Friday, February 8, 2013

කාලය... තෝ නම් මහ මොකෙක්ද මන්දා...

Share

කාලය කියන්නේ මහ පුදුම ඩයල් එකක්... ඌ පුදුම විදියට දේවල් වෙනස් කරනවා.. අව්ව.. වැස්ස.. බඩුමිල.. ලෝක විනාසේ... චංගුමි.. ජාතිවදේ ඔය මොන මඟුලවත් ඌට වැඩක් නෑ... උගේ ගමන ඌ යනවා උගේ පාඩුවේ... අපිත් ඌත් එක්කම යනවා වෙන කරන්න දෙයක් නැති නිසා...

පුංචි කාලේ අපි හිටියේ අමුතුම ලෝකෙක... රොබින් හුඩ්.. නයිට් රයිඩර්... ටාසන් වගේ වීර චරිත ආරූඩ කරගෙන කාටුන් එකක් බලාගෙන ෆුල් මනෝ ලෝකෙක හිටියා..

ඉන්ටවල් එකේදි... අවස්තාවක් ලැබුනම ක්‍රිකට් ගහනවා.. එක්කො ලොක් & කී... හැංගි මුත්තන්.. එහෙමත් නැත්තම් අපිම හදා ගත්තු අමුතුම සෙල්ලම් මොනා හරි...

ඒ අස්සෙ මනෝ ලෝක එක්ක මැවුනු අමුතුම කතා එකා එකා කියා ගන්නවා... මට මතකයි එකෙක් හිටියා ඌට තට්ටු ලක්ශෙක ගෙයක් තිබ්බ.. ඒකෙ උඩම තට්ටුවටත් කාර් එක ගත හැකි... අපිටත් ඇත්ත...

කාලය එක්ක ඒ ලෝකෙ කඩන් වැටුනා.. කරදඩු උස් මහත් වෙද්දි.. නැට්ටට කිරි උනාගෙන එද්දි ජීවිත වෙනස් වෙනවා...

කෙල්ලො.. වැල.. වලි.. ඔව්ව අපේ ලෝකෙට ආව. ස්කෝලෙ යනවා.. ඔය උගන්නන දෙයක් ඇහෙන විදියට ඉගෙන ගන්නවා.. ක්ලාස් යනවා ඒකෙත් එහෙමයි.. ගෙදරින් කන්න අදින්න ඉන්න හිටින්න දෙනවා... කිසිම අවුලක් නෑ.. පට්ට ආතල්.

ප්‍රශ්න නම් අම්බානෙක.. හිත ගිය කෙල්ල සෙට් කරගන්නෙ කොහොමද... සෙට් උන කෙල්ලව හම්බු වෙන්නෙ කොහොමද... චීත්ත කේස් නිසා වැටෙන වලි.. ඔව්ව තමා... ස්කෝලෙන් පැනල ඇවිත් හොරෙන් වැලක් බලන එක... නෝන්ඩි නොවී බියර් උගුරක් බොන එක වගේ සරල මිශන් තමයි ඒ කාලේ තිබ්බේ... ශා කියල වැඩක් නෑ.. පට්ටම සුපිරි කාලය.

හැමෝම බොක්කෙන්.. එක බත් මුල බෙදා හදාගෙන.. ඩෙනිමක් ටී එකක් මාරු කරන්.. සුපිරි ෆන් එක... කාලය ගත උනා...

ස්කෝලෙනුත් එලියට බැස්ස... ආතල් කුඩුද ??

දැන් අපි මොකද කරන්නේ ? 


එක එකා එක එක පාරවල් වල යන්න ගත්තා... සමහරු කැම්පස්... සමහරු එක එක කෝර්ස් කරන්න ගියා.. තවත් උන් රට ගියා... සමහරු කෙලින්ම ජොබ් වලට ගියා.. එක පාරේ පිස්සු කෙලන් ආපු අපි බෙදිල විසිරිලා ගියා.. ෆිට් එක එහෙමමයි. ඒ පාරවල් වලදි අපිට  අලුත් සෙට් හම්බුනා.. අපිට ටාගට් සෙට් උනා.. ඒත් ලොකු සීන් එකක් නෑ... ගෙදරින් අඩු පාඩු ගේමක් නැතිව පුරවනවා.. බෝඩිමට සල්ලි... වියදමට... කෝර්ස් ෆීස්.. ආතල් ඉතින්..

දිග නිවාඩුවකට... අවුරුද්දට... මරනෙකට.. දානෙකට වගේ කට්ටිය සෙට් උනා.. බෝතල් හිස් උනා..

කාලය එක්ක සෙට් වීම් අඩු උනා.. ඒත් රට ගිය එකෙක් ආවම.. අවුරුද්දට වගේ නම් ඉතින් සෙට් වීම් අනිවා...

ඔක්කොම ජොබ් කරන්න ගන්නවා... ඉගෙන ගෙන අහවරයි. සමහරු තනිකඩයි.. සමහරු ස්කෝලෙ කාලෙ ලව් එකම ඇදගෙන යනවා.. තවත් උන් එව්ව ඉවර කරල අලුත් එව්වට අත ගහලා.. උන්ගේ ජීවිත රස්සවල්.. ඒ ඒ සෙට් එක්ක වෙනස් වෙලා... අනාගතේ ගැන ප්ලෑන්... ගෙයක් හදන්න... වාහනයක් ගන්න... ඔයි වගේ හීන..

බෝතලයකට සෙට් උනාම ඉස්සර වගේ සැහල්ලුවෙන් පරණ කතාවක් කියල ෆන් එකක් ගන්නව නම් තමයි... ඒත් හිතේ වගකීම්..යුතුකම් එක්ක මහ බරක් පිරිලා..

කාලය.. මතකනේ... ඌ උගේ ගමන යනවනේ...

එකා දෙන්න කසාද බඳින්න ගත්තා... අපිත් උන්ගේ වෙඩින් වලට ගියා... හොඳට බීල කාල.. කවරයක් ගුලි කරල දීල ආව... උනුත් අපේ වෙඩින් වලට ඇවිත් එහෙමම කලා..

ආතල් කුඩුද.. අනේ මන්දා.. ඉස්සර වගේ බෑ.. දැන් ගෑනියෙක් ඉන්නවා.. අපිට නම් ඕනි එකක්. ඒත් කෙල්ලොන්ට එහෙම බෑනේ..

ජීවිතේ ඕනි එපා කම් වැඩි වෙනවා.. අපේම කියල ඉන්න තැනක්.. වාහනයක්.. ගෙදරට වටින බඩු මුට්ටු... ඔව්ව පස්සෙ අපි යනවා... සෙල්ලම් නෑ අද කාලේ.. අවුලක් නෑ ඉතින් කාල බීල ට්‍රිපක් ගිහින් ආතල් එකේ ඉන්නවා... ඒත් හිතේ මහ බරක්.. ඇයි අනාගතේ.. වගකීම්.. යුතුකම්.. දෙමව්පියොත් වයසට යනවා...

ඒ මහ ගස් යට හිටිය අපි දැන් ඒ වගේම වෙන්න ඕනි නේද.. අපිත් පොඩි එකෙක් හදා ගන්න ඕනි.. අපි ආපු ගමනම එන්න උන්ට අපි හෙවනක් වෙන්න ඕනි නේද... මතක් වෙද්දි ඇඟ හීතල වෙලා යනවා...

ඊට පස්සෙ අහල පහල උන්.. නෑදෑයෝ.. ප්‍රශ්න.. 

" කෝ තාම නැද්ද මොකුත් වෙනසක්...  "
" දැන් ඉතින් වයසත් යනවනේ... "

ඉතින් හදපන්කො ළමයෙක්.. ඊට පස්සෙ

ඌ තමා ජීවිතේ.. 


ඌව බලාගන්න... උගේ වගකීම්.. ඊට පස්සේ ස්කෝල හොයන්න... එව්වට යන වියදම්... ඊට පස්සේ ඌ අපි වගේ පිස්සු කෙලිද්දි ඌව යහ මගට ගන්න... සෙල්ලම් නෑ...

කාලය එක්ක අපි අපේ ගමන යනවා ඉතින් මොනව කරන්නද...

ඉස්සර හම්බුනාම කෝල් එකක් ගත්තම... " මචන් මොකද අද හවස කරන්නේ... සෙට් වෙමුද ? " කියල අහපු අපි...

දැන් මාස ගානකින් කෝල් කරහම... කතා කරන්නේ..

" එපා වෙලා බන් ඉන්නේ.. ඉවරයක් නෑනේ.. පඩිය ගත්ත අනික් පැත්තට ඉවරයි.. "
" ලෝනුයි.. ක්‍රෙඩිට් කාර්ඩුයි... අනේ මන්ද බන්.. "

" පොඩි එකාට ස්කෝලයක් හොයන්න ඕනි බන්.. මේ දවස් වල ඒකට දගලනවා.. "

හයියෝ ඔන්න ඔයවගේ වැල් වටාරම්... කාලය තෝ නම් මහ... මොකෙක්ද මන්දා.... 




අන්තිමට මතක් උනේ මිනිහා අර තන්හාවට බූරුවා එපා කියපු අවුරුදු 30 යි බල්ල එපා කියපු අවුරුදු 20 යි... වඳුරා එපා කියපු අවුරුදු 10යි ඉල්ල ගත්තු කතාව...

***********

පෝස්ට් එක ලිව්වෙ හෙන කාලෙකින්.. අනේ මන්දා ලියන්න කියවන්නත් දැන් කම්මැලියි... පෝස්ට් එකට අදහස ආවෙ නම් මගේ සඳ ලියන පසන් ගේ බුකි ස්ටැටස් එහෙකින්.

55 comments:

  1. ඕක තමා බං ජීවිතේ..

    උබ කියවන්නෙ නැති වුනත් දිගටම ලියපං.
    මේ ලියවිල්ල, බ්ලොග්කරණය, මාව ආතතියෙන් මුදවනවා තරමක් දුරට.
    මට ඉදිරියට කරන්න තියෙන වැඩ රාජකාරි ගැන හිත හිත හිටියොත් මගෙ බ්ලොග මෙලහකට නැහැ බං.

    මම ඒව පැත්තකින් තියල ලියනවා. ලියල ඉවර වෙලා ඒව අතට ගන්නවා. :)

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. sAm (සෑම්) : අදහස් අතින් දුප්පත් වෙලාද මන්ද බන් ලියන්න හිතෙන්නෙ නැත්තෙ

      Delete
    2. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
    3. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. අනේ මන්දා බන්..... උඹ තාම අදාල තැනට පය තියලා නෑ.. බලපන්කෝ තව අවුරුදු තුනකින්....

    ReplyDelete
    Replies
    1. අභීත : අදාල තැන කිව්වෙ බන් ?

      Delete
    2. ඒක තමයි මාත් බැලුවෙ...මොකක්ද අභීත අයියේ ඔය කියන අදාල තැන...??

      Delete
  3. කොල්ලා තාම හනිමූන් කාලේ.. ආතල් එකේ හිටපං.. අප්පරබංස නොකියා... ප්‍රශ්න නැතිව මොකටද බං මේ ජීවිතේ... භාවනා කොරන්නයැ

    ReplyDelete
    Replies
    1. දේශක යා : ඒකත් හරි... හිතෙන එව්ව බන්

      Delete
  4. ඔය මොන ප්‍රශ්න තිබ්බත් ජිවිතේ සුන්දරයි බන්.... :D

    ReplyDelete
  5. අනේ මංදා මේ ඔරලොසුවේ කාලේ ගෙවෙන ඉක්මන කියලා මේ ඊයේ පෙරේදා දවසක බිත්ති ඔරලොසුව දිහා බලන් නංගි මැසිවිලි නඟද්දි අපේ තාත්තා කියනවා ඔන්න ඔය ඔරලොසුවේ බැට්රිය ගලවලා දාන්න ලු.. මාත් හිනා වුනාට ඒ කතාවට.. ඔරලොසුවෙන්වත් කැලැන්ඩරෙන්වත් කාලේ මනින්න බෑ කියලා කියන කතාව හරි.

    ඇත්තටම කාලේ නතර උනොත්... පිස්සු හැදිලා තමා නතර වෙන්නේ... ඇයි හත් ඉලව්වේ පොඩි උන් හැමදාම පොඩියි.. වයසක ඇයෝ හැමදාම එහෙමයි.දැන් දැන් මරැ එන්නේ ගගා ඉදියි. තරුණ අයගේ පුරස්න ටික හැමදාම තියෙයි... අනේ මංදා කාලේ දිව්වේ නැත්නම් ලෝකේ දුවන එකක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. PM : හැබැට ඒකත් හරි නේන්නම්... අමරණීය උනා වගේ එපා වෙයි හික් හික්

      Delete
  6. හ්ම්..කාලය මැව් වෙනසක අරුමේ...

    ReplyDelete
  7. බැඳ්ලා බැඳලා මං දැං බැඳලා ඉස්සර සෙල්ලං තහනං කොරලා... හනී., :-D

    ReplyDelete
    Replies
    1. මොනවා???? සෝ ඔයා හොරෙන්ම බැන්දා ද?

      Delete
    2. සෝරෝ : මොකා... උබ බැන්දා... කවදැයි ?

      Delete
  8. හෙන කාලෙකින්... දැන් පටන් ගත්ත එකේ ලියමු...

    ReplyDelete
    Replies
    1. ගෝල්ඩ් ෆිෂ් : බලමුනේ බන්

      Delete
  9. සා................ ඔයාට ජීවිතේ යථාර්ථය හරි ඉක්මනට අවබෝඩ වෙලානේ.......අනේ වාසනාවන් අක්කන්ඩි.......^_^

    ReplyDelete
    Replies
    1. අග්නි ධාරා... : හෑ... අක්කන්ඩි ?

      Delete
  10. අනේ ඔන්නඔහෙ කාලයට යන්න දීල අපි අපේ වැඩක් බලාගමු.

    ReplyDelete
    Replies
    1. Praසන්ன : ඔව් නේ... එහෙමවත් කරමු... උබේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දැම්මෙත් නෑ කාලෙකින්.. :D

      Delete
  11. ජීවිතේ කියන්නේ ඔහොම තමා. ආතල් කාලේ ඉවර වෙද්දී ටික ටික ඒවා ඈතට යද්දී මාරම අප්සට් තමා. මොනවා කරන්නද බං. ජීවිතේ ඉතුරු අත්දැකීම් ටිකත් විඳලම බලන්න එපාය ඒවගේ විදිය.. :)

    ReplyDelete
    Replies
    1. Alexander Cage : අනිවා... ඔය ඉතින් හිතෙන එව්වනෙ බන් මට

      Delete
  12. ඔන්න ඔහෙ එන විදිහට මැස්ස ගහමු බන්

    ReplyDelete
    Replies
    1. ItalyDilan : ඔව් ඩිලා... එහෙම තමා ඉතින්

      Delete
  13. ප්‍රශ්ණ නැත්නම් කිසි ගතියක් නෑ අෆ්ෆා.. අමාරුවෙන් ප්‍රශ්ණයක් විසඳ ගත්තම දැනෙන කික් එක කොහොමද ආ.....

    ReplyDelete
    Replies
    1. YASITH (dot) NET : ඒකෙත් මාර කික් එකක් තියෙනවනේ

      Delete
  14. මොකෝ කියන්නෙ කාලයාට ගේමක් දෙමු... ආයෙත් වලියක් දා ගම්මුද ඈ??? 

    ReplyDelete
    Replies
    1. ඇඩෝ කාලයා.... පිස්සට හරි අෆිට හරි ආයෙ ගේම දාල තිබ්බොත් අම්මප උඹට ගාල්ලෙ ඇවිල්ල නං ඉවරයි පුතෝ... කනව දැනගන්... @#$%^&*

      Delete
    2. කෙෂාන් විදුරංග : අපි අහිංසකයි බන්... හයියෝ

      Delete
  15. මෙච්චර දේවල් වෙලාත් කිසි දෙයක් නොවුන ගානට එය එයාගේ වේගෙන් වැඩේ කරන යනවා. මොනවා කරන්නද?

    ReplyDelete
    Replies
    1. අසරණයා : ඌ එහෙම තමයි නේ... ඇයි බන් අපි ලොකෙ උනේ... උත්තර නෑනේ මචන්...

      Delete
  16. "පෝස්ට් එකක් ලිව්වෙ හෙන කාලෙකින්.."
    හෙහ් හෙහ් හෙහ්...
    මේකෑල්ල හිතල ලිව්වද ලියවුණාද මල්ලියේ?
    මොකවුණත් ඉතින් කාලයට මේ ලියවිලි වල රහනම් මකන්න බැරි වෙලා තියනව

    "වෙනසක් නැද්ද මොකුත්..?" ;-)

    ReplyDelete
    Replies
    1. තිස්ස දොඩන්ගොඩ : තිස්ස අයියා මේ මඟුලක් කතා කරනවා... හික් හික්...

      Delete
    2. ""මඟුලක් කතාකරනවා "" ආයෙමත් ???? :

      Delete
  17. මොනදේ උනත් අයියේ මගේ හිතේ තියෙන ඔක්කොම දේවල් ටික අයියගේ පොස්ටුවේ තියෙනවා ලොකුවෙනකම් දැඟලුව ලොකුවෙන්න දැන් අනේ මොකට ලොකු උනාද කියල හිතෙනවා............:(
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයා : අපි හැමෝගෙම කතාව තමයි බන්

      Delete
  18. //දිග නිවාඩුවකට... අවුරුද්දට... මරනෙකට.. දානෙකට වගේ කට්ටිය සෙට් උනා.. // මගේ ජීවිතේ දැන් යන්නෙ ඔන්න ඔය හරිය..... ඉස්සරහට එන්න තියෙන්නෙ මහා භයානක කාලයක් වගේ. අපරාදෙ 2012 ලෝක විනාසෙ උනේ නැත්තෙ.....

    ReplyDelete
    Replies
    1. de silva : යන විදියට ලෝකෙ නම් හිමීටම විනාශ වෙයි වගේ බන්

      Delete
  19. කාලෙකට පස්සේ කියෙව්වා බ්ලොග් පොස්ට් එකක් ..

    කමෙන්ට් එකක් දානවද නැද්ද කියලා හිත හිත කාලේ කන්නේ නැතිව ඇනෝ කමෙන්ටුවක් කොටලා ගියා ඕන් ...

    කාලෙකට කලින් හිටපු මිත්‍ර යෙක් :DDD

    ReplyDelete
    Replies
    1. ANO : කවුද හප්පේ... නමක් ගමක් කියල ගියා නම්

      Delete
  20. උඹලා ඔක්කොම බ්ලොග් පෝස්ට් එකක්වත් ලියන්න කම්මැලිවෙලා කොහොමද බොලව්?

    මට මතක් වෙන්නෙ අර සුනිල් පෙරේරගේ මල්ලි ඉඳලා අංකල් වෙච්ච සින්දුව.

    ReplyDelete
    Replies
    1. Dude : ඕක නම් මටත් මතක් වෙනවා බන්... මරු සින්දුව ඒක

      Delete
  21. වෙනස් වුණ කාලයක නොවුනස් වුණ කාලය.. හැමදෙයක්ම වෙනස් කරමින් යනවා.. කාලය මැව් වෙනසක අරුම තවමත් දකිමින් ගමන් කරනවා..

    ReplyDelete
    Replies
    1. නන්ඳු : ඊයෙත්... අදත්... හෙටත්...

      Delete
  22. හප්පේ...මේ අර හොටු බේරි බේරි ලව් ස්ටෝරියක් ලියපු පිස්සමද....

    ReplyDelete
    Replies
    1. පිසාචයා : කාලය මැවු වෙනසක අරුමේ... කියන්න තමයි වෙන්නේ මලේ..

      Delete
  23. ඕනේ කොල්ලෙක්ට පොදු සත්‍ය....

    ReplyDelete
  24. //..අන්තිමට මතක් උනේ මිනිහා අර තන්හාවට බූරුවා එපා කියපු අවුරුදු 30 යි බල්ල එපා කියපු අවුරුදු 20 යි... වඳුරා එපා කියපු අවුරුදු 10යි ඉල්ල ගත්තු කතාව....//

    මේ කතාව අහලා නැහැනේ අයියා ?

    ReplyDelete
    Replies
    1. Hasitha : මෙතනින් බැලුවනම් මලේ http://www.silumina.lk/punkalasa/20091108/_art.asp?fn=ar0911082

      Delete

Related Posts with Thumbnails