Wednesday, February 27, 2013

අපිට පිස්සු ඕයි !!!

Share


අපේ ගෙදර ඔරලොසුවෙ බට්ට වැනෙනව ඕයි...
මට ඒ බට්ටගේ නැගල බට්ටො පදින්න හිතෙනව ඕයි...
ඒක මාර ආතල් ඕයි...
බට් ටිලි ටිලි චිල්ල මලේ කෙල්ල එක්ක මාත් වැනේ ඕයි...

අම්මට හුඩු කවුද එකෙක් විසිල් කලා ඕයි..
පොලිසියෙන්ද මන්දා ඕයි...
හුටා පාක් එකේ සික්ක නේද... ලැජ්ජයි ඕයි...
සමනල පාලමෙන් මුහුදට පනින හිතුන ඕයි...
කෙල්ලෙක් ඉදල නෑ ඕයි...
කනාටු වෙච්චි මල් පැලයක් ඕයි...

උගේ ආච්චිට හැංගෙන්න අපි යමු කොටුවට ඕයි...
කොටුව උඩට නැගල ඈත යන නැවකට හූ කියමු
ඕයි...
ඇහෙන එකක් නෑ අපි පීනමු ඕයි...
ඒ නැවේ නෑගල ඔට්ටෙලියාවට යමු ඕයි...
එහේ ලයිප් එක මාර ෆන් ලු ඕයි.. 

ආතල් කන් දෙකෙන් බේරෙනවලු ඕයි...
ඇස් දෙකට ඇඩෙනවලු ඕයි..

සිඩ්නි හන්දියේ සයිවර් කඩෙන් තෝසෙ දෙකක් කමු ඕයි...
ටවුමෙ තියෙන බාර් එකෙන් ගල් බොතලෙකුත් ගමු ඕයි...
චයින ටවුමෙන් චිකන් ඩෙවල් එකක් දාගමු ඕයි...
හාබර් පාලම උඩ තියන් ගහමු ඕයි...
කැරකෙන්න වැදුනම ඔපෙර හවුස් යන් ඕයි..
ඔපෙර එකේ සන්ෆ්ලවර් ලගේ සින්දුවකට නැතිවෙන්නම නටමු ඕයි...

ආතල් වැඩියි
ඕයි... ඔට්ටෙලියාවෙ ඉන්න බෑ ඕයි...
එලිවෙද්දි සිඩ්නි - කොළඹ නැවකට නගිමු ඔයි...
තේ බොන්න සිංගප්පූරුවෙ නැවත්තයිනේ ඕයි...
දුමක් දාල චූ බරෙනුත් නිදහස් වෙමු ඕයි...
කොලඹට ආවම මට නැගිට්ටපන් ඕයි..
අම්මට හුඩු සී ප්ලේන් එකේ ගාලු යමු ඕයි...

සුද්දියෙකුගේ ස්කූටියෙ නැගල සවාරියක් යමු
ඕයි...
සුද්දි ගානේ අම්බානෙක බොමු ඕයි...
සුද්දි ගල් බොයිද ඕයි..
බැරිනම් අපි සුද්දි එක්ක මී පැණි බොමු ඕයි...
මත් වෙනකල් බොමු ඕයි...
රේන් කෝට් එකක් දාගෙන වැස්සෙ තෙමෙමු ඕයි..

සමහන් එක්ක කිරිත් බොමු ඕයි...

වැස්ස පෑව්වුම හිමීට මාරු වෙමු ඕයි..
හැන්දැ වෙලා හිමීට රොකට් එහෙකින් හඳටත් යමු ඕයි...
හඳේ හාවට කැරට් මෙහෙන් පටෝමු ඕයි..
ඒක මාර බිස්නස් එක ඕයි... සල්ලි මිටි උඩ අපි පාවෙමු ඕයි...

සල්ලි මිටි උඩ මොනා කරන්නද ඕයි...

කරන්න දේවල් හිතා ගන්න බෑ ඕයි...
සල්ලි වැඩි වෙලා මට පිස්සු වගේ ඕයි...
මට බෑ ඕයි... මට පිස්සු හැදෙයි ඕයි...
මම බට්ටො පදින්නෙ නෑ ඕයි...
ඔරලෝසුවෙ බට්ට වැනෙන්නෙ නෑ ඕයි...
අපේ ගෙදර ඔරලෝසුවකුත් නෑ ඕයි...

ලියන්න දෙයක් නැතුවටද ඕයි...
අපේ සුපියල් පහ කේවා ඕයි...
සික් විතරක්... මොනවද ඕයි...
ඔහොම කියන්න එපා ඕයි...


මට පිස්සු වගේ ඕයි..
වගේ නෙමේ ඕයි..
හොදටම පිස්සු ඕයි !!!!! 


මාත් එක්කම ඇඩ්මිට් වුනා : ඕනයා | සිහින | අවංක පැට්ටා | ආගන්තුකයා | STRANGER | රනා | පසන් | බුල්ටෝ | සෝඩා ගුණේ | සුදු පූසා | නචී | ජීවිතේ මල් | ලිෂාන් පුවක්ඕවිට | සංජු | පිස්සා | අශාන් | හිතුවක්කාර කෙල්ල | රුචක| හසී | මුචලින්ද | අමිල චතුරංග

Wednesday, February 13, 2013

ඈ ගණිකාවක්ද ? නැත... අසරණ වූ තවත් එක් ගැහණියකි...

Share


කොටුවේ ස්ටේශන් එක ඉස්සරහ මගී පාලම දිගේ මම ස්ටේශන් එක දිහාට ගියේ 2.05 කෝච්චිය අල්ල ගන්න. සති දෙකක් එකතු වෙච්චි ඇඳුම් මල්ල කරේ එල්ලගෙන පුරුදු කැප් එකයි.. ඩෙනිමට උඩින් දාපු ටී එකයි රබර් දෙකයි දාගෙන මම මේ ගෙදර යන ගමන්.

අතේ සතේ නැතිව ගෙදරින් දෙන කීයෙන් හරි රෝල කරකවපු ඒ කාලේ පිනට යමක්.. ආධාරයක් දෙනවැයි කියන්නේ අනාථ වෙන සීන් එකක්... ඒත් කැම්පස් වල... එක එක ආයතන වලින් ස්ටිකර් විකුනන්න එන කෙල්ලො කොල්ලොන් ගෙන් නම් අහක බලන් බේරෙන එක හිතට හරි නෑ මගේ.

එදත් උනේ එහෙම දෙයක්... කැප් වගයක් දාගෙන එකම විදියේ ටී ගහ ගත්තු කෙල්ලො සෙට් එකක් ස්ටිකර් විකුනනවා... අහක බලන් මාරු වෙන්න හැදුවත් උන් ලං වෙද්දි කෙල්ලොනෙ මූන පොඩ්ඩක් බලන්න ඒ පැත්ත බලපු ගමන්

" අයියේ ස්ටිකර් එකක් ගමු ද ? "

හ්ම්ම්...

ඒ මුනේ මොකක්දෝ දැකල පුරුදු ගතියක් තිබ්බ...

" කීයද ? "

" එකක් 10 යි.. "

" අහ්.. ඔය මොකෙන්ද ? කැම්පස් එකකින්ද ? "

" නෑ අයියේ අපි මේ *********  කියල එකකින්..."

මූන නම් හොඳට හුරු පුරුදුයි... කවුද මේ... හරි... මේ මේකි නේද... හුන්නස්ගිරියයි...

" ඔයා... ඔයා  ( ඇගේ ගම ) නේද ? "

 ඇගේ මුහුනේ එක පාරටම තිගැස්මක් ඇති උනා...

" ඔ.. ඔව්... ඔය අයියා... එහේද ? "

නෑ නෑ.. මගේ යාළුවො ඉන්නවා එහේ.. නිතරම යනව එනව ඒ දවස් වල... එතකොට දැකල තියෙනවා දවසක් දෙකක් පාරෙදි... එක පාරටම මතක් උනේ නෑ...

යාන්තමට හිනා වෙලා ඈ මවෙතට ස්ටිකර් මිටිය දික් කලත් ඒ හිනාවට යටින් තිබ්බ වේදනාව හංග ගන්න ඈ සමත් උනේ නෑ...


***************************************

මීට වසර කීපයකට පෙර...

බස් එකෙන් බැහල පාර පැනල ගොබ්බයගෙ ලගෙ ගෙවල් පැත්තට යන්න හැරුන විතරයි කන ගාව බ්‍රේක් ගැහුවෙ හර්ශනයා... ඉහෙන් කනින් දාඩිය පෙරාගෙන කුලු මීමෙක් වගේ බයිසිකලෙ ඉදන් හති ඇර ඇර...

" නෑ නෑ.. නෑගහන් යකෝ... "

" කොහේ යන්නද ? "

" නැගහන්.. "

අයාලේ යන කාලේ කොහේ ගියාම මොකද ? මාත් නැග්ග ඒ බයිසිකලේටම..


" කොහෙද බන් මේ හරක වගේ... "

" යමන්කො පෙන්නන්න... අර බලහන්... "

ඌ අත දික් කරලා ඈතින් යන කෙල්ලෙක් ව පෙන්නුවා...

" ඉතින්... කවුද ඒ... තොගේ අලුත් කෑල්ලක්ද ? "

" හුයන්නක් කියනවා... ඕක මචන් උස්සත හැකි.. වෙන එකෙක්ට ඇහ ගැටෙන්න කලින් ඇල්ලුවනම් හරි... යමන් යමන්... "

මාව හීතල වෙලා ගියා.. මොකක්ද මේ කියන්නේ..

හතර දේවාල හන්දියෙන් හැරිලා ඒකි ගේ පස්සෙන් හිමීට බයිසිකලේ පදිනවා මූ මාවත් තියාගෙන...

" මොන එකක්ද යකෝ... කරන දෙයක් කියහන්.. "

" කෑ නොගහ යමන්... ශේප් එකේ ටෝල්ක් කරා නම් දැන් උනත් උස්සත හැකි... "


" තොට පිස්සුද බන්... දන්න කියන උන් ඉන්න පැත්තෙ මේ... අනික තොගේ ගෙවල් පැත්තනේද මේ ? "

" අපේ ගෙවල් මෙහේ කොහෙද යමන්කො... "

කතාවෙන් කතාව අපි ත් යනවා.. ඒකිත් යනවා...

වේගෙන් ආපු මෝට බයික් එකක් ඒකි පහු කරලා නැවත්තුවා... ෆුල් ෆේස් හෙල්මට් දාපු එකෙක්.. කවුද මන්දා.. අපිට නවත්තන්න බෑනේ... අපි හිමීට උන්ව පහු කරා...

" ශික් ශික්... බලහන් අපි ටිකක් ඉස්සර උනා නම් හරි බන්... අරූ අනිවා දැන් ඕක උස්සනව..  "

" ඒ කවුද බන් ? "

" ඔය බයික්කෙනම් මචන් චූටි පුතා කියන එකාගේ.. ආවෙ නම් කවුද දන්නෙ නෑ ඔය..."


අපි එහෙමම ඉදිරියට බයිසිකලේ පැදන් ගියා... මොහොතකින් අර කෙල්ලවත් පිටුපස නංවාගෙන විදුලි වේගෙන් බයික් එක අපිව පසු කරන් ගියා...

" අර අර බලපන්.. ඌ ඉස්සුව... අන්න කොල්ලො.. තොපි ඇඹරෙද්දි ඌ ආව ටොල්ක් කලා.. ශික්.. "

හර්ශනයා මට දෙහි කපනව..

" ඈ හුයන්නෝ.. මට ඕනි කමක් තිබ්බද ඔය කෙල්ලෙක් උස්සන්න.. තෝනෙ උලමා වගේ ආවේ බයිසිකල් කට්ටක.. උබට ටෝල්ක් කරන්න තිබ්බනේ.. "

මටත් ටිකක් විතර තද උනා..

" හ්ම්ම්... කොහේ උස්සන්නද බන් මේ බයිසිකල් කට්ටෙන්.. කොහෙට උස්සන්නද.. මම නිකන් කිව්වෙ..  "

" අනේ තෝයි මායි උස්සන බඩු... "

අපිට වැඩි දුරක් එන්න උනේ නෑ...

තේ කෑල්ල අයිනේ තිබ්බ ගිරිදීසිය ගස් අස්සේ තිබ්බ චූටි පුතාගේ බයිසිකලේ ඇහ් ගැටුනා..

" අඩෝ.. අරූගේ බයික් එක.. අනිවා ඕක අරකිව තේ කෑල්ලට උස්සල.. යමන් යමන් බලන්න.. "


" බෑ බෑ... තොට පිස්සුද... යකෝ චූටි පුතා හරි උගේ මොකෙක් හරිනේ ඇත්තේ.. අපේ අහවල් එකත් කපයි මාට්ටු උනොත්...  "

" කෑ ගහන් නැතුව පොඩ්ඩ්ක් වරෙන්කො... "

සෙරෙප්පු දෙකත් ගලවල අයිනකට දාල බොහොම සීරුවෙන් යන හර්ශනය පස්සෙන් මාත් ගැටුවා... මීටර් 150 - 200 ක් ඈතින් තිබ්බ ගල් කුල දිහාට අත දික් කරල හස්ත භාශාවෙන් මට හර්ශනය මග පෙන්නනවා...

දාඩිය මුගුරු දාගෙන.. බොහොම සීරුවෙන් පය තබමින්.. තේ ගස් වලින් බේරී බේරී... සෑහෙන වෙලාවකින් අපි ගල් කුලට ලං උනා... පපුව ඩග් ඩග් ගානවා සද්දෙට...

ගල් කුලට මුවා වෙලා හිමීට පල්ලම දීහා බැලූ මට මුලින්ම පෙනුනේ බයික් එකේ ආපු එකාගේ හෙල්මට් එකයි ගලවල දාල තිබ්බ ටී ශර්ට් එකයි.. කුතුහලය එක්ක තව ටිකක් එබුන මට නිරුවත් කකුල් 4 ක් පෙනුනා...

අහේතුක බයක් එක්ක මම ආපහු හැරුනා.. ආව තරම් සීරුවට නෙමෙයි.. හර්ශනයා මගේ පස්සෙන්..

කවුරු හරි පස්සෙන් පන්නනවා වගේ.. අඩියට දෙකට පාරට ආපු අපි බයිසිකලේ වේගෙන් පැද්දා...

හර්ශනය ගෙ දෙහි කැපුම් ඉවරයක් නෑ... නිකන් බලන්න හම්බුන දේ බැලුවෙ නෑ කියල..

" යකෝ අපි කවද ලයිව් ශෝ එකක් බලන්නද.. තෝ මහ..... "  කුනුහරුප එකයි...


සෑහෙන දුරක් බයිසිකලේ පැදපු අපි හතර දේවාල හන්දියට එද්දි කලුවර වැටීගෙන එනවා...  හන්දියට පොඩ්ඩක් එහා තිබ්බ පොඩි පාලම අයිනෙ බයිසකලේ නවත්තපු අපි දෙන්න පලාටම හේත්තුවක් දැම්ම...

" කවුද බන් ඒ කෙල්ල ? මොකක්ද සීන් එක ? සල්ලි වලට යන එකක්ද ? "

" නෑ බන්.. ඒක වෙන සීන් එකක්... පව් බන් මොනා උනත්... "

" කියපන්කො ඉතින්... "

" ඕකි යාළු වෙලා හිටියෙ ගමේම එකෙක් එක්ක... උබ දන්නවත් ඇති.. වජියලගේ අයියලගෙ ක්ලාස් වල.. ඌ තමයි ඕකිව ගෑනියෙක් කලේ.. ඌ මහ කැ**** බන්... ඌ සීන් එක නෝන්ඩි කලා.. පස්සෙ පස්සෙ උගේ යාළුවොත් මේකිව බය කරගෙන එහේ මෙහෙ ඇද්ද...  "

" හ්ම්ම්.. "

" ඕකිගෙ අම්මයි තාත්තයි නෑ බන්.. ඉන්නෙ සීයා එක්ක.. ඌ ඔක්කොටම එහා.. ඔය සීන් නෝන්ඩි උනා... සීයා දැන ගත්තට පස්සෙ ඌ මේකිව විකුනන්න ගත්තා.. යන්න එන්න තැනකුත් නෑ.. නැති වෙන්න දේකුත් නැති නිසා ඒකිත් අසරණ වෙන්න ඇති... "

" සමහර වෙලාවට අරක්කු බාගයක් ගෙනත් දීලෙ ගේ ඇතුලෙම අහවල් එක කරන් යනවලු බන්... ඒකිටත් කරන්න දෙයක් නෑනේ...  "

" පව් සීන් එකනේ.. "

" ඔව් බන්.. දැන් ඉතින් ඒකිටත් ගානක් නෑ මම හිතන්නේ... ජීවත් වෙන්න විදියකුත් නැති උනාම... පුදුමයි උබ නොදන්නව.. ගොඩක් උන් දන්න සීන් එකක් බන් ඕක. "

" තෝත් පස්සෙන් පැද්දේ ඒ වගේ අසරණ උන කෙල්ලෙක් උස්සන්නද ? පොන්නයා... " 


මට සිරාවට්ම තද උනා..

" පිස්සුද බන්... ඔය පැද්දට උබයි මායි උස්සන කෙල්ලො.. හක් හක්... වරෙන් බන් කොත්තුවක් කාල දුමක් දාල ගෙදර යමන්... "

***************************************


ඒ සිදුවීම මොහොතකින් මගේ හිතේ මැවී පෙනුනා...

ඈ තවමත් ස්ටිකර් මිටිය දික් කරගෙන... සාක්කුවට අත දාල රුපියල් 20 ක් ගත්තු මම දෙන්නකො දෙකක්ම.. කියමින් ස්ටිකර් දෙකකුත් අරගෙන ඈ පසු කරා...

" දැන් ගමේ නෙමෙයිද ඉන්නේ ? "

ආපසු හැරුන මම ඇසුවා..

" නෑ.. දැන් කොළඹ... එකේ පොඩි ජොබ් එකක් හම්බුනා... "

" යන්නම්... "

ඇගෙන් සමුගත් මා මම මගී පාලමේ පඩි පෙළ බැස ස්ටේශම දිහාට පිය මැන්නා...


***************************************

සත්‍ය සිදුවීමක් ඇසුරෙනි.

ලිපිය තුල භාවිතා වූ යම් යම් වචන ඒ ඒ වයස පරතරයන් තුල... ඒ ඒ සමාජයන් තුල... එදාත් අදත් භාවිතා වන හෙයින්  යොදා ගත් අතර අපහාසයක් කිරීමෙ අදහසකින් යොදා නොගැනුනි.

ඈ අද කුමක් කොහේ කරනවාද මා නොදනී... එහෙත් ඇගේ අපි දන්නා ඛෙදවාචකයේ ඇරඹුම පෙම්වතා ඕනිවට වඩා විශ්වාස කිරීමය... හෙට වැලන්ටයින්.. ආදරය කරන්න... ඒත් ආදරය කරන්නට රූම් ගානේ ගොස් විනාඩි ගනනක හැඟීම් වෙනුවෙන්.. සතුට වෙනුවෙන් තමාගේ අනාගතය බිලි නොදෙන්න...


Friday, February 8, 2013

කාලය... තෝ නම් මහ මොකෙක්ද මන්දා...

Share

කාලය කියන්නේ මහ පුදුම ඩයල් එකක්... ඌ පුදුම විදියට දේවල් වෙනස් කරනවා.. අව්ව.. වැස්ස.. බඩුමිල.. ලෝක විනාසේ... චංගුමි.. ජාතිවදේ ඔය මොන මඟුලවත් ඌට වැඩක් නෑ... උගේ ගමන ඌ යනවා උගේ පාඩුවේ... අපිත් ඌත් එක්කම යනවා වෙන කරන්න දෙයක් නැති නිසා...

පුංචි කාලේ අපි හිටියේ අමුතුම ලෝකෙක... රොබින් හුඩ්.. නයිට් රයිඩර්... ටාසන් වගේ වීර චරිත ආරූඩ කරගෙන කාටුන් එකක් බලාගෙන ෆුල් මනෝ ලෝකෙක හිටියා..

ඉන්ටවල් එකේදි... අවස්තාවක් ලැබුනම ක්‍රිකට් ගහනවා.. එක්කො ලොක් & කී... හැංගි මුත්තන්.. එහෙමත් නැත්තම් අපිම හදා ගත්තු අමුතුම සෙල්ලම් මොනා හරි...

ඒ අස්සෙ මනෝ ලෝක එක්ක මැවුනු අමුතුම කතා එකා එකා කියා ගන්නවා... මට මතකයි එකෙක් හිටියා ඌට තට්ටු ලක්ශෙක ගෙයක් තිබ්බ.. ඒකෙ උඩම තට්ටුවටත් කාර් එක ගත හැකි... අපිටත් ඇත්ත...

කාලය එක්ක ඒ ලෝකෙ කඩන් වැටුනා.. කරදඩු උස් මහත් වෙද්දි.. නැට්ටට කිරි උනාගෙන එද්දි ජීවිත වෙනස් වෙනවා...

කෙල්ලො.. වැල.. වලි.. ඔව්ව අපේ ලෝකෙට ආව. ස්කෝලෙ යනවා.. ඔය උගන්නන දෙයක් ඇහෙන විදියට ඉගෙන ගන්නවා.. ක්ලාස් යනවා ඒකෙත් එහෙමයි.. ගෙදරින් කන්න අදින්න ඉන්න හිටින්න දෙනවා... කිසිම අවුලක් නෑ.. පට්ට ආතල්.

ප්‍රශ්න නම් අම්බානෙක.. හිත ගිය කෙල්ල සෙට් කරගන්නෙ කොහොමද... සෙට් උන කෙල්ලව හම්බු වෙන්නෙ කොහොමද... චීත්ත කේස් නිසා වැටෙන වලි.. ඔව්ව තමා... ස්කෝලෙන් පැනල ඇවිත් හොරෙන් වැලක් බලන එක... නෝන්ඩි නොවී බියර් උගුරක් බොන එක වගේ සරල මිශන් තමයි ඒ කාලේ තිබ්බේ... ශා කියල වැඩක් නෑ.. පට්ටම සුපිරි කාලය.

හැමෝම බොක්කෙන්.. එක බත් මුල බෙදා හදාගෙන.. ඩෙනිමක් ටී එකක් මාරු කරන්.. සුපිරි ෆන් එක... කාලය ගත උනා...

ස්කෝලෙනුත් එලියට බැස්ස... ආතල් කුඩුද ??

දැන් අපි මොකද කරන්නේ ? 


එක එකා එක එක පාරවල් වල යන්න ගත්තා... සමහරු කැම්පස්... සමහරු එක එක කෝර්ස් කරන්න ගියා.. තවත් උන් රට ගියා... සමහරු කෙලින්ම ජොබ් වලට ගියා.. එක පාරේ පිස්සු කෙලන් ආපු අපි බෙදිල විසිරිලා ගියා.. ෆිට් එක එහෙමමයි. ඒ පාරවල් වලදි අපිට  අලුත් සෙට් හම්බුනා.. අපිට ටාගට් සෙට් උනා.. ඒත් ලොකු සීන් එකක් නෑ... ගෙදරින් අඩු පාඩු ගේමක් නැතිව පුරවනවා.. බෝඩිමට සල්ලි... වියදමට... කෝර්ස් ෆීස්.. ආතල් ඉතින්..

දිග නිවාඩුවකට... අවුරුද්දට... මරනෙකට.. දානෙකට වගේ කට්ටිය සෙට් උනා.. බෝතල් හිස් උනා..

කාලය එක්ක සෙට් වීම් අඩු උනා.. ඒත් රට ගිය එකෙක් ආවම.. අවුරුද්දට වගේ නම් ඉතින් සෙට් වීම් අනිවා...

ඔක්කොම ජොබ් කරන්න ගන්නවා... ඉගෙන ගෙන අහවරයි. සමහරු තනිකඩයි.. සමහරු ස්කෝලෙ කාලෙ ලව් එකම ඇදගෙන යනවා.. තවත් උන් එව්ව ඉවර කරල අලුත් එව්වට අත ගහලා.. උන්ගේ ජීවිත රස්සවල්.. ඒ ඒ සෙට් එක්ක වෙනස් වෙලා... අනාගතේ ගැන ප්ලෑන්... ගෙයක් හදන්න... වාහනයක් ගන්න... ඔයි වගේ හීන..

බෝතලයකට සෙට් උනාම ඉස්සර වගේ සැහල්ලුවෙන් පරණ කතාවක් කියල ෆන් එකක් ගන්නව නම් තමයි... ඒත් හිතේ වගකීම්..යුතුකම් එක්ක මහ බරක් පිරිලා..

කාලය.. මතකනේ... ඌ උගේ ගමන යනවනේ...

එකා දෙන්න කසාද බඳින්න ගත්තා... අපිත් උන්ගේ වෙඩින් වලට ගියා... හොඳට බීල කාල.. කවරයක් ගුලි කරල දීල ආව... උනුත් අපේ වෙඩින් වලට ඇවිත් එහෙමම කලා..

ආතල් කුඩුද.. අනේ මන්දා.. ඉස්සර වගේ බෑ.. දැන් ගෑනියෙක් ඉන්නවා.. අපිට නම් ඕනි එකක්. ඒත් කෙල්ලොන්ට එහෙම බෑනේ..

ජීවිතේ ඕනි එපා කම් වැඩි වෙනවා.. අපේම කියල ඉන්න තැනක්.. වාහනයක්.. ගෙදරට වටින බඩු මුට්ටු... ඔව්ව පස්සෙ අපි යනවා... සෙල්ලම් නෑ අද කාලේ.. අවුලක් නෑ ඉතින් කාල බීල ට්‍රිපක් ගිහින් ආතල් එකේ ඉන්නවා... ඒත් හිතේ මහ බරක්.. ඇයි අනාගතේ.. වගකීම්.. යුතුකම්.. දෙමව්පියොත් වයසට යනවා...

ඒ මහ ගස් යට හිටිය අපි දැන් ඒ වගේම වෙන්න ඕනි නේද.. අපිත් පොඩි එකෙක් හදා ගන්න ඕනි.. අපි ආපු ගමනම එන්න උන්ට අපි හෙවනක් වෙන්න ඕනි නේද... මතක් වෙද්දි ඇඟ හීතල වෙලා යනවා...

ඊට පස්සෙ අහල පහල උන්.. නෑදෑයෝ.. ප්‍රශ්න.. 

" කෝ තාම නැද්ද මොකුත් වෙනසක්...  "
" දැන් ඉතින් වයසත් යනවනේ... "

ඉතින් හදපන්කො ළමයෙක්.. ඊට පස්සෙ

ඌ තමා ජීවිතේ.. 


ඌව බලාගන්න... උගේ වගකීම්.. ඊට පස්සේ ස්කෝල හොයන්න... එව්වට යන වියදම්... ඊට පස්සේ ඌ අපි වගේ පිස්සු කෙලිද්දි ඌව යහ මගට ගන්න... සෙල්ලම් නෑ...

කාලය එක්ක අපි අපේ ගමන යනවා ඉතින් මොනව කරන්නද...

ඉස්සර හම්බුනාම කෝල් එකක් ගත්තම... " මචන් මොකද අද හවස කරන්නේ... සෙට් වෙමුද ? " කියල අහපු අපි...

දැන් මාස ගානකින් කෝල් කරහම... කතා කරන්නේ..

" එපා වෙලා බන් ඉන්නේ.. ඉවරයක් නෑනේ.. පඩිය ගත්ත අනික් පැත්තට ඉවරයි.. "
" ලෝනුයි.. ක්‍රෙඩිට් කාර්ඩුයි... අනේ මන්ද බන්.. "

" පොඩි එකාට ස්කෝලයක් හොයන්න ඕනි බන්.. මේ දවස් වල ඒකට දගලනවා.. "

හයියෝ ඔන්න ඔයවගේ වැල් වටාරම්... කාලය තෝ නම් මහ... මොකෙක්ද මන්දා.... 




අන්තිමට මතක් උනේ මිනිහා අර තන්හාවට බූරුවා එපා කියපු අවුරුදු 30 යි බල්ල එපා කියපු අවුරුදු 20 යි... වඳුරා එපා කියපු අවුරුදු 10යි ඉල්ල ගත්තු කතාව...

***********

පෝස්ට් එක ලිව්වෙ හෙන කාලෙකින්.. අනේ මන්දා ලියන්න කියවන්නත් දැන් කම්මැලියි... පෝස්ට් එකට අදහස ආවෙ නම් මගේ සඳ ලියන පසන් ගේ බුකි ස්ටැටස් එහෙකින්.
Related Posts with Thumbnails