හෙක්...
    එයාලට Gift හම්බෙද්දි නම් මරු ඇති..

    ReplyDelete
    Replies
    1. හිමා ... : මොන... යාළු වෙලා තියා ඒකි දන්නෙවත් නැතුව ඇති මූ ට්‍රයි කියල

      Delete
  8. හේහ්... පිස්සටත් බැන්දට පස්සේ නෙව මතක් වෙන්නේ ලව් සීන්.. කොයි එක්කෙනාද??? මතක නෑ ??? හතර හිනා..

    ReplyDelete
    Replies
    1. දේශකයා : එව්ව ඉතින් එහෙම් තමා

      Delete
  9. අනිච්චේ දුක්කේ... නොනා එහෙම මේ බ්ලොග් එක කියවනවාද පලාමල්ලේ?

    ReplyDelete
    Replies
    1. PM : ආයෙත් අහල... ඒ දැරිවි මේක කියවන්න අරන් දැන් අවුරුද්දකටත් එහා...

      Delete
  10. අයියෝ මචන් ඔය කාලේ වැඩනම් පිස්සු පීකුදු. මමත් ඔය දවස්වල එකවර 3ක් කරලා තියනවා. දවසක් එකක් එක්ක බස් එකක යනකොට නැග්ගේ නැද්ද අනිකත් ඉස්සරහ දොරෙන් මොනවා කරන්නද ළඟ ඉන්න එකට කීව "අපේ පුංචි අම්මගේ දුව නැග්ග බස් එකට මාව අදුරන්නේ නැ වගේ ඉන්න කියල" ඒ කරලා ඉස්සරහ ඉන්න එකත් එක්ක හිනා වේවි හිටිය වාසනාවට එකී මගින් බැස්ස. මෙන්න මචන් පහුවදා අරකි අහනවා කුවුද අර ළඟ හිටිය කෙල්ල කියල මොනවද මචන් අර කතාවම අනිත් පැත්තට කීව. තව දවසක් පේරාදෙණිය මල්වත්තට ගිහින් කෙලවගත්ත. හැමදාම මම ගියොත් එකම තැනක ඉඳගන්න යන්නේ ඔය ගාර්ඩ්න් එකේ තියනවා කුරු ෆාම්ස් ගස් වගයක් ඔකේ පාත් වෙච්චි අත්තක් තියනවා මම ඔකේ ඉඳගෙන කෙල්ලව කකුල් දෙක මැදින් හේත්තු කර ගන්නවා (අඩෝ වෙන විදිහකට නෙවෙයි හරි ...) එතකොට මුණ බලාගෙන ආතල් එකේ කයියක් දාගෙන ඉන්න පුළුවන්. එදත් මම ඔහොම ඉද්දි මෙකි මාව තල්ලු කරා මමත් පෙරේතය පොළොවේ ගැහුවා වගේ අනිත් පැත්තට වැටුන මට පොඩ්ඩක් මල පැන්න ඔයිට කලිනුත් ඕක ඔය විදිහටම උනා හැබැයි වෙන කෙල්ලෙක් එක්ක ඕක මට මීටර් නැ මම මල පැනපු පාර "මොනවද ඔයි කරන්නේ තමුසෙට මම එදත් කිවා ඔය වැඩේ කරන්න එපා කියල බැරි වෙලාවත් අතක් වත් කැඩුනානම් කියල කියපි" අම්මට සිරි යකෝ මෙන්න මෙකි ට පැන්න මල එක පාරට මෙකි කියපි "ඇ ඔයි කවද්ද මම තමුසෙව මෙතනින් තල්ලු කරේ මීට කලින්" කියල. හිතා ගන්න පුළුවන්නේ එතනින් එහාට සෝචනීයයි ඔයි ........

    ReplyDelete
    Replies
    1. itnishantha : අඩේ පට්ට සීන් එක... බ්ලොග් පෝස්ට් එකක් දාන්න වටින සීන් එකක්...

      Delete
  11. අදමයි ආවේ මේ පැත්තේ පට්ට කතා සැට් එක.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයා : ආවට ස්තුතියි... මාත් ඒ පැත්තෙ ගොඩ වැදුනා

      Delete
  12. අදමයි ආවේ මේ පැත්තේ

    ReplyDelete
    Replies
    1. Ano : සාදරයෙන් පිලිගන්නවා

      Delete
  13. අවංකව ආදරේ කරහල්ලා බං... සික් උඹලනං..කුජීතයි...

    ReplyDelete
    Replies
    1. මාරයාගේ හෝරාව : මම ඉතින් දන්නවනේ අයියේ... හික් හික්

      Delete
    2. අම්මපා ඇත්ත බං ......... අසික්කිතයි

      Delete
  14. හ්ම්ම්......! පිස්සුම කාලයක් තමයි ඒක නම්.....!

    ReplyDelete
    Replies
    1. දුමී : කියල වැඩක් නෑ අයියේ

      Delete
  15. එතකොට අවංක ආදරේ කොහොමද බන්

    ReplyDelete
    Replies
    1. ItalyDilan : ඇයි දන්නෙ නැද්ද බන්...

      Delete
  16. හේහේ නියම ස්ටෝරි....

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  17. /*" එහෙම තමයි බන් බොක්කෙන් ලව් කරද්දි.. "*/

    දුකේ බෑ බන්... ;)

    ReplyDelete
  18. // එහෙම තමයි බන් බොක්කෙන් ලව් කරද්දි.. //
    වෙන එකෙක්ට ඌ වෙනුවෙන් පෙනී සිටියනම් ගොඩනෙ :P

    ReplyDelete
    Replies
    1. යසිත්ගේ සිතුවිලි : මොන... තේරුමක් නෑ... අවුරුදු 10 ක් තිස්සෙ කොල්ලො කී දාහක් පෙරන්න ඇත්ද අප්පා

      Delete
  19. බොක්කෙන්ම ලව් කරනවා කියන්නේ මහා අපරාදයක් නේ..

    ReplyDelete
    Replies
    1. අසරණයා : අනේ මන්දා බන්... ඒ වගේ

      Delete
  20. ඉලව් ලව් වගේ :D

    ReplyDelete
    Replies
    1. Hasitha : එව්ව ඉතින් එහෙම තමා

      Delete
  21. අවංක ප්‍රේමය ගැන කියද්දි මතක් උනේ .අපේ එකෙක් කෙල්ලව ගෙදරට ඇරලලා හැම සති අන්තෙම රෑ වෙලා ගෙදර යන්න බස් නැතුව හොඳ කට්ටක් කනවා.උගෙන් අහපුවම කියන්නේ එහෙම තමා සිරා ලව් කරද්දි කියලා

    ReplyDelete
  22. නෙදක්කිං මේ පික්ෂා.... කොල්ලෙකුට අවංකව ආදරේ කරන්නවත් දෙන්නෑ නේ... සික්.....

    ReplyDelete

Related Posts with Thumbnails