Wednesday, February 13, 2013

ඈ ගණිකාවක්ද ? නැත... අසරණ වූ තවත් එක් ගැහණියකි...

Share


කොටුවේ ස්ටේශන් එක ඉස්සරහ මගී පාලම දිගේ මම ස්ටේශන් එක දිහාට ගියේ 2.05 කෝච්චිය අල්ල ගන්න. සති දෙකක් එකතු වෙච්චි ඇඳුම් මල්ල කරේ එල්ලගෙන පුරුදු කැප් එකයි.. ඩෙනිමට උඩින් දාපු ටී එකයි රබර් දෙකයි දාගෙන මම මේ ගෙදර යන ගමන්.

අතේ සතේ නැතිව ගෙදරින් දෙන කීයෙන් හරි රෝල කරකවපු ඒ කාලේ පිනට යමක්.. ආධාරයක් දෙනවැයි කියන්නේ අනාථ වෙන සීන් එකක්... ඒත් කැම්පස් වල... එක එක ආයතන වලින් ස්ටිකර් විකුනන්න එන කෙල්ලො කොල්ලොන් ගෙන් නම් අහක බලන් බේරෙන එක හිතට හරි නෑ මගේ.

එදත් උනේ එහෙම දෙයක්... කැප් වගයක් දාගෙන එකම විදියේ ටී ගහ ගත්තු කෙල්ලො සෙට් එකක් ස්ටිකර් විකුනනවා... අහක බලන් මාරු වෙන්න හැදුවත් උන් ලං වෙද්දි කෙල්ලොනෙ මූන පොඩ්ඩක් බලන්න ඒ පැත්ත බලපු ගමන්

" අයියේ ස්ටිකර් එකක් ගමු ද ? "

හ්ම්ම්...

ඒ මුනේ මොකක්දෝ දැකල පුරුදු ගතියක් තිබ්බ...

" කීයද ? "

" එකක් 10 යි.. "

" අහ්.. ඔය මොකෙන්ද ? කැම්පස් එකකින්ද ? "

" නෑ අයියේ අපි මේ *********  කියල එකකින්..."

මූන නම් හොඳට හුරු පුරුදුයි... කවුද මේ... හරි... මේ මේකි නේද... හුන්නස්ගිරියයි...

" ඔයා... ඔයා  ( ඇගේ ගම ) නේද ? "

 ඇගේ මුහුනේ එක පාරටම තිගැස්මක් ඇති උනා...

" ඔ.. ඔව්... ඔය අයියා... එහේද ? "

නෑ නෑ.. මගේ යාළුවො ඉන්නවා එහේ.. නිතරම යනව එනව ඒ දවස් වල... එතකොට දැකල තියෙනවා දවසක් දෙකක් පාරෙදි... එක පාරටම මතක් උනේ නෑ...

යාන්තමට හිනා වෙලා ඈ මවෙතට ස්ටිකර් මිටිය දික් කලත් ඒ හිනාවට යටින් තිබ්බ වේදනාව හංග ගන්න ඈ සමත් උනේ නෑ...


***************************************

මීට වසර කීපයකට පෙර...

බස් එකෙන් බැහල පාර පැනල ගොබ්බයගෙ ලගෙ ගෙවල් පැත්තට යන්න හැරුන විතරයි කන ගාව බ්‍රේක් ගැහුවෙ හර්ශනයා... ඉහෙන් කනින් දාඩිය පෙරාගෙන කුලු මීමෙක් වගේ බයිසිකලෙ ඉදන් හති ඇර ඇර...

" නෑ නෑ.. නෑගහන් යකෝ... "

" කොහේ යන්නද ? "

" නැගහන්.. "

අයාලේ යන කාලේ කොහේ ගියාම මොකද ? මාත් නැග්ග ඒ බයිසිකලේටම..


" කොහෙද බන් මේ හරක වගේ... "

" යමන්කො පෙන්නන්න... අර බලහන්... "

ඌ අත දික් කරලා ඈතින් යන කෙල්ලෙක් ව පෙන්නුවා...

" ඉතින්... කවුද ඒ... තොගේ අලුත් කෑල්ලක්ද ? "

" හුයන්නක් කියනවා... ඕක මචන් උස්සත හැකි.. වෙන එකෙක්ට ඇහ ගැටෙන්න කලින් ඇල්ලුවනම් හරි... යමන් යමන්... "

මාව හීතල වෙලා ගියා.. මොකක්ද මේ කියන්නේ..

හතර දේවාල හන්දියෙන් හැරිලා ඒකි ගේ පස්සෙන් හිමීට බයිසිකලේ පදිනවා මූ මාවත් තියාගෙන...

" මොන එකක්ද යකෝ... කරන දෙයක් කියහන්.. "

" කෑ නොගහ යමන්... ශේප් එකේ ටෝල්ක් කරා නම් දැන් උනත් උස්සත හැකි... "


" තොට පිස්සුද බන්... දන්න කියන උන් ඉන්න පැත්තෙ මේ... අනික තොගේ ගෙවල් පැත්තනේද මේ ? "

" අපේ ගෙවල් මෙහේ කොහෙද යමන්කො... "

කතාවෙන් කතාව අපි ත් යනවා.. ඒකිත් යනවා...

වේගෙන් ආපු මෝට බයික් එකක් ඒකි පහු කරලා නැවත්තුවා... ෆුල් ෆේස් හෙල්මට් දාපු එකෙක්.. කවුද මන්දා.. අපිට නවත්තන්න බෑනේ... අපි හිමීට උන්ව පහු කරා...

" ශික් ශික්... බලහන් අපි ටිකක් ඉස්සර උනා නම් හරි බන්... අරූ අනිවා දැන් ඕක උස්සනව..  "

" ඒ කවුද බන් ? "

" ඔය බයික්කෙනම් මචන් චූටි පුතා කියන එකාගේ.. ආවෙ නම් කවුද දන්නෙ නෑ ඔය..."


අපි එහෙමම ඉදිරියට බයිසිකලේ පැදන් ගියා... මොහොතකින් අර කෙල්ලවත් පිටුපස නංවාගෙන විදුලි වේගෙන් බයික් එක අපිව පසු කරන් ගියා...

" අර අර බලපන්.. ඌ ඉස්සුව... අන්න කොල්ලො.. තොපි ඇඹරෙද්දි ඌ ආව ටොල්ක් කලා.. ශික්.. "

හර්ශනයා මට දෙහි කපනව..

" ඈ හුයන්නෝ.. මට ඕනි කමක් තිබ්බද ඔය කෙල්ලෙක් උස්සන්න.. තෝනෙ උලමා වගේ ආවේ බයිසිකල් කට්ටක.. උබට ටෝල්ක් කරන්න තිබ්බනේ.. "

මටත් ටිකක් විතර තද උනා..

" හ්ම්ම්... කොහේ උස්සන්නද බන් මේ බයිසිකල් කට්ටෙන්.. කොහෙට උස්සන්නද.. මම නිකන් කිව්වෙ..  "

" අනේ තෝයි මායි උස්සන බඩු... "

අපිට වැඩි දුරක් එන්න උනේ නෑ...

තේ කෑල්ල අයිනේ තිබ්බ ගිරිදීසිය ගස් අස්සේ තිබ්බ චූටි පුතාගේ බයිසිකලේ ඇහ් ගැටුනා..

" අඩෝ.. අරූගේ බයික් එක.. අනිවා ඕක අරකිව තේ කෑල්ලට උස්සල.. යමන් යමන් බලන්න.. "


" බෑ බෑ... තොට පිස්සුද... යකෝ චූටි පුතා හරි උගේ මොකෙක් හරිනේ ඇත්තේ.. අපේ අහවල් එකත් කපයි මාට්ටු උනොත්...  "

" කෑ ගහන් නැතුව පොඩ්ඩ්ක් වරෙන්කො... "

සෙරෙප්පු දෙකත් ගලවල අයිනකට දාල බොහොම සීරුවෙන් යන හර්ශනය පස්සෙන් මාත් ගැටුවා... මීටර් 150 - 200 ක් ඈතින් තිබ්බ ගල් කුල දිහාට අත දික් කරල හස්ත භාශාවෙන් මට හර්ශනය මග පෙන්නනවා...

දාඩිය මුගුරු දාගෙන.. බොහොම සීරුවෙන් පය තබමින්.. තේ ගස් වලින් බේරී බේරී... සෑහෙන වෙලාවකින් අපි ගල් කුලට ලං උනා... පපුව ඩග් ඩග් ගානවා සද්දෙට...

ගල් කුලට මුවා වෙලා හිමීට පල්ලම දීහා බැලූ මට මුලින්ම පෙනුනේ බයික් එකේ ආපු එකාගේ හෙල්මට් එකයි ගලවල දාල තිබ්බ ටී ශර්ට් එකයි.. කුතුහලය එක්ක තව ටිකක් එබුන මට නිරුවත් කකුල් 4 ක් පෙනුනා...

අහේතුක බයක් එක්ක මම ආපහු හැරුනා.. ආව තරම් සීරුවට නෙමෙයි.. හර්ශනයා මගේ පස්සෙන්..

කවුරු හරි පස්සෙන් පන්නනවා වගේ.. අඩියට දෙකට පාරට ආපු අපි බයිසිකලේ වේගෙන් පැද්දා...

හර්ශනය ගෙ දෙහි කැපුම් ඉවරයක් නෑ... නිකන් බලන්න හම්බුන දේ බැලුවෙ නෑ කියල..

" යකෝ අපි කවද ලයිව් ශෝ එකක් බලන්නද.. තෝ මහ..... "  කුනුහරුප එකයි...


සෑහෙන දුරක් බයිසිකලේ පැදපු අපි හතර දේවාල හන්දියට එද්දි කලුවර වැටීගෙන එනවා...  හන්දියට පොඩ්ඩක් එහා තිබ්බ පොඩි පාලම අයිනෙ බයිසකලේ නවත්තපු අපි දෙන්න පලාටම හේත්තුවක් දැම්ම...

" කවුද බන් ඒ කෙල්ල ? මොකක්ද සීන් එක ? සල්ලි වලට යන එකක්ද ? "

" නෑ බන්.. ඒක වෙන සීන් එකක්... පව් බන් මොනා උනත්... "

" කියපන්කො ඉතින්... "

" ඕකි යාළු වෙලා හිටියෙ ගමේම එකෙක් එක්ක... උබ දන්නවත් ඇති.. වජියලගේ අයියලගෙ ක්ලාස් වල.. ඌ තමයි ඕකිව ගෑනියෙක් කලේ.. ඌ මහ කැ**** බන්... ඌ සීන් එක නෝන්ඩි කලා.. පස්සෙ පස්සෙ උගේ යාළුවොත් මේකිව බය කරගෙන එහේ මෙහෙ ඇද්ද...  "

" හ්ම්ම්.. "

" ඕකිගෙ අම්මයි තාත්තයි නෑ බන්.. ඉන්නෙ සීයා එක්ක.. ඌ ඔක්කොටම එහා.. ඔය සීන් නෝන්ඩි උනා... සීයා දැන ගත්තට පස්සෙ ඌ මේකිව විකුනන්න ගත්තා.. යන්න එන්න තැනකුත් නෑ.. නැති වෙන්න දේකුත් නැති නිසා ඒකිත් අසරණ වෙන්න ඇති... "

" සමහර වෙලාවට අරක්කු බාගයක් ගෙනත් දීලෙ ගේ ඇතුලෙම අහවල් එක කරන් යනවලු බන්... ඒකිටත් කරන්න දෙයක් නෑනේ...  "

" පව් සීන් එකනේ.. "

" ඔව් බන්.. දැන් ඉතින් ඒකිටත් ගානක් නෑ මම හිතන්නේ... ජීවත් වෙන්න විදියකුත් නැති උනාම... පුදුමයි උබ නොදන්නව.. ගොඩක් උන් දන්න සීන් එකක් බන් ඕක. "

" තෝත් පස්සෙන් පැද්දේ ඒ වගේ අසරණ උන කෙල්ලෙක් උස්සන්නද ? පොන්නයා... " 


මට සිරාවට්ම තද උනා..

" පිස්සුද බන්... ඔය පැද්දට උබයි මායි උස්සන කෙල්ලො.. හක් හක්... වරෙන් බන් කොත්තුවක් කාල දුමක් දාල ගෙදර යමන්... "

***************************************


ඒ සිදුවීම මොහොතකින් මගේ හිතේ මැවී පෙනුනා...

ඈ තවමත් ස්ටිකර් මිටිය දික් කරගෙන... සාක්කුවට අත දාල රුපියල් 20 ක් ගත්තු මම දෙන්නකො දෙකක්ම.. කියමින් ස්ටිකර් දෙකකුත් අරගෙන ඈ පසු කරා...

" දැන් ගමේ නෙමෙයිද ඉන්නේ ? "

ආපසු හැරුන මම ඇසුවා..

" නෑ.. දැන් කොළඹ... එකේ පොඩි ජොබ් එකක් හම්බුනා... "

" යන්නම්... "

ඇගෙන් සමුගත් මා මම මගී පාලමේ පඩි පෙළ බැස ස්ටේශම දිහාට පිය මැන්නා...


***************************************

සත්‍ය සිදුවීමක් ඇසුරෙනි.

ලිපිය තුල භාවිතා වූ යම් යම් වචන ඒ ඒ වයස පරතරයන් තුල... ඒ ඒ සමාජයන් තුල... එදාත් අදත් භාවිතා වන හෙයින්  යොදා ගත් අතර අපහාසයක් කිරීමෙ අදහසකින් යොදා නොගැනුනි.

ඈ අද කුමක් කොහේ කරනවාද මා නොදනී... එහෙත් ඇගේ අපි දන්නා ඛෙදවාචකයේ ඇරඹුම පෙම්වතා ඕනිවට වඩා විශ්වාස කිරීමය... හෙට වැලන්ටයින්.. ආදරය කරන්න... ඒත් ආදරය කරන්නට රූම් ගානේ ගොස් විනාඩි ගනනක හැඟීම් වෙනුවෙන්.. සතුට වෙනුවෙන් තමාගේ අනාගතය බිලි නොදෙන්න...


39 comments:

  1. //ඒත් ආදරය කරන්නට රූම් ගානේ ගොස් විනාඩි ගනනක හැඟීම් වෙනුවෙන්.. සතුට වෙනුවෙන් තමාගේ අනාගතය බිලි නොදෙන්න... //

    කතාව නම් පට්ට ගහපු ඕපදූපයක් ගානට දැම්මත් අන්තිමට මේ කියපු එක තමයි ලොකුවටම වැදෙන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. සමහර මිනිස් ජීවිත හරිම සංකීර්ණයි! අපිට තේරුම් ගන්න බැරි තරම්!

    ReplyDelete
    Replies
    1. "ඛෙදවාචකයේ ඇරඹුම පෙම්වතා ඕනිවට වඩා විශ්වාස කිරීමය"
      ඔය වාක්‍යයටනම් එකග වෙන්න විදිහක් නෑ.

      ඔය ආදරේ කියලා නමක් දාගෙන කරන දේ තනිකරම රඳා පවතින්නේ විශ්වාසේ උඩ. එතකොට ඒ විශ්වාසේ උඩ දෙන්නා රූම් යෑම හෝ නොයෑම හෝ ගිහින් ඕනෑම දෙයක් කරගැන්ම උන් දෙන්නගේ වැඩක්. හැබැයි ලව් ඉලව් වෙලා දෙන්නා වෙන් උනාට පස්සේ තම තමන් අතර වෙච්චි දේවල් තම තමන් ගාව විතරක් තියා ගැන්ම තමන්ගේ යුතුකමක්. පොටෝ යාළුවන්ට දෙන්නයි අරවා කළා මේවා කළා කියලා එක එකාට කිය කියා යෑම නම් අනුමත කරන්න බෑ.

      Delete
  3. අසරණ වුනු කෙනෙක් දිහා ඔයිට වඩා කරුණාවෙන් බලන දවසක මේ රට ලස්සන් රටක් වෙයි. පාලයයොන්ම විතරක් නෙමෙයි වැරදි. ජනතාවගේ හැටියටලු පාලකයෝ බිහි වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මට කියන්න කටට ආපු දේ මාතලන්
      ආයෙ මොනවද!

      ස්තූතියි පලාමල්ලේ!

      Delete
  4. අපේ රටේ මිනිස්සුන්ගෙ තියෙන්නෙ මහ ජරා අදහස්.. තමන් දෙයක් කරානම් කට පියාගෙන ඉන්නෙ නැතුව වෙන එවුන්ටත් කියනව.. උජෝ කර කර.. ඒක තමා බලු වැඩේ.. අනික ඇයි කෙල්ලො එක්ක රෑම් වලට යන්නෙ... වෙන තැන් නැද්ද මේ රටේ... මුදු වෙරල, සත්තු වත්ත. ලස්සන තැන් බලන්න යන්න බැරි ඇයි... මිනිස්සු තිරිහන් වෙලා... අපේ රටේ නීතිය තදට තිබුනනම් ඕව මුකුත් නෑ....

    ReplyDelete
  5. ඔය වගේ අය ඕනේ තරම්.... කොයිතරම් කිව්වත් බලන්නේ වැරදි ඈහැකින්...

    ReplyDelete
  6. හෆොයි මෙහෙමත් කේස් එකක්.

    'පිස්සුද බන්... ඔය පැද්දට උබයි මායි උස්සන කෙල්ලො..' :D

    ReplyDelete
  7. පව් ඔයවගේ අසරණ උන ගැණුලමයි තව කොච්චර ඇද්ද..
    "හෙට වැලන්ටයින්.. ආදරය කරන්න... ඒත් ආදරය කරන්නට රූම් ගානේ ගොස් විනාඩි ගනනක හැඟීම් වෙනුවෙන්.. සතුට වෙනුවෙන් තමාගේ අනාගතය බිලි නොදෙන්න..." වටිනා අදහසක්

    ReplyDelete
  8. අනේ මන්දා බන් මොනව කියන්නද කියලා . . .

    ආදරේ කරද්දි ගොඩක් කෙල්ලෝ හරි ඉක්මනට රැවටෙනවා.

    ඊට පස්සේ මුලු ජීවිතෙනම් වන්දි ගෙවනවා.

    මගේ අදහස නම් ලිංගිකත්වය කියන්නේ මහා මගුලක් නෙමේ . .

    මේ කෙල්ලට ආදරේ නිසා කන්‍යාභායව බිඳ ගත්තා ඒක මුලු ජීවිතෙන්ම වන්දිගෙවන දෙයක් කර ගන්නේ නැතුව ඉන්න තිබ්බා දැනුවත් වෙලා හිටියනම් . .

    ඒත් අපේ සමාජය තාම ලිංගිකත්වය ගැන දැනුවත් නෑ . . හරිම දුකයි මේ වගේ සිදුවීම් ඇහුවාම.

    ReplyDelete
  9. සංවේගයෙන් කියවපු කතාවක් ! උඹ අර අන්තිමට කියල තියෙන දේ ඇත්තටම ගොඩක් වැදගත් පණිවිඩයක් !

    ReplyDelete
  10. ලෝකය මේ වගෙයි. මොකක්ද කරන්න පුළුවන්? දැනුවත් කරන්න අවශ්‍ය වන්නේ. ලංකාව ඇතුලේ වෙන්නේ නැත්තෙත් ඔය ටිකම නේ.

    ReplyDelete
  11. හැගීම් වලට වහල් වෙලා නිකන් අපරාදේ ජීවිතේ නාස්ති කර ගන්නවා. තනිකරම වරද කොල්ලට විතරක් පටවන්න බෑ. (බලෙන් උස්සගෙන ගිහින් දූෂණය කරලා නෙමෙයි නම්) හැබැයි ඉතින් කොරාට පස්සේ කියවන්න යන එක නම් සම්පූර්නම නපුන්සක ගතියක්.

    ReplyDelete
  12. හොඳ පණිවිඩයක්.කොච්චර මෙහෙම දැනුවත් කරත් තමන්ගේ කොල්ල ඉස්සරහ හැම උපදෙසක්ම අමතක වෙන පිරිසකුත් ඉන්නවා.ඒ ආදරෙන් ඇඳ වුනාම.

    ReplyDelete
  13. ම්ම්ම්ම්ම්... නෝ කමෙන්ට්ස්....

    ReplyDelete
  14. ජිවිතේ හැගීම් දැනීම එක්ක ගනුදෙනු කරන්න හදිස්සි වෙන්න හොද නැ එහෙම හදිස්සි වෙලා වැරදි පාරක ගියොත් අහපයු එන්න බැ

    ReplyDelete
  15. පව් ඒ කෙල්ල සේරටම වඩා වැරදි ඒ කෙල්ලගේ අසරණ කමින් ප්‍රයෝජන ගන්න හදන උන් මේ ඔය කෙල්ලට විටහ්රක් පොදු දෙයක් නෙවෙයි අයියේ. ගොඩක් කෙල්ලොන්ට කෙල්ලෝ බඩු කරන්නේ අපේ කොන්ද පන නැති පිරිමි.

    ReplyDelete
  16. තවත් එක් කතාවක්

    ReplyDelete
  17. දන්නෙ නැති හින්දයි අහන්නෙ පුතා,ටොල්ක් කියන්නෙ මොකක්ද?

    ReplyDelete
  18. මිනිස්සු හිතන පතන. බලන විදිහ තමා ඉතිං.

    ReplyDelete
  19. ඔය උඩ උනා වගේ සීන් එකක් මටත් උනා අපි යාලුවො කට්ටියක් නුවර එළියෙ ගිය වෙලාවක. අපි ගියා ලවර්ස්ලීප් ඇල්ල බලන්න.. තේවතු මැදින් පයින් යන්න තියන්නෙ. අපිත් ඉතිං එහෙන් මෙහෙන් පැනගෙන ගියා.. මට කැලෑව ඇතුලට යන්න ඕන උනා. අනිත් උන් ගලක් උඩ නැ‍ගගෙන ඉද්දි මම ගියා ගස් අස්සෙන්.. මෙන්න බොලේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි (නිරුවත් කකුල් 4 යි) !!! මමත් ආපහු හැරුනා.. ඒ ගැම්මටම ආපහු හැරිල දුවන් ආව.. උන් වැඩේ නැවැත්තුවද දන්නෑ. මේකෙ කථා නායකය ආපහු හැරිල දුවගෙන ආපු විදියට මට මාවම මතක් උනා

    #සත්‍ය සිදුවීමකි :)

    ReplyDelete
    Replies
    1. සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවෙකි !!

      Delete
  20. බොහොම වැදගත් පනිවිඩයක්

    ReplyDelete
  21. හිතට වැදුණා...........කොච්චර කිව්වත් අද දවසෙදි කී දෙනෙක්ගෙ ජීවිත නාස්ති වෙයිද මන්ද.......මාධ්‍යෙන් මේක ගැන නිතරම කතා වෙන එකත් මේ තත්වෙ උග්‍ර වෙන්න හේතු වෙනවද කියලත් හිතෙනව අයියේ...

    ReplyDelete
  22. සංවේදී කතාවක් මචං..

    ReplyDelete
  23. මං ඕක තමයි කියන්නේ ගණිකාවෝද මනුෂ්‍යයෝය කියලා. මිනිස්කම් කියන දේ නති වෙච්ච තැන ඔය වගේ දේවල් සිද්ද වෙනවා..

    ReplyDelete
  24. ඇඩෙනවා නේ ඉතින්... පවු බං කෙල්ල!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  25. ෂි!!! පර වැඩ.... පව් අර කෙල්ල....

    ReplyDelete
  26. ඔළුවට වැදුනා බං.. එහෙම දේවලුත් තියෙනවා තමා..

    ReplyDelete
  27. ඔය වගේ කෙල්ලන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න එවුන් පාහරයෝ...!. හැඟීම් වලට වහල් වෙලා අන්තිමට බලපුහාම සීමාව පැනලා. එතකොට කෝච්චිය ගිහින් ඉවරයි..ඒ කෝච්චිය රිවස් කරන්න රිවස් ගියර් ලොවෙත් නෑ

    ReplyDelete
  28. ජීවිතේ ජීවිතේ ජීව්තේ. ගැහැණු ළමයාව මේ තත්වයට පත් කරපු කොල්ලට බනිනවද ? ඇගේ සීයට බනිනවද ? ගැහැණු ළමයාගේ කරුමේ කියනවද ? අවාසනාව කියනවාද ? මෝඩකම කියනවාද ? ඇයව මේ තත්වයට පත් කරපු සමාජයට බනිනවද ? හිතාගන්න බැහැ

    ReplyDelete
  29. වෙන වෙනම උත්තර බඳින්න දෙයක් නෑ නෙව... අදහසක් කොටල ගියපු ඔක්කොම ස්තුතියි එහෙනම්...

    ReplyDelete
  30. පලා මල්ලේ පිස්සෝ... මේ නම් නියම තැනක්.. අදයි මේ ඉසව්ව මට හමු වුණේ.. එන්නම් දිගටම මේ පැත්තට..
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  31. රිඩරෙන් කියවලා මේ පොස්ටුව නිකං ලියවිල්ලක් විදිහට අතැරලා දාලා යන්න බැරි කමක් දැනුනා. මේ වගේ අය අඳුනන අය ඒ දිහා බලන්නේ මහ කැත විදිහට. ආයේ අයගෙන් වෙන් වෙලා සමාජගත වුනාට පස්සේ ඒ අය දිහා බලන්නේ මානුෂිය විදිහට. මේක මං කියන්නේ කැම්පස් වල කෙල්ලෝ ජිවත් වෙන්න හා ගෙදරට කියක් හරි යවන්න මේ දේ කරන බව මං දන්නා නිසා. ඒ සම වයසේ අය මේ අය දිහා බලන විදිහ හා ඒ අය සමාජ ගත උනාට පස්සේ බලන විදිහ ගත්තාම අහසයි පොළවයි වගේ. හරියට මේ ලිපියේ වගේ. මිනිස්සු කොහොම මේ විදිහට වෙලාවකට ළයත් වෙලාවකට ලැම ත් දකිනවාද මන්දා...

    ReplyDelete
  32. HE patta uba baba ne balannema nathuwa maru wenna athi mata thiyana sake. ubala 2nnath shot eka dunnada danne na.

    ReplyDelete
  33. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
    sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
    kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
    Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
    1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
    melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
    dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
    saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
    kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
    penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
    dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
    minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
    buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
    Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
    sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
    Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
    berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
    hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
    seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

    ReplyDelete

Related Posts with Thumbnails