Monday, January 30, 2012

ඉගෙන ගන්න රට ගිහින් අමාරුවෙ වැටෙන හැටි...

Share


YouTube එකේ දැකපු මේ වීඩියෝ එකත් එක්ක මේ ලිපිය ලියන්න හිතුනා. මේ ගැන මීට අවුරුදු කීපයකට කලින් එලකිරි අඩවියෙත් ලිපියක් මම දැම්ම මතක විදියට. අපේ ලංකාවෙ උසස් පෙළ ඉවර වෙනවත් එක්කම බොහෝ කොල්ලො කෙල්ලන්ට හැදෙන ලෙඩක් තමයි ඉගෙන ගන්න රට යන්න ඕනි කියන එක. උන්ගෙ කටේ තියෙන ලොකුම වචන සෙට් එකක් තමයි " මෙහේ ඉදල හරි යන්නෙ නෑ " කියන එක.


ඔතනදි කොටස් දෙකක් ඉන්නවා. එක කොටසක් හොඳට සල්ලි තියෙන... රට යවල උගන්නන්න පුළුවන් දෙමව්පියන්ගේ දරුවන් එක කොටසක්. අනික සාමාන්‍ය සමාජයේ එදිනෙදා වියදම් කොහොමහරි සපයගෙන ජීවත්වන දෙමව්පියන්ගෙ දරුවන්.


මේ ලිපිය ලියවෙන්නෙ ඒ දෙවැනි කොටසට අදාල දරුවන්ගෙ අවධානය පිනිසයි.


* ලංකාවෙ උසස් පෙළ සමත් උනත් විශ්ව විද්‍යාල සඳහා තේරෙන්නෙ සීමිත පිරිසක්. ඉතිරි කොටසට තියෙන අවස්ථා අල්පයි.


* ANC, ACBT, SLIIT, NIBM, CINEC, OCU සහ තව පුද්ගලික ආයතන කිහිපයක් තිබුනත් ඒවායේ මිල ගනන් බොහෝ සමාන්‍ය පවුල් වල ළමයින්ට දරා ගැනීමට අපහසු වෙනවා. ( SLIIT සහ NIBM නම් සාපේක්ශව අඩු මුදලක් අය කලත් )....


* මුදල් ගෙවා ඉගෙන ගෙන එලියට ආවම රැකියාවක් පිළිබඳ තියෙන අවිනිශ්චිත බව.


 * පොඩි කාලේ ඉදන් ඉන්ජිනේරුවෙක්... ඩොක්ටර් කෙනෙක් වෙන්න ඔනි කියන මතය නිසා කාර්මික විද්‍යාල හෝ වෙනත් ඒ ආකරයේ සමාජයේ ඉහලින් පිළිනොගත්ත රැකියා පුහුණුවන්ට ඇති අකමැත්ත.


* අනික පොඩි කාලේ ඉදන් ඔලුව වැටිල තියෙන රට හීන සහ මෙහේ ඉදල හරියන්නෙ නෑ කියන වදන නිසා බොහෝ ළමයින් සහ දෙමව්පිය ඉගෙන ගන්න රට යන්න ඕනි කියන තැන ට එනවා.


උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වෙන්න කැමති අයට පත්තර පිටු ගනන් පිරෙන්න දැන්වීම් තියෙනවා. ඕස්ට්‍රේලියාව... එක්සත් ජනපධය...රුසියාව... ඉන්දියාව.. සයිප්‍රසය... තව අහල නැති රටවල් වල පවා නා නා ප්‍රකාරයේ විශ්ව විද්‍යාල ( කඩ ?? ) වලට ළමයින්ට යන්න පුළුවන් මේ දැන්වීම් දාන ආයතන හරහා. ඔන්න ඔය ආයතන වෙත ළමයි සහ දෙමව්පියන් යොමු වෙනවා ඉහත හේතු මත.


එහෙම ගියහම ඒ ආයතන වලින් අඳිනවා චිත්‍රයක් දෙමව්පියන්ට සහ ළමයින්ට... සුර ලොවක් මැවිල පේන්න.


Part time රැකියා කරන්න පුළුවන්... ඒ කරලා තමන්ගේ වියදම් සහ විශ්ව විද්‍යාලයට.. පාසලට.. ගෙවන්න ඕනි Course fees ගෙවන්න පුළුවන්... ඉතිරි කරල ලංකාවටත් සල්ලි එවන්න පුළුවන්.. ආදී වශයෙන් බොහොම ලස්සන චිත්‍රයක් අඳිනවා. ඉතින් රට යන්න පොඩි හරි ආසාවක් තියෙන කෙනෙක් උනත් කොහොම හරි ඉගෙන ගන්න රට යන තැනට පත්වෙනවා ඒ සුරංගනා කතාවත් එක්ක.

මූලික වියදම් සහ පළමු වාරයේ course fee එක ගෙව්වෙම ප්‍රමානවත් එතනින් පසු සියළුම වියදම් Part time job කරල හොයා ගන්න පුළුවන් කියන් පට්ට පල් බොරුව විශ්වාස කරලා අපේ කට්ටිය ඔන්න රට යන්න සූදානම් වෙනවා.


වීසා ගන්න නම් තමන්ට රට ඉන්න කාලෙට අවශ්‍ය වියදම් සහ course වලට යන මුදල ( Australia වට නම් මෙය වසර 4 ක උපාධියක් සඳහා ලක්ශ 100 කට ආසන්න මුදලක් ) තමන්ට වියදම් කරන්න පුළුවන් බවට immigration එකට පෙන්නන්න ඕනි. එතනදි ඔය කිවූ බොහෝ ආයතන නා නා ප්‍රකාර හොර වැඩ කරනවා. පත්තරේ අරන් බැලුවත් දැකල ඇති මුදල් පෙන්නීම යම්කිසි මුදලකට කරල දෙනවා කියල දැන්වීම්. ඉතින් ඒ වැඩේ ලක්ශ 5 - 6 ක් අරගෙන කරල දෙන වැඩෙත් ඔය ඒජන්ත වරු බාර ගන්නවා. වීසා අරන් දීල රට යනකන් ඔවුන් ඔබට උදව් කරනවා.. කිසිම අවුලක් නොවෙන්න. ප්‍රශ්නෙ තියෙන්නේ


* ඔවුන් ඔබට ඇඳල පෙන්නපු චිත්‍රය අමූලික බොරුවක් බව රටට පය ගැසූ මොහොතේම ඔබට වැටහීම.


* ඔබ ඉගෙන ගන්න ආපු විශ්ව විද්‍යාලය.. එක ලංකාවෙ AL ටියුශන් පන්තියක් වැනි පොඩි ආයතනයක් පමනක් බව තේරුම් යාම.

දැන් තමයි සිහින ලොවෙන් අවදිවන කාලය... ඉන්න හිටින තැන් වලට.. කෑම බීමට... ගමන් වියදම්.. මුදල් ඕනි... ඒත් කෝ රැකියා... ???


නීතිය අනුව එන කෙනෙක්ට නීතියට අනුව වැඩ කල හැක්කේ පැය 20ක් පමණයි සතියකට... කෙනෙක් ඔය පැය 20 වැඩ කරල ඉහත වියදම් සියල්ල සපායගෙන මාස 6 කින් එන එකට මුදල් එකතු කරන්න හිතනවානම් එය සුදු සිහිනයක් පමණයි.


මම ඉන්න රටේ නම් සාමන්‍යන් සතියකට හවුලේ වාසය කලත් නවාතැන් වලට අඩුම ගනනේ $ 100 ක් වත් ඕනි කරනවා.. කෑම බීම වලට තවත් $ 50 ක් වත්.. ( ?? ) .. ගමන් වියදම්... බිල්... තව $ 50 ක්.. එදිනෙදා අනෙකුත් වියදම්... පොත් පත්.. සහ ඒ දේවල්.. කොහොම සතියකට $ 250 - 300 ක් වත් ඕනි වෙනවා... හුඟක් රැකියා වල ගෙවන්නේ මම දන්නා ආකරයට $ 12 - 15 ක් අතර මුදලක්.. ඔබ හොරෙන් වැඩ කරනවනම් එය $ 10 ක් වෙන්න පුළුවන්.. ඉතින් ඔබට පැය 20 ක් වැඩ කරල ඔබගේ වියදම යන්තම් හොයා ගත්තත්... course fees කොහොමද ඔබ හොයන්නේ ????

හොරෙන් තව පැය 20 ක් වත් ඒ කියන්නේ සතියකට පැය 40 - 50ක් ඔබට වැඩ කරන්න වෙනවා.. ඉගෙන ගන්න ගමන් පුලුවන්ද කියල හිතල බලන්න..

Course fee college එකකට $ 6000 - 7000.. University එකක නම් $ 10000 - 13000 අතර වෙනවා semester එකකට.



රැකියාවක් සොයා ගැනීම ලෙහෙසි කටයුත්තක් නෙමෙයි.. බොහෝ දෙනා Cleaning job වල නියලෙනවා. බොහොමයක් එවැනි රැකියා පාන්දර එහෙමත් නැත්තම් මහ රෑ තියෙන්නේ... සීතලේ කට්ට කාගෙන කරන්න වෙන්නේ... ලංකාවෙ ඉද්දි කන කෑම් පිඟාන හෝදපු නැති එවුන් අවසානයේ වැසිකිලි පිරිසිදු කරන තත්වයට පත් වෙනවා. මම ඒ රැකියාවන් පහත් කිරීමක් නෙවෙයි කරන්නේ.. ඒත් එවැනි දේවල් බලාපොරොත්තුවෙන් මෙහි කිසි වෙකු එනවායැයි මා සිතන්නේ නැහ.

එහෙත් එවැනි රැකියාවක් හොයා ගැනීමත් ලෙහෙසි කරුණක් නොවෙයි.. course fee හොයා ගැනීමට පැය 20 ඉක්මවා වැඩ කිරීමට සිදු වෙනවා..කවුරු හරි වැරදිලවාත් immigration එකට ඔත්තුව දුන්නොත් කෙලින්ම ගෙදර...


ඒ වගේම ඔබ හොරෙන් වැඩ කරන බව දන්න විට ඔබට ගෙවන්නේ සුලු මුදලක් වෙන්න පුළුවන්.. මාසයක් විතර වැඩ අරන් සල්ලි නොදී ඉන්න අවස්ථා සුලබයි...


ඉඩම් විකුණා... උගස් තියල.. හීන මවන් එන ඔබ අන්ත අසරණ වෙනවා..


ඒ වගේම ඔබ එන අධ්‍යාපන ආයතනය පෙට්ටි කඩ සහතික නිකුත් කරන ආයතනයක් නම් ඔබ ලබන සහතිකයට ඇති වටිනාකම ????


පසු ගිය කාලේ එවැනි පෙට්ටි කඩ ජාතියේ අධ්‍යාපන ආයතන බොහොමයක් ඕස්ට්‍රේලියානු රජය විසින් වසා දැමුවා. ඒවායේ සිටි ළමයින්ට ඔවුන් ඉගෙන ගත් ( ඇත්තටම මොනවද ?? ) දේවල් වලට කිසිම පිළිගැනීමක් නෑ...ඔබ නිදි මරන්.. දුක් විඳල... හම්බු කරන සල්ලි ගෙවන්නේ කවුරුවත් පිළිනොගන්නා සහතිකයකට නම් ඒකේ තේරුම කුමක්ද කියල හිතල බලන්න...


ඒ නිසා ඔබ ඉගෙන ගන්න රට යන්න අදහස් කරනවානම් ඔය ඒජන්සි කරුවන් විශ්වාස කරන්න එපා.. යන අදහස් කරන රට ගැන අන්තර්ජාලයෙන් සොයා බලන්න. ඔවුන්ගේ ආගමන විගමන නීති... ඔබ යන්න අදහස් කරන අධ්‍යපන ආයතනය පිළිගත් ආයතනයක්ද... එහි රැකියා අවස්ථා ගැන... වියදම් කොහොමද... ඒ සඳහා ඇති නිල වෙබ් අඩවි මගින් සොයා බලන්න. දන්න කෙනෙක් ඒ රටවල් වල ඉන්නවනම් ඔවුන්ගෙ අසා බලන්න...සෑම ඒජන්සියක්ම මේ වගේ නොමඟ යවන්නේ නෑ... ඒත් බහුතරයක් එහෙමයි


මගේ පුද්ගලික අදහස නම් ඔබගේ උපාධිය යම් හැකියාවක් තියෙනම් ලංකාවෙම අවසන් කරන්න... ඉන්පසු සොයා බලා ඔබගේ එතනින් ඉහල ඉගෙනීම් වලට රට යන්න.. මොකද ඔබට එවිට පිළිගත් රැකියාවක් කරන ගමන් ඔබේ අධ්‍යාපන කටයුතු නිම කල හැකි නිසා. ඒත් හොඳට හොයල බලල...


මේ සම්බන්ධව ඇසූ නෑදැ සහ හිතවත් කිහිප දෙනෙක්ට ඉගෙන ගැනීම සඳහා රට යෑම සහ එහි ඇති අඳුරු පැත්ත ගැන මම දන්නා දේවල් කියන්නට ගොස් අවසානයේ අහගන්න ලැබුනේ " ඕකුන්ට යන්න හොඳයි.. අපේ ළමයි යනවට ඉරිසියාව නේ.. "  යන කතාව නිසා මම මේ සම්බන්ධ කිසිවෙකුට පුද්ගලිකව කතා නොකිරීමට තීරනය කලේ මීට වසර ගනනාවකට පෙරය. ඒත් උදේ දැකපු ඉහත වීඩියෝව නිසා මේ බ්ලොග් සටහන තැබීමට තීරනය කලෙමි.

පහත වීඩියෝ වේ වූ එම තරුණයන්ගේ අදහස් කිහිපයක්..


" ලංකාවෙ ණය වෙලා... ලංකාවට සල්ලි යවන්න හිතාගෙන බොරුවට මෙහේ එන්න එපා..."

" මේක ඇවිල්ල සුන්දර ලෝකයක් නෙමෙයි... මෙහේ ආවනම් ගොඩ තමයි කියල හිතුවට වැඩක් නෑ... මෙහේ ඇවිල්ල කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ.."

" මේ වගේ රටකට එනවනම් හොඳ විශ්ව විද්‍යාලයක බලල එන්න... නැතුව ඒජන්ත වරුන්ගේ සුරංගනා කතා වලට රැවටිල අහිංසක දෙමාපියන්ගෙ සල්ලි වියදම් කරල මෙහේ එන්න එපා කියල ඉල්ල සිටිනවා.. "



ඒ වගේම බැලුම්ගල ඉදිරිපත් කල වැඩසටහනක් තමයි මේ.. ඒත් ඔය ඉගෙන ගන්න කියල අහිංසක ළමයි සයිප්‍රස් පටවපු තවත් කෙරෙන සෙල්ලමක් ගැන තමයි...




කෙනෙක් එකක් විදියට දාපු මේ ලින්ක් එකත් ලිපියට අදාල නිසා ඇතුලත් කලා. ඔබ යෑමට අදහස් කරන විශ්ව විද්‍යාලය ( University ) ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ජාත්‍යන්තරය පිළිගන්න ආයතනයක් ද යන්න මෙන්න මේ ලින්ක් එක දිගේ ගිහින් පරික්ශා කරන්න පුලුවන්.

මේ ලිපියට ඔබගේ අදහස්.. අත්දැකීම... බලාපොරොත්තු වෙනවා... වගේම පුළුවන්නම් මේක ශෙයා කරන ලෙසත් ඉල්ලා සිටිනවා... ලිපිය නැතත් ඉහත වීඩියෝ දෙකවත්.. මේ ලිපිය නිසා එක්කෙනෙක් හරි අමාරුවෙ වැටෙන එකෙන් ගැලවෙනවනම් සතුටුයි... ඒකයි.

Saturday, January 28, 2012

බ්ලොග්කාරියනි... බ්ලොග් ලෝකේ ජනප්‍රිය වීමට මෙන්න අවස්ථාව...

Share

පහුගිය දවස් වල බ්ලොග් අවකාශේ ලිංගිකත්වය... ජැක් ගැහිල්ල... මඩ ගැහිල්ල.. පුද්ගලික කෝන්තර ඔක්කොම නිකන් ෆෘට් සැලඩ් වෙලා සෑහෙන තරම් උණුසුම් වෙලා දැන් නම් ආයෙ හෙමින් හෙමින් පරණ තත්වෙට එනවා... අද උදේ චමිලයගේ බ්ලොග් එකේ දැකපු පෝස්ට් එක මෙතන කොටල දාන්න හිතුවා මොකද ඒක සිංහල බ්ලොග් අවකාශයට මේ කාලයට ගැලපෙන පෝස්ට් එකක් නිසා. චමිලය මොකට ඒක කඩ්ඩෙන් කෙටුවද මන්දා...



චමිලගේ ලිපියේ අදහස මේ පෝස්ට් එකෙන් ඇති වන්නේ නෑ. ඒත් චමියගේ කරුණු ටික පාවිච්චි කරොත් ඔබටත් ජනප්‍රිය බ්ලොග් කරුවෙක් වෙන්න පුළුවන්...


******************


බ්ලොග් ගත්තම නා නා ප්‍රකාර බ්ලොග් තියෙනවා... ආදරය... කඳුලු.. විරහව... අත්දැකීම්.. තාක්ශණය ගැන... විචාර... අරක්කු ගංජ ගැන... විවිධාකාර විදියේ බ්ලොග්.. ඒත් සමහර බ්ලොග් වල අන්තර්ගතය කොච්චර හොඳ උනත් කියවන්නෙ සීමිත පිරිසයි... හිට්ස් නෑ... කමෙන්ට්ස් නෑ... බ්ලොග් කරුවා ප්‍රසිද්ධත් නෑ... ඉතින් මට හිතුන චමිලය මොනව කිව්වත් උගේ අදහස් ටික බ්ලොග් කරුවෙකුට ජනප්‍රිය වෙන්න නියම අදහස් ටිකක් කියල ( There is nothing called bad publicity... just publicity. ඕකත් ඉස්සුවෙ උගෙන්ම තමා )...


******************


මේ ලිපිය කාන්තා බ්ලොග් කාරිනියන් වෙනුවෙන්... චමිලයගේ අදහස් වලින් උනත් බ්ලොග් කරුවෙක්ට ජනප්‍රිය වීම ලේසි වැඩක් නෙමෙයි. ඒක නිසා ඒ ගැන ලියල වැඩක් නෑ... බ්ලොග්කරුවන් වෙනුවෙන් වෙන එකෙක් හරි එකියක් හරි ලියපන්...


** මතබේදාත්මක යමක් ලියන්න... ලිංගිකත්වය ගැන... ජැක් ගැසීම ගැන... එහෙමත් නැත්තම් ඔය ටැබූ සබ්ජෙක්ට් ඕනි එකක් ඔට්ටුයි...


** පිරිමියාට.. පිරිමින්ගෙ ලිංගික ආසාවන් වලට ඔබගේ බ්ලොගය තුලින් පහර දෙන්න. බ්ලොග් අවකාශයේ සිටින නම් සහිත සහ ඇනෝ පිරිමි චරිත ඔබගේ ලිපියට එරෙහිව කමෙන්ට් දමන්න පටන් ගන්නා තෙක් ඉවසන්න.


** එම කමෙන්ට් වලට එරෙහිව ඔබ නැවත ඔබගේ අදහස් පල කරන්න. තමුසෙ.. ඕයි වැනි වචන භාවිතා කරන්න හැකිනම්. ආවේගශීලිව ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න.


** දැන් ඔබේ පුද්ගලික තරහ කරුවන් සිටී නම් කමෙන්ට් වලින් පහර දෙන්න. ඔබේ පෙම්වතා.. සැමියා.. යහළුවන් සියල්ල ගෙන්නගෙන ඔවුන්ගෙ සහයත් ගෙන පන්න පන්න පහර දෙන්න. නැතිනම් තව ප්‍රොෆයිල් කිහිපයක් නිර්මානය කරගෙන ඒවා ඔබගේ මිතුරන් ලෙස කමෙන්ට් කිරීමට යොදා ගන්න


** යුද්ධයට විරාමයක්... ඔබ කඩා වැටෙන්න... ඔබගේ මතයට විරුද්ධව අදහස් දක්වපු සියල්ලන්න්ටම චෝදනා කරන්න.. " මගේ ජීවිතේ විනාශ කලා... මම ගෙල සිර කර ගන්නවා... " ආදී වශයෙන් ඔබ සිය දිවි හානි කර ගන්නා තැනට ඔවුන් නිසා පැමිනි බව කියා සිටින්න.


** ඔබගේ බ්ලොග් එක වසා දමන්න. ඔබගේ බ්ලොග් ගැන්සියේ කිහිප දෙනෙක්ට පමනක් සීමා කරන්න.


** " මට සියල්ල එපා වී ඇත. මම සිය දිවි හානි කර ගනිමි " මේ අදහස ඇතිවන කුමක් හෝ වචන ටිකකින් ඔබගේ බුකියේ... ට්විටරේ ස්ටැටස් අප්ඩේට කරන්න. ඔබගේ බුකියේ බ්ලොග් ලියන නොලියන මිතුරු මිතුරියන් ඔබව සනසාවි... ලොවෙත් නැති බණ කියමින් ඔබේ හිත හදන්න උත්සහ ගනියි.


** ඔබ ජීවිතේට ආයේ බ්ලොග් නොලියන බවට තර්ජනය කරන්න.


** දින කිහිපයක් සිටින්න. ( එතරම් කාලයක් බැරිනම් පැය කිහිපයක්.. ) ඔබට ඊ මේලයට... බුකියට පණිවිඩ එවමින් ඔබට බ්ලොගය නැවත ලියන මෙන් ඇති ඉල්ලීම් බලන්න. ( එකෙක් වත් එහෙම කර නැතත් පුදුම නොවන්න. )


** නැවත් ඔබේ බ්ලොගය සියල්ලන්ට කියවිය හැකි ආකරයට settings හදා ඒ බව බුකියේ දමන්න. ඔබ එසේ කලේ ඔබගෙ මිතුරු මිතුරියන් ගේ බලවත් ඉල්ලීමට බවත් ඔබ එසේ නොකලහොත් ඔවුන් සිය දිවි හානි කර ගන්නා බවට කල තරජන නිසා බවත් පවසන්න.


** නැවතත් අර අමන රැල ඔබගේ බ්ලොගයෙ කමෙන්ට් දමමින් ඔබගේ මානසික මට්ටම අවුල් කරන්න උත්සහ ගනී නම් නැවත් බ්ලොගය වසා දින කිහිපයක් සිටින්න.  නැතිනම් අළුත් නමකින් අළුත් බ්ලොගයක් නිර්මාණය කර ඔබට එරෙහිව අදහස් දැක්වූ සහ මඩ ගැසූ බ්ලොග් කරුවන්ට පහර එල්ල කරමින් බ්ලොග් ලිපියක් ලියන්න.


මේ පියවර ටික අනුගමනය කලොත් ඔබ බ්ලොග් අවකාශයේ ජනප්‍රිය චරිතයක් වීම සිකුරුය.

******************
ලිපියේ ඇතුලත් අදහස් බොහොමයක් ( සම්පූර්නයෙන්ම වාගේ ) චමිලගේ බ්ලොග් අඩවියේ ලියූ What do you think blogging is?  ලිපියෙන් උපුටා ගත් අතර මෙතනින් එම ලිපියට යා හැක.

දැන් ඉතින් ගෑණු ළමෝ කොහු ඉදල් උස්සන් එනවා එහෙම නෙවෙයි....

Tuesday, January 24, 2012

" මට ඔයාගෙන් බබෙක් ඕනි " තවත් එක් අසම්මත ( ආදර ?? ) කතාවක්..

Share

ඔහු කඩවසම් තරුණයෙක්... ඔහුට හොඳ කාන්තා ආකර්ශනයක් හිමි වී තිබුනා. ඒ වන විට පෙම්වතියක් සිටියත් අතර මග දකින් හමුවන කෙල්ලන්ට ඇහ දමා ඔවුන්ව ඇවිස්සීමෙ පුරුද්ද ඔහුගෙන් මිදුනේ නෑ.. ඔය අතර තමයි ඔහුට නගරයේ ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක රැකියාවෙ යෙදන අමාලි හමුවන්නේ... ක්ශණික නූඩ්ල්ස් වගේ බැදීමක් ඔවුන් අතර ඇති වනවා.

තමාට පෙම්වතියක් සිටින බව ඔහු අමාලිට කියනවා පමනක් නොව... මාස කීපයකින් තමන් විවාහ වන බව අමාලිත් ඔහුට කියා සිටිනවා. දෙදෙනාම තහනම් සම්බන්ධයක අකුරු කියවන්න ගන්නවා...

ඔවුන්ගේ ( ආදරය ?? ) ලියලා වැඩෙන්නේ චිත්‍රපට ශාල තුල වූ Box වල... Rooms වල... සහ මිතුරන්ගෙ බෝඩිම් කාමර තුල.



කාලය ගෙවී යනවා... අමාලි විවාහ වෙනවා... ඔවුන්ගෙ තහනම් ආදරය ට තිත ( කොමාවක් ) තැබෙනවා...

***************


අමාලිගෙ විවාහයෙන් මාස කීපයකට  පසු...

චීන අවන්හලේ වට මේසයක් මත වූ අරක්කු බෝතලයක්... මස් තසිමක් සහ.. දුම් වැටි කීපයක්.. ඒ දෙපස වූ මිතුරන් දෙදෙනෙක්..

" උබට මතකනේ.. අමාලි "

" කවුද බන්.. ? තොගේ ගෑණු කීයක් කියලද ? මට මතක නෑ බන් "

" කොහෙද යකෝ ගෑණු ? අමාලි බන්.. අර ***** එකේ වැඩ කරන්නේ "

" අහ්.. හරි හරි... ඉතින් ඒකි බැන්දනේ... "

" හ්ම්ම්.. "

ඔහු දුම් වැටියක් පත්තු කරගෙන ලොකු දුම් උගුරක් මුදා හැරියා...


" ඒකි මට කෝල් කලා බන් ලඟදි "

" ඒ මොකෝ... ආයෙ උබව මතක් වෙලා "

" ඒකිට මාව හම්බවෙන්න ඕනි කිව්ව බන්.. "

" පිස්සු නැතුව හිටපන්... යකෝ ඒකි බැඳල නේ දැන්.. ඔය පවුල් සීන්වලට අත නොදා ඉදපන්... "

දුම් වැටිය රැඳි අතින් කිහිප විටක් නලල පිරි මැදි ඔහු..

" මම ගියා බන් ඒකිව හම්බ වෙන්න.. "

" ලෙඩක් වගේ... කියපන් කියපන්.. "  අනිකා හිස් වීදුරුවට රත් පැහ දියරයත්... සෝඩා ටිකකුත් දමා ගත්ත...

" හම්බු වෙන්න නෝන්ඩි නොවෙන තැනක් ඕනි නිසා අපි ***** එකේ Room එකකට ගියේ... "

" තොගේ ඔලුව හොඳ නැද්ද... තෝ අර මේ ඊයෙ පෙරේද බැඳපු ගෑනියෙක් ව Room එහෙකට එක්කන් ගියාද ?? පිස්සු හු*** නේ උබ "

දැවී නිම වූ දුම්වැටිය විසි කල ඔහු වීදුරුවට දමා ගත්ත රත් පැහ මත්පැන් උගුර අමුවෙන්ම පානය කර මස් කැබල්ලක් මුවේ රුවා ගත්තේ ඇඹුල් වූ මුහුනින් යුතුව...

ඔහු නිහඬයි...

" ඉතින් කියපන් ඊට පස්සෙ "

මොහොතක නිහැඬියාවකින්...

" අපි කලින් Room වලට ගියාට මචන් ඒකි බැඳල නැති නිසා ලොකු දේවල් කලේ නෑ... තේරෙනවනේ උබට... "

" ඉතින් "

" ඒකි තමයි වැඩේට මුල පිරුවෙ.. ඉතින් මාත් පිරිමියෙක්නෙ බන් හැඟීම් දැනීම් තියෙන... ඒකිත් එක්ක මම නිදා ගත්ත එදා.. "

" හරිනේ.. ඔය කරල තියෙන්නේ... ඕක නෝන්ඩි උනාම උබට තමයි ඕකිව බාර ගන්න වෙන්නේ... අර අහිංසක කෙල්ලෙක් ඉන්නව.. යකෝ ඒකි දන්නවනම් තොගේ වැඩ ගැන... "

" අහපන්කො යකෝ... "  


ඔහු තවත් මත් පැන් උගුරක් අමුවේම උගුරින් පහලට යවමින්...

" ඒකිට මගෙන් බබෙක් ඕනිලු "


මොහොතක නිහැඬියාවක්..

" මොකක්... මොකක්ද යකෝ ඒ හරුපේ... "

තවත් දුම් වැටියක් පත්තු කරගත් ඔහු..

" මන් දන්නෙ නෑ බන්... ඒකිට බබෙක් ඕනිලු මගෙන්.. "

" පොඩ්ඩක් හිටපන්... ඒ කියන්නේ බඩු හරිද... ?? "

" ඒ කිව්වෙ... ?? අහ් නෑ නෑ බන්.. එහෙම වෙන්න විදියක් නෑ.. ඒක මට ශුවර්.. ඒත්
මේකිට ඕනිලු බන් බබෙක්... "

" මොකක්ද බන් ඔය හරුපෙ... ඒ බැඳපු එකා පොන්නයෙක්ද ? "

" මම දන්නෙ නෑ ඕයි... මම මොකද බන් කරන්නේ.. මේකි දිගටම Call කරනව බන්.. "


" උබට ශුවර් නේ එහෙම මොකුත් උනේ නෑ කියලා එදා... "

" ඔව් යකෝ... ඒක ශුවර් "

අවසානයේ... දුරකථන අංක.. ගමන් බිමන් සියල්ල වෙනස් කර මාස ගානක් වහං වී කල් ගෙවූ ඔහු පසුව දැනගත් පරිදි අමාලි රැකියාවෙන් ඉවත් වී සැමිය සමඟ විදේශ ගත වී ඇත.


******
මේ කිසිත් නොදත් එම තරුණයාගේ පෙම්වතියත්...

තමා හා විවාහ වූවටත් පසු 'වෙන කෙකු හා නිදි වැද ඔහුගෙන් දරුවකු බලාපොරොත්තු වූ අමාලිගේ'... සැමියාත්...

මේ සිදුවීමේ අසාධාරණයට ලක්වූ සුදු චරිත... ලිංගික අසහනයේ ගොදුරු... වෙන්න පුළුවන්...

අමාලිත් අදාල තරුණයාත් වැරදි කරුවන් වෙන්න පුළුවන්...

මේ කතාව අද සමාජයේ අහන දකින් දේවල් එක්ක බැලුවම සීනි බෝල කතාවක්... පියා දුව දූශණය කරන... දරුවා පාසලට ඇරලවා කාලය ගෙවන්නට හමු වූ තාවකාලික පෙම්වතුන් හා නිදි වදින මව් වරු සිටින.. මේ රටේ මේව ඇත්තටම සීනි බෝල කතාය. දින පතා පත්තරයක් අරන් බැලුවොත් මේ ශ්‍රී ලංකාවෙ මේ තරම අසහන කාරයින් සිටී දැයි.. මෙහෙම වෙනවාදැයි පුදුම හිතෙන තරමේ සිදුවීම්ය.

පිරිමි.. ගැහැණු යන දෙපිරිසේම අසහනකාරි... කලු චරිත සිටී. සුදු චරිතද සිටී. මේ කතාව තවත් එක් උදාහරනයක් පමණි.


Tuesday, January 17, 2012

සති 2 යි.. කොල්ලො 3 යි... මට හමු වූ තවත් එක් කෙල්ලෙක්...

Share

ඩන්කන් සර්ගේ ක්ලාස් එකේ දීපු ඉන්ටවල් එකේ පොත් දෙකත් ඉනේ ගහගෙන අහිංසක ලීලාවෙන් එලියට ඇවිල්ලා එතන තිබුන ලෑලි කඩෙන් රුපියල් 12 රෝල් එකකුත් අරන් පල්ලම් බැස්සෙ අපේ එකෙක්වත් ක්ලාස් ඇවිත් නැති නිසා තව පැය 2 - 3 ක් ඉගෙන ගන්න තිබ්බ කම්මැලිකමට... රේල් පාර උඩින් තිබ්බ පාලමෙන් ගොඩ වෙලා කුණු ඇල පාර දිගේ ස්ටෑන්ඩ් එක පැත්තට එද්දි..

" ඒයි... අයේශ්... "


සද්දෙ ආපු දිහාව බලද්දි ප්‍රසන්නය.. අපේ ස්කෝලෙ ඕ ලෙවල් වලින් එලියට බැහපු ප්‍රසන්නය මගේ ඒ දවස් වල බොක්කක්. අපිත් එක්ක නිතර සෙට් නොවුනට මට වැටුන වලි කීපයක්ම ශේප් එකේ විසඳගන්න උගේ සෙට් එකත් එක්ක බැහපු එකෙක්. ඌත් එක්ක නා නා ප්‍රකාර චරිත කීපයක් හිටියා.

" කොහෙද මේ... "

" ක්ලාස් බන්.. කම්මැලියි මම ආව... උබ කොහෙද ? "

" අලුත් කෑල්ලක් සෙට් උනා බන්... ඒක බලන්න කියල ආව... "

" කොහේ එකක්ද... "

" මෙන්න මේ ***** පැත්තෙ බන්.. වරෙන්කො පෙන්නන්න ස්ටේශන් එක ගාවට ඇවිත් ඇති... "

" සිරාද මේකත්... "

මම එහෙම ඇහුවෙ ප්‍රසන්නය කලින් පපුවෙන්ම ලව් කරපු ඒ කෙල්ල ඌට දාර සපත්තුවක් දීපු නිසා.. ඒ වෙන කොල්ලෙක් එක්ක යාළු වෙලා.. එහෙම දීල සෙට් උන කොල්ලට උනේ අම්බානෙක ගුටි කන්න... ඒක වෙනම කතාවක්...

" උබ හිතනවද මම ආයෙ සිරා කරයි කියල ලව් එකක් ?? "

මම ඌට මොකුත් කිව්වෙ නෑ..


කුණු ඇළ පාර දිගේ ගිහින් ස්ටේශන් එකට ඇතුල් වෙද්දිම ස්ටීශන් එක කෙලවරට වෙලා පොත් ටිකකුත් පපුවට තද කරන් හිටි ගෑණු ළමයව පෙන්නල 


" අර ඉන්නෙ මචන්... "

උස.. ටිකක් කෙට්ටු...කොන්ඩෙ තනි කරලට ගොතල සායකුයි ටී එකකුයි ඇදල හිටි ඒ කෙල්ලව මට හොඳට දැකල පුරුදුයි.. කොහෙදිද... හරි... මගේ මතකය සති 2 ක් පස්සට ගියා...



කොළඹ පුංචිලහ ගිහින් මම එදා කොටුවෙන් 4.45 ට එන කෝච්චියේ ගාලු එනවා.. රුහුනට පස්සෙ එන මේක මට මතක හැටියට සාගරිකා.. මරදානෙන් නැග්ග නිසා මට දොර ගාවම තියෙන සීට් එකක වාඩි වෙන්න හම්බුනා.. ඒ ගාවම තිබ්බ දොරවල් දෙකෙන් එකක් වැහිලා තිබුනේ... හැඩි දැඩි පිරිමි කීප දෙනෙක් උත්සහ කලත් ඒ දොර ඇරගන්න හම්බුනේ නෑ.. කොටුවෙන්ම නැග්ග කපල් එකක් වාඩි වෙන්න ඉඩ නැති කමට ඔය දොර අයිනෙ සෙට් වෙලා හිටියා..

කොච්චර සෙනඟ හිටියත් අම්බලන්ගොඩ පහු වෙද්දි කෝච්චියේ අග හරියෙ පෙට්ටි වල සෙනඟක් නැහ.. ඉන්න අයත් හිමීට ඉස්සරහට යනවා.. මම මගේ එරික්සන් 230 යේ පොඩි ගේම් එකක් ගගහ කාලේ මරන ගමන් අර කපල් එක දිහාටත් ඇහ දානව... වෙන මොකුත් නිසා නෙමෙයි උන් දෙන්න පුංචි ප්‍රේමා ලිංගන පාරක් දාන නිසා.. හික්කඩුව පහු උනා..

කොච්චර ගන හෙවත් වැල බැලුවත් ලයිව් ශෝ එකක් දකින්න නොලැබුන පින මෙන්න... මුන් දෙන්නට ලොවම අමතකයි... කිටි කිටි යෙ බදාගෙන කිස් කරනවා.. මේ දෑස මක්කටද මට හිතුනා.. බලන්නත් බෑ... නොබලත් බෑ...  


කෝච්චියේ පිටි පස්සෙ හරියෙ හිටි එකා දෙන්න බෑග් මලු උස්සගෙන ඉස්සරහට යනවා... බහින්න ලේසි නිසා.. ( ගාලු ස්ටේශන් එකේ පිටවීමෙ දොරටුව තියෙන්නේ ඉස්සරහම කෙලවරේ ) ඒ යන මිනිස්සුන්ට සීන් එක දකිද්දි ආපු වේගෙට නවතින්න බෑ.. ලාවට බලාගෙන නොදැක්කා සේ යනවා... මුන් දෙන්නට වගක් නෑ... 

ටිකට් එකේ ගාන කවර් කරන්න ලයිව් ශෝ එක පෙන්නපු උන් දෙන්නට හිතින් පින් දෙමින් මම ගාල්ලෙන් බැහල ගෙදර ආව.. ඒ කපල් එකේ කෙල්ල තමයි දැන් මේ ඉන්නේ ස්ටේශන් එක ඉස්සරහ... ඒකිට මාව මතක නැති වෙන්න බෑ.. 


මෙතන මල ගේ කරන්න ඕනි නෑනේ..

" මචන් එහෙනම් මම කැපුනා... හවසට මම පාර පැත්තෙ එන්නම්.. උබල ඉන්නවනේ... "

" අහ් හරි.. වරෙන් අසංකයලගෙ ගෙවල් පැත්තට... අපි ඒ හරියේ සෙට් වෙනවා කොහේ හරි... "

" එළ.. "

මම හිමීට මාරු උනා.. කොළඹ ඒ සී බස් ගහන තැනින් ස්ටෑන්ඩ් එකට ඇතුල් වෙලා මම ඒ කෙලවරේ ඉදන්  අනික් කෙලවරටම ගිහිල්ල වක්වැල්ල කිව් එක ගාව කොට තාප්පෙට හේත්තු උනා..

මේකි මාර බඩුවක් නේ.. මට එහෙම හිතුනා.. අරූට කියනවද... එක්කො ඕනි නෑ.. ඌත් ආතල් එකටනේ කරන්නේ..



දින කීපයකට පසු...

මායි සංකයයි ඒ දවස් වල මම යාළු වෙලා හිටිය ගෑණු දැරිවියෙක් එනකම් ස්ටෑන්ඩ් එකේ කාලය මරමින් ඉද්දි කොහෙන්දො එක පාරටම මතු උනේ තවත් එක් යාළුවෙක්.. අකිල... කලබලෙන් වගේ ආව ඌ

" මේ උබල දැන්ම යන්නෙ නෑනේ... "

" නෑ බන්.. ****** ක්ලාස් ඇරෙන්නෙ 1 ටනේ.. "

" හරි හරි මේ මගේ බඩුව ආවොත් ( අකිල ඒ දවස් වල යාළු වෙලා හිටිය පොඩි කෙල්ලෙක් එක්ක ) කියපන් පොඩි සීන් එකක් වෙලා මට එන්න වෙන්නෙ නෑ කියල හරි.. හරිනේ.. "

" ඇයි තෝ කොහෙද යන්නේ.. "

" හරි මම පස්සෙ කියන්නම්.. මේ තොපි වන කරන්න එපා හොඳේ.. හරිනේ.. "

අඩියට දෙකට මාරු උන ඌ එක්ක අපේ ඇසුත් දිව්ව..

පිස්සු හැදෙයි සඳ බබලයි..



මූ ලංකා බැංකුව ගාව හිටන් හිටි කෙල්ලෙක් එක්ක කතාව.. මුකුළු වැලයි... විනාඩි 2 ක් ගියේ නෑ එතන තිබුන තුන් රෝද රියක නැගුනේ කලින් කතා කරන් හිටිය වගේ... තුන් රෝද රිය උන් දෙන්නත් එක්ක කොටුව දිහාට ඇදුනා... මම සංකයගේ මූන දිහා බැලුවා.. ඇස් බෝල දෙක ලොකු කරන් හිටිය ඌ

" අරූ බලපන්කො... ඒ බඩුව කවුද බන්... ? "

" මම දන්නෙ නෑ බන්... මම එහෙම කිව්වා... " ඒ මට කියන්න දෙයක් හිතාගන්න බැරි උන නිසා

ප්‍රසන්නය එනකල් ස්ටේශන් එක ගාව හිටියෙත්... කෝච්චියේ කා එක්කදෝ සිප වැලඳ ගත්තෙත්... අපේ යාළු
අකිල එක්ක කොටුවට අන්තරස් දාන උනෙත් එකම කෙල්ලෙක්.. කාල පරාසය සති 2 - 3 ක්..

මේ කතාව මෙතනින් නවත්තනවා..


***********************


එතකොට අකිල හරිද කියල අහන්න පුළුවන්.. ඒක මම දන්නෙ නෑ... එතකොට මේ කෙල්ල වැරදියි ? නෑ මම එහෙම කියන්නේ නෑ... මම දන්නෙ නෑ.. මට කාවවත් විනිශ්චය කරන්න අයිතියක් නෑ.. පව් නොකරපු එකා ගහපිය පළමු ගල...

ප. ලි ::  සත්‍ය සිදුවීමකි. පුද්ගල නාම මනංකල්පිතය.

ඉහත ලිපියේ භාවිතා කල ඇතැම් වදන් ඒ කාලයේ ඒ ඒ සමාජ තල සහ වයස් කාන්ඩයන් තුල භාවිතා වූ වචන බැවින් එලෙසම යොදා ගත්තෙමි. එම වචන මේ ලිපියේ යොදා ගැනීම තුලින් කාන්තාවන්ට අපහාසයක් වනවා යැ‍යි කෑ මොර නොගසන ලෙස ඉල්ලා සිටිමි. එසේ අපහාස කිරීමේ කිසිදු චේතනාවක් එම වචන යොදා ගැනීම තුල නැත.

Monday, January 9, 2012

බද්දෙවිතාන සර් ව කොපි කරපු අපේ කොල්ලො....

Share


අද උදේ යාළුවෙක් බුකියෙන් එවපු වීඩියෝ එකක් දැකල මට ආයෙම ඒ ලෙවල් කාලෙ මතක් උනා.. සුදු යුනිෆෝර්ම්... යාලුවො රොත්තක්.. වලි... ආදර හුටපට..


ටියුශන් ක්ලාස් වල... ස්කෝලෙ.. බස් ස්ටෑන්ඩ් එකේ... ගෙවුන ඒ කාලේ... එක බත් එක 10ක් විතර වට වෙලා කාපු හැටි... යාලුවොන්ගෙ ගෙවල් වල පාඩම් කරන්න ගිහින් වැල බලපු.. ගේම් ගහපු... වගකීම් නැති... ඔක්කොමත් අස්සෙ ඉගෙනත් ගනිපු...  ඒ කාලෙ මගේ නම් ජීවිතෙ ලස්සනම කාලේ.  ඒ කාලෙට අදටත් ආදරේ නිසා වෙන්න ඇති බ්ලොග් එකෙත් වැඩියම ඒ කාලෙ ගැන ලියල තියෙන්නෙත්... අපි පරණ යාළුවො සෙට් උනාම වැඩියම ඒ කාලෙ ගැන කතා කරන්නෙත්...


ඒ ලේවල් කරද්දි ටියුශන් නොගිය එකෙක් නැතුව ඇතිනේ... 1000 - 1500ක් ඉන්න ක්ලාස් එකක්... යන්ත්ම පස්ස තියා ගන්න ඉඩ තියෙන ලෑලි බංකුවේ හිර වෙලා ගෙවන පැය 6 - 7 ක්... ඒ කාලේ නම් අපා දුකක් වගේ.. ඒත් මතක් වෙද්දි දැන් නම් ආයෙ යන්න ආසයි ඒ කාලෙට.


ඉතින් එව්ව වීඩියෝ එක ගැන කියන්න බැරි උනානේ... අද උදේ පඩියට ඊ මේල් ටිකයි මූනු පොතයි බල බල ඉද්දි තමයි වීඩියෝ එක සෙට් උනේ... 


වීඩියො එක ඉවර වෙනකල් හිනාව තද කරන් හිටියත් කොහෙද.. එලියට පැන්න හිනාව අමාරුවෙන් නවත්ත ගත්තෙ වටේ පිටේ එව්වො වැඩ නවත්තල මං දිහ බල ඉන්න අස්සෙ එකෙක් " are you aite ? " කියල ඇහුවම... ශේප් හිනාවක් දාගෙන මම මූන ඔබා ගත්ත ආයෙම...


වීඩියො එක අපේ ස්කෝලෙ ඒ කිව්වෙ රිච්මන්ඩ් එකේ සයන්ස් ඩේ එකට කරපු එකක්. බද්දෙවිතාන සර් ගෙ චරිතෙ ආයෙ එළටම කොපි කරල. අපේ එව්වො කෙමිස්ට්‍රි කෙසේ වෙතත් සර් ව නම් උපරිමෙන්ම අධ්‍යනය කරල තියෙනව. කොටින්ම මයික් එකෙන් රැවුල කසන එක පවා.


මම ප්‍රසන්න බද්දෙවිතාන සර් ගේ ක්ලාස් ගියේ මුල් අවුරුද්ද වගේ තමයි.. ඒ ගියපු මුලම දවසෙ නේ අර ජංගි සීන් එක උනේ....පස්සෙ සර්ගෙ නීතියි... අම්බානෙක තද උනු ළමයි පිරුන පන්තියයි එපා වීම වගේම.. බොක්කෙ ෆිට් යාළුවො කීප දෙනෙකුත් ඩන්කන් සර් ගාවට යන්න පටන් ගත්ත නිසා මමත් මම ඩන්කන් සර්ගෙ ක්ලාස් යන්න ගත්ත. ඒ ගිහින් වෙන සිද්දියක් තමයි මේ.. කාක්කා ගහපු අවජාතකය මෙහෙ වර...


වීඩියො එකත් එක්ක මතක් උනේ සර්ගෙ ක්ලාස් එකේ දකුණු පැත්තට අල්ලල හදපු පොඩි පන්තියක් තියෙනව. ඕකට කියන්නෙ ධීවර අමාත්‍යංශය. මම නම් කැමතිම ඒකට. හුලං වැදි වැදි ඉන්න පුළුවන්. ෆැන් ඕෆ් කරන ඒව.. එතකොට ඉන්ටර්වල් එකේ පන්තියට යන්න පෝලිමෙ ඉන්න වෙන එක.. ක්ලාස් ඇරුනම පෝලිමෙ යන්න වෙන එක... ඉන්ටවල් ඉවර වෙලා ක්ලාස් එකට එද්දි ළමයි පෝලිමෙ ඉද්දිම පටන් ගන්න නෝට් එක මග ඇරෙන එක වෙන්නෙත් නෑ ඕකෙදි.. ඒත් ඉතින් ඕක අහු වෙන්න ලක් එකට. පරක්කු වෙලා ඇවිල්ලත් බෑ. කලින් ඇවිල්ලත් බෑ.


සර් ඉතින් චාටර් දුන්නට මුල්ම දවසෙ උන ජංගි සිද්දිය ඇරුනම අව්ලක් සෙට් උනේ නෑ මටවත් අපේ එකෙක්ටවත්.


මට දවසක් නින්ද යාගෙන එද්දි පේලි අස්සෙන් යන ගමන් හීන දැක්ක ඇති නැගිටහන් කියාගෙන සර් පස්සට ගිය හින්ද කාටවත් නෝන්ඩි උනේ නෑ එදා.


ෆෑන් ඕෆ් කරන... නෝට් ඉරන.. පොත් විසි කරන... ඉන්ටවල් නොදීම වගේ සර් ගෙ නීති... පාලනය කොච්චර මට ඇල්ලුවෙ නැති උනත් කෙමිස්ට්‍රි මුල් ටික අල්ල ගත්තෙත්.. ගොඩ දාගත්තෙත් සර් ගෙ නෝට් එකෙන් කියන එක නොකියාම බෑ...  මෙන්න වීඩියෝ එක... සර් ගෙ ක්ලාස් ගියපු අය බලන්න කොච්චර සමානද කියලා...

යන්තම් හරි කතා කලොත් අද ඉන්ටවල් නෑ හොඳේ...

ලියන්න ඊතලය උඩින් මාතෘකාව...

කෝ කරල නෑනේ මනුස්සයෝ.. මෙහෙම කරොත් ඉරල විසික් කරන්න තමයි වෙන්නේ..

ඔය පැත්තෙ ෆෑන් එක ජීවිතේට දාන්න එපා..

පරක්කු වෙලා එන අය ගැන කතාවක් නෑ..

ගෑනු ළමයි ඉස්සෙල්ල යන්න...





බද්දෙවිතාන සර් ගැන කලින් ලියපු

 ජංගි ඇදල නම් ඉස්සරහට වරෙන්...

 රන් තැඹිලි සහ ගොන් තැඹිලි...

 පෝස්ට් දෙක බලන්න පුලුවන් කැමති අයට..

 ප . ලි : බුකියට යන්න නෑ... බ්ලොග් එකක් බලන්න නෑ... මුන්ගෙ කෙහෙල්මල් ගෙට් එක.. යකෝ මට ඉරිසියා නෑ පොඩ්ඩක් වත්... හික් හික්...

ප . ලි 2 : ඇඩ් ටිකක් වැඩියි උනාට කමක් නෑ නේ... මුදල් නොගෙවා මා විසින්ම ප්‍රචාරය කරපු එව්ව නේ.. ගිහින් බලන්න.
Related Posts with Thumbnails